Showing posts with label OS. Show all posts
Showing posts with label OS. Show all posts

2021-07-05

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

 

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize වැනි ක්‍රියාකාරම් සූදානම්ව පවතිනු ඇත.
Pubudu Siriwansa


2021-06-08

Windows 10 මීලග ප්‍රධාන සංස්කරනයේ ...


Microsoft ආයතනයේ CEO වරයා පවසන්නේ මෙමස 24 නියමිත virtual event වලදී තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රවනතා හඳුන්වා දෙන්නට නියමිත බවයි. Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය හැඩයේ සිට එහි වඩාත් සුනම්‍ය ක්‍රියාකාරීතවය මෙන්ම වඩාත් පුලුල් වන හැකියා වපසරිය දක්වා දියුනු කිරීම් රාශියක් මෙම නව පැමිනීම තුල සමන්විත වන්නට සූදානම් බවටයි ඔහු පවසන්නේ. 2021 දේවන භාගයේදී පමන Windows 10 වල මීලග ප්‍රධාන සංස්කරනයක පැමිනීම නියමිත අතර Sun Valley සංකේථ නාමය යටතේ එහි මූලික සංස්කරනයන් ආයතනය තුල අංවර්ධය වෙමින් පවතින බවටයි නොනිල ආරන්චි පවසා සිටින්නේ. හදාරන්නන්ගේ අවධානය දිනාගත් Windows 10X ව්‍යාපෘතිය මේ වන විට Microsoft ආයතනය නවතා දමා ඇති අතර එහි වූ විශේෂිතතා ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග සමන්විතව පැමිනෙන්නට නියමිත බවටයි බලා පොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa


 

2014-10-25

Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවට.....

  microsoft සමාගම තම මිලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනයේ පෙර නිකුතූන් සංස්කරන දෙකක් මේ වන විට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. ඉන් ප්‍රධාන සමහරක්  පවා ඔවුනගේ නිවේදනය කිරීමේදී පවා ප්‍රකාශයට පත් නොකරනලද ඒවා වනවා. මීට අමතරව Microsoft ආයතනය එම සංස්කරනය දැනට අත්හදා බැලෙමින් ඇති පරිගණක පිලිබදවද සංක්‍යා සටහන් කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතර එම සංස්කරනය ධාවනය වෙමින් ඇති පරිගණක 41%ක් Desktop වන බවත් 32% LapTop වන බවත් පවසන අතර 2% Tablet වන බවටත් පැහැදිලි කර සිටිනවා. වේගවත් නිකුතූන් කාලසටහනකට අනූව සිදුවෙමින් ඇති මෙම නිකූත් අතර වන යාවත්කාලීනයන් සමගද නවාංග කිහිපයකින් තම නව මෙහෙයුම් පද්ධතිය සංයුත්තකරවන්නට එම කටයුතු කරනබව පසුගිය යාවත්කාලීන සැලකීමේදී පැහැදිලිව දක්නට ලැබුනා. තවමත් වඩාත්පෙර සංස්කරන නිකුතූන් මට්ටමේ මෙම මෙහෙයුම් පද්ධතිය ඇති අතර සාමාන්‍ය භාවිතාවට නියමිත පෙර සංස්කරනයන් එලබෙන වසරේ මුල් භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-10-01

එය නම් කොට තිබෙන්නේ windows 10 ලෙසටය.

  එය නම් කොට තිබෙන්නේ windows 10 ලෙසටය.  ගෙවී ගිය දිනයේදී Microsoft සමාගම තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය නිවේදනය කරමින් පවසා සිටියේ 2015 වසරේ පලමු භාගයේ මෙහි සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා සංස්කරනයක් නිකුත්කරන්නට සූදානම් වෙමින් සිටින බවකි. enterprise customers වෙතට වැඩි ඉලක්කයක් ගනිමින් පැවති මෙම හමුවේදී පැහැදිලිවු කරුනු අතර ඔවුන්ගේ සියලුම උපාංග අතරට (ecosystem) එකම app Store  එකක් පැමිනීම පැහැදිලි කරන්නටද කටයුතු කරනු ලැබුවා. app සංවර්ධකයින් සදහා මහත් පහසුවක් ගෙනෙමින් සියලුම form-factors අතරට එක් app නිර්මානයක් ගෙන ඒමේ හැකියාව පැහැදිලි කරන්නටද කටයුතු කරනු ලැබුවා.
                     මෙම හමුවේදී පැහැදිලි කරසිටි දෑ අතර virtual desktops හැකියාව, Snap Assist හැකියාව ඇතුලු පෙර අනාවැකි පලව තිබූ අංගයන්ද වූවා. 

2014-09-30

අද ප්‍රථම වතාවට නිවේදනය වීමට නියමිත windows මීලග සංස්කරනය...

