UK වල ප්රකට අවමංගල්ය අධ්යක්ෂක සමාගමක් පවසන්නේ තම මියගිය හිත මිතුරාදීන් සදහා වෙබ් මතකයක් සටහන් කර බෙදා හදා ගැනීමේ අවස්ථාව දැන් ලබා දෙමින් සිටින බවයි. දලවශයෙන් වසරකට අවමංගල්යයන් 100000 කට වඩා සේවය ලබා දෙන ආයතනයක් ලෙසට ගැනෙන මෙම ආයතනය පවසන්නේ පුවත් පතක හෝ වෙන කිසිම මාධයකට වඩා පහසුවෙන් සටහන්, හඬ පට , වීඩියෝ මෙන්ම ඡායාරූ වැනි සියලු මතකයන් තම වෙබ් පිටු සේවාව සමග බෙදා හදා ගන්නට එම සේවා දායකයන්ට හැකි වන බවය. අදාල පුන්ය කටයුතු සදහා සබදතා මෙන්ම Facebook , Google+ වැනි සමාජජාලා ඔස්සේ පහසුවෙන් ප්රසිද්ධ කිරීමේ හැකියාව නිසාද මෙම සේවාව වඩාත් සිත්ගනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකරනවා. ත්ම ආයතනයෙන් සේවාව ලබන අය සදහා දැනට විවෘතව ඇති මේ සේවාව ඔස්සේ මාස තුනක සිට වසර 10 දක්වා එම මතක සටහන් පිටු නඩත්තු කරන්නට තමන් සූදානම් බවට ඔවුන් පවසනවා. භාවිතාකරන්නා හටම පහසුවෙන් online ආකාරයට අදාල වෙබ් අඩවිය ඔස්සේ තම අදාල පිටුව නිර්මානය කර ගැනීමට අවස්ථාව ලබාදෙන අතර අවශ්ය අය සදහා මෙම මතකයන් මුද්රිත ආකාරයෙන් ලබා ගන්නට ඇනවුම් කරන්නටද හැකි වන ලෙසට තම සේවාව සැකසී ඇති බවටත් ඔවුන් පැහැදිලි කර සිටිනවා. මීට අමතරව නොමිළේ මෙම සේවාව ලබා ගත හැකි වෙබ් අඩවිද (www.muchloved.com) පවතින අතර දුර බැහැරක වෙසෙන අයෙකුට පවා ඒවා ඔස්සේ තම ආදරනීයයන්ගේ මතකයන් දකින්නට මෙන්ම ඔවුන් වෙනුවෙන් පුන්ය අධාර කරන්නට මෙන්ම ග්රෆික් ආකාරයට වන ඉටිපන්දම් දැල්වීමකට පවා අවස්ථව ලබා දෙනුලබනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label Web sites. Show all posts
Showing posts with label Web sites. Show all posts
2014-11-24
2013-12-16
අසැබි වෙබ් අඩවි පෙරන බ්රිතාන්ය අගමැති තීර්නය ක්රමයෙන් ක්රියාවට....
