Showing posts with label NEW. Show all posts
Showing posts with label NEW. Show all posts

2014-01-26

දකුනු කොරියාව 5G සදහා කඩිනමින් සූදානම් වෙමින් ඇත....

  දකුනු කොරියාවෙන් වාර්ථාවන්නේ මොබයිල් සබදතාවේ මීලය යුගයට පිවිසෙන්නට තමන් සූදානම් බවකි. පස්වන පරම්පරාවේ(5G) ජංගම සබදතා යුගය ගැන කථාකරන ඔවුන් ඩොලර් බිලියන 1.7 ක ඉදිරි සැලසුමක් මේ වන විට සූදානම් කර ඇති බවටයි හෙලි කර සිටින්නේ. සරලව 5G හැකියාව පැහැදිලි කරන්නට නම් පූර්න සිනමාපටයන් තප්පරයකදී බාගතකර ගැනීමේ හැකියාව උදාහරනයක් වනවා. මොබයිල් සබදතා තාක්ශනයේ අතීතය පැහැදිලි කරන ඔවුන් 1990 දී 2G , 2000 දී 3G , 2010 දී 4G ලෙසට දක්වන අතර මේ වන විට 5G යුගය සදහා පිවිසෙමින් සිටින බවටයි පැහැදිලි කර සිටින්නේ. 2017 වන විට 5G භාවිතාව ආරම්භ වීමටත් 2020 වන විට එය වෙළඳ පොලට නිකුත්කරන්නටත් සැලසුම් ව ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ. එරට සැම්සොන් ආයතනය ලොව මොබයිල් උපාංග භාවිතාවෙන් 30%ක භාවිතාවක් හිමිකර ගෙන ඇති අතර  Huawei 26% ලෙසට සටහන් කරන්නට 2012දී සමත්ව තිබෙනවා.
                 Samsung පසුගිය වසරේ  ගිගා බයිට් එකක වේගයකින් දත්ත හුවමාරු වේගයක් කිලෝමීටර 2ක් තුල සම්ප්‍රේක්ශනයක් කරමින් සර්ථක අත්හදා බැලීමක නිරතවූ අතර 4G ඔස්සේ තප්පර 40ක් ගන්නා මෙගී බයිට්800ක ගොනුවක් 5G ඔස්සේ තප්පරයකදී හුවමාරුවට හැකිවීම ඔස්සේ තොරතුරු ලෝකය වෙනත්ම හැඩයක් ගන්නා බවටයි බලාපොරොත්තුව පලවෙමින් ඇත්තේ.

2014-01-09

DDR4 වසරේ තෙවන කාර්තුවේ පැමිනේවි!!!!

  වැඩි වේගවත් බවක් සමග අඩු බලය භාවිතාවක් ‍රැගත් DDR4 ‍රැම් මතකපත් භාවිතය මෙම වසරේ තෙවන කාර්තුවේ නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවටයි Intel ආයතනය පවසා සිටින්නේ. පස්වසරක දියුනු කිරීම් වලින් අනතුරුව නිකුත්වන මෙම මතක පත සදහා සහය දක්වන අමතර තාක්ශනය සහිත මවුපුවරු ද මීට සමාන්තරව වෙළඳ පොල වෙතට පැමිනෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ. මෙම තාක්ශනය සහිත ලැප්ටොප්, PC වෙළඳ පොලට පැමිනීම ඉදිරි මාස 12-18 අතර සිදුවනු ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.DDR3 හා සැසදීමේදී 50% වැඩි ධාරිතාවකින් ක්‍රියාත්මක වීමක් බලාපොරොත්තුවන මෙම නව තාක්ශනය බල පිරිමැසුම සැලකීමේදී 35% ක  දියුනුවක් ‍රැගෙන එනු ඇති බවටයි විස්තර කොට සිටින්නේ. හදාරන්නන් බලපොරොත්තුවන්නේ DDR3 හා සැසදීමේදී 30% ක මිල වැඩිවීමක් සමග පැමිනෙන්නට සිදුවනු ඇති බව වන අතර 2015 වන විට DDR3 හි මිළ 10%ක අඩුවක් දක්නට ලැනෙන බවටත් පවසා සිටිනවා.මීට අමතරව DDR4 මතක පතෙහි bus clock speed අගය   3200MHz ලෙසට බලා පොරොත්‍ටුවන අතර 1.2 volts  බල භාවිතාවක් සිදු වනු ඇති බවටයි නිවේදනය වන්නේ.

