Showing posts with label Mobile OS. Show all posts
Showing posts with label Mobile OS. Show all posts

2014-10-16

Android වල මීලග මෙහෙයුම් පද්ධතිය Lollipop ලෙසට නම්වේ...

  Android වල මීලග මෙහෙයුම් පද්ධතිය මේ වන විට Lollipop ලෙසට නම්වන බවට නිල ලෙසට ප්‍රකාශයට පත්ව තිබෙනවා. "L" වන සංකේතාත්මක නමකින් පලමුව Google ආයතනය තම Android මෙහෙයුම්  පද්ධතිය හඳුන්වා දෙන්නට කටයුතු කල අතර එය සමන්විතව පැමිනෙන නව දෘශ්‍ය ස්වභාවය Material Design ලෙසට නම්කර සිටින්නට කටයුතු කරනු ලැබුවා. Lollipop ස්ථාපිතව පැමිනෙන පැමිනෙන පලමු උපාංග  වන Nexus 6, Nexus 9, Nexus Player(android TV set-top box) යනාදියද මේ වන විට නිවේදනය කර සිටින්නට කටයුතු කර තිබෙනවා. ලොව වැඩිම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන මෙම Android 5.0 සදහා වන නාමය කුමක් වේදැයි හදාරන්නන් අතර විවිද මතවාද පැවති අතර මෙම Lollipop ලෙසට වන නිවේදනයත් සමග එම ගැටලුව අවසන් වනු ඇත.

