2023-01-31

ප්‍රායෝගික AI යුගයේ ප්‍රමුකයෙකි ChatGPT

තොරතුරු ලෝකයේ AI යුගයේ තීරනාත්මක පිවිසුමක් ලේසට ChatGPT සටහන් වනු ඇත. හුදු යාන්ත්‍රික සෙවුම් ප්‍රථිපලයක් ලෙසට නොව conversational ආකාරයකට භාවිතාකරන්නා සමග වඩාත් මානුෂික ස්වරූපී සහයකට එය සූදානම් වන්නේ තොරතුරු මත වඩාත් ගැබුරු හැදෑරුම් හැකියාවක් හා මෙතෙක් මිනිස් හැකියාවන් ලෙසට පමනක් සැලකූ පරිගණක වැඩසටහනක් සැලසීමේ සිට සටහනක් තැබීම දක්වා හා තවත් බොහෝ හැකියාවන් රාශියක් ප්‍රකට කරවමිනි. ChatGPT පිලිබන්දව අදහස්පලකරන තවත් හදාරන්නෙකු පැහැදිලි කරන්නේ Google වල ආධිපත්‍ය අවකාශය වන තොරතුරු සෙවුමක යාන්ත්‍රික බව ඉක්මවන්නට එය ඉතා සාර්ථකව සූදානම් බවයි. ඔහු පවසන්නේ 25 වසරක Google වල අධික ලාබදායී තොරතුරු සෙවුම් සමග වෙළඳ පනිවිඩය ගෙන එමේ ව්‍යාපාරය සැලකිය යුතු ලෙස අවසන් කරන්නට මෙම නව ප්‍රවනතාවය සුදනම් බවයි. කෙසේ වෙතත් මේ වන විටMicrosoft, Google වෙතිලු ප්‍රධාන පෙලේ ආයතනයන් රාශියක් එලබෙන යුගයේ AI ප්‍රමුකතා සමග තම ව්‍යාපෘති සංයොජනය සදහා මේ වන විටත් කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa


 

Twitter අවධානය payment platform දෙසට.

Twitter ලොව ප්‍රකටතම microblogging company යකි. ඔවුන් පවසන්නේ තමන් තම මූලික භූමිකාවට අමතරව payment platform එකක් ලෙසට ක්‍රියාකාරී වන්නට අවශ්‍ය වෙනස්කම් සූදානම් කරමින් සිටින බවකි. PayPal, Venmo, Apple Pay වැනි සේවාවකට සූදානම් වෙමින් සිටින ඔවුන් United States වලට් අදාලව මේ වන විට licenses ඉල්ලුම් පතක් යොමුකර ඇති බවටයි නිවේදනය වන්නේ.  තොරතුරු ලෝකයේ නව ප්‍රවනතාවයක් වෙමින් ඇති "everything app." සංස්කෘතියට අනූව යමින් සිටින අතර පසුගියදා Twitter users ලා අතර මුදල් හුවමාරුවට පහසුකමක් ගැනද කටයුතු කරන බවට ප්‍රකාශව තිබේ.  Twitter නව හිමිත්වය පවසන්නේ 2028 වන විට $1.3 billion ලාභය ඉලක්කයක් කරා යමින් සිටින බවකි.
Pubudu Siriwansa


 

දුරස්ථ ‍රැකියා මොඩලය.

සමස්ථයක් ලෙසට හදාරන්නන් පෙන්වා දෙන්නේ දුරස්ථ ‍රැකියා  මොඩ්ලය සාපේක්ෂව ඵලදායී බවෙන් වැඩි බවය. කෝරෝනා අභියෝගයේදි මිනිස් සමාජය වෙතට පැමිනි වඩාත්ම ඵලදායී විසඳුම වූ සමාජ දුරස්ථබව විසින් අධිතක්සේරුකරන ලද මොඩලයක්වූ එය අද වන විට ලොවපුරා ආයතනයන් තුල අත්හදා බැලෙන විකල්පයක්ව  තිබේ. උදාහරනයක් ලෙසට US වල Q4 2022 වන විට පූර්ණව දුරස්ථව ‍රැකියාකරන පිරිස සමස්ථයෙන් 13%ක් ලෙසටත්, 58%ක් පුර්ණව ‍රැකියා ස්ථානයක සේවය කරන අය ලෙසටත්, 29%ක් දෙමුහුන් එනම් නිවසේ සිට හා ‍රැකියාස්ථානය  යන දෙකෙහිම විටින් විට ‍රැකියා කරන පිරිස ලෙසටත් ගනනය විනි.ලොව විවිධ පරිසරවලදී කාර්යාලය සදහා ගමනාගමනය වෙනුවෙන් ගත වන වෙලාව සැලකිය යුතු සාධකයක් ලෙසට ගනනය වීමේදී දුරස්ථ ‍රැකියා හොඳ විකල්පයක් වන්නේ කාලය ඉතිරිවීම මෙන්ම නගරවල අනවශ්‍ය තද බදය සදහාද විසඳුමක් ලෙසට විග්‍රහ වන නිසාය. ලොව පුරා සැලකීමේදී ආසන්නව විනාඩි 50-100 අතර කාලයක් තම සේවාස්ථානය වෙතට යාම් ඒම් සදහ වය කරන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ අති බහුතරයක් සාම්ප්‍රධායික කාර්යාල මූලික සේවා ආකෘතිය අගය කරන බවත් මෙන්ම දුරස්ථව සේවා සපයන අයවලුන් හැදෑරීමට අවශ්‍ය තාක්ෂණයන් භාවිතාවට කැමැත්තක් දක්වන බවටත් ඔවුන් වාර්ථාකරමින් සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Windows 11 වෙතින් බලාපොරොත්තුවන වෙනස්කම් කිහිපයක්.

Windows 11 යනු Microsoft මෙහෙයුම් පද්ධති නිකුතූන් අතරින් කැපී පෙනෙන වෙනසක් සටහන් කරමින් සිටින බව අවවාදිතය. එහි පෙනුම, ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ෂාව යන හැම අතින්ම වෙනසක් ගෙනැවිත් ඇති බවට පිලිගැනීමයි. ආරම්භයේ සිටම දෘඩාංග මට්ටමේ සිටම ආරක්ශිත බව තහවුරු කරගන්නට එයට අවශ්‍යවූ අතර වඩ වඩාත් භාවිතා කරන්නන් අතරින් යවමින් වඩාත් නම්‍ය හැඩයකට මෙහෙයුම් පද්ධතිය සුසර කර ගන්නට ඔවුන් කටයුතු කරමින් සිටී. හදාරන්නන් පිරිසක් විසින් Windows 11 වලින් භාවිතාකරන්නන් තවදුරටත් බලා පොරොත්තුවන දියුනු ක්‍රීම්, වෙනස් කිරීම් හා නවාංග පිලිබඳව විමසීමකට කටයුතු කර ඇති අතර පහත දැක්වෙන අදහස් වලට වැඩි පිලිගැනීමක්, එකගවීම එහි වූ බවට ඔවුන් වාර්ථා කර තිබිනි.  ඒවා අතර  light / dark mode  අතර වෙනස් වීම සදහා  ස්වංක්‍රීය බවක් ඉල්ලා සිටීම බොහෝ දෙනාගේ කැමැත්තක්ව තිබෙන බව වාර්ථාවන අතර පැරණි Control Panel එක හා  Settings app අතර  Merge වීමක් බලාපොරොත්තුවීම ද බහුල කැමැත්තක් පලවූ අදහසක්ව තිබිනි. එසේම cumulative updates වලට changelogs නැතිනම් අදාල යාවත්කාලීන පිලිබඳව තොරතුරු මුසුකර තිබීමත් වැදගත් බවට යෝජනා වන අතර එකවර settings කිහිපයක් විවෘතකර තබා ගැනීමේ හැකියාවත් default apps සදහා පැරණි default apps settings section එකද ඉල්ලා සිටින්නට තවත් පිරිසක් කැමතිව තිබෙන බව පෙන්වා දී තිබේ.
Pubudu Siriwansa


 

2023-01-30

Baiduද ChatGPT ආකාරයේ සංකරණයකට.

ChatGPT නම් artificial intelligence (AI) මූලික natural language processing tool එක වැඩි අවධානය දිනා ගන්නට සමත්වන්නේ  conversational manner ලෙසට ප්‍රථිචාරයට සමත්වන වන නිසාය. එයට පිලිතුරු සැලයීමේ මෙන්ම content හා writing code වැනි හැකියාවන් වලද සමත් බව පෙන්වන්නකි. එය දැනටමත් මිලියන ගනනක් භාවිතාව ලබන පසුගිය නොවැම්බරයේ නිකුත්වූවකි. දැනටමත්  Bing search engine වලට එය සංයුත්ත වනන් බවට නිවේදනය වී තිබේ. මේ වන විට Chinese වල ප්‍රකට සෙවුම් දැවැන්තයා වන Baidu ද පවසන්නේ ChatGPT chatbot වල තමන්ගේ සංස්කරනයක් සූදානම් කරන්නට කටයුතු කරමින් සිටින බවකි. එලබෙන මාර්තුවේ නිකුතුවට සූදානම් වන මෙම conversation-style search results ගෙනෙන්නට සමත් නිකුතුවට අමතරව දැනටමත් ඩොලර් මිලියන ගනනක් ආයෝජනය කරමින් AI model එකක් වන Ernie system එකක් සංවර්ධනය කරමින් සිටින බවට වාර්ථාවනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Google සැලසුම් කරන AI මූලික'MusicLM ව්‍යාපෘතිය.