2013-12-31

අනාගත Amazon මිලදී ගැනීම octocopter drones ඔස්සේ ගුවනින් නිවසට!!!

 Amazon ආයතනයේ CEOවරයා පසුගියදා ප්‍රකට මධ්‍ය හමුවකදී පවසා සිටියේ තම ආයතනය ඉදිරියේදී තම මිලඳී ගැනීම් වැඩි වේගයකින් හා විස්වාසනීයව බෙදා හැරීම සදහා Amazon Prime Air නම් ව්‍යාපෘතිය යටතේ බාහිර සිට පාලනය වන  octocopter drones  නම් ගුවන් ක්‍රම වේදය අත්හදා බලමින් සිටින බවයි. GPS ආකාරයට මග පෙන්වීම් ලබන මෙම කුඩා ගුවන් උපකරනය ඉලෙක්ට්‍රික් ආකාරයට බලය ලබන අතර තල අටක බ්‍රමනයක් ඔස්සේ තම ඉලක්කය වෙතට පියබා යන්නට සමත්වනු ඇති බවටයි පවසා සිටියේ. තම ආයතනයේ Amazon warehouse එකක සිට විනාඩි 30ක පියාසර කාලයක් තුල වන ඉලක්ක සීමාවක් දක්වා දැනට සීමාවන මෙම සැලසුම ඉදිරි වසර පහ හය තුල ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක්  පිලිබදව එහිදී විස්වාසය පලවනු ලැබුවා.

2013-12-19

Bing Map එන වසරේ visual representation එකක් වැන්නක් දක්වා වර්ධනය වනු ඇත...

  මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing Map වල වින්ඩෝස් 8.1 පෙර ඇප් සංස්කරනයක් මෙවන විට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එම නිකුතුව  ලොවපුරා නගර 70ක අධි සුපැහැදිලි ඡායාරූ සහිතව ත්‍රිමාන ආකරයෙන් වඩාත් සජීවී ආකාරයට විද ගන්නට හැකිවන ලෙසට සකස්ව නිකුත් කෙරෙනා.මීට අමතරව ගෙවී යන වසර තුලදී නවාංග කිහිපයක්ම තම Bing Map වෙත ගෙනෙන්නට කටයුතු කොට තිබුනා.ආයතනය තම එලබෙන වසරේ සැලසුම් හෙලි කරමින් පවසා සිටින්නේ ඉදිරියේදී Bing Map යනු හුදු සිතියම් ස්වරූපයේ සිට වෙබ් අවකාශය මෙන්ම සැබෑ ලොකය වඩාත් නිරූපනය වන ආකාරයේ අත්දැකීමක් ගෙනෙන සේවාවක් ලෙසට වර්ධනය කරන බවයි.උදාහරනයක් ලෙසට ඔවුන් පවසන්නේ ගොනැගිල්ලක පිහිටි ආයතනයන් ගැන විස්තර පමනක් නොව ඒවා අභ්‍යන්තරය පවා දැක්වෙන ලෙසට සැලසුම් වන්නට නියමිත බවටයි.Digital මැප් සටහනක සිට  visual representation  ආකාරය දක්වා සිදුවන්නට නියමිත මෙම නව වෙනස්කම් සමග භාවිතාකරන්නාට වඩාත් සමීප සහයක් ගෙනෙන්නට හැකිවනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ.