2014-03-01

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්

 වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone සමග හදුනවා දුන් iOS මෙහෙයුම් පද්ධතිය  මේ වන විට Apple ආයතනයේ iPod , iPhone , iPad පමනක් නොව Apple TV සමගද භාවිතයට පැමින ඇත. දෘශ්‍යව මෙන්ම ක්‍රියාකාරකම් අතින්ද වන දියුනු කිරීම් රාශියක් සමග සිත්ගනා සුලු iOS 7 සංස්කරනය මේ වන විට භාවිතාවේ ඇති නවතම සංස්කරනය වේ.
                       Linux මත පදනම්ව නිර්මානය වන Android මෙහෙයුම් පද්ධතිය Google යටතේ සංවර්ධනය වෙමින් ලොව වැඩිම භාවිතයක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ඇති අතර නොමිලේ භාවිතාකල හැකි වඩාත් විවෘත ආකාරයේ මොබයිල් මෙහෙයුම් පද්ධතියක්ව එය පැමින ඇත. Android 4.4 නැතිනම්  Kit-Kat එහි නවතම සංස්කරනය නම් වන අතර Samsung , HTC වැනි මොබයිල් දුරකථන සමාගම් බොහොමයක් තම නිෂ්පාදන සදහ මෙම මෙහෙයුම් පද්ධතිය යොදා ගනිමින් සිටී.
                       සාමන්‍ය භාවිතාවේදී iOS සරල පහසු භාවිතාවකට සූදානම් මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනෙන අතර වැඩි තාක්ශනික දැනුමකින් තොර භාවිතා කරන්නන් සදහා උවත් අපහසුවකින් තොරව භාවිතාකිරීමේ හැකියාව එහි කැපී පෙනෙන ලක්ෂනයකි. Android සැලකීමේදී සාමාන්‍ය මට්ටමේ භාවිතාකරන්නන් සදහාද මිත්‍රබව  නොවඩුව පැවතුනද සමහර සැකසුම් සදහා වඩාත් දැනුමැති භාවිතාකරන්නෙකු අවශ්‍යවීම දැකිය හැකි බව පිලිගැනීමකි. මෙම මෙහෙයුම් පද්ධතීන් දෙක සදහාම මූලික මෙහෙයුම් පද්ධතිය සමග එන පහසුකම් වලට අමතරව හැකියවන් එකතුකර ගැනීමේදී අදාල app store වෙතට පිවිසෙන්නට වන අතර ඒවායේදී මිලදී ගත යුතු හා නොමිළේ වන app ලබා ගැනීම ඔස්සේ දුරකථනයේ මෘදු හැකියාව වඩාත් දියුනු කර ගැනීමෙ අහැකියාව භාවිතාකරන්නා හට ලැබේ. සමස්තයක් ලෙසට සැලකිමේදී මෙම මෙහෙයුම් පද්ධති දෙකම icon මූලිකව ක්‍රියාත්මක වන touch මිත්‍ර මුහුනතකින් සමන්විතව පැමින ඇත. මෙම මොබයිල් මෙහෙයුම් පද්ධති දෙක සමගම මූලික මට්ටමේ භාවිතාවන් පැමින ඇති අතර සමහර විටක පමනක් ඒ දෙකෙහි වෙනස් ආකාරයේ පහසුකම් හැකිය. screencast වැනි පහසුවක් සදහා Android වලදී USB කේබලය පමනක් සෑහුනද iOS වලදී Adaptors දෘඩාංගයක් අවශ්‍යවීම වැනි සමහර අවශ්‍යතාවයන් සදහා වෙනස්කම් දැකිය හැකිය. තවත් විටක iOS වලදී offline ආකාරයේ Command ලබාදෙන්නට හැකි වුනද Android වලදී අන්තර්ජාල සබදතාවය අවශ්‍යවීම දැකිය හැකිය. තවද Kit-Kat වලදී Hangouts වැනි භාවිතාව්කදී Google ගිනුම් සමගද ක්‍රියාත්මක වීමේදී අනවශ්‍ය ප්‍රමානයට පෞද්ගලික තොරතුරු හෙලිවන බවට වන චෝදනාව වන නමුත් iOS වලදී එවැන්නක් සිදුනොවන ප්‍රාථමික ආකාරයේ Messaging හැකියාවක් ලැබ්නු ඇත. smartphone භාවිතාවේදී Email සදහා වැඩි අවධානයක් ඇති අතර මෙම මෙහෙයුම් පද්ධති දෙක තුලම කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් දක්නට නොවුනද iOS වලදී auto-fill හැකියාව වැඩි පහසුවක් ගෙනෙනු දැකිය හැකිය එසේම එහි වන  unified mailbox සමග වඩාත් පහසු ඉමේල් භවිතාවක් ලැබෙනු ඇත
        ආරක්ශිත බව සැලකීමේදී Android වල වන open බව හානිකරන්නන්ගේ වැඩි අවධානයක් ලබන්නට අවස්ථාවක් වී ඇති අතර  බාහිර app ස්ථාපනයට iOS වල වන අපහසු වාතාවරනය වැඩි ආරක්ශක බවක් ගෙනෙනු දැකිය හැක. සරලව පිලිගැනීම වන Android සදහා security app එකක අත්‍යවශ්‍ය බව iOS සදහා එතරම් තදින්ම නොවීමට පෙර කී හේතූන්වල අමතරව Android වල බහුල භාවිතාවද හේතුවකි. Apple ආයතනය තම app store වලට පැමිනෙන app සදහා තරමක දැඩි පිරිස්සුමකින් අනතුරුව අවසර ලබාදෙන මුත් පිලිගැනීම වන්නේ Android වලදී එතරම්ම සැලකිලි මත් නොවන බවකි. මෙහෙයුම් පද්ධති දෙක සදහාම මේ වන විට උපාංග අස්ථානගත වීමකදී ඒවා නැවත සොයා ගන්නට සහයවන app පහසුවක් ලැබී ඇත.
          දෘඩාංග මට්ටම සැලකීමේදී iOS වල වැඩි සහයක් ලැබෙන්නේ අභ්‍යන්තර කොටස් එකිනෙක වඩාත් සුමටව ක්‍රියත්මක වන සේ නීමවා තිබීම ලෙසට සැලකෙන අතර Android වලදී විවිධා නිෂ්පාදකයන් ඔස්සේ පැමිනෙන විට සමහර විටකදී ඔවුනගේ අභිමතය අනූව මුල් මෙහෙයුම් පද්ධතිය සංස්කරනයවීම වැනි තත්වයන් ඔස්සේ මෙහෙයුම් පද්ධතියේ ඒකමිතික බව සැලකීමේදී iOS ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය. උදාහරනයක් ලෙසට iOS සදහා එන නව සංස්කරනයක් පෙර දුරකථන සදහාද පහසුවෙන් වලංගුවන අතර Android වලදී විවිධ නිෂ්පාදකයින්ගේ අතර මැදිවීම්ද අවශ්‍ය නිසා කල්ගතවනු දැකිය හැකිය. මේ බව පැහැදිලි කෙරෙන හොඳම උදාහරනය වන්නේ මේ වන විට iOS උපාංග අතරින් සියයට 80ක් එහි නවතම සංස්කරනය භාවිතාවන මුත් Android සැලකීමේදී තවමත් එම උපාංගවලින් සියයට 5ක් පමනක් එහි නවතම සංස්කරනය වන Kit-Kat භාවිතාකරමින් සිටීමය.