AI ප්‍රමුක ව්‍යාපෘති ප්‍රමුකතාවය වේගයෙන් බහුල වෙමින් තිබේ. මේ වන විට artificial intelligence (AI) මූලිකව generate images  මෙන්ම people write content පිලිබඳව මේ වන විටත් නිවේදනය වී තිබේ. Google පවසන්නේ නව  AI system එකක් ඔස්සේ generate music කිරීමක්  text description පදනම්ව හඳුන්වා දෙන්න තමන් සූදනම් බවයි. ලොව සෙවුම් මෙන්ම වෙළඳ ප්‍රමුකය වන Google විසින් පවසන්නේ තමන් එය 'MusicLM.' ලෙසට නම් කරන බවයි.Google විසින් මෙම වසර සදහා AI මූලික ව්‍යාපෘති 20 පිලිබඳව සැලසුම්ව තිබෙන බවට කියවෙනවා.  ඒ තුල AI-powered ආකාරයේ Google Search සැලසුමක්ද වන බවටයි සැලසුම් වෙන්නේ. MusicLM  ව්‍යාපෘතිය එලබෙන මෑත කාලයතුලදී නිකුතුවට බලාපොරොත්තු නොවන මුත් අත්හදාබැලීම් මට්ටමින් දැනටමත් ඉදිරියට යමින් තිබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

සාර්ථක සෙවුමක් නොව සාර්ථක පිලිතුරක් ගෙනෙන ChatGPT


 Online සෙවුම් කරනයේ Google ආධිපත්‍ය වෙතට Bing තවත් ආකාරයකින් අභියෝග කරන්නට සූදානම් වෙමින් සිටී. එනම් Microsoft විසින් ChatGPT නම් AI tech නැගුම Bing search engine සමග සංයුත්ත කරන්නට ගන්නා පියවර සමගයි. හදාරන්නන් යෝජනා කරන්නේ භාවිතාකරන්නෙකුට තම පරිගණකයේ සෙවුමක් සමග වන ගනුදෙනුව වඩාත් natural හා conversational වීමට කාලය පැමින ඇති බවයි. තවමත් මෙම Bing වල AI-driven search results පිලිබඳ අවසාන චිත්‍රයක් පැමින නැති වුවද ChatGPT පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ එය තොරතුරු සොයන්නෙකුගේ ස්වරූපයට වඩා වැඩි වැඩියෙන් තොරතුරු හදාරමින් හදාරමින් වඩාත් සාර්ථක තොරතුරක් නිර්මාණය කර දෙන්නට සමතෙකු ලෙසටයි. සරලවම පවසන්නේ නම් විශාල ගොණු සංක්‍යාවන් අතරින් වඩාත් සාර්ථකව ඔබේ සෙවීම තෘප්තිමත් කරන සෙවුම් පෙල ගෙනෙනවාට වඩා එය වඩාත් සාර්ථක පිලිතුරු නිර්මාණය කර දෙන්නට කටයුතු කරනු ඇති බවයි බලාපොරොත්තුව වන්නේ.

Pubudu Siriwansa

2023-01-29

ආරක්ෂිත තොරතුරු භාවිතාවකට.

ආරක්ශිත බව අවසන් නොවන අභියෝගයකි. අවදියෙන් සිටීම පලමු හා හොඳම පියවර වනු ඇත. හදාරන්නන් ආරක්ශිත තොරතුරු භාවිතව අභියෝගයට ලක්ව ඇති බව පිලිබඳව බහුල ලක්ෂණ කිහිපයක් යෝජනා කරන්නට කැමති වනු පෙනේ. ඔවුන් මෙසේ පවසයි. ඔබගේ අවසර පදවල යම් වෙනසක් සිදුව ඇත්නම් කල්පනා කාරී වන්න. මක් නිසාද කීලොගර් වැනි උපංක්‍රමයක් ඔස්සේ ඔබගේ අවසර පද ඩැහැගෙන ඇත්නම් ඔවුන් ඒවා අත්හදා බලන්නට පටන් ගැනිම එය විය හැකි බවට යෝජනා කරයි. තවත් විටක Spam ආකාරයේ ඊමේල් ලැබීම වැඩිවී ඇත්නම් එනම් ඔබගේ පෞද්ගලික තොරතුරු විමසන ආකාරයේ ඊමේල් ලැබීම වැඩිවීමක් සිදුවන්නේ නම් කල්පනාකාරී වන්නට යොජනාකරන්නේ එය තොරතුරු සොරා ගැනීමක අවධානය ඔබ වෙතට ලැබී ඇති බවට සලකුනක් විය හැකි නිසාවෙනි. නිරන්තරයෙන් බගේ බැංකු ගිණුමේ තොරතුරු ගැන අවධානයෙන් සිටීම ඔස්සේ එහි අනවසර බැරවීම් පිලිබඳව පරික්ෂා කිරීම වැදගත් බවට යෝජනා කරන්නටද ඔවුන් ප්‍රධාන තැනක් දීමට අමතක නොකරයි. මීට අමතරව පරිගණකයේ වේගය අඩුවීම මෙන්ම බ්‍රවුසරයේ වේගය වෙනසක් වීම පිලිබඳවද නිරන්තර අවධානය වැදගත් වන්නේ පහර දෙන්නේකු විසින් අත්පත් කර ගැනීමක ලක්ෂණ ලෙසටද ඒවා ගත හැකි බැවිනි. ඒසේම POP-UPS පවසමින් ඔවුන් යොජනා කරන්නේ මේවා අස්වාභාවික ලෙස වැඩිවීම ද සාර්ථක පහරදීමක ලක්ෂණ විය හැකි බැවිනි.
Pubudu Siriwansa


 

ඔබගේ digital assets ආරක්ශිතව බහාලනය.

ක්‍රමයෙන් ජීවිතය අවට Digital මය වටිනාකම් ඉහල යමින් තිබේ. අදවන විට සමහර වෘතීන් සම්පූර්නයෙන්ම Digital ආකාරයක් ගනිමින් තිබේ. අධ්‍යාපණයද මීට නොදැවිනි වෙමින් තිබේ. වඩාත් කැපීපෙනෙන අකාරයක් නම් දනික මුදල් භාවිතාවය. දෛනික ජීවිතය අවට ඇති සියළුම ආකාරවලදී Digital ආකාරගත් ගනුදෙනු ඔස්සේ අවසන් කරන්නට අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකුට පවා සුලු දෙයකි. Digital Vault ව භාවිතයට එන්නේ මේ පරිසරය තුලය. කොරෝනාසමය තුලද අධිත්වරනයකින් භාවිතාවට පැමිනි සීමිත දෑ අතර Digital Vault ඉහලින්ම වන බව හදාරන්නන් පෙන්වා දෙමින් සිටී. අද වන විට සියළුම බැංකු විසින් ගනුදෙනු කරවන්ගේ සියළුම පාහේ සම්බන්ඳතා සදහා තම ආයතනයෙන් නිකුත් කරන යම් ආකාරයක Digita ස්වරූපයක් ලබා දෙන්නට කටයුතු කරනු පෙනේ. ඉහලම මට්ටමේ ආරක්ශිත බවකින් නිමවන Digital Vaultව භාවිතාවේදීද ඉතා සැලකිලිමත් වීම වැදගත්ම වන අතර හුඳු මුදල් මය වටිනාකම් සේම භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික ගොනුද පහසු මෙන්ම සුරක්ෂිත ආකාරයෙන් හසුරවන්නට සහය විම මේ ඔස්සේ සිදුවේ. හදාරන්නන් පවසන්නේ බ Digital Vault ‍ටුවක් තොරගැනීමේදී අදාල සේවාය සපයන ආයතනය පිලිබඳවද ඉතා නිවැරදි අවබෝධයකින් හා වගකීමකින් කල යුතුව ඇතිවා සේම එය ‍රැගෙන විත් ඇති ආරක්ශාකාරී පියවරයන් ගැන පැහැදිලිව තේරුම් ගෙන ඒවා සංක්‍රියව තබා ගැනීම ඉතා වැදගත් වේ. අනවසර එබී බලන්නන් නොහෝත් Hackers  ලාගේ පහසු මෙන්ම සුලබ ඉලක්කයක් විය හැකි නිසාම පොඳුවේ මෙන්ම එම ආයතනයන් සපයන උපදෙස් පිලිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ. 
Pubudu Siriwansa


 

උපාංගයෙන් පෞද්ගලිකත්වය ඉවත්කරමු.

ඔබේ තොරතුරු උපාංගය ඔබේ භාවිතාව ගැන බොහෝ තොරතුරු ගබඩා කරගෙන සිටී. සරලව මෙන්ම සංකීර්න ලෙසට මෙම ගබඩාවීම සිදුවේ. හදාරන්නන් මේ නිසාම ඔබේ පෞද්ගලිකත්වය උපාංගයෙන් ඉවත්කීර්ම සරලකාරනයක්ලෙසට නොසලකන බව පෙනේ. ඔවුන් යම් විටක ඔබේ උපාංගය ඔබගේ භවිතාවෙන් ඉවත්කරන විට ගත යුතු පියවරවල් කිහිපයක් යෝජනා කරයි. ඒවා අතර recently opened files  පිලිබඳ තොරතුරු මකා දැමීම ගැන, ඔබ විසින් දැනටමත් මකා දමා ඇති තොරතුරු නැවත ලබා ගන්නට නොහැකි වන සේ ඒවා මත Overwrite කිරීම, Windows registry වල වන තොරතුරු traces කිරීමේ හැකියාව ඉවත් කිරීම, අත්‍යාවශ්‍ය නොවන tracking cookies මකා දැමීම, බ්‍රවුසරයේ වන browsing history එක මකා දැමීම , ඉතා වැදගත් වන stored passwords මකා දැමීමත් online forms වලට සූදානම් info මකා දැමීමත්, ඔබගේ පෞද්ගලික තොරතුරු අඩංගු iles / folders  මකා දැමීමත් වේ. මෙම කාරනාවන් සදහා ඔබට සූදානම් මෘදුකාංග වන අතර නැතිනම් එකින් එක සදහා ඔබටම කටයුතු කරන්නට හැකි වනු ඇත,
Pubudu Siriwansa


 

2023-01-28

Chrome වල incognito mode සදහා biometric authentication පැමිනේ.

