2012-10-30

ඇමරිකානු වැඩිහිටි බහුතරයක් වින්8 ගැන දන්නේවත් නැතිලු........


මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම ස්පර්ශක මූලික හා මොබයිල් මෙන්ම සාම්රධායික ඩෙස්ටොප් උපකරන එකිනෙක යාකරන නව මෙහෙයුම් පද්ධතිය පරිගනකභාවිත ලොවන නව යුගයක් ‍රැගෙන විත් ඇති බවය.
                                 මෑතකදී ඇමරිකානු මාධ්‍ය ආයතන දෙකක් කල හැදෑරීමකදී පැවසෙන්නේ ඇමරිකානු වැඩිහිටි සමාජයෙන් භාගයකට වඩා තවමත් වින්ඩෝස්8 පිලිබද කිසිදු අවබෝදයක් නොමැති බවයි.ඔවුන් පවසා තිබුනේ තමන් වින්ඩෝස්8 පිලිබදව කිසිවක් අසා නැති බවයි.එම ප්‍රතිශතය සංක්‍යාත්මකව 52%  ලෙසටයි පැවසෙන්නේ.ඇමරිකානු පුරවැසියන් 1200 යොදාගනිමින් දුරකථන මාර්ග ඔසේ කරන ලදමෙම විමසුමේදී හෙලිවී ඇත්තේ වින්ඩෝස්8 පිලිබද දැනුමක් ඇති පිරිස අතරිද 61% නව මෙහෙයුම් පද්ධතියට මාරුවීමට තමන් තුල අදහස්ක් නැති බව පවසා ඇති අතර 35% පවසා ඇත්තේ වින්ඩෝස්8 යනු වින්ඩෝස්7 වල යම් දියුනු කිරීමක් පමනක් වන බවයි.
                                             මෙම විමසුමට සහභාගීවූ 43 වියැති ඉන්ජිනේරුවරයෙකු පවසා ඇත්තේ වින්ඩෝස්7 තවමත් තම අවශ්‍යතා හොදින් සපුරද්දී තවත් මෙහෙයුම් පද්ධතියක් සදහා මුදල් වැය කිරීම එතරම් තේරුමක් නැති බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය ඩොලර් බිලියනයකට වඩා වින්ඩෝස්8 වෙලද ප්‍රවර්ධනය සදහා වෙන්කර ඇති බවටයි සටහන් වන්නේ.

2012-10-29

වින්ඩෝස් 8 දුරකථන නිකුතුවේ නිල හමුව තව හෝරා කිහිපයකින්.....



මයික්‍රසොෆ්ට් ආයතනය පවත්වනු ලබන තවත් ප්‍රධාන පෙලේ හමුවක් තවත් හෝරා කිහිපයකින් පැවැත්වීමට නියමිත බවටයි වාර්ථාවෙන්නේ. වින්ඩෝස් 8 දුරකථය නිකුත්කිරිමට අදාල මෙම මාධ්‍ය හමුව  සෙන් ප්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගියදා පැවති වින්ඩෝස්8 හා සර්ෆේස් නිකුතුව සදහා වූ හමුවන් තරම් පුලුල් මට්ටමේ නොවූවද මයික්‍රසොෆ්ට් ආයතනය තම නව මොබයිල් මෙහෙයුම් පද්ධතිය වඩාත් ප්‍රචලිත තත්වයකට පත්කරගැනීමට කටයුතුකරමින් සිටින බවටයි සටහන් වන්නේ.ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම උත්සවය පැවැත්වීමට නියමිත ස්ථානය මීට හෝරා කිහිපයකට පෙර දිස්වූ ආකාරයයි.

සර්ෆේස් අත්විදින්නට තොරාගත් ස්ථාන වල මධ්‍යස්ථාන........

 
 
මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම දත්ත උපකරනය වන සර්ෆේස් ටැබ්ලට් උපකරනය භාවිතය ඉහල නැංවීම සදහා යොදාගන්නා එක් උපංක්‍රමයක් වන්නේ ලොවපුරා ‍තෝරාගත් නගරවලදී සර්ෆේස් උපකරනය අත්දැකීම සදහා අවස්ථාව ලබා දීමයි. පහත දැක්වෙන්නේ බර්ලිනයේ පිහිටව ඇති එවන්  සර්ෆේස් අත්දැකීම් ගෙනෙන මධ්‍යස්ථනයක ඡායාරුවකි.මෙම තොරතුරු වාර්ථාකරන වාර්ථා කරු පවසා සිටියේ එහි අභ්‍යන්තර සැකසුම වර්න උපාංගවල හැඩය ආදී සියලුම දේ තුලින් වින්ඩෝස්8 සමග එලිදකින මෙට්‍රො ආකාරය වඩා හොදින් එලිදැක්වෙන ලෙසට නිර්මානය වී ඇති බවයි.

"සෑම නිවසකටම , මේසයක් මතටම පරිගණකයක් "



"සෑම නිවසකටම , මේසයක් මතටම පරිගණකයක් " මයික්‍රසොෆ්ට් ආරම්භයේ සිටම සිටම වූ ඉලක්කයකි. ලොව පුරා නිවෙස් , ආයතන ලෙසට විවිධ භාවිතාවන් තුල එනම් පෞද්ගලික පරිගණක , සර්වර් ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ බිලියනයකට අදික භාවිතාවක් මේ වන විට මයික්‍රසොෆ්ට් වින්ඩෝස් හිමිකර ගෙන තිබීම තුල ඔවුනගේ ඉලක්කය සෑහෙන දුරකට සාර්ථක කර ගෙන ඇති බවට හොද සාධකයකි.
                       මයික්‍රසොෆ්ට් දෘඩාංග ගමන් මගෙහි තීර්නාත්මක සලකුනක් පසුගියදා වින්ඩෝස්8 නොහොත් මයික්‍රසොෆ්ට් මීලග මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීමට සමාන්තරව සර්ෆේස් නමින් වින්8 සදහාම නිර්මානයවූ ටැබ් උපකරනයක් හදුන්වා දෙමින් සටහන් කලේය.තම සර්ෆේස් උපකරනය හදුන්වා දෙමින් මයික්‍රසොෆ්ට් ප්‍රකාශකයා පවසා සිටියේ මෘදුකාංග හා දෘඩාංග එකි නෙකා මත වර්ධනයවෙමින් යන ගමනක් බවත් තම නව දත්ත උපකරනය, වින්8 සාම්රදායික වින්ඩෝස් භාවිතය නැවත නිර්මානය කර ඇතිවා සේම එය භෞතිකව සටහන් වන ආකාරය බවත්ය. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ රාජකාරී ජීවිතයේත් විනෝදාස්වාදන ජීවිතයේත් , සුවපහසු අස්නමත සිටත් මේසය මත සිටත් පමනක් නොව ජංගමවත් බාදාවකින් තොරවත් එකසේ පරිගණක භාවිතාවකට සහයවීම සර්ෆේස් ලෙසට හදුන්වා දෙන බවය.

බිල් ගේට් මැතිදුනි ඔබට සුබ උපන්දිනයක් වේවා...


විලියම් හෙන්රි ගේට් ලෙට ඔහු 1955 ඔක්තෝබර් මස 28 වොශින්ටන් වලදී උපත ලබන ලදී. මෙතුමා 1975 දී එනම් 20 වන වියේදී පමන තම සගයෙකු සමග මයික්‍රසොෆ්ට් ආයතන අරබන ලදී. පිලිගැනීම වන්නේ ඔහු දක්ශ ව්‍යාපාරිකයෙකු  පමනක් ලෙස නොව දක්ශ තාක්ශන වේදියෙකුද ඔහු තුල සැගව සිටිනා බවටයි.
                              තම මයික්‍රසොෆ්ට් ආයතනයෙන් 2008 දී පමන විශ්‍රාම ලත් ඔහු මේ වන විට තම සත්කාර පදනම ඔස්සේ  ලොව වෙත සමාජ සේවාවන් රාශියක් කරමින් සිටින බවටයි සැලකෙන්නේ.
                                   මිනිස් වර්ගයාගේ ජීවිත මතට තීර්නාත්මක වෙනස්කම් ‍රැගෙන එන්නට සමත්වු අල්පයක් මිනිසුන් අතර  මිනිසුන්ගේ දත්ත ජීවිත සුවපහසුකරන්නට සමත් මෘදුකාංග හා දෘඩාංග හදුන්වා දුන් ගෞරවනීය පුද්ගලයෙකු ලෙසට පිලිගැනෙන මෙතුමා හට තම 57 වන ජන්ම දිනය සදහා සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි.

2012-10-28

වින්ඩෝස් 8 දුරකථනයේ නිල නිකුතුහමුව හෙට දිනයේ.....



නොකියා නිෂ්පාදන ලෝලීන් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් ඔස්සේ වින්ඩෝස් 8 ෆෝනය සමග එනු ඇතැයි අනුමාන කරන ලොක් ස්ක්‍රීනයක ඡායාරූ කිහිපයක් පලවී තිබෙනවා. එම ඡායාරූවලින් පැවසෙන්නේ වින්ඩෝස් 8 වලදී මෙන්ම ලොක් ස්ක්‍රීනය ඔස්සේද යම් යම් තොරතුරු සජීවීව ලබ ගන්නට හැකිවනු ඇති බවයි.
                            දැනට පැවසී ඇති තොරතුරු වලට අනූව මෙමස 29 වින්ඩෝස්8 දුරකථනය නිකුත්කිරිමට අදාල නිල සැමරුම පැවැත්වීමට නියමිත අතර  මේ වන විටත් ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනවලට ඒ සදහා නිල ආරාධනාව ඊමේල ඔස්සේ යව ඇති බවටයි කියවෙන්නේ. සැන් ප්‍රැන්සිස්කෝ නුවරදී පැවත්වීමට නියමිත එම හමුව පිලිබද වැඩි දුර විස්තර තවමත් නිකුත්වී නොමැති බවටයි සටහන් වන්නේ. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම නිල නිකුතු සැමරුම මෙම මාසයේ පැවතුනද වින්ඩෝස් 8 දුරකථනය වෙළදපොලට නිකුත්වීම එලබෙන මාසයේ පලමු සතිය තුල සිදුවනු ඇති බවටයි සටහන් වන්නේ.