2014-02-23

Google Play වල apps 12.3%ක්ම හානිකර සහිතයි!!!!-හැදෑරීම් වාර්ථාවක් පවසයි-

  Google වල ප්‍රධානතම විධායකයෙකු පවසා සිටියේ තම Google Play වල ඇති apps ඇපල්හි iOS apps වලට වඩා ආරක්ශිත බවින් වැඩි බවකි. එහෙත් හදාරන්නන් පිරිසක් වෙතින් පලවන නවතම වාර්ථාවකට අනූව පසුගිය දැවසර සැලකීමේදී Google Play store  වල වන හානිකර සහිත බව තීරනාත්මකව වැඩිවී ඇති බවකි සටහන් වන්නේ. ඔවුනගේ වාර්ථා හෙලි කරන්නේ 2011 වසර සැලකිමේදී Google Play store වල හානිකර සහිත apps 11000 හදුනා ගන්නට හැකිවූ අතර 2013 වාන් විට හැදෑරීමේදී එම ප්‍රමානය 42000 තරම් වන ලෙසට ඉහල ගොස් ඇති බවකි. එසේම ඔවුන් හෙලි කරන්නේ Google ආයතනයට මෙම හානිකරයන් ගෙන් 60%ක් 2011දී ඉවත්කරන්නට හැකි වුවද 2013 වන විට එම ප්‍රමානය 23% දක්වා අඩු ප්‍රථිශතයක් දක්වා වාන් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. එම වාර්ථාවට අනූව සමස්තයක් ලෙසට Google play වල වන apps වලින් 12.3 ක්ම හානිකර බව සහිත බවටයි හෙලි වන්නේ.

windows phone 8.1 සමග එන Cortana වාචික සහය අංගය

  වඩාත් පහසු හා නම්‍ය ලෙසට භාවිතාකරන්නා සමග කටයුතු කරන තොරතුරු උපාංගයක් සදහා ප්‍රධාන මට්ටමේ තොරතුරු උපාංග නිෂ්පාදකයින් අතර ඇත්තේ මහත් තරගයකි. Microsoft සමාගම තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය වන windows 8.1 සමග සමන්විතකර එවන්නට සූදානම් වන features අතර Cortana නම් personal digital assistant පිලිබදව තොරතුරු හෙලි වන්නට පටන් ගත්තේ එම යවත්කාලීනයේ development kit එකක නොනිලව ප්‍රසිද්ධවීමත් සමගය. තම තරගකාර සගයන් සමග එනම් iOS හා Android වෙතට තරගයක් ගෙනෙන්නට Microsoft සමාගම ගෙනෙන්නට සැලසුම් කොට ඇති අංග අතර එය ප්‍රධාන තැනක් ගෙන තිබේ. මෙම Cortana පහසුව සමග භාවිතාකරන්නෙකුට පහසුවෙන් වාචික ආකාරයට තම දුරකථනය සමග කටයුතු කරන්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කොට සිටින්නේ. Notebook feature එකක් ලෙසට හදුන්වන මෙම හැකියාවත් සමග අවසර ලබා දෙන මට්ටම දක්වා 
 දුරකථනයේ ඇති location data, behaviors, personal information, reminders හා contact information තොරතුරුද ඇසුරු කරමින් භාවිතාකරන්නා සමග වාචික ආකාරයට කටයුතු කරන්නට එය කටයුතු කරනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.
       නවතම තොරතුරු වලට අනූව පැවසෙන්නේ මෙම පහසුව මුලින්ම ඇමරිකාව තුල පමනක් භාවිතාවීමට ඉඩ ඇති බවට වූ තොරතුරු නිවැරදි නොවන බවයි. එනම් මෙම පහසුව එහි සම්පූර්න හැකියාව සමග භාශා 15කින් පමන පැමිනෙන්නට නියමිත බවයි. මෙම නිකුතුව එල බෙන අප්‍රේල් මාසයේදී  BUILD conference වල දී නිවේදනය වීමට නියමිත අතර හදාරන්නන් පවසන්නේ ඊට පෙර තවත් සිත්ගන්නා තොරතුරු රාශියක් ප්‍රසිද්ධියට පැමිනෙනු ඇති බවය.

2014-02-17

Smart Phone සදහා security app එකක් අවශ්‍යමද????

