2013-03-30

මයික්‍රසොෆ්ට් ගිනුම් දැන් නැවත "රී නේම්" කලහැක....

 
මයික්‍රසොෆ්ට් ආයතනය තම භාවිතකරන්නන් වෙත "අවුට් ලුක්" හි  බීටා මට්ටමේ පවතිද්දී තම ගිනුම් "රී නේම්" කිරීමේ අවස්ථාවක්ද ලබා දෙන ලදී. එහෙත් බොහෝ භාවිතාකරන්නන් තම යුසර් නාමය වෙනස කිරීමට උත්සාහ ගනිද්දී තමන්ගේ පෙර ඊමේල් මෙන්ම ස්කයිව් ඩ්‍රයිව් මත රදවතිබූ පැරනි ගොනු භාවිතාකිරීමට නොහැකිවීමේ ගැටලුවකට මුහුන දෙන්නට සිදුවූ අතර පසුව මටික්‍රසොෆ්ට් ආයතනය එම පහසුව තාවකාලිකව නවතා දමන්නට කටයුතු කරන ලදි. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය එම දුර්වලතාවය විසදාදමා නැවත තම භාවිතාකරන්නන්හට තම ගිනුම් නාමය වෙනස් කිරීම හැකියාව ලබාදී ඇති අතර ආයතනය පවසන්නේ එම වෙනස නිමකර පැය විසි හතරක් ඇතුලත පැරනි ගිනුමේ වූ සියලු තොරතුරු නව ගිනුමට හුවමාරු වන බවයි.

2013-03-28

දැන් බින් සෙයුම් ප්‍රථිපල කාල වකවානු අනූවද පෙරීමකට ලක්කල හැක...

 
තම සෙවුම් ප්‍රථිපලවල කල් ඉකුත්වූ සබදතා පැවතීම බොහෝ විට භාවිතාකරන්නන් අතර අපහසුතාවයන් ඇති කරනු දැකිය හැකිය.මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම බින්  සෙයුම් යන්තරයේ ප්‍රථිපල පි‍ටුව වෙත කාල වකවානු අනූව නැවත පෙරීමක් සිදුකරන්නට භාවිතාකරන්නා හට ඉඩ සැලසෙන ලෙසින් නව අංගයක් එකතුකරන්නට තමන් තීර්නය කර ඇති බවකි.මේ අනූව භාවිතාකරන්නෙකු බින් සෙවීම් යන්තර තුල යම් කාරනාවක් පිලිබද සෙවීමක් කරන විට "පසු ගියපැය විසිහතර තුල" වැනි කාල සීමා පෙරීමකට එය යටත් කිරීමේ හැකියාවද භාවිතාකලහැකි වනු ඇත. දැනට ගූගල් ආයතනය තම ප්‍රකට වීඩියෝ සේවාව වන යු ටියුබ් තුල භාවිතාවන අතර එහිදී යම් වීඩියෝ සෙවීමක ප්‍රථිපලයක් පසුගිය පැය 24 නැතිනම් පසුගිය සතිය තුල පලවුනු වැනි පෙරීමකට භාජනය කිරීමේ හැකියාව ලබාදී ඇත.

2013-03-27

බ්‍රිතාන්‍ය ස්ථාන වෙත වයිෆයි අන්ලිමිටඩ් ප්‍රවර්ධන සේවාවක්...