  ලොව බහුලතම Pcs ප්‍රමානයක් සංක්‍රියකරවන Microsoft මෙහෙයුම් පද්ධති වල මීලග ප්‍රධාන සංස්කරනයක් පිලිබදව වන පලමු නිල නිවේදනයවිම අද දිනට නියමිතව තිබෙනවා. XP වලින් පසුව ගිලිහී ගිය එක මෙහෙයුම් පද්ධතියක් වෙතට දැඩි අවධානයක් ලබා ගැනීමේ විශේෂයෙන් ආයතනික මට්ටමේදී වූ අසාර්ථකත්වය පැමිනෙන මෙම නව මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ලබා ගැනීමේ හැකියාව කෙරෙහි ආයතනයේ වැඩි අවධානයක් ඇති බවටයි තොරතුරු හෙලි කරමින් සිටින්නේ. අද දින නිවේදනය වීමට නියමිතව ඇත්තේ Technical Preview  සංස්කරනයක් වන අතර එය සමග IE 12 හා ඩිජිටල් සහයක (cortana) නොපැමිනෙනු ඇති අතර පැමිනෙන්නට නියමිත සියලු අංග සහිත සාමන්‍ය භාවිතාකරන්නන් වෙතට නිකුත්වන පෙර සංස්කරනයක් නුදුරේදීම පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. windows 8 සමග ගිලිහී ගිය Desktop මූලික බව වෙතට යලි පැමිනෙන Start menu ව Full screen ලෙසට හා Modern Screen වලට සීමාව තිබූ Modern app මෘදුකොටස් Traditional මුහුනත මතද ධාවනයට හැකිවීම ඇතුලු වෙනස් කම් කිහිපයක්ම නව සංස්කරනය සමග පැමිනෙනු ඇතිබවට දැනටමත් හෙලිව ඇති අතර මෙම සංස්කරනය 4GB ප්‍රමානයකින් මෙන්ම windows 8 සමග නොමිලේ ලබා ගත හැකි upgrade හැකියාවකින් පැමිනෙනු ඇති බවටත් බලාපොරොත්තුවක් වනවා. ආයතනය බොහෝ වෙනස් කම් වෙතට යොමුව ඇති අතර මෙහෙයුම් පද්ධති වලින් පැමිනි ලාභය වෙනුවන ඉදිරියේදී app storeව වෙතට යොමුවීම ඒ අතර වනු ඇති බවට වන අනාවැකියන්ද වනවා.

2014-09-16

සැප්.30ට මාධ්‍ය හමුවක් Microsoft වෙතින් නිවේදනය වේ...

   Microsoft සමාගම මේ වන විට මීලග press eventය සැප්තැම්බර් 30 දිනට නිවේදනය කර සිටිනවා.  San Francisco වලදී පැවැත්වෙන මෙම හමුවේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබදව නිල නිවේදනය මෙන්ම එහි පෙර සංස්කරනයක් නිකුත්කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනය Windows Threshold නම් සංකේතනාමයෙන් සංවර්ධනය වෙමින් ඇති මෙම නිකුතුවේ පෙර සංස්කරනයක් මෙදිනට පැමිනෙනු ඇති බවට මේ වනවිට බලාපොරොත්තුව වෙමින් ඇති අතර එය Windows 9 ලෙසට නම් ලබමින් පැමිනෙනු ඇති බවටයි සැලවෙන්නෙ. මෙදිනම enterprise සංස්කරනය පිලිබදවත් තොරතුරු බලාපොරොත්තුවන අතර windows 8 සමග අසාර්ථකවූ විශාල ප්‍රමානයේ ආයතනයන් එය වැලද ගැනීමේ ප්‍රවනතාවය මෙම නව සංස්කරනය සමග නිවැරදි කර ගන්නට හැකි වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.Microsoft ආයතනය මෙම නව සංස්කරනය සැලසුම් කරද්දි විශාල පරිමානයේ අයතනයන් ගෙන් ලැබුන  feedback පිලිබදව දැඩි අවධානය කින් කටයුතු කර ඇති බවටයි තොරතුරු අනුමානනය කරමින් සිටින්නේ.
                  එල බෙන සංස්කරනය පිලිබදව මෙම වන විට නොනිලව බොහෝ තොරතුරු හෙලි වෙමින් ඇති අතර නවතම තොරතුරක් වන්නේ Wi-Fi Sense හැකියාව මෙහෙයුම් පද්ධතියටම සංයුත්ත්ව පැමිනීමට ඉඩ ඇති බවයි. නීරන්තරයෙන් හමුවන Wi-Fi hotspot  පිලිබදව තොරතුරු මතක තබා ගන්නටත්, ස්වංක්‍රීයව ඒවාට සම්බද වීමටත් පමනක් නොව Outlook.com, Skype හා Facebook  සමග ඒවා පිලිබදව තොරතුරු හිතවතුන් සමග බෙදාගන්නටත් හැකිවන ලෙසට මෙම නව සැකසුම් වනු ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ.

2014-07-15

Windows Threshold සමග දැනට වඩා සංක්‍රීය බවක්!!!!

  Microsoft සමාගමේ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය පිලිබදව එතරම්ම කාරනාවන් WPC 2014 තුලින්ද නොපෙනෙන බවටයි  දක්නට ලැබෙන්නේ. Windows 8 වලින් ඇරබි වෙනස් මග අනු සංස්කරන දෙකකින් පසුවද තවමත් එතරම්ම ස්ථාවරයකට පැමිනෙන්නට උත්සාහකරමින් සිටින බවනම් මේ වන විට පැහැදිලිව දක්නට පුලුවන. Threshold ලෙසට දැනට පලව ඇති තොරතුරු ලෙසටනම් එලබෙන වසරේ එම නව සංස්කරනය පැමිනෙන බවට මෙන්ම Desktop වෙතට දැක්වූ අප්‍රධාන බව මදක් ලිහිල් කරමින් Start Mrnu වක්ද සහිතව මෙන්ම Modern app සමග පහසුවෙන් කටයුතු කිරීමේ  හැකියාව වැනි මෙහෙයුම් පද්ධතිය මත දක්නට ලැබූ  ද්විත්ව බව සමනය වන ස්වරූපයක් එය ගනු ඇති බවයි. තවමත් alpha මට්ටමේ සංවර්ධනය වෙමින් ඇති මෙහෙයුම් පද්ධතියක් ලෙසට පවතින මෙහි අවසාන සංස්කරනය පිලිබදව මේ වන විට තව කරුනු කිහිපයක්ම පලවෙමින් තිබනවා.
                     Start Menuවද වඩාත් සංක්‍රීය එකක් වීමේ අනවැකි වලට අමතරව මේ වන විට පැවසෙමින් ඇත්තේ taskbarඑකද වඩාත් සංක්‍රීයව ක්‍රියාත්මක වන්නට සුදාමින් පැමිනෙනු ඇති බවටයි. එය මත වන icons ස්ථාන ලෙසට මෙන්ම ක්‍රියාත්මක වීමේදීද සුවපහසු කිරීම තුල Desktop එක මත විවෘතව ඇති app කිහිපයක් වන විටදී Taskbar වල ඇති icons ඔස්සේ ඒවායේ ක්‍රියාකාරීත්වය පිලිබදව වැඩි විස්තරයක් ‍රැගෙන ඒම වාගේම ආයතනයේ digital assitant  පහසුව ද TaskBar වෙතට පැමිනෙමින් පහසුවෙන් භාවිතාකරන්නා හට සහය වන්නට සූදානම්ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. එසේම Api සහයක් සමග තිර පහසුව TV හා අමතර ඒවා ඔස්සේ පැමිනීම පිලිඅබ්දවද මේ වන විට බලපොරොත්‍ටු පලවෙමින් තිබෙනවා. සමස්තයක් ලෙසට බලාපොරොත්තුවන්නේ මෙහෙයුම් පද්ධතියේ සංක්‍රීය බවවර්ධනය කරමින් desktop background වලින් පවා භාවිතාකරන්නා වෙතට  සහයක් පලවන ස්වභාවයක් ‍රැගෙන එනු ඇති බවටයි.

