2014-02-28

සුලඟ ඔස්සේ සේ පහසුවෙන් පැතිරෙන Wi-Fi වෛරසයක්!!!!

  හදාරන්නන් පිරිසක් විසින් නිකුත් කරන නවතම වාර්ථාවක්  පවසන්නේ Wi-Fi ඔස්සේ පරිගණක Virus  එකක පැතිරීම මිනිසුන් අතර ප්‍රතිශ්‍යාව පැතිරෙන්නා ආකාරයටද විය හැකි බවයි. ඔවුන් විසින් Chameleon නම් පරිගණක වෛරසය සමග කල අත්හදා බැලීමේදී හෙලිවන්නේ එය බහුලව මිනිසුන් අතර වෛරසයක් පැතිරෙන්නා සේ පහසුවෙන් හමුවන සියලු Wi-Fi මිත්‍ර උපාංග අතරට  ගමන් කරන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ WiFi AP එකක වෙතට අසාධනය වන එම වෛරසය එහි ක්‍රියාකාරීත්වයට හානියක් නොකරන මුත් එය වෙතට සම්බන්දවන Wi-Fi උපකරන ඔස්සේ අනෙකුත් Wi-Fi AP හඳුනා ගනිමින් පහසුවෙන් ඒවා වෙතට පැතිරීමට කටයුතු කරන්නේ සුලඟ ඔස්සේ පැතිරෙන මිනිස් වෛරසයක් ලෙසට බවයි. එම අත්හදා බලන්න පවසන්නේ බොහෝ විට ආරක්ශක මෘදුකාංග අන්තර්ජාලය තුල හෝ පරිගණක උපකරනය තුල හානිකරයන් හදුනා ගන්නට ක්‍රියාත්මක වන මුත් network තුල දෙසට අවධානය යොමු නොකිරීම පදනම් කොටගෙන මෙම අත්හදා බලන ආකාරයේ හානිකරය නිපදවන්නට ක්‍රියා කල බවයි. හදුනගෙන ඇති නවතම තොරතුරු ඔස්සේ මෙවන් ආකාරයේ හානිකරයක් සදහා අදාලවන ආරක්ශක උපංක්‍රම දෙසට මේ වන විට තම අවධානය යොමුවී ඇති බවටයි එම හදාරන්නන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

Boeing වෙතින් එන "self-destructive" දුරකථනය.....

  Boeing ආයතනය පවසන්නේ තමන්ගේ  'Black' නම් 'self-destruct' දුරකථනය තොරතුරු සු‍රැකීම අතින් වඩාත්ම විස්වාසනීය වනු ඇති බවය. Android මෙහෙයුම් පද්ධතියක් සමග එන මෙම දුරකථනය මොනයම් ආකාරයකට හෝ විවෘත කරන්නට තැත් දරන විටම එහිවන දත්ත හා මෘදුකාංග වැඩසටහන් ස්වංක්‍රීයව විනාශ වන ලෙසට සකසා ඇති වැඩසටහන් ඔස්සේ ස්වංක්‍රීයව විනාශ වෙමින් අදාල දුරකථනයේ සියලු තොරතුරු සු‍රැකීමට කටයුතු කරනු ඇති බවය. රාජ්‍ය මට්ටමේ රහස් තොරතුරු පිලිබදව කටයුතු කරන්නන් ඉලක්ක කරගනිමින් නිමවන ලද මෙම දුරකථනය encrypting calls වැනි පහසූන් ඔස්සේ සාමන්‍ය භාවිතාව තුලදීද තොරතුරු සු‍රැකීමට කටයුතු කරනු ඇති බවත් පෙන්වා දෙනවා.
        සාමන්‍ය iPhone එකකට වඩා මදක් විශාල මෙම දුරකථනය සමග Sim පත් දෙකක් ඔස්සේ සබදතා භාවිතයට හැකිවන අතර biometric sensors හා satellites සබඳතා මෙන්ම solar power ක්‍රියාකාරීත්වයටද සහය දක්වන ලෙසට නිමව ඇති බවට පැවසෙනවා. WCDMA, GSM සහ LTE සදහා මෙන්ම  WiFi හා Bluetooth සදහාද සහය දක්වනු ඇති බවට පැවසෙන අතර මාස 36ක දියුනු කිරීම් කාලයකින් අනතුරුව මේ වන විට නිකුත් කරන්නට සූදානම්ව ඇති බවටයි නිවේදනය වන්නේ.

අතැති මුදලකට smart phone එකක් හදාගමු.-Google ව්‍යාපෘතියකි-

  Project Ara යනු Google වල ව්‍යාපෘතියකි. එය ඉලක්ක වන්නේ තවමත් ලොව පුරා වෙසෙන smart මට්ටමේ දුරක්ථනයක් භාවිතා නොකරන මුත් බලාපොරොත්තුවෙන් සිටින අනාගත භාවිතාකරන්නන් සදහා පහසුවෙන් බලසම්පන්න දුරකථනයක් අත්පත් කර ගැනීම සදහා සහය වීමටය. එය ක්‍රියාත්මක වන්නේ මුලින්ම ප්‍රාථමික මට්ටමේ දුරකථනයක් ඩොලර් 50ක් වැනි සුලු මුදලකට ලබා ගන්නට හැකිවීම හා අනතුරුව ඔහුට හැකි ආකාරයට වඩාත් බල සම්පන්න Camera වක් නැතිනම් වැඩි processor බලයක් එයට සම්බන්ද කිරීමේ හැකියාවක් එහි තිබීමය. modules ආකාරයට අමතර හැකියාවන් එකතුකර ගන්නට අවශ්‍ය ආකෘතියක් ලෙසට නිමවන මෙම ජංගම දුරකථනය මූලිකව මෝස්තර  තුනකින් නිම වන්නට සැලසුම් වන අතර එහි පලමු වන්න basic smartphone එකක් ලෙසට ද අනෙක mainstream device එකක් ලෙසට හා phablet එකක් ලෙසටය.
                       මෙහි නිර්මානකරුවන් පවසන්නේ දුරකථනයේ screen වල සිට processor නැතිනම් battery එක දක්වා කොටස් දුරකථනය ක්‍රියාත්මක වෙමින් තිබෙන විටකදී පවා පහසුවෙන් වෙනස් කරන්නට හැකිවන modules ලෙසට පැමිනෙන අතර භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වීමට එය ප්‍රධාන හේතුවක් වනු ඇති බවය. Google ආයතනය දැනට සැලසුම් කර ඇති ආකාරයට එලබෙන අප්‍රේල් 15-16 පැවැත්වෙන Ara Developers Conference වලදී මෙම නිකුතුවේ පලමු සංස්කරනයක් පැමිනෙන සංවර්ධනය කරන්නන් වෙතට ඉදිරිපත් කරන්නට නියමිත අතර 2015 පලමු කාර්තුවේ පමන වෙළඳ පොලට පැමිනීමේ හැකියාවක් වනවා.

"වැඩියෙන්ම අනාරක්ශිත මෙහෙයුම් පද්ධතිය Windows 8". හදාරන්නන් පවසයි.

  හදාරන්නන් වෙතින් නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Windows මෙහෙයුම් පද්ධති තලයේ වඩාත්ම ආසාධිත බවට විවෘතව ඇති මෙහෙයුම් පද්ධතිය බවට වින්ඩෝස් 8 පත්වෙමින් ඇති බවකි. ඔවුන් යෝජනා කරමින් සිටින්නේ Windows 8 සමග IE සදහා  Flash සංයුක්තව පැමින තිබීම මෙම අනතුරුදායක බවට ප්‍රධාන හේතුව වෙමින් ඇති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ Flash දුර්වලතාවය ඔස්සේ පැමිනෙන හානියක් මේ නිසා පහසුවෙන් Windows 8 මෙහෙයුම් පද්ධතිය තුලට පැමිනීම සිදුවනු ඇති බවයි. Flash යනු බහුල භාවිතාවක් ඇති  මෘදුකාංගයක් වන අතරම මෘදුකාංග පහර දෙන්නන්ගේ බහුලතම ඉලක්කයක්ද වෙමින් තිබෙනවා.XP , Vista , Windows 7 හා Windows 8 පෙලට හැදෑරීමේදී Windows 8 සදහා අමතරව වාර්ථාවන vulnerabilities 54ම Flash සම්බන්දිතව වන අතර වැඩි දුරටත් ඔවුන් පවසන්නේ වින්ඩොස් 8 සදහා වන අමතර තර්ජන ස්වභාවයන් පසු පසද Adobe software පැවතීම දැකිය හැකි බවයි. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට Windows 8 බල පත්‍ර මිලියන 200කර අදික ප්‍රමානයක් අලවි කොට ඇති බවට වාර්ථා කල අතර වේගවත් යාවත්කාලීන නිකුත් කිරීම් ඔස්සේ වඩාත් ආකර්ශනයක් භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නට කටයුතු කරමින් සිටිනවා.

Windows 8.1 වල update1 අප්‍රේල් 8 නිකුත්වීමේ ඉඩක්!!!!

  Windows 8.1 සදහා පැමිනෙන්නට නියමිතව ඇති update 1 නිකුතුව එලබෙන අප්‍රේල් 8 වන විට නිකුත්වන්නට බෙහෙවින් ඉඩ ඇති බවටයි නිල නොවන ආරන්චි මාර්ග හෙලිකර සිටින්නේ. එහෙත් MSDN subscribers  සදහා එය අප්‍රේල් 2 වන විට ලබා ගන්නට හැකිවනු ඇති බවටත් පැවසෙනවා. මෙම දිනය මයික්‍රස්ප්ෆ්ට් වල මාසික යාවත්කාලීනය නිකුත්වන "Patch Tuesday" වන අතර Windows XP සදහා අවසන් යාවත්කාලීනයන් පැමිනීමට ඉඩ තිබෙන දිනට ලෙසටත් බලාපොරොත්තුවන්නේ වසර 12ක සේවය අවසන් කරමින් නිල ලෙසට windows XP භාවිතයෙන් ඉවත්වීමද එම මසට යෙදී ඇති නිසාය. windows 8.1 සදහා පැමිනෙන update 1 නිකුතුව පිලිබදව මේ වන විට පැමින ඇති තොරතුරුවලට අනූව එය යලිත් පැරනි ඩෙස්ටොප් භාවිතාව දෙසට මද මිත්‍ර චලනයක් ‍රැගෙන එමින් Key Board හා Mouse හිතැති බවක් මෙහෙයුම් පද්ධතියට ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර ඒවා අතර Modern apps සබදතාවයන් පැරනි Destop Bar වල සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැරනි හුරු පුරුදු Start Menu ව නැවත පැමිනීම ඇතුලු කාරනා වනවා.

2014-02-26

Galaxy S5 නිවේදනය වේ. අප්‍රේල් 11 සිට වෙළඳ පොලට!!!!

  මාස කිහිපයක් තිස්සේ පැතිරයමින් තිබූ නොනිල තොරතුරු හමාරකරමින් Samsung ආයතනය මේ වන විට තම මීලග දුරකථනය එනම්  Galaxy S5 නිලලෙසට මීට දින කිහිපයකට පෙරදී නිවේදනය කරන ලදී. එය  5.1" ප්‍රමානයේ AMOLED screen එකකින් සමන්විතව පැමින තිබූ අතර එය 1920x1080 resolution මට්ටමේ බලැතිව ඇති බවට සදහන් වුවා. එසේම  quad core Snapdragon 801 processor - 2.5 GHz- සමග 2GB ‍රැම් බලයක් , 150Mbps LTE සබදතා හැකියාවක් , 16MP camera( fastest auto-focus) වැනි අංග වලින් සමන්විතව තිබුනා.
                                                      Samsung ආයතනයේ දියුනු කිරීමක් වන TouchWiz UI සමග වන Android 4.4.2 සමග එම ආයතනයේම KNOX security system සමග පැමින තිබීම භාවිතාකරන්නා වෙතට පහසුවක් වනු ඇති බවටයි සදහන් වූවේ.මෙම නිකුතුව සමග හදුන්වාදෙන Ultra Power Saving Mode  සමග දුරකථනයේ බල භාවිතය අවම කරමින් අවශ්‍ය විටකදී display එක black & white ආකායට පැමින වීමේ හැකියාව හා අනවශ්‍ය  features නතර කිරීම ඔස්සේ  low battery මට්ටමේ දී පවා stand by ලෙසට 24 hours සිටීමෙ හැකියාව මෙම නිකුතුව සමග වන කැපී පෙනෙන ලක්ෂන වූවා. එසේම අඩි තුනක ජල මට්ටමක පැය තුනක් අනතුරු රහිතව තිබෙන්නට වන හැකියාව සමග වන water හා dust රෝධීබව භාවිතාකරන්නෙකුගේ සිත්ගන්නා සුලු කාරනා වනවා. මීට අමතරව දිගුකාලයක් බලාපොරොත්තුවෙන් සිටි  fingerprint scanning  හැකියාව මෙන්ම heart-rate monitor හැකියාව සමග මෙම දුරකථනය වර්ණ කිහිපයකින්ම එලබෙන අප්‍රේල් 11 සිට රවල් 150ක වෙළඳ පොලට නිකුත්වන්නට නියමිත බවටයි නිවේදනය වූවේ.

@facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය වේ!!!!

  Facebook ආයතනය 2010දී ආරම්බ කරන ලද @facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය කොට ඇති බවටයි නිවේදනය වන්නේ. තම අඩවිය භාවිතාකරන්නන් හට වඩාත් පහසුවෙන් තොරතුරු හුවමාරුව සදහා සහය වන අරමුනින් අරබන ලද මෙම සේවාව වසර කිහිපයකින් අනතුරුවද එතරම්ම ජනංප්‍රිය අංගයක් නොවීම මෙම තීර්නයට හේතුවාක් බවටයි ඔවුන් පවසන්නේ. එලබෙන මාර්තුවේ සිට ක්‍රියාත්මක වන්නට නියමිත මෙම පියවර සදහා හේතුවන්නට ඇත්තේ සමාන්තර අනෙකුත් web-based email සේවාවන් සමග සැලකීමේදී එතරම් අංග මෙම සේවාව සමග නොවීම ලෙසට පෙනෙන්නට ඇති අතර ඒනිසාම භාවිතාකරන්නන් තුල එම බාවිතාවට ඇති අඩු පෙලබවීම සිදුවන්නට ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. එසේම mobile instant messaging වැනි විකල්පයන් සමග සැසදීමේදී මෙම භාවිතාව අඩු ජනංප්‍රියත්වයක් ලබන්නට ඇති බවටයි පිලි ගැනෙන්නේ. Facebook සමාගම මෑතකදී මිලදී ගන්නා ලද WhatsApp  වැනි පහසූන් සමග voice calls මට්ටමේ පවා තොරතුරු හුවමාරුවක් භාවිතාකරන්නන් වෙතට ගෙන එනු ඇති බවටයි බලාපොරොත්තු පල වෙමින් ඇත්තේ.

