2014-07-30

piracy හෝ illegal content සහිත වෙබ් අඩවි වල වෙළඳ දැන්වීම් වලට බාදා...

  City of London police වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ piracy හෝ illegal content. සහිත වෙබ් අඩවි වල වෙළඳ දැන්වීම් පලවීම වැලැක්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඒ අනූව ඔවුන් illegal content සහිත වෙබ් අඩවි වල banner ads පල කරමින් එම වෙබ් අඩවි වලින් ඉවත්ව සිටින ලෙසට භාවිතාකරන්නන්හට දැනුම් දෙමින් එම අඩවි විසින් දැන්වීම් පලකිරීම ඔස්සේ ලබන්නට උත්සාහ කරන අයුතු ලාබ ලැබීම් වලකන්නට කටයුතු කරන බවකි. Project Sunblock ලෙසට නම් වන මෙම ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් එම වෙළඳ ආයතන වල  කීර්තියට වන හානිය අවමවීමද මෙහිදී ඔවුන් අවධාරනය කර සිටිනවා. මෙම automated system ඔස්සේ අව්‍යාජ වෙන් අඩවි වලටට සිදුවිය හැකි හානිය පිලිබදවද අවධානයෙන් කටයුතු කරන බවටයි කරුනු දැක්වෙන්නේ.

2014-07-29

Smartshoes යුවලක් ඉන්දියාවෙන්...

  පලඳින ආකාරයේ දත්ත උපකරන පිලිබදව ඇති උනන්දුව ඉමහත්ය. අනාගත දත්ත උපාංග වෙලඳ පොල මෙම පලඳින ආකාරයේ උපාංග දෙසට වන වැඩි ආකර්ශනයක් වනු ඇති බවට වන අනාවැකිවලට සාධක සපයමින් ඉන්දියානු සමාගමක් මේ වන විට smartshoes යුවලක් වෙළඳ පොලට ගෙනෙන්නට සැලසුම් අවසන් කරමින් සිටී. ඉන්දියාවේ Ducere Technologies ආයතනය “The shoes are a natural extension of the human body,” පදනම මත සංවර්ධනය කර ඇති මෙම නිමැවුම පලදින ආකාරයේ අනෙකුත් දත්ත උපාංග සමග සැසදීමේදී වඩාත් ප්‍රායෝගික එකක් වනු ඇති බවටයි පවසා සිටින්නේ. මෙහි වන අංගයන් පහදමින් ආයතනය ගෙනෙන එක් සඳහනක් වන්නේ Bluetooth-enabled බව සමග app එකක සහයෙන් භාවිතාකරන්නාගේ smartphoneය ඔස්සේ අවශ්‍ය ගමනාන්තය ලබා ගන්නට සහය වෙමින් Google Maps වැනි සේවාවක සහය මත හැරෙන්නට අවශ්‍ය දිසාවන් දක්වමින් vibrate වන්නට නියමිත බවයි. මෙම හැකියාව දෛනික ජීවිතයේදී walk, jogහෝ run වැනි සියලු අවස්ථාවල් වලදී සහය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. දෘශ්‍ය ආබාධිත අයවලුන් සදහා විශේෂිතව දියුනු කල තාක්ශනයක් ලෙසට මෙය දැක්වෙනවා.

2020 වන විට London නුවරට 5G හැකියාව-නගරාධිපතිවරයා පවසයි-

  වඩාත් වේගවත් සංනිවේදන හැකියාවක් අත්පත්කර ගැනීම ව්‍යාපාරික මෙන්ම සමාජිය පරිසරයේ වර්ධනාත්මක බවට වැදගත් සාධකයක් ලෙසට පිලි ගැනේ. London වල නගරාධිපති වරයා පවසන්නේ 2020 වන විට 5G network හැකියාවක් තම නගරය වෙතට ගෙනෙන්නට තමන් සැලසුම් කරමින් සිටින බවකි. සිද්ධාන්තමය ලෙස සැලකීමේදී 10Gbps දක්වා දත්ත හුවමාරු වේගයක් ‍රැගෙන එන මෙම නව තාක්ශන ඉදිරි පියවර සදහා අනාගත සැලසුම් වල සිටින තවත් රක් ලෙසට ගැනෙන්නේ ජපානයයි. South Korea  සමග සහයෝගයෙන් කටයුතු කරමින් අත්පත් කරගන්නට බලපොරොත්‍ටුවන  මෙම අනාගත පියවරයන් ඔස්සේ London නුවර කෙරෙහි වැඩි ආකර්ෂනයක් ලැබෙමින් එහි වැසියෙකුවීමට වැඩි ඉල්ලුමක් නිර්මනය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 

2014-07-27

IE 2014 මුල් භාගයේ අනතුරුදායකම බ්‍රවුසරය ලෙසට නම්වේ.....

   browserයනු පරිගණකයක වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයකි. වේගය , ආරක්ශාව වැනි තීර්නාත්මක සාධක ඔස්සේ නිර්නය වෙමින් භාවිතයට පැමිනෙන බ්‍රවුසරයක  හැකියාව මේ වන විට හුදු වෙබ් පි‍ටුවක් විවෘතකරදිම ඉක්මවා බොහෝ දුරට විහිදී ඇත. බහුල භාවිතාවක් ලැබීම අනෙක් අන්තයේදී බහුල ඉලක්ක ගතවීමකි යන්න යලිත් සත්‍ය කරවමින් පලවන නවතම වාර්ථාවක් පවසන්නේ IE යනු 2014 මුල් භාගයේදී වැඩිම හානිකර ප්‍රමානයකට විවරවූ බ්‍රවුසරය ලෙසට ගනනය වන බවයි. 2013 වසර හා සසදමින් ගොඩනගන ලද දෘශ්‍ය සටහනක් මත Office , Adobe Reader , Adobe Flash , Oracal Java , Google Crome, Mozilla Firefox වැනි අනෙකුත් බහුල ඉලක්කගතවන මෘදුකාංග කිහිපයකටම සසදමින් ඉදිරිපත්වන මෙම සටහනට අනූව IE හි මෙසේ කැපී පෙනෙන හානිකරයන් සදහා විවෘත වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් සිටිනවා. මේ පිලිබදව පැහැදිලි කරමින් පැවසෙන්නේ තවමත් IE6 වැනි පැරනි සංස්කරන භාවිතය මෙන්ම යාවත්කාලීන නිකුත්වීම අවසන්ව ඇති XP ඔස්සේ පැමිනිය හැකි හානිකර බව මෙසේ ගනනය ඉහල අගයක් ගන්නට හේතුව ලෙසට සැලකිය හැකි බවයි. මීට අමතරව උපදෙස් ලැබෙන්නේ වෙබ් අඩවි අතර සැරීමේදී සමහර වෙබ් අඩවි යෝජනා කර සිටින add-on හෝ යම් මෘදුකාංග කොටස් ස්ථාපනයෙන් වැලකී සිටීම ඉතා වැදගත් වනු ඇති බවකි. මීට අමතරව හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කොට තබා ගැනීමේ අවශ්‍යතාවයද අවධාරනය වෙමින්  තිබෙනවා.

2014-07-24

Malaysian airlines plane crash පිලිබඳ ව්‍යාජ profiles ගැන FB වෙතින් අනතුරු ඇගවීමක්!!!!

  තොරතුරු අවකාශයේදීද අපරාධකරුවන් ක්‍රියාත්මකවීම  ප්‍රධානව ක්‍රම දෙකකට සිදුවේ. තාක්ශනිකව මෙන්ම මිනිස් ස්වභාවයන් ඔස්සේ පැමිනෙන දුර්වලතා ප්‍රයෝජනයට ගැනීම ඒවා වේ. කිසියම් පරිගණක වැඩසටහනක වන දුරවලතාවයක් ඔස්සේ හානිකරයක් පරිගණකයට පිවිසෙන්නට ඉඩ ලබා ගැනීම පලමු ආකාරයට උදාහරනයක් වන විට සමකාලීනව සිදුවන ප්‍රකට පෙලේ සිදුවීමක් ගැන භාවිතාකරන්නන්ගේ ඇතිවන උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් හානිකරයක් ඔවුන් වෙතට යොමුකරන්නට උත්සාක කිරීම දෙවන ආකාරය ලෙසට උදාහරනයකි. 
                පසුගිය කාලයේ ලොව පුරා වැඩි අවධානයක් දිනාගත්  Malaysian airlines plane crash සිඳුවීම පිලිබදව වන උනන්දුව භාවිතාකරමින් ප්‍රකට සමජ ජාලාවක් වන Facebook හි භාවිතාකරන්නන් හට ආසාධිත කැඳවන්නට උත්සාහකරන ව්‍යාජ ප්‍රොෆයිල කිහිපයක් පිලිබදව මේ වන විට එම අඩවියේ පාලනය විසින් දැනුවත්කිරීමට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම Profile පෙරකී අනතුරට සම්බන්ද Australians වින්දිතයන් ලෙසට දැක්වෙන ආකාරයෙන් නිර්මානය වී ඇති අතර ඒවා Blog අඩවි වෙතට යාකෙරෙන Link සහිතව වන අතර මෙම Link අවදිකරවන භාවිතාකරන්නන් කරදරකාරී වෙළඳ දැන්වීම් සදහා නිරාවරනය වීම මෙන්ම වෙනත් හානිකරයන් සදහා කැඳවන ආකාරයට නිර්මානය වන මෙම බ්ලොග් අඩවි වෙතට යොමුකරවනු ලබන බවටයි පැහැදිලි කරන්නේ. එම ආයතනය පවසන්නේ දැනට හමුව ඇති එම ව්‍යාජ ගිනුම් කිහිපයක් අඩපන කර දමන්නට ක්‍රියාකර ඇති අතර ඉදිරියටද අවධානයෙන් සිටින බවටයි.

2014-07-23

මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි.-Microsoft CEO-

  Microsoft හි CEOවරයා පවසා සිටියේ මීලග windows මෙහෙයුම් පද්ධතිය සමග app අවකාශය , UI ඒකීය බව පමනක් නොව මෙහෙයුම් පද්ධතිය තුලින්ම පැමිනෙන ඒකීය බව ස්තීර බවකි. අයතනය තුල Threshold ලෙසට නම් කෙරෙමින් හා බාහිරව windows 9 ලෙසට නම් දරමින් තවමත් සංවර්ධන මට්ටමේ තිබෙන මෙම Microsoft මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනය එලබෙන වසරේදී නිකුතුවක් වනු ඇති බවටයි දැනට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
                 දැනටමත් මෙම තොරතුරු පලව තිබෙන ඒවා වූවද ආයතනයේ ප්‍රධානියෙකු විසින් කල එම ප්‍රකාශය ඔස්සේ වඩාත් තහවුරුවක් ලැබෙන බවට විචාරනට වෙමින් ඇති අතර වැඩි දුරටත් බලාපොරොත්තු වන්නේ එක මෙහෙයුම් පද්ධතියක් වූවද ස්ථාපනයේදී එම උපාංගයට වඩාත් හිතකර ලක්ෂන සංක්‍රිය වෙමින් සිදුවනු ඇති බවකි. Desktop ස්ථාපනයකදී start මෙනුව ප්‍රධාන Keyboard , Mouse සූදානම් ස්ථාපනයක් වනු ඇති නමුත් Tablet පරිසරයකදී ස්පර්ශක තිර මිත්‍ර ස්වභාවයන් හා Modern Screen මූලික බවකින් එය වනු ඇති බවට බලාපොරොත්තු වනවා.