 

වින්ඩෝස්8 ගැලවිජ්ජව හා නන්නාදුනන දේශකයා.......



හොදයි , ඔබතුමා හරිද වැරදිද කියලා තීර්නය කරන්නට මට අයිතියක් නැතියි කියලා මම විස්වාස කරනවා. ඒත් මම ඔබතුමාගේ ප්‍රශ්නයට මෙහම උත්තර දෙන්නම්. වින්ඩෝස් 8 කියන මීලග මෙහෙයුම් පද්ධතිය ගැන මට තියෙන්නේ එකක එක දැක්මයි. ඒක තමයි ලොව වැඩිම භාවිතාවකට අයිතිය කියන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය භාවිතාකරන්නන් හට මොනවගේ අත්දැකීමයි ගෙනේවිද කියන ඒක පමනයි ඒ. ඒක අයිති මොනවගේ විශාල සමාගනකටද ව සමාගම මොනතරම් සාධාරනව අපිට සකනවද වගේ දේවල් මේ හැදෑරීමට අදාල නැහැ කියන එකයි අපේ ස්ථවරය වෙන්නේ.අපි කැමති උනත් නැතැත් එල බෙන යුගයේ දත්ත උපකරන භාවිතයට වින්ඩොස්8 ගෙනෙන නව නැබුරුතා බල නොපාවි කියලා අප විශ්වාස කරන්නේ නැහැ.
                                  ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නයට මෙහෙම උත්තරයන් දෙන්නම්.ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් උපකරන භාවිතය වැඩිවීමේ ප්‍රවනතාවය ඔස්සේ මයික්‍රසොෆ්ට් ආයතනය තමන්ගෙන් ගිලිහී යමින් පවතින ජංගම ගතියෙන් වැඩි උපකර වෙලදපොල ස්ථාවර කර ගැනීම සදහා කරන ගැලවිජ්ජාවක් ලෙසට වින්ඩෝස්8 ගැන ඔබට ඇති දැක්ම ගැන මම ත්ර්ක කරන්නට යන්නේ නැහැ. හැබැයි ඒක ගැල විජ්ජාවක් උනත් ඒ ගැලවිජ්ජාව අපට ගෙන නව නැබුරුතා විසින් ඉදිරි කාලයේ අපගේ දත්ත භාවිතය පාලනය කරන බවටනම්  අපට තර්කයක් නැතිබව සදහන් කරන්න කැමතියි. හැබැයි ඔබ මගෙන් ප්‍රශ්න කරනව නම් ඔබතුමාටනම් වින්ඩොස් 8 තුල කිසිම වෙනසක් දකින්නට නැහැ කියලා මම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා ඔබගේ දත්ත ජීවිතය ගැන මීට වඩා සංවේදී වෙන්නට කියලා.

භාවිතාකරන්නාගේ සයිබර් හැසිරීම්තොරතුරු ‍රැස්කිරීම වැලකීමට යාහු එකග නොවේ...



අන්තර්ජාල භාවිතාව තුල ඔබගේ සයිබර් හැසිරීම හැදෑරීම පිලිබද දත්ත එකතුකිරිමට ඉඩ නොදීම බොහෝ සෙයින් කථාබහට ලක්වූ කාරනාවකි. මයික්‍රසොෆ්ට් ආයතන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග අවසානයේ භාවිතාකරන්නාට තමන් පිලිබද තොරතුරු ‍රැස් කරගන්නට ඇති අවකාශය අහුරා දමන්නට අවශ්‍ය සැකසුම් ලබාදෙන්නට තීරනය කරන ලදී.
                                         ලොව ප්‍රධාන පෙලේ සයිබර් සේව සපයන ආයතනයක් වන යාහු අයතනය පවසන්නේ තමන් ඉහතකී භාවිතාකරන්නාගේ සයිබර් තොරතුරු ‍රැස්කිරීම අහුරදැමීමේ ප්‍රවනතාවයට වැඩි කැමත්තක් නොදක්වන බවයි. ඒ අනූව ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 10 යාහු සමග භාවිතාකරන්නන් තම බ්‍රවුසරයේ සැකසුම් තුලින් ඉහත සදහන් වන පරිදි තම සයිබර් හැසිරීම පිලිබද දත්ත ‍රැස්වීම අහුරා දැමුවද එය ප්‍රථිපලදායී නොවනු ඇති බවටයි පැවසෙන්නේ.
                     මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගියදාක ප්‍රකාශ කල සිටියේ ඉහතකී ආකාරයට තොරතුරු ‍රැස්වීම වලකා දැමීමේ ක්‍රම වේදය ලෝක මට්ටමේ එකගතාවයක් සමග ප්‍රමිතිතත්වයක්  නිර්මානය කරගැනීම වඩාත් ගැලපෙන බවත් ඒ සදහා සහය දැක්වීමට තමන් කැමති බවත්ය.

2012-10-27

වින්8 හි බින් සෙයුම්යන්ත්‍ර ප්‍රධාන පි‍ටුවට නවාංග කිහිපයක්...



වින්ඩෝස්8 සමග පැමින ඇති වෙනස්කම් බොහෝය. මයික්‍රසොෆ්ට් ආයතනයේ බින් සෙයුම් යන්ත්‍රයේ මෙට්‍රෝ සංස්කරනයේ නිවෙස් පි‍ටුවට නවතාවයක් ‍රැබෙන එන්නට තීර්නය කර ඇත.ස්පර්ශක තිර භාවිතාකරන්නෙකුට පමනක් නොව මවුසය සමග පවා එම ප්‍රධාන පි‍ටුවේ ඡායාරූපය අංශක 360 දක්වා චලනය කරමින් නරබන්නට මෙන්ම ස්පර්ශක තිරය සමග එම ඡායාරූපය විශාල කර බලන්නට මෙන්ම තවත් පහසුකම් කිහිපයක් ලබාදී තිබෙන බවටයි සටහන් වන්නේ.

වින්8 මතට ස්ටාර්ට් මෙනුව නැවත කැදවන්නට......

ස්ටාර්ට් මෙනුව අහිමිවීම වින්8 ගැන ඇති එක් චෝදනාවකි. තවත් දෙසකින් පැවසෙන්නේ ඇත්තෙන්ම ස්ටාර්ට් මෙනුව නැතිවීමක් නොව එය වෙනත් ආකාරයකින් නැවත නිර්මානය කර ඇති බවකි.ඉලක්කවන ප්‍රධන උපාංගය හුදු ඩෙස්ටොප් පරිගණකයේ සිට ටැබ්ලට් උපකරන දක්වා චලනයවන විට භාවිතාකරන්නාගේ ප්‍රධාන මුහුනත වෙනස් වි  ඇත. නැතිනම් එම උපකරනවල ස්වභාවයට වඩාත් ගැල පෙන ලෙස ප්‍රථිනිර්මානය කර ඇති බවකි.
                                හුරුපුරුදු මග හැරීම මයික්‍රසොෆ්ට් ආයතනය බලාපොරොත්තු වනවාට සංකීර්න කාරනාවක් බව සාදනය කරමින් යලිත් භාවිතාකරන්නන් හුරුපුරුදු ස්ටාර්ට් මෙනුව යලි යලිත් ඉල්ලා සිටින විට බාහිර ආයතන කිහිපයකින්ම විකල්ප යෝජනා වෙමින් ඇත. පහත දැක්වෙන මෘදුකාංගය නිර්මානය කල ආයතනය පවසන්නේ වින්ඩෝස්8 ඩෙස්ටොප් භාවිතාවකදී මෙට්‍රො මුහුනත මග හරිමින් භාවිතාකරන්නා සුපුරුදු ඩෙස්ටොප් එක මතට ගෙන යාමත් පහසුවෙන් වින්ඩෝස් යතුර ස්පර්ශ කිරීම තුලින් නැවත මෙට්‍රො මුහුන වෙත පැමිනිය හැකිවීමත් මෙන්ම සුරක්ශිත මෘදුකාංගයක් වීමත් මෙහි ඇති වැදගත් ලක්ෂණ වන බවයි.

http://www.forumswindows8.com/download/startmenu-setup.exe

2012-10-26

BOX සදහා වින්8 ඇප් සබදතාවය නිකුත්වේ......



මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පිරිනැමෙන තවත් සේවාවක් ලෙසට සැලකෙන "බොක්ස්" ක්ලවුඩ් ආකාරයේ දත්ත ගොනු ගබඩා කිරීම අවශ්‍ය විටකදී ඒවා සංස්කරනය කිරීම මෙන්ම වෙනත් භාවිතාකරන්නන් හා බෙදා හදා ගැනීම වැනි පහසුකම් සහිත සේවාවේ වින්ඩොස්8 සදහා වන ඇප් ආකාරයේ සබදතාවය මේ වන විට වින්8 භාවිතාකරන්නන් සදහා නිකුත්ව ඇති බවටයි සදහන් වන්නේ.

https://www.box.com/

මෙතෙක් ලොව වැඩිම කාලයක් අත්හදා බැලීමකට ලක්වූ මෙහෙයුම් පද්ධතිය නිකුත්වේ....