2014-04-01

XP සමුගන්නට සතියකි. භවිතාව(Pcs) 27,69% කි.

  වසර 12ක සේවයකින් පසුව Windows XP මෙහෙයුම් පද්ධතිය නිල ලෙසට සමුගැනීමට ඉතිරිව ඇත්තේ තව සතියක කාල සීමාවකි. මෙම නිකුතුවෙන් අනතුරුව මේ වන විට Microsoft ආයතනය මෙහෙයුම් පද්ධති තුනක් පමන නිකුත්කරන්නට කටයුතු කල අතර Vista මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වූ මුත් ඉන් අනතුරුව පැමිනි වින්ඩෝස් 7 මෙන්ම මෑතම නිකුතුව වන වින්ඩෝස් 8 කෙමෙන් භාවිතයට පිවිසෙමින් තිබෙයි. ඒ අතර වාරයේ Windows XP භාවිතයෙන් භවිතාකරන්නන් ඉවත්කර ගැනීම සදහා එම ආයතනය නෙක ආකාරයේ ක්‍රමවේද හදුන්වාදුන් මුත් ආසන්නම වාර්ථාවක් පවසන්නේ තවමත් ලොව පුරා Pcs වලින් 27.69%ක්ම windows XP භාවිතාවෙමින් ඇති බවකි.  Net Applications ආයතනය වෙබ් අඩවි වෙත පැමිනීම් දස දහස් ගනනක් ඇසුරින් කරන ලද මෙම ගනනයන් පවසන්නේ තවමත් ලොව දෙවන වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය බවට වින් XP සිටින බවයි. එම වාර්ථා පවසන්නේ මේ වන විට ලොව වැඩිම භාවිතාවක් (Pcs අතරින්) ලබන මෙහෙයුම් පද්ධතිය වන්නේ  වින්ඩෝස් 7 වන අතර එය සංක්‍යාත්මකව 48.77% ලෙසට වන බවයි.
                   XP භාවිතාවේ අනතුරුදායක බව පැහැදිලි කරමින් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ හානිකරයන් ලියන්නන්ගෙ වැඩි අවධානයක් ලබා ගන්නට මෙම දිනයෙන් පසුව ඇති ඉඩ සැලකීමේදී කලපනාකාරීවීම වැදගත් බවයි. සමහර විටක දැනටමත් මයික්‍රසොෆ්ට් නිල යාවත්කාලීනයන් ගෙන් තොරව භාවිතාකරන්නෙකුට වුවද එම නව ප්‍රවනතාවය සමග වැඩි අනතුරුදායකබවක් වන බවටයි හදාරන්නන්ගේ මතයද වන්නේ. 

2014-02-07

Windows 9 කුමන හැඩයක් ගනීවිද????