2013-12-17

Facebook වෙතට Video ads පැමිනීම මෙම සතියේ සිට....

  පලවන නවතම වාර්ථා පවසන්නේ Facebook මීට පෙර නිවේදනය කර සිටි video ads මෙම සතියේ එලබෙන දින කිහිපය තුලදී ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවන බවකි. භාවිතාකරන්නන්ගේ News feeds අතරට පැමිනෙන්නට නියමිත මෙම දැන්වීම්  තප්පර 15කට සීමා වනු ඇති බවටයි නිවේදනය වන්නේ. මීට පෙර අවස්තාවල් කිහිපයකදීඑම ආයතනය මෙම දැන්වීම් පලකිරීම් ගෙනෙන්නට සැලසුම් කලද අවසානයේ කල්දමන්නට තීර්නය කල අතර අවසානයේ මෙම සතිය තුලට එය යොදවන්නට තීර්නය කර ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. දැන්වීම් කරුවන් මෙන්ම එම ආයතනයද මෙම උත්සව සමයේ එම නව "Feature" සමග වඩාත් ආකර්ශනීයව භාවිතාකරන්නන්හට සමීපවන්නට බලපොරොත්තුව සමග සි‍ටුනු ඇති බවටයි අනුමානය කරන්නේ. තවමත් මෙම දැන්වීම් වල ස්වභාවය පිලිබදව නිශ්චිත අදහසක් පලව නැති අතර අනුමානය කරන සමහරුන් පවසන්නේ මවුසය ඒවා මතට පැමිනි සැනින් ස්වංක්‍රීයව හා නිහඬව ඒවා ධාවනය සදහා සැකසී තිබෙන්නට නියමිත වනු ඇති බවයි. කෙසේ වෙතත් දැනටමත් අත්හදා බැලීමේ මට්ටමින් තොරා ගත් ගිනුම් සමග මෙම පලකිරීම් පසිගිය සති කිහිපය තුල සිදුව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.

2013-12-14

Steam OS වල පලමු බීටාව නිකුත්වෙයි!!

  පසුගිය දිනවල පොරොන්දු වූ පරිදි Valve ආයතනය මේ වන විට Steam OS හි පලමු Public Beta සංස්කරනය නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ. භාවිතාකරන්නාගේ නිවසේ විසිත්ත කාබරය ඉලක්ක කොට ගෙන නිකුත්වන Linux මූලික පරිගණක ක්‍රීඩා සදහා මිත්‍ර මෙම මෙහෙයුම් පද්ධතිය විවෘත ගනයේ එකක් ලෙසටයි ශ්‍රේනිගතව ඇත්තේ. Debian Linux software මූලිකව නිර්මානය කර ඇති මෙම මෘදුකාංගය  Linux-based Steam games ධාවනයට අමතරව  Linux applications සදහාද සහය දක්වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහි ධාවනය සදහා intel හා AMD වල 64bit ප්‍රොසෙසරයක් සමග 4GB තාවකාලික මතකයක්, 500GB ගබඩා හැකියාවක් USB සබදතාවයක් මූලිකව අවශ්‍ය වනු ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් එම ආයතනය අවධාරනය කරන්නේ මෙම පලමු සංස්කරනය ස්ථාපනය සදහා වඩාත් පලපුරුදු භවිතාකරන්නන් සදහා වඩාත් උචිතවනු ඇති බවයි. මෙහි අවසන් සංස්කරනයක් එලබෙන වසර තුලදී පැමිනීමට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.