ඊයේ පැවති වින්ඩෝස්8 අවසන් සංස්කරනය නිකුත්කිරීමේ හමුවේදී ප්‍රකාශවූවේ ලොවපුරා රටවල් 190කදී පැය 1,240,000,000 පුරාවට අත්හදා බැලීමට ලක්කිරීමෙන් පසුව තම නව මෙහෙයුම් පද්ධතිය නිකුත්කිරීමට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කොට ඇති බවයි. නිල නොවන ලෙස ලබාගත් පෙර සංස්කරන භාවිතාවන් සමග සැලකෙන විට මෙම සංක්‍යාව මීට වඩා වැඩි විය හැකි බව විචාරක මතයයි. දැනට ලොව වැඩිම පෙර අත්හදා බැලීමට ලක්වූ මෘදුකාංගය ලෙස සැලකිය හැකි මෙම මෘදුකාංගය ඒනිසාම දැනට බිලියන බාගයක නිල පිටපත් භාවිතවන වින්ඩෝස් 7 , එනම් මීට පෙර මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය ඉක්මව භාවිතාකරන්නන් දිනා ගැනීමට හේතුවක් නොවනු ඇති බවටයි විචාරක මතය වන්නේ. වින්ඩෝස් 7 වලසිට වින්ඩෝස්8 වෙත භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගැනීමට මීට වඩා සාර්ථක හේතුවක් අවශ්‍ය වනු ඇති බව ඔවුනගේ බහුතරයක මතය වනවා.

2012-10-25

Surface is here.






වින්ඩෝස් xp වසර 11 පසුකරයි....



දත්ත උපකරන ලෝකයේ නව යුගයක් උදාකරමින් වින්ඩෝස් 8 නිල නිකුතුව සිදුවන අද දිනයේ වින්ඩෝස් එක්ස්.පී මෘදුකාංගයද තම එකලොස්වන වසර පසු කරමින් සිටනවා.2001 ඔක්තෝබර් මස 25 දින මයික්‍රසොෆ්ට් ආයතනය විසින් නිකුත්කරන ලද මෙම මෙහෙයුම් පද්ධති මෘදුකාංගය මෙතෙක් වාර්ථා වූ සාර්තකම මෙහෙයුම් පද්ධති මෘදුකාංගය ලෙසටයි සටහන් වන්නේ.
              හදාරන් නන් පවසන්නේ පසුගිය අගෝස්තුවේදී පමන මහත් වෑයමින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධති මෘදුකාංගයට එක්ස්.පී මෘදුකාංගය ලොව භාවිත ප්‍රතිශතය අතින් පසු කරන්නට හැකි වුවද සැප්තැම්බරය වන විටත් පෞද්ගලික පරිගණක භාවිතය තුල 41% ප්‍රතිශතයක් රදවා ගන්නට සමත්ව ඇති බවටයි වාර්ථා පවසන්නේ.මයික්‍රසොෆ්ට් ආයතනය දැනටමත් පවසා ඇත්තේ 2014 අප්‍රේල් 8 දිනෙන් පසුව තම ආයතනයෙන් එක්ස්.පී සදහා කිසිදු යාවත්කාලීනයක් නිකුත් නොවන බවයි.

ස්කයිප් 6.0 නව සංස්කරනය නිකුත්වේ.....



නවාංග කිහිපයක්ද සමග ස්කයිප් 6.0 නව සංස්කරනය මේ වනවිට නිකුත්ව තිබෙනවා. නව භාෂා 6ක් ද සමග මේ වන විට ස්කයිප් සේවය භාෂා 38 කට සහය වන බවටයි සදහන් වන්නේ. ප්‍රධාන මුහුනත වින්8 සදහා වඩාත් ගැලපෙන සේ නවීකරනය කොට ඇති අතර ෆ්‍රොෆයිල්  රුව වෙනස්කර ඇති විටකදී පෙර ප්‍රොෆයිල් රුවද දිස්වන ආකාරයට පහසුකම් ලබාදී තිබීම භාවිතාකරන්නන්හට පහසුවක් වනු ඇත. නවගිනුමක් නිර්මානය කරගැනීමේදී ෆේස්බුක් ගිනුම හෝ මයික්‍රසොෆ්ට් ගිනුමක් සමග පහසුවෙන් ස්කයිප් ගිනුමක් ඇරබීමට පහසුව සැලසීම පහසුවක් වනු ඇත. නුදුරේදීම මැසෙන්ජර් සමගද එකගතාවයෙන් වැඩ කිරීමේ පහසුව ස්කයිප් වෙත ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.

වින්ඩෝස් සදහා බාගත කර ගැනීමට

http://www.skype.com/go/getskype

මැක් සදහා බාගත කර ගැනීමට

http://www.skype.com/go/getskype-macosx

 

වින්ඩෝස් 8 හා ඒ ආශ්‍රිත උපාංග අලවිය නිව්සීලන්තයෙන් ඇරබෙනු ඇත.....


පලවන වාර්ථා පවසන්නේ වින්ඩෝස්8 තැටි ආකාරයෙන් හා වින්ඩෝස් 8 ආශ්‍රිත දත්ත උපකරනය පලමුවෙන්ම අලවිවනු ඇත්තේ නවසීලන්තයේදී වනු ඇති බවයි.එම දත්ත උපකරන අතර මයික්‍රසොෆ්ට් ආයතනය හදුන්වාදෙන ටැබ්ලටයට අමතරව ‍තෝරාගත් ආයතන කිහිපයකම උපාංග වනු ඇති බවටයි සටහන් වන්නේ. භෞතිකව පිහිටීම නිසා දෙපැයකට පෙර දිනය උදාවීමේ ස්වභාවය මත මෙසේ යෙදී ඇති මුත් හෝරා කිහිපයකට පෙර එරට ප්‍රධාන පෙලේ පරිගණක උපාංග අලවි හලවල් කිහිපයකට ගොඩ වැදුනු වාර්ථාකරුවන් පවසා සිටියේ අලවිහල් නව මෙහෙයුම් පද්ධතිය හා උපාංග අලවිය සදහා හොදින් සූදානම් සිටින මුත් තවමත් මිලදී ගන්නන් දෙසින් එතරම් ප්‍රබෝදයක් දක්නට නොලැබෙන බවයි. එම වාර්ථාකරුවන් වැඩි දුරටත් ඉගිකර සිටියේ එය ඇපල් ආයතනයේ නිපැයුමක් නොවීම ප්‍රධාන හේතුවක් විය හැකි බවයි.

 

මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝර්ව තුල ඇප්ස් 7873 මේ වන විට ඇත.....



සමහර අයවලුන්ගේ මතය වන්නේ වින්ඩෝස් හි නවතම භාවිතාකරන්නන්ගේ මුහුනත සමග සහයෝගයෙන් කටයුතු කල හැකි ඇප්ස් ප්‍රමානය නොසෑහෙන බව මුත් මයික්‍රසොෆ්ට් ආයතනය දෙසින් පැවසෙන්නේ ඔවුනගේ සේවක මහතුන් නිවැරදිතාවය පිරික්සමින් ඇප්ස් ස්ටෝර්වට නවතම ඇප්ස් එකතු කිරීමේ කාර්යෙහි නිරතව සිටින බවයි.බාහිර ගනනය කරන ආයතනයකින් පැවසෙන්නේ ගතව ගිය සතිය වන විට මයික්‍රසොෆ්ට් ඇප්ස්ටෝ ව තුල වින්ඩෝස්8 ඇප්ස් 5363 පැවති බවයි.
                  අද වන විට එම සංක්‍යාව 7873 ලෙසට ප්‍රකාශ කරන එම ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ සතියක්තුල ඇප්ස් ප්‍රමානය 2000කින් ඉහල යාම තුල වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝවර් ඉදිරියේදී සාර්තක ස්ථාවරයක් අත්පත් කරගනු ඇති බවට මත පලකර සිටිනවා.පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනයේ ඉහල නිලධාරියෙකු ප්‍රවෘති සාකච්චාවකට සහභාගී වෙමින් පවසා සිටියේ වින්8 නිල එලිදැක්වීම් උත්සවය වන විට ෆේස්බුක් , ‍ටුවිටර් වැනි ජනංප්‍රිය සයිබර් ආයතනවල නිල ඇප්ස් තම ඇප්ස් ස්ටෝර්ව මතට එකතුවන ඇති බවයි.

වින්8 වෙත ඇප්ස් නිර්මානකරුවන්ගේ අඩු අවධානයක්...