Office 2013 සදහා පලමු service pack නිකුතුව සිදුවේ...

 Microsoft සමාගම තම Office 2013 සදහා  වන පලමු  service pack නිකුතුව නිවේදනය කර සිටිනවා. එම නිකුතුව x86 හා x64 ලෙසට ලබා ගන්නට හැකිවන අතර භාවිතාකරන්නා ස්ථපනය සදහා තොරා ගන්නා ආකාරය අනූව 643 හෝ 774 MB  ලෙසට වනු ඇති බවටයි පවසන්නේ. පෙර දී සිදුවූ ආකාරයටම මෙම නිකුතුව Office සදහා පෙරදී සිදුවූ සියලු යාවත්කාලීන්ගෙන් සමන්විත වන අතර නව නිකුතුව සමග වැඩි දියනු කරන ලද ආරක්ශක හා මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වයන් භාවිතාකරන්නා වෙතට ගෙන විත් ඇති බවටයි නිවේදනය වන්නේ. පහත දක්වෙන සබදතා ඔස්සේ පිවිසීමෙන් එම නිකුතුවන්ගේ ඔබගේ භවිතාවෙමින් ඇති ස්ංස්කරනයට අදාල ගොනුව ලබා ගන්නට හැකි වනු ඇත.

2014-02-23

Windows 8.1 සදහා වන update 1 නිල ලෙසට නිවේදනය වේ!!!!

  Microsoft ආයතනය මේ වන විට windows 8.1 සදහා බලාපොරොත්තුවෙන් සිටින update 1 පැමිනීම නිල ලෙසට නිවේදනය කර සිටිනවා. එම ආයතනය මෙම නිකුතුව spring update ලෙසට නම් කරමින් එම නිවේදනය නිකුත්කර තිබෙනවා. වින්ඩෝස් 8.1 වෙතට පැමිනෙන වෙනස්කම් කිහිපයක් පිලිබදව මෙම යාවත්කාලීනය සම්බන්දයෙන් මේ වන විටත් තොරතුරු පැවසෙමින් ඇති අතර ඒ අතර Modern app සදහා title bar ඒකක් මෙන්ම Modern apps මෘදුකාංග task bar වෙතට pin කිරීමේ හැකියාව මෙන්ම  jumplist  පැමිනීම ආදිය වනවා. "this spring" වලදී නිකුතුවට සැරසෙන මෙම යාවත්කාලීනය keyboard & mouse භාවිතාකරන්නන් සදහා Modern apps වලට  වැඩි පහසුකම් ‍රැගෙන එනු ඇති බවටයි නිවේදනය වන්නේ. එසේම මෙම යවත්කාලීනය Windows Update ඔස්සේ ලබා ගන්නට හැකිවන බවටයි ආයතනය පවසා සිටින්නේ. මීට අමතරව Power හා Search icon සදහා දියුනු කිරීම් මෙන්ම තවත් අමතර පහසූන් කිහිපයක්ම වන බවට එම නිවේදනය පවසනවා.
                                     මෙම යාවත්කාලීනය සදහා අවශ්‍ය වන දෘඩාංග මට්ටම 1GB ‍රැම් බලයක් හා 16GB ගබඩා පහසුවක් ලෙසට පැවසෙන අතර අඩුමිලැති උපාංග නිෂ්පාදනය කරන්නන් සදහා මෙහෙයුම් පද්ධතියේ මිල අඩු කිරීම් ලෙසට 70% ක පහසුවක් මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර තිබෙනවා. අදාල නිකුතුවේ දිනය ඉශිරියේ නිවේදනය වන්නට නියමිත අතර එය බොහෝ විට එලබෙන අප්‍රේල් වලට යෙදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

හදුනා ගත් Flash player plugin දුර්වලතාවයට පිලිසකර නිකුත්වේ

  Adobe ආයතනය ගෙවී ගිය දින කිහිපයකට පෙර තමන්ගේ  Flash player plugin වල හදුනාගත් දුර්වලතාවයක් සදහා හෝරා කිහිපයක් තුලදී පිලිසකර නිකුත්කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වූවා. serious vulnerability මට්ටමේ එම හදුනා ගැනීම සයිබර් ආරක්ශක සමාගමක් විසින් හෙලිකිරීමෙන් අනතුරුව මෙම පිලිසකර වීම සිදුවූ බවටයි වාර්ථ වූවේ. එම ආයතනය මෙම හානිකර බව ප්‍රසිද්ධ කරමින් හෙලිකර සිටියේ  zero-day exploit ආකාරයේ මෙම හානිය පහර දෙන්නන් විසින් වෙබ් අඩවි කරා පැමිනෙන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව තිබූ බවයි. ඔවුන් එම පැමින්න්නන් code-injection සමග exploit serve වෙතට හරවා යවන්නට කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ.
                                     මෙම හානිකර බව Windows XP, Windows 7 , Java 1.6 හා Microsoft Office 2007 හෝ 2010 භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව ඇති බවත් විශේෂයෙන්ම යාවත්කාලීනයන් රහිතව මෙම භාවිතාවන් සිදුවන පරිගණක ඔවුනගේ පහසු ඉලක්කවෙමින් තිබු බවටත් පවසා සිටියා. Adobe ආයතනය එම යාවත්කාලීනයන් නිකුත් කරමින් පවසා සිටින්නේ Flash player භාවිතාකරන්නන් අතර automatic updates අක්‍රියකර ඇති භාවිතකරන්නන් තම අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවයි.

Google Play වල apps 12.3%ක්ම හානිකර සහිතයි!!!!-හැදෑරීම් වාර්ථාවක් පවසයි-

  Google වල ප්‍රධානතම විධායකයෙකු පවසා සිටියේ තම Google Play වල ඇති apps ඇපල්හි iOS apps වලට වඩා ආරක්ශිත බවින් වැඩි බවකි. එහෙත් හදාරන්නන් පිරිසක් වෙතින් පලවන නවතම වාර්ථාවකට අනූව පසුගිය දැවසර සැලකීමේදී Google Play store  වල වන හානිකර සහිත බව තීරනාත්මකව වැඩිවී ඇති බවකි සටහන් වන්නේ. ඔවුනගේ වාර්ථා හෙලි කරන්නේ 2011 වසර සැලකිමේදී Google Play store වල හානිකර සහිත apps 11000 හදුනා ගන්නට හැකිවූ අතර 2013 වාන් විට හැදෑරීමේදී එම ප්‍රමානය 42000 තරම් වන ලෙසට ඉහල ගොස් ඇති බවකි. එසේම ඔවුන් හෙලි කරන්නේ Google ආයතනයට මෙම හානිකරයන් ගෙන් 60%ක් 2011දී ඉවත්කරන්නට හැකි වුවද 2013 වන විට එම ප්‍රමානය 23% දක්වා අඩු ප්‍රථිශතයක් දක්වා වාන් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. එම වාර්ථාවට අනූව සමස්තයක් ලෙසට Google play වල වන apps වලින් 12.3 ක්ම හානිකර බව සහිත බවටයි හෙලි වන්නේ.

windows phone 8.1 සමග එන Cortana වාචික සහය අංගය

  වඩාත් පහසු හා නම්‍ය ලෙසට භාවිතාකරන්නා සමග කටයුතු කරන තොරතුරු උපාංගයක් සදහා ප්‍රධාන මට්ටමේ තොරතුරු උපාංග නිෂ්පාදකයින් අතර ඇත්තේ මහත් තරගයකි. Microsoft සමාගම තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය වන windows 8.1 සමග සමන්විතකර එවන්නට සූදානම් වන features අතර Cortana නම් personal digital assistant පිලිබදව තොරතුරු හෙලි වන්නට පටන් ගත්තේ එම යවත්කාලීනයේ development kit එකක නොනිලව ප්‍රසිද්ධවීමත් සමගය. තම තරගකාර සගයන් සමග එනම් iOS හා Android වෙතට තරගයක් ගෙනෙන්නට Microsoft සමාගම ගෙනෙන්නට සැලසුම් කොට ඇති අංග අතර එය ප්‍රධාන තැනක් ගෙන තිබේ. මෙම Cortana පහසුව සමග භාවිතාකරන්නෙකුට පහසුවෙන් වාචික ආකාරයට තම දුරකථනය සමග කටයුතු කරන්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කොට සිටින්නේ. Notebook feature එකක් ලෙසට හදුන්වන මෙම හැකියාවත් සමග අවසර ලබා දෙන මට්ටම දක්වා 
 දුරකථනයේ ඇති location data, behaviors, personal information, reminders හා contact information තොරතුරුද ඇසුරු කරමින් භාවිතාකරන්නා සමග වාචික ආකාරයට කටයුතු කරන්නට එය කටයුතු කරනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.
       නවතම තොරතුරු වලට අනූව පැවසෙන්නේ මෙම පහසුව මුලින්ම ඇමරිකාව තුල පමනක් භාවිතාවීමට ඉඩ ඇති බවට වූ තොරතුරු නිවැරදි නොවන බවයි. එනම් මෙම පහසුව එහි සම්පූර්න හැකියාව සමග භාශා 15කින් පමන පැමිනෙන්නට නියමිත බවයි. මෙම නිකුතුව එල බෙන අප්‍රේල් මාසයේදී  BUILD conference වල දී නිවේදනය වීමට නියමිත අතර හදාරන්නන් පවසන්නේ ඊට පෙර තවත් සිත්ගන්නා තොරතුරු රාශියක් ප්‍රසිද්ධියට පැමිනෙනු ඇති බවය.

2014-02-21

ෆේස්බුක් ස්වභාවය හා අපගේ අනිසි භාවිතාව

  තොරතුරු ලෝකයේ භවිතාව භෝ විට ගැටලු සහගත වන්නේ ඒවායේ මුල් ස්වභාවය නිසාම නොවීමද අපට මග හැරී ඇති සත්‍යකි. උදාහරනයක් ලෙසට ෆේස්බුක්හි ව්‍යාජ අනන්‍යතාවයක් නිර්මානය කිරීම එම අඩවිය හා කටයුතු කරන්නට පිවිසීමේ දීම එහි නීති හා රීති උල්ලංගනය කිරීමක් බව අප භාවිතාකරන්නන් ලෙසට එකගවන කාරනාවකි. එසේම ලොවම දැනගන්නවාට සම්පුර්නයෙන්ම අකමැති දෑ සීමිත පිරිසකට සීමාකර පවා පල කිරීම යම් තාක්ශනික ස්වභවයන් ඉදිරියේ එතරම් සාර්ථක පියවරක් නොවන බව හදාරනන් නැවත නැවත පවසන කාරනවකි.
              තවත් අර්ථයකදී ෆේස්බුක් යනු භාවිතාකරන්නන්ගේ සිතුම්පැතුම් හා භාවිතාවන් වෙළඳ දැන්වීම් කරුවන් වෙතට අලවි කිරීමෙන් විශාල ලාබ ලබන ආයතනයක් වීමද ලොව පුරා මහත් භාවිතාකරන්නන් හට නොමිළේ ලබා දෙන එකිනෙකා පහසුවෙන් හමුවන්නට තොරතුරු බෙදාගන්නට වන අවකශය ප්‍රතික්ශේප කරන්නට කාරනයක් කර ගැනීම නවීන ලෝකය ඉදිරියේදී එතරම් ප්‍රායෝගික කාරනාවක්ද නොවුනු ඇත. ලෝකය ඉදිරියේ මේතරම් විසල්ව විවර වන්නට අප සංස්කෘතිකව නොවැඩී ඇති රටක් ලෙසට වන අර්ථ දැක්වීම වැදගත් හදුනා ගැනීමක් හා අප ජයගත යුතු අභියෝගයක් විනා එයින්පලා යන්නට කාරනාවක් නොවනු ඇත. සමාජ ජලා වැනි භාවිතාවන් යක්ශයෙක් කර ගැනීම නොව සුව පහසුව සලසන අතවැසියෙක් කර ගැනීම අප විසින් අත්පත් කරගතුයුතු අභියෝගකි.

ඩොලර් 6950ක Android කොෆී ටේබලය

  Microsoft සමාගම තම Windows 8 සැලසුම් කරන විටදී එලබසිටි තක්සේරු අතර සාම්ප්‍රධායික පරිගණක මේසයෙන් මිදුනු භාවිතාවක අවශ්‍යතාවය මෙන්ම දවසේ නෙක අවස්ථාවල් වලට ගැලපෙන දෘඩාංග වෙනස ගැටලුවක් නොවී පහසුවෙන් තම කාරනා ඉ‍ටුකර ගෙන යාමේ හැකියාව භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය ලෙසට නිගමනය කල වියහැක.විටක එය පලඳනාවක් ලෙසට දෛනික ජීවිතයට සරලවන අතරම තවත් විටක තරමින් විශාල බහු භවිතාකරන්නන් පිරිසකට එක්ව භාවිතාකල හැකි ආකාරයට එය පැමිනීමේ අවශ්‍යතාවයද මේ වන විට ක්‍රමයෙන් තොරතුරු ලෝකය පිලි ගනිමින් තිබේ. පලවන නවතම තොරතුරක් පවසන්නේ 3M හා Ideum එක්ව යලිත් පරිගණක මේසයක් නිමවා ඇති බවකි.
                            එය 3.7GHz බලැති Core i7  ප්‍රොසෙසරයක් හා Blu-Ray combo drive එකකින් සමන්විතව 1080p display සමග පැමින ඇති අතර අඟල් 32 හා 46 ලෙසට ප්‍රමාන දෙකකින් වන බවටයි ප්‍රකාශ වන්නේ. එම 32 ප්‍රමානයේ පරිගණකය සමග එකවර touchpoints 40 ක් හා 46 මොඩලය සමග 60 touchpoints හැකියාවක් වන බවටයි නිවේදනය වන්නේ. එසේම මෙම 40 මොඩලය 500GB දෘඩතැටියකින් හා 16GB වන DDR3 RAM සම්න්විත බවට පවසන එම ආයතනය 32 මොඩලය එම හැකියාවන්ගෙන් භාගයක බැලැති බවටයි සටහන් වන්නේ. මෙම පරිගණක මේසයේ Android සංස්කරනයක් 2014 අවසානය වන වන විට වෙළඳ පොලට නිකුත්කරන්නට ඔවුන් බලාපොරොත්තුවන අතර එය Android 4.1 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විතව පැමිනෙනු ඇති බවටයි  නිවේදනය වන්නේ. ජල රෝධී නිමැවුමකින් පැමිනෙන එය Android apps සදහා සහය දක්වන ආයතනික මට්ටමේ භාවිතාවට වඩාත් ගැලපෙන ලෙසට නිමව පැමිනෙනු ඇති බවත් පවසා සිටිනවා.