  Windows 9 හදාරනන් සදහා අපූරු ‍තෝතැන්නන් වෙමින් තිබේ. වින්ඩෝස් 8 සමග මයික්‍රසොෆ්ට් ආයතනය හදුන්වාදෙන්නට නිර්භීතවූ නව ඩෙස්ටොප් ආකෘතිය ඔවුන් බලා පොරොත්තුවූ තරම්  සාර්ථක නොවීම හා ඔවුන් බලා පොරොත්තුවූ තරම් වේගයෙන් ප්‍රධාන පරිගණකය බවට ටැබ්ලට් ස්වභාවයේ පරිගණක නොපැමිනීම එම අසාර්ථක බවට ප්‍රධාන හේතුන් වෙමින් තිබේ. සැබවින්ම දෘශ්‍යව සියලු උපංග තිර සමාන වීම එතරම් ප්‍රායෝගිකව සිත්ගන්නා සුලු නොවීමේ  ප්‍රථිපලය ආයතනය මුහුන දෙමින් ඇති  පලමු කාරනයයි. උපාංග වල ක්‍රියාකාරීත්වය තුල පහසුවෙන් සීමා සහිත ආකාරවලට හෝ එකම app එකක් භාවිතාකිරීමේ හැකියාව වැනි පහසුවෙන් උපකරනයෙන් උපකරනයට මාරුවීමේ හැකියාව මීට වඩා ප්‍රමුකව සපුරන මෙන්ම ඒ ඒ උපාංග වල භාවිතාවන ස්වරූපයන් වලට වඩාත් හිතැති UI සමග පැමිනියානම් තත්වය වඩාත් සර්ථකවීමේ යතාර්ථය වෙතට මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම මුහුන දෙමින් සිටින බවටයි පිලිගැනෙමින් පවතින්නේ.
                            හදාරන්නන් පවසන්නේ windows vista හා Windows 7 අතර පිලිගැනීම වන අසාර්ථක සංස්කරනය හා සාර්ථක සංස්කරනය සිදුවීම Windows 8 හා Windows 9  අතරට නැවත සිදුවීමක් දැයි විමසීම යුතු බවයි. ලොව වැඩිම භාවිතාවක් ඇති Windows මෙහෙයුම් පද්ධති වල චලනය සදහා ක්ශනික සාර්ථක ප්‍රථිචාර නොපැමිනීම තාර්කික කාරනාවක් වන්නේ බහුල භාවිතාකරන්නන් සදහා බලපාන Hardware ගැටලුව හා කොතරම් ප්‍රායෝගිකව වැඩදායී වුවත් වෙනස් වීම  වටහා ගැනීම වෙනුවෙන් මනසික ශක්තිය වැය කරන්නට භාවිතාකරන්නා අකමැතිවීම සාමන්‍ය ස්වභාවය බව පෙර අත්දැකීම් වලින්ම ඔප්පුව ඇති නිසාය. හේතුව කුමක් වූවද Windows වල මීලග ප්‍රධාන සංස්කරනය 2015 වන විට නිකුත්වන්නට ඉඩ ඇති බවට නිගමනය කරන්නට හේතු බොහොමයකි. පලමු හේතුව  සම් සාමාන්‍යයෙන් මයික්‍රසොෆ්ට් නව සංස්කරන නිකුත්වන කාල යාන්ත්‍රනයට අනූව එම නිගමනයට පැමිනීමයි. එම සංස්කරනය පිලිබදව නෙක මතවාද පැමිනෙමින් ඇත. Windows 8 නිකුතුවත් සමග පලවුනු නිල අදහස් වලින් පැවසුනේ එම නිකුතුව Cloud Base ස්වරූපයක් ගනු ඇති බවය. සෛද්ධාතිකව පරිගණකය වඩාත් ජංගමවීම හා ඊලග පියවර ලෙසට එය වඩාත් Online ආකාරයට ක්‍රියාත්මක වෙමින් භාවිතවේ වැඩි බරක් servers වෙතට ලබාදීම මයික්‍රසොෆ්ට් සැලසුම වුවත් ප්‍රායෝගික ලෝකය තුලදී තවමත් තවමත් භවිතාකරනන් අතරට windows 8  සාර්ථකව නොපැමිනීම පමනක් නොව වසර 12ක් පැරනි Windows XP භාවිතාවෙන් සැලකිය යුතු ප්‍රමනයක් මුදාවා ගන්නට නොහැකිවීම එම සැලසුම් ප්‍රායෝගිකව ගැටලු සහගත වෙමින් තිබේ. 

2014-01-12

වින්ඩෝස් 9 2015 අප්‍රේල් වල!!!!

  පලවෙමින් ඇති විස්වාසනීය ආරන්චි මාර්ග පවසන්නේ මයික්‍රසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන නිකුතුවක් 2015 අප්‍රේල් වලදී නිකුත්වන්නට ඉඩ ඇති බවකි. වින්ඩෝස් 9 ලෙසට නම් වන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි සැලකෙන මෙම සංස්කරනය පිලිබදව නිල නිවේදනය 2014 අප්‍රේල් වලට යෙදී ඇති BUILD 2014 හමුවේදී සිදු වෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම නිකුතුවේදී දැනට ගැටලු සහිත බවට පත්ව ඇති වින්ඩෝස් 8 ප්‍රධාන මුහුනතහි ගැටලු සහිත බවට විසදුම් ‍රැගැත් "Metro 2.0" දියුනු කිරීම් වලින්ද සමන්විත වනු ඇති බවටයි එම පුවත වැඩි දුරටත් හෙලිකොට සිටින්නේ. කෙසේ වෙතත් මෙම සංස්කරනයේ පෙර නිකුතුවක් පිලිබදව කිසිදු තොරතුරක් තවම නිකුත්ව නොමැත.

2014-01-09

වින්ඩෝස් XP සදහා තව දින 90කි!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට නිල ලෙසට වින්ඩෝස් XP සදහා වන සහය අවසන් කිරීමේ දින වකවානු නියම කොට අහවරය.එල බෙන අප්‍රේල්8 එනම් තවත් දින 90කින් එම ආයතනය වින්ඩෝස් XP  සදහා වන සහය වෙබ් පි‍ටුවද අවසන් කරන්න දමන්න කටයුතු කරන්නට නියමිත අතර එදිනින් පසුව ඔවුනගේ නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගයවන Microsoft Security Essentials මෘදුකාංගයද වින්ඩෝස් XP  සදහා බාගත කරගන්නට ඇති හැකියාවද අවසන් වන බවටයි කරුනු දැක්වෙමින් තිබෙන්නේ. එක්තරා මාධ්‍ය ආයතනයකින් මයික්‍රසොෆ්ට් වෙතින් විමසා සිටියේ අප්‍රේල් 8 ට පෙර දැනට හදුනා ගෙන තිබෙන ප්‍රකට දුර්වලතා කිහිපය සදහා යාවත්කාලීන නිකුතුවට කටයුතු කරන්නට බලාපොරොත්තු වනවාදෝයි වන අතර එම ආයතන පවසා සිටින්නේ මේ සදහා පැහැදිලි පිලිතුරක්  නොලැබුනු අතර වක්‍රව ලැබුනු පිලිතුරින් පවසා සිටින්නට කටයුතු කර ඇත්තේ " නිතරම මෘදුකාංග වල නවතම සංස්කරනයන් භාවිතකිරීමත් , ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලීනව තබා ගැනීමත් වැදගත් වනු ඇති බවයි". දැනටමත් නියමිත යාවත්කාලීන නොලබමින් භාවිතාවන XP මෙහෙයුම් පද්ධති පිලිබදවද විචාරනය වන්නේ වැඩි අනාරක්ශිත බවකට පත්වීමකට ඉඩක් ඇති බවය. අප්‍රේල් 8 දායින් පසුවද බහුල භවිතයක් පෙන්වන්නට ඉඩ ඇති XP සදහා හානිකරයන් ලියන්නන්ගේ වැඩි අවදානයක් ලැබීම මත වැඩි අනාරක්ශිත බවකට ඉඩ ඇති බවටයි පිලි ගැනෙන්නේ. 