දත්ත ලෝකයට සැගවීමට අවශ්‍යව තිබේ

   දත්ත ලෝකයට සැගවීමට අවශ්‍යව තිබේ. එය විවිධාකාර වනු ඇත. විටක උපැස් යුවලක වන විට විටක අත් ඔරලෝසුවකය.තවත් විටක ඇස්කාචයක් තරම් සියුම් වීමටද මේ වන විටත් හැකිව තිබේ. සැබවින්ම එය අඳින පලඳින දෑ සමග පමනක් වීමා නොවනු ඇත. දෛනික ජීවිතයේ වට පිටාව එහි ආකර්ශනීය ඉලක්කයකි. ප්‍රධාන පෙලේ ආයතනයක් පසුගියදා ප්‍රකාශ කර සිටියේ නම්‍ය විශාල තිර භාවිතයට පැමිනීම එලබෙන වසර කිහිපය තුල සිදුවන්නට නියමිත බවකි. නිවසේ විසිත්ත කාබරයේ බිත්තීන් විශාල තිරවලින් වැසීයන දිනය මහත් ඈතක නොවනු ඇත. එය ප්‍රියතම රූපවාහිනි වැඩසටහන පමනක් සදහා සීමා නොවනු ඇත.දවසේ හෝරාවන්ට අනූව , ඔබගේ මානසිකත්වයට අනූව පමනක් නොව දුරබැහැරක වන මිතුරෙකු මෙන්ම රාජකාරි සගයෙකු සජීවී ප්‍රමානයෙන්ම ඔබ වෙතට කැඳවා එන්නට කටයුතු කරනු ඇත.
                          ඔබගේ දත්ත අනන්‍යතාවය බරපතල උපාංගයක්ව PC නමින් සිටි කාලය අවසන් වෙමින් ඇත.එය කුඩා අත් දුරකථනයකට සංයුක්තවීමේ සිට ටැබ්ලට් උපාංගය වැනි සැහැල්ලු උපකරනයක් දක්වා අවස්තානු කූලව භාවිතයට ගැලපෙන පරිදි නම්‍ය වෙමින් පැමින ඇත. අවශ්‍යතාවය සම්පූර්නයෙන් තෘප්තකරවී නැත.තව දුරටත් එයට සැහැල්ලුවීමට අවශ්‍ය ව ඇත. විටක ඔබගේ දත්ත අනන්‍යතාවය සිරුරට ඇලවෙන ටැටූවක් පමනක් වනු ඇත. ඔබගේ අනන්‍යතාවය තහවුරු කර දෙන Wi-Fi වැනි සබදතාවයක් ඔස්සේ ක්‍රියත්මක වන්නක් පමනක් වනු ඇත, ප්‍රසිද්ධ ස්ථානවල වන තිරයක් ඔස්සේ අව්ශ්‍ය පරිදි ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ඔබගේ දත්ත අනන්‍යතවයට පිවිසෙන්නට කටයුතු කර දෙනු ඇත. එවිට දත්ත උපකරනය රූපවාහිනි යන්ත්‍රයක් මෙන් ලැබෙන අනන්‍යතාවය ඔස්සේ කටයුතු කරන උපකරනයක් පමනක් වනු ඇත. සැබවින්ම දත්ත ලෝකයට දෛනික ජීවිතයේ වටපිටාවට සංයුත්ත වන්නට අවශ්‍යව ඇත. වෙනම අනන්‍යතාවයක් වෙමින් ජීවිතය ඉදිරියේ වෙනම දැක්වෙන උපකරනයක් නොවීමේ අවශ්‍ය තාවය එලබෙන නුදුරේදීම එය අත්පත් කර ගනු ඇත.

2014-07-21

Windows8.1 update 2 අගෝස්තු 12 පැමිනේවි!!

    Windows 8 වෙතට මීලගට පැමිනෙන යාවත්කාලීනය පිලිබදව දැඩි අවධානයක් ඇත. ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනය එලබෙන වසරට නියමිතව ඇති අතර ඊට පෙර වින්ඩොව්ස් 8.1 උප්ඩටෙ 1 පැමිනීමක් පිලිබදව බලාපොරොත්තුවක් ඉගිව තිබිනි. නිල නොවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ මෙම අනු යාවත්කාලීනය එලබෙන අගෝස්තු 12 දා නිකුත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි. Update 1 යාවත්කාලීනයට වඩා වෙනස් මගක්ගන්නට නියමිත මෙම නිකුතුව සමග නවාංග පැමිනීමට ඉඩ නැති අතර ප්‍රමානයෙන් කුඩා නිකුතුවක් වනු ඇති බවට පැවසෙන අතර මෙහෙයුම් පද්ධතියේ දුර්වලතා පිලිසකර හා වඩාත් ශක්තිමත් ක්‍රියාකාරීත්වයක් සදහා අවශ්‍ය සැකසුම් වලින් පමනක් සමන්විතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්‍ටුවන බවට හෙලි වනවා. එලබෙන මසට නියමිත  'Patch Tuesday' සමග මෙම නිකුතුව සිදුවනවා ඇති බවට හා ස්වංක්‍රීයව ස්ථාපනය වන්නක් හැටියට හැටියට එය බලපොරොත්තුවන බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.

2014-07-18

Bing සෙයුම් යන්ත්‍රයද 'right to be forgotten' සදහා සූදානම් බවට නිවේදනය වේ.

    එහි විෂය වන්නේ තොරතුරුය. එය දැනගන්නා තොරතුරු ප්‍රමනය වැඩි වෙත්ම එයට නැවත ඔබට ලබා දෙන්නට හැකි සේවාවේ ප්‍රමනයද වැඩි වේ. එය කිසියම් විෂයක් ගැන දැන ගන්නා තොරතුරු ප්‍රමානය වැඩි වෙත්ම ඔබට ලබා දිය හැකි විස්තර වැඩිවනවා මෙන්ම ස්වරූපයන් මෙන්ම අවස්ථාද වැඩිවිය හැක. පුද්ගලයෙකු ලෙසට ඔබ ගැනද තත්වය එසේමය. ඔබගේ වෘතීය ජීවිතය, සමාජ ජීවිතය , විනෝද ජීවිතය මෙන්ම ආර්තික ජීවිතය සදහාද තත්වය එසේමය. උදාහරනයක ලෙසට ඔබගේ පරිගණක ක්‍රීඩා ප්‍රියතාවය දැනගන්නට දැනගන්නට අලුතින් පැමිනෙන ඔබගේ ප්‍රියතාවයට වැඩියෙන්  ගැලපෙන ක්‍රීඩා පිලිබදව සොයා බලා යෝජනා කරන්නට කටයුතු කරනු ඇත. කාර්ය බහුල දිනයේ සැන්දෑවේ විනෝදය සදහා මනසේ මෙන්ම කායිකව තත්වය ස්වංක්‍රීයව විමසමින් වඩාත් ගැලපෙන හා ප්‍රියත්වය වඩාත් උත්තේජනය කරවන ක්‍රීඩාව යෝජනා කරන්නට එයට හැකි වනු ඇත.
                                        තත්වය වර්ධනය වෙත්ම තවත් ආකාරයක ගැටලුවක්ද ආරම්භ වනට පටන් ගනී. එනම් ඔබගේ ජීවිතය වෙනස් වෙත්ම සමහර තොරතුරු තවදුරටත් එහි ‍රැදී තිබීම කරදරයක් වන්නට පටන් ගැනීම විය හැක. උදාහරනයක් ලෙසට වෘතීය ජීවිතයේ ඉහල නංවා ගැනීමකින් අනතුරුව පැරනි වෘතීය පිලිබදව තොරතුරු තවදුරටත් තිබීම දැක්විය හැක. නව ජීවිතයක් අරබන්නට ඔබ ගන්නා සමහර පියවරයන් ආපස්සට අඳින ආකාරයක හැසිරීමක් එය විසින් ගෙන ඒම හිසරදයක් විය හැකි බව පිලිගත් European Union Court of Justice වෙතින් නිකුත්වූ නියෝගයක් ඔස්සේ 'right to be forgotten' පැනවින. ඒ අනූව 'irrelevant' හෝ  'outdated' ආකාරයේ තොරතුරු තම සෙයුම් යන්ත්‍ර තුලින් ඉවත්කර දමන්නට භාවිතාකරන්නෙකුට ඇති අයිතිය තහවුරු වූ අතර නිසි තහවුරු කිරීම් සමග ඒවන් ඉල්ලීමක් විදිමත්ව ලබා දෙන්නට භාවිතාකරන්නට ඉඩ ලබා දීමත් ඒවන්නක් ලැබුනු විට නිශ්චිත කාල සීමාවක් තුල ක්‍රියාත්මක වීමකටත් එම ආයතන වලට අන කෙරිනි. Google ආයතනය පසුගිය මැයි මාසයේ සිට එවන් ඉල්ලීම් සදහා අදාල  requests ලබා ගැනීම ඇරබූ අතර පලවන නවතම නිවේදනයකට අනූව Microsoft ආයතනය්ද මේ වන විට ඒ සදහා සූදානම් බවට ප්‍රකාශයට පත්කොට ඇත. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසා සිටින්නේ පෞද්ගලිකත්වයේ කැමත්තට එකගව ලැබෙන ඉල්ලීම් පොදුවේ වන තොරතුරු දැන  ගැනීමේ අයිතියටද යටත්ව Bing සෙයුම් යන්ත්‍රයෙන් EU කලාපය තුලදී සෙයුම් ප්‍රතිපල වලින් ඉවත්ව තබන්නට තමන් සූදානම් බවයි.

2014-07-17

Microsoft වල wearable watch සමග ultraviolet radiation සංවේදකයකුත් වනු ඇත....

   Microsoft වෙතින් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති wearable watch පිලිබදව මේ වනවිට වැඩි දුරටත් තොරතුරු හෙලි වෙමින් ඇති බවටයි පලවන්නේ. UV sensor ඔස්සේ භාවිතාකරන්නා වෙතට පැමිනෙන ultraviolet radiation ප්‍රමානය පිලිබදව අවදියෙන් සිටිමින් අවශ්‍ය විටකදී අනතුරු අගවන්නට එය සමත්වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව භාවිතාකරන්නාගේ blood-glucose ප්‍රමානය පිලිබදවද නිරන්තර අවදියෙන් සිටින්නට මෙම උපකරනය සමත්වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. සමස්ථයක් ලෙසට මෙම නිමැයුම  fitness සම්බන්දිත කාරනා පිලිබදව අවදියෙන් සිටින උපංගයක් ලෙසටයි දැනටමත් බලාපොරොත්තුව වන්නේ. Android, iOS  හා  Windows සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙන මෙම නිකුතුව කාලය දැක්වීමේ හැකියාවෙන් සමන්විත වුවද Smartwatch වලට වඩා  "wristband" ස්වරූපයට වඩාත් සමීපව කටයුතු කරන්නට සමත් සංවේදක 11කින් සමන්විත වනු ඇති බවට දැනට කරුනු හෙලි වෙමින් තිබෙනවා. මීට පෙර පැවසුනේ මෙම නිකුතුව එලබෙන ඔක්තෝබරය වන විට සිදුවන්නට සැලසුම්ව ඇති බවකි.

Google හි smart contact lenses ව්‍යාපෘතිය ඉදිරියට!!!!

  Google හි  X team වෙතින් නිමවන ව්‍යාපෘතියක ලෙසට පසුගිය ජනවාරියේ ප්‍රතම වරට නිරාවරනය වූ භාවිතාකරන්නෙකුගේ glucose මට්ටම පිලිබදව නිරන්තරයෙන් අවදියෙන් සිටින contact lenses නිමැවුම සදහා license හා commercialize ගිවිසුමකට පිවිසෙන්නට තමන් Google ආයතනය හා එකගහාවයකට පිවිසුනු බවට මේ වන විට Novartis ආයතනය නිවේදනය කොට තිබෙනවා. මිනිස් හිසකේ ගසකටට වඩා සිහින් ඇන්ටනාවක ඇසුරින් ක්‍රියාත්මක වන මෙම contact lens ඔස්සේ භාහිර උපාංගයකට ‍රැහැන් රහිත ලෙසට සම්බන්ද වීමට හැකි වන අතර භාවිතාකරන්නාගේ glucose levels පිලිබදව තොරතුරු සෑම තප්පරයකට වරක්ම හැදෑරෙමින් තොරතුරු නිකුත්කරන ලෙසට සකස්ව ඇති බවටයි කරුනු හෙලි වන්නේ. 2015 මුල් භාගයේ පලමු prototypes නිකුතුවකට ඉලක්ක ගතව ක්‍රියාත්මක වෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාම්ප්‍රධායික වෛද්‍ය ක්‍රමය ඉක්මවා යන නව ආකාරයන් භවිතාකරන්නා වෙතට ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

2014-07-15

Windows Threshold සමග දැනට වඩා සංක්‍රීය බවක්!!!!