 සාමන්‍ය භාවිතාවේදී පිලි ගැනෙන කාරනාවක් වන්නේ ඔබ Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් Antivirus මෘදුකාංගයක් භාවිතාකිරීම අත්‍ය අවශ්‍ය වීමයි. ප්‍රධාන මෙහෙයුම් පද්ධති අතර බහුල භාවිතාවෙන් අඩු Apple නැතිනම් open source ආකාරයේ මෙහෙයුම් පද්ධති භාවිතාවේදී එම අත්‍යාවශ්‍යකම මදක් අඩුවන්නේ තව්ත් හේතුන්න් සමග උවත් ප්‍රධාන ලෙසට ඒඅවට ඇති අඩු භාවිතාව තුල Malware සටහන් කරුවන්නේ අඩු අවධානයක් එම මෙහෙයුම් පද්ධතිවල ලැබෙන නිසාය. smart phone භාවිතාවේදී තත්වය වෙනස් වන්නේ ඔබ Android සමග වන දුරකථනයක් භාවිතයේදී Security app එකක් භාවිතාකිරීම අවශ්‍ය වීම windows හෝ  Apple ආකාරයේ Smart Phone එකක් භාවිතයට වඩා ඉහලින් පැවතීමය. එහිදීද ලොව Smart Phone භාවිතාවේදී ඩැඩි ප්‍රථිශතයක් Android සදහා ලැබී තිබීම වැදගත් වන අතරම Windows හෝ Apple වල App ලබා ගැනීම සදහා ඇති app store වලට app නිර්මාන කරුවෙතු තම App මෘදුකාංගයක් ලබා දීමේදී ඒම් ආයතනය දෙසින් දැඩි කොන්දේසි වලට යටත් කොට තිබීම හා අනිවාර්යයෙන් ඔවුනුගේ විමසා බැලීමට යටත්ව ඒවා ලබ ගැනීම සිදුවන බැවිනි. Android app සදහා ලැබී ඇති මෙම නිදහස ඔස්සේ යහපත් නිර්මාන කරුවන් ගේ මෙන්ම හානිකර ක්‍රියකාරීත්වයන්ගෙන් යුත් App ඔවුනගේ app store වෙතට දැඩි පිරික්සීමකින් තොරව ලබා දෙන්නට හැකිවීම තවත් ප්‍රධාන හේතුවක් ලෙසට පිලිගැනේ. F secure වෙතින් නිකුත්වූ වාර්ථාවක් පැවසුවේ 2013 වසරේ අවසාන කාර්තුව සැලකීමේදී හමුවූ Mobile Malware වලින් 97%ක්ම Android ඉලක්ක කරගෙන නිපදවා තිබූ ඒවා ලෙසට සටහන් වීම මේ බව සදහා හොඳම උදාහරනයකි. මීට අමතරව පෙරකී Mobile OS දෙකෙහිම භාහිර App ධාවනයේදී SandBox නැතිනම් සැබෑ මෘදු පරිසරය තුලදී වෙනුවට ව්‍යාජව නිර්මානය වන මෘදු පරිසරයක් තුල ඒවා ධාවනය වන්නට සැලැස්වීම නිසා දුරකථනයේ සැබෑ මෘදුපරිසරයට ඉන් සිදුවිය හැකි හානිය අවමව තබාගන්නට හැකිවීමද වැදගත්වේ.
       සමස්තයක් ලෙසට සැලකීමේ දිනෙන් දින වැදගත් තීරනාත්මක මට්ටමේ මෘදු ක්‍රියාකාරීත්වයෙන් යුත් භාවිතාවන් සමග තම තොරතුරු දිවියට Smart Phone භාවිතය මැදිකර ගන්නා වර්ථමානයේ මේ කිනමාකාරයේ මෙහෙයුම් පද්ධතියක් සමග වුවත් Security app එකක් භාවිතාකිරීම වැදගත් වන අතරම ඒ සදහා මෙකී සියලුම app store වල Security app නොමිළේ මෙන්ම මිළඳී ගත යුතු මට්ටමේ ඒවා තිබීම සහයක් වනු ඇත.