පාරිභෝගිකයන් තම ජංගම මට්ටමේ දත්ත උපකරනයක ‍තෝරා ගැනීමේදී වැදගත් කොට සලකන සාධක අතරට ඒ සදහා කොතරම් වපසරියකට විහිදුන ඇප්ස් ඇතිදැයි සලකා බැලීම සිරිතකි.වින්ඩෝස්8 ගැන සැලකීමේදී අයි පෑඩ් හා ගූගල්  ඇන්ඩ්‍රොයිඩ් උපකරන හා තරග කරන්නට සමත් ඇපස් නිපදවීම මයික්‍රසොෆ්ට් වෙත ගැටලුවක්ව පැවති බවටයි සටහන් වන්නේ. වෙනස් කරන වින්8 සංස්කරන සමග ක්‍රියාත්මක නොවන මෙම ඇපස් නොමැති ටැබ් උපකරනයක් හුදු ඔෆ්ෆීස් හා බ්‍රවුසරයකට පමනක් සීමා වීම උපකරනයේ වටිනාකම භාවිතාකරන්නාට බොහෝ සෙයින් අවම වනු ඇති බවටයි පැවසෙන්නේ.මෑතකදී කරන ලද තොරතුරු ‍රැස්කිරීමකදී ලද නිගමනයකින් පැවසෙන්නේ ඇප්ස් සංවර්ධනය කරන්නන්ගෙන් 33% තරම් වන අඩු ප්‍රථිශතයක් වින්ඩෝස්8 වෙත දැඩි අවධානයක් පලකරමින් සිටින බවයි.
                    මෙම තත්වය මයික්‍රසොෆ්ට් ආයතනය ඇපස් සංවර්ධකයන් ආකර්ශනය කර ගැනීම සදහා කරන ලද අඩු සැලකිල්ලක් නිසා සිදුවූවක් නොව සාපේක්ශව අනෙකුත් තරග කරුවන් හා සැසදීමේදී අඩු ඉල්ලුමක් තවමත් පැවතීම බහුතරයක ගේ අවධානය යොමු නොකිරීමට හේතුවක්ව පැවතීම බවටයි පැවසෙන්නේ. ටයිල් ආකාරයේ නියෝජනයන් මත සජීවීව තොරතුරු දක්වමින් වඩාත් ආකර්ශනීයව හැසිරීමට වින්8 ඇප්ස් සමග ලැබෙන අවස්ථාව තවමත් ඇපස් නිෂ්පාදකයින් අඩු සංක්‍යාවක අවධානය දිනා ගැනීමේ තත්වය ඉදිරියේ වේගයෙන් වර්ධනය වනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ.

2012-10-24

වින්ඩෝස් 8 ඔබ හදුනා ගත යුත්තේ ......


වින්ඩෝස් 8 ඔබ හදුනා ගත යුත්තේ පෙර වින්ඩෝස් සංස්කරන සමග ලත් අත්දැකීම් තුලින් නොවිය යුතුබව අවධාරනය කල යුතුව ඇත.මුලින්ම එය ඩෙස්ටොප් පරිගණක මෙහෙයුම් පද්ධතියක සිට දත්ත උපකරන මෙහෙයුම් පද්ධතියක් බවට පත්ව ඇත.වින්ඩෝස් දුරකථනය , සර්ෆේස් ටැබ්ලටය සාම්ප්‍රධායික පරිගණකය ආදී වූ සියලු උපකරන මත්තෙන් එකසේ ගලා යමින් දෘඩාංග සීමා සංකල්පය යටපත් කරමින් භාවිතාකරන්නා වැදගත් නැතිනම් ප්‍රධාන වන නව භාවිතාවක් ‍රැගෙන විත් ඇත.තවත් අතකින් ස්පර්ශක මූලික භාවිතාව යතුරු පුවරුව හා මවුසය මූලික භාවිතාව සමග සමාන ‍තෝරා ගැනීමේ අවස්ථාවක් ‍රැගෙන විත් ඇත.
                            වින්ඩෝස් 8 සමග වන මෙම නව ප්‍රවනතා කිහිපයක් මෙසේ විග්‍රහ කල හැකිව ඇත. වින්8 ස්ථපනයේදීම ඔබට වර්න ගොනුවක් තොරා ගැනීමේ අවස්ථාව ලබාදී ඇත.සමහර විටක එය ස්ථාපන ක්‍රියාවලියට යම් පමාවක් ගෙනෙනවා විය හැකි මුත් කැපී පෙනෙන බාදාවක්ව තිබෙනවා යැයි සිතිය නොහැක.ස්ථාපන ක්‍රියාවලිය තුලදීම මයික්‍රසොෆ්ට් ලයිව් ගිනුමක් සදහා ලොග් වීමේ අවස්ථාවක් ලැබෙන අතර ඒ වන විටත් ඔබ සතුව වෙනත් උපකරනයකට වින්8 ස්ථාපනය කර එය අන්තර්ජාලය හා සම්බන්දව ඇති නම් එය හා සම්බන්දවීමේ අවස්ථාව ලැබෙනු ඇත.එසේම එම ස්ථාපන ක්‍රියාවලිය තුලදීම වින්8 භාවිතාව ගැන පැහැදිලි කිරීම් තුලදී හොට් කෝනර්ස් චාර්ම් මෙනුව ආදිය ගැන පැහැදිලි කරගත හැකිවනු ඇත.

 
බොහෝ විට ස්ථාපන ක්‍රියාවලිය විනාඩි 25ක පමන වනු ඇත.අවසානයේ ඔබව ස්ටාර්ට් මුහුනත වෙතට ගෙනයනු ඇත.ස්වංක්‍රීයව ඔබ සාම්ප්‍රධායික ඩෙස්ටොප් භාවිතාකරන්නෙකු හෝ ටැබ්ලට් භාවිතාකරන්නෙකුද යන බව හදුනා ගෙන මවුසය හෝ ඇගිලිතුඩ තුලින් කරන මෙහෙයුම බලාපොරොතුවන සැකසුම් වලට පත්වනු ඇත.අනතුරුව ලැබෙන හුරුපුරුදු සැකසුම් තේරීම් අවස්ථා කිහිපයකට පසු මයික්‍රසොෆ්ට් සේවාවන් අතරින් දැනට ඔබ ක්‍රියාත්මක කරවා ගෙන ඇති ගිනුම් සමග සම්බන්ද වීමේ අවස්ථාව එලබේ.ස්කයිව් ඩ්‍රයිව් , ලයිව් මැසෙන්ජර් , එක්ස් බොක්ස් ආදී බොහෝ සේවාවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථාව මේ තුලින් ඔබට උදා වෙනු ඇත. දැනට මත එවැනි ගිනුම් ඔබ වෙත නැතිනම් ඒවා නිර්මානය කර ගැනී අවස්ථාවද ලබා ගත හැක. වින්8 හි උපරිම ප්‍රයෝජනය සදහා මෙම ගිනුම් සබදතා වැදගත් වනු ඇති බව අවධාරනය කල යුතුව ඇත.

 
නව ස්ටාර්ට් ස්ක්‍රීනය හුරුපුරුදු ඩෙස්ටොප් ස්වරූපයෙන් මදක් වෙනස් වීම සමහර විටක මද අපහසුවක් ගෙනෙන ඇති මුත් "ස්ටාර්ට්" මුහුනත නැතිනම් "නව භාවිතාකරන්නාගේ" මුහුනත වින්ඩෝස්8 හි අනන්‍යතාවයකි. ආරම්භයේදී එම මුහුනත මත මූලික "ඇප්ස්" කිහිපයක් දක්නට ලැබෙනු ඇත. මේල සබදතාවය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සබදතාවය ඇතුලු කිහිපයකින් එම මුහුනත සමන්විත වනු ඇත.මෙම ස්ටාර්ට් ස්ක්‍රීනය අපට හුරුපුරුදු පෙර මයික්‍රසොෆ්ට් සංස්කරන වල පැවති ස්ටාර්ට් බටනයේ නව සංස්කරනය ලෙසට වටහා ගත හැක. තරමක් විශාල ටයිල් ලෙස ඇතිරෙන මෙම ඇප්ස් වල සමහර ඒවායේදී ඒවා විවෘතකිරීමකින් තොරව තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින ඇත. කාලගුනය පිලිබද ඇප් ටයිලය මත යාවත්කාලීනවෙමින් කාලගුනික තොරතුරු මේල සබදතා ඇපය මත ලැබී ඇති නව ඊමේල ප්‍රමානය ආදී තොරතුරු මෙන්ම ප්‍රවෘති ඇපය මත ඒ පිබද විස්තර ආදිය පහසුවෙන් දැක්වෙනු ඇත. මෙම ස්ටාර්ට් මුහුනත මත බොහෝ වෙනස් කම් කිරීමේ අවස්තාව ලැබෙනු ඇත. ඇප්ස් ස්ටෝර් වෙත පිවිසීමෙන් බොහෝ ප්‍රමානයක් වන ඇප්ස් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
 
 
වින්ඩෝස් 7 වලදී අත්විදි ආකාරයේ ඩෙස්ටොප් එකක් වින්8 තුලදීද හමුවිය හැක. එය බොහෝ දුරට ස්ටාර්ට් බටනය හැරෙන්නට වින්7 වලදී අත්විදි පහසුකම් සහිත ඩෙස්ටොප් එකකි. එහෙත් ටාස්ක් බාරය වඩාත් දියුනු කර ඇත. සවිස්තරව පරිගණකයේ ක්‍රියාකාරකම් ඉදිරිපත්කර ඇත.  ඒවා පාලනය කිරීමේ හැකියාවද වඩාත්ව ලබා දී ඇත. ගොනුවක් කොපි කිරීම වැනි ක්‍රියාවලියකදී එම වෙනස වඩාත් හොදින් අත්විදිය හැක.
 
 
 අහිමි වූ ස්ටාර්ට් බටනය වෙනුවට "හොට් කෝනර්" සමග නව ආකාරයට එම පසසුකම් අත්විදීමේ හැකියාව ලැබී ඇත. මවුසයේ කර්සරය මොනිටරයේ දකුනු පහල කෙරවලට ගෙන ගිය විට ස්ටාර්ට් හෝවරය ක්‍රියාත්මක වනු ඇත.එය සාම්ප්‍රධායික ඩෙස්ටොප් භාවිතාවත් අතැගිලි මතින් මෙහෙවන ටැබ්ලට් භවිතවටත් සමබර වන ලෙස නිර්මානය වී ඇත්තක් වන අතර උපකරන අතර මිත්‍රත්වය වඩාත් ඉස්මතුවන ලෙසින් පහසුවෙන් වෙනත් උපකරනයක් හා සම්බන්දවීමේ පහසු මගත් එම උපකරන දත්ත ගොනු පහවුවෙන් හුවමාරුකර ගැනීමේ හැකියාවත් දැක්වෙනු ඇත. වම් කෙරවල වෙත කර්සරය ගෙන ගිය විට මේ වන විට පරිගනකයේ විවෘතව ඇති ක්‍රියාකාරකම් අතර පහසුවෙන් හුවමාරුවීමේ අව්ස්ථාව ලබාදෙන බාරයක් විවෘත වනු ඇත.
 
