Showing posts with label Lectures. Show all posts
Showing posts with label Lectures. Show all posts

2014-01-01

"තොරතුරු තාක්ශනයේ නව ප්‍රවනතා" දේශනයකින් උපුටා ගැනීමකි.


 "ඒක තවදුරටත් හුදු තාක්ශනික කාරනාවක්ම විතරක් නොවේ. මේවන විට සමාජ විද්‍යාත්මකවත් හදාරන කාරනාවක් වෙලා තිබෙනවා. ලොව පුරා විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ශනය ප්‍රමුක අන්තර්ජාල භාවිතාවන් සාමාන්‍ය ජීවිතවලට බලපාමින් ඇති ආකාරය පිලිබදව හැදෑරීම විෂයක් ලෙසට නම් කරමින් සිටිනවා.අනික මෙම තාක්ශනය රූපවාහිනිය , ගුවන්විදුලිය නැතිනම් මුද්‍රිත තාක්ශනයන් වලට වඩා පුලුල්ව මිනිස් ජීවිතයට බලපාන කාරනාවක් බව ඔවුන් පිලිගනිමින් තිබෙනවා. මම කැමතියි ඒක මෙ විදිහට යෝජනා කරන්න. තොරතුරු කියන්නේ මිනිසා සංස්කෘතික වීමත් සමගම මිනිස් වර්ගයාත් සමග ගොඩ නැගෙන්නට පටන් ගත් දෙයක්. තව විදිහකට කිව්වොත් මිනිසා සංස්කෘතිකවීම පඩිපෙලක් නම් ඒ පඩිපෙල නිර්මානය වෙලා තියෙන්නේ තොරතුරු මූලිකව. ඉතින් මේ පදනම විදිහට සලකන්න වන තොරතුරු අවකාශයට මුද්‍රන තාක්ශනය ගුවන් විදුලිය නැතිනම් රූපවාහිනිය මැදිහත් උනාට වඩා මාහා තීරනාත්මක විදිහට පරිගණකය මූලික තොර තුරු තාක්ශනය මැදිහත් වෙලා තිබෙනවා. අනිත් තාක්ශනයන්ට වඩා හරිම නම්‍ය පුලුල් අවකාශයක් සහිත මෙම අපූර්ව භාවිතාව ජීවිතය කරා කවදාවත් අත් නොවිදි පුලුල් ස්වරූප වලින් පැමිනෙන්නට හැකිව තිබෙන්වා. බහුල භාවිතාව ආරම්භයේදී මවුසයක් කීබෝඩයක් මූලිකව ජීවිත වලට සමීප වු මෙම තාක්ශනය අද ඔබගේ ඇසේ චලනය නැතිනම් දෑතේ චලනයක් ඔස්සේ හසුරවන්නට පුලුවන් බවට විකාශනය වෙලා තිබෙනවා. අපි දන්නවා තාක්ශනික උපාංග සමාගම් නව වසර සමග වඩ වඩාත් අවධානය යොමුකරන්නට  පටන්ගෙන ඇත්තේ තොරතුරු තාක්ශන උපකරන හුදු වෙනම උපකරනව තව දුරටත් පවතිනවා වෙනුවට දෛනික ජීවිත්ය හා බැදුනු උපාග අතරට සැගව පැමිනීම පිලිබදවයි."

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...