2014-01-06

වින් 8.2 සමග පැරනි ඩෙස්ටොප් මුහුනත දෙසටද දැනෙන චලනයක් පැමිනේවි!!!!

  මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සම්බන්දයෙන් තවමත් සිටින්නේ සංක්‍රාන්ති සමයක බවටයි විචාරකයින් පවසා සිටින්නේ.වින්ඩෝස් 8 හැරවුම භාවිතාකරන්නන් අන්ද මන්ද කල වෙනසක් සටහන් කල අතර වින්ඩෝස් 8.1 සමග එම තීරනාත්මක හැරවුම සුලු සමබර කිරීමකටද මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කරන ලද්දේ අහිමි කරන ලද ස්ටාර්ට් බටනය පමනක් මෙන්ම කෙලින්ම සුපුරුදු ඩෙස්ටොප් එක මතට බූට් ක්‍රියාවලිය අවසන් කරන්නට හැකියාව ලබා දීම සමග බවටයි පිලි ගැනීම වන්නේ.අමතර දියුනු කිරීම් මෙන්ම නව අංග කිහිපයකම සමග පැමිනුන වින්ඩෝස් 8.1 මෙගා යාවත්කාලීනය සමග යම් තරමක භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ගනිමින් සමස්ථ භාවිතාව තුල තම ස්ථාවරය ලබා ගමිනින් සිටින බවටයි හැදෑරීම් වාර්ථා පවසන්නේ.
                  ක්‍රමයෙන් වින්ඩෝස් 8.2 මෙගා යාවත් කාලීනයක් පිලිබදව කථ බහ මේ වන විට කරලියට පැමිනෙමින් තිබෙන්නේ වින්ඩෝස් 8 සමග මයික්‍රොසොෆ්ට් ආයතනය හදුන්වා දෙනු ලැබූ වේගවත් යාවත්කාලීන නිකුතු රටාවට අනූවය.නව සංස්කරනය සමග ස්ටාර්ට් මෙනුවක පැමිනීම යෝජනා වෙමින් ඇති අතර බාහිර පාර්ශවයන් එම ස්ටාර්ට්  මෙනුව පැරනි සාම්ප්‍රධායික ස්ටාර්ට් මෙනුව ඉක්මවා යමින් නව මුහුනු වරක් ගත යුතු බවට නෙක යෝජනා ඉදිරිපත් කරම්න් සිටී. බොහෝ විට එය පැරනි මෙන්ම නවීන ඇප්ලිකේෂන නියෝජනය කරන මෙන්ම වින්ඩෝස් 8 සමග හදුන්වාදුන් චාර්ම්ස් බාරයේ එකතුවක් වනු ඇති බවටයි බලපොරොත්තුව වෙමින් ඇත්තේ.මීට අමතරව තව දුරටත් SkyDrive මෙහෙයුම් පද්ධතිය තුලට ගෙන ඒමත් Bing සෙයුම් යන්ත්‍රය මෙහෙයුම් පද්ධතිය තුල වඩාත් සංක්‍රිය කිරීමත් හදාරන්නන්ගේ අවධාරනය දිනා ගත් කාරනා වෙමින් තිබෙනවා. ත්‍රිමානීය මෘද්‍රනය මෙන්ම peer to peer ආකාරයේ  Wi-Fi සබදතාවය මීට අමතරව ඔවුනගේ බලා පොරොත්තු ලෙසට සටහන් වෙමින් තිබෙනවා.
                        ඩෙස්ටොප් පරිගණක අලවිය වාර්ථා ගත ලෙසට පහල යමින් තිබුනද එහි භාවිත වටිනාකම් ජංගම මට්ටමේ උපාංග අත්පත් කර ගැනීම බලාපොරොත්තු වූ තරන් සරලව හා වේගවත්ව සිදු නොවීමද වෙගයෙන් වැඩි වෙමින් ඇති සරල මට්ටමේ භාවිතාකරන්නන් සමග ඉහල යමින් පවතින එවැනි උපාංග වලට ඩෙස්ටොප් පරිගණක සමග වන වෘතීය මට්ටමේ බාවිතාකරන්නන් ගේ තම පලමු දත්ත උපාංග එතරම් පහසුවෙන් ආක්‍රමනය කරන්නට නොහැකිවීම කෙමෙන් කැපෙනෙන්නට පටන් ගෙන ඇති බවටයි හැදෑරෙමින් ඇත්තේ.ලොව වැඩිම භාවිතාවක් හිමි කරගෙන සිටින මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතියට එතරම්ම පහසුවෙන් තොරතුරු ලෝකයේ බරපතල භාවිතාව මග හරින්නට නොහැකි වනු ඇති බවත් වින්ඩෝස් සම්ප්‍රධායික භාවිතාව දෙසට මුල් හැරවුමේදී පෙන්වූ නොහිතවත්කම මදක ලිහිල්කර ගන්නට සිදුවෙනු ඇති බවටයි එම හදාරන්නන් අවධාරනය කර සිටින්නේ.

2013-12-16

වින්ඩෝස් 8.2 සමග එන Start මෙනුව......