2014-02-20

HTC වෙතින් smartwatch උපාංගයක් සූදානම් වෙමින් ඇති බවට

  HTC ආයතනයද පලඳින ආකාරයේ වන උපංග කිහිපයක්ම අත්හදා බලමින් සිටින බවට පසුගිය කාලය පුරාවටම නොනිල තොරතුරු පලවෙමින් තිබුන අතර මේ වන විට එවන් තොරතුරක් පිලිබදව වැඩි දුරටත් කරුනු හෙලි වෙමින් තිබෙනවා. එම නොනිල ආරන්චිය හෙලිකර සිටින්නේ HTC වෙතින් smartwatch උපාංගයක් ඉදිරියට යෙදී ඇති Mobile World Congress වලදී ඔවුනගේ ආයතනික සහකරුවන් වෙතට නිවේදනය වීමට නියමිත බවකි. Toq smartwatch ආකාරය මත ගොඩ නැගෙන මෙම නිකුතුව Qualcomm’s Mirasol ආකාරයේ ස්ක්‍රීනයකින් හා Bluetooth  සබඳතාවයකින් සහිතව පැමිනෙන අතර එහි  music player අතුලු HTC වෙතින් දියුනු කරන ලද අංග කිහිපයක්ම සමග වනු ඇති බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.
         මීට අමතරව HTC වෙතින් නිර්මානය වෙමින් ඇති bracelet ආකාරයේ අත් පලඳනාවක් පිලිබදවද තොරතුරු පැවසෙන අතර එයද music player මෙන්ම  සිහින් ස්පර්ශක ආකාරයේ තිරයකින්ද සමන්විත වන්නට නියමිත බවටයි සටහන් වන්නේ. මෙම නිකුතුව මූලිකව fitness features වලින් සමන්විත වන අතර එය එලබෙන හමුවේදී නිවේදනය වීමට ඉඩ නැති බවටයි බලාපොරොත්තුව වන්නේ. Samsung 2013 ඔක්තෝබරයේදී හදුන්වාදුන් Galaxy Gear smartwatch නිකුතුව එතරම් සාර්ථක බවක් අත්පත් කර නොගත් නමුත් ක්‍රමයෙන් වැඩෙමින් ඇති wearable devices වෙළඳ පොල තුල නව හඳුන්වාදීම් සදහාවන වෙනස් ප්‍රථිචාර පිලිබදව විචාරකයින් බලාපොරොත්තු පල කරමින් සිටිනවා.

Nokia ආයතනයෙන් smart phone සදහා location tracing උපාංගයක් Treasure Tag නමින්

 2013 කාලයේ පැතිර ගිය නොනිල නිවේදනයකින් පැවසුනේ Nokia ආයතනය smart phone සදහා  location tracing උපාංගයක් Treasure Tag නමින් නිපදවමින් සිටින බවකි. Nokia ආයතනය මේ වන විට තම නව  tracking product නිකුතුව පලමුව Windows Phone Lumia smartphones සදහා නිකුතුවට සූදානම් බවකි. එම ආයතනය පැහැදිලි කරන්නේ කුඩා matchbox-sized ප්‍රමානයේ මෙම උපාංගය NFC හෝ Bluetooth ඔස්සේ දුරකථනය සමග සම්බන්දවන්නට හැකිවන අතර භාවිතාකරන්නා එම උපාංග දෙකම සහිතව බැහැරවන්නේ නම් එය හඬ නගන්නට පටන් ගන්නා බවය. එසේම යම් ආකාරයකින් එම හඬ නැගීම  මග හැරුන හොත් Lumia සදහා වන  Windows Phone app එකක් සමග map සහයෙන් එය නැවත සොයා ගන්නට සහය වනු ඇති බවකි. මෙම Treasure Tags හතරක් එක Lumia දුරකථනයක් සමග සම්බන්ද කරන්නට හැකි අතර වැන හතරකින් තොරා ගෙන දෛනික ජීවිතයට වඩාත් අදාල වාහනයේ යතුර සමග නැතිනම් බැගය සමග වැනි ඒවා සමග සම්බන්ද කර තැබිය හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. nokia ආයතනය පවසන්නේ මෙම සහය සදහා  Lumia Black update සහිත විය යුතු අතර බාහිර app සහය ඔස්සේ iOS හා Android  උපාංග වෙතට සම්බන්ද වීමට හැකිවනු ඇති බවයි. මෙම උපාංගය එල බෙන අප්‍රේල් වලදී ඩොලර් 29.9 කට වෙළඳ පොල වෙතට නිකුත්කරන්නට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් සදහන් වුනේ.

Google තම Fiber ඔස්සේ වන 1 Gbps සබදතාවය තවත් නගර සදහා....

  Google ආයතනය ISP, TV හා phone service වෙතට පිවිසීම සිදුවූවේ 2012 නොවැම්බර් කාලයේදීය. පලමුව Kansas City සීමාවේ Fiber සබදතා ඔස්සේ තප්පරයකට ගිගා බයිට එකක සබදතාවයක් (downloads and uploads) ඇමරිකානු ඩෝලර් 70ක මාසික ගාස්තුවක් යටතේ ලබා දෙන්නට කටයුතු කරන ලදී. පලවන නවතම නිවේදනයක් පවසන්නේ Google ආයතනය මේ වන විට තම සේවාව එරට වෙනත් ප්‍රදේශ සදහාද ව්‍යාප්ත කරන්නට කටයුතු කරමින් සිටින බවකි. බොහෝ දුරට 2014 වසර තුලදී එම සේවාවන්  Provo, Utah and Austin, Texas වැනි නගර සදහාද ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි එහිදී සදහන් වන්නේ. ආයතනය පවසා සිටින්නේ තම සේවාව ව්‍යාප්ත කිරීම සදහා එම ප්‍රදේශවල භූපිහිටීම, ජන සංයුතිය පැතිර ඇති ආකාරය හා ඔවුනගේ අවශ්‍යතාව වැනි බොහෝ කරුනු ඔස්සේ තම හැදෑරීම් මේ වන විට සිදුවෙමින් පවතින බවයි. ඔවුන් පැහැදිලි කර සිටින්නේ ඉදිරි සැලසුම් වල නගර 9ක් (Portland, Oregon; San Jose, California; Salt Lake City, Utah; Phoenix, Arizona; San Antonio, Texas; Nashville, Tennessee; Atlanta, Georgia;  Charlotte හා  Raleigh-Durham, North Carolina ) ආවරනය විමට නියමිත බවයි.

පි‍ටුපස ද්විත්ව කැමරා සහිතව එන HTC මීලග නිකුතුව!!!!

  පි‍ටුපස ද්විත්ව කැමරා සහිත වීමෙන් ස්මාර්ට් දුරකථනයක් ගෙනෙන නවාංගය කුමක්ද යන්න තවමත් නොවිසදුනු ගැටලුවකි. සමහර විටක වඩාත් සුපැහැදිලි ඡායාරුවක් ගන්නට එය සහය වනවා වන්නට පුලුවන නැතිනම් අසිරිමත් මොහොතක් නිශ්චල රුවක් ලෙසට ඩැහැගන්නට වඩාත් නවීන නව ක්‍රම වේදයක් ගෙනෙනවා ඒය ගෙනෙනවා විය හැක. තවත් සමහර විටක කැමරා කාඡයක් ලෙසට වරදවා වටහා ගත් වෙනත් උපාංගයක්ද විය හැක. 
                            HTC වෙතින් මීලගට නිකුත්වන්නට නියමිත smart phone වල නොනිල තොරතුරු මේ වන විට අන්තර්ජාලයට පැමින තිබෙනවා. high end මට්ටමේ  Snapdragon ප්‍රොසෙසරයකින් සමන්විතව පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙම දුරකථනය පිලිබදව නිල නිවේදනය ඉදිරි මාසයේදී සිදුවනු ඇති බවට බලාපොරොත්තුවනවා. තවමත් පැහැදිලි නිල නාමයක් පිලිබදව තොරතුරක් නොමැති HTC ONE වලට පසුව වන මෙම නිකුතුව සදහා වන සංකේත නාමය M8 වනු ඇති බවට කියවෙන අතර එය මීට පෙර වූ HTC ONE වලට වඩා විශාල screen එකකින් සහිතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන වනවා.

2014-02-19

SkyDrive පහසුව OneDrive වීම දැන් ක්‍රියාත්මකයි!!!!

  Microsoft සමාගම තම භාවිතාකරන්නන් වෙතට තම ගොනු online අකාරයට ගබඩා කොට තබා ගන්නට ලබදෙන අවකාශය හදුන්වමින් තිබූ නාම Skydrive වල සිට OneDrive දක්වා වෙනස් කරන බවට ප්‍රකාශ කොට මේ වන විට  සති කිහිපයක් ගෙවී ගොසිනි. අද නිකුත්වන නවතම නිවේදනයක් පවසන්නේ අද දින සිට එම වෙනස් කිරීම ක්‍රියාත්මක කරන්නට යෙදෙන බවකි. මේ අනූව skydrive වෙතට පැමිනෙන භාවිතාකරන්නන් නව OneDrive අඩවිය වෙතට අද සිට directed වීමට නියමිත බවටයි ප්‍රකාශ වන්නේ. එසේම මේ සදහාවන onedrive app මෘදුකාංගය අද සිට iOS, Android, Windows Phoneහා  Windows 8.1 සදහා සූදානම් බවටත් ප්‍රකාශ වනවා.
           මෙම නව වෙනසත් සමග පැමිනෙන නව අංග කිහිපයක්ද වන බවට පැවසෙන අතර ඒවා නම් automatic camera backup නම් උපකරනයේ කැමරාවෙන් ලබා ගන්නා ඡායාරූ ස්වංක්‍රීයව OneDrive මතටද තැන්පත් වීමේ සෙවාව දැනට භාවිතාවන Windows හා iOS වලට අමතරව Android සදහාද විවෘත වීම මෙන්ම onedrive මත තැන්පත්ව ඇති වීඩියෝවක් ආපසු ලබා ගැනීමේදී උපකරනයට ඇති internet සබදතාවය සතු  bandwidth මත වෙනස් වීමේ හැකියාවද වන බවටත් තොරතුරු හෙලිවෙමින් පවතිනවා. ඉදිරි කාලයේදී onedrive කන්ඩායම විසින් නවාංග කිහිපයක්ම හදුන්වා දෙන්නට සැලසුම්ව ඇති බවටත් නොනිලව මේ වන විට පැවසෙනවා.
https://preview.onedrive.com/about/en-us/

Windows Phone 8.1 සමග එන්නට නියමිත නවාංග කිහිපයක් හෙලිවේ...

  Windows phone 8.1 දෙසට ඇත්තේ දැඩි අවධානයකි. මයික්‍රසොෆ්ට් සමාගම තම Phone OS එක වෙතට වැඩි අවධානයක් සදහා ‍රැගෙන එන නවාංග පිලිබදව බොහෝ පෙර නිගමන පලවෙමින් තිබින. මේ වන විට අන්තර්ජාලය වෙතට පැමිනෙමුන් තිබෙනු දක්නට හැකිය. එසේ පැමින ඇති නවතම තොරතුරු අතර එලබෙන windows phone යාවත්කාලීනය ‍රැගෙන එන නවාංගයක් ලෙසට Swype style කිබෝඩය දැක්වේ. භාවිතාකරන්නා හට පහසුවෙන් තම කීබෝඩය හසුරවා ලන්නට සහය වන මෙම අංගය සමග ඔහුට කීබෝඩය මත තම ඇගිලි තුඩ slide ආකාරයට මෙහෙය වමින් මීලග වචනය ලබාදීමේ හැකියාව ඇති අතර එය වඩාත් වේගවත්ව කීබෝඩය ඔස්සේ අකුරු කිරීමකට සහය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මීට අමතරව emoticons සටහන් සදහා වන පහසුවක් දැක්වෙන අතර උදාහරනයක් ලෙසට happy වැනි වදනක් සටහන් කරනවාත් සමග පහසුවෙන් භාවිතාකරන්නට ලැබෙන යෝජනා අතරින් තම ප්‍රකාශනය තොරා ගැනීමේ අවස්ථාව වන බවටයි සටහන් වන්නේ.
                සමස්ථයක් ලෙසට තවත් අංග කිහිපයක්ම සමග මෙම නිකුතුව වඩාත් ආකර්ශනීය වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇති අතර windoas phone 8.1 නැතිනම් Windows phone blue හෝ සමහර විටකදී windoas phone 9 ලෙසට නම්ව පැමිනීමේ ඉඩකඩ පිලිබදව අදහස් පලවෙමින් තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය මෙම නිකුතුව පිලිබදව නිල නිවේදනය කිරීම එලබෙන අප්‍රේල් වලට නියමිත BUILD හමුවේදී සිදුවනු ඇති බවට බලාපොරොත්තුවන අතර දැනට මෙහි SDK ය තොරාගත් developers අතට පත්ව ඇති බවටයි වාර්ථාවූවේ.

Fingerprint sensor සමග එන Samsung වල Galaxy s5

  Samsung ආයතනය තම මීලග smart phone නිකුතුව වන Galaxy s5 සමග  fingerprint sensor අංගයක පැමිනීමක් පිලිබදව නොනිල අරංචියක් පසුගිය දිනවල පැතිරෙමින් තිබුනු අතර මේ වන විට ඒ පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඒ වනූව Samsung ආයතනය තම  fingerprint sensor අංගය එම දුරකථනයේ  home button වෙතට embedded ආකාරයෙන් එවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එය Apple වල iPhone 5s අල ආකාරය ගනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. භාවිතාකරන්නා තම ඇගිල්ල මෙම sensor මත ඉහල සිට පහලට චලනය කිරීම තුල එම හඳුන ගැනීම සිදුවීමට නියමිත අතර moist හෝ wet ආකාරයේ ඇගිලිතුඩු සමග එය ක්‍රියා නොකරන අතර එවිට  error නිවේදනයක් නිකුත් වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙය real-time ආකාරයේ ක්‍රියාවලියක් ලෙසටත් ඔවුන් පැහැදිලි කර සිටිනවා.
                     මීට අමතරව දුරකථනය සමග වන භාවිතාකරන්නගේ අනන්‍යතාවය අවශ්‍ය කරන වෙනත් app සදහාද මෙම අංගය භාවිතාවට ඉඩ සැලසෙන අතර මෙසේ fingerprints අටක් දක්වා ඒයට මතක තබා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවටයි වාර්ථා වන්නේ. දුරකථනය සමන්විතව පැමිනෙන  Personal Folder හෝ Private Mode අවදිකරවා ගැනීමට PIN අංකය හෝ මෙම fingerprint භාවිතාකරන්නට හැකිවන අයුරින් පැමිනීම සිදුවනු ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ. මෙම ආකාරයේ  fingerprint sensor භාවිතාව මේ වන විටත් Apple හා HTC සමග නිකුත්ව ඇති අතර එතරම් කැපීපෙනෙන ආකර්ශයක් භාවිතාකරන්නන් වෙතින් දිනා ගෙන නොමැති බවට දැක්නට ලැබෙන අතර එලබෙන  ෆෙබරවාරි 23ට නියමිත මෙම Samsung නිකුතුවත් සමග එන sensor භාවිතාව ගෙනෙන වෙනස පිලිබදව විචාරක අවධානය යොමුව තිබෙනවා.