Browsers භාවිතාවේදී වඩාත් පෞද්ගලිකත්වය සුරකින බව බොහෝ භාවිතාකරන්නන් හට වැදගත් අවශ්‍යතාවයකි. Google Chrome සදහා මෙම හැකියාව ගෙනෙන්නේ incognito browsing සංක්‍රිය කිරීමෙනි. Google පවසන්නේ මෙම ආරක්ශිත බව තවත් ඉහල නංවන්නට අවශ්‍ය සහයක් තමන් සූදානම්කර ඇති බවයි. August 2021වල සිට අත්හදා බැලුනු මෙම biometric authentication මට්ටමේ තහවුරුවකින් සුරක්ශිත කිරීම stable build එකක් ලෙසට Data Privacy Day (January 28) සිට සියළුම භාවිතා කරන්නන් සදහා මුදා හරින්නට සූදානම් බව නිවේදනය කරන ඔවුන් පැහැදිලි කරන්නේ මෙම feature එක default මට්ටමින් disabled ව පැමිනෙන බවයි. ඔබගේ  phone එකේ මෙම feature එක activate කර ගැනීම සදහා chrome://flags/#incognito-reauthentication-for-android > enabling the flag > Restart ඔස්සේ හැකිවනු ඇත.
Pubudu Siriwansa


 

ඔබගේ තොරතුරු උපාංග හුවමාරුව සුරක්ෂිතව සිදුකරන්න.

නව තොරතුරු උපාංග අලවිය ලොවපුරා පසුබෑමක ඇති බව හදාරන්නන් පෙන්වා දෙමින් ඇත. එනමුත් භාවිතාව ද ඉහල යමින් තිබීම අප අවට පරිසරය නැවත නැවත පෙන්වා දෙමින් ඇත. භාවිතාකල තොරතුරු උපාංග නැවත නැවත භාවිතයට පැමිනීමේ මේ වන විට ඉහල යමින් තිබේ. පලමු භාවිතාකරන්නාගෙන් දෙවන භාවිතාකරන්නා වෙතට උපාංගය හුවමාරුවන විට අමතක නොකලම යුතු වැදගත් කාරනයක් වන්නේ එහි වන සිම් පත, අමතර මතක පත් ඉවත්කර ගත් පමනින් ඔබගේ උපාංගය මත ඉතිරිව ඇති අතීත තොරතුරු සුරක්ෂිත නොවීමය. හදාරන්නන් උපදෙස් දෙන්නේ සංකීර්ණ භාවිතාවක් ඇති අද වැනි කාලයක තාවකාලික පිලිසකරයක සිට නන්නාදුනන තවකෙකු වෙතට එම උපාංග විකුනා දමන දක්වා වූ හැම අවස්ථාවකදීම ඉතා කල්පනා කාරී විය යුත්තේ පෙර කී භෞතිඅක් අමතර උපාංග ඉවත්කර ගත් පමනින් ඔබගේ තොරතුරු වසන් නොවන්නේ එම උආංග මත තවදිරටත් ඒවා තැම්පත්ව තිබීම මෙන්ම සමහර විටක සරල මකා දැමීම් ඔස්සේ ඉහත තාක්ෂණික උපංක්‍රම සමග ඒවා නැවත අත්පත් කරගන්නට හැකි වන අවස්ථා සියල්ල අවසන් නොවන බැවිනි.
Pubudu Siriwansa


 

2013 න් පසුව smartphone shipments වල දරුනුතම බිඳවැටීමක්.

හදාරන්නන් පෙන්වා  දෙන්නේ ලොව smartphone නිකුතුව 2013 පසුව වාර්ථා කරන අඩුම සංක්‍යාත්මක අගය වාර්ථාකරමින් තිබෙන බවයි. උදාහරනයක් ලෙසට  Apple ආයතනය 2021 හතර වන කාර්තුවේදී 85 million වාර්ථාකලද 2022 වල හතරවන කාර්තුවේදී 72.3 million ලෙසට නිකුතූන් අඩුවීමක්ද Samsung ආයතනය 58.2 million වාර්ථාකරමින් 2021 හා සැසදීමේදී 11 million අඩුවීමක් වාර්ථා කරමින් සිටින බවතොවුන් පෙන්වා දෙමින් ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ ලොවපුරා පැතිරෙමින් ඇති උද්ධමනයත් ආර්ථික අවිනිශ්චිතතාවයත් තත්වය බැරෑරුම් කරමින් සිටිනවා විය යුතුය යන්නයි. එසේම 2023 අවසාන වන තෙක් මෙම තත්වය පවතිනු ඇති බවටයි ඔවුන් අනාවැකි පලකරමින් සිටින්නේ.
Pubudu Siriwansa


 

2023-01-27

Norton වෙතින් passwords වෙනස් කරගන්නට උපදෙස්.

Norto ආයතනය ආසන්නව තම සේවා ලබන්නන් 925,000කට email ඔස්සේ උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් තම ආයතනයට සම්බන්ඳ Email හාPassword වෙනස් කරගන්නට කටයුතු කරන ලෙසයි. ඔවුන් පවසන්නේ තමන් විස්වාස කරන්නේ තෙවන පාර්ශවයක් main Norton account වල මෙන්ම Norton  Password Managerවල අවසර පදයන් හා ඊමේල අත්පත් කර ගන්නට සමත්ව තිබෙන බවයි. Norton පැහැදිලි කරන්නේ 12 December සිට අස්වාභාවික ලෙසට logins උත්සාහයන් ප්‍රමානයක් දක්නට ලැබුන බවත් පසුව “unauthorised third party”  විසින් dark web ඔස්සේ ලබා ගත් තොරතුරු හරහා ගිනුම් පරිහරනයට උත්සාහ කරමින් සිටින බව තහවුරු වූ බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ “quickly reset” එකක් ඔස්සේ ගිණුම් ආරක්ශාවට කටයුතු කලද පහර දෙන්නන් අතට පත්ව ඇති තොරතුරු ඔස්සේ ගිණුම් වලට පිවිසෙන්නට ඇති අවස්ථාව සලකා අදාල වන සියළුම ගිණුම් වල අවසර පද වෙනස් කිරීම වැදගත් වනු ඇති බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Artificial Intelligence අපව පසු කරනු ඇත.

සමාජජාලා යුගය අවසන් වෙමින් ඇත. පිවිසෙමින් ඇත්තේ AI නොහොත් artificial intelligence යුගය වෙතටය. දැනටමත් අපගේ මොබයිල්  දුරකථනයේ සිට ඉහලට AI බව පිවිසෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ එය වඩාත් වෙනස් වන්නට නියමිත වන්නේ මිනිස් වර්ගයාගේ උපරිමය එය විසින් අත්පත් කර ගන්නට ආරම්භව ඇති නිසාය. ඔවුන් යෝජනා කරන්නේ නෛතික රාමු මෙන්ම සමාජ කථිකා පැමිනීම වැදගත් වන්නේ අප සිතනවාට වඩා වේගයෙන් AI අවකාශය අපව අත්පත් කරගන්නට නියමිත බැවිනි. හදාරන්නන් අවධාරනය කරන්නේ OpenAI වැනි විසල් හැදෑරීම්, අත්පත්කර ගැනීම් ඔස්සේ මිනිස් සංකීර්ණතා සරල වීම නිමේශයක් වන්නට වැඩි කලක් ගත නොවන බැවිනි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Windows 11 22H2 වලට forced rollout ඇරබේ.

Microsoft ආයතනය තම Windows 11 21H2 භාවිතාවන් සදහා Windows 11 22H2 සංස්කරණය forced rollout එකක් ලෙසට නිකුත්කිරීම ආරම්භ කර ඇති බවට වාර්ථා වෙනවා. Windows 11 21H2 සංස්කරනය සදහා end-of-support (EOS) වීමක් මේ වන විටත් October 10, 2023 දිනට නියමිතව තිබෙනවා. සාමාන්‍ය යෙන් මෙම EOS වලින් පසුව latest updates, security updates improvements සහිත යාවත්කාලීන නොලැබිම සිදුවේ. ආයතනය පවසන්නේ සුදුසුකම් ඇති windows 11 පරිගණක සදහා මෙම Windows 11 22H2 පැමිනීම Windows Update ඔස්සේ සිදුවන්නට නියමිත බවයි. ආයතනය පවසන්නේ මෙම උස්තල ගැන්වීම automatic updates ඔස්සේ සිදුවීම ක්‍රමයෙන් වන්නට නියමිත වුවද අවශ්‍ය අයෙකුට Windows Update settings වලට පිවිස  Check for updates වලට ගොස් Download and install ඔස්සේද ලබා ගන්නට හැකි වනු ඇති බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

VPN නොහෝත් virtual private network එකක්.