  මේ දිනවල කථා බහට ලක්ව ඇති කාරනා අතර වින්ඩෝස් 8.2 සමග එනු ඇතැයි දැනට ප්‍රකාශ වී ඇති නව UI මුහුනත කෙබදු ආකාරයේ විය හැකිය දන්න කැපී පෙනෙන මාතෘකාවකි.සමහරුන්ට අනූව එය පෙර START මෙනුව ආකාරයේ වනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබුනද තවත සමහර හදාරන්නන් පවසන්නේ එය කිසිසේත්ම පැරනි start මෙනුව ආකාරය නොගත යුතු බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය දෙසින් නොනිලව දැනටමත් පලව ඇති නව මොඩර්න් ඇප්ස් වල සබදතා පවා Destop මුහුනතට ගෙන ඒමේදී එය පැරනි icon වලට ගැලපෙන ආකාරයටවූ මුහුනතට වඩා නවීන පෙනුමකට මෙන්ම ක්‍රියාකාරකමකට නොයෑම දුර්වලතාවයක් ලෙසට සටහන් වනු ඇති බවටයි ඔවුනගේ අදහස වන්නේ.
           මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 සමග ගෙනා දෘශ්‍ය වෙනස වින්ඩෝස් 7 වලින් සරල ද්ව්මානී ස්වරූපයක් දෙසට චලනයක් ලෙසට පිලි ගැනෙන අතර එම දෘශ්‍ය බව මතට පැරනි වින්ඩෝස් ස්ටාර්ට් මෙනුව ගෙන ඒම සමස්ථයක් ලෙස මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය ඒකමිතික බවට හානියක් ලෙසට යෝජනා කරමින් සිටින ඔවුන් පවසන්නේ Live Tiles වැනි නව් ප්‍රවනාවන් ඉස්මතුවන මට්ටමේ දෘශ්‍ය මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග එය පැමිනීම වඩාත් භාවිතාකරන්නන්ගේ සිත්ගන්නා සුලු වනු ඇති බවයි.

2013-12-14

Steam OS වල පලමු බීටාව නිකුත්වෙයි!!

  පසුගිය දිනවල පොරොන්දු වූ පරිදි Valve ආයතනය මේ වන විට Steam OS හි පලමු Public Beta සංස්කරනය නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ. භාවිතාකරන්නාගේ නිවසේ විසිත්ත කාබරය ඉලක්ක කොට ගෙන නිකුත්වන Linux මූලික පරිගණක ක්‍රීඩා සදහා මිත්‍ර මෙම මෙහෙයුම් පද්ධතිය විවෘත ගනයේ එකක් ලෙසටයි ශ්‍රේනිගතව ඇත්තේ. Debian Linux software මූලිකව නිර්මානය කර ඇති මෙම මෘදුකාංගය  Linux-based Steam games ධාවනයට අමතරව  Linux applications සදහාද සහය දක්වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහි ධාවනය සදහා intel හා AMD වල 64bit ප්‍රොසෙසරයක් සමග 4GB තාවකාලික මතකයක්, 500GB ගබඩා හැකියාවක් USB සබදතාවයක් මූලිකව අවශ්‍ය වනු ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් එම ආයතනය අවධාරනය කරන්නේ මෙම පලමු සංස්කරනය ස්ථාපනය සදහා වඩාත් පලපුරුදු භවිතාකරන්නන් සදහා වඩාත් උචිතවනු ඇති බවයි. මෙහි අවසන් සංස්කරනයක් එලබෙන වසර තුලදී පැමිනීමට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.

2013-10-23

Mavericks ඇපල් වෙතින් නිකුත්වෙයි!!!!

  Apple ආයතනය මේ වන විට OS X 10.9 Mavericks  මෙහෙයුම් පද්ධතිය නිවේදනය කොට තිබෙනවා. එය Mac App Store  වෙතින් නොමිළේ ලබා ගත හැකි වන්නේ නොමිළේ බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.දැනට Leopard  වල සිට ඉහලට වන මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් වෙතට මෙසේ නොමිළේ භාව්තාවට ඉඩ සැලසෙනව ඇත.WWDC  හිදී පසුගිය ජූනි මාසයේ ඇපල් ආයතනය මෙම නව මෙහෙයුම් පද්ධතිය පිලිබදව පලමුවෙන් සදහන් කරන්නට යෙදුනු අතර  වඩාත් නම්‍ය ධාවනයක් හා ශක්ති වැය අවම කිරීම් ඇතුලු දියුනු කිරීම් කිහිපයක්ම සමග එය පැමිනෙනු ඇති බවටයි පවසා සිටියේ. මීට අමතරව එම ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග iMovie, iPhoto හා GarageBand වැනි භාවිතාකරන්නන්ගේ සිත් ඇදගන්නා නවාංගද ‍රැගෙන එනු ඇති බවටයි පවසා සිටින්නේ.

2013-10-12

මයික්‍රසොෆ්ට් හා Metro බැඳියවට තෙවසරකි!!!