2014-02-18

Photoවක සැඟව එන Zeus banking ට්‍රෝජනය......

  Zeus නම්  banking trojan මෘදුකාංගයේ නව සංස්කරනයක් මේ වන විට භාවිතයට පිවිසෙමින් ඇති බවට හදාරන්නන් වෙතින් පලවෙමින් තිබෙනවා. digital photoවක සැගවෙමින්  පැමිනිය හැකි මෙම අනතුර steganography ලෙසටයි නම්කර සිටින්නේ. Zeus යනු වඩාත් හානිකර online ආකාරයේ බැංකු කටයුතු වලදී භාවිතාවන තොරතුරු සොරා ගන්නට මෙන්ම එම login තොරතුරු ඔස්සේ එම ගිනුම්වලට පිවිස රහසිගත ආකාරයට transfers කටයුතු දක්වා දිවෙන හානීන් කැදවිය හැකි මට්ටමේ එකක් ලෙසටයි පිලිගැනෙන්නේ. හානිකර මෘදුකාංග ලියන්නන් විසින් JPG image එකෙක් වෙතට ඇතුලුකරන  code එකක් ඔස්සේ පරිගණකයට පැමින සැගව සිට භාවිතාකරන්නා online ආකාරයේ බැංකු ගිනුම් කටයුත්තකට පිවිසෙන විට එම තොරතුරු ලබා ගන්නට කටයුතු කරන අතර ආරක්ශක මෘදුකාංග වෙතින් පහසුවෙන් මුවාවී පරිගණකයට පැමිනීමේ හැකියාවෙන් එයට ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. 
          මෙම හානිකරයන් සහිත ගොනු සාපේක්ශව ප්‍රමානයෙන් මදක් විශාල බවක් දක්වන බව පැවසෙන අතර හානිකරන්නන් Base64 encoding අකාරයට encrypted ව අනතුරුව RC4 හා XOR encryption  අකාරයටද එන්ක්‍රිප්ට් කර ඇති බව්ටයි එම හදාරන්නන් තොරතුරු හෙලිකර සිටින්නේ.

i Watch සමග භවිතාකරන්නන්ගේ health ගැන වැඩි අවධානයක් වේවි!!!!

  මෙම වසරේ තොරතුරු ලෝකයේ වඩාත්ම ආකර්ශනීය බලපොරොත්‍ටුවක්ව ඇත්තේ iWatch නිකුතුවයි. සියලුම පාහේ පරිගණක උපාංග නිපදවන්නන් අතර wearable technology සදහා වැඩි අවධානයක් යොමුව ඇති අතර ඇපල් ආයතනයේ ප්‍රධා විධායකය ගෙවුනු වසර අවසානයේ තම සේවක මහතුන් වෙතට නිකුත්කල e-Mail සටහන තුලද 2014 තම ආයතනයෙන් නිකුත්වන තීරනාත්මක wearable technology අඩංගු උපාංග පිලිබදව පැහැදිලිව ඉගියක් තිබෙන බවටයි විචාරකයින් සදහන් කලේ.
                පලවන නවතම තොරතුරු පවසන්නේ Apple ආයතනය මෙම Wearable technology සදහා heart attack පෙර නිගමනය කල හැකි ආකාරයේ තාක්ශනයක් මුසුකරන්නට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. audio division ප්‍රමුකව සිදුවෙමින් ඇති මෙම දියුනු කිරීම් වලදී wrist ඔස්සේ සිදුවන blood vessels වල හඬ හදුනා ගැනීම ඔස්සේ මෙම තාක්ශනය දියුනු කරමින් සිටින බවයි. iOS 9 සමගද වැඩි දියුනුකල සෞක්‍ය වෙතට වැඩි අවධානයක් ලබා දෙන නව app කිහිපයක්ම පැමිනෙන්නට සූදානම් බවට වූ ඉගියද මෙ බවට තවත් සාක්ශියකි. Apple ආයතනය iPhone 5s තුලට M7 motion co-processor ඇතුලුකිරීමත් සමග භාවිතාකරන්නන්ගේ චලනයන් පිලිබදව වඩාත් තොරතුරු ‍රැස් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවට බලාපොරොත්තුවන අතර Apple's engineering team වෙතට මෙම ක්ශේත්‍රයේ විද්වත්මට්ටමේ හදාරන්නන් කිහිපදෙනෙක්ම කැදවා තිබීමද මේ පිලිබදව වැඩි අනාවැකි පැමිනීමට හේතුවක්ව තිබෙනවා.හදාරන්නන් බලාපොරොත්තුවන්නේ මෙම වසර අවසානයේ iWatch පැමිනීම සිදුවනු ඇති බවයි.

2014-02-17

Nokia සමග Android මුසුවීම Nokia X නමින් එලබෙන සතියේ නිවේදනය වීමේ ඉඩක්????

 Nokiaආයතනය විසින්ද Android මූලික දුරකථනයක් නිකුත් කිරීමේ තොරතුර වඩාත් සනාත කරමින් මේ වන විට Nokia X හි වෙළඳ ප්‍රවර්ධනය සදහා යොදා ගන්නට සැලසුම්ව ඇති බවට විස්වාස කල හැකි image එකක් අන්තර්ජාල වෙතට පැමින  ඇති බවට වාර්ථා වෙනවා. මෙම සටහන අනූව Nokia X  හි logo වද දක්නට ලැබෙනවා. දැනට පලවී ඇති තොරතුරු පවසන්නේ මෙම Android දුරකථනය සදහා වෙනම UI එකක් භාවිතාවන්නට සැලසුම් ව ඇති අතර ඒය Google Play වැනි අමතර සර්වරයන් සදහා සම්බන්ද නොවන්නට නියමිතව ඇති බවටයි වාර්ථා වන්නේ. අඟල් හතරක ස්ක්‍රීනයක් සමග පැමිනෙන එය 1GHz Qualcomm Snapdragon ප්‍රොසෙසරයක්( dual-core)  සමග මෙගා බයිට 512ක ‍රැම් පතක් සමග පැමිනෙන්නට නියමිත බවටයි සැලවන්නේ. budget-priced smartphone එකක් ලෙසට සැලකෙනමෙම නිකුතුව පිලිබදව නිල නිවේදනය එලබෙන සතියට නියමිත සමුවකශී සිදුවනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා.

Smart Phone සදහා security app එකක් අවශ්‍යමද????

 සාමන්‍ය භාවිතාවේදී පිලි ගැනෙන කාරනාවක් වන්නේ ඔබ Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් Antivirus මෘදුකාංගයක් භාවිතාකිරීම අත්‍ය අවශ්‍ය වීමයි. ප්‍රධාන මෙහෙයුම් පද්ධති අතර බහුල භාවිතාවෙන් අඩු Apple නැතිනම් open source ආකාරයේ මෙහෙයුම් පද්ධති භාවිතාවේදී එම අත්‍යාවශ්‍යකම මදක් අඩුවන්නේ තව්ත් හේතුන්න් සමග උවත් ප්‍රධාන ලෙසට ඒඅවට ඇති අඩු භාවිතාව තුල Malware සටහන් කරුවන්නේ අඩු අවධානයක් එම මෙහෙයුම් පද්ධතිවල ලැබෙන නිසාය. smart phone භාවිතාවේදී තත්වය වෙනස් වන්නේ ඔබ Android සමග වන දුරකථනයක් භාවිතයේදී Security app එකක් භාවිතාකිරීම අවශ්‍ය වීම windows හෝ  Apple ආකාරයේ Smart Phone එකක් භාවිතයට වඩා ඉහලින් පැවතීමය. එහිදීද ලොව Smart Phone භාවිතාවේදී ඩැඩි ප්‍රථිශතයක් Android සදහා ලැබී තිබීම වැදගත් වන අතරම Windows හෝ Apple වල App ලබා ගැනීම සදහා ඇති app store වලට app නිර්මාන කරුවෙතු තම App මෘදුකාංගයක් ලබා දීමේදී ඒම් ආයතනය දෙසින් දැඩි කොන්දේසි වලට යටත් කොට තිබීම හා අනිවාර්යයෙන් ඔවුනුගේ විමසා බැලීමට යටත්ව ඒවා ලබ ගැනීම සිදුවන බැවිනි. Android app සදහා ලැබී ඇති මෙම නිදහස ඔස්සේ යහපත් නිර්මාන කරුවන් ගේ මෙන්ම හානිකර ක්‍රියකාරීත්වයන්ගෙන් යුත් App ඔවුනගේ app store වෙතට දැඩි පිරික්සීමකින් තොරව ලබා දෙන්නට හැකිවීම තවත් ප්‍රධාන හේතුවක් ලෙසට පිලිගැනේ. F secure වෙතින් නිකුත්වූ වාර්ථාවක් පැවසුවේ 2013 වසරේ අවසාන කාර්තුව සැලකීමේදී හමුවූ Mobile Malware වලින් 97%ක්ම Android ඉලක්ක කරගෙන නිපදවා තිබූ ඒවා ලෙසට සටහන් වීම මේ බව සදහා හොඳම උදාහරනයකි. මීට අමතරව පෙරකී Mobile OS දෙකෙහිම භාහිර App ධාවනයේදී SandBox නැතිනම් සැබෑ මෘදු පරිසරය තුලදී වෙනුවට ව්‍යාජව නිර්මානය වන මෘදු පරිසරයක් තුල ඒවා ධාවනය වන්නට සැලැස්වීම නිසා දුරකථනයේ සැබෑ මෘදුපරිසරයට ඉන් සිදුවිය හැකි හානිය අවමව තබාගන්නට හැකිවීමද වැදගත්වේ.
       සමස්තයක් ලෙසට සැලකීමේ දිනෙන් දින වැදගත් තීරනාත්මක මට්ටමේ මෘදු ක්‍රියාකාරීත්වයෙන් යුත් භාවිතාවන් සමග තම තොරතුරු දිවියට Smart Phone භාවිතය මැදිකර ගන්නා වර්ථමානයේ මේ කිනමාකාරයේ මෙහෙයුම් පද්ධතියක් සමග වුවත් Security app එකක් භාවිතාකිරීම වැදගත් වන අතරම ඒ සදහා මෙකී සියලුම app store වල Security app නොමිළේ මෙන්ම මිළඳී ගත යුතු මට්ටමේ ඒවා තිබීම සහයක් වනු ඇත.

මිනිස් කනට නෑසෙන හඬ ඔස්සේ පැමිනෙන හඬ අවසර පදය....

  Google ආයතනය විසින් අත්පත් කරගත් නවතම ආයතනයක තාක්ශනය ඔස්සේ භාවිතාකරන්නෙකුට වඩාත් සියුම් ලෙසට වෙබ් අඩවියකට ගොඩ වීමට අවශ්‍ය අවසර පදය හඬ ආකාරයට ලබාදීමේ හැකියාවක් ඉදිරියේදී බලපොරොත්තුවෙමින් තිබෙනවා.Israel-based සමාගමක් වූ එය SlickLogin නමින් දියුනු කල තාක්ශනයක් ඔස්සේ මෙම භාවිතාව ගෙනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ යම් අයෙකු අවසර පද ඔස්සේ ගොඩවිය යුතු වෙබ් අඩවියකට පිවිසීමට උත්සාහ කරද්දී එම වෙබ් අඩවිය සතුව SlickLogin ක්‍රමවේදය පවතින්නේනම් සිදුවන්නේ එම Laptop හෝ PC හි ස්පීකරය ඔස්සේ පැමිනෙන මිනිස් කනට හසුනොවන මට්ටමේ හඬ ගොනුවක් SlickLogin app සහිත ස්නාර්ට් දුරකථනයක් ඔස්සේ හදුනා ගන්නා අතර එම app ඔස්සේ නැවත පෙර කී Laptop හෝ PC වෙතට යැවෙන එම හඬ එම අඩවියට ආරක්ශිතව ගොඩ වැදීමට අවසර පදයක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. බොහෝ විට මෙම තාක්ශනය Google හි Android Servers වෙතට ලොග්වීම සදහා භාවිතාවට ගනු ඇති බවට බලපොරොත්තුව වනවා.

Lumia 1520 වලට Skirt එකක්ද විය හැක...

  Nokia ආයතනයේ  Lumia 1520 ස්මාර්ට් දුරකථනය වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය සමග වෙළඳපොලට පැමිනි සාර්ථකම නිපැයුමක් ලෙසට පිලිගැනෙනවා. අඟල් 6 ප්‍රමානයේ මෙම දුරකථනයට හුදු ස්මාර්ට් දුරකථනයක් ලෙසට පමනක් නොව සොඳුරු කාන්තාවකට තම ගත සරසන  skirt එකක ලෙසටද භාවිතාවීම හැකියාව පැවතින බව එය මුලින්ම සැලසුම් කල සැලසුම් කරුවන් හට සිහිනයකින් වත් සිතන්නට ඉඩක් නොතිබෙන්නට ඇත. Nokia ආයතනය Fyodor Golan නම් මොස්තර සැලසුම් කරුවන්ස් සමග එක්ව Lumiya 1520 දුරකථන 35ක් භාවිතාකරමින් නිර්මානය කරන මෙම Skirt විලාසිතාව London පැවත්වීමට නියමිත Fashion Week  සදහා ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවටයි නිවේදනය වන්නේ. මෙම දුරකථනය සතු  GPS features ඔස්සේ නිර්මානය වන එය විවිද කෝනවටට සෙලවීමේදී විවිධ වර්න ගැනීමේ හැකියාවක් සමග 3D මුද්‍රන හැකියාව හා Python සහ C# පරිගණක භාෂා ඔස්සේ සංවර්ධනය කරන ලද වැඩ සටහනක් මෙම විලාසිතාව වැර්ණ්වත් කර ගැනීමට යොදා ගෙන ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙම ඇඳුම් නිර්මානය එයට ඉදිරිපත් වන බොහෝ විලාසිතාවන් ලෙසටම අලවිය සඳහා ඉදිරිපත් නොකරන්නට නියමිතව ඇති බවටත් එම නිවේදනය පවසනවා.

