2013-10-31

Google Glass සදහා සදහා පලමු දඩ කොලය ලියවේ....

  Cecilia Abadie විසින් තම Google+ පි‍ටුවෙහි කර ඇති පලකිරීමකින් පවසා සිටින්නේ තමන් තම රථය ධාවනයේදී Google Glass පැලද සිටීම නිසා southern California  වලදී පොලිස් නිලධාරියෙකුගේ  දඩ නියම කිරීමකට යටත්වන්නට සිදුවූ බවකි.බ්ලොග් පල කරන්නියක මෙන්ම Google Glass pioneer කෙනෙකුන් ලෙසට කටයුතු කරමින් සිටින ඇය "Is #GoogleGlass ilegal while driving or is this cop wrong???,"  ලෙසට පලකර ඇත්තේ තම වෙත නිකුත්වූ රිසිට් පතද සමග වන අතර ඊට ලැබුනු ප්‍රථිචාර සදහා පිලිතුරු සැපයුමක් කිරීමෙන් වැලකී සිටීමද දක්නට ලැබෙනවා.වෙගසීමා ඉක්මව යාමක් පිලිබදව එම රිසිට් පත සඩ්ගහන් ව ඇති අතර ඇය පවසන්නේ තමන් මෙම Google Glass පැලඳ සිටියද එය ක්‍රියාත්මක තත්වයේ නොතිබූ බවකි.මීට පෙරද අවහන්ල් හිමියෙකු ප්‍රකාශ කොට සිටියේ තම අවන්හල තුල Google Glass භාවිතාවට අවසර නොදෙන්නට තමන් තීර්නය කර ඇත්තේ තමන් වෙත එන අනෙකුත් පාරිභොගිකයන් හට එය අපහසුවක් වීමට හැකි නිසා බවකි.ගූගල් ආයතනය තම නව නිපැයුමේ වෙළඳ පොල නිකුතුවට ලහි ලහියේ කටයුතු කරමින් සිටින අතර විචාරකයින් පවසන්නේ මෙම නව භාවිතාව සමග බොහෝ නෛතික අර්ථ දැක්වීම් රාශියක් අලුතින් පැමිනීමට අවශ්‍ය වනු ඇති බවකි.

මයික්‍රසොෆ්ට් ද Bing Smart Search සමග වෙළඳ දැන්වීම් පලකරන්නට!!!!

  ගූගල් ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ තමන් තම සෙයුම් ප්‍රථිපල පි‍ටුවලට වෙළඳ දැන්වීම් ‍රැගෙන ඒම අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක කරන බවකි.මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගමද නිවේදනය කරන්නේ තමන්ද Bing හි Bing Smart Search  සෙයුම් ප්‍රථිපල පි‍ටුවෙහි වෙළඳ දැන්වීම් දක්වන්නට කටයුතු කරන බවකි.මයික්‍රසොෆ්ට් පවසන්නේ භාවිතාකරන්නෙකු සොයන වදනකට සම්බන්දිතව පැමිනෙන මෙම වෙළඳ දැන්වීම් ඔස්සේ භාවිතාකරන්නා අපහසුතාවයකට පත්වීම වෙනුවට ඔහුට යම් සහනයක් වන්නට ඉඩ ඇති බවකි.මයික්‍රසොෆ්ට් ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම දැන්වීම් "Hero ads"  ලෙසට තමන් නම් කරන අතර සාමනය Bing සෙයුම් ප්‍රථිපල පි‍ටුවලට අදාල නොවන අතර වින්ඩෝස් 8.1 සමග එන Bing Smart Search  වලට පමනක් සීමා වන බවයි.විචාරකයින් පවසන්නේ මෙම ආයතන දෙකම පෙරදී තමන් වෙළඳ දැන්වීම් සදහා වූ ආකල්ප ක්‍රමයෙන් වෙනස් කරමින් සිටීම දක්නට හැකි බවකි.

වින් 8.1 සමග වූ SecureBoot ගැටලුවට යාවත්කාලීනයක් නිකුත්වේ....

  මයික්‍රසොෆ්ට් සමගම තම Skype සමග වින්ඩෝස් 8.1 භාවිතාකරන්නන් සමහරක් සමගවූ දුර්වලතාවයක් සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කල අතර මේ වන විට එම ආයතනයෙන් පැවසෙන්නේ තම නව මෙහෙයුම් පද්ධතියේ SecureBoot වලදී හදුනා ගෙන ඇති දුර්වලතාවයක් සදහා මෙම නව යාවත්කාලීනය ඉලක්කව නිකුත්කරන බවයි.Build 9600 වල සිටම සමහර භාවිතාකරන්නන් විදිමින් වූ මෙම දුර්වලතාවය ඔස්සේ desktop wallpaper  වල watermark හදුනා ගැනීමේ ගැටලුවක් සිදුවූ අතර ඒම ආයතනය පවසන්නේ මෙම නව යාවත්කාලීනය ඔස්සේ එම ගැටලුව අවසන් වනු ඇති බවයි.ආයතනය තම සාමන්‍ය යාවත්කාලීන නිකුත් කරන ක්‍රම වේදය වූ මාසික රටාවෙන් ඉවත්ව මෙම යාවත්කාලීන නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙම නව යාවත්කාලීනය 32- 64 බිට් සංස්කරන වලින් නිකුත්ව ඇති බවත් පෙර ස්කයිප් ඇප් මෘදුකාංගය සදහා සේම යාවත්කාලීනය ස්ථපනයෙන් පසුව පරිගනකය restart කිරීම  අවශ්‍ය වනු ඇති බවටත් පවසා සිටිනවා.

2013-10-30

ගූගල් + මාසික භාවිතාකරන්නන් ප්‍රමනය මිලියන 540 ඉක්මවයි!!!!

  සමාජ ජාලා අවකාශයේ දෙවන නියමුවා ලෙසට පිලිගැනෙමින් තිබූ GOOLE PLUS සාමාජ ජාලාවේ භාවිතය තීර්නනාත්මක ලෙසට ඉහල යමින් ඇති බවටයි ගූගල් ආයතනය නිකුත්කල අලුත්ම නිවේදනයකකින් පැවසෙන්නේ.පසුගිය මැයි මාසයේ වන විට මිලියන 300 ක වූ මාසික සංක්‍රිය භාවිතාකරන්නන් ප්‍රමනය මේ වන විට මිලියන 540 දක්වා ඉහල ගොස් ඇති බවටයි ඔවුන් පවසන්නේ.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ සතියකට ඡායාරූ ගූගල් ප්ලස් වෙත නැංවීම් බිලියන 1.5ක වන අතර එම අඩවියේ ආරම්බයේ සිට සැලකීමේදී වඩාත් භාවිතාකරන්නන්ගේ අවධානය දිනාගත් කාලයම් මේ වන විට පසුකරමින් සිටින බවටයි පවසා සිටින්නේ.ඔවුන් තම අඩවියේ ඡායාරූ සමග කටයුතු කිරීමේදී මෙන්ම Hangouts වලට පසුගිය කාලයේ නව පහසුකම් රාශියක් හදුන්වාදෙන්නට කටයුතු කල අතර video calling වලදී වඩාත් සුවපහසු අත්දැකිමක් භාවිතාකරන්නා හට ලබාදෙන්නට හැකිව ඇති බවටයි පැවසෙන්නේ.එම වැඩි දියුනු කිරීම් අතර ඡයාරුවක යම් අවස්ථා හදුනා ගැනීමේ හැකියාව 1000ක් දක්වා වැඩි දියුනු කරන්නට හැකිව ඇති බව පවසන එම ආයතනය  sunset නැතිනම් snowmen වැනි වදනක් ඔස්සේ භාවිතාකරන්නෙකුට තම ඡායාරූ ගොනු ඔස්සේ අදාල ඡායාරුවක් තොරාගැනීමේ හැකියාව දක්වා පැමින ඇති බවටයි පවස සිටින්නේ.එසේම ඡයාරුවක් ස්වංක්‍රීයව සකසන්නට සහය මෙන්ම අනවශ්‍ය කොටස් පහසුවෙන් ඉවත්කටන්නට සහයවීමේ හැකියාව ආදිය ඔවුන් සඳහන් කර සිටිනවා.

UK වල Pirate site 21ක් තහනම් කෙරේ!!!!!

  එක්සත් රාජධානියෙන් නිකුත්වන වාර්ථාවක් පවසන්නේ එරට සිට ක්‍රියාත්මක වූ කතෲන් අයිතිය නොසලකමින් බාගත කිරීම් සදහා ඉඩ සලසමින් සිටි නීති විරෝධී වෙබ් අඩවි 21ක් සදහා සහය සැපයීම් තහනම් කරමින් එරට අන්තර්ජාල සේවා සපයන්නන් වෙත නියෝග කර ඇති බවයි.මේ අනූව ක්‍රියාත්මක වෙමින් තිබූ music business හා සම්බන්දිත මෙන්ම තවත් බාගත කිරීම් සදහා අවස්ථාව සලසමින් සිටි ප්‍රකට පෙලේ වෙබ් අඩවි කිහිපයක්ම මෙම නොයෝගය සමග අක්‍රියවීමට නියමිත බවයි.එම අධිකරන නොයෝගයට අනූව මෙම මස 30ට පෙර එම නියෝග ක්‍රියාත්මක කරවන්නට එම නියෝගය අනූව සිදුවනු ඇති බවයි.මෙම වසර මුලදී UK වලින් නිකුත්වූ වාර්ථවක් පැවසුනේ පෙර කාර්තුවට වඩා 16%කින් මෙසේ නොනිල බාගත කිරීම් ඉහල ගොස් ඇති බවකි.

වින්ඩෝස් 8.1 Skype ගැටලුවට පිලිසකර නිකුත්වේ!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8.1 සදහා default මට්ටමේ chat හා mesaging app එකක් ලෙසට Skype app එකක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර භාවිතාකරන්නන් අතරින් පැමිනි පැමිනිල්ලක් වූවේ එම app එක විවෘතකරන සමහර අවස්ථාවලදී නිසිලෙස ක්‍රියානොකරන බවකි.මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඒ සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇති අතර ආයතනය උපදෙස් දෙන්නේ Intel HD Graphics 3000 (Sandy Bridge) සහිත පරිගනක  භාවිතාකරන්නන් සදහා මෙම නවSkype සංස්කරනය ස්ථාපනය කර ගැනීම වැදගත් වනු ඇති බවයි.වැඩි දුරටත් ආයතනය පවසන්නේ 32 බිට් මෙන්ම 64 බිට් ලෙසට Windows Server 2012 R2 හා windows 8.1 සදහා මෙම නිකුතුව අදාල වන අතර දැනට දක්නට ඇති ආකාරයට Windows RT 8.1 සදහා ඉහත ගැටලුව අදාල නොවන බවටයි ඔවුන් පවසන්නේ වැඩි දුරටත් ආයතනය පවසන්නේ මෙම යාවත්කාලීනය ස්ථාපනයෙන් පසු පරිගණකය restart කිරීම අවශ්‍ය වනු ඇති බවයි.

Grand Theft Auto V පලමු සති 6 තුල මිලියන 29ක් අලවිවේ!!!!

  නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Grand Theft Auto V හි නිකුත්ව පලමු සති හය තුලදී අලවිය ආසන්නව මිලියන 29ක් වන බවයි.crime action series කාන්ඩයෙහි ලා ගැනෙන මෙම ක්‍රීඩාව PS3 හා  Xbox 360 consoles සංස්කරන පමනක් නිකුත්ව ඇති අතර එලබෙන වසරේ පලමු කාර්තුවතුල PC සංස්කරනයක් නිකුත්වනු ඇති බවට භාවිතාකරන්නන් අතර මේ වන විට බලාපොරොත්තුවක් ඇති වෙමින් ඇති ක්‍රීඩාවකි. වාර්ථාගත අලවියක් ලබමින් සිටින මෙම ක්‍රීඩාවට අදාලව එක් දිනයකදී වැඩිම අලවියක් එක් සතියකදී වැඩිම අලවියක් මෙන්ම දැනට සිදුව ඇති වැඩිම අලවියක් ඇති වීඩියෝ ක්‍රීඩාවක් ලෙසටද සදහන් වනවා.ඩොලර් බිලියන 1.27ක වාර්ථා ගත ආදායම් ඉපයීමක් ලබා ගත් මෙම නිකුතුව සදහා එම ආයතනය දැනට එම ක්‍රීඩාව මිලදී ගෙන ඇති භාවිතා කරන්නන් සදහා  ඔක්තෝබරයේ සිට නොමිලේ ක්‍රීඩා කල හැකි Online සංස්කරනයක්ද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනය දැනට පවස ඇත්තේ මෙම ක්‍රීඩාව සදහා නවාංග කිහිපයක්ම නොවැම්බර මාසයේ මුල් සතිය තුල නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.

2013-10-29

ෆයර් ෆොක්ස්ද XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වලින් පසුවත්!!!!

  පසුගියදා ගූගල් ආයතනය පවසා සිටියේ තමන් තම ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වල මයික්‍රසොෆ්ට් ආයතනය එම මෙහෙයුම් පද්ධතිය සහය දැක්වීම අත්හැර දැමීමෙන් පසුවද ඉදිරියට (වසරක කාලයක්) පවත්වාගෙන යන්නට අදහස් කරන බවකි. හදාරන්නන් එලබෙන අප්‍රේල් වලින් පසුව XP වඩාත් හානිකරයන් වෙත විවරවීමේ අවදානම අවධාරනය කරමින් සිටින අතර තවමත් ලෝකය පුරාවට XP භාවිතය සැලකිය යුතු ප්‍රතිශතයක පැවතීම මයික්‍රසොෆ්ට් ආයතනයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.මේ අතර මොසිල්ලා ආයතනය පවසන්නේ තමන් ද XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වලින් පසුවද සීමිතකාලයකට පවතවගෙන යන්නට කටයුතු කරන බවකි. මේ අනූව තම මෙහෙයුම් පද්ධති භාවිතාව XP වලින් ඉහලට ගෙන නොගිය භාවිතාකරන්නන් සදහා යාවත්කාලීන  ලබන බ්‍රවුසර දෙකක සහය සමග සීමිතකාලයක් ඉදිරියට භාවිතයට ඉඩ ලැබෙන අතර මෙහෙයුම් පද්ධතියක් ලෙසට XP වෙත එල්ලවන අනතුරුදායක බව මෙසේ යාවත්කාලීන වන බ්‍රවුසර ඔස්සේ යම්තාක්දුරට හෝ සුරක්ශිතවන බවටයි හදාරන්නන් බලාපොරොත්තුවන්නේ.

2013-10-28

LG වෙතින් G Flex curved දුරකථනය නිවේදනය වේ....

  LG ආයතනය මේ වන විට තම G Flex curved  දුරකතනය නිල ලෙසට නිවේදනය කොට තිබෙනවා.මීට සති දෙකකට ප්‍රතම මෙම දුරකථනය පිලිබදව පලමුව නොනිල තොරතුරු පලවන්නට වූ අතර එම ආයතනය පවසන්නේ එලබෙන මාසයේදී South Korea  තුලදී පලමු වරට මෙම දුරකථනය ලබා ගන්නට හැකි වනු ඇති බවටයි.P-OLED  ඩිස්ප්ලේ එකක සමග (අඟල් 6ක හා 720p) ගිගා බයිට 2ක ‍රැම් මතකයක් හා 32 ගිගා බයිට දුරකථනය සමග එන ස්තීර මතකයකින් සමන්විත වන්නට නියමිත අතර පික්සල 13ක ඉදිරි කැමරාවකින් හා  2.1 මෙගා පික්සල පසු කැමරාවකින්ද සමන්විත වනු ඇති බවට එම ආයතනය පවසා සිටිනවා.177 grams සැහැල්ලුවකින් සමග 3,500mAh  බැටරියක් සහිත මෙන්ම 4.2.2 Jelly Bean ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකින් මෙන්ම LTE-A  සබදතාවයකින්ද සමන්විත වනු ඇති බවටත් පැවසෙනවා.ඔක්තෝබර මුලදී නිකුත්වූ Samsung Galaxy Round දුරකථනය සමග තරගකාරීව පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙම දුරකථනය උඩ සිට පහලට වන ආකාරයට වක්‍ර හැඩයකින් සම්න්විතව පැමි නෙන්නට නියමිත බවටයි දැක්වෙන්නේ.තවමත් මෙහි මිල ගනන් පිලිබදව තොරතුරු නිකුත්ව නැති බවටයි දක්නට ලැබෙන්නේ.

Xbox One පිලිබදව තොරතුරු නිකුත්වේ!!!!

  Xbox One නිකුතුව සදහා තව ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමනී.මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම එම නිකුතුව වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වලට පිවිසෙමින් ඇත.තම entertainment device එක පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය නිකුත්කර ඇති නවතම ප්‍රචාරක පටයෙන් ඔවුන් තම නව නිකුතුවේ multi-tasking capabilities පිලිබදව තොරතුරු හෙලි කරන්නට කටයුතු කොට ඇත.හඬ මෙහෙයුම ඔස්සේ භාවිතාකරන්නා හට UI එක ඔස්සේ ඔබමොබ යන්නට මෙන්ම පැමින ඇති විවිධ පහසුකම් විවෘත කරගන්නට පමනක් නොව දෑ මිතුරන් සමග පහසු වෙන් බෙදා හදාගන්නට හැකිවීම එම චලන පටය ඔස්සේ දක්වා සිටී. වේගයෙන් පරිගණක ක්‍රීඩා අතර හුවමාරු වන්නට හැකියාව Skype ඇමතුමකට සරලව සම්නබ්ද වීමේ හැකියාව මෙන්ම රූපවාහිනිය වෙතටද පැමිනෙන්නට පහසුවෙන් හැකිවීම එහි දැක්වෙනවා. නොවැම්බර් 22 නිකුත්වීමට සැලසුම් ව ඇතිමෙම නව නිකුතුව ඩොලර් 499ක සිට ඉහලට මිල වනු ඇති බවටයි දැනට නිවේදනය වී ඇත්තේ.

2013-10-27

ගූගල් සෙයුම් ප්‍රථිපල පි‍ටුවට banner ads පැමිනීම...

  2005 වසරේදී ගූගල් ආයතනය පවසා සිටියේ තම සෙයුම් ප්‍රථිපල පි‍ටුව වෙතට banner ads ගෙනෙන්නට කිසිසේත්ම බලාපොරොත්තුවක් නොවන බවකි.එහෙත් පසුගිය දින කිහිපයක සිට සමහර භාවිතාකරන්නන් අතරින් පැවසුනු කාරනාවක් වූවේ තම ගූගල් සෙයුම් ප්‍රථිපල පි‍ටුවෙහි ආගන්තුක ආකාරයේ banner ads  දක්නට ලැබෙන බවක් වූ අතර මේවන විට ගූගල් ආයතනය ඒ පිලිබදව තොරතුරු නිකුත් කොට තිබෙනවා. එම ආයතනය පවසන්නේ තමන් මෙවන විට අත්හදා බැලීම් මට්ටමේ banner ads  තොරාගත් සුවල්ප භාවිතාකරන්නන් අතර ක්‍රියාත්මක කරමින් සිටින බවකි.තොරගාත් වෙළඳ නාම 30ක් යටතේ තම අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක මෙම අංගය සමස්ත භාවිතාකරන්නන් ගෙන් 5% ත්‍රමේ සුලු ප්‍රමානයක් සමග මේ වන විට ක්‍රියාත්මක බවයි.මීට වසර 8කට පමන ප්‍රතම ආයතනය පලකල ආකාරයෙන් ඉවත්ව යමින් මෙම banner ads  තම සෙයුම් ප්‍රථිපල පි‍ටුවට ගෙන එන්නට කටයුතු කර ඇති අතර භාවිතාකරන්නන් අතරින් පැවසෙන්නේ අනාගතයේදී තම සෙයුම් ප්‍රථිපල පි‍ටුවට වඩාත් ආක්‍රමික ආකාරයේ දැන්වීම් පැමිනීමේ පෙර සලකුනු ලෙසට මේ වා තමන් හට හැගෙන බවයි.

තම නිෂ්පාදන අධිතක්සේරුවට තැත්කිරීමට Samsung වෙත දඩ නියමවේ!!!!!

  පසුගියදා තායි අධිකරනයක විසින් Samsung ආයතනය වෙත සැලකිය යුතු මට්ටමක දඩ මුදලක්  සදහා තීන්දුවක් ලබා දෙනු ලැබුවේ එම ආයතනය විසින් තම නිෂ්පාදනය සදහා සුබදායී හා තම තරග කරුවන් ගේ නිෂ්පාදනය සදහා අසාදාරන ආකාරයේ චෝදනාත්මක කරුනු අඩංගුව තම ආයතනය විසින් මිලදී ගත්  සේවාවක් ඔස්සේ අන්තර්ජාලය වෙතට comments එක්කිරීමේ චෝදනාව සදහාය.පලවන වාර්ථා පවසසන්නේ එම ඩ්දඩ මුදල $341,037 වන අතර එම අධිකරනය මෙම දඩමුදල නියම කරමින් පවසා ඇත්තේ සුලබව සිදුවන මෙම ආකාරයේ පාරිභෝගිකයන් නොමග යැවීම් වලට පෙලබීම අධෛරයට පත්කිරීමේ අරමුනින් මෙම දඩුවම ලබා දෙන්නට කටයුතු කල බවයි.මේ පිලිබදව එම ආයතනය පවසා සිටින්නේ මෙම අසාධරන තීර්නය ඔස්සේ තම ආයතනය අපහසුතාවයට පත්ව ඇති බවත් ආයතනයේ කීර්තිය ‍රැක ගැනීම සදහා තමන් ඉදිරි පියවර ගන්නට කටයුතු කරමින් සිටින බවකි.මෙලෙස චෝදනා එල්ල වීම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවට පවසන හදාරන්නන් මතක් කර දෙන්නේ පසිගිය කාලයේ මයිල්රසොෆ්ට් ආයතනය වෙතද ඔවුනගේ Xbox One console සදහා මෙවැනිම චෝදනාවක් එල්ලවූ බව වන අතර එම ආයතනය එම චෝදනාව ප්‍රතික්ශේප කරන්නට කටයුතු කල බවයි.

2013-10-24

අඩි 17*27 Surface උපාංගයක් London පැමිනේ!!!!!