  Microsoft සමාගමේ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය පිලිබදව එතරම්ම කාරනාවන් WPC 2014 තුලින්ද නොපෙනෙන බවටයි  දක්නට ලැබෙන්නේ. Windows 8 වලින් ඇරබි වෙනස් මග අනු සංස්කරන දෙකකින් පසුවද තවමත් එතරම්ම ස්ථාවරයකට පැමිනෙන්නට උත්සාහකරමින් සිටින බවනම් මේ වන විට පැහැදිලිව දක්නට පුලුවන. Threshold ලෙසට දැනට පලව ඇති තොරතුරු ලෙසටනම් එලබෙන වසරේ එම නව සංස්කරනය පැමිනෙන බවට මෙන්ම Desktop වෙතට දැක්වූ අප්‍රධාන බව මදක් ලිහිල් කරමින් Start Mrnu වක්ද සහිතව මෙන්ම Modern app සමග පහසුවෙන් කටයුතු කිරීමේ  හැකියාව වැනි මෙහෙයුම් පද්ධතිය මත දක්නට ලැබූ  ද්විත්ව බව සමනය වන ස්වරූපයක් එය ගනු ඇති බවයි. තවමත් alpha මට්ටමේ සංවර්ධනය වෙමින් ඇති මෙහෙයුම් පද්ධතියක් ලෙසට පවතින මෙහි අවසාන සංස්කරනය පිලිබදව මේ වන විට තව කරුනු කිහිපයක්ම පලවෙමින් තිබනවා.
                     Start Menuවද වඩාත් සංක්‍රීය එකක් වීමේ අනවැකි වලට අමතරව මේ වන විට පැවසෙමින් ඇත්තේ taskbarඑකද වඩාත් සංක්‍රීයව ක්‍රියාත්මක වන්නට සුදාමින් පැමිනෙනු ඇති බවටයි. එය මත වන icons ස්ථාන ලෙසට මෙන්ම ක්‍රියාත්මක වීමේදීද සුවපහසු කිරීම තුල Desktop එක මත විවෘතව ඇති app කිහිපයක් වන විටදී Taskbar වල ඇති icons ඔස්සේ ඒවායේ ක්‍රියාකාරීත්වය පිලිබදව වැඩි විස්තරයක් ‍රැගෙන ඒම වාගේම ආයතනයේ digital assitant  පහසුව ද TaskBar වෙතට පැමිනෙමින් පහසුවෙන් භාවිතාකරන්නා හට සහය වන්නට සූදානම්ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. එසේම Api සහයක් සමග තිර පහසුව TV හා අමතර ඒවා ඔස්සේ පැමිනීම පිලිඅබ්දවද මේ වන විට බලපොරොත්‍ටු පලවෙමින් තිබෙනවා. සමස්තයක් ලෙසට බලාපොරොත්තුවන්නේ මෙහෙයුම් පද්ධතියේ සංක්‍රීය බවවර්ධනය කරමින් desktop background වලින් පවා භාවිතාකරන්නා වෙතට  සහයක් පලවන ස්වභාවයක් ‍රැගෙන එනු ඇති බවටයි.

ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව...

  නෙක ආකාර ඔස්සේ භාවිතාකරන්නන් වෙතට දත්ත ලොකය ගෙන එමට නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටී. මෑතකදී දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන්නේ smartwatch වෙත්ට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි. Google ආයතනය Android ware හඳුන්වා දෙමින් මේ ප්‍රවනතාවය සදහා සහය පල කරන විට Maicrosoft ආයතනය ඔනෑම Smart Phone එකක් සමග සහයෙන් කටයුතු කරන smartwatch එකක් සදහා තම අවධානය යොමුව ඇති බවට ඉගි පල කලාය. මේ අතර Ritot වෙතින් පැවසෙන්නේ වඩාත් වෙනස් ආකාරයේ smartwatch නිකුතුවක් පිලිබදවයි.  එය time, caller IDs, text messages, social media updates, reminders, weather updates ආදී තොරතුරු ගෙනෙන අතර එම තොරතුරු තිරයක් මත දැක් වෙනවා වෙනුවට  ප්‍රක්ෂේපණයක් සිදුකරන බවකි. pico projector එකක සමග ක්‍රියාත්මක වන මෙම නිකුතුව භාවිතාකරන්නාගේ  සෞක්‍ය වෙතට කිසිදු අනතුරක් නැති බවට සහතික කරන අතර Sport හා Bracelet යන ආකාර දෙකකින් පැමිනෙන බවට නිවේදනය කර සිටිනවා. උසස් තත්වයයේ graphics හා  brightness හැකියාවක් සමග එන මෙය wireless charging හැකියාවෙන්ද යුත්ත අතර සංක්‍රීය මට්ටමින්( projection mode) පැය 150ක් ද සූදානම් මට්ටමින් (stand-by mode) දින 30ක කාලයක්ද ක්‍රියාත්මක වන බවටත් පවසන එම ආයතනය shaking කිරීම්ක් ඔස්සේ හෝ උපකරන සමග පැමිනෙන එකම touch sensitive button ඔස්සේ ක්‍රියාත්මක කිරීමට හැකි වන බවට පවසා සිටිනවා. vibration support බවින් යුත් මෙම නිකුතුව iOS, Android හා  Windows Phone සමග Ritot app එකක සමග ක්‍රියාත්මක වනු ඇති බවට පැහැදිලි කොට සිටිනවා. 2015 ෆෙබරවාරියේ නිකුතුවට නියමිත බවට පවසන මෙහි  මිල  $120 පමන වනු ඇති බවට බලාපොරොත්තු පලකොට සිටිනවා.

2014-07-14

හැමවිටම හානිකරයන් එන්නේ තාක්ශනික දුර්වලතාම ඔස්සේ නොවේ!!!!

  සමහර බාවිතාකරන්නන්ට අනූව තොරතුරු ලෝකය අධිඅනරක්ෂිත තැනකි. මෙය එතරම් කැපී පෙනෙන මට්ටමේ සත්‍යයක් නොවේ. එය නිර්මානය වන්නේ දෘඩාංග මට්ටමක් මහ වුවද එය ක්‍රියාත්මක වන්නේ මෘදුකාංග තලයක් මත වුවද පමනක් නොව එය ජාලගත වන්නේ මෘදු/දෘඩ අංගයන් මත වුවද ඉන් ඉහලින් වන්නේ මිනිස් ස්වභාවන්ගෙන් සුසැදි තැනකි. එහි චලනය වන්නේ මිනිස් සිතුම් පැතුම් , ක්‍රියාකරකම්ය. මෙසේ සැලකීමේදී තොරතුරු ලෝකය අනතුරු බහුලවන බවට වන චෝදනාව තාක්ශනික පදනම මතටම හැම විටම සාධාරන නොවේ. ඔබගේ ඊමේල ලිපිනය වෙතට ඔබ කවදාවත් ලබා නොගත් ලෝත‍රැයියක දිනුමක සබදතාවයක් පැමින එය අවදිකරවා ගැනීමකට උත්සාහ කරයි. බොහෝ විට ඔබව ‍රැගෙන යන්නේ හානිකරයක් කරාය. විටක අසැබි තොරතුරක් පෙන්වමින් ඔබව පොලබා ගන්නට උත්සාහ කරන අතරම කලාතුරකින් ඔබගේ හිතවතෙකුගේ ඊමේල් ගොනුවට අනවසර පිවිසීමක් ඔස්සේ සොරා ගත් ඊමේල ලිපින ඔස්සේ මෙවැනි තොරතුරක් පැමිනිය විට පහසුවෙන් ඔබ හානිකරන්නන්ගේ උගුලට හසුවිය හැක." මට විස්වාස කරන්න අමාරුයි එයා කවදාවක් ඔය වගේ දෙවල් කියාවි යැයි" සාමාන්‍ය ලොකයේදී ඔබගේ මිතුරා ගැන වන අවබෝදය ඔස්සේ ප්‍රතික්ශේප කරන දෙයක් තොරතුරු ලොකය තුලදීද පැමිනි විට සැකසහිත වීම වැදගත් වේ.
              සමාජ ජාලා යනු මිනිසුන්ගේ තොරතුරු හා හැසිරීම් පිලිබදව කටයුතු වන ස්ථානයකි. සාමාන්‍ය සමාජයේදී මෙන්ම මෙහිදීද අනෙකාගේ යහපැවත්මට හානිකරන්නන් බහුල වීම ස්වභාවයකි. ආකර්ශනීය ඡායාරුවක් ඔස්සේ පැමිනෙන ප්‍රොෆයිලයක් බොහෝ විටක සැබෑ ම නියෝජනයක් නොවෙනවා වීමට හේතු රාශියකි. නිරාවරනයට අකමැත්තද එහි විය හැකි මුත් තවත් විටක තමහානිකර අරමුනු සදහා ගොදුරු ලබා ගන්නටද මෙම උපංක්‍රම භාවිතා විය හැක. එවැනි විටකදී ඔබෙන්ම ලබා ගන්නා තොරතුරු මත ඔබගේ අනෙකුත් ගිනුම් වෙතට ඇතුලු වීම තවත් විටක ඔබගේ අනෙකුත් සබදතා තුලට ඇතුලු වීමට ඒවා භාවිතාකිරීම වැනි අනතුරු රාශියක් මේ ඔස්සේ පැමිනිය හැක. තවත් විටක ආගමික ගැගීම් , දේශපාලනික මතවාද වැනි දෑද භාව්තාකරමින් මෙම පොලබාගැනීම් සිදුවීමට ඇත්තේ  බහුල ඉඩකඩකි. සමාජ ජලා නිර්මානය වන්නේ ඔබ හොඳින්ම දන්නා අසල්වැසියා හෝ කාර්යාලයේ ඊලග අසුනේ සිටිනා අය සමග සබදතා පවත්වා ගැනීමට පමනක් නොවේ. සමාන සිතුම් පැතුම් ඇතිවුන් , සමාන දෑට ප්‍රියකරන්න වුන් වැනි නෙක ආකාරයේ යහ සබදතාවයන් වෙනුවෙනි. එහෙත් ඔබගේ රටේ ජනාකීර්න මාවතක අසිහියෙන් මෙන් හැසිරුන හොත් සිදුවිය හැකි අනතුරු ස්වභාවයන් මෙහිද තිබීම අමුත්ත්ක් ලෙසට සැල කිය නොහැක.
                  නොසැලකිලිමත්වීම අනතුරු කැදවන තවත් සරල අවස්ථාවක් ලෙසට ඔබ බ්‍රවුසරය තුල සටහන් කරන වෙබ් ලිපිනයක එක් අකුරක් වැරදීම ඔස්සේ පවා මෙම හානීය පැමිනීමට හැක. බොහෝ ආරක්ශක මෘදුකාංග මෙවැනි දුර්වලතා සදහා පිලියම් සේවා ලබා දෙන මුත් තවමත් එවැනි අනතුරු නැතුවාම නොවේ. විටක පරිගණකය යම් මට්ටමකට ආසාධිතව පවතින විටකදී ප්‍රකට ආරක්ශක මෘදුකංග වෙබ් අඩවියක් සොයන ඔබව මුල් අඩවියට සමාන මුත් හානිකර ලබා දෙන අඩවියකට යොමුවීම සිදුවිය හැක්කකි. සමස්තයක් ලෙසට යොජනා කරන්නේ ඉතාම ආරක්ශිත බවට සහිතකවන ඔබගේ බැංකු ගිනුමේ සිට සියලුම වෙබ් අවකාශයන් සමග කටයුතු කිරීමේ කල්පනාකාරීවීම ඉතා වැදගත්වීම වේ.

මෘදුකාංග සමග කල්පනාකාරීව වගකීමකින් කටයුතු කරමු!!!!