  2010 ඔක්තෝබර 11 මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් ෆෝන් 7 නිකුත්කරන ලද්දේ නව Metro මුහුනතට තම මෙහෙයුම් පද්ධති පිවිසීමේ ආරම්භයක් ලෙසටය.ඉන්පසුව 2011දී මයික්‍රසොෆ්ට් ආයතනය  Xbox 360 වෙතට  මෙම Metro පෙනුම මූලික මුහුනත හදුන්වා දෙන්නටකටයුතු කරන ලදී.වින්ඩෝස් 8 සමග 2012 මයික්‍රසොෆ්ට් සමාගම තම ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධතියට Metro මුහුනත ගෙනෙන්නට කටයුතු කරන ලද්දේ ස්ථාවරව තිබූ තම මෙහෙයුම් පද්ධතිය සම්ප්‍රධායට පැමිනිය හැකි අභියෝගද නොසල කමිනි. 2012 වසර මැද භාගයේදී මෙම Metro නම් තම නව මුහුනතට වූ වෙළඳ නාමය නෛතික හේතූන් මත වෙනස් කරනලද්දේ Modern නාමය භාවිතයට ගනිමිනි. එලබෙන නොවැම්බරයේ පැමිනෙන්නට නියමිත Xbox One හි dashboard වෙත්ද මෙට්‍රො ආකාරයේ ස්වරූපයක් ගෙනෙන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. භාවිතාකරන්නන්ගේ එතරම් ධනාත්මක නොවන ප්‍රථිචාර සමග වුවත් මයික්‍රසොෆ්ට් සමාගම තම Metro මිත්‍රබව ඉදිරියට ගෙන යන්නට කටයුතු කරමින් සිටින අතර ඔවුනගේ ලෝගෝවන් පවා නව හුරුවට හැලපෙන පරිදි වෙනස්කරනට පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.

2013-10-10

වින්7 වෙතට එන පැරනි යාවත්කාලීන ඉවත්කරන්නට සහය යාවත්කාලීනයක්

  මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස පවසා නොමැති වුවද තම වින්ඩෝස් 7 සදහා දෙවන සර්විස් පැක් එකක නිකුත්කිරිමේ කිසිදු සූදානමක් පල නොවන වටපිටාවක් තුල පලවන නවතම පුවතක් පවසන්නේ මයික්‍රසොෆ්ට් සමාගම තම වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතියවන වින්ඩෝස් 7 නොසලකා හැරීමේ සූදානමක්ද නොමැති බවකි.මෙම සතියේ ආයතනය විසින් නිකුත්කර ඇති වින්ඩෝස් 7 යාවත්කාලීනයක් සමග සාමාන්‍ය යාවත්කාලීන සමග ඇහිරී ඇති දෘඩතැටියේ යම් ප්‍රමානයක වන පැරනි යාවත්කාලීන ඉවත්කරන්නටද භාවිතාකරන්නන්හට පහසුව ලබා දෙන බවකි හෙලිවන්නේ. වින්ඩෝස් 7 නිමව ඇති ක්‍රමය අනූවම නව සර්විස් පැක් එකක් පැමිනි විට එය ස්ථාපනය සමග එම ෆෝල්ඩරයේ පිරී ඇති විටින් විට නිකුත්වූ තවදුරටත් අදාල නැති යාවත්කාලීන ගොනු ඉවත්කිරීමට අවස්ථාව ලැබීම සිදුවනු ලබනවා. 2009දී නිකුත්වූ වින්ඩෝස් 7 සදහා නිකුත්ව ඇත්තේ එකම සර්විස් පැක් එකක් වන අතර ඒතැන් පටන් විටින් විට එක්වූ යාවත්කාලීනයන් සමග ඇහිරී ඇති වින්ඩෝස් 7 පරිගණක වල දෘඩ තැටිවලට මෙම නිකුතුව සහනයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.සාමන්‍ය Windows Update එකක් ලෙසට ලබා ගත හැකි මෙම යාවත්කාලීනය "Important" මට්ටමේ එකක් ලෙසටයි එම ආයතනය වර්ගීකරනය කර ඇත්තේ.
http://support.microsoft.com/kb/2852386

2013-10-04

OS X නව සංස්කරනය ඔක්තෝබර අවසානයේ පැමිනෙනු ඇති බවට ....

  පැවති මද නිහැඩියාව අවසන් කරමින් OS X හි නව සංස්කරනය නොහොත් OSX 10.9 නැතිනම් ආයතනික සංකේත නාමය වන Mavericks මේ වන විට තම මෘදුකාංග සංවර්ධකයන් වෙතට මුදා හරින්නට මේ වන වන ඇපල් ආයතනය කටයුතු කරමින් සිටින බවටයි නිවේදනය වන්නේ.වැඩි දුරටත් හෙලි වන කරුනු පවසන්නේ නව සංස්කරනය ඇපල් හි සේවක මහතුන් වෙත මෙන්ම AppleSeed  වෙතටද ලබා දෙන්නට ඇපල් ආයතනය කටයුතු කර ඇති බවයි.හදාරන්නන් පවසන්නේ බොහෝ විට මෙම සංස්කරනය ඔක්තෝබරයේ අවසානය වන විට සාමන්‍ය භවිතාඅ කරන්නන් සදහා මුදා හරින්නට බෙහෙවින් ඉඩ ඇති බවකි.
                    ඇපල් ආයතනය දැනට භාවිතාවන සංස්කරනය වන  Mountain Lion පසුගිය 2012 ජූලි මසයේ නිකුත්කරන්නට කටයුතු කල අතර මෙම නව සංස්කරනයට වැඩි කාලයක් ගතවීමට හේතුව වන්නට ඇත්තේ iOS7 සදහා වැඩි අවධානයක් ලබා දී තිබීම වියහැකි බවටයි  උපකල්පනය වන්නේ. ඇපල් ආයතන තම  Mavericks පිලිබදව  මුලින්ම නිවේදනය කරනු ලැබුවේ පසුගිය ජූනි වල වන අතර  දියුනු කිරීම් මෙන්ම iBooks හා Map apps මෙන්ම අවසරපද  වඩාත් සුරක්ශිතව ‍රැදවීමට හැකි  iCloud Keychain මෙන්ම වැඩි දියුනු කරන ලද බහු මොනිටර සහය ඇතුලු තවත් නවාංග කිහිපයක් ගැනම ප්‍රකාශ කරන්නට යෙදුනි.

2013-10-03

ලබන අප්‍රේල් 8 දායින් පසුව වින් XP භවිතාකරන්න බලාපොරොත්තු වන්නේනම්!!!!

