Mozilla වෙතින් නිකුත්වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ Firefox බ්‍රවුසරය ඔස්සේ වෙළඳ දැන්වීම් පලවීම අරබා ඇති බවයි. ඔවුන් පැහැදිලි කර සිටින්නේ බ්‍රවුසරයේ New Tab පිටුවෙහි භාවිතාකරන්නා විසින් පිවිසීම් ඔස්සේ ඒවායේ හිස් Slots ඉඩකඩ ලබා ගන්නා තුරු මෙලෙස වෙළඳ දැන්වීම් දැක්වීම සිදුවනු ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම නවාංගය ඔස්සේ ආයතනය වෙතට ආදායමක් උපදනවාට අමතරව භාවිතාකරන්නා හටද වැදගත්විය හැකි වෙබ් අඩවි පිලිබදව දැනුවත්වීමක් සිදු වනු ඇති බවයි. එසේම මෙම දැන්වීම් පලවීම් සමග පැහැදිලිව labelled කොට ඇති නිසා (adverts) භාවිතාකරන්නා අපහසුවට පත්වීමක් සිදු නොවුනු ඇති බවයි ඔවුන්ගේ බලපොරොත්තුව වන්නේ. මෙම නව භාවිතාව "Directory Tiles" ලෙසට නම් කරන ඔවුන් නව ස්ථාපනයක් සමග භාවිතාව අරබන බ්‍රවුසරය ක්‍රමයෙන් භාවිතාකරන්නාගේ වෙබ් සබදතා තොරතුරු වලින් පිරීයන විට ක්‍රමයෙන් මෙම වෙළඳ දැන්වීම් නොපෙනී යාම සිදුවන ආකාරයට ක්‍රියාත්මක බවටයි නිවේදනය කරන්නේ. එම ප්‍රකාශිකාව අවධාරනය කරමින් පැවසුවේ ආයතනයේ ලාභයට වඩා භාවිතාකරන්නාගේ පහසුව වෙතට ඇති ප්‍රමුකතාවයට තවමත් ගරුකරමින් මෙම නව අංගය පවත්වාගෙන යන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...