2014-02-16

විචිත්‍රවත් Android අනාගතය

  වසර 2008 යනු Apple ආයතනය තම app storeවද හදුන්වාදුන් කාලයයි. ප්‍රථම Android ප්‍රධාන මොබයිල් භාවිතාව වෙළඳ පොල වෙතට පැමිනියේ ඒ වර්ෂයේ වූවාය. ඉතා අඩු පහසුකම් සහිතව පැමිනි එම මොබයිල් භාවිතාව සැකලීමේදී ගතවූ වසර පහ තුලදී Android මෙහෙයුම් පද්ධතිය අත්පත් කරගෙන ඇති දියුනුව ඉමහත්ය. අද Android යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාව බවට පත්ව හමාරය. එපමනකුදු නොව හෙට දවස පිලිබදව වැඩිම බලාපොරොත්තු තැබිය හැකි මොබයිල් මෙහෙයුම් පද්ධතිය බවටද පත්ව හමාරය. නොමිළේ භාවිතාකල හැකි නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය වෙගයෙන් වර්ධනය වෙමින් තිබීම බොහෝ මොබයිල් නිපදවන්නන්ගේ අවධානය නිරන්තරයෙන් හිමිකර ගැනීමට ප්‍රධාන සාධකයක්ව පවතී.
       හදාරන්නන් Android අනාගතය ප්‍රධාන අංගයන් කිහිපයක් ඔස්සේ පැහැදිලි කරන්නට තැත්කරනු දැකිය හැකිය. Google ආයතනය සතු Google Map හැකියාව එම මෙහෙයුම් පද්ධතිය සමග හොඳින් මුසුවෙමින් තිබීම ඉන් එකකි.calluler හා Wi-Fi මෙන්ම GPS වැනි භාවිතාවන් ඔස්සේ එක්වන තොරතුරු සමග එලබෙන කාලයේ භාවිතාකරන්නෙකුට පහසුවෙන් තම යනෙන මගතොර තොරතුරු පිලිබදව වඩාත් නිවැරදි හා වේගවත් තොරතුරු ගෙනෙන සගයෙක් වන්නට  Android පද්ධතියට ඇති හැකියාව ඉතා ඉහල මට්ටමක වන බවටයි ඔවුන් බලාපොරොත්තු පලකරන්නේ. තනි සේවාවක් නොව නෙක ආකාරය ගත් සේවා ජාලයක් ඔස්සේ පැමිනෙන දත්ත සමග මුසුව වඩාත් බුද්ධිමත් සහයක් භාවිතාකරන්නාහට සැලසීමට එයට හැකිවීම එම සාර්ථකත්වයේ පදනම වනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ. විටක ත්‍රිමානීය ආකාරයට පවා ඔබට යායුතු  මංමාවත් ගොඩනැගිලි ආදියේ තොරතුරු ගෙනෙමින් එයට දැක්විය හැකි සහය වඩාත් වර්නවත් කරන්නට Google+ ආදී ඔවුනගේ සමාජජාලා සහය මුහුවීම අපූර අත්දැකීමක් වනු ඇත.
                Android සමග එන්නට හැකි Messaging හැකියාව සමාන්තර අනෙකුත් සේවාවන් සමග සැලකීමේදී වඩාත් ඉහල මට්ටමක පවතින බවට හදාරන්නන් බලාපොරොත්තු පලකර සිටිනවා. Facebook , skype හා තවත්වන සේවා වන් සැලකීමේදී Google සතු හැකියාව මුසුවන Android සමග මොබයිල් ලෝකයට ගෙනෙන්නට හැකි Maessaging හැකියාව ඔස්සේ SMS, email, instant messaging මෙන්ම  video calling ආදී වන සියලු හැකියාවන් විහිදෙන බවටයි දක්නට ලැබෙන්නේ. එකනෙකට වෙනස් ස්වරූපයන් ගත් එම පනිවිඬ සේවාවන් ඔස්සේ අවශ්‍ය විටදී එකින් නෙකට මාරුවෙමින් පහසුවෙන් භාවිතාකරන්නෙකුට තම සබදතාවය ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නට හැකිවීමට ඉදිරියේ එනු ඇතැයි බලාපොරොත්තුවේ. තම Messaging භාවිතාව සදහා එක්වීම තාක්ශනය විසින් නොව භාවිතාකරන්නන් විසින් තීර්නය කරන්නට හැකිවන අනාගතයක් ඒය වනු ඇති බවට විස්වාසය පලවෙමින් තිබෙනවා.
              මොබයිල් සබදතාවයක් ඔස්සෙ එනු ඇති බවට අනාගත බලාපොරොත්තුවක් වන මුදල්  payments, transferring හැකියාවන් වඩාත් සියුම්ව හා නිවැරදිව ඉ‍ටුකර දෙන්නට Android පද්ධතිවල හැකියාව වඩාත් දියුනුවීමක් හදාරන්නන්ගේ තවත් බලාපොරොත්තුවක් වනවා. දියුනු  කරනලද Google වල  Authenticator app හැකියවන් සමග ඔබ පසුකරන එම ආයතනයේ මුදල් අයකැමි කුලුන ඔස්සේ ක්ශනයකින් එය සිදුවනු ඇති බවටයි චිත්‍රනය වෙමින් ඇත්තේ. Google වල අත්හදා බැලීමේ අදියරේ ඇති Google glass වැනි භාවිතාවන් සමග බුද්ධිමත් අතර මැදිවීමක් සමග පැමිනෙන අනාගත ඇන්ඩ්‍රොයිඩ් ලෝකය වඩාත් විචිත්‍රවත් එකක් වනු ඇත.