ආරක්ශිත වෙබ් සැරියකට VPN පැහැදිලි පදහමක් ගෙනෙන බව හදාරන්නන් පවසයි. ඔවුන් පැහැදිලි කරන්නේ අනවශ්‍ය ලෙසට ඔබ වෙතට එන online ආකාරයේ access එය වලකන බවයි. නැතිනම් ඔබගේ device එකේ අනන්‍යතාවය එය සගවන්නට  හා සැබෑ අනන්‍යතාය හඳුනා ගැනීම ඔස්සේ පහර දෙන්නේකුට ඔබගේ උපාංගය වෙතට පිවිසෙන්නට අවස්ථාව එය නැති කරන බව එම පැහැදිලි කිරීමයි. බොහොමයක් VPN services වලින් ලබා දෙන free trials ඔස්සේ ඔබට වඩාත් අදාල වන YPN එක තොරා ගැනීම සුදුසු වනු ඇත. අද වන විට ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතනයන් පවා තම මෙහෙයුම් පද්ධතිවලට සංයුත්තව VPN එවන්නට කටයුතු කරමින් සිටීම භාවිතාකරන්නන් හට මහත් පහසුවක් ගෙනෙනු ඇත. Free VPN ඕග හැරීම වැදගත් බවත් හදාරන්නන් පවසන්නේ එම සේවාවන් පවත්වාගෙන යාම සදහා නම් ඔවුනට ඔබගේ තොරතුරු සමග යමක් කරන්නට සිදුවනවා නිසා විය යුතුය. 
   හදාරන්නන් ඔබට වඩාත් යෝග්‍ය VPN එකක් තොරා ගැනීමේදී සලකා බලන්නට සාධක කිහිපයක් යෝජනා කරයි. ඒවා අතර එම VPN සේවාව සහය දක්වන device ප්‍රමානය වැදගත් වන්නේ අද වන විට එක භාවිතාකටන්නෙකු වටා බොහෝ විට එක උපාංගයකට වඩා වන නිසා මෙන්ම නිවසක එක් උපාංගයකයට වඩා භාවිතාවීම සාමාන්‍ය කාරනාවක් නිසාය. Speed එක වැදගත් වන්නේ ඔබ සහ ඔබගේ Online ගනුදෙනුව කරන සැබෑ server එක අතරට පැමිනෙන නැතිනම් ඔබ ඒසදහා තොරා ගන්නා VPN සර්වවරය  යන තාක්ෂණික සාධකයන් මෙහිදී බලපාන නිසා වෙනි. බොහෝ විට අද වන විට ඔබගේ VPN සේවාව ඔබට වඩාත් සුදුසු සර්වය තොරා දෙන්නට හෝ ඔබට ‍තෝරා ගන්නට ඉඩ දෙනු ඇත. හදාරන්නන් පැහැදිලි කරන්නේ VPN Location එක වැදගත් වන්නේ එය පිහිටි රටේ නීතින් වලට එය යටත් නිසා වෙනි. ඔවුන් බොහෝ විට Switzerland, Panama, British Virgin Islands වැනි තේරීම් යෝජනා කරන්නේ ඒ නිසා විය යුතුය.

Pubudu Siriwansa 

 

Windows 11 සදහා non-security cumulative update එකක්.

Microsoft සමාගම තම Windows 11 සදහා නව optional non-security cumulative update එකක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එය Windows 11 22H2 සංස්කරනය build 22621.1194 දක්වා ඉහල නංවන්නට නියමිතයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නිකුතුව දැනට හඳුනාගෙන ඇති ගැටළු කිහිපයක්ම සදහා පිලිසකර ‍රැගෙන විත් ඇති බවයි. ඒවා අතර searchindexer.exe ඇතුළු කිහිපයක්ම වනවා.
Pubudu Siriwansa

2023-01-26

IBM ද තම ශ්‍රම බලකාය අවම කිරිමක.

IBMද පවසන්නේ තම ශ්‍රම බලකායෙන් 1.5%ක් අවම කරන්නට තමන් කටයුතු කරන බවකි. ලොව පුරා නෙක තොරතුරු තාක්ෂණ ආයතනයන් අතර ‍රැල්ලක් ලෙසට පැතිරයමින් පවතින මෙම තත්වය ට අනූව IBM වෙතින් ඉවත්කරන්නට බලාපොරොත්තුවන පිරිස 3,900 ලෙසටයි ආසන්නව ගනනය වෙන්නේ. ආයතනයේ තීරනාත්මක කොටස් කිහිපයක් 2021 වන විට ආයතනයෙන් ඉවත් කෙරෙනු අතර ඉවත්ව යන්නන්හට දිරි දීමනා ලබදීම එවකට සිටම ආරම්භ වූ බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ වන විට Twitter, Meta, Microsoft, Amazon,  Google,  Spotify  ආදී ආයතනයන් තම ශ්‍රමබලකාය අවම කරන්නට කටයුතු කරමින් සිටින අතර එයින් බොහෝ නව ආයතනයන් නිවේදනය කර සිටියේ "higher-growth" අංශ සදහා  hire කරන්නට තමන් තීර්නය කර ඇති බවකි.
Pubudu Siriwansa


 

Microsoft services බිඳ වැටීම අවසානයි.

Microsoft සමාගම නිවේදනය කරන්නේ තම Outlook / Teams ප්‍රමුක සේවාවන් සමග භාවිතාකරන්නන් අත්විඳිමින් තිබූ බිඳවැටීම පිලිසකර කරන්නට තමන් සමත්වූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ "Wide Area Network" ආශ්‍රිත ගැටළුවක් වූ බවත් මේ වන විට stable මට්ටමින් එම සවාවන් පවතින බවත්ය. Xbox Live, Azure වැනි සේවාවන් ද ඇතුළු භාවිතාකරන්නන් දහස් ගනනකින් පැමිනිලි ලැබුනු බවයි. ආයතනික මට්ටමින්ද තමන් පත්වු අපහසුතාවය පලව තිබෙනු දක්නට ලැබිනි. Microsoft Teams සේවාව ලොවපුරා 280 million භාවිතාවක් ලබන අතර Azure වැනි සේවාවක් ලොව පුර ප්‍රධාන පෙලේ ආයතනයන් රාශියක් තම storage හා extra processing power ලබා ගන්නට භාවිතාකරමින් සිටිනවා. 
Pubudu Siriwansa


 

Coca-Cola Phone එක.

ලොව ප්‍රකට සමාගමක් වන Coca-Cola වෙතින් එන්නට නියමිත Coca-Cola Branded Smartphone නිකුතුව ගැන මේ වන විට කථා බහ නිර්මාණය වෙමින් තිබෙනවා. දැනට හෙලිවන තොරතුරු පැහැදිලි කරන්නේ Realme 10 4G වලට සාමාන නිකුතුවක් වන්නට මෙය බොහෝ දුරට ඉඩ ඇති බවකි. දැනට උපකල්පනය වෙමින් ඇත්තේ Coca-Cola style වලට සමාන gradient පෙනුමක් හා cameras දෙකකින් හා LED flash.එකකින් සමන්විතව red accents පෙනුමකින් යුතුව Coco-Cola හුරුව ප්‍රකට කරවන නිකුතුවක් වනු ඇති බවකි. India මෙම නිකුතුව නුදෙරේදීම සිදුවනු ඇති බවයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa


 

India සදහා Android සීමා ලිහිල් වේ.

ලොව ප්‍රධානතම Mobile මෙහෙයුම් පද්ධතිය වන Android වලට වඩාත් නම්‍යතා ගෙනෙන්නට Gppgle සමාගම India සදහා එකග වේ. මේ අනූව  Android වල licensing rules සදහා ගෙනෙන මෙම වෙනස්කම් ඔස්සේ භාවිතාකරන්නන් මෙන්ම OEMලාටද වැඩි නිදහසක් ගෙනෙන බවට බලාපොරොත්තු පලවෙමින් තිබේ. මෙම වෙනස් කම් අතර OEM මට්ටමින් pre-installation ලෙසට තම apps ගෙනෙන්නට වැඩි හැකියාවක්, භාවිතාකරන්නන් හට default search engine තොරාගැනීමේ හැකියාවක්, විකල්ප billing system එකක් ඔස්සේ apps සමග කටයුතු කරන්න අවස්ථාව, මෙන්ම සංවර්ධකයන්ගේ වෙබ් අඩවි ඔස්සේ apps මෙන්ම යාවත්කාලීනයන් ලබා ගැනීමේ අවස්ථාව වැනි වෙනස්කම්, වැඩි නම්‍යතා ගෙනෙන්නට කටයුතු කරමින් සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ භාවිතාකරන්නන් විසින් අනතුරු  බවේ වගකීමට යටත්ව (security risks) third-party app stores වලින් updates automatically හැකියාව මෙන්ම නව උපාංගයේ initial setup වලදී default search engine තොරා ගැනීමේ හැකියාව කැපී පෙනෙමින් තිබෙනවා. EU වලද මෙවැනි ප්‍රවනතාවයක් සිදුවෙමින් ඇති අතර ලොවපුරා මෙම නව ප්‍රවනතාවලට අවධානය යොමුවෙමින් තිබෙන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa


 

Donald Trump සදහා වූ Meta අත්හිටවීම ඉවතට.