  පලමු පරම්පරාවේ Surface ටැබ්ලටයේ වෙළඳ පොල ප්‍රථිපලය ගැන මයික්‍රසොෆ්ට් ආයතනයට ඇත්තේ එතරම්මවූ තෘප්තිකර බවක් නොවීම බොහෝ පලවූ වාර්ථා සනාතකර සිටියේය. තත්වය එසේ මුත් මයික්‍රසොෆ්ට් ආයතනය තම නව මෙහෙයුම් පද්ධතියට ඉක්මන් මෙගා මට්ටමේ යාවත්කාලීනයක් ගෙනෙන්නට කටයුතු කරන ලද අතරම තම Surface උපාංගවලද දෙවන පරම්පරාවේ නිකුතුවකට කටයුතු කර සිටියේය. මේවා සදහා දැවැන්ත ආකාරයේ වෙළඳ ප්‍රචාරයක්ද ගෙනෙන්නට කටයුතු කර ලද්දේද සාම්ප්‍රධායික ක්‍රමවලට මදක් වෙනස්වය.පලවන නවතම ආරන්චිමාර්ග පවසන්නේ තම Surface උපාංගයේ ප්‍රචාරනය වඩාත් පුලුල් කරගැනීම සදහා මයික්‍රසොෆ්ට් ආයතනය ලන්ඩන් නගර මධ්‍යයේ අඩි  17*27 උස පලල මට්ටමේ දැවැන්ත සර්ෆේස් උපකරනයක් ප්‍රදර්ශනයට කටයුතු කරමින් සිටින බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 7 දුරකථනය සදහාද මෙවැනි ආකාරයේ දැවැන්ත ගොඩ නැගීමක් මීට පෙරදී කරන ලදී.පසුගියදා Apple ආයතනයද තම iPad Air  උපාංගය නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර එයද මයික්‍රසොෆ්ට් Surface උපකරනය ඉලක්ක කරගෙන සිදුවූ නිකුතුවක් ලෙසටයි ඒවායේ පහසුකම් සැසදීමේදී හැගී යන්නේ.

"Grand Theft Auto V." හි PC සංස්කරනය වෙනුවට ආසාධිත බව ලබා ගත හැක.

  පරිගණක ක්‍රීඩා කරන්නන් අතර මහත් ප්‍රසාදයට පත් ක්‍රීඩාවක් ලෙසට "Grand Theft Auto " ක්‍රිඩා මාලාවේ මීලග සංස්කරනය එනම් "Grand Theft Auto V."  හි PC සංස්කරනය නිකුත්වීම තවමත් නිල ලෙසට සිදුව නැති අතර පසුගිය කාලයේ පර්තිර ගිය නිවේදනයකින් පැවසුනේ ඉදිරියේ එම සංස්කරනය සිදුවන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි.එහෙත් භාවිතාකරන්නන් අතර මහත් ඉල්ලුමක් ඇති මෙම ක්‍රිඩවේ නොනිල සංස්කරනයක් බාගත කර ගැනීමේ හැකියාවක් පිලිබදව නෛතික නොවන වෙබ් අඩවියක ලිපිනයන් සමග පල වන්නට වූවා. මේ  වන විට පලවන වාර්ථා පවසන්නේ එම GTA V PC  සංස්කරනය නමින් සාර්ථකව මැල්වෙයා බාගතකිරීම් වලට ගොදුරුවූ භාවිතාකරන්නන්ගේ සටහන් අන්තර්ජාලය වෙත ලැබෙමින් ඇති බවකි. ගිගා බයිට 18 ක ගොනුවක ලෙසට torrent sites ඔස්සේ ලබා ගන්නට හැකි බවට පසුගිය සතියේ පැතිරුනු තොරතුරු ඔස්සේ උත්සාහ කල භාවිතාකරන්නන්ගෙන් මෙම  සටහන් වැඩි යෙන්ම යොමු වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. මෙම ගොදුරුවීම් අතර ආසාධිත පරිගණකවලින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ සිට විවිධ ආකාරයේ ගන්නා බවටයි දැක්වෙන්නේ. මෙම ක්‍රිඩාවේ නිල PC සංස්කරනයක් 2014 වසරේ පලමු කාර්තුවතුල නිකුත් වනු ඇති බවටයි දැනට බල පොරොත්තුවන්නේ.

2013-10-23

ඇපල් වෙතින් නව පරම්පරාවේ iPad නිකුතුවක්!!!!

  ඊයේ පැවති හමුවේදී ඇපල් ආයතනය නව පරම්පරාවේ iPad නිකුතුවක් කරන්නටද කටයුතු කොට තිබුනා. හතරවන පරම් පරාවේ 9.7" tablet උපාංගයක් ලෙසට පැමිනෙන මෙම උපකරනය මිලිමීටර් 7.5 ඝනත්වයක් හා 1 Pound බරකින් යුතුව පැමින ඇති බවටයි පැවසුනේ.එය පෙර සංස්කරන හා සැසදීමේදී 20%ක සිහින් බවක් හා 28%ක සැහැල්ලු බරක් සහිතව නිමවී ඇති බවටයි පැවසෙන්නේ.retina  ඩිස්ප්ලේ එකක් සමග හා 64-bit A7 processor  සමග නිකුත්ව ඇති මෙම නව නිකුතුව පලමු iPad සමග සැසදීමේදී 72 වරක් වේගයෙන් වැඩි බවක් හා CPU වේගය 8 ගුනයක වැඩි වීමක් සමග වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.මෙම නව උපකරනය සමග පැමින ඇති අනෙකුත් අංගයන් සැලකීමේදී antennas දෙකක් ඔස්සේ වැඩි දත්ත හුවමාරුවක සූදානම්ව තිබීමත් dual microphones  මෙන්ම පැය 10ක බැටරි කාලයත් සදහන් වනවා.මයික්‍රසොෆ්ට් ආයතනයේ Surface 2 ඉලක්ක කොට ගෙන පැමින ඇති මෙම උපකරනය 16 GB මතකයක් හා Wi-Fi මෝස්තරය ඩොලර් 490 කට මිලව  පවතිනවා. මෙම නව iPad නිකුතුව නොවැම්බර් පලමු වනදා සිට නිකුත්වන්නට නියමිත බවටයි ප්‍රකාශවන්නේ.

Mavericks ඇපල් වෙතින් නිකුත්වෙයි!!!!

  Apple ආයතනය මේ වන විට OS X 10.9 Mavericks  මෙහෙයුම් පද්ධතිය නිවේදනය කොට තිබෙනවා. එය Mac App Store  වෙතින් නොමිළේ ලබා ගත හැකි වන්නේ නොමිළේ බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.දැනට Leopard  වල සිට ඉහලට වන මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් වෙතට මෙසේ නොමිළේ භාව්තාවට ඉඩ සැලසෙනව ඇත.WWDC  හිදී පසුගිය ජූනි මාසයේ ඇපල් ආයතනය මෙම නව මෙහෙයුම් පද්ධතිය පිලිබදව පලමුවෙන් සදහන් කරන්නට යෙදුනු අතර  වඩාත් නම්‍ය ධාවනයක් හා ශක්ති වැය අවම කිරීම් ඇතුලු දියුනු කිරීම් කිහිපයක්ම සමග එය පැමිනෙනු ඇති බවටයි පවසා සිටියේ. මීට අමතරව එම ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග iMovie, iPhoto හා GarageBand වැනි භාවිතාකරන්නන්ගේ සිත් ඇදගන්නා නවාංගද ‍රැගෙන එනු ඇති බවටයි පවසා සිටින්නේ.

2013-10-22

Yahoo හා Bing වෙන්වීමට නීතිය එරෙහිවෙයි!!!!!

  යහූ ආයතනය ක්‍රමයෙන් Microsoft ආයතනයේ Bing සෙයුම් යාන්තරනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ එකගතාවයෙන්  ඉවත්වීමට ඉවත්වීමට පසුගියකලයේ ගත් උත්සාහයේ  තවත් පියවරක ලෙසට තම Taiwan හා Hong Kong වල වන සර්වර් වල Bing සෙයුම් යන්ත්‍ර ප්‍රමුකතාවය ලිහිල් කිරීමට යාහූ හි CEO වරිය අධිකරනයෙන් කල ඉල්ලීම ඉවතලා ඇති බවටයි වාර්ථා වන්නේ. ඇය අවධාරනය කර සිටියේ නුදුරේදී සිදුවීමට ඇති Microsoft  හි CEO වරයාගේ සමු ගැනීමට ප්‍රතම මේ පිලිබදව තීර්නයක් ගැනීම අවශයව ඇති බවකි. 2009 වසරේදී Bing සෙයුම් යන්ත්‍රය Yahoo වල ප්‍රධාන සෙයුම් යාන්ත්‍රන සපයන්නා ලෙසට එකගතාවයකට එලබි අතර Yahoo හි නව CEO  වරියගෙ පැමිනීම 2012 සිදුවිමෙන් අනතුරුව මෙම වෙනස පිලිබදව විටින් විට කථා බහ සිදුවිය. ඇය ගේ මතය වී ඇත්තේ මෙම එකගතාවය ඔස්සේYahoo වෙතට එතරම් යහපතක් සිදු නොවන බවයි.

2013-10-19

ඇපල් iMessage වල තොරතුරු සොරා ගැනීමේ චෝදනාව ප්‍රතික්ශේප කරයි!!!

  තොරතුරු යුගයේ අභියෝගාත්මක යුගයක් පසුකරමින් සිටිමු.එනම් භාවිතාකරන්නෙකු ගේ පෞද්ගලික තොරතුරු අනවසර ලෙස සොරා ගැනීම ගැන රාජ්‍ය මට්ටමේ ආයතන වෙත දැඩි ලෙස චෝදනා එල්ලවෙමින් තිබීමය.පසුගියදා ඇපල් ආයතනය වෙතටද මෙවැන්ම චෝදනාවක් එල්ල විය. එනම් ඔවුනගේ iMessage සේවාව ඔස්සේ හුවමාරුවන භාවිතාකරන්නන්ගේ පනිවිඬ ඇපල් ආයතනය පවසන පරිදි සුරක්ශිත නොවන බවටත් ආයතනයට අවශ්‍ය විටකදී ඒවා කියවීමේ හැකියාවක් පවතින බවට QuarksLab  ආයතනයෙන් කල චෝදනාවත් සමගය. එම සේවාව ඔස්සේ හුවමාරුන් සදහා  end-to-end encryption ආකාරයේ සුරක්ශිත බවක් භාවිතාවුවද එහි භාවිතාවන Keys ඇපල් ආයතනය සිතැගි පරිදි වෙනස් කිරීමට වන හැකියාව ඔස්සේ ආයතනයට මෙම අවස්ථාව ලැබෙන බවටයි ඔවුන් පැහැදිලි කොට සිටියේ.ආයතනය පවසන්නේ එම චෝදනාව පසු පස සෛද්ධාන්තික පදනමක් ඇති මුත් ආයතනයේ කීර්තිනමය සු‍රැකීම සදහා වඩාත් ප්‍රමුකතැනක් ලබාදෙන තමන් එවැනි පියවරකට යන්නට කිහිදු ආකාරයේ කැමැත්තක් නොමැති බවත්ය.

