Showing posts with label skype. Show all posts
Showing posts with label skype. Show all posts

2014-11-05

Skype වල real-time translation පහසුවේ public preview සදහා දැන් අයදුම් කල හැක.

  මෙම වසර මුල් භාගයේ Microsoft හි CEO වරයා Satya Nadella ප්‍රකාශකර සිටියේ Skype වලදී real-time translation පහසුව (audio , video calls) සූදානම් වෙමින් තිබෙන බවයි. මේ වන විට පැවසෙමින් ඇත්තේ public preview මට්ටමින් එම පහසුව විඳින්නට මේ වන විට අයදුම් කරන්නට හැකි බවයි. තොරතුරු තාක්ශනය ගෙනෙන ලද බොහෝ හැකියාවන් අතර තවත් කැපී පෙනෙන පහසුවක් වෙමින් භාවිතාකරන්නන්ගේ ජීවිත වලට වඩාත් අපූරත්වයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවට හදාරන්නන් අවධාරනය කෙරෙන මෙම real-time translation හැකියාව ඔස්සේ භාෂා බාදකය පහසුවෙන් ජය ගන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම වසර අවසානයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම පහසුව පලමුවෙන් Windows 8.1/ Windows 10  සදහා වනු ඇති බවටත් පසුව අනෙකුත් පද්ධති සදහා වනු ඇති බවටත් තොරතුරු පලවනවා. මුල් භාගයේදී සීමිත භාශා ප්‍රමානයකට සීමාවනු ඇති මුත් පසුව ක්‍රමයෙන් වැඩි භාශා පහසුවක් මෙම සේවාව යටතේ ලැබෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
http://www.skype.com/en/translator-preview/?intcmp=blogs-_-generic-click-_-skype-translator-early-preview-sign-up-opens-today

2014-06-27

Windows Phone 8.1(Skype) වෙතටත් Cortana පහසුව පැමිනේ!!!!

  Microsoft ආයතනය තම Skype සදහා නව සංස්කරනයක් iPhone සදහා නිකුත්කරනු ලැබුවේ මෙම මස මුල් භාගයේය. එසේම එම ආයතනය නිකුත්කරන නවතම නිවේදනයක් පවසන්නේ තම Windows Phone 8 හා 8.1 වෙතට නව දියුනු කිරීම් හා එකතුකිරීම් සහිතවූ යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු කල බවකි. මෙම Windows Phone 8.1 වෙතට  upgraded කර ගත් භාවිතාකරන්නෙකුට හමුවන නවංග අතර කැපී පෙනෙන  අංගයක් වන්නේ  Cortana පහසුවයි. ඒයත් සමග Voice ආකාරයට  digital assistan සමග ගනුදෙනු කරන ආකාරයට කටයුතු කරනු හැකිවනු ඇති බවටයි නිවේදනය වන්නේ. උදාහරනයක් ලෙසට භාවිතාකරන්නෙකුට  "Skype, get Dad on the screen" වැනි විධානයක් ඔස්සේ තම Skype ඇප් එකත් සමග ගනුදෙනු කරන්නට හැකිවනවා ඇත.
            මීට අමතරව මෙම නව යාවත්කාලීනයත් සමග  language suppor පහසුව භාෂා 19ක සිර 51 දක්වා ඉහල නංවන්නටද එම ආයතනය් කටයුතු කර ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව අවසාන වරට යවන ලද  messageය Edit කිරීමේ හැකියාවද දැක්වෙනවා. මෙය භාවිතාකරන්නන්  විසින් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අවශ්‍යතාවයක් ලෙසටයි දැක්වෙන්නේ. මෙම නව සංස්කරනය 2.19 ලෙසට වන අතර එය Windows Phone Store වලින් දැන් ලබාගත හැකි බවටත් නිවේදනය වනවා.

2014-06-21

Skype නව desktop සංස්කරනයක් පැමිනේවි!!!!

  මයික්‍රසොෆ්ට් ආයතනය තම "Skype" සේවාවේ windows හා Mac ඩෙස්ටොප් UI වෙතට නව මුහුනුවරක් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බව හා තොරා ගත් සීමිත පිරිසක් වෙතට එහි පෙර සංස්කරනයක් නිකුත්කර ඇති බවට පසුගිය කාලය පුරා තොරතුරු පැතිරෙමින් තිබූ අතර මේ වන විට ආයතනය එම තොරතුර සනාත කොට සිටිනවා. ඒ අනුව Skype වල පැරනි මුහුනත ප්‍රමුක සංස්කරනය භාවිතයෙන් අත්හරිමින් නව සංස්කරනයක් හදුන්වා දීම ඉදිරි කාලය තුලදී ක්‍රමයෙන් සිදු වෙනු ඇති බවයි. "great new experiences for Skype" ලෙසට දක්වමින් මෙම සේවාව නව මෘදුකාංග සංස්කරනය යටතේ වඩාත් භාවිතාකරන්නා හට සිත්ගන්නා සුලු පෙනුමක පමනක් නොව ක්‍රියාකාරීත්වයක්ද ‍රැගෙන එනු ඇති බවටයි නිවේදනය කර සිටින්නේ.