Meta විසින් පසුගිය January 6, 2021 වල සිදුවූ Capitol building ගැටළුවෙන් පසුව අත්හිටවා තිබූ හිටපු ජනාධිපති Donald Trump ගේ Facebook සහ Instagram  ගිනුම් නැවත පිහිටවන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථා වනවා. එම සිදුවීමෙන් පසුව පුරා දෑවසරක් එම ගිණුම් අත්හිටවන්නට ඔවුන් කටයුතු කරන ලද්දේ public safety පදනම යටතේ වන අතර මේ වන් විට Meta වලට ආවේනික "new guardrails" මෙන්ම Facebook සහ Instagram වලට අදාලව වෙනම Community Standards වලට යටත්ව මෙම අවකාශ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නැවත ගැටළුකාරී බවක් පැන නැගුන හොත් යලිත් සාමාන්‍ය පරිදි මාසයක සිට දෑඅවුරුද්දක් වන කාලයක් දක්වා සිදුවන violation වලට අදාලව අත්හිටවීමකට මුහුන දෙන්නට සිදුවන බවටයි ප්‍රකාශ වන්නේ. කෙසේ වෙතත් Meta වල මෙම අත්හිටවීම ගැන සමාජය මත විරෝධතාද නිර්මාණය විය.
Pubudu Siriwansa


 

2023-01-25

4Q'22, වල වඩාත් phished brand එක Yahoo වේ.

ප්‍රකට හැදෑරුම් ආයතනයක් පවසන්නේ 2022 අවසාන කාර්තුව සැලකීමේදී වඩාත් phishing attacks සදහා භාවිතාවූ වෙළඳ නාමය ලෙසට Yahoo තමන්ට ගනනය වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමස්ථ brand phishing attempts වලින් 20%ක්ම පමන YAHOO AWARD, Award Promotion, Award Center, info winning, Award Winning වැනි මාතෘකා යටතේ පැමිනි malicious phishing emails  ඔස්සේ ලබන්නා හට දස දහස් ගනනින් ඩොලර් ගෙනෙන්නටසූදානම් බව හගවන්නන් වූ බවයි. DHL දෙවන තැනට පත්වන්නේ 16% ක හිමිත්වයක් සමග වන අතර Microsoft තෙවන තැනට පත්වෙන්නේ 11% ක් සටහන් කරමින් බවට පවසනවා. මෙම phishing attacks ඔස්සේ භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු මෙන්ම බැංකු තොරතුරු ලබා ගන්නට කටයුතු කර ඇති අතර තවත් විටක opening links ඔස්සේ  malware බාගත වීම වලට කටයුතු කර ඇති බවටත් වැඩි දුරටත් පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa


 

Windows 10 - 11 ගැටළුව ට ඉක්මන් පිලිසකර.

Microsoft නැවතත් මතක් කර සිටින්නේ Windows 10 and 11 (versions  20H2 - 22H2) සංස්කරන වලදී Start menu, Windows Search, UWP apps වලදී අත්විඳිමින් ඇති ගැටළු වලට හේතුවක් ලෙසට registry keys හෝ data බලපාමින් ඇති බවට තමන් හඳුනා ගෙන සිටින බවත් පිලිසකර සදහා කඩිනමින් සූදානම් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Windows apps, Microsoft Office, Microsoft Outlook, or Microsoft Calendar ආදී භාවිතාවන්ගෙන් හැකි විටක  දුරස්ථව සිටීම සුදුසු බව හා Windows System Restore point ඔස්සේද ගැටළුව විස‍ඳෙන බව තහවුරු නොවෙමින් ඇති බවයි.
Pubudu Siriwansa


 

Android 14 වලදී outdated apps නැත.

Android 14 ක්‍රමයෙන් අවධානය යොමුවෙමින් ඇති මාතෘකාවකි. හදාරන්නන් පවසන්නේ Android 14 බොහෝ දුරට outdated apps සමග සුහද තාවයක් නොවනු ඇති බවයි. ඔවුන් යෝහනා කරන්නේ Google වලට app installation වලදී දැනට වඩා ආරක්ශිත වන්නට අවශ්‍යවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google Play වලින් පවා apps ස්ථාපනයේදී API requirements පිලිබඳව දැනට වඩා සංවේධීව කටයුතු කරන්නට සිදුවනු ඇති බවයි. ඔවුන් යෝජනා කරන්නේ  sideloading වලදී පවා දැඩි පාලනයක් එලබේ Android සංස්කරනයේ සිට පැමිනෙනු ඇති බවයි.
Pubudu Siriwansa


 

2023-01-24

Microsoft Edge Split Screen හැකියාව.

Microsoft සමාගම තම Edge බ්‍රවුසරය මත නවාංගයක් තබන්නට කටයුතු කරමින් සිටිනවා. තවමත්  Canary Channel මට්ටමේ ඇති මෙම අංගය "Microsoft Edge Split Screen"  ලෙසට නම්ව enable කරගන්නට හැකි මට්ටමින් පැමින තිබෙනවා.මෙහිදී browser window ව side-by-side ලෙසට බෙදා වෙනස් two pages එය මතට ගෙනෙන්නට හැකිවනවා. දැනටමත් Edge windows කිහිපයක් ඔස්සේ වෙබ් පේජ් කිහිපයක් සමග සමාන්තරව කටයුතු කරන්නට හැකි වුවද Edge Split Screen ඔස්සේ වඩාත් ප්‍රායෝගික පහසුවක් වනු ඇත. දැනටමත් Microsoft සමාගම  Edge Sidebar  ආදී භාවිතාවන් ගෙනෙමින් තම නවත බ්‍රවුසරය වඩාත් ආකර්ශනීය කරන්නට කටයුතු කරමින් සීනවා.
Pubudu Siriwansa  -  www.Avissawella.Com


 

Meta ක්‍රමයෙන් encryption වෙතට.

Meta පවසන්නේ තොරා ගත් Messenger conversations සදහා end-to-end encrypted  බව භාවිතාවීම සිදුවනු ඇති බවයි. නව features කිහිපයක් එනම් chat themes, custom chat emojis / reactions, group profile photos, link previews, active status, Android bubbles වන අතර testing, මට්ටමින් end-to-end encrypted බව සිදුවන බවත් ඉදිරි මාස කිහිපය තුලදී ලොවපුරා භාවිතාකරන්නන් මිලියන ගනනක් වෙතට එය ක්‍රමයෙන් මුදා හරිනු ඇති බවයි.
Pubudu Siriwansa  -  Pubudu Siriwansa


 

iOS 16.3 නිකුත්වේ.

Apple වෙතින්  iOS 16  සඳහා නව feature update එකක් ලෙසට Version 16.3  මේ වන විට නිකුත්ව තිබෙනවා. ආයතනය පවසන්නේ bug fixes කිහිපයක්ම සමග new HomePod සහය,  physical FIDO keys(Apple ID)  මෙන්ම නව Unity wallpaper ඇතුල නවාංග මෙනම් දියුනු කිරීම් රාශියක් නව නිකුතුව ‍රැගෙන විත් ඇති බවයි. කෙසේ වෙතත් ආයතනය පැහැදිලි කරන්නේ සියළුම අංග සියළුම ප්‍රදේශ මෙනම iPhone සදහා වලංගු නොවිය හැකි බවයි. මෙම නව සංකරණය සදහා Settings > General > Software Update ඔස්සේ පිවිසෙන්නට හැකි වනු ඇත. iOS 16.3 සදහා සහය දක්වන iPhones සංස්කරන පහත දැක්වේ.
iPhone 8 and 8 Plus
iPhone X
iPhone XS, XS Max, and XR
iPhone 11, 11 Pro, and 11 Pro Max
iPhone SE 2020, SE 2022
iPhone 12, 12 mini, 12 Pro, and 12 Pro Max
iPhone 13, 13 mini, 13 Pro, and 13 Pro Max
iPhone 14, 14 Plus, 14 Pro, and 14 Pro Max
Pubudu Siriwansa - Abissawella.Com


 

2023-01-23

Cybercriminals අවධානය OneNote වෙතට.

කලක සිට  cybercriminals තම හානිකර පතුරවන්නට භාවිතාකල ක්‍රම වේදයක් වූවේ Office applications වල macro feature එක සංක්‍රියකරවා ගැනීමයි. මෙහිදී ඔවුන් කරනු ලැබුවේ Word / Excel වැනි ගොනු වලට malicious macro code එකක් inject කර අදාල ගොනු නියමිත පරිදි සංක්‍රීය කර ගැනීම සදහා macros හැකියාව සංක්‍රියකරව අගෙන ඒ ඔස්සේ අදාල PC එක ආසාධනයට මග පාදා ගැනීමයි. Microsoft සමාගම මේ සදහා ගත් පියවර වූවේ default මට්ටමින්  Office වල macros අක්‍රියකර තබන්නට කටයුතු කලහ. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට පහර දෙන්නන් තවත් බහුල භාවිතයක් ඇති app එකක් වන OneNote භාවිතයට කටයුතු කරමින් සිටින බවයි. මෙහිදී ඔවුන් OneNote  ගොනුවක් යවනු ලබන්නේ malicious VBS ක්ද සම්බඳ කර වන අතර ගොනුවට ලබා ගන්නා double-clicked එකක් හරහා malware වක් බාගතවී ස්ථාපනයට කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී භාවිතාකරන්නා වෙතට ලැබෙන "Double click to view file" ආරාධනාව සහිත box  එක ඔස්සේ සංක්‍රිය වන්නට පෙර ලැබෙන OneNote වල warning එක නොසකලා හරින්නට බොහෝ භාවිතාකරන්නන් පෙලබෙන බවටයි වාර්ථා වන්නේ. පොදුවේ ලැබෙන උපදෙස වන්නේ unsolicited emails විවෘත නොකරන්නටත් antivirus software ව හොඳ මට්ටමකින් තබා ගන්නටත්  කටයුතු කරන ලෙසටයි.
Pubudu Siriwansa  -  Avissawella.Com


 

2023-01-21

Google Search Ads ගැන කල්පනාකාරී වන්න.