Bing සෙයුම් ප්‍රථිපල පි‍ටුවෙහි නව Layout එක වින් 8.1 සදහා විවෘතයි

  පසුගිය සැප්තැම්බරයේ මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing සෙයුම් යන්ත්‍රය වෙතට නව ලෝවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලද්දේ තම සෙයුම් යන්ත්‍ර results පි‍ටුව වෙතට නව Layout එකකද හදුනව දීමේ ආරමුනක්ද ඇතුව බවටයි කියවූවේ.මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට පවසා සිටින්නේ නව වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට එම Bing සෙයුම් ප්‍රථිපල පි‍ටුව සදහා හදුන්වාදුන් නව Layout එක අත් දකින්නට හැකිව ඇති බවයි. ක්‍රමයෙන් සියලුම භාවිතාකරන්නන් සදහා මුදා හැරීමට නියමිත මෙම නව අංගය සමග වඩාත් විස්වාසනීය ප්‍රතිපල සටහනක් සමග පි‍ටුවෙහි දකුනත තීරුව ඔස්සේ සෙවුම ගැන වැඩි දුර තොරතුරුද ගෙනෙන බවටයි ඔවුන් පවසන්නේ.එසේම සොයන්නාට වඩාත් ඉලක්ක ගතවෙමින් ප්‍රථිපල ගෙනා ඒමට මෙම නව ඇල්ගොරිතමයන් කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ.Internet Explorer 11 සෙයුමක යෙදීමේදී වඩාත් පහසු මෙන්ම වේගවත් සහයක් භාවිතාකරන්නන්වෙතට ගෙන එන්නට හදුන්වාදෙන නව ක්‍රම වේදයන් කිහිපයක් ගැනම මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙර පැහැදිලි කොට සිටි අතර යම් ප්‍රථිපලය පි‍ටුවකට පසුබිමින් එහි මුල් ප්‍රථිපල වෙබ් පි‍ටු ආදිය පසුබිමින් බාගත වෙමින් ක්ශනිකව භාවිතාකරන්නා වෙත ගෙනෙන්නට සූදානම්ව සිටීම ඉන් එකකි

2013-10-18

Samsung වලින් එන Galaxy S5 සමග eye scanning තාක්ශනය

  පලවන නිල නොවන පුවතකින් කියවෙන්නේ Samsung ආයතනය තම Galaxy S5 දුරකථනය සමග එහි ආරක්ශාව සදහා eye scanning තාක්ශනය හඳුන්වාදීමේ ඉඩකඩක් පවතින බවකි.දුරකථනය "Unlock" කිරීමේදී භාවිතාකරන්නා වෙත වැඩි ආරක්ශාවක් ගෙන ඒම මූලික කර ගත් විවිධ තාක්ශනයන් හදුන්වා දෙන්නට නිෂ්පාදකයින් කටයුතු කරන අතරතුර මෙම  eye scannin තාක්ශනය ප්‍රතම වතාවට ස්මාර්ට් දුරකථන වෙත ගෙන එන්නට ඔවුන් කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම දුරකථනය එලබෙන වසරේ පලමු කාලය තුල පැවතෙන හමුවකදී මුලින්ම නිවේදනය වනු ඇති බවට බලාපොරොත්තුවන අතර මීට පෙර හදුන්වා දෙන්නට බලාපොරොත්තුවූ 'face scanning' තාක්ශනය ආරක්ශාව අතින් එතරම් තහවුරුකල හැකි මට්ටමක නොවන බැවින් ප්‍රතික්ෂේප වීමත් සමග මෙම නව ප්‍රවනාතාවය දෙසට ඔවුනගේ අවධනය යොමුව ඇති බවටයි සටහන් වන්නේ. එසේම මෙම S5 දුරකථනය සමග iPhone 5s වලදී මෙන්ම  HTC One Max- සමග පැමිනි  fingerprint scanner තාක්ශනයද පැමිනෙන්නට සැඩි ඉඩකඩක් ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2013-10-17

Visual Studio 2013 දැන් ලබා ගත හැකියි...

  මයික්‍රසොෆ්ට් ආයතනයෙන් අද සිදුවූ නිකුතූන් අතරින් වැඩි අවධානයක් ලබා ඇත්තේ වින්ඩෝස් 8.1 සදහා පමනක් වුවද ඊට අමතරව  Visual Studio 2013, .NET 4.5.1, හා Team Foundation Server 2013 වලද බාගත කිරීම් සදහා විවෘතවීම නිවේදනය වූවා.Visual Studio 2013  සමග නවාංග රාශියක පැමිනීම සදහන් කරන ආයතනය වින්ඩෝස් 8.1 සදහා apps නිර්මානය කර ගැනීමට එය සහය වනු ඇති බවටයි පවසා සිටියේ.Visual Studio 2013 නිල ලෙස නිකුතුව සිදුවන්නට නියමිතව ඇත්තේ එලබෙන නොවැම්බර් 13 දාට වන අතර නව නිකුතුව පිලිබදව වැඩි තොරතුරු ඉදිරියේ නිකුත්වනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

වින්ඩෝස් 8.1 දැන් ලබා ගත හැකියි

  වින්ඩෝස් 8 වෙතට පැමිනෙන්නට නියමිතව තිබු මෙගා මට්ටමේ යාවත්කාලීනය වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධතිය මේ වන විට බාගත කරගැනිමේ හැකියාව පවතින බවටයි වාර්ථා වන්නේ. දැනට වින්ඩෝස් 8 භාවිතාකරන්නන් සදහා නොමිළේ ලබාගත හැකි මෙම සංස්කරනය වින්ඩෝස් 8 හා සැසදීමේදී දියුනු කිරීම් රාශියක් සමග නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් 8 සංස්කරනයෙන් පෙර සංස්කරන භාවිතාකරන්නන් සදහා එනම් Windows XP, Vista, හා 7  භවිතාකරන්නන් සදහා ඩොලර් 119ක ගෙවීමක අනතුරුව මෙම නව සංස්කරනය සදහා පිවිසිය හැකි වනු ඇති බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ. එලබෙන සිකුරාදායින් පසුව DVD ලෙසට නව වින්ඩෝස් 8.1 සංස්කරනය ලබා ගැනීමේ හැකියාව පවතින අතර වින්ඩෝස් 8 සිට වින්ඩෝස් 8 pro සංස්කරන සදහා ඉහල නංවා ගැනීමේ හැකියාවද පවතින බවටයි වාර්ථාවන්නේ.

Intel වෙතින් එන "Broadwell" ප්‍රොසෙසර් නිකුතුව 2014ට කල්යයි.

  Intel ආයතනය මීට පෙර පවසා තිබුනේ තම නව ප්‍රොසෙසරය වින්ඩෝස් 8.1 සමග 2013 වසර අවසානයේ නිකුත් කරන්නට සූදානම් බවකි.14nm තාක්ශනය සමග පැමිනෙන්නට නියමිත මෙම ප්‍රොසෙසරය "Broadwell" ලෙසට නම් කොට ඇති අතර ඉන්ටෙල් ආයතනය නිවේදනය කරමින් සිටින්නේ තම නව ප්‍රොසෙසරය එලබෙන වසරේ පලමු කාර්තුව තුල නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. යම් ගැටලු කාරී තත්වයක් කරනකොට ගෙන මෙම කුඩා වෙනස තම සැලසුම් සදහා ගෙනෙන්නට සිදුව ඇති මුත් ඉදිරි සැලසුම් ඒ ආකාරයෙන්ම සිදුවනු ඇටි බවටයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේ.  notebook, tablets හා hybrid PCs ඉලක්ක ගතව නිපදෙන මෙම Broadwelll ප්‍රොසෙසරය සහිත HP වෙතින් නිකුත්වන වින්ඩෝස් 8.1 සමග එන notebook පරිගණකයක් පිලිබදව පසුගිය මසයේදී නිවේදනය වූ අතර දියුනු කල ක්‍රියා කාරීත්වයක් හා අඩු බැටරි බල භාවිතාවක් සමග ක්‍රියාත්මක වන මෙම ප්‍රොසෙසරය ඩෙස්ටොප් පරිසරය වෙතට ගෙනෙන්නට බලාපොරොත්තුවක් නොමැති බවටයි Intel අයතනය දෙසින් වැඩි දුරටත් පැවසෙනේ.

Google ක්‍රෝම් XP වෙතට සහය දැක්වීම 2015 අප්‍රේල් දක්වා!!!!

  වින්ඩෝස් XP නිල සමුගැනීමට ඉතිරිව ඇත්තේ අඩ වසරකට ආසන්න කාලයකි. ගූගල් ආයතනය අද පවසා සිටියේ තම ක්‍රෝම් බ්‍රවුසරය වින්ඩෝස් XP වෙත සහය දැක්වීම තවත් වසරක් ඉදිරියට පැවැත් වෙන බවය. එනම් 2015 අප්‍රේල් මාසය පමන වන තෙක් ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය වින්ඩෝස් XP වෙත සහය දැක්වීම සිදුවනු ඇති බවකි. දැනට මයික්‍රසොෆ්ට් ආයතනය් පවසා සිටින්නේ අප්‍රේල් 8 දා දක්වා තෙක් තම නිල සහය වින්ඩෝස් XP වෙත ලබා දෙන්නේ වින්ඩෝස් ඉතිහාසයේ වැඩිම කලක් එකම මෙහෙයුම් පද්ධතියක් වෙත සහය දැක්වූ අවස්ථාව ලෙසට වන අතර වින්ඩෝස් විස්ටාහි අසාර්ථක වීම එයට ප්‍රධාන හේතුව ලෙසට සදහන් කරමින් වන අතර ගූගල් ආයතනය පවසන්නේ තවමත් වින්ඩෝස් XP වෙත ඇති භාවිතාකරන්නන් මිලියන සියගනනක් සැලකීමේදී ඔවුන් වඩාත් නවීන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක් වෙතට පැමිනෙන්නට වසරක කාලයක් තමන් ලබා දෙන්නට තීර්නය කර ඇති බවකි. එම කාලය තුලදී XP වෙතට දැනට පලවී ඇති සයිබැර් පහර දීම් අනතුරු සදහා තම් බ්‍රවුසරය වෙත නොකඩා ආරක්ශක යාවත්කාලීනයන් නිකුත් කරන්නට තමන් බලාපොරොත්තුවන බවකි.මයික්‍රසොෆ්ට් සමාගමේ බලා පොරොත්තුව වන්නේ තම නිල සහය අවසන් වන කාලය වන විට වින්ඩෝස් XP වල සමස්ත ලොව භාවිතය 13% දක්වා  අවම කර ගැනීම වන අතර මේ වන විට එහි සමස්ථ ලොව භාවිතය 30% ක බව ගනන ආයතන වාර්ථා පවසමින් සිටිනවා.

මීලග වින්ඩෝස් 8 මෙගා යාවත්කාලීනය 2015දී!!!!

  වින්ඩෝස් 8.1 නිල නිකුතුව සදහා හෝරා කිහිපයක් පමනක් ඉතිරිව ඇත.මෙම නිකුතුව පැමිනෙන්නේ වින්ඩෝස් 8 නිකුතුවේ සිට වසරකට ආසන්න කාලයක් තුලදීය.භාවිතාකරන්නන් බලාපොරොත්තුවන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග  ප්‍රධාන යාවත්කාලීනයක් 2014 වසරේදී පැමිනෙනු ඇති බව වුවත් පලවන නිල නොවන පුවත් පවසන්නේ එය 2015දී පමන සිදු වනු ඇති බවකි. මීලග ප්‍රධාන යාවත්කාලීනය වින්ඩෝස් 8 හා වින්ඩෝස් 8 phone මෙහෙයුම් පද්ධති අතර වඩාත් සමීප ක්‍රියාකාරීත්වයක් ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තුවන අතර app store ව ඔස්සේ ලබාගන්නා apps මෙහෙයුම් පද්ධති දෙක සදහාම පොදුවේ ක්‍රියාකාරීත්වයක් ‍රැගෙන  එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එම ආරන්චි මාර්ග පවසන්නේ 2014 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රමානයෙන් කුඩා Surface tablet උපකරනයක් මෙන්ම වින්ඩෝස් phone 8 නිකුතුව සිදු කරනු ඇති බවකි.

