2020-12-29

හිමිදිරි උදෑසන ..

ආශ්‍රමයේ හිමිදිරි උදෑසන මහත් ජීවයෙන් පිරී යන්නකි. ඈත නැගෙනහිර කඳු පෙල පරදවන උදෑසන පලමු හිරු කිරන පොදිය මෙහිවන අපමන ජීව අනන්‍යතා අවදිකරවන්නේ මහා  ප්‍රබෝධයකිනි. ජිවය පිලිබඳ සියලු කථාන්දර එකට ගොනු කරවා ඇති සේය. සියත් අවදිවන්නන්ගේ මෙන්ම අවදිකරවන්නන්ගේ නාදය, චලන රටා අපමනකින් හාත්පස පිරී ඉතිරී යයි. එය
කවරදාකවත් කියවා ඉවරකල නොහැකි පරිච්ඡේදයක් වැනිය.
Pubudu Siriwansa
#siriwansa

2020-12-20

අපූරත්වයේ උපරිමය ..

පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන ගම්මාන කඳුවැටිය මේ විසිතුරු බව වඩාත් ඔපවත් කරන්නාක් බදුය. තැනින් තැන් වන නිවෙස් වල දැල්වෙන පහන් සිලු මේ අපූරත්වය වඩාත් වර්නවත් කරන්නේය. පමාවී කැදලිකරා පියා සලන පක්ෂීන් ‍රැන් මේ සිත්තමට අවසන් පින්සල් සටහන් තබනවා වැනිය 
- Pubudu Siriwansa
#siriwansa

2020-12-18

සිසිල් සැදෑව ..

සිසිල් සැදෑව කඳුකරේ පා සක්මනකට ලැබෙන උනුසුම් ඇරයුමකි. කඳුමුදුනත මතින් දිවෙන දිගු මාවත් වටය නැවත නැවත පසුකලද ඒකාකාරී බවක් නොගෙනෙන්නේ ඉක්මනින් වෙනස් කාලගුන රටාවල් නිසාය. ඒකාකාරී ජීවන රටාව විසින් සිරකර දමන්නට තැත් දරන ජීවිතයට මෙහි එන සැදෑව ඔසුවක් වන්නේ එබැවිනි.
Pubudu Siriwansa
#siriwansa


ඩිජිටල් කරනය..

දත්ත හා ඒවා මත ක්‍රියාන්විතයන් ඩිජිටල් කරනය වීම හුඳු තාක්ෂණික ස්වභාවයකින් ආරම්භවී සංස්කෘතික ස්වභාවයකින් ස්ථාවර වෙමින් ඇති අපූරු මිනිස් සටහනකි.
- Pubudu Siriwansa
#siriwansa

2020-12-15

PARIGANAKA with Pubudu Siriwansa

තවමත් අප භාවිතාකරමින් සිටින පරිගණකය නම් උපකරනයේ නැතිනම් පරිගණක බව නම් භාවිතාවේ ආකෘතිය වන්නේ ඉලෙක්ට්‍රොනික මූලිකව ක්‍රියාත්මකවන ද්වීතීක බවකට ඌනනය කරගන්නා දත්ත හා ඒවා මතට යොදාගන්නා තාර්කික හා ගනිතමය ක්‍රියාකාරකම් ගබඩා කරන, සක්‍රීයකරවන, හා ඔබ නොබ සංනිවේදනය කරගන්නා උපකරනයකටය.
- Pubudu Siriwansa
PARIGANAKAYA with Pubudu Siriwansa
#siriwansa

2020-12-12

අප අතරින්..

අප අතරින් ගලා ගිය ඒ දෑ වසර ඇතුලත හුවමාරු වූ අපමනක් දෙබස් අතර නැවත නැවත හමුවූ නිහඬ මාවතක් අද්දර කුඩා නිවසක වු කවුලුවකින් ලෝකය දෙස බලා සිටි මැදිවියේ මිනිසා ගැනවූ කථාව මතක්වේ. ජීවිතය මහත් කලබලකාරී අරගලයක් කර නොගන්නට වග බලාගත යුතු බව ඇයට පවසන්නට අවශ්‍යව තිබිනි.
Pubudu Siriwansa
#siriwansa

2020-12-11

විශ්වයේ..

විශ්වයේ ඔනෑම පෙදෙසක බිහිවන බුද්ධි පුලිගුවක් වැඩී ප්‍රස්ථ බවකට පැමිනෙන්නට මෙන්ම තම ජීවීතය නම් උභතෝටිකයේ සිට විශ්වය නම් අපමන ගැටළුව දෙසට විහිදෙන්නට සිදුවීම සාමාන්‍ය මාවත වෙනවා විය යුතුය. ඇත්තෙන්ම ඔවුන් වෙන මොනවා නම් කරන්නද?
- Pubudu Siriwansa
#siriwansa

2020-12-10

වර්චුවල් රියැලිටි ..

“වර්චුවල් රියැලිටි’ භාවිතාවේ ආරම්භක යුගය හඳුනාගනු ලැබුවේ මිනිස් වර්ගයාට හමුවූ අපූරුතම උස්තල ගැන්වීමක ලෙසිනි. බොහෝ විෂයන් එය විසින් සීමා රහිත ලෙසට අමානන්දයට පත්කර දමන ලදී. මැද භාගයේදී වෛද්‍යවිද්‍යාව වැනි බොහෝ විෂයන් තුල එය අපමන දිගුවක් ලෙසට ජීවිත වෙතට සේවය කරන ලදී. කෙසේ මුත් අවසාන යුගය හදුන්වා දෙන ලද නාමයම ඔබට එයි කාර්යභාර්ය පැහැදිලි කර දෙනු ඇත. එනම් අවසාන යුගයේ ඒ ශක්‍යතාවයට පට බැදුනු නාමය වූවේ ” මිනිස් වර්ගයාගේ “සිහින අවසන් කරන්නා ” ලෙසටය.
– Pubudu Siriwansa
#siriwansa

මිනිස් සටහනේ..