Windows Phone 8.1 ගැන වැඩිදුර තොරතුරු හෙලිවෙමින් ඇත.....

  මේ වන විට Windows phone 8.1 වල නොනිල තොරතුරු අන්තර්ජලය වෙතට විටින් විට විට ලැබෙමින් පවතිනවා. එසේ පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ start screen  මුහුනත භාවිතාකරන්නාට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකිවා නොහොත් background customization සමග මෙම නව සංස්කරනය පැමිනෙන්නට නියමිත බවකි. ඒත් සමග Start screen යේ පසුබිම සදහා මෙතෙල් ලැබුනු සුදු හෝ කලු වර්ර්නය පමනක් යොදා ගැනීමේ හැකියාව වෙනුරට භාවිතාකරන්නාට තම කැමති image එකක්  යෙදීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි හෙලි වන්නේ. එසේම ප්‍රමානයෙන් විදාල ස්ක්‍රීනයක් භාවිතාවන විටදී additional column එකක් ඔස්සේ වැඩි පුර Tiles එකතුකර ගැනීමේ හැකියාවත් මෙම නව නිකුතුව ඔස්සේ භාවිතාකරන්නා හට පැමිනෙනු ඇති බවයි. මීට අමතරව දැනටමත් පවතින හැකියාවන් වැඩි දියුනු කිරීම් කිහිපයක් ගැනද සදහන් වන අතර ඒවා අතර SD මතටද app  තබා ගැනීමේ හැකියව , ගොනූ වැඩිපුර වර්ග ප්‍රමානයක් සදහා සහය දැක්වීමේ හැකියාව , 'Action center' එක  notifications මතට පැමිනීම , Miracast නොහොත් screen එක තවත් screen එකක් වෙතට ‍රැහැන් රහිතව හෝ ‍රැහැන් ඔස්සේ ලබාදීමේ හැකියාව වනවා.

2013-11-13

Nexus 7(2012,2013) හා Nexus 10 සදහා Android 4.4 KitKat නිකුත්වීම ඇරබේ!!!!

  Android team වෙතින් අද පැවසුනේ Nexus 7(2012,2013) සංස්කරන වෙත හා Nexus 10  වෙත ගුගල් මෙහෙයුම් පද්ධතිය වන Android 4.4 KitKat  මුදා හැරීම අද අරම්භ වන්නට නියමිත බවයි.එහෙත් Nesus 7 මොබයිල් සංස්කරනය භාවිතාකරන්නන් සදහා ඉදිරියට කෙටිකලක් තම නව මෙහෙයුම්පද්ධති සංස්කරනය ලබා ගන්නට ප්‍රමාද වන්නට සිදුවනු ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. ආයතනය තවමත් දෙවසරක් පැරනි Galaxy Nexus  යාවත්කාලීන කිරීම පිලිබදව තවමත් තිර්ර්නයකට එලබ නැති අතර එහි භාවිතාකරන්නන් අතරින් දැඩි ඉල්ලීමක් ආයතනය වෙතින් කෙරෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ.

2013-10-09

Mozilla's Firefox OS සදහා පලමු යාවත්කාලීනය පැමිනෙයි.

  Mozilla හි ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සමග පැමිනෙන ස්මාර්ට් දුරකථනය භාවිතය සදහා මුලින්ම නිකුත්කරනු ලැබුවේ මෙම වසරේ පලමු භාගයේදීය.අද Mozilla ආයතනය පවසා සිටියේ තම මෙහෙයුම් පද්ධතිය සදහා නිකුත්වන පලමු යාවත්කාලීනය නවාංග කිහිපයක්ද සමගින් නිකුත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. HTML 5  මුලික මෙම මෙහෙයුම් පද්ධතිය  Firefox OS 1.1 ලෙසට ඉහල නංවන මෙම යාවත්කාලීනයත් සමග දියුනු කිරීම් සිය ගනනක් වන බවට පවසන එම ආයතනය ඒවා අතර  MMS support, auto correction for typing on the keyboard, saving email drafts offline වැනි සමාන්තර ස්මාර්ට් දුරකථන සමග එන පහසුකම්ද වන බවටයි පවසන්නේ.ආයතනය වැඩි දුරටත් සඳහන් කොට සිටින්නේ මෙම වසර අග වන විට තම මෙහෙයුම් පද්ධතිය ‍රැගැත් තවත් උපකරන වෙළඳ පොලට පැමිනෙන්නට සැලසුම් කොට ඇති බවත්ය.