Web browser මෘදුකාංගය යනු නිරන්තර ඉලක්ක වන මෘදුකාංගයකි. හදාරන්නන් නිරන්තරයෙන් පවසන්නේ Malware නැතිනම් viruses පතුරවන්නන් සදහා මේ ඉතා සංවේධී භාවිතාවක් ගෙනෙන මෘදුකාංගය හොඳ අවස්ථාවක් වන බැවින් එය නිරන්තරයෙන් යාවත්කාලීනව හා අමතර ආරක්ශාවන් සංක්‍රියකර මෙන්ම අනවශ්‍ය මෘදුකාංග කොටස් උදාහරණයක් ලෙස Browser extensions, plug-ins, add-ons ආදිය ස්ථාපනය මෙන්ම පවත්වාගෙන යාමේදී සැලකිලිමත් වීම වැදගත් පියවරක් බවයි.
   හදාරන්නන් පවසන්නේ Google Search ads ඔස්සේ හානිය එවීම පිලිබඳව මෑතකාලයේ දක්නට ලැබුනු තවත් ප්‍රවනතාවයක් බවයි. ප්‍රකට හා බහුල භාවිතාවක් ලබන වෙබ් අඩවි හා සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කර ඒවා හරහා මෙම හානිකර ඉලක්ක වෙතට එවන්නට ඔවුන් කටයුතු කරන අතර මෙම වෙබ් අඩවි වලට Google Search ads අවස්ථාව ලබා ගනිමින් පහසුවෙන් භාවිතාකරන්නන් නොමග යවන්නට ඔවුන් කටයුතු කර අවස්ථා බොහොමයක් බව පෙන්වා දේ. හදාරන්නන් උපදෙස් දෙන්නේ මෘදුකාංග බාගත කිරිමක් සදහා අදාල developer වෙබ් අඩවිය වෙත්ට පිවිසීම හොඳම භාවිතාව බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

AI විසින් ‍රැකියා අවස්ථා 20% හිමිකරගනු ඇත.

Microsoft විසින් ChatGPT සදහා $10 billion ආයෝජනයක් කල බවටයි වාර්ථා වූවේ. එසේම ChatGPT නිර්වචනය වුවේ තීරනාත්මක artificial intelligence chatbot හැකියාවක් ලෙසටටය. එයට poems, screenplays, take exams,  simulate entire chat rooms වැනි හැකියා වලින් සමන්විතය. AI සම්බඳිත හදාරන්නන් නිගමනය කරන්නේ workforce වලින් 20%ක් පමන replace කරන්නට සමන්විත වනු ඇති බවයි. ඔවුන් තත්වය පැහැදිලි කරන්නට කැමති වන්නේ නව technological revolution එකක් ලෙසටය. බොහෝ ප්‍රධාන ආයතනයන් මේ වන විටත් ස්වංක්‍රීය කරන ලද ‘human’ jobs සදහා අවධානය  යොමුකරමින් සිටින අතර ඔවුන් පැහැදිලි කරන්නේ පුහුනු වෛද්‍යවරයෙකු සේම AI doctor කෙනෙකුට  illnesses  එකක් identify කරන්නට සමත්වන බවකි. කෙසේ නමුත් තවමත් හදාරන්නන්ගේ අදහස වන්නේ creative professionals ලා හට මෙම නව ප්‍රවනතාවයන් තම Tool එකක් පමනක් කරගන්නට හැකි වනු ඇති බවකි.
Pubudu Siriwansa  - www.Pariganakaya.Tech


 

සයිබර් අපරාධ ආදායමත් පහලට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ සයිබර් සේවාවල් වලට පමනක් නොව සයිබර් අපරාධ කරුවන්ගේද ආදායම් බිඳ වැටීම සිදුවෙමින් පවතින බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ  ගොදුරුවන්නන් ransoms සදහා ගෙවීම් ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ අපරාධකරුවන්ගේ ඉපැයීම්ද 40%කින් පහලට පැමින ඇති බවයි.  Cryptocurrency සම්බන්දිත හදාරන්නන් පෙන්වා දෙන්නේ පෙර කාලයේ මෙන් ආසාධිත වන්නන් ගෙවීම් ඔස්සේ තම ගැටළුව විසඳා ගන්නට කැමති නොවීම වසරින් වසර ඉහල යමින් ඇති බවක් පෙන්වන බවයි. ලොවපුරා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනයන්  මෙන්ම පුදගලයන් දෛනිකව ransomware hackers ආක්‍රමන වලට ලක්වන අතර අනවසරව ලබා ගන්නා දත්ත ආපසු ලබා දෙන්නට මෙන්ම ප්‍රසිද්ධ නොකර සිටින්නට බොහෝ විට Bitcoin වැනි ආකාරවලට මුදල් ඉල්ලා සිටින මෙහිදී සිදුවේ. 2020දී  ransoms  ඉල්ලීම් වලින් 70%ක් ගෙවීම් සදහා ඉදිරිපත් වුවද 2022 වන විට එය 41% දක්වා අඩුව තිබෙන බවක් පෙන්නුම් කරන  බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් unique ransomware පහර දීම් 2022 වන විට ඉහල යාමක් මෙන්ම 2022 මුල් භාගයේදී පමනක් malicious software හඳුනා ගැනීම් 10,000 ආසන්නව වාර්ථා වන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

සමහර MSI motherboards වල Secure Boot සහය නැත.

Windows 11 වල නිකුතුවේදීම වැඩි අවධානය යොමුකල කාරනයක් ලෙසට Microsoft ඉස්මතුකර සිටියේ Secure Boot බවට හිත කර බවය. ඒ සදහා අවශ්‍ය system requirement ඔවුන් නිල ලෙසට ආරභයේදීම ප්‍රකාශයට පත්කර තිබිනි. මෙම Secure Boot වලදී බලාපොරොත්තුව වූවේ malicious software වලකා ගැනීමයි. මෙහිදී වන්නේ Windows boot ක්‍රියාවලියේදී භාවිතාවන files වල signed drivers ආදී verification පෙරීමක් සිදුවීමයි. හදාරන්නෙකු මෑතදී පෙන්වා දී තිබෙන්නේ MSI motherboards වල මෙම ආරක්ශිත බව අහිමි වන ලෙසට Boot settings වලට  "Always Execute" බවක් ගෙනෙන බව ඔහු පැහැදිලි කර සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

සයිබර් ආරක්ශාව නොනවතින අභියෝගයකි.

සයිබර් ආරක්ශාව පෙරසූදානම් සමස්ථයක් නොවේ. පෙර සූදානමට ඔබ සුරකිය හැක්කේ සමස්ථ අභියෝගයෙන් කුඩා වපසරියක් පමනක් වනු ඇත. මක්නිසාද එය නිරන්තරයෙන් වැඩෙන වෙනස් වන විෂය පථයක් වන බැවිනි. පහර දෙන්නා නිරන්තරයෙන් වෙනස් මගක් සොයයි. සයිබර් ආරක්ෂාව ගැන හදාරන්නන් නිතරම පවසන්නේ වඩාත් විවෘතව සිටීම වැදගත්ම කාරනය බවයි. ඔබගේ භාවිතාව මෙන්ම වන විවෘත බවට සාපේක්ෂව ආරක්ශිත බව පවත්වාගෙන යාම ප්‍රායෝගික වන බවට ඔවුන් යෝජනා කරයි.හැකිනම් දෘඩාංග මට්ටමේ සිට ආරක්ශිත බව ‍රැගෙන ඒමට අද වන විට සූදානමින් පවතී. වගකීමක් සහිත නිල ලෙසට නිකුත්වන මෘදුකාංග භාවිතය, ඒවා නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම, ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපිත කර යාවත්කාලීනව තබා ගැනීම, නිල නොවන ආකාර වලට ඇප් ඇතුළු මෘදුකාංග භාවිතයට නැඳවා නොගැනීම, සැක සහිත හෝ අනවශ්‍ය ඊමේල සබඳතා සංක්‍රිය නොකිරීම මෙන්ම ඊමේල වෙත දවටා එවන ගොනු විවෘත නොකිරීම, හැකි හැම විටකම ශක්තිමත් ආරක්ශක මුර පදයක් ඔස්සේ පෞද්ගලික අවකාශ ආරක්ශා කොට තැබීම මෙන්ම අවස්ථාව දි ඇති හැම විටම ද්විත්ව ආකාර ආරක්ශාවන් සංක්‍රියව තැබීම බහුලව ලැබෙන උපදෙස් වේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Pharming ආකාරය.

Pharming  වර්ථමානයේ බහුල සයිබර් අපරාධ ආකාරයකි. සරලව මෙහිදී සිදුවන්නේ ප්‍රකට හා බහුල භාවිතාවක් ඇති වෙබ් අඩවි වලට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් Online කර ඒ ඔස්සේ භාවිතාකරන්නන් කැඳවා ගෙන ඔවුන්ගේ Login වැනි තොරතුරුවල සිට නෙක පෞද්ගලික තොරතුරු පැහැර ගැනීම කරයි. අවසානයේ භාවිතාකරන්නා හිස් වෙබ් පි‍ටුවක් ඔස්සේ අතැර දැමීම හෝ නියම වෙබ් අඩවියට යොමුකොට යලිත් Login තොරතුරු ඔස්සේ ඉදිරියට යාමට සැලැස්වීම මේ ආකාරයේ ස්වභාවය වේ. පැහැර ගන්නා තොරතුරු Dark Web එක වෙතට යොමු කිරීම හෝ අදාල පැහැර ගන්නන් විසින්ම තම අපරාධ සදහා භාවිතාකිරීම සිදුවේ. ඔබගේ Bank වෙබ් අඩවියේ සිට Online Shop එක දක්වා අවකාශ මෙම ව්‍යාජකරණයට පහර දෙන්නන් භාවිතාකිරිම සිදුවිය හැක.
Pubudu Siriwansa -  www.Pariganakaya.Tech


 

2023-01-20

Google වෙතින්ද 12,000 employees අවමකිරීමක්.