2014-02-16

විචිත්‍රවත් Android අනාගතය

  වසර 2008 යනු Apple ආයතනය තම app storeවද හදුන්වාදුන් කාලයයි. ප්‍රථම Android ප්‍රධාන මොබයිල් භාවිතාව වෙළඳ පොල වෙතට පැමිනියේ ඒ වර්ෂයේ වූවාය. ඉතා අඩු පහසුකම් සහිතව පැමිනි එම මොබයිල් භාවිතාව සැකලීමේදී ගතවූ වසර පහ තුලදී Android මෙහෙයුම් පද්ධතිය අත්පත් කරගෙන ඇති දියුනුව ඉමහත්ය. අද Android යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාව බවට පත්ව හමාරය. එපමනකුදු නොව හෙට දවස පිලිබදව වැඩිම බලාපොරොත්තු තැබිය හැකි මොබයිල් මෙහෙයුම් පද්ධතිය බවටද පත්ව හමාරය. නොමිළේ භාවිතාකල හැකි නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය වෙගයෙන් වර්ධනය වෙමින් තිබීම බොහෝ මොබයිල් නිපදවන්නන්ගේ අවධානය නිරන්තරයෙන් හිමිකර ගැනීමට ප්‍රධාන සාධකයක්ව පවතී.
       හදාරන්නන් Android අනාගතය ප්‍රධාන අංගයන් කිහිපයක් ඔස්සේ පැහැදිලි කරන්නට තැත්කරනු දැකිය හැකිය. Google ආයතනය සතු Google Map හැකියාව එම මෙහෙයුම් පද්ධතිය සමග හොඳින් මුසුවෙමින් තිබීම ඉන් එකකි.calluler හා Wi-Fi මෙන්ම GPS වැනි භාවිතාවන් ඔස්සේ එක්වන තොරතුරු සමග එලබෙන කාලයේ භාවිතාකරන්නෙකුට පහසුවෙන් තම යනෙන මගතොර තොරතුරු පිලිබදව වඩාත් නිවැරදි හා වේගවත් තොරතුරු ගෙනෙන සගයෙක් වන්නට  Android පද්ධතියට ඇති හැකියාව ඉතා ඉහල මට්ටමක වන බවටයි ඔවුන් බලාපොරොත්තු පලකරන්නේ. තනි සේවාවක් නොව නෙක ආකාරය ගත් සේවා ජාලයක් ඔස්සේ පැමිනෙන දත්ත සමග මුසුව වඩාත් බුද්ධිමත් සහයක් භාවිතාකරන්නාහට සැලසීමට එයට හැකිවීම එම සාර්ථකත්වයේ පදනම වනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ. විටක ත්‍රිමානීය ආකාරයට පවා ඔබට යායුතු  මංමාවත් ගොඩනැගිලි ආදියේ තොරතුරු ගෙනෙමින් එයට දැක්විය හැකි සහය වඩාත් වර්නවත් කරන්නට Google+ ආදී ඔවුනගේ සමාජජාලා සහය මුහුවීම අපූර අත්දැකීමක් වනු ඇත.
                Android සමග එන්නට හැකි Messaging හැකියාව සමාන්තර අනෙකුත් සේවාවන් සමග සැලකීමේදී වඩාත් ඉහල මට්ටමක පවතින බවට හදාරන්නන් බලාපොරොත්තු පලකර සිටිනවා. Facebook , skype හා තවත්වන සේවා වන් සැලකීමේදී Google සතු හැකියාව මුසුවන Android සමග මොබයිල් ලෝකයට ගෙනෙන්නට හැකි Maessaging හැකියාව ඔස්සේ SMS, email, instant messaging මෙන්ම  video calling ආදී වන සියලු හැකියාවන් විහිදෙන බවටයි දක්නට ලැබෙන්නේ. එකනෙකට වෙනස් ස්වරූපයන් ගත් එම පනිවිඬ සේවාවන් ඔස්සේ අවශ්‍ය විටදී එකින් නෙකට මාරුවෙමින් පහසුවෙන් භාවිතාකරන්නෙකුට තම සබදතාවය ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නට හැකිවීමට ඉදිරියේ එනු ඇතැයි බලාපොරොත්තුවේ. තම Messaging භාවිතාව සදහා එක්වීම තාක්ශනය විසින් නොව භාවිතාකරන්නන් විසින් තීර්නය කරන්නට හැකිවන අනාගතයක් ඒය වනු ඇති බවට විස්වාසය පලවෙමින් තිබෙනවා.
              මොබයිල් සබදතාවයක් ඔස්සෙ එනු ඇති බවට අනාගත බලාපොරොත්තුවක් වන මුදල්  payments, transferring හැකියාවන් වඩාත් සියුම්ව හා නිවැරදිව ඉ‍ටුකර දෙන්නට Android පද්ධතිවල හැකියාව වඩාත් දියුනුවීමක් හදාරන්නන්ගේ තවත් බලාපොරොත්තුවක් වනවා. දියුනු  කරනලද Google වල  Authenticator app හැකියවන් සමග ඔබ පසුකරන එම ආයතනයේ මුදල් අයකැමි කුලුන ඔස්සේ ක්ශනයකින් එය සිදුවනු ඇති බවටයි චිත්‍රනය වෙමින් ඇත්තේ. Google වල අත්හදා බැලීමේ අදියරේ ඇති Google glass වැනි භාවිතාවන් සමග බුද්ධිමත් අතර මැදිවීමක් සමග පැමිනෙන අනාගත ඇන්ඩ්‍රොයිඩ් ලෝකය වඩාත් විචිත්‍රවත් එකක් වනු ඇත.

Windows Phone 8.1 ගැන වැඩිදුර තොරතුරු හෙලිවෙමින් ඇත.....

  මේ වන විට Windows phone 8.1 වල නොනිල තොරතුරු අන්තර්ජලය වෙතට විටින් විට විට ලැබෙමින් පවතිනවා. එසේ පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ start screen  මුහුනත භාවිතාකරන්නාට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකිවා නොහොත් background customization සමග මෙම නව සංස්කරනය පැමිනෙන්නට නියමිත බවකි. ඒත් සමග Start screen යේ පසුබිම සදහා මෙතෙල් ලැබුනු සුදු හෝ කලු වර්ර්නය පමනක් යොදා ගැනීමේ හැකියාව වෙනුරට භාවිතාකරන්නාට තම කැමති image එකක්  යෙදීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි හෙලි වන්නේ. එසේම ප්‍රමානයෙන් විදාල ස්ක්‍රීනයක් භාවිතාවන විටදී additional column එකක් ඔස්සේ වැඩි පුර Tiles එකතුකර ගැනීමේ හැකියාවත් මෙම නව නිකුතුව ඔස්සේ භාවිතාකරන්නා හට පැමිනෙනු ඇති බවයි. මීට අමතරව දැනටමත් පවතින හැකියාවන් වැඩි දියුනු කිරීම් කිහිපයක් ගැනද සදහන් වන අතර ඒවා අතර SD මතටද app  තබා ගැනීමේ හැකියව , ගොනූ වැඩිපුර වර්ග ප්‍රමානයක් සදහා සහය දැක්වීමේ හැකියාව , 'Action center' එක  notifications මතට පැමිනීම , Miracast නොහොත් screen එක තවත් screen එකක් වෙතට ‍රැහැන් රහිතව හෝ ‍රැහැන් ඔස්සේ ලබාදීමේ හැකියාව වනවා.

2014-02-15

Windows 7 සහිත පරිගනක වෙළඳ පොලට පැමිනීම ඔක්තෝබර 31 සිට අවසන් වේ

  Windows 7 සමග වන පරිගණකයක් මිළදී ගැනීමේ බලාපොරොත්තුවක් ඇති ඔබට ඒ සදහා ඔක්තෝබර 31 වනදාට පෙර  වෙලඳ පොල වෙතට යන්නට සිදුවනු ඇති බවටයි පලවන නවතම නිවේදයක් පවසා සිටින්නේ. මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට නිල ලෙසට නිවේදනය කර සිටින්නේ එලබෙන ඔක්තෝබර  31 දා යින් පසුව Widows 7  සහිත පරිගණක වෙළඳ පොල අවසන් වීමට නියමිත බවයි. ඒ අනූව Home Basic, Premium හා Ultimate යන වින්ඩෝස් 7 සංස්කරන සහිතව pre-installed ආකාරයේ පරිගණක වෙළඳ පොලට නිකුත්වීම අවසන්වීමට නියමිතව තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය Windows 7 මෙහෙයුම් පද්ධතිය stand alone ආකාරයට අලවිය මීට මාස හතරකට පෙර නිල ලෙසට අවසන් කරන බවට නිවේදනය කරනු ලැබුවා. කෙසේ වෙතත් තවමත් Windows 7 Professonal සංස්කරනය ස්ථාපිතව පරිගණක වෙළඳ පොල වෙතට පැමිනෙන අවසන් දිනයක් නිවේදනය කරන්නට ආයතනය කටයුතු කොට නැති අතර බොහෝ විට Windows XP සංස්කරනය සදහා සහය සැපයීම අවසන් වනවාත් සමගම Windows 8 වෙතට ගමන් කරන්නට අකමැති භාවිත කරන්නන් සදහා එම අවස්ථාව විවෘතව තබන්නට ආයතනය තීර්නය කිරීම එයට හේතුවක් වන්නට ඇති බවටයි විචාරක මතය වන්නේ.

2014-02-14

IE9 හා IE10 සදහා අනතුරු ඇගවේ!!!!

  Microsoft ආයතනය ගෙවී ගිය දිනයේ නිකුත්කල නිවේදනයකට අනූව IE9 හා IE10 වල දුර්වලතාවයක් ඔස්සේ පහර දෙන්නන් වෙතට පහසුවෙන් නිරවරනය වෙමින් ඇති බවට පවසා සිටියා. විටක පහර දෙන්නන් වෙතට බ්‍රවුසරයේ පාලනය ලබා ගත හැකි මට්ටමේ පහදීම් සදහාද මෙම දුර්වලතවයන් ඔස්සේ ඉඩ සැලසෙන බවටයි පැහැදිලි කර සිටියේ. වැඩියෙන්ම භාවිතාවන සංස්කරන දෙකක් වන IE9 , IE10 වෙතට එල්ල වී ඇති අනතුර හමුවේ ගනනය වන්නේ IE භාවිතාකරන්නන්ගෙන් තුනෙන් දෙකක් පමන භාවිතාකරන්නන් වෙතට මෙම අනතුරුදායක බව විවෘතව ඇති බවකි. එම නිවේදනයෙන් වැඩි දුරටත් පවසා සිටින්නේ IE11 වෙතට යාවත්කාලීන වීම වඩාත් ආරක්ශාකාරී වන අතර මේ වන විටත් හමුව ඇති ගැටලුව හදාරමින් ඇති බවකි. ආයතනයේ නිවේදනය ඔස්සේ සාමාන්‍ය පරිදි මීලග මයික්‍රසොෆ්ට් යාවත්කාලීන මාසික ගොනුව වන මාර්තු 11 ට පෙර ක්ශනික යවත්කාලීනයක් නිකුත්වීමේ සැලසුමක් හෙලි නොවන අතර විකල්ප බ්‍රවුසරයක් වෙතට පිවිසීම හැර වෙනත් විකල්පයක් භාවිතාකරන්නන් හට ඉතිරි නොවන්නේ තවමත් භාවිතාවෙමින් ඇති සමහර සංස්කරන සමග ඉහල බ්‍රවුසර සංස්කරන වෙතට යාවත්කාලීන වීම සදහා ඉඩ නොදෙන බැවිනි.

2028 දීද Bing ක්‍රියාත්මකයි!!-RoboCop පවසයි-

  Microsoft වල Bing සෙයුම් යන්ත්‍රය 2028 දීද භාවිතාවෙමින් තිබෙනු ඇති බවටයි classic sci-fi ආකාරයේ ක්‍රියාදාම චිත්‍රපටයක් වන RoboCop ඔස්සේ  prediction වන්නේ. ඇමරිකානු සිනමාහල් වලට නුදුරේදී පැමිනීමට නියමිත මෙම සිනමා පටය වර්ථමානයේ සිට වසර 14ක් ඉදිරියේදී Bing යාන්ත්‍රනය කුමනාඅකාරයේ භාවිතාවෙවිද යන්න නිර්මානාත්මක උපකල්පනයකට ලක් කොට තිබෙනවා. 3D holographic නිමැවුමක් ලෙසට නිර්මානය වන එම කාලයේ Bing සෙයුම් යන්ත්‍රය වෙතට සාමාන්‍ය ආකාරය අමතන්නට RoboCop හට හැකිවන බව පෙන්වන මෙම සිනමා පටය ඔස්සේ පවසන්නේ  හුදු සබඳතා පෙන්නුම් කෙරෙන ප්‍රථිපල පි‍ටුවකට වඩා පහසු ඉලක්කගත සෙයුම් සහයක් RoboCop වෙතට ගෙනෙන්නට එය සමත්වන බවයි.එසේම එම ප්‍රථිපල වඩාත් වේගයෙන් යාවත්කාලීන වූ ආකාරයේ වනු ඇති බවටයි නිරූපනය කරන්නේ. Microsoft ආයතනය සැබෑ ආකාරයේ නව දියුනු කිරීම් කිහිපයක්ම තම Bing යාන්ත්‍රනය වෙතට කටයුතු කරමින් සිටින බවටයි විටින් විට නිවේදනය වෙමින් ඇත්තේ.

