2014-07-07

පරිගණකයේ task manager ඔස්සේ kill windows process සහය නැති මොහොතකදී සහයට ගත හැකි මෘදුකාංගයක්!!

  බොහෝ විට පරිගණකයක් ආසාධිත වීමෙන් පසුව පැමිනෙන පොඳු ලක්ෂන අතර task managerය අක්‍රියවීම බහුලව හමුවන අත්දැකිමකි. එය පරිගණකයේ ක්‍රියාත්මක වීම පිලිබදව භාවිතාකරන්නෙකුට පහසුවෙන් අවබෝධයක් ලබා ගන්නට සහයවන අංගයක් ලෙසට පැමින ඇත්තකි. windows 8 සමග මෙම අංගය වඩාත් ක්‍රමවත්වැඩි පහසුවක් ගෙනෙන අංගයක් ලෙසට දියුණුකර පැමින තිබෙනු දැකිය හැක. මෙම  අංගය ඔස්සේ ලබා ගත හැකි එක් අංගයක් වූවේ kill windows process සදහා එය සහය වීමය. ක්‍රියාත්මකවීම නතර කරන්නට සාමානය ආකාරයට දෙන උපදසක් නොසලකන වැඩසටහනක් අවසන් කර දැමීනට සදහා ගත හැකි අවසන් පියවරක් ලෙසට මෙම අංගය භාවිතවේ.Task manager ඔස්සේ පිවිස processes වෙතින් අදාල අනවශ්‍ය හා නවතන්නට දෙන අන  නොතකන ක්‍රියත්මක වීම ‍තෝරා ඒ මත Right Click කොට මතුවෙන කවුලුවෙන් End Parocess යන්න තේරූ විට ලබා ගත හැකි මෙම ක්‍රියාත්මක වීම පෙරකී ආකාරයේ ආසාධ්තයකදී මෙන්ම වෙනත් ගැටලුවක් නිසා ල Task Manager ඔස්සේ ලබා ගන්න නොහැකි විටකදී සහයට ගත හැකි මෘදුකාංගයක් ලෙසට මෙන්ම නිදහස් මෘදුකාංගයක් ලෙසට සැවසෙන මෙම මෘදුකාංගය කුඩා පහසු, ස්තාපනයකට සූදානම්ව පැමිනෙන මෙන්ම පෙරකී මුල් මෘදුකාංගයට වඩා වැඩි පහසුකම් කිහිපයකින්ද සමන්විතව පැමින ඇති බවට පැහැදිලි වනවා. සැකසහිත Processes මෙන්ම වැඩි පද්ධති සම්පත් භාවිතාවක් ඇති Processes ද මෙම මෘදුකාංගය තුලදී හඳුනා ගන්නට සහයවන බවටයි මෙම මෘදුකාංගයේ නිපැයුම්කරුවන් වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ. විධිමත් මට්ටමේ පිලිගැනීමක් ලබා ඇති මෘදුකාංගයක් වුවත් එය ලබා ගැනීමේ සිට ස්ථාපනය දක්වාම කල්පනාකාරී වීම වැදගත් වනවා සේම  ඉටත් පෙර මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්තාපනයට මොනතරම් වැදගත්ද යන්න පිලිබදව විමසීමකින් පසුව එය ලබා ගැනීම පෙලබීම වැනි මූලික සලකා බැලීම් නැවත මතක් කර දෙමින් එය බාගතකර ගැනීම සදහවන වෙබ් ලිපිනය පහත සඳහන් කරන්නට කැමැත්තෙමි.
http://www.drk.com.ar/daphne/Daphne_setup_x86.msi

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...