බ්රිතන්ය අගමැතිතුමන්ගේ අදහසක් වූවේ අසැබි වෙබ් අඩවි කුඩා දරුවන් සදහා පහසුවෙන් විවෘතව තිබීම පාලනය කිරීම අන්තර්ජාල සේවා සපයන්නන්ගේ (ISP) මට්ටමින් පාලනයට කටයුතු කිරීම වඩාත් වැදගත් වනු ඇති බවයි. එතුමන් ඉල්ලා සිටියේ අන්තර්ජාල සේවා සපයන්නන් තත්වය තේරුම් ගැනීමෙන් මෙම තත්වය පාලනය සදහා ඉදිරි පත්වන්නේනම් එය අනගි කාරනයක් වනු ඇති බවයි. නො ඒසේනම් නීතිමය මැදිහත්වීමක් සූදානම් වන බවයි. පලවන නවතම වාර්ථා පවසන්නේ එරට ප්රධාන සේවා සපයන්නන් ක්රමයෙන් එම මැදිහත්වීමට කටයුතු කරන්නට සැරසෙමින් සිටින බවයි.BT Broadband සමාගම පවස සිටින්නේ නව සබදතා ලබා ගන්නන් සදහා ඔවුනගේ සම්බන්දතාවය පලමු වරට ක්රියාත්මක කිරීමේදීම මුල් ස්වභාවයෙන් අසැබි වෙබ් අඩවි වලක්වමින් ක්රියාත්මක වන පෙරනය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් ක්රියාවිරහිත කරනවාද යන්න තීර්නය කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. එම ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ එම පෙරනයන් Strict, Moderate හා Light ලෙසට වන තේරීම් අවස්ථා තුනකින් වන බවත් එම අවස්ථා තවදුරටත් දවසේ කාල වේලාවන් අනූව සකසා ගත හැකි බවත්ය.වැඩි දුරටත් එම සැකසුම් වල වෙනසක් ඇති වන විට ඊමේලයක් නිකුත්වන ආකාරයට පවා සකසා ගනිමින් මෙම ක්රියාත්මක කිරීම වඩාත්සංවේදී මට්ටමකින් පවතවාගෙන යන්නට තමන් කටයුතු කොට ඇති බවටයි පවසා සිටින්නේ.
2013-12-14
වෙබ් භාවිතාවෙන් 61.5%ක් සැබෑ මිනිසුන් නොවේ!!!!
වෙබ් අවකාශය තුල වැඩි භාවිතාවක් වන්නේ සැබෑ මිනිසුන්ට වඩා "Bot" ආකාරයේ නැතිනම් ආසාධිත පරිගණකක වලින් සුසැදී ජාල ඔස්සේ ක්රියාත්මක වන යාන්ත්රන වන බවටයි පලවන නවතම වාර්ථා පවස සිටින්නේ. එම වාර්ථා වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ 2011 වසරේ මාර්තු වන විට 51%ක් ව පැවති එම Bot ආකාරයේ ජාලවිසින් අන්තර්ජාලය මත හැසිරීම මේ වන විට 61.5% තරම් ඉහල අගයකට පැමින ඇති බවයි.තවත්වය වඩාත් පැහැදිලි කරනවා නම් 2012 වසර වන විට වෙබ් අඩවි වෙත යන එන සැබෑ මිනිස් භාවිතකරන්නන් සංක්යාව 49% ක ප්රථිශතයක් තිබුනද මෙවන විට එය 38.5% වඩාත් අඩු තත්වයකට අවමව පවතින බවයි.ඔවුන්ගේ මෙම හැදෑරීමට වෙබ් අඩවි 20000ක් දින 90ක් තිස්සේ යොදා ගත් බවටයි පවසා සිටින්නේ.වෙබ් සැරීම් අවකාශයේ 31% පමනක් Google ,Bing හා අනෙකුත් යහපත් මට්ටමේ භාවිතාවන් ගෙන් සිදුවන බවට හා 30.5% හානිකර පැතිරවීමේ , භාවිතාකරන්නන්ගේ තොරතුරු පැහැර ගැනීම වැනි හානිකර Bot ජාලා ක්රියාකාරකම් වමින් පිරී ඇති බවටයි ඒ අනූව පිලිගැනෙන්නේ.කෙසේ වෙතත් Spam ආකාරයේ අන්තර්ජාල මතවූ භාවිතාව 75% කින් අඩුව පවතින බවත් ගූගල් ඇල්ගොරිතමයන් තුල ස්වංක්රීයව ක්රියත්මක වන සබදතා අවම වන ලෙසට සැකසුම් පැමිනීම එයට හේතුව විය හැකි බවටයි ඔවුන් පෙනවා දෙන්නේ.
2013-12-08
අවසර පදවල සුරශිත බව මනින සේවාවක් මයික්රසොෆ්ට් වෙතින්...