 නව පරිගණකයක් සමග හෝ නව දෘඩ තැටියක් සමග මෙන්ම භාවිතාකරමින් සිටින පරිගණකයට නැවත අලුතින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී වඩාත් සැලසුම් සහිතව සිදුකිරීම වැදගත්වේ. ඔබගේ පරිගණකය භාවිතාකරන්නට බලාපොරොත්තුවන ප්‍රධාන ඉලක්ක සිහිතබා ගනිමින් එම සැලසුම් සකස් කිරීම වැදගත් වනු ඇත. ඔබ සතුව ඇති තරම් විවිධ මෘදුකාංග අඩංගු තැටි තිබීම හා දෘඩ තැටියේ ඉඩකඩ තිබීම පමනක් මෙහිදී වැදගත් කාරනා නොවන අතර පරිගණකය සමග ඔබ කරන්නට බලාපොරොත්තුවන කාරනා පිලිබදව ප්‍රථමයෙන් සැලකිල්ලට ගත යුතුය. මෙහෙයුම් පද්ධතිය , ආරක්ශක මෘදුකාංග හා පරුගනකයේ යහ පැවත්මට සහය වන අමතර මෘදුකාංග මුලින්ම සැලකිය යුතු ලෙසට පිලි ගැනෙන අතර ප්‍රධාන ආරක්ශක මෘදුකාංගය සමග නොපැමිනෙන  අමතර ආරක්ශක අංග සදහා බාහිර මෘදුකාංග විමසා බලා තොරා ගැනීම වැදගත්වේ. firewall මෘදුකාංගයක් Spam Filter වැනි මෘදුකංගයක් ආදී ලෙසට වර්ථමාන සංකීර්න භාවිතාවෙදී බහුලව අවශ්‍යවන ආරක්ශක අංග පිලිබදව සැලකිලිමත්වීම මෙන්ම ප්‍රධාන ආරක්ශක මෘදුකාංග සමග ඒවා පැමින නැතිනම් අන්තර්ජාලය ඔස්සේ සොයා බලා නොමිලේ හෝ ගෙවීම්  කලයුතු මෘදුකාංග සංස්කරනයක් තොරා ගැනීම වැදගත් වේ. කොතරම් සහතිකකරන ලෙසට මුත් අනිසි ලෙස සංක්‍රීය කරන ලද මෘදුකාංග භාවිතය  හානියක් සදහා විවර වීමක් වන බැවින් විශේෂයෙන් ආරක්ශක මෘදුකාංග භාවිතයේදී නම් මිලදී ගත යුතු සංස්කරනයකට යා නොහැකි නම් නොමිලේ භාවිතාකල හැකි සංස්කරනයකට යාම හිතකර වනු ඇත.
         නිතර මෘදුකාංග ස්තාපනය හා අස්තාපනය එතරම් හිතකර නොවේ. ඒ සදහා හේතු රාශියකි. පලමු කොට ඔබ ස්තාපනය කරන මෘදුකාංගයක සියලුම කොටස් පසුව අස්තාපනයේදී ඉවත්ව නොයෑම සැලකිය යුතුය. ක්‍රමයෙන් පරිගණකය තුල අනවශ්‍ය මෘදු අපද්‍රව්‍ය ‍රැස් වෙන ස්තානයක් බවට පත්වන්නට පටන් ගත්විට බොහෝ ගැටලු ඇති විය හැකි අතර එම ශේශයන් අතර සංක්‍රීය මට්ටමේ කොටස් ඉතිරිවීමවඩාත් හානිකර විය හැක. පෙරදී කරන ලද සැලසුමක් ඔස්සේ තොරා ගත් මෘදුකාංග පමනක් සොයා බලා ඒවා ස්තාපනයට කටයුතු කිරීම මෙන්ම නොවැලැක්විය හැකි ලෙසට නිතරම මෙම ස්තාපන / අස්තාපන කටයුතු සිදු වන්නේ නම් එසේ මෘදුකාංගයක් අස්තාපනයේදී  වඩාත් කල්පනාකාරීව සහය වෙමින් හැකි සියලුම පාහේ අස්තාපනය කරන මෘදුකාංගයට අදාල කොටස් ඉවත්කර ගන්නට සහය වන අමතර මෘදුකාංගයක් සොයා බලා එය ස්තාපනය කර ගැනීම සැදගත් වනු ඇත. විශේෂයෙන් ආරක්ශක මෘදුකාංග අස්තාපනයේදී භාවිතයට ගතයුතු සහය මෘදුකාංග එම ආයතනයන් විසින්ම නිකුත්කරන්නට කටයුතු කරන අතර බොහෝ පිලිගත්මට්ටමේ මෘදුකාංග සමාගම්ද තම මෘදුකාංගයන් සදහා අස්තාපනයේදී භාවිතාකරන්නට සහය මෘදුකාංග නිකුත් කරන්නට කටයුතු කරන අතර එම නිෂ්පාදකයින්ගේ වෙබ් අඩවි පිරික්සීමෙන් මෙම මෘදුකාංග ලබා ගන්නට හැකි වනු ඇත.

Worldwide Partner Conference හි 2014 හමුව අද

  Microsoft වාර්ෂික හමුවන් අතර ප්‍රධාන තම හමුවක් වන Worldwide Partner Conference හි 2014 හමුව අද Washington, D.C වලදීපැවැත්වීමට සැලසුම් තිබෙනවා. එම ආයතනයේ 2015 වසර සදහා වන සැලසුම් පැහැදිලි කෙරෙන ආයතනයේ සගයන්ගේ ප්‍රධාන තම හමුව මෙය වන අතර Cloud, Big Data, Mobility / Devices, Enterprise Social,මෙන්ම Leadership, Sales / Marketing.මාතෘකා යටතේ මෙවර කරුනු සාකච්ච වනු ඇති බවට බලාපොරොත්තු වනවා. ආයතනයේ හිටපු CEO වරයා විසින් පෙරදී ප්‍රකාශකර තිබූ අරමුනු වලින් මදක් මිදෙන නව ඉලක්ක පිලිබද පැහැදිලි කිරීමක් තම සියලු සේවක මහතුන් වෙතට පසුගියදා යොමු කර සිටින්න නව CEO වරයා කටයු‍ටු කරනු ලද අතර මෙම හමුවේදී එහි ප්‍රධාන දේශනය කරමින් එම පෙර අර්තයව තිබූ ‘Device and Services' වල සිට mobile-first හා cloud-first world නව අර්ථය වෙතට පැමිනෙමින් ඉදිරිවසර සැලසුම් වන අකාරය පැහැදිලි කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

2014-07-10

Android wear watches තොරතුරු බිඳක්!!

   එය තවමත් සති කිහිපයක් වියැති නිකුත්වීමකි. එනමුත් නිෂ්පාදකයින් අතරට නම් අවධානයක් ලබා ගත් මෙහෙයුම් පද්ධතියක්වී අවසානය. LG හා SAMSUNG වෙතින් දැනටමත් Android wear watches නිකුත්ව හමාර වන අතර  Motorola වෙතින්ද පැමිනීමක් නිවේදනය වී හමාරය. දත්ත සබදතාවක් මිනිස් දෛනික භාවිතාවට එන වඩාත්ම ප්‍රායෝගික ආකාරයක් ලෙසට එය පිලිගැනේ.Google glass මෙන් සමාජයතුල අනවශ්‍ය කැලබිමක් එය ‍රැගන විත් නොමැති වීමද වැදගත් සාධකයකි. හුරු පුරුදු සරල පැලඳීමක් ඔස්සේ එය පැමින ඇති අතර සරල මෙහෙයුම් කිහිපයක් ඔස්සේ එහි ඇති සංවේඳක ඔස්සේ  තොරතුරු ලබා ගන්නටත් ,ස්මර්ට් දුරකථනය සමග app සහයක් ඔස්සේ පහසුවෙන් තොරතුරු හුවමාරු කර දෙන්නටත් එය සමත්ය. දැනට මෙම පැලඳුමක් ඩොලර් 199 - 229 වැනි මිලකට වෙළඳ පොලට පැමින ඇති අතර ඉදිරොයේදී වඩාත් අඩු මිලගනන් යටතේ වැඩි පහසුකම් සමග පැමිනෙන්නට ඇති ඉඩකඩ බෙහෙවින් තිබේ.
                                                   සාපේක්ශව කුඩා මුහුනත නිසා UI cards ඔස්සේ වරකට එක් ආකාරයක තොරතුරක් පමනක් ලද හැකි ආකාරයට හා එම මුහුනත මත ඇගිලි තුඩුවකින් කරන සුලු චලනයක් ඔස්සේ ඊලග තොරතුර වෙතට පැමිනෙන්නට හැකි වන ලෙසට මෙම නිකුතුව සැකසී ඇති අතර පැලඳි අතේ සරල චලනය ඔස්සේ සංක්‍රියකරන්නට මෙන්ම අවශ්‍ය තොරතුරු Cards වෙනස් කරන්නට පහසුවන ලෙසට එය නිමව ඇත. Bluetooth ඔස්සේ Android දුරකථනය සමග සම්බන්දවී පැමිනෙන කෙටි පනිවිඬ , දුරකථන ඇමතුම් ආදිය පමනක් නොව Google Now ඔස්සේ දෛනිකව අවශ්‍ය වන තොරතුරු පහසුවෙන් එය ලබා දෙන්නට සූදානම්ව ඇත.ඔබගේ තැන්පත්ව ඇති පෞද්ගලික තොරතුරු, ඔබගේ සබඳතාවල තොරතුරු මෙන්ම අන්තර්ජාලයෙන් අවශ්‍ය තොරතුරු ආදිය පහසුවෙන් භාවිතාවට සැකසෙන Google Now මෙසේ සරල පැලදුමක් ඔස්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙසට පැමින තිබීම බොහෝ දෙනාගේ සිත්ගන්නා සුලු වනු ඇත.

2014-07-09

Windows 7 සදහා "mainstream support" 2015 ජනවාරි අවසන් වනු ඇත!!!!

  Microsoft ආයතනය තමන්ගේ මෙහෙයුම් පද්ධතියක් වෙතට සහය දැක්වීම සිදුකරන්නේ මූලිකව ක්‍රම දෙකකටය. "mainstream support" හා "extended support" ලෙසට ඒවා නම් කෙරේ. "mainstream support" වලදී මෙහෙයුම් පද්ධතිය වෙතට පූර්න සහය ලැබේ. එනම් "mainstream support" සීමාවේදී එය වෙතට ආරක්ශක යාවත්කාලීන වලට අමතරව වැඩි දියුනු කිරීම් , අමතර සහය , වගකීම් ලබාදීම ආදිය සිදුවන අතර අනතුරුව එලබෙන කලය තුලදී ආරක්ශක යාවත්කාලීන හැරුනු විට අනෙකුත් සේවාවන් ලබාදීම සිදු නොකෙරේ. amaicrosoft වෙතින් දැනට සැලසුම්ව ඇති පරිදි සැලකීමේදී Windows 7 වෙතට සහය දැක්වීමේ ප්‍රථම භාගය එලබෙන ජනවාරියේ අවසන් වීමට නියමිතව තිබෙනවා. extended support කාලයද ඉදිරි වසර පහක් සදහා සැලසුම්ව ඇති අතර එම කාල සීමාව තුලදී zero-day vulnerabilities වැනි හානිකර  බලපෑම් සදහා යාවත්කාලීන ලැබෙන අතර මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවන් කිහිපයකට පමනක් අමතර පහසුකම් සීමාවනවා. තවමත් පෙරකී ප්‍රධන පෙලේ සහය සදහා වන කාලසීමාව දිගු කිරීමේ නිවේදනයක් හෝ ඉගියක් නිකුත්ව නැති අතර විචරනය වන්නේ XP වලට මෙන් පසුව ගැටලු සහගතවන දිගුවක් සදහා Microsoft ආයතනය නොපිවසෙන්නට  වග බලා ගනු ඇති බවයි.

2014-07-08

Apple තම iOS 8 හා OS X 10.10 සදහා තෙවන බීටාව නිකුත්කරයි!!!!