2013-12-11

Firefox 26.0

  මොසිල්ලා ෆයර් ෆොක්ස් යනු වඩාත්ම සම්පූර්න  අංගයන්ගෙන් සමන්විත වෙබ් බ්‍රවුසරයක් ලෙසට පිලිගැනේ. Pop-up මෙනු බාදාකර දැමීමේ හැකියාව , ටැබ් බ්‍රවුසින් සේම ගූගල් සර්ච් පහසුව අඩංගුව පැමිනීම පමනක් නොව භාවිතාකරන්නෙකුට වඩාත් වැදගත් විය හැකි Privacy Control හැකියාව වඩාත් පහසු වෙන් සකසා ගැනීමේ හැකියාව භාවිතාකරන් නන්ගේ සිත් ගත් අංගයන් ලෙසට දැක්වේ.එයට අමතරවද ඔබගේ Online භාවිතාවන් වඩාත් කාර්යක්ශම කර ගන්නට සහය වන අංග බොහොමයකින් සමන්විත වන අතර ඒවා අතර  smart location bar , Gecko platform වැනි පහසුකම් සමග වඩාත් වේගවත් මෙන්ම වඩාත් පෞද්ගලික සෙයුම් ප්‍රථිපල ගෙන ඒමේ හැකියාවද වැඩි දියුනු කර ඇති ආරක්ශක පහසුකම් ඔස්සේ ලබාගන්නට පමනක් නොව භාවිතාකරන්නාගේ රුචි අරුචිකම් සමග අමතරව එක් කරගත හැකි add-ons 5000ක් වන බවටයි පැවසෙන්නේ.මෙම සංස්කරනය එම මෘදුකාංගයේ නවීනතම සංස්කරනයයි.

VLC Media Player 2.1.2

  VLC ප්ලේයරය යනු භාවිතාකරන්නන් අතර තවත් ජනංප්‍රියතම මීඩියා මෘදුකාංගයක් ලෙසට පිලිගැනෙන ප්ලේයර මෘදුකංගයකි. Audio මෙන්ම Video වල බොහොමයක් Format සමග සහයෝගයෙන් කටයුතු කරන්නට හැකි මෙම  මෘදුකාංගය  streaming protocols හැකියාවෙන්ද යුක්ත බවටයි ප්‍රකාශ වන්නේ.මෘදුකාංගය සමග පැමිනෙන පහසුකම් වලට අමතරව අවශ්‍ය අයෙකුට අමතර codecs ස්ථාපනය කර ගැනීම ඔස්සේ අමතර ගොනු වර්ග සදහා සහය දැක්වීම්ද ලබාගන්නට හැකි වන පහසුකම්ද සහිතව පැමිනෙන අතර සමහර ප්‍රකට මීඩියා මෘදුකාංග සමග නොමැති අමතර පහසුකම්ද සමග හදුනා ගෙන තිබූ දුර්වලතා පිලිසකර කිරීම්  මෙන්ම නව පහසුකම්ද සමග මෙම නව සංස්කරනය නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ.

2013-12-10

Flash Player වල නවතම සංස්කරනයක් නිකුත්වේ!!!!

  ඔබගේ පරිගණකයේ වඩාත්ම යාවත්කාලීනව තබා ගත යුතු මෘදුකාංග අතර Flash Player මෘදුකාංගයට ලැබෙන්නේ ඉහලම තැනකි. මෘදුකාංග පහර දෙන්නන්ගේ පලමු තේරීම් අතර ඇති බහුලතම භාවිතාවක් සහිත මෘදුකාංගයක් ලෙසට සැලකෙන මෙය සියලුම පාහේ මෙහෙයුම් පද්ධති සමග මෙන්ම මොබයිල් හා ඩිවයිස් අතරද අනිවාර්යෙන්ම භාවිතාවන්නන්ලෙසට සැලකිය හැකි තරම්ය.ලොව පුරා මිලියන 750ක් පමන අන්තර්ජාලයට සම්බන්දිත දත්ත උපාංග අතර භාවිතාවක් ඇති මෙය භාවිතකරන්නාගේ Digital ජීවිතය වඩාත් වර්නවත් කරන්නට නිරන්තරයෙන් සහභාගී වන්නකි.එම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන සබදතා ඔස්සේ ඔබටද බාගතකර ගැනීමේ හැකියාව ඇත.
(Firefox, Safari, Opera)
(Internet Explorer)

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...