LG වෙතින් එන G Pro 2 නව smart දුරකථනය

  Smartphone ලෝකය මහත්සේ වේගවත්ව වෙනස් වන්නකි. විටක නව තාක්ශනික අංගයක පැමිනීමකි. තවත් විටක විශාලතම තිරයක් නැතිනම් නවතම හැඩයක් පැමිනීමකි. පැමිනීම කුමක් වූවත් ඒවයේ පැමිනීමේ වේගවත් බවත් එකිනෙකින් වෙනස් වීමේ වේගවත් බවත් භාවිතකරන්නා නිරන්තරයෙන් අවදිව තබන්නට සමත් බවක් නම් පැහැදිව පෙන්වමින් සිටී. නවතම නිකුතුවක් වන්නේ LG ආයතනය නිවේදනය කර සිටින G Pro 2 දුරකථනයයි.Android KitKat 4.4  සමග එන මෙම දුරකථනය අඟල් 5.9ක ස්ක්‍රීනයකින් සමන්විතවන අතර වඩාත් සිහින් කැමරාව සමග ඉදිරි මුහුනතින් සියයට 77ක් තම ස්ක්‍රීනය සදහා ලබා ගන්නට සමත්ව තිබෙනවා. ear-piercing ආකාරයේ watt එකක speaker system සමග පෙර භාවිතාවන්ට වඩා 33% ක වැඩි හඩක් ගෙනෙන්නට සමත්ව තිබෙනවා. 2.26GHZ quad-core Snapdragon ප්‍රොසෙසරය සමග 3 GB RAM , මෙන්ම 13- megapixel කැමරාව සමග පැමිනෙන අතර එය 16හෝ 32 GB ලෙසට තොරා ගැනීමේ අවස්ථාව සමග වනවා. 2014 සදහා smartphone වලට නව ප්‍රමිතියක් ගෙනෙන්නට ක්‍රියාකර ඇති මෙම නිකුතුව සමග වන වඩාත් නවාංගයන් අතර “Knock Code” ලෙසට වන දියුනුකල ආරක්ශක තාක්ශනය වනවා. භාවිතාකරන්නෙකුට තම දුරකථනය unlock  කර ගැනීම සදහා pin number හෝ  pass code වෙනුවට series of taps යොදාගන්නට දියුනු කර ඇති algorithm හා  advanced hardware සමග හැකිව තිබෙනවා. එම පහසුව සමග Display එක on/off මොන මට්ටමක වූවත් තිරයමත ඔනෑම තැනකට යොදන දෙකේ සිට අට දක්වා වන knock pattern සමග එය අවදිකරවා ගැනීමේ හැකි වනවා. මෙම නව නිකුතුව එලබෙන පෙබරවාරි අවසානයේ දකුනු කොරියාවේදී නිකුත්වනු ඇති බවටයි දැනට බලාපොරොත්තුව වන්නේ

Windows 8 බලපත්‍ර අළවිය මිලියන 200යේ සීමාව ඉක්මවයි

  Microsoft ආයතනය පසු ගියදා පැවති ප්‍රසිද්ධ හමුවකදී පවසා සිටියේ තම Windows 8 මෙහෙයුම් පද්ධති බලපත්‍ර මිලියන 200ක් පමන අලවි කොට ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතියේ අළවිය පිලිබදව එතරම් ප්‍රසිද්ධියේ කථාකරන්නට නොපෙලබෙන අතර මෙම තොරතුරු නිකුතවට පෙර එවැනි තොරතුරු හෙලිදරව්වක් සිදුවූවේ 2012 මැයි මාසයේ දී පමනය. මෙම තොරතුරට අනූව දෛනික වින්ඩෝස් 8 බලපත්‍ර අලවියෙ වේගය 420000ක් ලෙසට ගනනය වේ. එසේමුත් මෙම අලවිය තවමත් වින්සෝස් 7 ඉක්මවන්නට අසමත්වී ඇති අතර වින්ඩෝස් 7 පලමු මාස 12 තුලදී ආසන්නව බලපත්‍ර මිලියන 240ක් අලවි කර තිබූ බවටයි වාර්ථා වූවේ. වින්ඩෝස් 8 සැලකීමේදී මිලියන 200යේ අලවි සීමාවට ලගා වන්නට මාස 15ක් ගත්ව ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් වෙනත් බාහිර වාර්ථා වලට අනූව ක්‍රමයෙන් වින්ඩෝස් 8 සමාජය වෙතට පිවිසෙමින් ඇති අතර භාවිතාකරන්නන් ඒ වෙතට පිවිසීම මදක් කෙමෙන් වූවද හොඳින් සිදුවෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. Microsoft සමාගම වින්ඩෝස් 8 සමග හදුන්වාදුන් වේගවත් යාවත්කාලීන නිකුතුවේ ක්‍රම වේදය යටතේ වින්ඩෝස් 8.1 මේ වන විටත් නිකුත්කොට ඇති අතර එලබෙන අප්‍රේල් වන විට වින්ඩෝස් 8.1 සදහා තවත් යාවත්කාලීන ගොනුවක් නිකුතුවට සූදානමින් සිටින බවටයි නොනිලව නිවේදනය වී ඇත්තේ.

2014-02-13

Firefox මතටද වෙළඳ දැන්වීම් පැමිනීම ඇරබේ

  Mozilla වෙතින් නිකුත්වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ Firefox බ්‍රවුසරය ඔස්සේ වෙළඳ දැන්වීම් පලවීම අරබා ඇති බවයි. ඔවුන් පැහැදිලි කර සිටින්නේ බ්‍රවුසරයේ New Tab පි‍ටුවෙහි  භාවිතාකරන්නා විසින් පිවිසීම් ඔස්සේ ඒවායේ හිස් Slots ඉඩකඩ ලබා ගන්නා තුරු මෙලෙස වෙළඳ දැන්වීම් දැක්වීම සිදුවනු ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම නවාංගය ඔස්සේ ආයතනය වෙතට ආදායමක් උපදනවාට අමතරව භාවිතාකරන්නා හටද වැදගත්විය හැකි වෙබ් අඩවි පිලිබදව දැනුවත්වීමක් සිදු වනු ඇති බවයි. එසේම මෙම දැන්වීම් පලවීම් සමග පැහැදිලිව  labelled කොට ඇති නිසා (adverts) භාවිතාකරන්නා අපහසුවට පත්වීමක් සිදු නොවුනු ඇති බවයි ඔවුන්ගේ බලපොරොත්තුව වන්නේ. මෙම නව භාවිතාව "Directory Tiles" ලෙසට නම් කරන ඔවුන් නව ස්ථාපනයක් සමග භාවිතාව අරබන බ්‍රවුසරය ක්‍රමයෙන් භාවිතාකරන්නාගේ වෙබ් සබදතා තොරතුරු වලින් පිරීයන විට ක්‍රමයෙන් මෙම වෙළඳ දැන්වීම් නොපෙනී යාම සිදුවන ආකාරයට ක්‍රියාත්මක බවටයි නිවේදනය කරන්නේ. එම ප්‍රකාශිකාව අවධාරනය කරමින් පැවසුවේ ආයතනයේ ලාභයට වඩා භාවිතාකරන්නාගේ පහසුව වෙතට ඇති ප්‍රමුකතාවයට තවමත් ගරුකරමින් මෙම නව අංගය පවත්වාගෙන යන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.

App ඔස්සේ තොරතුරු ‍රැස්කිරීම ගැන Bitdefender හැදෑරීමක්!!

  Bitdefender ආයතනය apps ඔස්සේ සිදුවෙමින් ඇතැයි කියවෙන භාවිතාකරන්නන්ගේ තොරතුරු අනවසරයෙන් ගබඩා කර ගැනීම පිලිබදව කරනලද නවතම හැදෑරීමක වාර්ථාවක් පවසන්නේ සාමන්‍යයෙන් පිලි ගැනෙමින් තිබුනාට වඩා වැඩි තොරතුරු ‍රැස්කිරීමකට එම app පෙලබ ඇති බවකි. Google play Store , Apples's app store ආශ්‍රිතව මෙම හැදෑරීම සිදුව ඇති අතර Android app වල තුනෙන් දෙකක ප්‍රමානයක් මෙන්ම iOS වල භාගයක් පමන වන app සමග ඔබ සිටිනා ස්ථානය වාර්ථාකර ගැනීමේ හැකියාව පවතින බවටයි ඔවුන් වාර්ථාකර සිටින්නේ. එසේම ඔවුන් හැදෑරීමට ලක්කල app දහස් ගනනක් අතරින් සැම විස්සකින් එක් app මෘදුකාංගයක් උපාංගයේ ඡායාරූ තැන්පත්ව ඇති ගොනුව වෙතට එබී බලන්නට කටයුතු කරන අතර සැම app තිහකට එකක් තරමට උපකරනයේ email ලිපින ගොනුවට එබී බලන්නට මෙන්ම සියයට එකක් පමන උපකරනයේ ඇති contact list වෙතට පිවිසෙන්නට කටයුතු කරන බවට හෙලි වනවා. උදහරනයක ලෙසට සැලකීමේදී උපකරනයේ ඇති ඡායාරූ සංස්කරන app එකක් සදහා උපකරනයේ ඡායාරූ ගොනුව පරිහරනයට අවසර තිබිය යුතු මුත් ඒවා විසින් තම සීමාව ඉක්මවමින් එම ඡායාරූ ස්ථාන තොරතුරු වැනි ඒවා පමනක් නොව දුරකථනයේ ඇමතුම් පිලිබදව තොරතුරු පවා ‍රැස්කිරීමට පෙලෙබෙන බවටයි එම හැදෑරීම් වාර්ථා පවසන්නේ.
   දැනට app storeව සමග දක්නට නොලැබෙන වැදගත් app මෘදුකංගයක් වන එම මෘදුකාංග ස්ථාපනයේදී ඔබ එකගවන එකගතා පිලිබදව අනතුරු අගවන්නට සමත් app සහයක් Google app store වෙතට එලබෙන මාස දෙක තුලදී පැමිනෙන්නට නියමිත අතර එම ආයතනය භාවිතාකරන්නන් වෙතට උපදෙස් දෙමින් පවසන්නේ එම මෘදුකාංග වෙතට ඔබ ලබා දෙන අවසරයන් පිලිබදව කල්පනාකාරී වීම වැදගත් වනු ඇති බවයි.බොහෝ විට එම app වලට අනවශ්‍ය මට්ටමේ තොරතුරු ‍රැස්කිරීමකට අවසර ඉල්ලීම් පිලිබදව අවධානයෙන් සිටීම ඔවුන් අවධාරනය කරනවා.එසේම සමහර විටක එසේ පලමු අවස්ථාවලදී අවසර ඉල්ලා නොසිට පසුව උපංක්‍රමශීලීව තොරතුරු ලබා ගන්නා app පිලිබදව සදහන් කරන ඔවුන් පවසන්නේ තවකෙකුට දකින්නට අකමැති ඡායාරූ ආදිය කිසිවිටකත් උපකරනයේ තැන්පත් නොකර සිටීම වඩාත් ආරක්ශාකාරී බවටයි උපදෙස් දෙන්නේ.
              app නිර්මානකරුවන්ද තම ආදායම ඉලක්ක කරගනිමින් අනවශ්‍ය වෙළඳ උපංක්‍රම වෙතට තම නිර්මාන විවෘතකිරීම මෙම තත්වයාට් හේතුවක් විය හැකි බවාට් සැලකෙන අතර විෂේශයෙන් Free මට්ටමේ App භාවිතයේදී වඩත් සැලකිලිමත්වීම වැදගත් වන බවටයි විචාරනය වන්නේ.

Fuse Labs වෙතින් එන NewsPad දැන් විවෘතයි!!!!

  Fuse Labs යනු මයික්‍රසොෆ්ට් ආයතනයේ පර්යේෂන මට්ටමින් නව අත්දැකීම් ගෙනෙන ව්‍යාපෘති හදුන්වා දීමේ දී ප්‍රමුක කාර්ය භාරයක් ඉ‍ටුකරන කන්ඩායමකි. Socl එසේ හදුන්වා දුන් සමාජ ජාලාවකි. මෙම සතියේ ඔවුන් වෙතින් නව හදුන්වාදීමක් නිවේදය වනවා. එනම් NewsPad ලෙසට  නම් වන online ආකාරයට බොහෝ පිරිසකට මැදිහත්ව වෙනස්කම් මෙන්ම නව එකතුකිරීම් සදහා ඉඩ සැලසෙන headlines, articles, imag , Links වලින් සමන්විතව තිබෙන නව අවකාශකි. ඔවුන් පැහැදිලි කරන්නේ වෘතිමය නොවන මට්ටමේ සමජ කොටස්වලට තම අදහස් පහසුවෙන් බෙදා ගන්නට ඒවා සංශෝදනය කරන්නට හැකියාවක් මෙම අවකාශය පහසුවෙන් ගෙනෙන බවයි. තොරතුරු ලෝකය වඩාත් නම්‍යව පෞද්ගලික මෙන්ම සමාජ ජීවිතය වෙතට ගෙනෙන්නට සහය වන මෙම නව අත්දැකීම සමග එක් වන්නට මේ වන විට ඔනෑම භාවිතාකරන්නෙකුට අවස්ථාව ඇති බවටයි Microsoft ආයතය මේ වන විට නිවේදනය කර සිටින්නේ.
http://newspad.at/

Windows මත Android app ධාවනය වන හෙට දවසක්!!!!

  Microsoft තම තරගකාර සගයා සමග එකගවීමේ නව ක්‍රම උපායකට එලබෙමින් ඇති බව පැතිරයන නවතම නොනිල තොරතුරක් වෙමින් ඇත. එනම් Android apps තම Windows හා Windows Phone වල ධාවනයට ඉඩ සැලසීමට ඇති හැකියාව මේ දිනවල හදාරමින් සිටින බවටයි. තොරතුරු ලොව ප්‍රකටතම මාධ්‍ය ආයතනයක් මේ බව හෙලි කරමින් පවසා සිටින්නේ Mayikrasoft වල විධායක මට්ටමේන් මේ පිලිබදව විමසෙමින් ඇති බවයි. විෂේශයින්ම එවැනි පියවරක් ඔස්සේ Microsoft වෙතට ලැබෙන වාසිදායක බව කොතරම්ද යන්න ඔවුනගේ වැඩිම අවධානයක් දිනා ගත් කරුනක් බවටයි එම ආයතනය හෙලිකර සිටින්නේ. ඔවුන් අතරින් කොටසක් Android app සදහා Windows හා Windows Phone Stores වල දොර විවර කිරීමට එකග වෙමින් ඇති අතර තවත් කොටසකගේ අදහස එවැනි පියවරක් Windows platform වල අවසානය ඇරබුමක් ලෙසට නම් කරමින් සිටින බවට හෙලිකර සිටිනවා.
                පසුගිය ජනවාරියේ Intel ආයතනය Dual OS කථිකාවක් තොරතුරු ලෝකයට ගෙනෙන්නට කටයුතු කල අතර ඔවුන් පැහැදිලි කර සිටියේ පරිගණක නිපදවන්නන් windows මෙන්ම Android මෙහෙයුම් පද්ධතිවලට සමාන්තරව එකම පරිගණකයක ධාවනයට ඉඩ දෙන ආකාරයේ නිපදවීම් වලට කාලය එලබ ඇති බවකි. කෙසේ වෙතත් BlueStacks වැනිබාහිර මෘදුකාංග සමග 2011 කාලයේ සිටම භාවිතාකරන්නෙකුට එකම උපාංගයේ එලෙස මෙහෙයුම් පද්ධති ධාවනයට ඉඩ සලසන්නට කටයුතු කොට තිබුනා. පසුගිය ජනවාරියේ AMD ආයතනයද එම මෘදුකාංගයේ ආධාරයෙන් ද්විත්ව මෙහෙයුම් පද්ධති ධාවනයට ඉඩ සැලසෙන පරිගණක උපාංග ගැන නිපද වීම පිලිබදව කථා බහකට එලබ තිබුනා. Nokia වෙතින්ද Nokia X නම් ව්‍යාපෘතියක් පිලිබදව නොනිල තොරතුරු හෙලිවුනු අතර එලබෙන Mobile World Congress press conference වලදී එවැනි උපාංගයක් පිලිබදව නිවේදනයක් සිදු වනු ඇති බවට අනුමානය  වෙමින් තිබෙනවා. කෙසේ නමුත් මේ පිලිබදව එකගතා මෙන්ම විරුද්ධ මතද එකසේ පලවෙමින් ඇති අතර Android වල all-inclusive platform ස්වභාවය ඔස්සේ මෙම පියවර අගයන්නට මෙන්ම කුඩා තිර ඉලක්ක කොටගෙන තැනෙන app ධාවනය ඉඩ සැලසීම තීරනාත්මක කඩා වැටීමක ආරම්භයක් ලෙසටත් තවත් කොටසක් තම අදහස් පලකරන්නට පෙලබ තිබෙනවා.

2014-02-12

Twitter සදහා Facebook-like profile redesign එකක්!!!!