 
මයික්‍රසොෆ්ට් ආයතනයේ ඔෆ්‍ෆිස් 365 ප්‍රවර්ධන වැඩසටහන යටතේ මේ වන විටත් ලන්ඩනයේ දුම්රිය ස්ථානවල වයි ෆයි ඔස්සේ හොට්ස් පොට් පිහිටවමින් විනාඩි පහලොවක කාලයක් අන්තර්ජාලය භාවිතාකිරීමට නොමිලේ ලබා දෙමින් ඇති අවස්ථාව එලබෙන කාලයේදී අසීමිත වෙලාවක් උපංග කිහිපයක්ම ඔස්සේ වුවත් සීමරහිත බාගත කිරීම් වලට ඉඩ සලසමින් පුලුල් කිරීමට තීර්නයකර ඇති බවටයි වාර්ථා වන්නේ. භාවිතාකරන්නන් වෙත පිවිසීමේදී ඔෆ්ෆීස් 365වල වින්ඩෝස්8 හා සර්ෆේස් උපාංගවල තොරතුරු අඩංගු පි‍ටුවකට යොමුවන අතර එතැන් සිට සාමන්‍ය ලෙස අන්තර්ජාලය භාවිතාකිරීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.මයික්‍රසොෆ්ට් හි බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු පවසන්නේ වැඩිවෙන් ඇති මොබයිල් උපාංග භාවිතය සමග මොබයිල් ඉන්ටර්නෙට් සමග තම දෛනික අන්තර්ජාල කටයුතු වඩාත් සාර්ථකව ඉ‍ටුකරගත හැකිබව වටහාදීම තම එක් අරමුනක් ලෙසට පවසන අතර මෙම වසරේ අප්‍රේල් 24 සිට මෙම සීමාරහිත සේවාව ලබා ගැනීමට හැකිවනු ඇති බවටයි පවසන්නේ.

වින්ඩෝස් බ්ලූ පෙර සංස්කරනයක් ජූනියේ....


වින්ඩෝස්8 දත්ත ලෝකය මත ඇති කර ඇති කැලබවීම තවමත් සංසිදී නැතුවා වුවද වින්ඩෝස් බ්ලූ නමින් මෙගා මට්ටමේ යාවත්කාලීනයක් පිලිබදව මහත් කුතුහලයක් නිර්මානය වෙමින් ඇත. පසුගිය සතියේ වින්ඩෝස් බ්ලූ වල නොනිල සංස්කරනයක් අන්තර්ජාලයට මුදා හැරීමක් සිදුවූ අතර උනන්දුවක් දක්වන්නන් අතර මහත් ප්‍රබෝධයක් ඇතිවෙමින් පවතී. එහි  දැක්වුනු ෆයිල් මැනේජර් ඇප් මෘදුකාංගය , බහු මොනිටර භාවිතයට මිත්‍රවීම , ස්ටාර්ට් ස්ක්‍රීනය වඩාත් භාවිතාකරන්නාහට කැමති ලෙස සකසා ගැනීමේ හැකියාව මෙන්ම පහසුවෙන් ශට් ඩවුන් කිරීමේ හැකියාවන් කැපී පෙනෙමින් තිබේ. පැතිරෙන නව පුවතකට අනූව එලබෙන ජූනි මාසයේදී වින්ඩෝස් බ්ලූ වල පෙර සස්කරනයක් නිකුත්වීමට නියමිත බවටයි පැවසෙන්නේ. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් නව සංකරනය සමග මෙහෙයුම් පද්ධතිය අඟල් 7,8 මට්ටමේ ටැබ්ලට් උපාංග සදහා වඩාත් ගැලපෙන සේ සුසර වීමක් බලාපොරොත්තු විය හැකි බවකි. එසේම ඔවුන් පවසන්නේ වින්ඩෝස්8 බ්ලූ වල පෙර සංස්කරනවලදී මෙන් අනු සංස්කරනයන් කිහිපයකින් සමන්විත නොවෙනු ඇති බවයි.

සමස්ථ අන්තර්ජාලයේම වේගය බිඳවැටීමක්....

 
මෙම මොහොත වන විටත් අන්තර්ජාලය තුල අත්විදිමින් ඇති අවවේගී ස්වභාවය බොහෝ භාවිතාකරන්නන් සිතනා පරිදි තම අන්තර්ජාල සේවා සපයන්නන්ගේම ගැටලුවක් නොවන බවත් සමස්ථයක් ලෙස අන්තර්ජාලය තුල පවතින තත්වයක් ලෙසටයි වාර්ථා පවසන්නේ. පසුගිය සතියක කාලය තිස්සේ එක් ප්‍රකට සර්වරයක සිදුවෙමින් ඇති සයිබර් පහරදීමක් මෙම තත්වයට හේතුව වන්න්ට ඇති බවට මුලින් පැවසුනද එම ආයතනය පවසන්නේ මෙම ක්ශනික තත්වය තම සේවාවන් සමග කිසිදු සම්බන්දතාවයක් නැති බවකි. පසුගිය දිනවල සිට සුලබව අත්විදිමින් ඇති  ස්පෑම් මට්ටමේ ඊමේල මුදාහැරීම් පිලිබදව අවධානය යොමුව ඇති අතර තවමත් මෙම වේගය අඩාල වීමට පැහැදිලි හේතුවක් නොදැක්වෙමින් ඇත.