මිනිස් සටහනේ ආසන්න ශතකය තුල ලියැවෙන වඩාත් අභියෝගාතමක කාලපරිච්ඡෙදය අප පසු පසුකරමින් සිටින බවටයි තවමත් හදාරන්නන්ගේ අදහස වන්නේ. ඔවුන් තත්වය පැහැදිලි කරන්නේ " තවමත් පැහැදිලි නොකරගත් ශුද්‍ර සතුරා" මිනිස් කථාන්දරය සංශෝදනය කරමින් සිටින බවයි
- Pubudu Siriwansa
#siriwansa

2020-12-09

ජීවිතය උත්කර්ෂවත්..

සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහිවන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට  මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි. හෙටට බිහිවන පුරවැසියට මේ අපූරු උපකරනයේ ව්‍යාකරනයන් වඩාත් පැහැදිලි විය යුත්තේ මේ තීරනාත්මක බව නිසාය.
- Pubudu Siriwansa 
#siriwansa

2020-12-07

පිටපත

ඒ ආකාරයෙන් සැලකීමේදීද මේ පරිවර්තනීය යුගයකි. ඔබේ ඩිජිටල් පිටපත සෙවනැල්ලේ භූමිකාවෙන් පලමු අනන්‍යතාවයේ භූමිකාවට පැමිනෙමින් ඇත.  එනම් එලබෙන්නේ ජීවවිද්‍යාත්මක පිටපත දෙවන අනන්‍යතාවය වන යුගයයි.
Pubudu Siriwansa
#siriwansa

2020-12-06

ආකෘතියේ සිරකරුවන්..

නගරයට නුදුරු කදුමුදුනත දිගේ අප පිය නගමින් සිටියෙමු. සැඳෑව මහත් අලංකාරව තිබිනි.  මිනිස් කථාන්දරයේ විටින් විට සැමදාම විමසන ලැදෑයි මා සිතන වඩාත් පොදු ප්‍රශ්නය ඇය විමසමින් සිටියාය. " හිරු ආයිත් හෙට දවසක් ගෙනෙනු ඇත. ඔහු හෙටත් එහෙම කරාවි. එතකොට අපි හෙටත් අද දවසේ විඳිමින් සිටින ආකෘතියේ සිරකරුවන් පමනද?"
- Pubudu Siriwansa
#siriwansa

2020-12-05

සාමකාමී නගරයක..

සාමකාමී නගරයක වීදී දීගේ වන පහන් කනු  අතර අවසන් නොවන සංවාද සමග ඔබ මොබ සක්මනක රසය සමහරක් විට ඔබත් විඳ ඇතුවා විය හැක. දේශන ශාලා තුල හෝරා ගනන් ගතකරමින් පැහැදිලි කරගන්නට තැත් කරන සංකීර්න දෑ ඇස්පිය නිමේෂයකින් පැහැදිලි වන්නේ දේව ආශිර්වාදයකින් මෙනි.
- Pubudu Siriwansa
#siriwansa

2020-12-04

අතෘප්තිකර මනස..

පැහැදිලි අහස කඳුමුදුනත පා මාවත රත් පැහැයෙන් සරසා දිව්‍ය විමානය වෙත කැදවනවා වැනිය. සැහැල්ලු පා ගමන අතරතුර ඈ තම අදහස පවසන්න විය ."අතෘප්තිකර මනස පුද්ගල අර්ථවලින් මෙන්ම සමාජ අර්ථ වලින්ද රෝග නිධානයකි. එය පුද්ගල අර්ථවලදී වෛද්‍ය විද්‍යාත්මක වනවා සේම සමාජ අර්ථවලදී දේශපාලණික වනවා". මා කවදත් ප්‍රියකල ඇගේ අර්ථදැක්වීම් තම වෘතීය සීමාවට උඩින් වන යමකි. එය අපූරුයැයි මම සිතමි.
Pubudu Siriwansa
#siriwansa

2020-12-03

විශ්ව පාලකත්වය

සමහර විටක ඉදිරි සියවස තුලදී මිනිස් තේරුම් ගැනීම තුල විශ්ව පාලකත්වය භාව අර්ථවලින් තාර්කික අර්ථ දක්වා පැමිනීම සිදුවේවි.
Pubudu Siriwansa
#siriwansa

2020-12-02

විද්‍යාවයැයි

ගණිතමය හා තාර්කිකව ඔප්පුකරන ලද සංස්කෘතික කාරනාවලට විද්‍යාවයැයි කියනු ලැබේ.
Pubudu Siriwansa
#siriwansa

2020-12-01

ඩිජිටල්කරනයේ..

ඩිජිටල්කරනයේ සැබෑ අනන්‍යතාවය හුදු සාම්ප්‍රධායික තොරතුරු ඉලෙක්ට්‍රොනික ස්වභාවයකට ගෙන දැමීමම නොවෙයි. එය ඉන් ඔබ්බට වන තීරනාත්මක සංස්කෘතික වෙනසක් බවට දැන් දැන් හැගෙන්නට පෙනෙන්නය පෙනෙන්නට පටන්ගෙන ඇත.
- Pubudu Siriwansa
#siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...