2013-10-16

"Bing engine" සෙයුම් හැකියාව මෙහෙයුම් පද්ධතිය පුරාවටම....

  Search Engine භාවිතයට සාම්ප්‍රධායිකව පැමිනෙන්නේ මෙහෙයුම් පද්ධතියක ස්ථාපිතව පවතින Browser එකක හරහාය.ඇත්තෙන්ම ඒ වෙනම කාරනයක් ලෙසට මෙහෙයුම් පද්ධතිය ඔස්සේ පිවිස ඉ‍ටුකරගත යුත්තක්වීම සාමාන්‍ය පිලිවෙතය.වින්ඩෝස් 8 සමග තත්වය මදක් වෙනස් කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කොට තිබිනි. "සෙයුම්බව" පරිගණකය දෙසට මෙන්ම අන්තර්ජාලය දෙසට සරල කොට තිබිනි.වින්ඩෝස් 8.1 පැමිනීමට හෝරා ස්වල්පයක්ව ඇති අතර මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම තම නව මෙහෙයුම් පද්ධති යාවත්කාලිනය පිලිබදව ප්‍රවර්ධන කටයුතුවලට පිවිසෙමින් තම ඉදිරි නිකුතුව පිලිබදව විවිධ තොරතුරු හෙලිකරන්නට පටන්ගෙන ඇත.
                            "the new Windows" ලෙසට වින් 8.1 හඳුන්වන්නට කටයුතු කරන මයික්‍රසොෆ්ට් ආයතනය ඉස්මතුකොට දක්වන්නට උත්සාහ කරන කාරනයක් වන්නේ තම Bing engine සෙයුම් යාන්ත්‍රනය පරිගණකය දෙසට මෙන්ම වෙබ් අවකාශය වෙතට මෙහෙයුම් පද්ධතිය පුරාවටම විහිදෙන ලෙසින් පැමිනෙනු ඇති බවයි.භාවිතාකරන්නන් හට වින්ඩෝස් 7 භාවිතාවෙන් වින්ඩෝස් 8.1 වෙතට පැමිනෙන්නට සෑහෙන කාරනා ගෙන ඒමේ අභියෝගය සදහා තීර්නාත්මක යමක් ගෙනෙන්නට වින්ඩෝස් 8.1 අවසන් සංස්කරනය සමග හැකි උපරිමයෙන් ආයතනය කටයුතු කරනු ඇත.

ප්‍රකට Avast හි 2014 අවසාන සංස්කරනය නිකුත්වේ.....

  නොමිළේ භාවිතාවට නිකුත්වන මෘදුකාංග අතරින් Avastමෘදුකාංගයට හිමිවන්නේ පලමු පෙල පිලිගැනීමකි.boot-time-scan පහසුව සමග එන එකම මෘදුකාංගය ලෙසට ගැනෙන මෙම මෘදුකාංගයේ 2014 සදහා වන පූර්න සංස්කරනය මේ වන විට නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ.එම ආයතනය  පවසන්නේ වසර 25ක් තිස්සේ උපාංග මිලියන 200ක් මත ධාවනය වෙමින් ලබා ගත් අත්දැකිම් ඔස්සේ ලොව  වඩාත්ම නිවැරදි හා වේගවත්ම ආරක්ශක මෘදුකාංගයක් ගෙනෙන්නට තමන්ට හැකිව ඇති බවකි.මෙම නව සංස්කරනය සමග Do Not Track function පහසුව browser plugin එකක ලෙසට ‍රැගෙන එන්නට කටයුතු කොට ඇති අතර DeepScreen technology ඔස්සේ සැක සහිත මෘදුකාංග ධාවනය ඔස්සේ පරිගණකයට විය හැකි හානිය වලකන්නට සමත්වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. මෙම නව සංස්කරනය සමග binary level commands හඳුනා ගන්නට හැකිවීම සමග වඩාත් ගැබුරින් හානිකරයන් ගෙන් වෙන්ව සිටීමට භාවිතාකරන්නන් හට හැකි වනු ඇති බවටයි ආයතනය පවසන්නේ
http://files.avast.com/iavs9x/avast_free_antivirus_setup.exe

2013-10-15

IE 11සමග එන new pre-render tag එක....

  මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම IE11 සංස්කරනය සමග වෙබ් පි‍ටු සෙයුමක යෙදෙන්නෙකුගේ ප්‍රථිපල සටහන වඩාත් කාර්යක්ශම කර ගැනීම සදහා pre-render ක්‍රමවේදයක් තමන් හදුන්වා දෙන්නට ක්‍රියා කර ඇති බවකි. ඔවුන් පවසන්නේ තම Bing සේවාව සමග සෙයුමක යෙදී ලබන ප්‍රතිපල වලට අදාල අඩවි පසුබිම්ව බ්‍රවුසරය විසින් සූදානම්ව තබා ගන්නා මෙම ක්‍රමය ඔස්සේ භාවිතාකරන්නෙකුට තම අන්තර්ජාල සබදතාවයෙන් වඩාත් කාර්යක්ශම සේවාවක් ලබා ගන්නට හැකි වන අතර උපකරනයේ බැටරි බල භාවිතයද අවමව තබ අගන්නට සහයවීමක්ද සිදුවන බවටයි පැවසෙන්නේ.මෙම පහසුව ලබා ගන්නට කැමති වන්නන් හට තම IE 11 බ්‍රවුසරයේ ඉහලින් වන  new pre-render tag එක ක්‍රියාත්මක කිරීමෙන් හැකි වන අතර ඔවුන් පවසන්නේ සෙයුමක යෙදෙන්නෙකුට AutoComplete and Snapshot ක්‍රමය ඔස්සේ සෙයුම් ප්‍රථිපලයක් ලැබීමේ හැකියාව තප්පර 30 - 60 ක සිට 20-40 දක්වා අඩුකරගන්නට හැකි වන අතර නව  pre-rendering tag  ක්‍රමය ඔස්සේ තප්පර 15-30 දක්වා අඩු කරගන්නට හැකි වනු ඇති බවත්ය.ආයතනය මීට පෙර පවසා සිටියේ තම IE11 සමග වෙබ් අඩවියක වන JPG ඡායාරුවක් දැක්වීමේ කාර්යක්ශමතාවය 45%කින් ඉහලට ගෙනෙන්නට හැකිව ඇති බවයි.

LG වෙතිනුත් වක්‍ර දුරකතනයක්!!!!

  මේ වන විට Samsung වෙතින් වක්‍ර හැඩැති දුරකථනයක් Galaxy Round නමින් නිවේදනය වී ඇත. මේ වන විට LG වෙතින්ද නම්‍ය හා වක්‍ර හැඩැති දුරකථනයක් පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.Samsung වලදී මෙන් දෙපසින් වක්‍ර වනවා වෙනුවට LG වෙතින් පැමිනෙන දුරකථනය ඉහල සිට පහල දක්වා වන ආකාරයට තම වක්‍රබව ගන්නා ආකාරයට පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ.අඟල් 6ක ඩිස්ප්ලේ එකක සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය සමග පැමිනෙන මෙහෙයුම් පද්ධතිය පිලිබදව තවමත් තොරතුරු හෙලි වන්නේ නැත.නොවැම්බර් මාසයට නියමිත Nexus 5 නිකුතුවෙන් අනතුරුව පැමි නෙන්නට නියමිත මෙම දුරකථනය G Flex ලෙසට නම් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

වින්ඩෝස් 8.1 සමග වඩාත් නම්‍ය Start Screen භාවිතාවකට

  වින්ඩෝස් 8.1 සමග පැමිනෙන් නව අංගයන් අතර වඩාත් නම්‍යව මෙහෙයුම් පද්ධතිය සකසා ගැනීමේ හැකියාව භාවිතාකරන්නාවෙත පැමිනීම ප්‍රධාන තැනක් ගනී. එකම wallpaperය Start ස්ක්‍රීනයට මෙන්ම පැරනි Destop මුහුනත මතටද ගෙනෙන්නට හැකිවීම භාවිතාකරන්නා වෙතින් Start screen එක දෙසට පලවන නුහුරු බව ඉක්මවා යාමට සහය වනු ඇති බවටයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ.එසේම පසුබිමේ වන headings වල වර්ණය සකසා ගැනීමේ හැකියාව භාවිතාකරන්නා වෙත වැඩි පහසුවක් වනු ඇති බවටත් පවසා සිටිනවා. වින්ඩෝස් 8 සංස්කරනයට වඩා වින්ඩෝස් 8.1 වලදී Tiles වලට ගෙන ආ හැකි වෙනස්කම්  කිහිපයක්ම හදුන්වා දී තිබෙනවා.ඒවා අතර අවශ්‍ය නම් Live Tiles සාමන්‍ය Tile එකක් බවට පත්කර ගැනීමට හැකිබව ඒවයේ ප්‍රමානය වෙනස් කර ගන්නට හැකි බව මෙන්ම දැනට start ස්ක්‍රීනයේ නොමැති ඇප් එකක් පහසුවෙන් එයවෙත ‍රැගෙන එන්නට "Pin to Start’ සමග පහසුවීම දක්වා තිබෙනවා.තවත් අතකින් එකවර Tails කිහිපයක් තොරා ගනිමින් ඒවා ඉවත්කරන්නට හැකිවීම හා 'All Apps'  වල ඒවා ස්ථාපනය කරන ලද දිනය අනූව වැඩි පුර භාවිතාව සමග වැනි ලෙසට යලින් පෙල ගස්වා ගැනීමේ හැකියාව ඔවුන් දක්වා සිටිනවා.

2013-10-14

වින්ඩෝස් phone 8.1 අහිමිකරන්නට යන Back button එක!!!!!

  මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8.1 නිකුතුව සදහා ඉතිරව ඇත්තේ දින කිහිපයකි. එය ‍රැගෙන එන දෑ අතර Start බටනයට මෙන්ම කෙලින්ම සාම්ප්‍රධායික ඩෙස්ටොප් එක වෙතට ආර්ම්භාක ක්‍රියාවලිය ඔස්සේ පැමිනීමේ හැකියාව ආදීය ඇතුලු නවාංග රාශියක් පිලිබදව මේ වන විට තොරතුරු හෙලිවී ඇත. මේ අතර වින්ඩෝස් phone 8.1 පිලිබදව කථා බහ ඇරබී ඇත. එය අලුතින් ‍රැගෙන එන්නට බලාපොරොත්‍ටුවන දෑ ගැන සංවාදය අතර පලවූ තොරතුරක් පවසා සිටියේ වින්ඩෝස් 8 දුරකථනයේ භෞතිකව වූ අංගයක්ද වින්ඩෝස් 8.1 සමග ඉවත්කිරීමේ සූදානමක්ද වන බවකි. එනම් දුරකථනයේ වූ Back button  එක ඉවත්කරන්නට වන සැලසුම ගැනයි.ඒ ගැන අදහස් පලකරමින් ආයතනය දෙසින් පැවසුනේ බොහෝ භාවිතාකරන්නන් එම බටනයේ ක්‍රියා කාරීත්වය පිලිබදව  අවබෝදයක් වත් නොමැති බවයි. දුරකථනයේ multitasking screen භාවිතාවට පහසු පිවිසුමක් වන මෙම බටනය ඉවත්කිරීම පිලිබදව මේ වන විට භාවිතාකරන්නන් අතර අකමැත්තක් වැඩෙමින් ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් පවසන්නේ කලක පටන් බලාපොරොත්තුවක් වූ  notification center පැමිනීම වැනි බලාපොරොත්‍ටු සමග එම බටනයේ අහිමිවීම swipe gestures වැනි විකල්ප ක්‍රමයක් ඔස්සේ හෝ සංසිඳවීම වැදගත් වනු ඇති බවයි.