 


සටහන් වෙමින් පවතින ලිපියකි.....

සමහර වින්7 සාර්ථක පරිගණක මත වින්8 අසාර්ථක වෙවී........


වින්ඩෝස්7 භාවිතකල හැකි සියලුම උපකරන වල වින්8 සාර්ථකව ධාවනය වනු ඇති බව උපකල්පනය කරතිබිනි. බොහෝ දුරකට ඒය සත්‍යක් බව මේවන තෙක් පෙර සංස්කරන භාවිතාවිතාවන් තුල පිලිගෙන ඇති මුත් පලවන නවතම වාර්ථා පවසන්නේ මෑතකදී නිකුත්වූ සමහර පරිගනකයන් මතදී එම උපකල්පනය නිවැරදි නොවන බවයි.ඇසූස් මෙන්ම ෆුගිට්සු ආදී නිෂ්පාදකයින් මීට මාස 4 පමන පෙර නිකුත්කල සමහර මොස්තර නෝට්බුක් හා ටැබ්ලටයන්හි මෙම තත්වය පවතින බවටයි පැවසෙන්නේ.ඒවායේ වින්ඩෝස් 7 සාර්ථකව ධාවනයවන නමුදු එහි ප්‍රොසෙසරයේ නිමැවුමේ සමහර තත්වයන් මත වින්ඩොස් 8 අසාර්ථකවීමේ තත්වය දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.වැඩි දුරටත් පැවසෙන පරිදි වින්ඩෝස් 8 සදහාම නිමවන ලද සමහර පරිගණක මත වින්ඩෝස් 7 සාර්ථකව ධාවනය නොවීමේ තත්වයක් ඇති විය හැකි බවටයි අදහස් පලවෙමින් ඇත්තේ.

චීනය මග හැරිය යුතු හා මග හැරිය නොහැකි සාධකයකි. -මයික්‍රසොෆ්ට්-



චීනය මග හැරිය යුතු හා මග හැරිය නොහැකි සාධකයකි. මයික්‍රසොෆ්ට් අයතනයෙන් නිකුත්වන නවතම පුවතකින් කියවෙන්නේ චීනය වෙත වින්ඩෝස්8 මෘදුකාංගය ලබා ගත හැකිවන එකම ක්‍රමය වනු ඇත්තේ අන්තර්ජාලයතුලින් බාගත කරගැනීමෙන් බවයි. එම ආයතනය පවසන්නේ චීන රජය කතෘ අයිතීන් ගැන ඇති අඩු සැලකිල්ලද එක සාධකයක් වෙමින් එරට පවතින නිල නොවන මෘදුකාංග භාවිතය මහත් ගැටලු වක්ව ක්‍රියාත්මක වන බැවින් මෙම තීර්නයට එලබි බවයි. ඔවුන් පවසන පරිදි මේ වන විටත් චීනයේ ප්‍රධාන නගරයක වින්ඩෝස් 8 අවසන් සංස්කරනය යැයි පවසමින් පෙර සංස්කරනයක් අලවි වෙමින් පවතින බවයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ 2011 වසරේ තම මෘදුකාංග අලවිය බිලියන 3ක් ලෙසට සටහන් වන විට තෙගුනකයක් වටිනාකමැති අනවසර මෘදුකාංග  අලවිව ඇති බවයි.

2013 මයික්‍රසොෆ්ට් වෙත එතරම් පලදායී නොවනු ඇත..... -අනාවැකි පලවේ-



2013 මයික්‍රසොෆ්ට් ආයතනයට මද ලාබදායී වසරක් වනු ඇති බවටයි හදාරන්නන් මත පලකරමින් සිටින්නේ. ඔවුන් පවසන්නේ ඉදිරි වසර පහ අවසන් වන විට පමන වින්ඩෝස්8 හොදින් ප්‍රතිලාබ ගෙනෙන මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවයි .එම හැදෑරීමට අනූව 2007 ඇපල් අයි ෆෝනය සමග මයික්‍රසොෆ්ට් වෙත එල්ලවූ අභියෝගය තවමත් අවසන් නොමැති බවයි පැවසෙන්නේ.පෞද්ගලික දත්ත උපකරන ලෙසට ගැනෙන සාම්ප්‍රධායික ඩෙස්ටොප් පරිගනකට , ටැබ්ලට් පරිගණකය මෙන්ම ස්මාර්ට් ෆෝනය සැලකූ විට 2008 වන විට මයික්‍රසොෆ්ට් ආයතනය සතුව 95% භාවිතයක් වූ මුත් එය 2012 වන විට30%ක් දක්වා පහත වැටීමක් දක්නට වූ බවයි.
                                     පෞද්ගලික පරිගණක මෙහෙයුම් පද්ධති වෙනුවට පෞද්ගලික දත්ත උපකරන මෙහෙයුම් පද්ධති ලෙසට වන නව අභියෝගය තුල 2016 පමන වන විට යලිත් යම් ස්ථාවරයකට පැමිනෙන්නට මයික්‍රසොෆ්ට් ආයතනයට හැකිවනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

වින්8 සදහා වන MSN සංස්කරනය භාවිතයට පැමිනේ.....



මයික්‍රසොෆ්ට් ආයතනයේ සෙයුම් යන්ත්‍රය තම මුල් පි‍ටුව වින්ඩෝස් 8 මොස්තරයය වඩාත් ගැලපෙන ලෙසට වන සංස්කරනයක් වින්ඩෝස්8 සදහා නිකුත්කරන්නට සැලසුම් කර ඇති බවටයි පසුගියදා ප්‍රකාශ කර සිටියේ.ටයිල් ආකාරයේ විසුරුමක් සහිත පෙනුමකින් යුත් එම MSN අඩවියේ නව සංස්කරනය මේ වනවිටත් වින්ඩෝස්8 භාවිතාකරමින් සිටින භාවිතකරුවන් සදහා නිකුත්කර ඇති බවයි සටහන් වන්නේ.ඉහත දැක්වෙනුයේ එම මුල් පි‍ටුවේ ඡායාරූපයකි.

වින්ඩෝස්8 සමග භාවිතයට ගූගල් ඇප්ස් නිකුත්වේ....




වින්ඩෝස්8 සමග භාවිතකල හැකිවන සෙයුම් යන්ත්‍රය වනු ඇත්තේ මයික්‍රසොෆ්ට් නිල සෙයුම් යන්ත්‍රය පමනක් වේවිද යන්න මුල් කාලයේ සියල්ලන් අතරම වූ ගැටලුවක් විය.ගූගල් ආයතනයෙන් මේ වන විට වින්8 මත සිට ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතයට කැමතිවන්නන් සදහා ඇප් එකක් ලෙසට නිකුත්කොට ඇති බවටයි පැවසෙන්නේ. මෙම සබදතාවය තුල ටෙක්ස්ට් හා ඉමේජ ලෙසට තම සෙයුම් කර හැකි වන අතර ගූගල් ආයතනයේ අනෙකුත් සේවාවන් සදහාද සබදතා එහි දැක්වෙනු ඇති බවටයි ගූගල් ආයතනය පවසන්නේ. ගූගල් ආයතන පසුගිය කාලයේ තම ක්‍රෝම් සදහාද වින්8  සදහා පෙර සංස්කරනයක් නිකුත්කල අතර තවමත් එහි අවසන් සංස්කරනයක් පිලිබද නිවේදනය කර නොමැත.

වින්ඩෝස්8 වෙළද ප්‍රවර්ධනය ඇරබේ..





මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් වන රූපවාහිනි වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භකර ඇති බවටයි වාර්ථාවන්නේ.ආයතනයෙන් පැවසෙන්නේ ප්‍රධන ලෙස රටවල් 42 තම වින්ඩෝස්8 ප්‍රවර්ධන වැඩසටහනෙහි ඉලක්ක වන බවයි.මෙම ප්‍රවර්ධන වැඩසටහන තුලදී රූපවාහිනි වැඩසටහන් වලට අමතරව මුද්‍රිත සටහන් , ඔන් ලයින් ආකාරයේ බැනර්ස් , එලිමහන්  බැනරයන් මෙන්ම සංගීත ප්‍රසංග ආදියෙන් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ.

2012-10-23

වින්ඩෝස්8 ආශ්‍රිත නිකුතුවන් සදහා වන උත්සව මාලාව චීනයෙන් ඇරබුන වගයි......


මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතියවන වින්ඩෝස් 8 හා ඒ හා සම්බන්දිත දෘඩාංග නිකුත්කිරීමේ සැමරීමේ උත්සව මාලාව හෝරා කිහිපයකට පෙර චීනයෙන් ඇරබුන බවටයි වාර්ථා පවසන්නේ.වින්8 සමග නිකුත්වීමට නියමිත සර්ෆේස් ටැබ්ලටය මෙම උත්සවයේදී එලිදැක්වුනු බවටයි එහි සටහන් වන්නේ. ලොකයේ පෞද්ගලික පරිගණක භාවිතයේ වැඩිම ඉල්ලුමක් සටහන් වන චීනයේ එම වෙළද පොල සමග වන විසි වසරක සබදතාවය සමරමින් ආයතනයේ ඉහල පෙලේ නිලධාරීන් කිහිපදෙනෙකුම එයට සහභාගී වු බවටයි එම සටහන් පවසන්නේ.
                 ලබන 26 පැවැත්වීමට නියමිත වින්ඩෝස් 8 එලිදැක්වීමේ උත්සවයේදී මයික්‍රසොෆ්ට් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන ආයතන කිහිපයකින්ම නිකුත්වන වින්ඩෝස්8 සදහාම  දියුනු කරන ලද දත්ත උපකරන 52 පමන එලිදැක්වීමට නියමිත බවටයි පැවසෙන්නේ.