2014-04-29

Skype සදහා group video calls පහසුව එකතුවේ!!!!

  මයික්‍රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype සේවාව ඔස්සේ  paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක් සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා  Xbox One ආකාරයේ සියලුම භාවිතාකරන්නන් සදහා දැන් විවෘත බවයි. එම සේවාව සමග නොමිළේ පැවති one-on-one video calling හැකියාවට වඩාත් ආකර්ශනීය බවක් මෙම නොමිලේ ලැබිය හැකි සේවා ගොනුවට එක්වන නව අංගය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ලැබෙනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු වන්නේ. ආයතනය පවසන්නේ අනෙකුත් platforms සදහාද මෙම පහසුව ලගදීම ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම  group video chat අංගය ඔස්සේ දැනට පුද්ගලයින් 10 දෙනෙකුට එකවර වීඩියෝ ආකාරයේ කථ බහක යෙදෙන්නට හැකිවන අතර මෙය තන තරගකාර සගයාගේ Google Hangouts සේවාව සදහා තරගයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවටයි විචාරනය වන්නේ.
            වින්ඩෝස් Phone 8.1 සදහා මෑතක දී  Cortana digital assistant  සමග පහසුවෙන් Skype එක විධානයක් යටතේ ක්‍රියාත්මක කර වන්නටත් phone ඔස්සේ එකව සිටින සගයෙකුට පහසුවෙන් Skype ඔස්සේ  Video කථාබහකට කැදවන්නටත් හැකියාව ලැබෙන නව අගයක් පිලිබදව පෙර සටහනක් මයික්‍රසොෆ්ට් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

2013-12-11

Phone 8 Skype app සදහා නව සංස්කරනයක්!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම Skype සදහාවන වින්ඩෝස් ෆෝන් 8 app මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්කරන්නට මේ වන විට කටයුතු කොට තිබෙනවා. නව අංග කිහිපයක්ද සහිතව එන මෙම නව සංස්කරනය 2.13 ලෙසට දැක්වෙනු ඇති බවටයි  නිවේදනය වන්නේ. ඒව අතර chat maessage වල copy and paste  හැකියාව , මෘදුකාංගය වෙගයෙන් අවදිවීමේ හා ක්‍රියාත්මක වීම මෙන්ම වැඩි සුපැහැදිලි බව දක්වා සිටිනවා.ආයතනය් වින්ඩෝස් ෆෝන් 7 සදහා වන ඇප් සංස්කරනය වෙත සහය දැක්වීම මේ වන විට අවසන් කොට ඇති අතර වින්ඩෝස් ෆෝන් 8.1 සංස්කරනය 2014ට නියමිතව ඇති අතර එහිදී වඩාත් සිත් ගන්නා සුලු නවාංග කිහිපයක් සමග එනු ඇති බවටයි බලාපොරොත්තු පලකොට සිටින්නේ.

2013-10-30

වින්ඩෝස් 8.1 Skype ගැටලුවට පිලිසකර නිකුත්වේ!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8.1 සදහා default මට්ටමේ chat හා mesaging app එකක් ලෙසට Skype app එකක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර භාවිතාකරන්නන් අතරින් පැමිනි පැමිනිල්ලක් වූවේ එම app එක විවෘතකරන සමහර අවස්ථාවලදී නිසිලෙස ක්‍රියානොකරන බවකි.මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඒ සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇති අතර ආයතනය උපදෙස් දෙන්නේ Intel HD Graphics 3000 (Sandy Bridge) සහිත පරිගනක  භාවිතාකරන්නන් සදහා මෙම නවSkype සංස්කරනය ස්ථාපනය කර ගැනීම වැදගත් වනු ඇති බවයි.වැඩි දුරටත් ආයතනය පවසන්නේ 32 බිට් මෙන්ම 64 බිට් ලෙසට Windows Server 2012 R2 හා windows 8.1 සදහා මෙම නිකුතුව අදාල වන අතර දැනට දක්නට ඇති ආකාරයට Windows RT 8.1 සදහා ඉහත ගැටලුව අදාල නොවන බවටයි ඔවුන් පවසන්නේ වැඩි දුරටත් ආයතනය පවසන්නේ මෙම යාවත්කාලීනය ස්ථාපනයෙන් පසු පරිගණකය restart කිරීම අවශ්‍ය වනු ඇති බවයි.