  Twitter යනු micro මට්ට්මේ පලකිරීම් සදහා ඉඩ සලසන ලොව බහුල භාවිතාවක් ඇති වෙබ් අවකාශයකි. ප්‍රකට  මට්ටමේ පුදගලයන් මෙන්ම සිදුවීම් සමග මහත් කාර්යභාරයක් ඉ‍ටුකර ඇති මෙම සේවාවේ Twitter profile සදහා නව නිමැවුමක් මේ වන විට හඳුන්වා දෙමින් සිටින බවටයි තොරතුරු පලවෙමින් ඇත්තේ. මේ වන විට සීමිත භාවිතාකරන්නන් පිරිසක් අතර මුදා හැරෙමින් ඇති මෙම නව වෙනස්කම 'vertical timeline' ස්වභාවයක් ඇති Facebook පෙනුමට සමාන ආකාරයක් ගෙන ඇති බවටයි කියවෙන්නේ. වඩාත් සවිස්තර මුල් පි‍ටුව ඔස්සේ භාවිතාකරන්නාහට සිත්ගන්නා සුලු ආකාරයට පලකිරීම් සමග භාවිතාවිය හැකි ආකාරයට redesign ව ඇති මෙම පි‍ටුව ලා පැහැති වර්ණ යන්ගෙන් නිමැවී තිබෙනවා.තම තරගකාර සගයා Facebook වෙතින් නව හදුන්වාදීමක් වන  news reader app වැනි අනවාංග සමග තරග කරන්නට හැකිවන ලෙසට පැමිනිය යුතු වෙනස්කම් ලෙසට දැකිය හැකි මෙම වෙනස් කම සමග පසුගිය කාලයේ හදුන්වා දුන් desktop site නව මුහුනත ආදියට ලෙසට උනුසුම් පිලිගැනීමක් භාවිතාකරන්නන් වෙතින් පැමිනෙනු ඇති බවටයි විචාරක මතය වන්නේ.
https://twitter.com/siriwansa

Intel වෙතින් 15-core Xeon server chip පත පිලිබද වැඩි දුර තොරතුරු නිකුත්වේ!!!!!

  intel ආයතනය මේ වන විට පැමිනෙන්නට නියමිත තම 15-core Xeon server chip පිලිබදව වැඩි දුරටත් තොරතුරු හෙලිකර සිටිනවා. ඔවුන් පවසන්නේ එම චිප් පත සමග ට්‍රාන්සිස්ටර්ස් බිලියන 4.31ක් වන අතර මේ වන විට එය Ivytown නම් සංකේත නාමයෙන් හදුන්වන බවයි.එහි වේගය ගැන සදහන් කරන ඔවුන් පවසන්නේ එය 1.4GHz සිට 3.8GHz දක්වා වන බවයි. මෙම චිප් පත  Xeon E7 චිප් පත් පෙලෙහි අවසාන නිකුතුව වන අතර එලබෙන සතියේ එය නිල ලෙසට නිවේදය කරන්නට ඉඩ ඇති බවටයි සැල වෙමින් ඇත්තේ. අඩු බල වැයක් සමග වෙගවත් ක්‍රියා කාරීත්වයක් ‍රැගෙන එනු ඇති බවට අනාවැකි පලවන මෙම නිකුතුව  Ivy Bridge නම් ඉන්ටෙල් microarchitecture මත නිර්මානය වී ඇති බවට හෙලිවනවා. 15-core මට්ටමේ මෙම චිප් පත high-end computing tasks සදහා  සාර්ථක සහයක් ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තුවනවා. මෙම නිකුතුව 1.4GHz සිට 3.8GHz අතර ධාවනයක් ‍රැගෙන එන අතර  40 watts සිට 150 watts බල භාවිතාවක් අවශ්‍ය වන අතර සමාන්තරව 30 threads ක්‍රියාකාරකමක් ගෙනෙනු ඇති බවටත් සටහන් වෙනවා.

Windows XP සමග තවත් වැදගත් මෘදුකාංග සදහා සහය අවසන් වෙමින් ඇත....

  මයික්‍රසොෆ්ට් වෙතින් එලබෙන අප්‍රේල් 8 දායින් සහය අවසන් වන්නට ඇති වින්ඩොස්XP පමනක් නොව office 2003 හා Exchang 2003 ද වන බවට ප්‍රකාශ වනවා. ආයතනය පැහැදිලි කරන්නෙ මොන මෙහෙයුම් පද්ධතියක් සමග බාවිතා වෙමින් තිබුනද මෙම අනෙකුත් මෘදුකාංග දෙක සදහාද මෙදිනින් පසුව සහය අවසන් වීම සිදුවනු ඇති බවයි. විස්ටා මෙන්ම , අමතර වැය , කාලය වැනි සාධක බොහොමයක් නිසාම වින්ඩොස් XP මෙන්ම Office 2003 වල සිට Office 2007 දක්වා upgrade නොවීම සිදුව ඇති බවටයි ආයතනය පැහැදිලි කරන්නේ. සමහර විටක තීර්න ගන්නන් මෘදුකාංගයක නව සංස්කරනයක් සදහා පැමිනීමට ආරක්ශාව , ක්‍රියාකාරීත්වය , නවාංග ආදී සාධක අමතක කිරීම හුදු වෙළඳමය උපාංක්‍රමයක් ලෙසට පමනක් ගැනීම සාර්ථක තීර්නයක් නොවනු ඇති බවටයි විචාරක මතය වන්නේ.
              කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තව දුරටත් Office 2003 භාවිතාවට අවශ්‍ය වන්නන් සදහා ගත හැකි ආරක්ශක උපංක්‍රම අතර default මට්ටමින් macros නතර කොට දැමීම වැදගත් වනු ඇති බවටයි. මයික්‍රසොෆ්ට් සමාගම office 2003 හා Office 2010 නිකුත්කිරීම අවසන් කොට ඇති මුත් සමහර online retailers සමග 2010 සංස්කරනය ඇති අතර ඩොලර් 100 - 840 අතර මිලකට ගත හැකිව තිබෙනවා. එපමනක් නොව හදාරන්නන් විකල්ප යෝජනාකරන්නටද කටයුතු කරනවා. OpenOffice මෙන්ම LibreOffice වැනි සාර්ථක මට්ටමේ නොමිළේ භාවිතාකල හැකි  විවෘත මෘදුකාංග පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ආයතනික මට්ටමේදී බොහෝ විට Windows XP හා Office 2003 මෙන්ම Exchange Server 2003 භාවිතාවීම සිදුවන අතර 2015 ජුලි 15 මයික්‍රසොෆ්ට් වෙතින් ඒ සදහාද නිල සහය අවසන්වීමට නියමිත බවත් පැවසෙන අතර Office for Mac 2011 Service Pack 2 (SP2) සදහාද සහය අවසන් වීමත් අප්‍රේල්8ට යෙදී ඇති නිසා  Service Pack 3 ලබා ගැනීම එම භාවිතාකරන්නන් සදහාද වැදගත් වනු ඇති බවටයි මතක්කර සිටින්නේ.

2014-02-11

අඩුම තරමින් Facebook ගිනුම් මිලියන 67ක් වත් ව්‍යාජ ඒවායි!!!!

  සමාජ ජාලා භාවිතාව ලෝකයට ප්‍රායෝගිකව හදුන්වා දෙන්නට පුරෝගාමියා ලෙසට පිලිගැනෙන Facebook වෙතින් පසුගිය සතියේ නිකුත්වන වාර්ථාවක් පවසන්නේ ගෙවී ගිය වසරේ දෙසැම්බර් වන විට තම අඩවිය සතුව දෛනික භාවිතාකරන්නන් ප්‍රමානය මිලියන 757ක් ලෙසට ගනනය වන බවයි. වසරින් වසර සැලකීමේදී එම ප්‍රමානය ඉහලයාම සියයට 22ක තිබෙන බවටයි වැඩි දුරටත් එහි දැක්වෙන්නේ. එසේමුත් ඔවුනගේ තවත් තොරතුරු නිකුතුවක් වන  earnings repor වලට අනූව පැවසෙන්නේ බිලියන 1.3ක දෛනික භාවිතාකරන්නන් පිරිසක් තමන් සතුව සිටින බවයි. එසේම එම වාර්ථාවට අනූව මිලියන 945ක් Mobile මට්ටමේ භාවිතාකරන්නන් බවටත් පවසන්නට ඔවුන් කටයුතු කර තිබුනා. හදාරන්නන් මෙම වාර්ථා උපුටා දක්වමින් පවසන්නේ ෆේස්බුක් ආයතනය තමන්ගේ සැබෑ භාවිතාකරන්නන් ප්‍රමනය හෙලිනොකරන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ මුත් Facebook ආයතනයේම පලකිරීම්වලට අනූව මෙම මාසික සංක්‍රිය භාවිතාකරන්නන් අතරින් 4.3% - 7.9%ක් එක් ගිනුමකට වඩා තම අඩවිය තුල පවත්වාගෙන යන්නන් බවට පවසා සිටිනවා.එසේම මෙම ප්‍රමානය අතරින් 0.8-2.1% ප්‍රමානයක්  misclassified ආකාරේ එවා වන බවට දක්වන අතරම Facebook වල  terms of services උල්ලංගනය කරමින් spam යැවීමට නැතිනම් malicious links හෝ හානිකර content සහිත ඒවා බවටත් පවසා සිටිනවා.සමස්තයක් ලෙසට Facebook වල පවතින ගිනුම් වලින් 5.5% සිට 11.2%ක් අතර ප්‍රමානයක් වය්‍යාජ ගිනුම් ලෙසට ගැනෙනවා.

Android සදහා සැකසහිත Applications මිලියන 10 -Kaspersky පවසයි-

  Kaspersky නිකුත්කරන අලුත්ම වාර්ථවක් පවසන්නේ තමන් සැකසහිත Android applications හදුනා ගෙන ඇති බවකි. mobile operating system එකක ලෙසට ලොව ජනංප්‍රියතම භාවිතව වන එය 2013 වසරේ smartphone නිකුතුවෙන් සියයට 80ක්ම සමග භාවිතාකරන්නන් අතට පත්වූ බවටයි සටහන් වන්නේ. එම බහුල භාවිතාවක් සමගම සයිබර් අපරාධ කරුවන්ගේද දැඩි අවධානය දිනාගෙන ඇති මෙම මෙහෙයුම් පද්ධතිය mobile malware වලින් සියයට 98කම ඉලක්කය වී ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. ඔවුන්ගේ පැහැදිලි කිරීම් අවධාරනය කරන්නේ  third-party app stores මෙන්ම මෙහෙයුම් පද්ධතියේ ගොඩනැගීමේ සිටම ඇති විවෘත භාවය මේතරම් හානිකරයන් ප්‍රමානයකට එය මුහුන දීමට ප්‍රධානතම හේතුන් බවයි. එසේම මෑත අනාගතය තුල මෙම අනතුරුදායක බව අඩුවීමේ ප්‍රවනතාවයක් දැකිය නොහැකි වනු ඇති බවටත් අනවැකි පලකරමින් සිටිනවා. තත්වය පාලනය කරගන්නට භාවිතාකරන්නන් වෙත උපදෙස් සපයමින් එම ආයතනය පවසා සිටින්නේ තම ඇන්ඩ්‍රොයිඩ් උපකරන වෙතට  "developer mode" මට්ටමේ applications සක්‍රියනොකර ගැනීමත්, third-party sources ස්ථාපනය කර ගැනීමේ දී දැඩි අවධානාත්මක වීමත්, legitimate මට්ටමේ app ස්ථපනයේදී පවා ඒවා උපකරනයේ වෙනත් භාවිතාවන් පරිහරනයට ඉල්ලා සිටින rights පිලිබදවත් අවධානයෙන් සිටීම වැදගත් බවයි.

Bitcoins වල වටිනාකම් Bing ඔස්සේ පහසුවෙන් දැනගන්නට හැකිය!!!!

 Bitcoins භාවිතයට පැමිනෙන්නට ඇති තවත් අපූර්ව ඩිජිටල් භාවිතාවකි. විටක එය ගැටලු සහිත ප්‍රතික්ෂේප කිරීම් වලට මෙන්ම සාදරයෙන් පිලි ගැනීම් වලට ලක්වෙමින් කෙමෙන් virtual මෙන්ම real ලෝකය තුල ඉදිරියට පැමිනෙමින් තිබෙන්නෙකි. අද මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනයකර සිටින්නේ Bing ඔස්සේ ලොව රටවල් 50කට අධික මිදල් භාවිතාවන්ට සාපේක්ශව Bitcoins වල වටිනාකම් දැනගැනීමේ හැකියාව ලබාදී ඇති බවකි. ඔවුන් Bitcoins වල digital wallet සදහා Coinbase ලෙසට භාවිතාකිරීමද සිදුකොට තිබෙනවා. එම වටිනාකම් දැක්වීම් අතර U.S. dollars, U.K. pounds, euros ආදී ප්‍රධාන පෙලේ මුදල් භාවිතාවන්ද ඇති අතර තවම මයික්‍රසොෆ්ට් ආයතනය තම Microsoft Store වැනි අඩවි වලින් කරන මිලදී ගැනීම් සදහා Bitcoins භාවිතය විවෘත බවට නිවේදය කර නොමැත. මේ පිලිබදව මයික්‍රසොෆ්ට් වෙතින් සිදුවූ විමසීමක් සදහා ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිට ඇත්තේ තවමත් ආයතනය මෙම භාවිතාව පිලිබදව කරුනු හදාරමින් ඇති බවකි. තවත් අවස්ථාවකදී මයික්‍රසොෆ්ට් සම නිර්මාතෘ Bill Gates මහතා පවසා සිටින්නේ ඉදිරි වසර  පහ තුල digital currency භාවිතයට පැමිනීම සිදුවිය යුත්තක් බවත් ඒවා ඉන්දියානු  සහ සමහර අප්‍රිකානු රටවල භාවිතයට පැමිනීම බලපොරොත්තු විය හැකි බවත්ය.  එසේම එම මහතා සදහන් කරන්නේ හුවමාරුව සදහා එහි ඇති පහසු බව එවැනි රටවල්දී වඩාත් ප්‍රායෝගික වනු ඇති බවකි.

අවසානයේ නීතියද Google Glass අත්හදා බලන්නට තීර්නය කරයි!!!!

