Showing posts with label flash player. Show all posts
Showing posts with label flash player. Show all posts

2014-02-23

හදුනා ගත් Flash player plugin දුර්වලතාවයට පිලිසකර නිකුත්වේ

  Adobe ආයතනය ගෙවී ගිය දින කිහිපයකට පෙර තමන්ගේ  Flash player plugin වල හදුනාගත් දුර්වලතාවයක් සදහා හෝරා කිහිපයක් තුලදී පිලිසකර නිකුත්කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වූවා. serious vulnerability මට්ටමේ එම හදුනා ගැනීම සයිබර් ආරක්ශක සමාගමක් විසින් හෙලිකිරීමෙන් අනතුරුව මෙම පිලිසකර වීම සිදුවූ බවටයි වාර්ථ වූවේ. එම ආයතනය මෙම හානිකර බව ප්‍රසිද්ධ කරමින් හෙලිකර සිටියේ  zero-day exploit ආකාරයේ මෙම හානිය පහර දෙන්නන් විසින් වෙබ් අඩවි කරා පැමිනෙන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව තිබූ බවයි. ඔවුන් එම පැමින්න්නන් code-injection සමග exploit serve වෙතට හරවා යවන්නට කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ.
                                     මෙම හානිකර බව Windows XP, Windows 7 , Java 1.6 හා Microsoft Office 2007 හෝ 2010 භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව ඇති බවත් විශේෂයෙන්ම යාවත්කාලීනයන් රහිතව මෙම භාවිතාවන් සිදුවන පරිගණක ඔවුනගේ පහසු ඉලක්කවෙමින් තිබු බවටත් පවසා සිටියා. Adobe ආයතනය එම යාවත්කාලීනයන් නිකුත් කරමින් පවසා සිටින්නේ Flash player භාවිතාකරන්නන් අතර automatic updates අක්‍රියකර ඇති භාවිතකරන්නන් තම අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවයි.

2013-12-10

Flash Player වල නවතම සංස්කරනයක් නිකුත්වේ!!!!

  ඔබගේ පරිගණකයේ වඩාත්ම යාවත්කාලීනව තබා ගත යුතු මෘදුකාංග අතර Flash Player මෘදුකාංගයට ලැබෙන්නේ ඉහලම තැනකි. මෘදුකාංග පහර දෙන්නන්ගේ පලමු තේරීම් අතර ඇති බහුලතම භාවිතාවක් සහිත මෘදුකාංගයක් ලෙසට සැලකෙන මෙය සියලුම පාහේ මෙහෙයුම් පද්ධති සමග මෙන්ම මොබයිල් හා ඩිවයිස් අතරද අනිවාර්යෙන්ම භාවිතාවන්නන්ලෙසට සැලකිය හැකි තරම්ය.ලොව පුරා මිලියන 750ක් පමන අන්තර්ජාලයට සම්බන්දිත දත්ත උපාංග අතර භාවිතාවක් ඇති මෙය භාවිතකරන්නාගේ Digital ජීවිතය වඩාත් වර්නවත් කරන්නට නිරන්තරයෙන් සහභාගී වන්නකි.එම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන සබදතා ඔස්සේ ඔබටද බාගතකර ගැනීමේ හැකියාව ඇත.
(Firefox, Safari, Opera)
(Internet Explorer)

2013-11-14

ප්ලෂ් ප්ලේයරයේ නව සංස්කරනයක්....

  ප්ලෑෂ් ප්ලේයරයේ නව සංස්කරනයක් මේ වනවිට නිකුත්ව තිබෙනවා.අන්තර්ජාලය හා සම්බන්දව ක්‍රියාත්මකවන  මිලියන 750ක් තරම් ප්‍රමානයක දත්ත උපකරන සමග සහයෝගයෙන් ක්‍රියා මෙම මෘදුකාංගය පහදෙන්නන්ගේ මහත් අවදානයක් දිනා ගත් මෘදුකාංගයක්ව ඇත්තේ එම බහුල භාවිතාව නිසාම විය යුතුය. නිරන්තරයෙන්ම වඩාත් අලුත්ම සංස්කරනයක් තම පරිගණකයේ ස්ථාපිතව පවත්වා ගෙන යාම භාවිතාකරනන්ගේ ආරක්ශාවට වඩාත් හිතකර වනු ඇති මෘදුකාංගයක් ලෙස්ට මෙය සැලකේ.
 

2013-10-08

Adobe Flash Player නව සංස්කරනයක්.....