2013-10-13

Firefox/Skype/Chrome/Opera/Thunderbird වේගවත් කරන්නට සහය මෘදුකාංගයක්...

  අන්තර්ජාලය භාවිතාවට පෙලෙබෙන්නට ප්‍රමුක ලක්ෂනයක් වන්නේ වේගයයි. සමකාලීන මෘදුකාංග පරිසරයට සෑහෙන දෘඩාංග මට්ටමකින් භාවිතාකරන්නෙකු තම පරිගණකය පවත්වාගෙන යාමේදීද විටක පරිගණකයේ අන්දගාමී බවක් දක්නට ලැබීම මහත් අපහසුවක් කැදවන සුලුය.බහුල භාවිතාවක් ඇති  Firefox/Skype/Chrome/Opera/Thunderbird වැනි මෘදුකාංග ඔස්සේ එවැනි අපහසුතාවයක් අත් විඳිමින් ඇති භාවිතාකරන්නෙකුට Mozilla වෙතින් විසදුම් කුඩා මෘදුකාංගයක් ‍රැගෙන විත් ඇත. බොහෝ විටක මෙවැනි වේගය අඩාලවිම් සඳහා හේතුවන databases වල සිදුවන අපිලිවෙල ඇතුලු ආරම්ක වේගය අඩාලවීම් වැනි කාරනා වලට හේතුවන කාරනා සමනය කිරීම සදහා මෙම මෘදුකාංග සහයවනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.දල ලෙස ඔවුනගේ පොරොන්දුව වන්නේ ඉහතකී මෘදුකාංග භාවිතාවන් තෙගුනයකින් ඉහල නැවීමට මෙම මෘදුකාංගය සහය වනු ඇති බවය.

2013-10-12

Skype හි විස්වාසනීය බව ගැන සොයා බැලීමක් ඇරබේ....

  2003 ස්කයිප් බිහිවන කාලයේදී එම සේවාව ගැන තිබුනේ මහත් පිලි ගැනීමකි.වඩාත් ආරක්ශිතව හඬ සංවාදයක යෙදෙන්නට පහසු මගක් ලෙසට ලොව භාවිතාකරන්නන් අතර එම සේවාව වේගයෙන් පිලිගැනීමකට ලක්විය.peer-to-peer ජාලයක් ලෙසට ක්‍රියාත්මක වන මෙම සේවාව 2005 දී  eBay වෙත හිමිත්වය හිමිවූ අතර 2011 වන විට මයික්‍රසොෆ්ට් සමාගම යටතට පත්විය.පෙර කල මහත් ප්‍රසාදයක් දිනා ගත් සේවාවක් ලෙසට භාවිතාකරන්නන් අතර දිනා ගෙනතිබූ  කීර්තිනාමය පසුගිය කාලයේ වේගයෙන් අඩුවන්නට පටන් ගත්තේ විටින් විට එල්ලවූ භවිතාකරන්නන්ගේ දත්ත වෙනත් ආයතන වෙත ලබා දෙනවායැයි කෙරුනු චෝදනාද සමගිනි. පලවන නවතම තොරතුරු පවසන්නේ මේ වන විට skype සේවාව National Security Agency (NSA). වෙත දත්ත ලබා දීමේ චෝදනාව යටතේ EU බලධාරීන් යටතේ පරික්ශාවකට යටත් කොට ඇති බවකි.

2013-10-08

Skype ඔස්සේ 3D video calls!!!!

  පසුගිය කාලයේ BBC සේවාව සමග skype හි දසවන සංවත්සරය සමරමින් පැවති සාකච්චාවක සහභාගී වෙමින් skype හි විධායකයෙකු පවසා සිටියේ තම සේවාව ඔස්සේ භාවිතාකරන්නන් වෙත  3D  video calls සේවාවක් ලබාදීම සදහා වන අත්හදා බැලීම් තවමත් අකංඩව සිදුවෙමින් පවතින බවකි. මෙම භාවිතාවට අදාල වන 3D-screens හා 3D-capture සැලකීමේදී මේ වන විට ක්‍රමයෙන් 3D මට්ටමේ තිර භාවිතයට පැමිනෙන්මින් තිබෙනු දැකිය හැකිව ඇති අතර 3D-capture තාක්ශනය භාවිතයට පැමින නොතිබීම දක්නට ලැබෙන බවටයි පවසා සිටියේ. බහු කැමරා භාවිතයක් ඔස්සේ නිවැරදි කොන වලින් ලබාගන්නා රූ ඔස්සේ අනාගතයේ එවැනි තක්ශනික භාවිතාවක් පැමිනීම ගැන ඔහු එහිදී අදහස් පලකර සිටියා. Disneyමෙන්ම BBC වෙතින්ද නුදුරු අනාගතයේ 3D මට්ටමේ නාලිකාවන් ඇරබීමේ සූදානමක් ගැනද මෙහිදී අදහස් පල වුවා.