ප්‍රධාන පෙලේ හොරතුරු තාක්ෂණ ආයතනයන් බොහොමයකින්ම තම සේවක පිරිස් අවමකිරීම් වාර්ථාවන කාලයක් පසු කරමින් සිටීම නැවත  තහවුරු කරමින් Google වෙතින්ද 12,000 employees සමුගැන්වීමක් සදහා සූදානමක් වාර්ථා වෙමින් තිබේ. මේ වන විට Microsoft වෙතින් 10000ක්ද,   Amazon වෙතින් 18000ක්ද, වන සේවක අවමකිරීමක් වාර්ථාවෙමින් ඇති අතර Google මෙම පියවර එහි සමස්ථයෙන් 6%ක ආසන්නයක් වන අතර දැනටමත් අදාල Email ඔවුන් වෙතට යොමුකර ඇති බවට වාර්ථා වනවා. සමුගන්නා සේවකයින්ට නෙක ආකාරයේ ගෙවීම් මෙන්ම නැවත ‍රැකියාගත වන්නට සහය දක්වා පහසුකම් ලබා දෙන්නට සැලසුම්ව ඇති බවටයි කරුනු වාර්ථා වන්නේ.
Pubudu Siriwansa


 

PayPal වෙතට සයිබර් පහරදීමක්.

PayPal  පවසන්නේ පසුගිය Dec. 6 - Dec. 8 අතර සිදුවූ  තොරතුරු පැහැරගැනීමක් ඔස්සේ 35,000 PayPal භාවිතාකරන්නන් පිරිසකගේ Social Security numbers, usernames, addresses, dates of birth, individual tax identification numbers වනි තොරතුරු ප්‍රමානයක් පැහැරගෙන ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ  identity theft monitoring සේවාවක් ඔස්සේ ආසාධිත  ගිණුම් තොරතුරු වලට ආරක්ෂාවක් සලසා ඇති බවත් මීලග තම ගිනුමට පිවිසීමේදී  අවසර පද නැවත සකසා ගැනීමමකට සූදනම් කර ඇති බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ පෙර පහර දීමකදී ලබාගත් තොරතුරු ඔස්සේ මෙම පහර දීම සිදුකර ඇහි බවත්, භාවිතාකරන්නන් තම ගිණුම් සදහා  two-factor authentication සංක්‍රියකර තැබීමත් සංකීර්න අවසර පදයක් ස්ථාපිතව තැබිමත් ඉතා වැදගත් බවකි.
Pubudu Siriwansa - www.Pariganakaya.Tech


 

Windows 10 සදහා සහය අවසන් වීම තවදුරටත්.

ක්‍රමයෙන් windows 10 සමුගැනීම ආරම්භව තිබෙනවා. දැනට වන තොරතුරු අනූව version 22H2  සංස්කරණය පමනක් optional preview updates සමග සම්පූර්න සහය කාලය අවසන් වනතෙක් ඉදිරියට යනු ඇති බවටයි අනුමාන වන්නේ.  Windows 10 වල  version 20H2 සංස්කරනයේ Enterprise, Education, IoT Enterprise සදහා පමනක් May 9, 2023 දක්වාත්, Windows 10 version 21H2  වලදී Home, Pro, Pro Education,  Pro Workstations SKUs සදහා සහය June 13, 2023, දක්වාත් එහි Enterprise, Education, IoT Enterprise සදහා සහය June 11, 2024 දක්වාත් වනු ඇති බවටයි දැනට නිවේදනය වන්නේ. මේවා සදහා cumulative security updates සහය අදාල lifecycle එක අවසන් වන තෙක් වනු ඇති බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa  - www.Pariganakaya.Tech


 

|Zoom |saha| Google| athara |interoperability| suudhaanam.

ප්‍රකට online platforms දෙකක් වන Zoom සහ Google Meet අතර bi-directional interoperability බව සාමානය භාවිතයට නිකුත්කල බවට Google නිවේදනය  කරනවා. පසිගිය October වල මේ පිලිබඳව පලමුවෙන් නිවේදනය වනු ලැබුවා. මෙ අනූව භාවිතාකරන්නන් හට Zoom / their Google Meet අතර meetings කරන්නට හැකි වන අතර සමහර හැකියාවන් එනම්  polls, wired present, dual screen support පමනක් අහිමි වනුඅ ඇති බවටයි පැහැදිලි කරෙන්නේ.අමතර වියදමකින් තොරව මෙම පහසුව පැමිනෙන බවට පැහැදිලි කෙරෙනවා. මේ සදහා Google Meet capability වලින් Devices > Google Meet hardware > Settings > Device Settings > Built-in interoperability ඔස්සේ මෙම හැකියාව සංක්‍රියකරගන්නට හැකි වන අතර January 26 සිට ලොවපුරා සූදානම් බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa - www.Pariganakaya.Tech


 

Twitter වල third party apps අවසන් කෙරේ.

Twitter නිවේදනය කරන්නේ third party apps තහනම් කරන බවයි.  ආශ්‍රිත apps වන Twitterrific, Tweetbot, Fenix වල පසුගිය කාලයේ දක්නට ලැබෙමින් තිබූ ගැටළු කාරී බවත් සමග යම් ආකාරයකට ඒවා සමග තිබූ සබැඳියාව පාලනය කරන්නට එම ආයතනය කටයුතු කර තිබූ අතර මේ වන විට එම සීමා කිරීම intentional ව සංක්‍රිය එකක් කරන බවට මේ වන විට පවසා සිටිනවා. නැතිනම් official තීරනයක් බවට පත්කර ඇති බවටයි දැක්වෙන්නේ. මේ වන විට  developer agreement documen වලට අදාල සංශෝදන  ගෙනැවිත් ඇති අතර API rules වෙනස් කරන්නටද කටයුතු කර තිබෙනවා. මේ වන විට විට එම Apps අදාල iOS / Mac App Stores වලින් ඉවත්කරන්නටද කටයුතු කර ඇති බවක් කියවෙනවා.
Pubudu Siriwansa


 

Windows 10 (KB5019275) පිලිසකර ‍රැසක් සමග පැමිනේ.

Microsoft අද තම Windows 10 (KB5019275) නිකුතුව කරනු ලැබුවේ builds 19042.2546, 19043.2546, 19044.2546, 19045.2546. ඉලක්ක කරගෙන වන අතර හඳුනාගෙන තිබූ bug කිහිපයක් සදහා පිලිසකර එහි වන බවට පැහැදිලි කෙරුනා. ඒ අතර News / Interests feature වල unresponsive ගැටළුව ඇතුලු කිහිපයක්ම වනවා. එසේම Microsoft පවසන්නේ  Windows 10 වල versions 20H2 / 21H2 දක්වා සංස්කරන සදහා optional non-security updates පැමිනීම March 2023 වලින් පසුව සිදු නොවන බවයි. ඒ අනූව මෙම සංස්කරන සදහා cumulative monthly security updates පමනක් නිකුත් කරන්නට ඉන්පසු කටයුතු කරනු ඇත.
Pubudu Siriwansa


 

Microsoft තම Windows 10 අලවිය අවසන් කරයි.

Microsoft ආයතනය තම Windows 10 අලවිය මෙම මස අග වන විට අවසන් කරන්නට සැලසුම් කර ඇති බවටයි නිවේදනය  වන්නේ. මේ අනූව එදින් පසුව ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ Windows 10 licenses ලබා ගන්නට නොහැකි වනුඅ එති බවටයි පැහැදිලි කෙරෙන්නේ. කෙසේ වෙතත් third-party retailers ඔස්සේ එම පහසුව තවදුරටත් පවතිනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. October 14, 2025 දක්වා Microsoft ආයතනය Windows 10 සදහා security updates  දක්වා security updates  නිකුත් කරන්නට කටයුතු කරනු ඇත.  Windows 10 මිළඳී ගැනීමකින් තොරව install  කරන්නට හැකි වන අතර එහිදී desktop වල watermark  එකක් සමග personalize හැකියාව රහිතව activate අවශ්‍යතාවය දක්වන පනිවිඬය දැක්වෙනු ඇත.
Pubudu Siriwansa


 

2023-01-19

Windows වල System Restore points ගැටළුවක්.

 

Windows System Restore භාවිතාකරන්නන් සදහා මහත් පහසුවක් ගෙනෙන්නකි. පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගැටළු කාරී වන මොහොතකදී losing data වීමකින් තොරව තම  operating system  එක restoring කර දෙන්නට එය සමත්ව සිටී. Microsoft පවසන්නේ තම  Windows 1 1 22H2 සංස්කරන මට්ටමේදී System Restore points සංක්‍රියකිරීමකදී "This app can't open" යන error message එක ලැබෙන්නට ඉඩ ඇති බවයි.  ඔවුන් පැහැදිලි කරන්නේ  MSIX Windows app package format එනම් Notepad, Paint, Office, Cortana, Terminal වැනි භාවිතාවන් සදහා මෙම ගැටළුව බලපාන බවකි. ඔවුන් උපදෙස් දෙන්නේ මෙම apps නියමිත Store වලින් Reinstall කරන ලෙසත් නවතම Windows updates සමග උපාංගය තබා ගන්නා ලෙසත්ය.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


2023-01-17

Smishing ආකාරයේ හානීන්.