2013-03-26

System Image Recovery පහසුව වින් බ්ලු වෙතින් ඉවතට???


වින්ඩෝස් බ්ලූ සමග පැමිනෙන්නට නියමිත බොහෝ නව අංගයන් පිලිබදව මේ වන විට කථා බහට ලක්වෙමින් තිබෙනවා. ස්ටර්ට් ස්ක්‍රීනය තුල සිදුවන දියුනු කිරීම් මෙන්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 තුල "ටැබ් සින්ක්‍රෝ" හැකියාව ඒ අතර කැපී පෙනෙන බවටයි පෙනෙන්නට ඇත්තේ. මේ අතර වින්ඩෝස් බ්ලූ සමග එකවර තිර කිහිපයක් සමග කටයුතුකිරීමේ හැකියාව වඩා දියුනු කිරීමක් සිදුව තිබෙනු ඇති බවටත් දැක්වෙමින් තිබෙනවා. ඒ අනූව එකවරම භාවිතාකරන්නෙකුට ඇප්ලිකේෂන දෙකක් හෝ වැඩි ප්‍රමානයක් පරිගණක තිර දෙකක් හෝ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
                    නව සංස්කරනය සමග System Image Recovery උපාංගය ඉවතව ඇති බවටත් ඇක්වෙන අතර එම ස්තානයට Startup Repair උපාංගය පැමින ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. හදාරන්නන් අතර මේ පිලිබදව නොසතුටක් පලවෙන අදහස් දැක්වෙමින් ඇති අතර ඔවුන් පවසන්නේ වින්ඩෝස් බ්ලූ පියවරක් පසුපසට යාමක එම වෙනස ඔස්සේ සිදුව ඇති බවයි. ඔවුන් බලාපොරොත්තුවන්නේ නිල නිකුතුව වන විට මෙම ගැටලුකාරී ඉවත්කිරීම් නැවත එකතුවනු ඇති බවයි.

ගූගල් ආයතනය තවත් සේවාවක් අවසන් කර දමයි...



ගූගල් වෙහින් ලබාදෙමින් තිබූ  තවත් වෙබ් සේවාවක් මේවන විට ඉවත්කොට ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. ගූගල් රීඩර් වසා දැමීමට ගත් තීර්නය යලි සලකා බලන මෙන් භවිතාකරන්නන් කල ඉල්ලීම වෙත තවමත් කිසිදු ප්‍රථිචාරයක් නොදක්වා ඇති එම ආයතනය තම ප්‍රථිපල පි‍ටුවෙක දී භාවිතාකරන්නාහට අකමැති ප්‍රථිපල වෙබ් අඩවි දැක්වීම වලක්වන්නට සහය වෙමින් පවත්වාගෙන යමින් තිබූ සහය සෙවාවවද මේ වන විට  වලක්වා ඇති බවටයි  දැක්වෙන්නේ. මේ වන විට යමෙක් එම සේවාව ලබා ගැනීමට උත්සාහ කිරීමේදී දැක්වෙන්නේ තව දුරටත් එම වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවන බවයි. 2011 මාර්තූ මාසයේ මෙම සේවාව හදුන්වාදෙමින් ආයතනය පවසා සිටියේ තම ගූගල් සෙවුම් යන්ත්‍රය මත සෙවීමක යෙදෙන අයෙකුට තමන් දකින්නට රිසිනොවන ප්‍රථිපල සටහන් ඉවත්කරමින් වඩාත් සිත්ගන්නා සුලු වෙබ් අත්දැකීමක් ලබා ගන්නට සහය වනු පිනිස මෙම සේවාව හදුන්වා දුන් බවය. කෙසේ වෙතත් ගූගල් ක්‍රෝම් භාවිතාකරන අයෙකුට නම් තවමත් තම ක්‍රෝම් බ්‍රවුසරය වෙත Chrome extension ලෙසින් ඉහතකී පහසු කමට සමාන පහසුවක් ලබා දෙන සේවාවක් එක්කර ගැනිමේ හැකියාව පවතින අතර අනෙකුත් බ්‍රවුසර භාවිතාකරන්නන් හට ඉදිරියේදී එවන් හැකියාවක් නොමැති වනු ඇත.