2013-10-05

Skype සේවාව බහු උපකරන භාවිතයට වඩාත් මිත්‍ර වෙමින්

  ලොව පුරා වෙසෙන භාවිතාකරන්නන් අතිමහත් පිරිසක වෙත රාජිකාරී මට්ටමේ මෙන්ම පෞද්ගලික ජීවිතයේදීද දුර බැහැර වෙසෙන්නන් සමග පහසුවෙන් අදහස් හුවමරු කරගන්නට සහයවන සේවාවක් වන Skype හි නව සංස්කරනයක නිකුතුවක් පිලිබදව මේ වන විට නිවේදනය වී තිබෙනවා.මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සමග එන ප්‍රධාන CHAT පහසුව ලෙසට ගැනෙන මෙම සේවවේ text මට්ටමේ භාවිතාවන් සදහා නවාංගය හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බවටයි නිවේදනය වන්නේ. වේගයෙන් බහු දත්ත උපාංග භාවිතය ජීවිත වලට පැමිනෙමින් ඇති වටපිටාවක එක් උපාංගයක කරගෙන ආ කාරනාවක් ඉලග මොහොතේ සිට වෙනත් උපාංගයක් සමග පහසුවෙන් කරගෙන යන්නට අවශ්‍යවීම බහුල අවශ්‍යතාවයක් ලෙසට පිලිගැනෙමින් ඇති වටපිටාවක Skype ඔස්සේ භාවිතකරන්නෙකු පවත්වමින් සිටි Chat භාවිතාවක් පසුව වෙනත් උපාංගයක් සමග පහසුවෙන් පවත්වාගෙන යාමට සහය වන synchronize වීමේ හැකියාව ඔහුගේ සියලු උපාංග සදහා හදුන්වාදීම මෙහිදී සිදුවනු ඇති බවටයි පවසා සිටින්නේ.මෙම හැකියාව ඉදිරි මාස වලදී ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙතමුදා හරින්නට නියමිත බවටයිවැඩි දුරටත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ.එසේම ස්කයිප් කන්ඩායම ඉදිරියේදී ක්ලවුඩ් මූලික සේවාවක් ලෙසට Skype සංවර්ධනය කිරීමේ වැඩ පිලිවලක් ගැන සඳහන් කරමින් පවසා සිටින්නේ වඩාත් පැහැදිලි හඬ හා වීඩියෝ පහසුවක සිට තවත් මවිතකරවන සුලු මට්ටමේ නවාංග හදුන්වාදීමට බලාපොරොත්තුවන වන බවයි.

2013-10-04

Skype නව සංස්කරනයක් නිකුත්වේ.......

  බහුල භාවිතාවක් ඇති මෘදුකංග පහර දෙන්නන්ගේ වැඩිම ආකර්ශනයකට ලක්වන  මෘදුකාංග වේ. බොහෝ විට ඔවුන් උත්සාහ කරනුයේ අඩු වෙහෙසකින් වැඩි හානිකරයක් ලබගැනීම  වීම මීට හේතුවකි.Skype යනුද මෙවැනි ආකාරයේ ලොව පුරා බහුල භාවිතාවක් ඇති මෘදුකාංගයකි. ලොව පුරා මිලියන ගනනක් භාවිතාකරන්නන් මුදල් ගෙවන හෝ නොමිලේ ලැබෙන සේවාවක් ලෙසට ස්කයිප් දෛනිකව භාවිතා කෙරේ.එසේම පරිගණකය ඔස්සේ පමනක් නොව මොබයිල් උපකර ඔස්සේ මෙන්ම ස්මාර්ට් මට්ටමේ රූපවාහිනී යන්ත්‍ර ඔස්සේද මෙම භාවිතාව සිදුවේ.කුඩා මුදලක් ගෙවීම ඔස්සේ දුරකථන වලට ඇමතුම් ලබා ගැනීම SMS යැවීම කන්ඩායන් සාකච්චා වීඩියෝ පහසුව ද සමග පැවැත්වීම ආදී වඩාත් පහසුකම් ලබා ගත හැක. මේ වන විට skype  මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්ව තිබෙනවා.භාවිතාකරනන් තමන් භාවිතාකරන මෘදුකාංග වඩාත් අලුත්ම සංස්කරන ඔස්සේ යාවත්කාලීනව තබා ගැනීම ඔවුන්ගේ ආරක්ශා සදහා වැද ගත් වනු ඇති බවටයි හදාරන්නන් නිතරම උපදෙස් දෙනු ලබන්නේ.
http://www.skype.com/go/getskype-full
http://portableapps.com/apps/internet/skype_portable
http://www.skype.com/go/getskype-macosx.dmg

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...