තොරතුරු ලෝකයේ අවසර පදය (password) යනු ඔබගේ සුරක්ශිත භාවයේ යතුරයි. නිතරම හදාරන්නන් උපදෙස් දෙනු ලබන්නේ වඩාත් සංකීර්න සංයෝජනයක් සහිත අවසර පදයක් ඔබේ සුරක්ශිත බවට සාධකයක් වනු ඇතුවා සේම පහර දෙන්නට උත්සාහ කරන්න වඩාත් අධෛරයට පත්කරන්නට සහය වනු ඇති බවකි.වඩාත් වැඩි වෙමින් ඇති සයිබර් අනවසර ඇතුලුවීම් හමුවෙහි මෘදුකාංග ආකාරයට ඔබගේ අවසර පද නිර්මානය කර දෙන්නට මෙන්ම ඒවා සුරක්ශිත කර දෙන්නට සමත් මෘදුකාංග බිහිවෙමින් ඇති අතර yahoo , facebook වැනි ප්රධාන මට්ටමේ අඩවි වලට පවා සාර්ථක පහරදීම්සිදුවෙමින් පවතී.එකම අවසර පදය විවිද ගිනුම් සදහා භාවිතාකිරීම මෙන්ම අත්ශය සරල 123456 වැනි අවසර පද භාවිතයේ ප්රථිපල භාවිතාකරන්නන් වෙතින් නිරන්තරයෙන් තමන්ගේ අනාරක්ශිත බව ගැන චෝදනා ඉදිරිපත් වන අතරතුර Maicrosoft සමාගම Telepathwords නමින් අවසර පදවල ශක්තිමත් බව පිලිබදව විමසා බලන්නට සහය වන සේවාවක් සාමන්ය භාවිතාවට ඇති බවටයි විවෘත කර ඇති බවටයි නිවේදනය වන්නේ.ආයතනය තුලදී දහස් වරක් සේවක මහතුන්ගේ අත්හදා බැලීම් වලින් අනතුරුව නිකුත්වන මෙම සේවාව සාර්ථකව භාවිතාකරන්නෙකුගේ අවසර පදයේ මීලග සංකේතය පිලිබදව පෙර නිගමනයකට එලබෙන්නට සමත්වන අතර ඒ අනූව අසාර්ථක අවසර පද පිලිබදව වඩාත් නිවැරදි සහයක් භාවිතාකරන්න වෙතට ගෙන එනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
2013-10-30
UK වල Pirate site 21ක් තහනම් කෙරේ!!!!!
එක්සත් රාජධානියෙන් නිකුත්වන වාර්ථාවක් පවසන්නේ එරට සිට ක්රියාත්මක වූ කතෲන් අයිතිය නොසලකමින් බාගත කිරීම් සදහා ඉඩ සලසමින් සිටි නීති විරෝධී වෙබ් අඩවි 21ක් සදහා සහය සැපයීම් තහනම් කරමින් එරට අන්තර්ජාල සේවා සපයන්නන් වෙත නියෝග කර ඇති බවයි.මේ අනූව ක්රියාත්මක වෙමින් තිබූ music business හා සම්බන්දිත මෙන්ම තවත් බාගත කිරීම් සදහා අවස්ථාව සලසමින් සිටි ප්රකට පෙලේ වෙබ් අඩවි කිහිපයක්ම මෙම නොයෝගය සමග අක්රියවීමට නියමිත බවයි.එම අධිකරන නොයෝගයට අනූව මෙම මස 30ට පෙර එම නියෝග ක්රියාත්මක කරවන්නට එම නියෝගය අනූව සිදුවනු ඇති බවයි.මෙම වසර මුලදී UK වලින් නිකුත්වූ වාර්ථවක් පැවසුනේ පෙර කාර්තුවට වඩා 16%කින් මෙසේ නොනිල බාගත කිරීම් ඉහල ගොස් ඇති බවකි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්රධායික අනන්යතාවය මහත් න...