  Google Glass ආන්දෝලනාත්මක භාවිතාවකට පැමිනෙමින් ඇති බවට නෙක දිසාවන්ගෙන් තොරතුරු හෙලි වෙමින් ඇත. විටක ප්‍රකට පෙලේ අවන්හලකදී එහි පාලකයන් විසින් තහනම් කරන බවට පවසයි. තවත් විටක පොලිස් නිලධාරියෙකු Google Glass පැලඳ රියක් පැදවීයයි කාන්තාවකට දඩුවම් කොලයක් ලබා දෙයි. තවත් විටක සිනමාහලක පාලකයන් Google Glass පැලඳි අයෙන් අනවසර පටිගත කිරීමකට සැක සහිත යැයි පවසමින් ප්‍රේක්ශකයෙකු සිනමා හලින් පිටතට ගෙන සොයා බලන්නට ක්‍රියා කරයි. පලවන් නවතම තොරතුරක් පවසන්නේ New York Police දෙපාර්තමේන්තුව නීතිය සු‍රැකීම සදහා Google Glass වෙතින් ලබා ගත හැකි සහය විමස බලන්නට තීර්න්ය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ සිදුවීමක් පහසුවෙන් video කිරීම ඔස්සේ එය හා සම්බන්දිත පුද්ගලයන් පිලිබදව තොරතුරු ලබා ගන්නට එය සහවන ආකාරය පිලිබදව තම අවධානය යොමුව ඇති බවකි. විශේෂයෙන් Google Glass වෙතට මෑතකදී හඳුන්වාදුන් නව app නිකුතුව කෙරෙහි වැඩි අවධානයක් ඇති බවටයි තොරතුරු හෙලි කරන්නේ. ඔවුන් වැඩි දුරටත් හෙලි කරන්නේ එම app සහය සමග ඡායාරූගතවන අයෙකුගේ සමාජජාලා ආශ්‍රිතව වන තොරතුරු ආදිය පහසුවෙන් ‍රැස්කරගනට හැකිවන බවයි. අත්හදාබැලීම සාර්ථවන්නේ නම් ඔවුන් විසින් මීට සමාන app ගොඩ නැගීමක් ඔස්සේ නිතිය හා සාමය සු‍රැකීමට Google Glass සහය ලබා ගැනීමට එලබෙනු ඇති බවටයි වාර්ථාවන්නේ.
             Google ආයතනය පවසා සිටින්නේ තමන් වෙතට ඔවුන් Google Glass අත්හදා බලන්නෙකු මට්ටමින් ලියාපදිංචි වී ඇති බවත් ඩොලර් 1500ක් යටතේ සාමන්‍ය පරිදී එය සිදුවෙමින් පවතින බවයි. මෙතෙක් ඒ පිලිබදව වැඩි දුර සහයෝගකින් කටයුතු කිරීමක් නැති බවත් ඔවුන් ගේ අත්හද බැලීම් සාර්ථවීමක් ඔස්සේ අවශ්‍ය වන්නේ නම් ඉදිරියේදී වැඩි දුරටත් කටයුතු කරන්නට තමන් සූදානම් වන බවකි.

2014-02-09

Update 1 සමග වින්8.1 වඩ වඩාත් ඩෙස්ටොප් දෙසටද චලනය වන බවක්!!!!

  Windows 8.1 සදහා නිකුත්වීමට නියමිත Update 1 නිකුතුවේ නොනිල සංස්කරනයක් මේ වන විට අන්තර්ජාලය වෙතට නිකුත්ව ඇති අතර භාවිතාකරන්නන් හට පැමිනෙන්නට නියමිත වෙනස්කම් පිලිබදව අත්දැකීමක් ලබා ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. දැනට දැන්වෙන ආකාරයට  මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 සමග Modern Screen මූලික  ස්වභාවය මදක් ලිහිල් කරමින් Mouse, Keyboard මූලික සාම්ප්‍රධයික  ඩෙස්ටොප් එක සමගත් පහසුවෙන් මෙහෙයුම් පද්ධතිය හැසිරවීමේ හැකියාව ලබා දෙන්නට කට‍ටුතු කරමින් සිටින බවටයි කරුනු පැහැදිලි වෙමින් ඇත්තේ. සමහර සරල වෙනස්කම් සමග පවා වින්ඩෝස් 8 පිලිබදව අවධානය භාවිතාකරන්නන් ගෙන් අහිමිවන්නට හේතුවූ ආකාරය අත් දැක ඇති මොහොතක නැවත පැමිනෙන සරල භාවිතාවන් පවා සැදගත් වනු ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. දැනට පැමින ඇති සංස්කරනය සමග  Modern app එකක Taskbar වල link icon එකක ලෙසට රදවන්නට හැකිවන ව පමනක් නොව එම app ක්‍රියාකාරීත්වයේ පැරනි ක්‍රියාකාරකම් වෙතට පහසුවෙන් පිවිසෙන්නට  එය මත Right click කොට Jumplist වෙතට පිවිසෙන්නටත් හැකිව ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ. එසේම  Xbox Music වැනි app එකක් Taskbar මත ඇති විටදී අවශ්‍ය විටදී pop up ලෙසට කර්සරය hovering ඔස්සේ media control හැකියාවද පෙන්වමින් තිබෙනවා. මෙම සංස්කරනය සමග පෙනෙන තවත් වැදගත් භාවිතාවක් වන්නේ Full screen ලෙසට ක්‍රියාත්මකවෙමින් ඇති Modern app භාවිතාවකදී පවා කර්සරය screenවල පහල කෙරවල වෙතට ගෙන යන විට අවදිවන Taskbar ද දැක්විය හැකියි. එලබෙන නව සංස්කරනය සමග  වින්ඩෝස් 8 සමග කෙමෙන් ඉවත්වෙතැයි බලාපොරොත්තුවූ පැරනි ඩෙස්ටොප් භාවිතාව දෙසට නැවත අවධානය යොමු කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කරමින් සිටීම වින්ඩොස් 8  වෙතින් ඉවත්වය ගිය භාවිතාකරන්නන්ගේ අවධානය නැවත ලබා ගන්නට හැකි වනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තුව වන්නේ.

Wearable උපකරන මතට A.I. ලේයරයේ පැමිනීම!!!!

 Google Glass වෙතට පසුගියදා හදුන්වාදුන් නව app මෘදුකාංගයක් විය. එය Wearable උපකරන සමග  වඩ වඩාත්  සංකීර්න වෙමින් ඇති දත්ත එකතුව සමග ක්‍රියා කරමින් ඒ මතට නව මානයක් ‍රැගෙන එන්නට සහයවන පැමිනීමක් හැටියටයි සදහන් වන්නේ. Wearable පරිගණක සමග ඔබගේ දෛනික ජීවිතය පිලිබදව අභ්‍යන්තරිකව මෙන්ම බාහිරව අපමනක් තොරතුරු ‍රැස්වෙමින් ඇත. බාහිරව සැලකීමේදී එම උපකරනය පැලඳ යන එන , කරන, කියන , හමුවන දහසකුත් දෑ තොරතුරු හැටියට ගබඩා වෙමින් තිබුනද ඒවා නිසි ලෙසට අවශ්‍ය විටකදී වැදගත් තොරතුරක් ලෙසට නැවත පැමිනීමට යාන්ත්‍රනයක් වීමය. සරලව පවසන්නේ නම් බුද්ධිමය මැදිහත්වීමක් පැමිනීමය. ගබඩා වන අපමනක් තොරතුරු විමසමින් අවශ්‍ය විටකදී ඒවා නැවත ලබාදෙන්නට මෙන්ම එම තොරතුරු වලට අදාල වැදගත් තොරතුරු අන්තර්ජාලය වැනි තවත් තොරතුරු ගබඩා ඔස්සේ විමසමින් තම භාවිතාකරන්නාට අවශය විටකදී ලබා දීමය. උදාහරනයක් ලෙසට මග තොටදී හමුවූවෙකු නැවත හමුවන්නට අවශ්‍ය විටකදී ඔහු පිලිබදව වැඩි දුර තොරතුරු ඔබට සපයන්නට සූදානම්ව සිටීමය. නැතිනම් නුදුරු දිනක ඔබ සම්මුකපර්යේක්ෂනයට යාමට පෙර එහි හමුවන ප්‍රධානියාගේ Blog අඩවිය විමසමින් ඔහුගේ අදහස් උදහස් ගැන ඔබව දැනුවත් කිරීමට ක්‍රියා කිරීමය.
                              Refresh ලෙසට නම්ව පැමින ඇති එම app සහය පැහැදිලි කරන්නේ පලදින තොරතුරු උපකරන වල මීලග වැදගත්ම වූ හැරවුමකි. එය ඔබව හදාරමින් ඔබගේ අතීත හැසිරීම් ඔස්සේ ඔබව "ඉගනගන්නවා" ඇත. ඒම දැනුම ඔස්සේ ඔබගේ මීලග කාර්යයට අවශ්‍ය දැනුවත්කිරීමට පැමිනීම එනම් artificial intelligence ලේයරය උපාංගය මතට පැමිනීමය. කාර්ය බහුල ජීවිතයේ ඔබගේ මීලට යෙදී ඇති කාර්යය කාලසටහන අනූව පවසන්නට පමනක් නොව අවශ්‍ය වන අමතර තොරතුරු අන්තර්ජාලය ඔස්සේ විමසා ලබාදෙන්නට මෙන්ම අඩපනව  ඇති ඩෙස්ටොප් පරිගණකයේ සුලු අලුත් වැඩියාවක් සදහා එය පැහැදිලි කරදෙන වීඩියෝවක් සූදානම්කර තබා ගනිමින් තව දුරටත් එය හුදු උපකරනයක් පමනක්ම නොව සුහඳ සහයකයෙකුවීම සදහා සුදුසු තරමට තමා හැදීවැඩී ඇති බව කියාපානා පෙර සලකුනක් වෙමින් ඇත.
https://app.refresh.io/external/glass/main/main.html

2014-02-08

ස්වංක්‍රීයව විනාශවිය හැකි දත්ත උපකරන අත්හදාබැලෙමින් ඇත!!!!

  තොරතුරු සතුරා අතට පත්වීම මහත් හානිකර විය හැක. ඇමරිකානු ආරක්ශක අංශ වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතියක් යටතේ IBM ආයතනය තුල අත්හදා බැලෙන  මෙම sensors හා phones වල තවත් විශේෂයක් වන්නේ දුරස්ථව ලැබෙන අනක් ඔස්සේ self-destruct නැතිනම් ස්වංක්‍රීයව විනාශවීමේ හැකියාඅ වනු ඇති බවටයි පැවසෙන්නේ. ඩොලර් මිලියන 3.4ක ප්‍රධානයක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන "Vanishing Programmable Resources" ලෙසට නම්කර ඇති බවටයි නිවේදනය වන්නේ. ද්‍රව්‍යමය ලෙසට හෝ උපකරනමය ලෙසට ක්‍රියාතමක වීමේ හැකියාව අත්හදා බැලෙමින් ඇති මෙම වැඩසටහන යටතේ radio-frequency signal වැන්නක් ඔස්සේ අවශ්‍ය විටකදී ක්‍රියාත්මක වීම සිදුවෙනු ඇති බවටයි පැවසෙන්නේ. මෙවැනි උපාංගයක අවශය තාවය අවධාරනය කරන ඔවුන් පවසන්නේ මෙවැනි උපාංගයක් සතුරා අතට පත්වීමේදී එහිවන දත්ත ඔවුන් අතට පත්වීම පමනක් ඔව උපහරනයේ තාක්ශනය ඔස්සේ සතුරාට එම තොරතුරු පද්ධති තුලට පිවිසීමේ හැකියාවද ලැබෙනු ඇති බවය.

පහසු optimization මෘදුකාංගයක්!!!!

  Windows XP, Windows Vista හා Windows 7 පරිගණක මෙහෙයුම් පද්ධති භාවිතාකරන ඔබ සදහා වඩාත් වෙගවත් හා පහසු වෙන් පරිගණකය ක්‍රියාත්මක කරවා ගන්නට සහයවන නොමිලේ මෙන්ම මුදල්ගෙවා භවිතාකල හැකි සංස්කරන දෙකකකින් යුත් system optimization මෘදුකාංගයක් ලෙසට මෙය හැඳින්වේ. මෙහෙයුම් පද්ධතිය තුල ඇති ගැටලු නිරාකරනය කරමින් , අනවශ්‍ය ගොනු ඉවත්කරමින් ඔබට සහය වන්නට එය් පැමිනෙන්නේ අනවශ්‍ය මෘදු කොටස් ‍රැගෙන නොවීම වඩාත් සිත්ගන්නා සුලු වනු ඇත. unique dual cleaning engine වලින් සමන්විත එය වඩාත් සියුම්ව junk ගොනු හඳුනා ගන්නටත් ඉවත්කිරීමටත් සහයවන අතර startup manager  සමග වඩාත් ගැබුරින් පරිගණකයත් සමග ස්වංක්‍රීයව අරම්භවන මෘදු කොටස් හැසිරවීමේ හැකියාව ලබා දෙනු ඇත. අනවශ්‍ය ගොනු ක්‍රියාකාරකම් නතර කරන්නට මෙන්ම ඉවත්කරන්නටත් එය සහයවනවා සේම portable ආකාරයට ක්‍රියාත්මක වෙමින් පහසුවෙන් එහි සේවාව ලබ දෙන්නට සූදානම්ව පැමින ඇත.
http://download.thewebatom.net/52f3a7f3c2d9a/system-ninja-portable-3.0.zip

2014-02-07

Touch Friendly "Firefox" සංස්කරනයක් වින්8 සදහා නිකුත්වේ!!!!

  Mozilla තම Firefox බ්‍රවුසරය සදහා ස්පර්ශක මිත්‍ර සංස්කරනයක් ඉදිරිපත් කිරීම පිලිබදව කථා බහට දෑවසරකට ආසන්න කාලයක් ගෙවී  යමින් ඇති අතරතුරු පලවන නිවේදනයක් පවසන්නේ Windows 8 සදහා වන touch friendly ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේ බීටාවක් මේ වන විට නිකුත්කරන්නට කටයුතු කර ඇති බවකි. 'Firefox Metro' නව නාමයක් යටතේ නිකුත්කරන්නට කටයුතු කෙරුනු මෙම බ්‍රවුසර සංස්කරනය වින්ඩෝස් 8 Modern UI සදහාම වැඩි දියුනු කල එකක් හැටියටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම app මෘදුකාංගය සමග පැමින ඇති නවාංග අතර එය ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම හමුවන  'Firefox start screen' එක දැක්වෙනවා. එම තිරය තුලදී Top sites , bookmarks , browsing history ආදී තොරතුරු භාවිතාකරන්නා වෙතට ගෙනෙන බවටයි දැක්වෙන්නේ. මෙම නව සංස්කරනය සමග පැමින ඇති ස්පර්ශක තිර මිත්‍ර බව පැහැදිලි කෙරෙන touch gestures අතරට pinch-to-zoom හා  one-touch swipe transitions මෙන්ම Snap feature ආදිය දැක්වෙනවා. එසේම වින්ඩෝස් 8 සමග විත් ඇති 'Share' Charm වලට දක්වන සහය ඔස්සේ පහසුවෙන් වෙබ් පි‍ටුවක් තම හිත මිතුරන් සමග බෙදා හදා ගැනීමේ හැකියාවත් දැක්වෙනවා. මෙම සංස්කරනය බීටාවක් වන අතර අවසන් සංස්කරනය මාර්තු මස 18 දාට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.
http://www.mozilla.org/en-US/firefox/beta/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...