2013-10-06

security charger සමග මැල්වෙයාර් පරදවන්නට....

  හදාරන්නන් පවසන්නේ smartphones භාවිතාව තුල වේගයෙන් වැඩෙමින් ඇති ගැටලුවක් වන්නේ malware සුලබව පැතිරීම බවයි.මෙම ගැටලුවට වඩාත් ප්‍රායෝගික විසදුමක් කෙරෙහි බොහෝ ආයතනයක් වල අවධානය යොමුව තිබුනා.ඇමරිකානු ආයතනය මේ වන විට එක් විසදුමක් ඉදිරිපත්කරන්නට සූදානම් වෙමින් සිටින නවටයි තොරතුරු පලවන්නේ.Kaprica Security’s Android smartphone charger ලෙසට නම් වන මෙම විසඳුම සමග phoneය බල ගැන්වූම සදහා chargerයට සම්බන්ද කල විට එම කාරනාවට අමතරව එහි හානිකරයන් පිලිබදව පිරික්සනයක්ද ක්‍රියාතමක වන ලෙසට නිමවී ඇති අතර එහි වන කොල හා රතු  LED බල්බ ඔස්සේ දුරකථනයේ මැල්වෙයාර් තත්වය භාවිතාකරන්නා හට දැනුම් දෙන ලෙසට සැකසී තිබෙනවා.එහි නිපයුම් කරුවන් පවසන්නේ දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය හා දත්ත ගොනු පිරික්සීම  ඔස්සේ එයින් දත්ත ගොනු සොරාගැනීමට උත්සාහකරමින් සිටින හානිකරයන් හදුනා ගැනීමට එයින් හැකි වනු ඇති බවය.අගෝස්තුමාසයේ වාර්ථා වූවේ malicious apps 700000 පමන භාවිතාවෙමින් ඇති බවට වන අතර ඊට පෙර කාර්තුවේ එලෙස ඇන්ඩ්‍රොයිඩ්  සදහා වන හානිකරයන් 509000 පමන හදුනා ගැනීම් වාර්ථා වී ඇති බවයි.මෙම වසර අවසානයේ භාවිතාවට නිකුත් වෙතැයි බලාපොරොත්තුවන මෙම security charger පිලිබදව ඉදිරියේ වැඩි දුරටත් තොරතුරු හෙලි වනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

2013-10-04

Samsung වෙතින් එන region lock බාදකය අනෙකුත් Galaxy උපාංග වෙතටත්!!!!

  ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ගත් සමාගමක් වන Samsung වෙතින් පසුගිය කාලයේ නිකුත්වූ පුවත නම් ඔවුන් තුල එතරම් ප්‍රසාදාත්මක වූවේ නැත. region lock සමග පැමිනෙන Galaxy Note 3 පිලිබදව පුවතයි ඒ.එම තත්වය යටතේ එම උපකරනය  European වල දී භාවිතාවන සිම් පතක් ඔස්සේ activate කරගත් පසු පසුව යලිත් එම උපකරනය Africa හෝ  Asia ප්‍රදේශ වලදී භාවිතාවන සිම් පතක් ඔස්සේ භාවිතාකරන්නට නොහැකි වීමයි. පලවන නවතම පුවතක් පවසන්නේ මෙම සීමාකාරී කිරීම එම උපකරනයට පමනක් සීමා නොවන බවත් අනෙකුත් Galaxy උපාංග වෙතටත් පැමිනෙනු ඇති බවත්ය. පැමිනෙන්නට නියමිත Android 4.4 KitKat ඔස්සේ මෙම නව භාවිතාව Note 2 හා Galaxy S3 වෙතත් පැමිනෙනු ඇති බවටයි  එයින් පැවසෙන්නේ. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම භාවිතාව ගෙනෙන්නට හේතුව වන්නේ නීති විරෝධී ලෙස මෙම උපකරන ආනයනය වීම වැලක්වීම බවයි. භාවිතාකරන්නන් අතර අප්‍රසාදයක් නිර්මානය කර ඇති මෙම පියවර ඔස්සේ ඔවුනට වඩාත් මිලැති roaming පහසුව වැනි විකල්පයකට යාමට සිදුවනවා ඇත

2013-09-19

iOS 7 ලබා ගැනීමට සදහා දැඩි තදබදයක්.....