වින්ඩෝස්8 අපූරු අත්දැකීමක් වේවි..... බිල් ගේට්ස් පවසයි.


තම කාර්ය බහුල කාලසටහන අතරතුර මාධ්‍යවෙදීයෙකු හමුවෙමින්න් මයික්‍රසොෆ්ට් හි බිල් ගේට්ස් මහතා පවසුවේ වින්ඩෝස් 8 පරිගණක භාවිතලෝකයට ගෙනෙන වෙනස ඉතා තීරනාත්මක වනු ඇති බවයි. ඔහු පැවසුවේ වින්ඩෝස් මෘදුකාංගයේ නව සංස්කරනය ස්පර්ශක මිත්‍ර , අඩු බල භාවිතාවක් සහිත උපකරන මිත්‍ර හා උපකරන වල අනන්‍යතා ඉක්මවමින් එකිනෙකයාවන අපූරු අත්දැකීමක් භාවිතාකරන්නන් වෙත ගෙන එනු ඇති බවයි.ඔහු පැවසුවේ භාවිතාකරන්නාගේ අභිමතයන් පරිදි සාම්ප්‍රධායික යතුරු පුවරුව මවුසයේ සිට සිරුරේ චලන අනදීම් දක්වා වන පරාසයක් තුල වින්8 සමග ගනුදෙනු කිරීමේ හැකියා පරාසය පුලුල් වනු ඇති බවයි.
       වින්ඩෝස්8 , වින්ඩොස්8 දුරකථනය මෙන්ම  ඔෆීස් හි මීලග සංස්කරනය  ක්ලවුඩ් තාක්ශනය සමග වින්ඩෝස් ස්ටෝර් එක් තලයකදී එකිනෙම හමුවෙමින් භාවිතා කරන්නාහට වඩාත් සුව පහසු අත්දැකීමක් ‍රැගෙන එන්නට සමත් වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පලකොට සිටිනවා.

වින්8 සමග ස්කයිප් ඇප් එකක් ලෙසට.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස්8 සදහා ස්කයිප් පහසුව තම ඇප්ස්ටෝර් වෙතින් එලබෙන 26 දිනෙන් පසුව ඇප් එකක් ලෙසින් ලබාගැනීමේ පහසුව සැලවීමට නියමිත බවයි. ආයතනය පවසන්නේ ස්කයිප් පහසුව වෙනස් අත්දැකීමක් ලෙසට භාවිතාකරන්නන්හට ලබා ගන්නට ඉඩ සැලසෙන මෙම නව හදුන්වාදීම නොඹිලේ පිරිනැමෙන්නන් ලෙසට වන බවයි. පෙරදී ආයතනය පවසා සිටි ආකාරයට නොව එකවර ඇප්ස් දෙකක් ක්‍රියාත්මකකිරීමේ හැකියාව සමග ඉදිරිපත්වන මෙම ස්කයිප් නව සංස්කරනය සර්ෆේස් ටැබ් එක මත ඇති ඉදිරිපස හා පසුපස ඇති කැමරා දෙක ඔස්සේ වඩාත් අර්ථවත් භාවිතාවකට තම භාවිතාකරන්නන් කැදවනු ඇති බවටයි පැවසෙන්නේ.

2012-10-21

ඩිජිටල් ජීවිතයට සහය මෘදුකාංගයක්....



මෙම මෘදුකාංගය ඔබගේ අන්තර්ජාල භාවිතය තුල සිදුකෙරෙන ඡායාරූ හුවමාරූ වලදී සහය වනු ඇත. ඔබ ඊමේලයක් හෝ ක්ශනික පනිවිඩයක් ඔස්සේ  ඡායාරූපයක් ද දවටා යවන්නට අවශ්‍ය වනවිටදී ක්ශනිකව එම තත්වයට ගැලපෙන ලෙස ඡායාරූපය කුඩා කරදෙමින් සහයවීම මෙම මෘදුකාංගයේ ස්වභාවයවේ. මුල් ඡායාරූ පිටපතට හානියන් නොකර සියලුම පාහේ බ්‍රවුසරයන් හා ඊමේල් සේවාවන් සමග මෙම මෘදුකාංගය සහයෙන් කටයුතුකරන බවටයි  එහි නිර්මාන කරුවන් පවසන්නේ.

http://www.robosizer.com/

එලබෙන්නේ දත්ත ලෝකයේ කාර්යබහුල දින කිහිපයකි....

ගූගල් ආයතනයෙන් පැවසෙන ආරාධනවකින් පැවසෙන්නේ මෙමස 29 නව දත්ත උපකරනයක් එලිදකින්නට නියමිත බවයි. ඇන්ඩ්‍රොයිඩ් ආශ්‍රිත සිදුවීමක් ලෙසට නම්කර ඇති මෙම හමුව නිව්යෝක් නගරයේ දී පැවැත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ.බොහෝ විට මෙය නෙක්සස් ආකරයේ නව මොබයිල් උපාංගයක් සමග ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනයකින් සමන්විත වනු ඇති බවයි මත පලවෙමින් ඇත්තේ.
                           එලබෙන කාලය දත්ත ලෝකයේ අපූරුසිදුවීම් කිහිපයකටම වෙන්වී ඇති අතර ඒ අතර ඇපල් අයි පෑඩ් මිනි උපකරනයක් මෙන්ම එදිනම මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 ද එලි දැක්වීමට නියමිතව ඇත.

වින්ඩෝස්8 සදහා විකල්පයක් නොමිළේ.....


නිදහස් මෙහෙයුම් පද්ධති අතර උබුන්‍ටු මෘදුකාංගය වෙත ඇත්තේ වැඩි අවධානයකි. හදාරන්නන්ගේ බහුතරයකගේම මතයවන්නේ සංශෝධනය කරන ලද මෙහෙයුම් පද්ධතියක භාවිතයට වඩා මෙවැනි මෘදුකාංගයක් භාවිතය ඉතා වැදගත් බවයි. උබුන්‍ටු ගැන පලවන නවතම ප්‍රවෘතියකට අනූව සටහන් වන්නේ එහි නවතම සංස්කරනය මේ වනවිට ලබා ගතහැකි බවයි. ඔවුන් පවසන්නේ එලබෙන වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියට විකල්පයක් ලෙසට සාර්ථක විසදුමක් උබුන්‍ටු 12.10 මෙහෙයුම් පද්ධතිය ‍රැගෙන විත් ඇති බවයි.
                                         උබුන්‍ටු 12.10 සමග මෙහෙයුම් පද්ධති විෂයේ නව ප්‍රවනතා බොහොමයක් අත්විඳිය හැකිවනු ඇති බවට පොරොන්දු පලවන අතර ඒ අතර ක්ලවුඩ් තාක්ශනය සමග උපාංගයේ සීමාවෙන් මිදී නිදහසේ ගොනු හැසිරවීමේ අවස්ථාව ඇතුලු නවාංග කිහිපයක්ම ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස මෙම නව මෘදුකංගය ලබා ගැනීමේ හැකියාව ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

http://www.ubuntu.com/download/desktop

2012-10-15

පරිගණකයේ නිරෝගී බව ‍රැක දෙන මෘදුකාංගයක්....

නිරෝගී පරිගණකය වැදගත්ම කාරනාවකි. බොහෝවිට පරිගණකය මතින් නිරෝගීබව මෑත්වීමට ප්‍රධාන හේතුව වන්නේද භාවිතාකරන්නාගේ නොසැලකිල්ල බව හදාරන්නන්ගේ මතයයි. කාර්ය බහුල භාවිතාකරන්නන්හට මග හැරුනද නිරෝගී පරිගණකයකට අවශ්‍ය බොහෝ සහය ක්‍රියාකාරකම් මෙහෙයුම් පද්ධතිය සමග පැමිනෙන අතර ඒවා පිලිබද අනවබෝදය පහසුවෙන් පරිගණකයේ නිරෝගීබව ‍රැක ගැනීමට ඇති අවස්ථාව මග හැර ගන්නා බව දැකිය හැකියී.
                          මේ සදහා වන තවත් විසදුමක් වන්නේ බාහිර මෘදුකාංගයක් ලෙසට පරිගණකයේ නිරෝගී බවසදහා වැදගත්වන ක්‍රියාකාරකම් සියල්ලම පාහේ එක්තැන් වන සේ සකස්කර ඇති මෘදුකාංගයක් භාවිතයයි.පහත දැක්වෙන මෘදුකාංගය රෙජිස්ට්‍රි සකස්කිරීම ,  දෘඩතටිය ක්‍රමවත්කීරිම, අනවශ්‍ය ගොනු ඉවත්කිරීම ආදියේ සිට නිරෝගී පරිගණකයක් පවත්වාගෙන යාම සදහා වැදගත් වන බොහෝ ක්‍රියා කාරකම් ඔබට ‍රැගෙන එන බවයි පැවසෙන්නේ.

මෙතැනින් පිවිසෙන්න

 

වැදගත් තොරතුරු අඩංගු ෆෝල්ඩරය සගවා තබමු.....