2014 ඇපල් වෙතින් නිකුතූන් ‍රැසකට සැලසුම්!!!

  ඇපල් ආයතනය වෙතින් 2014 වසර සදහා භාවිතා කරන්නන්ගේ ප්‍රධාන බාලපොරොත්තුවක් වන්නේ "Mavericks" ලෙසට දැක්වෙන මීලග OS X සංස්කරනය පිලිබදවය. එහෙත් හෙලිවන නවතම පුවත් පවසන්නේ ඇපල් ආයතන 2014 සදහා තවත් තීරනාත්මක Hardware සැලසුමකද වන බවකි. එය Retina ආකාරයේ ඩිස්ප්ලේ එකක් සහිත අඟල් 12 ආකාරයේ MacBook එකක් පිලිබදවය.එය බරින් මෙන්ම ඝනකමින්ද MacBook Air වලටත් වඩ සැහැල්ලු උපකරනයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Intel processor ප්‍රොසෙසරයක සමග පැමිනෙතැයි කියවෙන මෙම උපකරනය කලකට ඉහතදී  MacBook Air වෙතින් සිදු වුනු ආකාරයේ Laptop භාවිතාවටට  නව යුගයක් පැමින එනු ඇති බවටයි සටහන් වන්නේ. එසේම  iMac සදහාද දැනට භාවිතාවන සංස්කරනයට වඩා මිලෙන් අඩු නිකුතුවක් 2014 සිදුවනු ඇති බවට මෙන්ම හයවන පරම් පරාවේ iPad එකක් ගැනද 2014 තුල බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.

2013-10-13

Firefox/Skype/Chrome/Opera/Thunderbird වේගවත් කරන්නට සහය මෘදුකාංගයක්...

  අන්තර්ජාලය භාවිතාවට පෙලෙබෙන්නට ප්‍රමුක ලක්ෂනයක් වන්නේ වේගයයි. සමකාලීන මෘදුකාංග පරිසරයට සෑහෙන දෘඩාංග මට්ටමකින් භාවිතාකරන්නෙකු තම පරිගණකය පවත්වාගෙන යාමේදීද විටක පරිගණකයේ අන්දගාමී බවක් දක්නට ලැබීම මහත් අපහසුවක් කැදවන සුලුය.බහුල භාවිතාවක් ඇති  Firefox/Skype/Chrome/Opera/Thunderbird වැනි මෘදුකාංග ඔස්සේ එවැනි අපහසුතාවයක් අත් විඳිමින් ඇති භාවිතාකරන්නෙකුට Mozilla වෙතින් විසදුම් කුඩා මෘදුකාංගයක් ‍රැගෙන විත් ඇත. බොහෝ විටක මෙවැනි වේගය අඩාලවිම් සඳහා හේතුවන databases වල සිදුවන අපිලිවෙල ඇතුලු ආරම්ක වේගය අඩාලවීම් වැනි කාරනා වලට හේතුවන කාරනා සමනය කිරීම සදහා මෙම මෘදුකාංග සහයවනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.දල ලෙස ඔවුනගේ පොරොන්දුව වන්නේ ඉහතකී මෘදුකාංග භාවිතාවන් තෙගුනයකින් ඉහල නැවීමට මෙම මෘදුකාංගය සහය වනු ඇති බවය.

වින්ඩෝස් 8 සදහා නිල සහය කාලය 2015 .10.18 අවසන් වනු ඇත.....

   වින්ඩෝස් 8.1 නිල නිකුතුවට ඉතිරිව ඇත්තේ තවත් සතියක කාලයකි.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මෙම මෙගා යාවත්කාලීනය වින්ඩෝස් 8 වෙත දියුනු කිරීම් රාශියක් සමග නවාංගද කිහිපයක් ‍රැගෙන එන්නට නියමිත බවකි. දැනට නිකුත්ව ඇති වින්ඩෝස් 8.1 සමග ඒවා බොහොමයක් මේ වන විට හෙලිවි ඇත. ඔක්තෝබර 18 එය නිල ලෙස නිකුත්කරන්නට මේ වන විට දින නියමවීද හමාරය.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ වින්ඩෝස් 8 භාවිතාකරන්නෙකුට නොමිලේ වින්ඩෝස් 8.1 කරා තම මෙහෙයුම් පද්ධ්තිය උස්තල ගන්වා ගැනීම සදහා ලැබෙනුයේ දෑවසරක කාලයකි.එනම් වින්ඩෝස් 8 සදහා ආයතනය නිල ලෙස සහය දක්වන කාලය 2015 ඔක්තෝබර 18 වන විට අවසන් වීමට නියමිත බවකි.මේ වනූව කිය වෙන්නේ වින්ඩෝස් 8.1 වෙත තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඉහල නංවා ගැනීමට තීර්නය කල අයෙකුට එම සංස්කරනය සදහා වන නිල සහය කාලය 2018 ජනවාරි 9 දක්වා ලැබෙන බවයි.

2013-10-12

ගූගල් ඔබගේ ගිනුම් තොරතුරු පිලිබද එකගතාවයන් වෙනසකට!!!

  ගූගල් ආයතනයද තම භවිතාකරන්නන් තම ගිනුමක් ඇරබීමේදී අන්‍ය ඔන්‍යව සිදුවන එකගතා සටහනට ආන්දෝලනාත්මක සංශෝදනයක් එක් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ.මෙම නව එකතු කිරීම සමග භාවිතාකරන්නෙකුගේ ඡායාරුවක් සටහනක් ආදී ඔනෑම භාවිතාවක් ගූගල් ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සදහා යොද ගැනීමට ඉඩ ලැබෙනු ඇති බවටයි ප්‍රකශ වන්නේ.නොවැම්බර් 11 සිට ක්‍රියාතම වන මෙම නව කොන්දේසිය සමග පැමිනෙන මෙම එකගතාවය මග හරින්නට යම් භාවිතාකරන්නෙකුට අවශ්‍ය වන්නේ නම් තම ගූගල් ගිනුමක් ඔස්සේ ඇතුලුව  https://plus.google.com/settings/endorsements?hl=en  වෙතට ගොස් එම පි‍ටුව අගවන  කුඩා කො‍ටුවෙහි "හරි" ලකුන ඉවත්කිරීම ඔස්සේ හැකිවනු ඇත.මෙම නව එකතු කිරීම් සමග වන තවත් කාරනා දෙකක් වන මුත් ඒවා වලි පැවසෙන්නේ වාහන ධාවනයක් අතරතුරදී මොබයිල් උපංග භාවිතය වැලකීම මෙන්ම අවසර පද භවිතාවේදී වඩාත් සැලකිලිමත්වීමට දිරිමත් කිරීම වැනි භවිතාකරන්නාගේ සුරක්ශිත බව තහවුරු කරන ආකාරයේ ඒවා බවටයි දැක්වෙන්නේ.

Skype හි විස්වාසනීය බව ගැන සොයා බැලීමක් ඇරබේ....

  2003 ස්කයිප් බිහිවන කාලයේදී එම සේවාව ගැන තිබුනේ මහත් පිලි ගැනීමකි.වඩාත් ආරක්ශිතව හඬ සංවාදයක යෙදෙන්නට පහසු මගක් ලෙසට ලොව භාවිතාකරන්නන් අතර එම සේවාව වේගයෙන් පිලිගැනීමකට ලක්විය.peer-to-peer ජාලයක් ලෙසට ක්‍රියාත්මක වන මෙම සේවාව 2005 දී  eBay වෙත හිමිත්වය හිමිවූ අතර 2011 වන විට මයික්‍රසොෆ්ට් සමාගම යටතට පත්විය.පෙර කල මහත් ප්‍රසාදයක් දිනා ගත් සේවාවක් ලෙසට භාවිතාකරන්නන් අතර දිනා ගෙනතිබූ  කීර්තිනාමය පසුගිය කාලයේ වේගයෙන් අඩුවන්නට පටන් ගත්තේ විටින් විට එල්ලවූ භවිතාකරන්නන්ගේ දත්ත වෙනත් ආයතන වෙත ලබා දෙනවායැයි කෙරුනු චෝදනාද සමගිනි. පලවන නවතම තොරතුරු පවසන්නේ මේ වන විට skype සේවාව National Security Agency (NSA). වෙත දත්ත ලබා දීමේ චෝදනාව යටතේ EU බලධාරීන් යටතේ පරික්ශාවකට යටත් කොට ඇති බවකි.

Grand Theft Auto V හි PC සංස්කරනයක් 2014 පලමු කාර්තුවේ!!!!

  2013 නිකුතුවක් වූ Grand Theft Auto V ඩොලර් බිලියන ගනන මෘදුකාංග ක්‍රීඩාවක් වු අතර එහි නිකුතුව සිදුවූ කාලයේ එහි සංවර්ධක  Rockstar  සාමාගම එම ක්‍රීඩාවේ PC සංස්කරනයක් නිකුත්කිරීම පිලිබදව ඒ තරම් අවධානයක් නොදක්වන බවටයි සටහන් වූවේ.මේ වන විට පලවෙමින් ඇති නිල නොවන ආරන්චි මාර්ග පවසන්නේ Grand Theft Auto V හි PC සංස්කරනයක් එලබෙන 2014 වසරේ පලමු කාර්තුව තුල නිකුත්වීමට බොහෙවින් ඉඩ ඇති බවකි. පරිගණක ක්‍රීඩා කරන්නන් අතර බෙහෙවින් ජනංප්‍රිය ක්‍රීඩාවක් වූ මෙහි මෙම නවතම සංස්කරනය PC වෙතටද නිකුත්කරන මෙන් ඉල්ලා එහි නිපැයුම් කරුවන් වෙත on line ආකාරයේ petition එකක පැවැතෙමින් ඇති අතර මේ වන විට මිලියන භාගයක් පමන පරිගණක ක්‍රීඩා ලෝලයන් එයට එකතුව ඇති බවටයි වාර්ථා වන්නේ.මෙම ක්‍රීඩාවේ මීට පෙර සංස්කරනය වූ Grand Theft Auto IV හි console  නිකුතුවෙන් මාස අටකට පසුව එහි PC සංස්කරනය නිකුත් කරන්නට යෙදුනු අතර දැනට නිකුත්ව ඇති ක්‍රීඩා මෘදුකාංග අතරින් වැඩිම වැයක් දරමින් කල නිෂ්පාදනය ලෙසට Grand Theft Auto V පිලිගැනෙන අතර වැඩිම වේගයකින් තම ආදායමේ පලමු බිලියනය ‍රැස්කල ක්‍රීඩා මෘදුකාංගය ලෙසටත් මෙම ක්‍රිඩාව පිලිගැනෙනවා.