  ලොව පුරා අන්තර්ජාලයට සම්බන්දිත පරිගණක උපාංග මිලියන 750ක ධාවනය වන Adobe Flash Player මෘදුකාංගය ඩෙස්ටොප් මෙන්ම ජංගමමට්ටමේ සියලුම උපාංග ඔස්සේ මෙන්ම සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඔස්සේද භාවිතාකරන්නන් සදහා ඩිජිටල් අත්දැකීම් වඩාත් පහසුවෙන් ගෙන ඒමට සහයවන  ප්ලේයරයකි. එසේම නිරන්තරයෙන් පහර දෙන්නන්ගේ අවධානයක් ලබා ගන්නා මෘදුකාංගයක් ලෙසටද ප්‍රකටය. නිතරම වඩාත්ම අලුත් සංස්කරනය තම පරිගණකයේ ස්ථාපිතව තබා ගැනීම වැදගත් වන ගනයේ මෙම මෘදුකාංගයේ මෙම නව සංස්කරනය සමග වැඩි දුයුනු කරන ලද  full-screen mode ය Low-bandwidth සමග වඩාත් පැහැදිලි වීඩියෝ අත්දැකීමක් ගෙනෙන වැඩි දියුනුකල තාක්ශනය සහිත වීම ආදී දියුනු කිරීම් කිහිපයකද සමග පැමින ඇති බවටයි පවසා සිටින්නේ.පහත දැක්වෙන ලිපින ඔස්සේ ඒ ඒ බ්‍රවුසර සදහා වන සංස්කරන මෙන්ම පෙර ස්ථාපිතව පැවති Flash player සංස්කරනයක් අස්ථාපනය කිරීමේදී ඒ සදහාම ආයතනය නිකුත් කොට ඇති මෘදු ටූලයද ලබා ගන්නට හැකිවන වා ඇත.
Internet Explorer
Adobe Flash Player Uninstaller

2013-10-04

Adobe හි ප්ලෑෂ් ප්ලේයරයට විකල්පයක් වෙමින් එන මොසිල්ලා වල "Shumway"!!!!

   Adobe හි Flash Player යනු අති බහුලව භාවිතාවනවා සේම පහර දෙන්නන්ගේද නිරන්තර  අවධානය ලබා ගන්නා මෘදුකාංගයකි. HTML5 භාවිතයට පැමිනෙනවාත් සමගම පලවූ අදහස් අතර නිරන්තරයෙන් කරදර කැදවන මෙම මෘදුකාංගයේ භාවිතයට විකල්පයක් එය ‍රැගෙන විත් ඇති බවය.මේ වන විට Firefox 27 සමග එය හා සම්බද වෙමින්ම HTML5 ආකාරයේ ප්ලෑෂ් ප්ලේයරයක් නිකුත්කරන්නට මොසිල්ලා කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ. "Shumway". ලේට නම්ව පැමිනෙන මෙම නව ප්ලේයරය SWF ආකරයේ ගොනු ධාව්නයේදී වඩාත් ආරක්ශිත මෙන්ම කාර්යක්ශම භාවිතාවක් ‍රැගෙන එන්නු ඇති බවටයි පැවසෙන්නේ.හදාරන්නට අනූව පැවසෙන්නේ මෙම නව ප්ලේයරය "ප්ලැෂ් ප්ලේයරය" සදහා සම්පූර්න විකල්පයක් වීම්ට තව දියුනු කිරිම් සමග මදකාලයක් ගත වෙනු ඇති බවකි.

2013-09-11

Adobe හි Flash player හා Reader සදහා වැදගත් මට්ටමේ යාවත්කාලීන......

  Adobe ආයතනය තම  Flash Player, AIR, Shockwave Player, Acrobat හා Reader සදහා මේ වන විට යාවත්කාලීන නිකුත්කොට ඇති බවටයි කියවෙන්නේ.Windows හා  Mac සදහා වන ලෙසට නිකුත්ව ඇති මෙම යවත්කාලීනයන් ඔවුනගේම ශ්‍රේනිගතකිරීම් වලට අනූව Priority 1 ලෙසට දක්වා සිටිනවා. Flash player සදහා වන යාවත්කාලීනයන් Linux haa Android සදහාද නිකුත්ව ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ. එසේම වැඩි දුරටත් පවසන්නේ Reader හා  Acrobat සදහා වන යාවත්කාලීනයන් අතාවශ්‍ය මට්ටමක නොවන බවයි. පහත දැක්වෙන්නේ ඔවුන් වඩාත් අනතුරු අගවන Flash player හා Reader සංස්කරන වල තොරතුරු වන අතර යාවත්කාලීන ලබා ගැනීමේදී ඔවුනගේ අදාල වෙබ් අඩවියෙන්ම හෝ මෘදුකාංගයේ යාවත්කාලීන යොමුව ඔස්සේ පිවිසීම වැදගත් බවටයි නිවේදනය වන්නේ.

  • Adobe Flash Player 11.8.800.94 and earlier versions for Windows and Macintosh
  • Adobe Flash Player 11.2.202.297 and earlier versions for Linux
  • Adobe Flash Player 11.1.115.69 and earlier versions for Android 4.x
  • Adobe Flash Player 11.1.111.64 and earlier versions for Android 3.x and 2.x
  • Adobe AIR 3.8.0.870 and earlier versions for Windows and Android
  • Adobe AIR 3.8.0.910 and earlier versions for Macintosh
  • Adobe AIR 3.8.0.870 SDK & Compiler and earlier versions for Windows
  • Adobe AIR 3.8.0.910 SDK & Compiler and earlier versions for Macintosh


  • Adobe Reader and Acrobat X (10.1.7) and earlier versions for Windows and Macintosh
  • Adobe Reader and Acrobat XI (11.0.03) and earlier versions for Windows and Macintosh
  • Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

    Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...