 සාර්තක මෙහෙයුම් පද්ධතියක් සදහා පෙර සංස්කරන කිහිපයක් පසුකරන්නට සිදුවීම සාමාන්‍ය  කරනාවකි. ඇපල් ආයතනය ඊයේ නිවේදනය කර සිටියේ තම මීලග මෙහෙයුම් පද්ධති සංස්කරන  දෙක සදහා වන තෙවන බීටා සංස්කරන නිකුත්කරන බවකි. ඒ අනූව  iOS 8 හා  OS X 10.10 සදහා නිකුත්වන beta 3 සංස්කරන App Store වෙතින් දැන් ලබා ගත හැකි බවට නිවේදනය වනවා. මෙම සංස්කරනය ස්තාපනයේදී භාවිතාකරන්නෙකු තම ප්‍රධාන පරිගණක ඒ සදහා යොදා ගැනීම නොගැලපෙන කටයුත්තක් මෙන්ම අනතුරුදායක පියවරක් ලෙසට පිලිගැනෙන්නේ එය නිකුත්වන්නේ සීමිත කාලයක් සදහා වන අතර ආයතනය පූර්න විස්වාසයක් තබන සංස්කරනයක් ලෙසට එය නොපිලිගන්නා බැවිනි.
                              Apple ආයතනය පසුගිය WWDC වලදී හඳුන්වා දුන් පරිදි නව සංස්කරනය සමග 'dark mode' අංගය මෙන්ම multi-monitor සහය සංක්‍රියව ඇති අතර multi-monitor සහය සමග පහසුවෙන් වෙන වෙනම monitor වල adjust හැකියාව දියුනු කර තිබෙනවා. එසේම  iOS 8 beta 3 සමග wi-fi calling හැකියාව පැමින තිබෙනවා. ඇපල් ආයතනය මෙම සංස්කරන දෙකෙහි අවසාන සංස්කරන මෙම වසර අවසානය වන විට නිකුත් කරන්නට සැලසුම්ව ඇති අතර එයත් සමග Apple වල mobile හා desktop යන platforms දෙක සදහා නවාංග කිහිපයක් ‍රැගෙන එනු ඇති බවට බලපොරොත්තු ලබා දී තිබෙනවා.

2014-07-07

-සතියේ පරිගණක තොරතුරු සටහන- පලමු කලාපය

  මෙම නිකුතුව නිකුතුවක් කිරීමේ ඉලක්කය පමනක් පූර්නව සංසිඳවා ගැනීමකි. අන්තර්ගතයක් ලෙසට තවත් බොහෝ දුරින් වන ඉලක්කයක් වෙතට යන්නට ගන්නා ආරම්භයක් පමනී. වඩාත් තොරතුරු වලින් පිරි විසිතුරු දැක්මකින් හික්මවන ලද කලායපයක් සදහා උත්සාහ කරමින් සිටිමු. හුදු භෞතික උපාංග සීමාව ඉක්මවා යමින් ඒවා ගෙනෙන නෙක විසිතුරු මිනිස් අත්දැකීම් පිලිබදව විමසා බලන්නට බෙදා හදා ගන්නට වන සාහිත්‍යමය  පිවිසුමක් වත් වන්නට වන අපගේ මේ උත්සාහය සමත්වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. තොරතුරු යුගය පසුකරමින් සිටින මිනිස් වර්ගයා ගේ දිගු කතාන්දරයේ විසිතුරුම සමය පසු කරමින් සිටින අපට  හුදු අධ්‍යාපනික ස්වභාවය ඉක්මවා ගිය තොරතුරු සටහනක අවශ්‍යතාවය සංසිඳවීමට පිවිසුමක් වත් වන්නට වඩාත් සුදුසුවන හරවත් දෙවන කලාපයකින් එලබෙන සඳූදාවේදී හමුවනන්නට බලාපොරොත්තුවෙන් තැබෙන තාවකාලික සමු ගැනීමකි මේ.
https://drive.google.com/file/d/0B3GVZV_G6GcvZF9hYnpuYU5tanc/edit?usp=sharing

පරිගණකයේ task manager ඔස්සේ kill windows process සහය නැති මොහොතකදී සහයට ගත හැකි මෘදුකාංගයක්!!

  බොහෝ විට පරිගණකයක් ආසාධිත වීමෙන් පසුව පැමිනෙන පොඳු ලක්ෂන අතර task managerය අක්‍රියවීම බහුලව හමුවන අත්දැකිමකි. එය පරිගණකයේ ක්‍රියාත්මක වීම පිලිබදව භාවිතාකරන්නෙකුට පහසුවෙන් අවබෝධයක් ලබා ගන්නට සහයවන අංගයක් ලෙසට පැමින ඇත්තකි. windows 8 සමග මෙම අංගය වඩාත් ක්‍රමවත්වැඩි පහසුවක් ගෙනෙන අංගයක් ලෙසට දියුණුකර පැමින තිබෙනු දැකිය හැක. මෙම  අංගය ඔස්සේ ලබා ගත හැකි එක් අංගයක් වූවේ kill windows process සදහා එය සහය වීමය. ක්‍රියාත්මකවීම නතර කරන්නට සාමානය ආකාරයට දෙන උපදසක් නොසලකන වැඩසටහනක් අවසන් කර දැමීනට සදහා ගත හැකි අවසන් පියවරක් ලෙසට මෙම අංගය භාවිතවේ.Task manager ඔස්සේ පිවිස processes වෙතින් අදාල අනවශ්‍ය හා නවතන්නට දෙන අන  නොතකන ක්‍රියත්මක වීම ‍තෝරා ඒ මත Right Click කොට මතුවෙන කවුලුවෙන් End Parocess යන්න තේරූ විට ලබා ගත හැකි මෙම ක්‍රියාත්මක වීම පෙරකී ආකාරයේ ආසාධ්තයකදී මෙන්ම වෙනත් ගැටලුවක් නිසා ල Task Manager ඔස්සේ ලබා ගන්න නොහැකි විටකදී සහයට ගත හැකි මෘදුකාංගයක් ලෙසට මෙන්ම නිදහස් මෘදුකාංගයක් ලෙසට සැවසෙන මෙම මෘදුකාංගය කුඩා පහසු, ස්තාපනයකට සූදානම්ව පැමිනෙන මෙන්ම පෙරකී මුල් මෘදුකාංගයට වඩා වැඩි පහසුකම් කිහිපයකින්ද සමන්විතව පැමින ඇති බවට පැහැදිලි වනවා. සැකසහිත Processes මෙන්ම වැඩි පද්ධති සම්පත් භාවිතාවක් ඇති Processes ද මෙම මෘදුකාංගය තුලදී හඳුනා ගන්නට සහයවන බවටයි මෙම මෘදුකාංගයේ නිපැයුම්කරුවන් වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ. විධිමත් මට්ටමේ පිලිගැනීමක් ලබා ඇති මෘදුකාංගයක් වුවත් එය ලබා ගැනීමේ සිට ස්ථාපනය දක්වාම කල්පනාකාරී වීම වැදගත් වනවා සේම  ඉටත් පෙර මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්තාපනයට මොනතරම් වැදගත්ද යන්න පිලිබදව විමසීමකින් පසුව එය ලබා ගැනීම පෙලබීම වැනි මූලික සලකා බැලීම් නැවත මතක් කර දෙමින් එය බාගතකර ගැනීම සදහවන වෙබ් ලිපිනය පහත සඳහන් කරන්නට කැමැත්තෙමි.
http://www.drk.com.ar/daphne/Daphne_setup_x86.msi

2014-07-06

"Threshold" එන්නේ Kernel"යේ නව සංස්කරනයක්ද සමගිනි!!!!

  "Microsoft" ආයතනය තම Windows 8 මෙහෙයුම් පද්ධතිය සදහා නිකුත් කරන්නට නියමිත මීලග යාවත්කාලීනය එලබෙන අගෝස්තුවේ සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. එසේම එම ආයතනය මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති නිකුතුව "Threshold" නමින් මෙම වසර අවසානයේ පෙර සංස්කරනයක් ලෙසටත් එලබෙන වසරේ අවසන් සංස්කරනයක් ලෙසටත් පැමිනීමේ බලපොරොත්තුව පවතිනවා. Threshold සමග desktop වල UI සදහා windows 7 හුරු පුරුදු Desktop මුහුනතට සමානව පැමිනෙන්නටත් tablet හා Phone වෙතට එය ස්ථාපනය වීමේදී Modern UI සමග ස්ථාපනය වන්නටත් මෙනම Desktop සංස්කරනයේදී ගිලිහී ගිය Start මෙනුව නැවත ‍රැගෙන එමේ බලාපොරොත්තුවත් මේ වන විට පලව තිබෙනවා. හදාරන්නන් පවසන්නේ එන වසරට නියමිත ප්‍රධාන සංස්කරනය සමග මෙහෙයුම් පද්ධතියේ Kernal නැතිනම් පදනම් මට්ටමේ සිටම වෙනසක් බලාපොරොත්තු විය හැකි බවයි. දැනට හෙලිව ඇති තොරතුරු වලට අනූව එම සංස්කරනය සමග කර්නලයේ සංස්කරන අංකයද මීලග නිකුතුවක් ලෙසට සකස්ව ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ. එනම් 6.8 ලෙසට එය දැක්වෙනවා. සිදුවූ ආකාරයේ වෙනසක් වන මුත් vista හා windows 7 අතර සිදුවූ ආකාරයට වඩාත්ම ප්‍රායෝගික භාවිතාවට සුසර වූ නිකුතුවක් මෙම "Threshold" සමග සිදුවනු ඇති බවට බලාපොරොත්තුවනවා.

2014-07-05

"සතියේ පරිගණක පුවත්" පලමු කලාපය(PDF) එලබෙන සදුදා සිටය....

  තොරතුරු අවකාශය තුල දෛනික සිදුවීම්ම අපමනය.  ඒවා අතර "පුලුල් චිත්‍රය" තුලදී මෙන්ම "කුඩා චිත්‍රය" තුලදීද ලෙසට හඳුනා ගත හැකි අපමන දෑ අතරින් තොර බේරා ගත් අපූර්වතම තොරතුරු අහුරක් පෙල ගස්වන  නිකුතුවක පිලිබදව වූවේ දැඩි ඉලක්කයකි. ඒ වෙනස් මගක් ගත යුත්තක් ලෙසට හදුනගෙන තිබුනේද හේතු බොහෝ ඇතුවය. උදාහරනයක ලෙසට ඔබගේ යතුරු පුවරුවේ යතුරු සංකලනයක් මෙහෙයවා ලබා ගත හැකි ප්‍රථිපලයක් පිලිබදව දැනුවත් වූවද එම තාක්ශනික රාමුවෙන් ඔබ්බෙන් වන එහි ප්‍රථිපල පිලිබදව අනවබෝදය බර පතල ලෙසට තොරතුරු ජීවිතයට බලපාමින් ඇති බවට හඳුනා ගෙන සිටියකි. තවදුරටත් තොරතුරු ලෝකය හුදු තාක්ශනික සගයෙක්ම පමනක් නොවේ. එය ජීවිතයේ දෛනික කටයුතු සගයෙකුම පමනක් නොව ජිවිතයේ සමහර අංගයන් සදහා නව අර්ථ ගෙනදෙමින් ජීවිතය වෙනස් කරමින් සිටින අංගයක්ද බවටද හැදී වැඩී අහවරය යන්න පිලිගෙන එයකෙරෙහි වූ භෞතික අර්ථ මතට සාමාජීය , සංස්කෘතික අර්ථ ගෙනෙන්නට කාලය පැමින ඇත. මේ උත්සාහය එවන්නකට අඩු තරමින් ආරම්භයක්වත් ලබා ගන්නටය.
                                    බිහිවන සෑම උපාංගයකටම , සේවාවකටම බලාපොරොත්තුවන භාවිතාකරන්නෙකු සිටී. සැම විටකම එම ප්‍රමිතිගත භාවිතාකරන්නා නොපැමිනීම ස්වභාවික වුවද ඔවුනගෙන් බහුතරයක් වත් එම ප්‍රමතිය තුල නොවුන විට තත්වය භයානක වෙයි.එවිට එම අංග පැමින ඇති කාරනාවෙන් පරස්පරවූ ප්‍රථිපල දෙමින් ඒවා දෙසට වැරදි චිත්‍රයක් ලබා ගනී. අප බලාපොරොත්තුවන එම ධනාත්මක වර්ධනය ස්වංක්‍රීයව සිදුවන්නක් නොවේ. එහෙත් එම ක්‍රියාවලිය වෙත අසංවෙධී වෙමින් අවිංඥානිකව සිදුවෙන්නට ඉඩ හැරිය හැකිය. එය කල් ගතවන මෙන්ම වැරදීම් බහුල විය හැකි පියවරකි. තත්වයවඩාත් සවිංඥානිකව හදාරමින් අත්පත්කර ගත් යුතු වර්ධනයන් ලගා කර ගැනීමට උත්සාහ කිරීම වඩාත් ඵලදායී වනු ඇත. එය මිළ අධික උපාංග පිලිබදව ගැටලුවක් නොවේ. එය නවීනතම උපාංගය භාවිතයට නැතිවීම  පිලිබදව ගැටලුවකද නොවේ. එය එම උපාංග සමග ගනුදෙනු කරන ආකාරය පිලිබදව ගැටලුවක් වේ. වඩාත් විධිමත්ව ඒව සමග කටයුතු කරමින් වඩාත් ඵලදයී භාවිතාවක් ඒවායින් ලබ ගැනීම පිලිබදව ජාරනාවක් බවට එය පත්වේ. පෞද්ගලික අර්ථයෙන් මෙන්ම සමාජීය අර්ථයෙන්ද වඩාත් ඵලදායී ලෙසට තොරතුරු ලෝකය අපගේ ජීවිත තුලට පැමිනෙනවාද නැද්ද පිලිබදව ගැටලුවක් බවට එය පත්වේ.
                එලබෙන සඳුදා සිට නිකුත්වන්නට සැලසුම්ව ඇති මෙම "පරිගණක පුවත්" සඟරාවේ පලමු ඉලක්කය මෙම කාරනාවට හැකි පමන දායකත්වයක් ලබා දීමය. නමුත් සමහර විටකදී සමහර කාරනා ගැන වැරදි හැගීමකට ගොඩ වීම පහසු විය හැක. උදාහරනයක ලෙසට පසුගිය කාලයේ IE වල බරපතල මට්ටමේ දුර්වලතාවයක් හදුනාගත් ඇමරිකානු රජයේ අදාල ආයතනයක් ප්‍රකාශ කර සිටියේ ගැටලුව විසදෙන තුරු IE භාවිතාවෙන් ඉවත්ව සිටීම වඩාත් සුදුසු බවකි. මෙම සටහන Blog අඩවිය තුල සිංහලෙන් පලකිරීමේ අරමුන පිලිබදව විමසා සිටියහ. එයට පලමු හේතුව වූවේ අන්තර්ජාලය තුලදී මතුවන ගැටලු සදහා දේශසීමා සීමා නොවීමයි.දෙවැන්න නම් මෙවැනි ගැටලු සදහා සංවේධීව සිටින්නට තරම් ලොව සමහර රජයන්ට සිදුවන ආකරයේ වර්ධනයක් මෙම විෂයන් අත්පත්කර ගෙන ඇති බව කියා පාන්නටය.