Facebook වෙතින් “Who can look up your Timeline by name" අංගය ඉවතට..

  facebook ආයතනය පවසන්නේ තමන් තම අඩවිය සම්බන්දයෙන් වන Privacy Policyය වෙනස් කරන්නට තීර්නය කර ඇති බවකි.ඔවුන්පවසන්නේ මින් ඉදිරියට යම් භාවිතාකරන්නෙකුට තම තොරතුරු search results වලින් සගවා තබන්නට වන හැකියාව ඉවත්කරන්නට තීර්නය කර ඇති බවකි.ආයතන පැහැදිලි කරන්නේ මෙම අංගය සමග තම අඩවියේ සර්ච් යාන්ත්‍රනය අපහසුතාවයට පත්වන අවස්ථා දකින්නට හැකි වන බවයි. විටක වෙනත් භාවිතාකරන්නන් පැමිනිලි කරමින් පවසා සිටින්නේ තමන්ගේ හිතවතුකු facebook අඩවිය ඔස්සේ සොයාගන්නට නොහැකි වන්නේ කිසිදු සාදාරන හේතුවක් සමග නොවන බවට බවයි පැමිනිලිකර සිටින්නේයැයි ඔවුන් පවසනවා.මේ අනූව මෙම “Who can look up your Timeline by name" දැනට භාවිතා කරමින්  සිටින්නන්හට ඉදිරියේදී එම අංගය තවදුරටත් භාවිතා නොවන බවට දැනුම් දීමක් ලැබෙනු ඇති බවටයි සදහන් කර සිටින්නේ.

මයික්‍රසොෆ්ට් හා Metro බැඳියවට තෙවසරකි!!!

  2010 ඔක්තෝබර 11 මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් ෆෝන් 7 නිකුත්කරන ලද්දේ නව Metro මුහුනතට තම මෙහෙයුම් පද්ධති පිවිසීමේ ආරම්භයක් ලෙසටය.ඉන්පසුව 2011දී මයික්‍රසොෆ්ට් ආයතනය  Xbox 360 වෙතට  මෙම Metro පෙනුම මූලික මුහුනත හදුන්වා දෙන්නටකටයුතු කරන ලදී.වින්ඩෝස් 8 සමග 2012 මයික්‍රසොෆ්ට් සමාගම තම ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධතියට Metro මුහුනත ගෙනෙන්නට කටයුතු කරන ලද්දේ ස්ථාවරව තිබූ තම මෙහෙයුම් පද්ධතිය සම්ප්‍රධායට පැමිනිය හැකි අභියෝගද නොසල කමිනි. 2012 වසර මැද භාගයේදී මෙම Metro නම් තම නව මුහුනතට වූ වෙළඳ නාමය නෛතික හේතූන් මත වෙනස් කරනලද්දේ Modern නාමය භාවිතයට ගනිමිනි. එලබෙන නොවැම්බරයේ පැමිනෙන්නට නියමිත Xbox One හි dashboard වෙත්ද මෙට්‍රො ආකාරයේ ස්වරූපයක් ගෙනෙන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. භාවිතාකරන්නන්ගේ එතරම් ධනාත්මක නොවන ප්‍රථිචාර සමග වුවත් මයික්‍රසොෆ්ට් සමාගම තම Metro මිත්‍රබව ඉදිරියට ගෙන යන්නට කටයුතු කරමින් සිටින අතර ඔවුනගේ ලෝගෝවන් පවා නව හුරුවට හැලපෙන පරිදි වෙනස්කරනට පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.

iPhone 5s සමගත් 'Blue Screen of Death' පැමින ඇත

   'Blue Screen of Death' යන්න මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සම්බන්දව කියවෙන කාරනාවක් වුවද පලවන නවතමපුවතක් වන්නේ එය iPhone 5s පිලිබද කථා බහටද සම්බන්දිතව යෙදෙන්නට පටන් ගනිමින් තිබෙන බවය.Apple හි  support forums වල මාතෘකාවක් බවට පත්වෙමින් ඇති මෙම BSOD  තත්වය ඇපල් ආයතනයේ දැඩි අවධානාට ලක්වෙමින් ඇති තත්වයක් ලෙසටයි පලවන වාර්ථා පවසන්නේ. වින්ඩෝස් සමග භාවිතා කරන්නෙකු ලබන BSOD තත්වයට වඩා මෙම තත්වය වෙනස් වන්නේ එය දුරකථනය reboot තත්වයට ගෙනයාම බවටයි භාවිතාකරන්නන් කිහිප දෙනෙකුම පලකොට ඇති අත්දැකීම් පවසාසිටින්නේ.වින්ඩෝස් සමග භාවිතාකරන්නාහට මෙම තත්වය පැමිනෙන්නේ පරිගණකය freeze  වීමක්ද සහිත වන අවස්ථා බහුලව අත්දැකින්නට හැකියි.iPhone 5s  සමග මෙම අත්දැකීම් පැමිනෙන අවස්ථාවක් හැටියට වාර්ථාවන්නේ app ක්‍රෑෂ් වීම් සමග බවට පලවන අතර මෙම ක්‍රෑෂ් වීම් වල පදනම වන්නේ මෙහෙයුම් පද්ධතියේ දුර්වලතවයක් සමග වනවාට වඩා සමහර දුර්වල ඇප්ස් වල හැසිරීම නිසා බවටයි පිලිගැනීම වන්නේ.

Nexus 5 දුරකථනය KitKat සමග ඔක්තෝබර් 15 පැමිනේවි!!!!

  දුරකථන ලෝලයින් අතර මහත් අවධානයක් ලබාගත් පැමිනීමට නියමිත දුරකථන අතර Google's Nexus 5 සටහන් වන්නේ ඉහලම තැනකය.Android වල නවතම වන 4.4 'KitKat'  සංස්කරනය සමග පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙම දුරකථනය ඔක්තෝබර් 15 වන විට නිකුත්වෙනු ඇති බවටයි පලවන නවතම පුවත් අනුමානනය කරන්නේ.Nexus 5 දුරකථනය LG සමාගමේ නිෂ්පාදනයක් වන අතර එය quad-core 2.3GHz Snapdragon 800  ප්‍රොසෙසරයක් ගිගා බයිට 2ක ‍රැම් බලයක් හා ගිගා බයිට 32ක ස්තීර මතකය සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.මීට අමතරව එය 4.95-inch 1080p ඩිප්ලේ එකක් හා ‍රැහැන් රහිත බල ගැන්වීමේ හැකියාවකින්ද සමන් විතව පැමිනෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. වඩාත්ම ආකර්ශනීය කාරනාව වන්නේ මෙම දුරකථනය ඩොලර් 299 වැනි මිලකට පැමිනීමට නියමිතවීම බවටයි පැවසෙන්නේ.

IE 11 සමග දෘශ්‍ය ආබාධිතයන් සදහා වැඩි සහයක්!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම 2012 දී වින්ඩෝස් 8 හදුන්වාදිමේදී ගෙනෙන ලද වැඩි දියුනු කල පහසුකම් අතර Narrator පහසුවද වන ලදී. දෘශ්‍ය අපහසුකම් ඇති භාවිතාකරන්නෙකුට පහසුවෙන් මෙහෙයුම් පදධතිය සමග කටයුතු කරන්නට එහින් සහයක් ලැබෙන ලදී. වින්ඩෝස් 8.1 නිකුතුවට සූදානම් වන මේ මොහොතේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින් 8.1 සමග එන්නට නියමිත internet explora 11 සංස්කරනය සමග ඉහත කී ආකාරයේ භාවිතාකරන්නෙකුට වඩාත් පහසුකම් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. ඒවා අතර online ආකාරයේ ලිපියක් සංස්කරනය කිරීමේදී නැතිනම් e-mailඑකක් සංස්කරනයේදී misspelled වදනක් ස්වක්‍රීයව නිවැරදිවීම ,"backspace" වැනි විධානයකදී  delete වන දෑ පිලිබදව දැනුම් දීම ආදිය වන බවටයි පවසා සිටින්නේ.එසේම 'bold' හා 'end bold' වැනි විධානයක් සදහා සහය දැක්වීම වැනි අංගයන් සමග භාවිතාකරන්නෙකුට පහසුවෙන්  formatting  හැකියාවක් ගෙනෙනු ඇති බවටයි සටහන් වන්නේ.වෙනත් භාෂාවක් English language keyboard ඇසුරින් භාවිතාකිරීමේදි ඇතිවන අපහසුතාවයන්ටද නව සහයක් EI11 සමග පැමිනෙනු ඇති බවටයි වැදි දුරටත් ඔවුන් හෙලිකර සිටින්නේ.

2013-10-11

" Internet Explorer 11 Blocker Toolkit" නිකුත්වෙයි. වින්7 සදහා වන IE11 ලගදීම...

  මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය ජූලියේ Internet Explorer 11 සදහා වන පෙර සංස්කරනයක් වින්ඩෝස් 7 සදහා නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා.එම සතියේ මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්කරන්නට යෙදුන නව නිකුතුවකින් Internet Explorer 11 හි අවසාන සංස්කරනය මෑතදී නිකුත් වන්න නියමිත කියවෙනවා. එම නිකුතුව වන්නේ " Internet Explorer 11 Blocker Toolkit" මෘදු ගොනුවයි. වැඩි වශයෙන් ආයතනික මට්ටමේදී භාවිතාවන මෙම මෘදු ආධාරකය සහයවන්නේ යම් වින්ඩෝස් 7 පරිගණක ජාලයකදි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාව නව සංස්කරනය වෙත ස්වංක්‍රීයව එනම් Internet Explorer 11 උස්තල ගැන්වීම පාලනය කිරීම සදහායි. එසේම මෙම මෘදුකාංගය Server 2008 R2 සදහාද සහය දක්වන බවටයි ආයතනය ප්‍රකාශ කරන්නේ.වින්ඩෝස් 7 සදහා වන IE11 සංස්කරනය බොහෝ විට  එලබෙන සතියට නියමිත වින්ඩෝස් 8.1 නිකුතු වට සමාන්තරව සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

වැඩි දියුනු කරන ලද paint app එක!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම paint-ඇප් මෘදුකාංගය සදහා වින්ඩෝස් 8.1 වලදී වඩාත් පහසුකම් ගෙනෙන නවාංග කිහිපයක් එකතුකරන්නට කටයුතු කර තිබිනි. එම වෙනස් කම් අතර ප්‍රධන මුහුනත වෙනස් කරන්නට ,watercolor medium ,pencil-setආදියෙහි වෙනස්කම් ඇතුලු බොහොමයක් විය.ඒවා අතර භාවිතකරන්නෙකුට විශාල මට්ටමේ paint creations සදහාද වන පහසුකම් විය. එම සමගාම මෙම දියුනු කිරීම් සදහා CanvasPop නම් ආයතනයක සහයද ලබා ගත් බවටයි වාර්ථා පැවසුවේ.එම නව දියුනු කිරීම් ඔස්සේ භාවිතාකරන්නෙකුට විශාල මට්ටමේ මුද්‍රනයක් සදහාද අවස්ථාව ලැබිනි.මීට අමතරව Inspire අංගය සමග bing ඔස්සේ සොයා ගන්නා image එකක ඔස්සේ තම නිර්මනය ආරම්භ කරන්නට භාවිතාකරන්නා හට අවස්ථාව ලැබිනි.එසේම Skydrive වෙතින්ද අවශ්‍ය ඡායා සටහනක් ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබිනි.
                 වින්ඩෝස් phone සදහාද මෙම නව ඇප් සංස්කරනය හදුන්වා දෙන්නට වසර මුල් භාගයේ මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කටයුතු කරන ලද අතර  ඒ සදහාද යාවත්කාලීනයක් ඔක්තෝබර 14 නිකුත් කෙරිනි.එයත් සමගද graphite pencil සහය මෙන්ම නව photo filters හදුන්වා දෙන්නට කටයුතු කරන ලදී. එසේම phone ඔස්සේ කෙරෙමින් පැවති සංස්කරනයක් අතර තුර එය Skydrive වල තැන්පත් කරන්නට හා පසුව වින්ඩෝස් 8.1 ඔස්සේ එහි කටයුතු අවසන් කරන්නට අවස්ථාවද ලබා දී තිබිනි.

