Showing posts with label BlackBerry. Show all posts
Showing posts with label BlackBerry. Show all posts

2014-06-20

physical keyboards සමග එන BlackBerry ස්මාර්ට් දුරකථන දෙකක්...

  ආයතනයේ වාර්ෂික හමුවකදී BlackBerry CEO වරයා පැමිනෙන්නට නියමිත ස්මාර්ට් දුරකථන දෙකක් මාධ්‍ය වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉදිරිපත්කිරීමේ විශේෂත්වය වන්නේ ඒවා සාම්ප්‍රධායික කීබෝඩ්ස් වලින් සමන්විතව තිබීමය. ගෙවී ගිය මෑතකාලය සැලකීමේදී BlackBerry ආයතනය ස්මාර්ට් දුරකථන වෙළඳ පොලතුල දැඩි අර්බුදයකට මුහුන දෙමින් ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් මූලික දුරකථන ‍රැල්ලට මෙන්ම iPhone ඉදිරියේ තම කීර්තිමත් අතීතය ‍රැක ගන්නට ප්‍රබල සටනක නිරත වන්නට සිදුව තිබෙනවා. ආයතනයේ CEO වරයා වන John Chen මහත එහිදී පවසා සිටියේ තවමත් භාවිතාකරන්නන් අතර ස්මාර්ට් දුරකථනය සමග පැමිනෙන physical keyboards සදහා කැමැත්තක් ඇති බවට තමන් විස්වාස කරන බවටයි.  BlackBerry Passport හා Classic ලෙසට නම්ව පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් 2015ට පමන සැලසුම්ව ඇති බවටයි දැනට ප්‍රකාශ වන්නේ.

2014-01-24

BlackBerry සදහා නව සංස්කරනය BB10.2.1 මෙම මාසයේදී.....

  ලොව ප්‍රකට භාවිතාවක් ලබා ගත් BlackBerry  වෙතින් නිකුත්වන නවතම නිවේදනයකට අනූව  පැවසෙන්නේ  ඔවුනගේ මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනය එනම්  BB10.2.1 නිකුතුව මෙම ජනවාරි මාසයේ 28 වන විට සිදුවීමට නියමිත බවකි. එසේම පැවසෙන්නේ බ්ලැක්බෙරි භාවිතාකරන් සදහා තම BlackBerry World Store වෙතින් හා සමානවම Android Store වෙතින්ද ඇප් ලබා ගන්නට හ ඒවා භාවිතාකරන්නට හැකිවීමද නව වෙනස්කම් සමග හැකි වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව ස්මෙහෙයුම් පද්ධති සංස්කරනය මතට Android APK app ගොනු ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව තම ඇප් ස්ටෝර්ව සමගින් ලෙසටම Android අප්ස් ධාවනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවය. කෙසේ වෙතත් බ්ලැක් බෙරි වෙතින් පසුව නිකුත්කල නිවේදනයක් පවසන්නේ තමන් Android ඇප්ස් ස්ටෝර්ව වෙතට එලෙස විවර වීමේ අදහසක් නැති බවත් තම භාවිතාකරන්නන් අනතුරුදායක බව වැඩි aps භාවිතාවක් වෙතට නිරාවරනය කිරීමෙන් සිදුවිය හැකි හානිය මහත් බවත්ය.

2013-09-27

BBM network හා windows ද ඉදිරියේදී මිත්‍රව කටයුතු කරනු ඇත....

  අප පසුකරමින් සිටින්නේ මෘදුකාංග මෙන්ම දෘඩාංග ද එකට යාවන්නට අවශ්‍ය වන යුගයකය.මෘදුකාංග සැලසුම් කරුවන් මෙන්ම දෘඩාංග සැලසුම් කරුවන්ද තම නිපැයුම් තම ආයතනයේ පමනක් නොව වෙළඳ පොලෙහි වන සමාන්තර තාක්ශනයන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නට හැකි වන ලෙසට නිපදවීම කෙරෙහි වැඩි යෙන් අවධානය යොමු කරමින් සිටී.
                  ආයතනිකව වෙනස් කම් කිහිපයක් සදහාද පිවිසෙමින් ඇති IBM ආයතනයද පසුගියදා එමනව ප්‍රවනතාවයට  එකග වෙමින් පවසා සිටියේ තම BlackBerry 10 දුර කථන භාවිතාකරන්නන් සදහා තම Windows notebook හෝ desktop පරිගණක සමගද BBM network හරහා එනු ලබන messages කියවන්නට මෙන්ම පිලිතුරු සපයන්නට හැකිවන ආකාරයේ පහසුවක් ලබාදෙන ව්‍යාපෘතියක් තමන් තමන් නිර්මානය කරමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ තමන් හදුන්වා දෙන මෙම  Windows app ඔස්සේ වින්ඩෝස් 7 භාවිතාකරන් නන් හට photo attachment එකක වුවද පහසුවෙන් යවන්නට හැකි වනු ඇති බවකි.මෙවැනි පහසුව ඉදිරියේදී Mac සදහාද නිර්මානය කරන්නට තමන් බලාපොරොත්තුවන බවට ඉගියක්ද කරන්නට ඔවුන් එහිදී කට යුතු කල මුත් ඒ පිලිබදව දින වකවානු පිලිබදව කිසිදු සටහන් නොකරන ලදී.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...