2012-10-21

වින්ඩෝස්8 සදහා විකල්පයක් නොමිළේ.....


නිදහස් මෙහෙයුම් පද්ධති අතර උබුන්‍ටු මෘදුකාංගය වෙත ඇත්තේ වැඩි අවධානයකි. හදාරන්නන්ගේ බහුතරයකගේම මතයවන්නේ සංශෝධනය කරන ලද මෙහෙයුම් පද්ධතියක භාවිතයට වඩා මෙවැනි මෘදුකාංගයක් භාවිතය ඉතා වැදගත් බවයි. උබුන්‍ටු ගැන පලවන නවතම ප්‍රවෘතියකට අනූව සටහන් වන්නේ එහි නවතම සංස්කරනය මේ වනවිට ලබා ගතහැකි බවයි. ඔවුන් පවසන්නේ එලබෙන වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියට විකල්පයක් ලෙසට සාර්ථක විසදුමක් උබුන්‍ටු 12.10 මෙහෙයුම් පද්ධතිය ‍රැගෙන විත් ඇති බවයි.
                                         උබුන්‍ටු 12.10 සමග මෙහෙයුම් පද්ධති විෂයේ නව ප්‍රවනතා බොහොමයක් අත්විඳිය හැකිවනු ඇති බවට පොරොන්දු පලවන අතර ඒ අතර ක්ලවුඩ් තාක්ශනය සමග උපාංගයේ සීමාවෙන් මිදී නිදහසේ ගොනු හැසිරවීමේ අවස්ථාව ඇතුලු නවාංග කිහිපයක්ම ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස මෙම නව මෘදුකංගය ලබා ගැනීමේ හැකියාව ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

http://www.ubuntu.com/download/desktop

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...