DDR4 හා ඉන්පසුව non Volatile දෙසට Ram තාක්ශනය චලනය වීමක්?

  DDR3 මුල් සැලසුම්  කරලියට විත් ගතවයන සත්වන වසර ලෙසටයි ගනනය වන්නේ. 4K Video වැනි භාවිතාවන් සමග මතක භාවිතාව පිලිබදව පරිගනකයක ඇති වන අවශ්‍යතාවය සංසිඳවා ගන්නට Overclocking වැනි ක්‍රමවේද ඔස්සේද තව දුරටත් නොහැකි වන වටපිටාව තුල DDR4 මතක සංස්කරනයක් පිලිබදව ප්‍රධාන පෙලේ නිෂ්පදකයින්ගේ දැඩි අවධානය යොමුව ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ."Double date rate(4th generation)" මූලිකව පෙර සංස්කරනය වූ DDR3 සමග සැලකීමේදී ක්‍රියාත්මකවන වේගය දෙගුනයකින් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර සංස්කරන වලින් එය වෙනස් වන අවස්ථාවල් අතර Different signalling voltage" ප්‍රධානව දැක්වෙන අතර "Different physical interfac" වලින් පෙර සංස්කරන වලින් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවෙන් යුත්ත වනු ඇති බවටයි දැක්වෙන්නේ. 2014 අගභාගය වන විට හෝ 2015 මුල් භාගය වන විට වෙළඳපොල වෙතට පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නිකුතුව අධික මිල ගනනින් යුත්ත වනු ඇති බවට අනුමානවෙමින් පවතිනවා. බොහෝ දුරට DDR4 වලින් පසුව DDR තාක්ශනය non volatile දෙසට චලනය වෙමින් වැඩි වේගවත් SSD වනි ස්වරූපයක් ගනු ඇති බවට හදාරන්නන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.

මෙවර Microsoft මාසික යාවත්කාලීන ගොනුව සමග IE සදහාද යාවත්කාලීන!!!

  සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft සමාගම තම මෘදුකාංග සදහා වන මාසික යාවත්කාලීන ගොනුව නිකුත් කිරීමේ දිනය ලෙසට නියමිතව තිබෙනවා. පෙරදී ආයතනය එම යාවත්කාලීන ගොනුව පිලිබදව පූර්න විස්තරයක් එම ගොනුව නිකුතුවට පෙරදී සිදු කලද මේ වන විට එය නවතා දමා තිබෙනවා. හානිකර මෘදුකාංග සැලසුම් කරන්නන්හට පහසුවෙන් එම දුර්වලතා පිලිබදව දැනුවත්වීමේ අවස්ථව නිරාවරනය වන බැවින් මෙම නව පිලිවෙතට පැමිනි බවටයි Microsoft සමාගම පැහැදිලි කර සිටින්නේ. දැනට නිකුත්ව ඇති තොරතුරු වලට අනූව පැවසෙනේ මෙවර ප්‍රධාන අංග 6කින් එම යාවත්කාලීන නිකුතුව සමන්විත වනු ඇති බවයි. Internet Explorer වෙතට පැමිනෙන්නට නියමිත යාවත්කාලීන සදහා "අතිශය වැදගත්" මට්ට්මේ ලෙසට කාන්ඬ ගතව පැමිනෙන්නට සැලසුම් ව ඇති යාවත්කාලින වලින් මෙමවර මාසික ගොනුව සමන්විත වනු ඇති බවටයි නිවේදනය වන්නේ. එම යාවත්කාලීනය IE7, IE8, IE9, IE10 හා IE11 ලෙසට වන සියලුම IE සංස්කරන සදහා වලංගු වන බවටයි විස්තර කෙරෙන්නේ.

2014-07-04

Surface pro 3 තොරතුරු බිදක්...

  Microsoft ආයතනය තම Surface pro3 නිවේදනය කරමින් බලාපොරොත්තු වූවේ එය LapTop භාවිතාව සදහා මනා විකල්පයක් වනු ඇති බවටයි. උපකරනයේ අභ්‍යන්තරයේ සිසිලස සදහා Fanයක්ද සහිතව නිර්මානය වී ඇති එය සමාන්තර නිකුතූන් සමග සැලකීමේදී වඩාත් සිහින්ව හා කාර්යක්ශමතාවය 30%කින් ඉහලින් යුතු පංකාවක් සමග පැමිනෙන තිබෙනවා. i7 හා i3 ප්‍රොසෙසර බලයකින් එන මෙම උපංගයේ වෙළඳ පොලට නිකුත්වීම පෙර සැලසුම් කල ආකරයට මසක් පමන කල් ඇතිව ඇමරිකානු වෙළඳ පොලට පැමිනෙනු ඇති බවට මේ වන විට නිවේදනය වනවා.  "the tablet that can replace your laptop" නම් sloganයෙන් යුතුව ප්‍රචාරක කටයුතු අරබා ඇති මෙම නිකුතුව microSD reader; USB 3.0 port සමන්විතව මෙන්ම side-by-side apps හා Office 2013 සමන්විතව පැමිනෙන බවට නිවේදනය වී තිබෙනවා. මීට අමතරව දියුනු කල හැකියවන් කිහිපයකින්ම සමන්විතව (handwriting හා  drawing capabilities මෙන්ම  special OneNote functions) පැමිනෙන බවට වැඩි දුරටත් පැවසනවා.

Android "L" සමග බැටරී ආයුකාලය 36%කින් ඉතිරි කරනවා...

  Android ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතියවේ. නොමිළේ භවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට Google ආයතනය විසින් නඩත්තු කරමින් සිටින මෙහි නවතම සංස්කරනයේ පෙර නිකුතුවක් Android"L" ලෙසට මේ වන විට නිකුත් කොට ඇත. පසුගිය දිනවල සිදුවූ මෙම නිකුතුවේදී බව අංගයන් කිහිපයක් පිලිබදව Google ආයතනය නිවේදනය කල අතර 'Project Volta' ඒ අතරින් එකකි. මොබයිල් උපාංගයක් ලෙසට බැටරි බලය වැයවිම වැදගත් සාධකයක් වන බැවින් මෙම අංගය ඔස්සේ එම ආයතනය නිවේදනයකර සිටියේ මෙහෙයුම් පද්ධතියේම විධිමත්කිරීම කිහිපයක් ඔස්සේ බැටරි බල වැය අවමකරන්නට තමන් ක්‍රියාකර ඇති බවකි.
                  හදාරන්නන් පිරිසක තම අත්හදා බැලීම් ඇසුරින් නිකුත්කරන වාර්ථාවක් පවසන්නේ නව සංස්කරනය සමග උපාංගයේ බැටරි ආයුකාලය 36%කින් ඉහල ගොස් ඇති බවකි. ඔවුන් Wi-Fi  සමග  Nexus 5 උපාංගය තුල වෙබ් පි‍ටුවක් අඩංගු screenය තප්පර 15කට වරක්   refresh කරමින් ලබගත දත්තවලට අනූව (KitKat, 4.4.4 හා   Android L Developer Preview සංස්කරන දෙකට එරෙහිව ) මෙම වාර්ථාව නිකුත්කර තිබෙනවා. වැඩි දුරටත් මෙම ඉතිරිය සදහා සහයවන අංගයන් පැහැදිලි කරමින් Googal ආයතනය පවසා සිටියේ JobScheduler API  වල ක්‍රියාකාරීත්වය කාර්යක්ශම කිරීම ඔස්සේ maintenance සහ  house-keeping tasks ඔස්සේ මෙම ඉතිරිය සදහා සැලකිය යුතු දායකත්වයක් ලබා ගත් බවයි. එසේම පද්ධතිය විසින් ඉල්ලා සිටින සමහර කාර්යයන් උපකරනය වෙතට නැවත විදුලි සැපයුම ලැබෙන තෙක් කල් දැමීමේ ක්‍රම උපාංයන් ඔස්සේ මෙම දියුනුව ලබා ගත් බවට පැහැදිලි කෙරෙනවා. එසේම Network සබදතාවය බිඳී ඇති විටකදී ආයාසයෙන් තම Data refresh කිරීමට උත්සාහ කිරීම වැනි අධික බල වැයක් ගෙනෙන අංග පලනය කර දැමීමටද කටයුතු කර ඇති බවට පවසා සිටිනවා. දැනට බලාපොරොත්තු වෙමින් ඇත්තේ මෙම නිකුතුව  'Material Design' වැනි නව ආකර්ශනීය අංගද සමග මෙම වසර අවසාන භාගයේදී වෙළඳ පොලට එනු ඇති බවටයි.

2014-07-03

සැබවින්ම එය විසල් අවකාශයකි.