  ඇපල් ආයතනය මේ වන විට තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනය වන iOS 7 නිකුත්කොට තිබෙනවා. පලවන නවතම වාර්ථා පවසන්නේ ඇපල් හි activation servers දැඩි කාර්යබහුලත්වයක පවතින බැවින් භාවිතාකරන්නන් හට නව සංස්කරනය බාගතකර ගැනීම ආරම්භකිරීමට අපහසු තත්වයක් පවතින බවය. ආයතනය තුල සේවක මහතුන් වෙත නව මෙහෙයුම් පද්ධතිය activate කරන්නන් සදහා වැඩි අවධානයකින් කටයුතු කරන්නට උපදෙස් නිකුත්ව ඇති බවටත් තොරතුරු පලවෙමින් තිබෙනවා.පලවෙමින් ඇති තොරතුරු වැඩි දුරටත් පවසන්නේ සමහර servers අක්‍රිය තත්වයක පවතින බවකි. සමහර භාවිතාකරන්නන් තම iPhone වෙත නව සංස්කරනය ලබා ගන්නට තැත්කිරීමේදී "Software Update is not available at this time. Try again later." ලෙසට වන පනිවිඬයක්ද ලැබෙමින් ඇති බවටද පල වෙමින් තිබෙනවා. එලබෙන සිකුරාදා ඇපල් ආයතනයේ ස්මාර්ට් දුරකථනයේ නව සංස්කරනයන් වන iPhone 5s හා 5c නිකුත්වීමට නියමිතව ඇති අතර නව භාවිතාකරන්නන් සදහා තම සර්වරයන් සූදානම්ව තැබීමේ වගකීම සදහා ඇපල් ආයතනය දැඩි වගකීමකින් කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් වාර්ථා වන්නේ.

2013-09-11

ios7 සැප්තැම්බරයේ සිට iphone4 වල සිට ඉහලට......

  ඇපල් සමගම පවසන්නේ තමන්ගේ මීලග Mobile  මෙහෙයුම් පද්ධති සංස්කරනය ios7  එලබෙන සැප්තැම්බර් 18 දින සිට නොමිළේ නිකුත්වන්නට නියමිත බවයි.කැලිෆෝනියාවේ ඔවුනගේ ප්‍රධාන මූලස්ථානයේ පැවති පුවත්හමුවකදී මේ බව නිවේදනය කරනු ලැබුවා.ආයතනය පසුගිය ජූනි මාසයේදී පලමුවෙන් තම මීලග මොබයිල් මෙහෙයුම් පද්ධතිය පිලිබදව නිවේදෞඅ කරනු ලැබූ අතර නව ios7 සංස්කරනය iphone 4 දුරකථනයේ සිට ඉහලටවන සංස්කරන සමග ක්‍රියාත්මක වනු ඇති බවටයි සදහන් කර සිටියේ.එසේම ටැබ්ලට් සංස්කරන දෙකක් වන iPad mini  හා iPod Touch සමගද මෙම නව මෙහෙයුම් පද්ධති සංස්කරන සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවටත් පවසා සිටියා. එසේම එම හමුවේදී වැඩි දුරටත් පවසා සිටියේ තම iWork suite මෘදුකාංග කට්ටලයද සියලුම ios උපාංග සදහා නොමිළේ භාවිතාකරන්නට මින් ඉදිරියට හැකිවනු ඇති බවයි.
                          iOS 7 සමග වන නවාංග අතර නව UI design එක මෙන්ම පැතලි ආකාරයේ අයිකනයන් , සෙයුම් හැකියාවේ නව වෙනස්කම් මෙන්ම new iTunes Radio  පිලිබදවද මෙන්ම siri voice සදහා එකතුවන male voice  පිලිබදවද දැක්වෙනව.ආයතනය ප්වසා සිටියේ තම ආයතනයෙන් නිකුත්වන මිලියන 700 වන iOS hardware  උපාංගය මෙම ඔක්තෝබරයේ වනු ඇති බවත් 2007දී නිකුත්වූ පලමු iphone ය සැලකීමේදී වසර හයහමාරක් තුල  මෙම වර්ධනය තමන් සතුකරගන්නට හැකිවූ බවත්ය.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...