මයික්‍රසොෆ්ට් වෙතින් tracking cookies සදහා විකල්පයක්!!!!

  වෙබ් අඩවියක් වෙත තම බ්‍රවුසරය ඔස්සේ පිවිසෙන විට එම වෙබ් අඩවිය වෙතින් බ්‍රවුසරය මත තැන්පත් කරන "cookies" ඔස්සේ භාවිතාකරන්නා හදාරන්නට අවස්ථවක් ලබා ගන්නා බවට වන චෝදනාව තවමත් වලංගුය. පලවන නවතම පුවතක් පවසා සිටින්නේ මයික්‍රසොෆ්ට් සමාගම වඩාත් සංකීර්න ක්‍රමවේදයක් ඔස්සේ තම භාවිතා කරන්නන් හැදැරීමට දරන උත්සාහයක් පිලිබදව තම අවධානය යොමු කර ඇති බවයි.එම ආයතනය බොහෝ කලක සිට මේවන් අත්හදා බැලීමක නිරතව ඇති බවට පවසන එම පුවත Xbox සමගද එය අත්හදා බලා ඇති බවටයි පවසා සිටින්නේ.මයික්‍රසොෆ්ට් සමාගම මෙම පුවත නිල ලෙස පිලිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැති අතර ඔවුන් එම තත්වය පැහැදිලිකර සිටින්නේ දැනට භාවිතාවන Cookies ඉක්මවා යමින් භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වයටත් ගරු කෙරෙන වෙනත් ක්‍රමවේදයක් දියුනු කිරීමට තමන්ට අවශ්‍ය බවකි.
              මයික්‍රසොෆ්ට් සමාගම "Do Not Track" වෙතට සහය පලකරන ස්ථවරයක සිටින අතර තම නව වෙබ් බ්‍රවුසර සංස්කරන ඔස්සේ default මට්ටමෛන් එයට සහය පලකරන සැකසුම් සහිතව පැමිනීම පසුගිය කාලයේ මහත් කථා බහට ලක්වූවක් වූවා. W3C දෙසින්ද මෙම භාවිතාවන් ගැන නව ප්‍රමිතීන් ගෙන ඒමට අවධානය යොමුකර ඇති බවටයි වාර්ථා වන්නේ.

Android වල Outlook.com ඇප් එකට යාවත්කාලීනයක්

  මයික්‍රසොෆ්ට් සමාගම තම Outlook.com හි Android සදහා වන app මෘදුකාංගය සදහා අවසාන යාවත්කාලීනයක් නිකුත්කරන ලද්දේ පසුගිය මැයි මාසයේදීය.සමාගම මේවන විට ඒ සදහා නවතම යාවත් කාලීනසංස්කරනයක් Google Play ඔස්සේ ලබා ගත හැකිවන ලෙසට නිකුත්ව ඇති බවටයි නිවේදනයනය වන්නේ.එම  සංස්කරනය සමග පැමින ඇති නවාංග අතර පෙරදී වින්ඩෝස් 8 සදහා නිකුත්වූ මෙන්ම ඩෙස්ටොප් සදහා පැමිනි ඒවාට සමාන පහසුකම් ඇති බවටයි විස්තර කෙරෙන්නේ.ඒවා අතර Outlook.com ගිනුමක ඇති සියලුම ඊ මේල් බාගතකර ගැනීමේ හැකියාව මෙන්ම තම දුරකතනයේ තැන්පත්ව නැති ඊමේල් පුනිවිඩයක් වුවත් සර්වර් පහසුව සමග සොයා ගන්නට සහයවන පහසුවක්ද වන බවටයි ඔවුන් විස්තර කර සිටින්නේ.එසේම Outlook.com භාවිතාකරන්නන් හට තම aliases  මට්ටමේ සබදතාවයක් තුලින් වුවද ඊමේලයන් යැවීමේ පහසුවද වන බවට  පවසා සිටිනවා.

2013-10-10

වඩාත් සුරක්ශිත Android දුරකථනයක්!!!

   QSAlpha ආයතනය අද පවසා සිටියේ තමන් වඩාත් ආරක්ශිත Android මට්ටමේ දුරකථනයක් ‍රැගෙන එන්නට සූදානම් බව වන අතර එහිදී පැහැදිලි වූවේ දෘඩාංග මට්ටමේ encryption සමග එම ආරක්ශිත බව පැමිනෙනු ඇති බවයි.එම ඉදිරිපත් කිරීම සමග ආයතනයේ CEO වරයා පවසා සිටියේ ලොව ප්‍රධාන මට්ටමේ දුරකථන නිෂ්පාදකයෙකු සමග මෙම උපාංගය වෙළඳ පොලට ගෙන එන්නට කටයුතු කරන බවයි. එහිදී හෙලිවූ වේ එම දුරකථනය 3GB ‍රැම් බලයක් සහිතව හා 2.3 GHz quad-core  ප්‍රොසෙසරයක් සමග පැමිනෙන්නට සැලසුම්ව ඇති බවයි.ගිබා බයිට 128 ස්ථීර මතකයක් එම දුරකථය ‍රැගෙන එන්නේ දෘඩාංග මට්ටමේ හා ක්ලවුඩ් මට්ටමේ encrypted සුරක්ශිත බවක්ද ‍රැගෙන බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.බොහෝ විට හුවමාරු වන දත්තයන්ගේ සුරක්ශිතබව තෙවන මට්ටමේ ආයතනයක් හරහා ලබාගන්නා භාවිතාවක් ඇති පරිසරයකට මෙසේ දෘඩාංග මට්ටමේ චිප් පතක් සමග වන සුරක්ශිත බවක් ‍රැගෙන එන තාක්ශනය වඩාත් විස්වාසනීය වනු ඇති බවටයි විචාරකයන්ගේද මතය වන්නේ.

වින්7 වෙතට එන පැරනි යාවත්කාලීන ඉවත්කරන්නට සහය යාවත්කාලීනයක්

  මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස පවසා නොමැති වුවද තම වින්ඩෝස් 7 සදහා දෙවන සර්විස් පැක් එකක නිකුත්කිරිමේ කිසිදු සූදානමක් පල නොවන වටපිටාවක් තුල පලවන නවතම පුවතක් පවසන්නේ මයික්‍රසොෆ්ට් සමාගම තම වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතියවන වින්ඩෝස් 7 නොසලකා හැරීමේ සූදානමක්ද නොමැති බවකි.මෙම සතියේ ආයතනය විසින් නිකුත්කර ඇති වින්ඩෝස් 7 යාවත්කාලීනයක් සමග සාමාන්‍ය යාවත්කාලීන සමග ඇහිරී ඇති දෘඩතැටියේ යම් ප්‍රමානයක වන පැරනි යාවත්කාලීන ඉවත්කරන්නටද භාවිතාකරන්නන්හට පහසුව ලබා දෙන බවකි හෙලිවන්නේ. වින්ඩෝස් 7 නිමව ඇති ක්‍රමය අනූවම නව සර්විස් පැක් එකක් පැමිනි විට එය ස්ථාපනය සමග එම ෆෝල්ඩරයේ පිරී ඇති විටින් විට නිකුත්වූ තවදුරටත් අදාල නැති යාවත්කාලීන ගොනු ඉවත්කිරීමට අවස්ථාව ලැබීම සිදුවනු ලබනවා. 2009දී නිකුත්වූ වින්ඩෝස් 7 සදහා නිකුත්ව ඇත්තේ එකම සර්විස් පැක් එකක් වන අතර ඒතැන් පටන් විටින් විට එක්වූ යාවත්කාලීනයන් සමග ඇහිරී ඇති වින්ඩෝස් 7 පරිගණක වල දෘඩ තැටිවලට මෙම නිකුතුව සහනයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.සාමන්‍ය Windows Update එකක් ලෙසට ලබා ගත හැකි මෙම යාවත්කාලීනය "Important" මට්ටමේ එකක් ලෙසටයි එම ආයතනය වර්ගීකරනය කර ඇත්තේ.
http://support.microsoft.com/kb/2852386

Samsung වෙතින් curved display දුරකථන වෙළඳ පොලට...

  Samsung  වෙතින් පැමිනි වක්‍ර හැඩැති display එකක් සමග එන ස්මාර්ට් දුරකථනය මේ වන විට South Korea තුල අලවියට නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. අඟල් 5,7 ප්‍රමානයේ මෙම දුරකථනය  Samsung Galaxy Round ලෙසට නම්ව වෙළඳ පොලට පැමින තිබෙනවා.එය Android 4.3 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විතව ඇති බවටයි දැක්වෙන්නේ.7.9 මිලිමීටර් ඝනකමක් ඇති මෙම දුරකථනය බාහිර වෙළඳ පොලට පැමිනෙන දිනයක් තවමත් නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැහැ.එම ආයතනය මෑතකදී සිට නව ආකාරයේ නිපැයුන් පෙලක් වේගයෙන් වෙළඳ පොලට නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින අතර මේ වන විට flexible ඩිස්ප්ලේ එකක් සමග එන දුරකතනය සදහාද ආයතනතුල ලහි ලහියේ කටයුතු සිදුවෙමින් ඇති බවටයි වාර්ථා පවසන්නේ.

Visual Studio 2012 බාගත කර ගැනීම් මිලියන 5.5 ඉක්මවයි!!!!

  භාවිතාකරන්නන් විසින් Visual Studio 2013 නව සංස්කරනයේ පැමිනීම බලාපොරොත්තුවෙන් සිටින අතර තුර මයික්‍රසොෆ්ට් සමාගම නිකුත්කරන නිවේදයකින් පැවසෙන්නේ තම Visual Studio 2012 සංස්කරනය බාගත කරගැනීම් මිලියන 5.5ක් ඉක්මවා ඇති බවකි. එහිදී පැවසෙන්නේ Visual Studio සියලු සංස්කරන සැලකීමේදී වැඩිම බාගත කිරීම ලබා ගත් සංස්කරනය ලෙසට Visual Studio 2012 පත්ව ඇති බවයි.ආයතනය මෙම සංස්කරනය සදහා මේ වන විට ප්‍රධාන මට්ටමේ යවත්කාලීනයන් තුනක් නිකුත් කර ඇති අතර හතර වැන්න මෙම වසර අවසානයට පෙර පැමිනෙන්නට ඉඩ ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.පලවන නවතම තොරතුරු පවසන්නේ Visual Studio 2013 සංස්කරනයේ නිල නිකුතුව නොවැම්බර 13 වන විට සිදුවීමට නියමිත බව වන අතර දැනට 2012 සංස්කරනය භාවිතාකරන්නන් සදහා එලබෙන ජනවාරි 31 දක්වා Upgrade කර ගැනීමේ ඩොලර් 99ක් වන නමුත් ඉන් පසුව එය ඩොලර් 299ක් දක්වා වනු ඇති බවටත් නිවේදනය වනවා.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...