  සැබවින්ම එය විසල් අවකාශයකි. ගෙවෙන මේ නිමේශය සැලකුවද  එය ලොවපුරා දහස් ගනනක් වන ආයතන තුල ලක්ෂ ගනනක් වන මිනිස් සහභාගීත්වය සමග ඩොලර් අපමන ප්‍රමානයක ආයෝජනයෙන් ඔස්සේ මිනිස් බුද්ධියේ තාර්කික හැකියා හා ගනන රටා හැකියා මුසු කරමින් ඉදිරියට දිවෙන්නකි. එයට ඔබගේ ජීවිතයට පිවිසිය හැකි අවකාශයන් අනෙකුත් බොහෝ විෂයන් වලට වඩා ඉමහත්ය. විටක ඔබගේ විනෝද ජීවිතය වඩාත් උත්කර්ෂවත් කරන එය තවත් විටක වෘතීය ජීවිතයේ නැතුවම බැරි සගයෙකු බවට පත්වේ. මේ බව සමාජ ජීවිතය මෙන්ම සෞක්‍ය ජීවිතය වෙතටද නො අඩුව බලා පාමින් සිටී.
                                                                 තොරතුරු තාක්ශනලෝකය වෙතට චෝදනාද අපමනය. එය විශ්ව භාශාවක් වීම අයෙකුට අපහසුවක් වෙයි. මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම ඔවුන් අතර සිට ගත් විසල් අකාරුනික සාධකයක් එය විසින් අභියෝගයට ලක් කර ඇත. විසල් සමුදුර මෙන්ම  ගිරිදුර්ග නොසල කමින් එය මිනිසා එකි නෙකා යාකරන්නට කටයුතු කරයි. විවිධ ආගමික දේශපාලනික ස්වරූපයන් ශත වර්ශ ගනනක් තිස්සේ හැදී වැඩුනු සමහර සාධක එය විසින් නොසලකා හැරීම අයෙකුට අපහසුවක් ‍රැගෙන ඒමක් වීම නොසලකා හැරිය නොහැක. එහෙත් එය ජය ගතයුතු අභියෝගයක් වනවා විනා මගහැරිය යුතු කාරනයක් කර ගැනීම ප්‍රශ්නය කල් දැමීමකි. සැබෑ ඩිජිටල් පුරවැසියා තවමත් පාසැලේය. ලොව අපූර්ව කරන තම සංස්කෘතික අනන්‍යතා ‍රැකගනිමින් ඉදිවෙමින් ඇති නව ලෝකයට ගැලපෙන අනන්‍යතාවයන් ගොඩ නගා ගැනීමේ පෘතුවි වැසියාගේ මීලග අභියෝගය ඔවුන් මනා ලෙස හසුරවා ගනු ඇති බවට බලපොරොත්තුවිය හැක.

පරිගණකයේ මෙහෙයුම් පද්ධතියතුල වන ඔබගේ ගිණුමද වැදගත් සාධකයකි....

  ඔබට මුලින්ම හමුවන්නේ ඔබ ඉදිරියේ ඇති පරිගණකයයි. එය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව හමුවන්නේ මෙහෙයුම් පද්ධතිය හා අනතුරුව ඔබ එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය තුල භාවිතාකරන ගිනුමයි. සාමාන්‍ය මට්ටමේ භාවිතාවේදී මෙම ගිනුම පිලිබදව එතරම් සංවේදී නොවීම දක්නට හැක. එහෙත් එය ඔබගේ එම පරිගණක භාවිතාව පිලිබදව ඔබ සිතනවාට වඩා කල්පනා කාරීවීම වැදගත් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. හුදු වෙබ් අඩවියකට ගොඩවීම තොරතුරක් සොයා යාමට වඩා යමක් එම පරිගණකයත් සමග ඔබ කරන්නේනම් වඩාත් කලපනාකාරී හැසිරීමත් සමග එබගේ පරිගණකයේ තැන්පත්ව ඇති ඔබගේ තොරතුරු වලට නිසි ආරක්ශාව ලබා ගැනීමේදී මෙන්ම අනවශ්‍ය ලෙසට ඒවා අස්ථාන ගත වීමට මෙන්ම වෙනත් භාවිතකරන්නෙකුට විවෘත වීමට අවස්ථාව ලැබීම වලකා ගන්නට හැකි වනු ඇත.
                                සාමන්‍යයෙන් ඔබගේ පරිගණකය භාවිතාකරන්නේ ඔබම පමනක් විය හැක. එහෙත් අත්වැරදීමකින් එය කාලතුරකින් හෝ විවෘතවීම වැලකීම ඔබට වැදගත් වනු ඇත. සමහර විටක ඔබ මනස යෝජනා කරනු ඇත්තේ නීති විරෝධී හෝ සංස්කෘතික විරෝධී දේ සදහා ඔබගේ පරිගණකය භාවිතානොකරන බැවින් ඉන් අනතුරක් නොවිය හැකි බවකි. එහෙත් බ්‍රවුසරය තුල තැන්පත්ව ඇති ඔබ නෑවත නැවත යාමට ප්‍රියකරන වෙබ් අඩවි ලිපිනයන් මැකීයාම , විවෘතව ඇති ඔබගේ ඊමේල් ලිපිනය ඔස්සේ ඔබගේ හිතවතෙකුට විසුලු සහගත ඊමේලයක් යැවීම , සමහර විටක පරිගණකයට හානිවන ආකාරයේ යෝ ඔබට කරදරයක් වන ආකරයේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීම වැනි බොහෝ දේ අනවසරයෙන් එය වෙත පිවිසෙන වෙනත් භාවිතාකරන්නෙකු අතින් සිදුවිය හැක. මෙම ස්වභාවය මෙසේ වන සරල අවස්ථාවල සිට පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර් බලය භාවිතාවෙමින් ආසාධිත මෘදුකොටසකට එය මත ස්ථාපනයට අවස්ථාව ලැබීම දක්වා විවිධ ආකරයෙන් විය හැක.එසේම එසේ ස්ථපනය වී ඇති හානිකරයකට මෙහෙයුම් පද්ධතිය මතට අනවශ්‍ය වෙනසක් කිරීමේ හැකියවද මෙම ගිනුම් කල්පනාකාරීව හැසිරවීම තුල වලකා ගන්නට ඔබට හැකි වනු ඇත,
                 මෙසේම භාවිතාකරමින් සිටින පරිගණකයෙන් සීමිත කාලයකට ඉවතට යන විට නිශ්චිත කාලයකින් ස්වංක්‍රීයව එය ලොක් වීමට සැකසුම් සකස් කර තිබීම මෙන්ම අවශ්‍ය නම් මැනුවලි එය ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම ඔබගේ කාර්යාල යේදී හෝ වෙනත් ස්ථනයකදී පවා වැදගත් වනු ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ අන්තර්ජාලයට සම්බන්දිතව භාවිතාවකින් තොරව පරිගණකය නිදහස්ව මුත් ක්‍රියාත්මකව තැබීම කලාතුරකින් මුත් පහරදෙන්නෙකුට ඉලක්ක වීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. 

Russian භාවිතාකරන්නන්ගේ තොරතුරු එරට පිහිටවන servers වෙතට පමනක් සීමාකිරීමකට....

  තම භාවිතාකරන්නන්ගේ තොරතුරු සමග කටයුතු කරන ආකාරය පිලිබදව online services වෙතට බලපෑම්විම් මේ වන විට ක්‍රමයෙන් රටවල අවධානය වැඩි වැඩි යෙන් ගනිමින් තිබෙන කරුනක් බවට පත්වෙමින් තිබෙනු දැකිය හැකිය. Russian රජය විසින් පනවන්නට යන නව නීතියක අනූව එරට වැසියන් පිලිබදව තොරතුරු එරට පිහිටවන servers වෙතට පමනක් සීමාකිරීමකට ඔනැම online සේවාවකට සිදුවෙනු ඇති බවටයි දැක්වෙන්නේ. දැනට සැලසුම්ව ඇති ආකාරයට සැලකීමේදී 2016දී ක්‍රියාත්මක වීමට නොයමිත මෙම නව නීතිය අනූව Google, Paypal, Skype  වැනි ඔනෑම සේවාවක් සදහා රුසියානු වැසියන් පිලිබදව තොරතුරු රඳවා තැබීමේදී මෙම පියවර අනුගමනය කරන්නට සිදුවන අතර අධික වැයක් වන මෙම පියවර සදහා දෑ වසරක කාලයක් ලබා දී තිබෙනවා. ගතව ගිය කාලය තුල ක්‍රම කිහිපයක් ඔස්සේ අන්තර්ජාල භාවිතාකරන්නන්ගේ තොරතුරු අයුතු ලෙසට ‍රැස්කිරීම් පිලිබදව තොරතුරු හෙලිවූ අතර තොරතුරු ආයතනික මට්ටමින්ද විවිධ ආකාරයේ පියවර ගන්නට කටයුතු කරනු ලැබුවා. මෙවැනි පියවර ඔස්සේ ක්‍රමයෙන් අන්තර්ජාලය පාලනයවීමේ ස්වභාවයකට රටවල් පිවිසීම පිලිබදව අනතුරක්ද හදාරන්නන් මේ අතර පෙන්වාදෙමින් සිටිනවා.

Microsoft වෙතින් එන wearable deviceය smartwatch එකකට වඩා 'wristband' දෙසට වඩාත් සමීප වේවි!!!!

  තොරතුරු ලෝකයේ අවධානය wearable device දෙසට වැඩියෙන් යොමුව ඇති අතර මෙම ප්‍රවනතාවය සදහා Microsoft වෙතින් පලවන  සහය පිලිබදව ඇත්තේ කුකුසකි. ක්‍රමයෙන් ඔවුනයේ නිකුතුවක් පිලිබදව තොරතුරු බිදෙන් බිද හෙලි වෙමින් ඇති අතර තවමත් ඒවා නිල ලෙස තහවුරුවූ  ඒවා නොවීම අඩුපාඩුවක වූවද තොරතුරු ‍රැස්කරන්නන්ගේ අකංඩ අවධානයෙන් සැගවෙන්නට එය හේතුවක් නොවී ඇති සැටියකි. පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ Microsoft වෙතින් පැමිනෙන wearable උපංගය smartwatch එකක් ලෙසට හඳුනාගන්නවාට වඩා 'wristband' දෙසට වඩාත් සමීප බවක් ගන්නා බවටයි පැවසෙන්නේ. එහි වේලාව දැක්වීම සිදු වුවද උපාංගයේ වැඩි අවධානය health හා  fitness දෙසට වැඩියෙන් වන බවටයි හෙලි වන්නේ. එසේම දැනට නිකුත්ව ඇති අනෙකුත් සමාන උපාංග වලින් වෙනස් ස්වරූපයක් ගන්නා එය ඔනෑම smartphone එකක සමග කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. Windows Phone, Android හෝ  iOS සදහා විවෘතව පැමිනෙන මෙම උපාංගය third-party apps සදහාද විවෘතව පැමිනෙනු ඇති බවට තොරතුරු හෙලි වනවා. Samsung's Gear නිකුතුවේ මිළ ගනන් හා සෑසදෙන ලෙසට පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙය මෙම වසරේ හතරවන කාරුතුවේ නිකුත්වනු ඇති බවට බලපොරොත්තු පලවෙමින් තිබෙනවා.

2014-07-02

චීනය තුල Office මෘදුකාංගයද තහනම් වීමේ පුවතක් පසුව Microsoft වෙතින් ප්‍රතික්ශේපවේ...

  චීනය තුල Windows 8 භාවිතාව තහනම් කෙරෙන පියවර සදහා ඔවුන් හේතු දක්වා සිටියේ එම මෙහෙයුම් පද්ධතිය සමග පහසුවෙන් භාවිතකරන්නාගේ තොරතුරු ලබා ගන්නට හැකි බවක් පවසමිනි. ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශකර සිටින්නේ මෙම මෙහෙයුම් පද්ධතිය සමග spyware පැමිනීමක් සිදුවනු ඇති බවට තමන් විස්වාස කරන බවකි. එම මෙහෙයුම් පද්ධතියේ කේත සටහන් හොදින් හදාරන්නට තම බලධාරීන් වෙතට නිසි ලෙස කාලවේලා ලබා නොදුන් බවටත් ඒ නිසා තම සැකය වඩාත් තහවුරුව ඇති බවටත් ඔවුන් එහිදී ප්‍රකාශකර සිටි බවට වාර්ථා පලවෙනු ලැබුවා. 
                       පලවන නවතම වාර්ථා පවසන්නේ චීන රජය මේ වන විට Office මෘදුකාංගයද එරට තුල භාවිතය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බවකි. චීනය තුල භාවිතාව සදහා මෙම ජනංප්‍රිය මෘදුකාංග වෙනුවට ඔවුන් විසින්ම නිර්මානය කරගත් විකල්ප මෘදුකාංග භාවිතය සදහා කටයුතු කරමින් සිටින බවටත් එම වාර්ථා වැඩි දුරටත් පවසනවා. පසුගියදා windows XP සදහා සහය දක්වන කාලය දීර්ගකරන ලෙසට චීන රජය Microsoft වෙතින් ඉල්ලා සිටින බවට තොරතුරු හෙලිවූ මුත් ඒ සදහා  Microsoft ආයතනය සහය පලනොවිමත් මෙම ප්‍රතික්ශේප කිරීම පසුපස තිබෙන්නට හැකි බවටයි විචාරනය වන්නේ. Microsoft හිටපු CEO වරයා වරක් ඕවසා සිටියේ චීනය තුල භාවිතාවන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වලින් දහයෙන් නමයක්ම  ව්‍යාජ ආකාරයට සංක්‍රීය කරගත් ඒවා වන බවටයි. පසුව පලවූ Microsoft නිවේදනයකින් මෙම Office මෘදුකාංගය සම්බන්ද පුවත ප්‍රතික්ශේප කර සිටියා.