පරිගණකය මත තැන්පත්කරන සමහර තොරතුරු තවකෙකු අතට පත්වීමට අකමැතිවන අවස්ථා බොහෝය. එහෙත් තම පරිගණකය වෙනත් භාවිතාකරන්නෙකුට නිරාවරනය වීම වලක්වා ගැනීම අපහසුවන විටකදී භාවිතාකරන්නා මහත් අපහසුතාවයට පත්වේ.ඒවන් අවස්ථාවලදී ගත හැකි විසදුමක් වන්නේ එම දත්ත ගොනු අඩංගු ෆෝල්ඩරය සුරක්ශිත කිරීම වීමට පුලුවන. පහත දැක්වෙන මෘදුකාංගය එම අවස්ථාවේදී නොමිළේම ඔබගේ සහයට ඒමට සුදානම් බවටයි එහි නිර්මානය කල අයගේ අදහස වන්නේ.

මෙම ලිපිනය ඔස්සේ පිවිසෙන්න

2012-10-13

වින්ඩොස් 8 පෙර ඇනවුම් ලබා ගැනීම ඇරබේ.........



නිල නිකුතුව ඉතා ආසන්නයේ පවතින මොහොත වනවිටත් වින්ඩෝස් 8 පිලිබද නොවිසදුනු ගැටලු කිහිපයක්ම තාමත් ඉතිරිව ඇත. මෙම ගැටලු අතර බෙහෙවින් කතාබහට ලක්වූ කරුනක් වූවේ මෙම නව මෙහෙයුම් පද්ධතියේ මිළ ගනන් පිලිබදවය. මේ වන විට මයික්‍රසොෆ්ට් ආ යතනය මෙන්ම බාහිර වෙළඳ ආයතන කිහිපයක් ඔස්සේ වින්8 හි  මිල ගනන් ප්‍රකාශවෙමින් පවතියි. එසේම පෙර ඇනවුම් කිරීමේ අවස්ථාවද ඇරබී ඇත.
                                               උස්තල ගැන්වීමක් සදහා බොක්ස් ආකාරයේ වින් 8 මිලදී ගැනීමක් ප්‍රවර්ධන කාලයතුලදී ඩොලර් 69.99 ලෙසට පැවසෙන අතර අනතුරුව එය ඩොලර් 199.99 වනු ඇති බවටයි සටහන් වන්නේ. පෙර සංස්කරන වලදී OEM ලෙසට නම් කල සිස්ටම් බිල්ඩර් ලෙසට දැන් නම් කරන සාමන්‍ය සරල භාවිතයට ගැලපෙන සංස්කරනය ඩොලර් 99.99 ලෙසටත් වින්8 ප්‍රෝ ලෙසට නම් වන ව්‍යාපාරික මටමේ සංස්කරනයන් ඩොලර් 139.99 ලෙසටත් නම් කර තිබෙනවා. එසේම ආයතනය පවසන්නේ සිස්ටම් බිල්ඩර් බොක්ස් සංස්කරනයක් වුවත් ආයතනික සහය පෙරදී මෙන් නොලැබෙන බවයි.එසේම පෙරකී ප්‍රවර්ධන කාලය ලබන ජනවාරි 31 දක්වා වනු ඇති බවටයි පලවන්නේ.

2012-10-12

මොසිල්ලා 16.0.1 ලෙසට නව සංස්කරනයක් නිකුත්වේ..........


මොසිල්ලා ෆයෆොක්ස් 16 නිකුත්කර දිනයක් ඇතුලත මොසිල්ලා ආයතනය නැවත එම නිකුතුව තම වෙබ් අඩවියෙන් ඉවත්කර ගන්නට තීර්නය කරනු ලැබුවේ ආසාධිත වෙබ් අඩවියකට භාවිතාකරන වෙනත් වෙබ් අඩවි වල ලිපින තොරතුරු ලබාගැනීමට හැකිවීමේ දුර්වලතාවයක්  හදුනාගත් නිසාය.
                               මොසිල්ලා ආයතය ඉහතකී දුර්වලතාවය ඇතුලු හදුනාගෙන තිබූ තවත් දුර්වලහා කිහිපයක් සැකසීමෙන් අනතුරුව ෆයර්ෆොක්ස් හි 16.0.1 ලෙසට් මේවන විට නවසංස්කරනයක් නිකුත්කර ඇති බවටයි සටහන් වන්නෙ. එසේම එම ආයතනය පේ.අවසනවා තන්ඩර්බර්ඩ් හා සී-මන්කි මෘදුකාංග දෙක සදහාද හදුනාගෙන තිබූ දුර්වලතා පිලිසකර කරමින් නව සංස්කරන දෙකක් නිකුත්කරන්නට කටයුතු කල බවටයි පවසා සිටියේ.

2012-10-09

එලබෙන ජූලිය වන විට වින්8 උපකරන මිලියන 400 භාවිතාවේවි......


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා එලබෙන වසරේ ජූලි පමන වන විට වින්ඩෝස් 8 ක්‍රියාත්මක වන දත්ත උපකරන මිලියන 400 පමන ලොවපුරා භාවිතාවනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව. එසේම එලබෙන පෙබරවාරි ඇරබෙන විට වින්ඩෝස්  ස්ටෝර් වල ඇප්ලිකේශනයන් 100000 පමන සමන් විත වනු ඇති බවත්ය.දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වින්ඩෝස් ස්ටෝර් තුල ඇප්ලිකේශනයන් 3000 පමන ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඩොලර් මිලියන ගනනක ආයෝජනයන් සමග තමන් වඩාත් කාරයක්ශමව එම ඇප්ස්ටොස්ර්ව ක්‍රියාත්මක කරවන්නට කටයුතු කරමින් සිටින බවත් පවසනවා. වින්ඩෝස් 8 සමග ආයතනය උපයන්නට බලාපොරොත්තු වන ලාබයෙන් වැඩි ප්‍රමානයක් මෙමෙ ඇප්ස්ටෝර් වෙතින් බලා පොරොත්තු වන බවත් ඇප්ස් සමග වඩාත් විධිමත් ලෙස වෙළඳ දැන්වීම් මුසුකිරීම ආදිය යොදා ගැනෙනු ඇති බවත් පැවසෙනවා.

ෆයර්ෆොක්ස් වින්8 මිත්‍ර මුහුනතක් සමග එන වසරේ......


මොසිල්ලා ආයතනය පසුගිය සතියේ තම ෆයර්ෆොක්ස්  සදහා වින්ඩෝස් 8 මිත්‍ර මුහුනතක් හදුන්වා දෙනු ලැබුවා. ස්පර්ශක භාවිතය ප්‍රමුක මෙම නව මුහුනත 2013 ජනවාරි මාසයේ නිකුත්වීමට නියමිත ෆයර්ෆොක්ස් 18 සංස්කරනය සමග සාමන්‍ය භාවිතයට නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. ආයතනයේ ප්‍රකාශකයෙකු පවසාසිටින්නේ ඉදිරිවුසරයජ් මාස කිහිපයතුල නවාංග රශියක් සමග වින්ඩෝස් 8 සදහා වඩාත් නම්‍ය සහයක් දක්වන බ්‍රවුසරයක් ඉදිරිපත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි.

ඇඩෝබි වෙතින් හදිස්සි යාවත්කාලීන ගොනුවක්.........


සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ඇඩෝබි ආයතනය අති වැදගත් මට්ටමේ යාවත්කාලීන 25කින් සමන්විත පිලිසකර යාවත්කාලීන ගොනුවක් නිකුත්කර තිබෙනවා. එම ආයතනය පවසනවා ඉදිරි පැය 72 තුලදී මෙම යාවත්කාලීන ලබා ගැනීම ඉතා වැදගත් බවයි. දරුනු මට්ටමේ සයිබර් පහරදීම් කිහිපයකටම ඉලක්ක විමේ අවධානම පවතින බවත් ඔවුන් පවසනවා.
                                            ගූගල් ආයතනයද තම ක්‍රෝම් බ්‍රවුසරයේ වින්ඩෝස් සදහා වන සංස්කරනය සදහා නිකුත්කල යාවත්කාලීනයේ ප්ලෑෂ් ප්ලේයරය සදහාද අදාල වන බවටයි පවසා සිටින්නේ.

2012-10-06

පහසු පරිගණක භාවිතාවකට මෘදුකාංගයක්...



පරිගණක භාවිතය මිනිසා වෙත ‍රැගෙන එන්නේ වේගය හා නිවැරදිබවය යන්න පිලිගැනීමකි. එහෙත් මෘදුකාංග නිර්මානයේදී තවත් සාධක සමග සමහර පහසුකම් මදක් සංකීර්න වනු දැකිය හැකිය. උදාහරනයක් ලෙස වින්8 දැනට නිකුත්වී ඇති සංස්කරනයේ "පවර් ඔප්ෂන්"  නැතිනම් "පවර් බටනය" ඇත්තේ මදක් සැගවී සේය.මෙලෙස පියවර කිහිපයක් පසුකර එම බටනය වෙත යාමට වඩා මෙම මෘදුකාංගය සමග පහසුවෙන් ඩෙස්ටොප් එක මතමසිට එම අයිකනය "රයිට් ක්ලික්" කිරීම ඔස්සේ මතුවන කවුලුවෙන් ඔබගේ අවශ්‍යතාවය ‍තෝරාගැනීමේ හැකියාව පවතින බවටයි සටහන් වන්නේ.

http://www.zebnet.co.uk/modules/plblog/frontent/details.php?plcn=freeware-products&plidp=12&plpn=shutdown-manager-2012

2012-10-05

මේ දින වල සයිබර් ලෝකයේ සිදුවිය හැකි අනතුරු කිහිපයක්!!!!!!