  වින්ඩෝස් XP භාවිතාව අවසන් කිරීමට මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස දින නියම කොට හමාරය. ඉතිරිව ඇත්තේ තවත් හය මසක කාලයක් පමනී. ඉන් පසුව XP  භාවිතය පිලිබදව හදාරන්නන් අනතුරු හගවන්නේ පහසුවෙන් සයිබර් පහර දෙන්නන්ගේ ගොදුරක් වීමට ඇති අවස්ථාව අවධාරනය කරමිනි. මෙහෙයුම් පද්ධතියක නිල සහය කාලය අදාල ආයතනය විසින් හමාර කිරීම යනු එම මෘදුකාංගයේ දුර්වලතා සදහා යාවත් කාලීනයන් නිකුත් කිරීම අවසන් කිරීම ප්‍රධාන වේ.අනෙක් පසින් භාහිර  ආයතන එනම් ආරක්ශක මෘදුකාංග ආයතන පවා තම ආරක්ශක මෘදුකාංග නිර්මානය කිරීමේදී එම මෙහෙයුම් පද්ධතියේ සමහර අනන්‍යතා නොසලකා හරිමින් පැමින ඇති වඩාත් නවීනතම මෙහෙයුම් පද්ධතිවල ස්වභාවයට ගැලපෙන සේ ඒවා නිර්මානය කරන්නට පටන් ගැනීමද සිදුවේ.එසේම පැමිනෙන නව මෘදුකාංග හෝ භාවිතාවන මෘදුකාංග වල නව සංස්කරන තවදුරටත් එම මෙහෙයුම් පද්ධතිය සදහා සහය නොදැක්වීමද සිදුවනු ඇත.
                                    එලබේ අප්‍රේල් 8 දායින් පසුව තවදුරටත් වින්ඩෝස් XP භාවිතාකරන ඔබට ගත යුතු වන පලමු පියවර වන්නේ හැකි හැමවිටම offlineසිටීම බව හදාරන්නන්ගේ පලමු උපදෙසයි.හානිකරයන් ගලා ඒමේ වඩාත් සංවේධීතම මාරගය එයින්වැලකීම සිදුවනු ඇති බවට ඔවුන් පවසනවා.එසේම බොහොමයක් ආරක්ශම මෘදුකාංග සමාගම තම මෘදුකාංග  වල 2014 සංස්කරන සදහා xpසහය ලැබෙන බවට ප්‍රකාශ කර ඇති නිසා මීලග ආරක්ශක මෘදුකාංග ‍තෝරා ගැනීමේ 2014 එසේ XP සදහා සහය දක්වන මෘදුකාංගයක් තොරා ගැනීම වැදගත් වනු ඇති බවත් ඔවුන් පවසා සිටිනවා.ඔබ වින්ඩෝස් XPහි Service-Pack3  නොවන්නේ නම් භාවිතාකරන්නේ මෙහෙයුම් පද්ධතිය එම සංස්කරනය දක්වා ඉහල නංවා ගැනීමද වඩාත් ආරක්ශාකාරී පියවරක් වනු ඇති බවටත් ඔවුන් උපදෙස් දෙනු ලබනවා.මීට  අමතරව  මයික්‍රසොෆ්ට් වෙබ් අඩවිය ඔස්සේ SP3 මෙහෙයුම් පද්ධතියේ පිටපතක් ලබා ගෙන එය සු‍රැකිව තබා ගැනීම මෙන්ම භාවිතවෙමින් ඇති xp පද්ධතියේ සම්පූර්න backup එකක් ලබගෙන ඒය සු‍රැකිව තබා ගැනීමද වැද ගත් වනු ඇති බව උපදෙස් ලැබෙන අතර අවශ්‍ය වන ද්ර්ඩාංග උස්තල ගැන්වීමක් ලගදී බලපොරොත්තු වන්නේ නම් එයත් සමග අවශ්‍ය සියලු සියලු මෘදුකාංග වල පිටපත්ක්ද තබා ගැනීම වැදගත් බව මතක්කර සිටිනවා.

2013-09-24

වඩාත් නිදහස් විසිත්තකාබර multimedia අත්දැකීමකට SteamOS ......

  Valve ආයතනය පවසා සිටින්නේ තමන් විසින් විසිත්ත කාබරයේ රූපවාහිනිය වැනි විශාල තිරයන් ඔස්සේ වීඩියෝ ක්‍රිඩා ප්‍රමුක රසවින්දනයක් ‍රැගෙන ඒම මුල්කොට ගනිමින් බිර්මානය වන  Linux-based  මෙහෙවුම් පද්ධතියක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවකි. graphics processing අතින් වැඩි අවධානයක් සහිතවන් නිර්මානය කොට ඇති මෙම නව මෙහෙයුම් පද්ධතිය multimedia භාවිතාවන් සදහා වඩාත්  උචිතව පැමිනෙනු ඇති බවටයි පවසන්නේ. නොමිලේ ලබාගත හැකි ලෙසට පැමිනෙන මෙම මෙහෙයුම් පද්ධතිය නිකුත්වන දිනයක් පිලිබදව  තවමත් සදහන් කොට නොමැති අතර මීට අමතරව  SteamOS boxes නිකුතුවක් පිලිබදවද සදහන් කොට සිටිනවා. ‍රැහැන් රහිත ආකාරයට පරිගනකයේ සිට රූපවාහිනිය දක්වා පරිගණක ක්‍රිඩාවක් ලබාදීමට හැකි වන ලෙසටද නිමවන මෙම උපකරනයන්ද සමග වඩාත් අපූර්ව multimedia අත්දැකීමක් ලබාගන්නට භාවිතාකරන්නාවෙත සහයවන දෘඩාංග පෙලක්ද සමග 2014 වසරේදී නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...