Outlook.com හා OneDrive දත්ත හුවමාරුවන් වඩාත් සුරක්ශිත කෙරේ.....

   NSA පිලිබදව වූ හෙලි දරව්වෙන් පසුව ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය හා සම්බන්ද ආයතනන් සියල්ලම තම භාවිතාකරන්නන්ගේ තොරතුරුවල සුරක්ශිතභාවය පිලිබදව නෙක ආකාරයේ පියවරයන් පිලිබදව අවධානය යොමු කරන්නට පටන්ගති. ඒවා අතර එම රජය වෙත විරෝධය පල කිරීමේ සිට තම සර්වරයන්  අතර තොරතුරු හුවමාරුවේදී ඒවා  encrypting කිරීම දක්වා වූ විවිධ ස්වරූපයන් ගනු ලැබින.  මයික්‍රසොෆ්ට් ආයතනයද මේ වන විට නිවේදනය කර සිටින්නේ තම outlook ඊමේල සේවාව තුල inbound හා outbound දෙදිසාවටම හා Onedrive සේවාව තුලදීද අභ්‍යන්තර සර්වරයන් අතර මෙන්ම බාහිර සර්වරයන් අතරද  දත්ත හුවමාරුවේදී මෙම ආරක්ශිත පියවර සමග බහිර පාර්ශවයකට ඒවා මතට එබි බැලීමේ හැකියාව අවම වනු ඇති බවටයි. 
                            OneDrive සමග කටයුතු කිරීමේදී PFS (perfect forward secrecy) encryption සමග කටයුතු කිරීමේදී OneDrive හා  local client අතරද හුවමාරුවන දත්ත ගොනු සුරක්ශිත බවටයි එම ආයතනය පැහැදිලි කරන්නේ. බාහිර පාර්ශවයට එම දත්ත decrypt කිරීමට අපහසුවන නිසා මෙම සුරක්ශිත බව පැමිනෙන බවටයි එහිදී ඔවුන් පැහැදිලි කර සිටින්නේ.
                 භාවිතාකරන්නන්ගේ දත්ත රහසිගතව් ‍රැස්කරන බවට සිදුවූ හෙලි දරව්වෙන් පසුව සියලුම පාහේ ආයතනයන් මෙලෙස තම දත්ත සුරක්ශිත බව තහවුරුවට කටයුතු කරන්නට පියවර ගනිමින් සිටින අතර එම රජය ද ප්‍රකාශකර සිටියේ එලෙස තොරතුරු අයුතු ලෙස ‍රැස්වීමක් සිදුවන්නේ නම් ඒය නවතාලන්නට තමන් කටයුතු කරන බවකි.

2014-07-01

එය අපූර්ව නම්‍යතාවයකින් එන ජිවිත මිත්‍රයෙකි....

  එය චිත්‍ර ශිල්පියෙකු ඉදිරියේ මනාලෙස සැකසූ කැන්වසයක් මෙනි. සංගීත ශිල්පියෙකු හමුවේ අපමන ස්වර පරාසයක දිවෙන නෙක හඬ රටා මවන්නට සූදානමින් සිටින කී බෝඩයකි. ගෘහනිර්මාන ශිල්පියෙකු ඉදිරියේ ඩ්‍රෝවිං බෝඩයක් වන්නට සූදානම් එය ග්‍රැ‍ෆික් නිර්මාන ශිල්පියෙකු ඉදිරියේ මනසේ මැවෙන නිශ්චල , චලන රූරටා නිමවා දෙන්නට සූදානමින් සිටින ත්‍රිමානිය පමනක් නොව චලන හැකියාවෙන්ද යුත් සටහන් පොතකි. එහි හැකියා අවකාශය අපමනය.මද දැනුවත්වීමකින් අනතුරුව පහසුවෙන් වෘතීය අවශ්‍යතාවය සමග එක්වන්නට එය දිනෙන් දින වඩ වඩාත් සූදානම් වෙමින් සිටිනු දැකිය හැකිය.
               එහි භෞතික තලයේ වන ලොහමය හා ප්ලස්ටික් ස්වභාවයන් තවදුරටත් අදාල නොවේ. ඊලග තලයේ දී හමුවන ඉලොක්ට්‍රොනික බව අමතක කරන්නට පහසුය. ක්‍රියාත්මක කල සැනින් ඔබගේ අවැසි තලයක සහය සපයන ක්‍රියාකාරීත්වයක් අපහසුවකින් තොරව අත්විඳින්නට හැකිවන ලෙසට නිමවෙමින් වෙළඳ පොලවෙත පිවිසෙන්නට එය සමත්ව ඇත. තවදුරටත් එහි වන දෘඩාංග මට්ටම හෝ ඉලෙක්ට්‍රොනික බව විටින් විට ඉස්මතුවෙමින් ඔබව අපහසුතාවයට පත්කරන්නට එයට අවශ්‍යව නැත.

Threshold හෝ Update 2 සමග Windows මෙහෙයුම් පද්ධතිය යලිත් දැනෙන වෙනසක් ගෙන ඒවි!!!

  Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග යාවත්කාලීනය නිකුතුවට සූදානම් වෙමින් සිටින බවටයි නොනිලව මුත් හෙලි වෙමින් ඇත්තේ. එය Threshold හෝ Update 2 ලෙසට නම් වෙමින් පැමිනේවි යැයි විස්වාස කරන අතර Desktop භවිතාකරන්නන් ගෙන් වින්ඩෝස් 8 සමගින් සිදුවූ දුරස්ථවීම මෙම සංස්කරනය සමග යලි සංසිඳවන්නට එම ආයතනය කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එ අනූව වින්ඩොව්ස් 8 සමග පැමිනි Modern UI කවුලුව default වීම මෙම සංස්කරනය සමග යලි සැකසෙනු ඇති  අතර නව සංස්කරනය Desktop භාවිතාවකට ස්ථාපනය වන විට default UI මුහුනත ලෙසට හුරු පුරුදු Desktop පරිසරය පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එසේම Modern app ධාවනයේදී Destop පරිසරයේදී තිබූ බාදක බවත් නිමවා පැමිනෙන Start මෙනුවේ සිට පහසුවෙන් ස්ථාපිතව ඇති Modern app එකක් ධාවනයට අවස්ථාව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ. එ අනූව  modern environment එක Desktop භාවිතාවෙන් සම්පූර්නයෙන්ම අනවශ්‍ය වන අතර එය සම්පූර්නයෙන් shut off කිරීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තුවනවා. තවමත් එය සංවර්ධනය වීමේ මුල් අවස්ථාවේ තිබන මෙම සංස්කරනය දෘශ්‍යව සැලකීමේදී Windows 8.1 වලින් සම්පූර්නයෙන් වෙනස් මුහුනුවරක් ගන්නා ඇති බවට හෙලිවෙමින් තිබනවා.
                          එම තොරතුරු වැඩි දුරටත් හෙලි කර සිටින්නේ Microsoft හි  ARM-based operating systems  ධාවනය වන Windows Phone හා  Windows RT එකිනෙක යාවීම මෙම සංස්කරනය සමග සිදුවනු ඇති බවට බලාපොරොත්තු වන අතර surface pro වලදී Modern UI මෙන්ම  Desktop UI ද්විත්වයම පැමි නෙනු ඇති බවට බලාපොරොත්තුවනවා. Microsoft සමාගම windows 8 නිකුතුවේ සිටම  unified OS නිකුතුවක් පිලිබදව අවධානයෙන් සිටි අතර පසුගිය කාලයේ එ සදහා පහසුවන ලෙසට Universal app නිකුතුවක් සදහාද කටයුතු කරනු ලැබුවා.

UK වලදීද Google Glass වෙතට කෙනෙහිලිවීම් ඇරබේ!!!!

  උපාංගයේ Ram බලය දෙගුන කරමින් Google Glass ප්‍රථම වතාවට ඇමරිකාවෙන් පිටතදී ලබා ගැනීමේ අවස්ථාව UK වලට  පැමිනුමේ පසුගිය සතියේය. ඇමරිකාව තුලදීම මෙම භාවිතාවට බාදක එල්ල වන්නට පටන් ගත් අතර වරක් සිනමා හලකදී නරබන්නෙකුට බාදාකරමින් ඔහුව සිනමා ශාලාවෙන් පිටතට කැදවන්නට කටයුතු කරන ලද්දේ Google Glass යොදා ගනිමින් එම සිනමා පටය  පටිගත කරගන්නට කටයුතු කරනවා යන චෝදනාව මුල් කර ගනිමිනි. තවත් විටක මහමගදී එය පැලඳ වාහනයක් පදවා ගෙන ගිය කාන්තාවක වෙතට දඩ කොලයක් නිකුත්වූ අතර තවත් විටක ප්‍රකට ආපනශාලා සමූහයකට එය පැලඳ පිවිසීම තහනම් කරන්නට ඒවායේ බලධාරීන් කටයුතු කෙරින.
                  පලවන නවතම UK වාර්තාවකට අනූව හෙලි වන්නේ එහිදීද සිනමා ශාලා හිමිත්වය මෙම උපංගය පැලඳ සිටීම  lights dim නිමේශයෙන් පසු නොකල යුතු බවට ප්‍රේක්ශකයින් වෙතට දැනුම් දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.Google ආයතනය ප්‍රථමයෙන් පවසා සිටියේ එකදිගට වීඩියෝවක් අටිගත කිරීමේ හැකියාව මෙම උපකරනය සමග විනාඩි 45කට පමන සීමා වන බවයි.එහි වන බැටරි බලය හා තොරතුරු ගබඩා හැකියාව අනූව එය එසේ සීමා වන බවටයි දක්වා සිටියේ. එසේම මෙම උපකරනය ඒ ආකාරයේ පටිගත කිරීමකට සූදානව පැමින නැති බවටයි පැහැදිලි කර සිටියේ

දත්ත උපාංගයට ඔබේ අනන්‍යතා තහවුරුවට Digital Tattooවක් !!

  ඔබ කිනම් ආකාරයක අවශ්‍යතාවයක් සදහා ඔබගේ දත්ත උපාංගය භාවිතාකලද පසුකල යුතු අනිවාර්ය අංගයක් වන්නේ එම උපකරනය සමග කටයුතු අරබන හැම විටම අනන්‍යතාවය තහවුරු කරන්නට සිදුවීමය. වර්ථමානය වැනි එම උපාංග භාවිතය බහුල කාලයක දිනකට සමහර විටක සිය වතාවක් සිදුවන එම භාවිතාවකදී යොදා ඇති අවසර පදයක් වැන්නක් නැවත නැවත ලබා දෙන්නට යාමෙන් සිදුවන කාලය වැය සැලකිය යුතු මට්ටමක වීම පාලනය සදහා විවිධ නිෂ්පාදකයින් විසින් විවිධ ආකාරයේ විසදුම් යෝජනා කරනු දක්නට හැක. VivaLnk ආයතනය මේ සදහා ගෙනෙන යෝජනාවක් වන්නේ NFC ආකාරයට උපාංගය සමග සම්බන්දව භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරුකර දෙන Digital Tattoo වකි. සාමන්‍ය තත්වය යටතේ දින පහක් පමන සේවයට සූදානම්ව පැමිනෙන මෙය දෛනික ජීවිතයේ කටයුතු සමග එනම් showers, swims, workouts වැනි ඔනෑම අවස්ථාවකදී සේවයට සූදානම්ව සිටින බවටයි නිවේදනය කරන්නේ. සමන්‍ය NFC tag ඒකක් ලෙසට ක්‍රියාත්මක වන මෙය පෙර සැකසුමකින් අනතුරුව සෙවයට සූදනම්ව පැමිනෙන අතර ඒවා 10 ක් අඩංගු බහාලනයක් ඩොලර් 10ක් වැනි මුදලකට ලබා ගන්නට හැකිවන බවටත් දැක්වෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...