ෆේස්බුක් මිතුරෙකු ඔබවෙත යොමුකරන ඊමේලයකින් පැවසෙන්නේ කිසියම් වීඩියෝවක් තුල ඔබව දු‍ටු බවත් එහිදැක්වෙන සබදතාවය ඔස්සේ පිවිස එය නරබන ලෙසත් නම් කල්පනා කාරී වනලෙසයි ආරක්ශක මෘදුකාංග සමාගමක් පවසා සිටින්නේ.මේ දිනවල පැතිරෙමින් ඇති සයිබර් පහරදීමක් ඔස්සේ ඉහතකී ලිපිනය සංක්‍රීයකරන විටම පරිගනකය වෙත ට්‍රෝජන ආකාරයේ මෘදු අනතුරක් පැමිනීමේ හැකියාව පවතින බවටයි පැවසෙන්නේ.
                             බිට්ඩිපෙන්ඩර් ආයතනය පවසන්නේ යු ‍ටුයුබ් තුල ඇති දහ්ස් ගනනක් වන ව්‍යාජ වීඩියෝවන් මෘදුකාංග , වෙබ් අඩවි ආදිය අයුතු ආකාරයෙන් භාවිතාකිරීම පැහැදිලි කෙරෙන වැඩසටහන් යැයි පවසමින් බාහිර වෙබ් අඩවි වෙත යොමුකරවා ගෙන එවායේදී තොරතුරු ‍රැස්කිරීම් , ඇප්ස් ස්ථාපනය කලෞතු බව කියමින් සයිබර් පහදීම් බහුලව සිදුවෙමින් පවතින බවත් ඒවා මගහැරීම ඉතා වැදගත් වනු ඇති බවත් පවසනවා.
                              === ලිපිනය ඔස්සේ ඔබගේ ඊමේල බහාලුමට ලැබෙන්නට ඉඩ ඇති ඊමේලයන් වල සදහන් වන්නේ මයික්‍රසොෆ්ට් සමාගමෙන් ඒවා යොමුකර ඇති බවත් වැදගත් යාවත්කාලීනයන් වලට එහි දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසෙන ලෙසත්ය.එම සබදතාවයන් අවදිකරන ඔබව ව්‍යාජ මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියකට යොමු වන අතර  ඔබගේ ඊමේල තොරතුරු ඔස්සේ එම අඩවියේ ලියා පදිංචි වන ලෙසත් වන අතර ඔබ විසින් එම තොරතුරු ලබාදුන හොත් ඒවා ඔස්සේ ඔබගේ එම ගිනුම් වල තොරතුරු සොරා ගැනීම් හා එම තොරතුරු වෙනත් සයිබර් පහරදීම් සදහා යොදා ගැනීමත් දැකිය හැකි බවත් පැවසෙනවා.

ලොව ජනගහනයෙන් හතෙන් එකක් මාසිකව ෆේස්බුක් එනවා.....


ෆේස්බුක් ආයතනය පසුගියදා පවසා සිටියේ මාසිකව සලකන විට බිලියනයකට අධික පිරිසක් තම වෙබ් අඩවිය වෙත පැමිනෙන බවයි.එය ලොව ජනගහනයෙන් හතෙන් එකක පමන ප්‍රමානයක් බවටයි සැලකෙන්නේ.2010 ජූලි මස වනවිට වාර්ථා වී තිබුනේ මිලියන 500ක් පමන තම වෙබ් අඩවිය කරා එන බව වන අතර ඒ අනූව පසුගිය දෑ වසර තුල ෆේස්බුක් භාවිතාකරන්නන්ගේ සංක්‍යාව දෙගුනව ඇති බවටයි සටහන් වන්නේ. සාමන්‍යයෙන් භාවිතාකරන්නන්ගෙන් සියයට 8 හෝ 7 පමන ව්‍යාජ ගිනුම් හැටියට සැලකෙන අතර  ඝාවිතාකරන්නන්ගෙන් බහුතර ප්‍රමානයක වයස් කාන්ඩය ලෙසට සැලකෙමින් තිබූ වයස 23 මෑතකාලීනව වයස 22 දක්වා වෙනස්වී ඇති බවටයි සටහන් වන්නේ.වැඩිම භාවිතකරන්නන් පිරිසක් පැමිනෙන ලොව ප්‍රදේශලෙසට ඇමරිකාව ඉන්ඩියාව ඉන්දුනීසියාව මැක්සිකෝව බ්‍රසීලය ලෙසටයි  සටහන් වන්නේ.

ඔනැම වීඩියෝවක් බාගත කරගන්නට සහය මෘදුකාංගයක්.....



යු ටියුබ් ප්‍රමුක ප්‍රධාන පෙලේ ඔනෑම වීඩියෝ වෙබ් අඩවියකට පමනක්ම නොව  ඔනේම සමාජ ජාලවකදී නෙත ගැටෙන අපූරු වීඩියෝවන් දකින විට සිතට නැගෙන හැගීමක් වනුයේ "මෙම වීඩියෝව බාගත කරගන්නට ඇතිනම්" යන්න විය හැක.මෙම  අවශ්‍යතාවයේදී ඔබට සහයට පැමිනෙන්නට හැකි කුඩා මෘදුකාංගයක් ලෙසට පහත දැක්වෙන මෘදුකාංගය හදුන්වා දිය හැක.
                       ඔවුන් පවන්නේ වෙබ් අඩවි 10000 අධික ප්‍රමානයකින් වීඩියෝ බාගත කරගන්නට මෙම මෘදුකාංගය සහයවනවා ඇති පමනක් නොව ඒවායේ ෆෝමැටයන් වෙනස් කරගන්නට , හඬ කොටස් වෙන්කර ගන්නට ආදීවන අමතර සහයන්ද මෙම මෘදුකාංගය සතුවන බවයි.ඒසේම  ඔබගේ ප්‍රධාන කාර්යයන් සදහා සබදතාවයේ ප්‍රමුකස්ථානය දෙමින් පසුබිමෙන් සිට එම වීඩියෝවන් බාගත කරදෙන්නටද මෙම මෘදුකාංගය සමත් බවටයි ඔවුන් පවසන්නේ.

http://www.freemake.com/free_video_downloader/

2012-10-04

AVG 2013 වැඩි වේගයක් හා වින්8 මිත්‍ර මුහුනතක්ද සමග.....


ප්‍රකට නිදහස් ආරක්ශක මෘදුකාංගයක් වන AVG හි 2013 සංස්කරනය මේ වනවිට නොමිලේ ලබා ගත හැකි බවටයි පැවසෙන්නේ.එම සමගම පවසන්නේ නව සංස්කරනය පෙර සංස්කරනයට වඩා 36% ක වෙගවත් බවක් හානිකරයන් පිරික්සීමේදී සමස්තයක් හැටියට දැකිය හැකි වනු ඇති බවයි. මෘදුකාංගයේ ආරම්භයද පෙර සංස්කරනවලට වඩා වැඩි වේගයක් ඇති  බවට පැවසෙන අතර රූට්කිට් හදුනා ගැනීමේ යාන්ත්‍රනය වඩා දියුනු කර ඇති බවටයි සටහන් වන්නේ.ටූල් බාරය ආදී අමතර උපාංග මගහැර ස්ථාපනය සදහා "කස්ටම් ඉන්ස්ටොලේෂන්" තේරීම ඔස්සේ ඉදිරියටයාම වැදගත් වනු ඇත. මෙම මෘදුකාංගයේ ප්‍රධාන මුහුනත ටයිල් ආකාරයට සකසා ඇති අතර වින්ඩෝස් 8 මෝස්තරය

ලොවපුරා සරසවි 1000කට වඩා සර්වරයන්ට අනවසර පිවිසීම් ......



අනවසර පිවිසෙන්නන් කන්ඩායමක් පවසනවා ඔවුන් ලොවපුරා පිහිටි කීර්තිමත් සරසවි ඇතුලු සරසවි 1000 කට වඩා ආයතනයන්හි සර්වරයන්ට සාර්තකව පහරදී වැදගත් මට්ටමේ දත්ත ගොනු රාශියක් ලබාගන්නට සමත්වූ බව. මෙම සරසවි අතර හාවර්ඩ්, මිචිගන් ආදී වූ සරසවිවල සර්වරයන්ද ඇති බවටයි පවසා සිටින්නේ. ලොවපුරා අධ්‍යාපනයෙහි කඩා වැටීම ඉස්මතුකොට පෙන්වන්නට තමන් මෙම පියවර ගත් බවටයි ඔවුන් පවසන්නේ.
             ප්‍රකට මාධ්‍ය ආයට්නහයක් පවසන්නේ තමන් මෙම පිරිස පැහැරගත් බව කියමින් සයිබර් අවකාශයට මුදා හැර ඇති දත්ත සටහන් හැදෑරූ බවත් , ඉතා කුඩා ප්‍රමානයක දත්ත සටහන් තමන් දු‍ටුබවත් ඒ අතර නාමයන් දුරකථන අංකයන් ලිපිනයන් ඊමේල ලිපිනයන් හා පිවිසුම් අවසරපද දු‍ටු බවටත් සටහන් වනවා. පහර දෙන්නන් පවසා සිටින්නේ තමන් ඉතා කුඩා ප්‍රමානයක දත්ත පමනක් දැනට පැහැර ගත් බවත් බොහොමයක්  සර්වරයන්හි ඒ වන විටත් සාර්තකව මැල්වෙයාර් ක්‍රියාත්මක වන යුරු තමන් දු‍ටු බවත්ය.සරසවි කිහිපයක ප්‍රකාශකයන් විසින් යම් පහරදීමක් පිලිගෙන ඇති බවත් තවත් කිහිපයකින්  තවමත් මේ වනතුරු කිහිදු ප්‍රකාශයක් නොකර ඇති බවටයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...