හානිය නෙක ආකාරවලට වර්ග කර ඇත. Smishing යනු ඉතා බහුල භාවිතාවක් වන SMS හානිකර ආකාරයට භාවිතාවීමට යෙදෙන නමකි. මෙහිදී සිදුවන්නේ බැංකු, ක්‍රෙඩිට් කාර්ඩ්  ආයතන වැන්නකින් එන නිල SMS ආකාරයට සමානව ව්‍යාජ ලෙසට ඉලක්ක වෙතට යවන ඒවා භාවිතාකරමින් එක් ආකාරයකට භාවිතාකරන්නාගේ සංවේධී මට්ටමේ තොරතුරු ලබා ගැනීමත් තවත් විටක SMS එකට දවටා එවන WebLink එකක් ඔස්සේ භාවිතාකරන්නා ව්‍යාජ වෙබ් අඩවියකට කැඳවා ගෙන විත් හානිකර මෘදුකාංග අදාල උපාංගයේ සංක්‍රියකරවීම සිදුවේ. තවත් විටල එම SMS එකට පිලිතුරු  SMS එකක් ලබා ගැනීමත් එම SMS එක ඔස්සේ ඔබේ දුරකථන ගිණුමෙන් මුදලක් කපා ගැනීමට ක්ටයුතු සලස්වා තිබීම තවත් ආකාරයකි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Windows 11 වල MPO display ගැටළු බවක්.

Windows 11 වල MPO display  වෙතින් එන ගැටළුවක් පිලිබඳව චදනා නැගෙමින් තිබෙනවා. ගැටළුව පැහැදිලි කෙරෙන්නේ Microsoft සමාගම තම Windows 8.1 වල සිට ගෙනෙනු ලැබූ multiple frame buffers හැකියාවක් ඔස්සේ CPU / GPU වල ක්‍රියාකාරීත්වය අවම කරන්නට කටයුතු කල බවයි. විටින් විට මෙම හැකියාව ගැටළුකාරී බවක් ප්‍රකට කලද මේ වන විට එය බොහෝ භාවිතාකරන්නන් හට බදාවක් වීඅ එති බවත් Microsoft, AMD, Nvidia, වැනි දැවන්තයන් සියල්ලෝක මේ පිලිබඳවනිසි අවධානය යොමු නොකර ඇති බවටයි චෝදනා නැගෙන්නේ. හදාරන්නන් පැහැදිලි කරන්නේමෙම MPO ආශ්‍රිත ගැටළුව සදහා Display Window Manager (DWM) registry  ඔස්සේ disable කිරීම සාර්ථක බවටයි යෝජනා වෙමින් ඇත්තේ. පසුව  restore MPO  ඔස්සේ පෙර තත්වයට එන්නට හැකි බවටයි මෙම පිලිවල පිලිබඳ පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

Phishing ආකාරය.

Phishing උත්සාහයන් Social Network යුගයේදී බහුල හමුවන්නකි. ඊමේල්, මැසේජ් හා සමාජජාලා හැකියාවන් තුලදී තම ඉලක්කයන් ව්‍යාජයන් ඔස්සේ පොලබාවා ගනිමින් ඔවුනගේ තොරතුරු සොරා ගැනීම මෙහිදී සිදුවේ. ගොදුරුවන්නාහට එකවරම මහත් වාසියක් පෙන්වා දෙමින් පොලබවා ගැනීම කරන අතර ඔහුට හෝ ඇයට කාරනය තේරුම් යන විට තොරතුරු පැහැර ගන්නා තම අභිමතාර්තය ඉ‍ටුකරගෙන  අවසාන වීම බොහෝවිට සිදුවන්නයි අමතක නොකලම යුත්ත ඔබගේන් ලබා ගන්නා එක තොරතුරක් ඔස්සේ පැහැරගන්නා ඔබ තුලට පිවිසෙන්නට දොරක් විවෘත කරගන්නට සමත්විය හැකි බවකි. අනෙක් අතින් ඔබ විවෘත කරන පෞද්ගලිකත්වය පිලිබඳව කල්පනාකාරීව සිටීමේ වගකීම ගන්නටකටයුතු කලයුතු වේ. High-Profile මට්ටමේදී වඩාත් කල්පනාකාරී විය යුත්තේ ඔබ තොරතුරු වඩාත් සංවේඳී වන බැවිනි. ව්ටක ඔබගේ පෞද්ගලික දුරකථන අංකය අනවශ්‍ය අයෙකුට පත්වීම මහත් විනාසයක් සදහා භාවිතාවකට අවස්ථාවක් විය හැක.
Pubudu Siriwansa


 

2023-01-16

LastPass Manager ගැටළුව.

Password Managers මෘදුකාංග යනු අවසාන විසඳුමක් නොවන බව පසුගිය LastPass නම් ප්‍රකට අවසර පද හසුර්වන සේවාව ලබා දෙන මෘදුකාංගය සර්වරයන්ගේ සිදුවූ security breach එක ඔසේ පැහැදිලි විනි. එහිදී unauthorized party වලට unencrypted මට්ටමේ තොරතුරු ලෙසට usernames, company names, billing addresses, email addresses, phone numbers, IP addresses මෙන්ම encrypted data ලෙසට  usernames / passwords වැනි තොරතුරු ලැබුනු බවට හදාරන්නන් පෙන්වා දී තිබිනි. එසේම ඔවුන් පෙන්වාදී තිබුනේ මෙම පහර දෙන්නන්හට  අත්පත් කරගත් ගොනු මත "brute force" වැනි ක්‍රමවේදයක් ඔස්සේ ඒවා බිඳ දමන්නට උත්සාහ කල හැකි බවයි. කෙසේ වෙතත් LastPass පවසන්නේ මේ සදහා වසර මිලියන ගනනක් ගතවෙනු ඇති බවකි. තම master password වල සුරක්ෂිත බව පිලිබඳව ඔවුන් එසේ සහතික වන්නට කටයුතු කලද හදාරන්නන් වෙනත් LastPass Manager එකක් වෙතට පිවිසෙන්නට කාලයයැයි යෝජනාකර සිටී. ඒ සදහා Bitwarden, 1Password, iCloud Keychain වැන්නවල් යෝජනා කරන්නට ඔවුන් කැමති වනු පෙනේ. එසේම තව දුරටත් LastPass Manager භාවිතාකරන්නේ නම් master password වෙනස් කරන්නටත්, two-factor authentication සංක්‍රිය කරන්නටත්, අනෙකුත් passwords වෙනස් කරන්නටත් වහාම වගබලා ගන්නා ලෙසට උපදෙස් දෙමින් සිටී.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Fake Google results මගහරින්න.

හදාරන්නන් පැහැදිලි කරන්නේ සයිබර් පහර දෙන්නන්ගේ තවත් උපංක්‍රමයක් ලෙසට ඔබ Google සෙවුමක දී ලබා ගන්නා ප්‍රථිපල වෙබ් අඩවි Link ඔස්සේ හානිකර වෙතට ‍රැගෙන යාම සිදුවන  බවටයි. ප්‍රකට භාවිතාවක් ඇති බාගතකිරීම් සහිත වෙබ් අඩවි වෙනුවට හනිකර සහිත වෙබ් අඩවි නිර්මාණය කර පෙර කී ආකාරයට  adverts ඔස්සේ අව්‍යාජ වෙබ් අඩවි වෙතට පලමුව ගෙන ගොස් බාගතකීරීම් වලදී ව්‍යාජ හානිකර සහිත වෙබ් අඩවි වෙතට යොමුකිරීම ඔවුන්ගේ උපංක්‍රමයක් ලෙසට පෙන්වා දෙමින් සිටිනවා. හදාරන්නන් යෝජනා කරන්නේ Google සෙවුම් ප්‍රථිඵල ඔස්සේ දන්නා හඳුනන වෙබ් අඩවියක් වෙතට යනවාට වඩා කෙලින්ම අදාල URL එක ඔස්සේ එම වෙබ් අඩවිය වෙතට යාම ආරක්ෂාකාරී බවයි. එසේම එම වෙබ් අඩවි ලබා දෙන බාගතකිරීම් කිරීම් සදහා පිවිසිමේදී කල්පනාකාරීවීම වැදගත් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

වඩාත් cloud හා AI මිත්‍ර Windows 12

Microsoft ලොව පරිගණක භාවිතාවේ පෙර ගමන් කරුවෙකි. ලොව බහුල භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය ඔස්සේ තොරතුරු ලෝකයට ඔවුන් දෙන මග පෙන්වීම අපට මග හරින්නට නොහැකි වනු ඇත. හදාරන්නන් පවසන්නේ windows 11 මෙන්ම Windows 12 ක්‍රමයෙන් AI මිත්‍ර දෙසට චලනය වෙමින් ඇති බවයි. තව දුරටත් මෙහෙයුම් පද්ධතිය ‍රැගෙන එන දෘශ්‍ය හෝ ක්‍රියාකාරීත්වයේ අපූරුබව එහි ප්‍රධාන ආකර්ෂනයවීම යල් පනිමින් ඇති කාරනයක් වෙමින් ඇත. දෛනික ජීවිතය මතට පරිගණක භාවිතාව Cloud බව මූලික හා AI මිත්‍ර බව යන ලක්ෂණ වලින් පිරීයන්නක් වීම ඇරබී ඇත ඔවුන් තත්වය පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ එලසය.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...