2013-03-25

වින්ඩෝස් බ්ලු නොනිල සංස්කරනයක් අන්තර්ජාලයට.....

 
මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධති  සංස්කරනය ලෙසට සැලකෙන වින්ඩෝස් බ්ලු සංස්කරනය පිලිබදව තොරතුරු අන්තර්ජාලයවෙත නොනිල ලෙස නිකුත්වෙමින් පවතිනවා. දැනට අන්තර්ජාලය වෙතට මුදා හැර ඇති 32 බිට්, ගිගා බයිට් 2.63  අයි එස් ඔ මෘදුකාංගය ප්‍රංශයෙන් නිකුත්ව ඇති බවටයි දක්නට ඇත්තේ. එම නව සංස්කරනය සමග ස්ටාර්ට් මුහුනතෙහි ටයිල්ස් වල වැඩි ආකාරයෙන් භාවිතාකරන්නා හට වෙනස් කර ගැනීමේ හැකියාව පවතිබ බවත් එකවර  ඇප්ස් දෙකක් එකම ඇප්ලිකේෂනයක් සදහා ක්‍රියාත්මක කර ගැනීමේ වැඩි දියුනුකල හැකියාවන්,  නව කැල් කියුලේටරයක් , සවුන්ඩ් රෙකෝඩරයක්  ආදියෙන් එය සමන්විත වන බවටයි දක්නට ඇත්තේ.
 
 
 
 

2013-03-24

නිවසේ සැලසුම නිර්මාණය කරදෙන මෘදුකාංගයක්

ඔබගේ නිවසේ අභ්‍යන්තර සැකසුම පිලිබදව තවමත් ඔබ සැහීමකට පත් නොවූවෙකු විය හැක නැතිනම් ගොඩනගමින් සිටින ඔබගේ අනගත නිවහනෙහි අභ්‍යන්තර සැකසුම පිලිබදව මේ දිනවල සැලසුම් කරන්නෙකුද විය හැක.මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ ඒ සදහා නොමිළේම වීම සිත්ගන්නා සුලු කරුනක් වනු ඇත. නිවසේ මූලික සැලසුමක් නිර්මානය කර ගැනීම ගෘහභාන්ඩ සැකසුම ආදිය මෙන්ම දැනට ඇති සැලසුමක ගෘහභාන්ඩ සැලසුම ආදී විවිධ ලෙසින් මෙම මෘදුකාංග ඔස්සේ ද්විමාන මෙන්ම ත්‍රිමානව ලබා ගැනීමේ හැකියාව ඇත.
http://www.siriwansa.com/SOFTWARE.php

සාමන්‍ය භාෂාවෙන් පරිගණකය මෙහෙයවීම වැඩි ඈතක නොවනු ඇත....



මයික්‍රසොෆ්ට් ආයතනය මෙම මස මුල් භාගයේදී පැවති මාධ්‍යහමුවකදී ඉදිරිපත්කල නව මෘදු උපාංග අතර ප්‍රකට spreadsheet මෘදුකාංගය සදහා සාමන්‍ය භාෂාවෙක් දෙන උපදෙස් මෘදුකාංගය තුල ක්‍රියාත්මකවන අයුරු දැක්වෙන ලදී. එහිදී භාවිතාකරන්නා තම දෛනික භාෂාවේ ස්වරූපයන් සටහන් කල උපදෙන් කිහිපයක්ම එම මෘදුකාංගය විසින් සාර්තකව අනුගමනය කරන අයුරු දැක්වුනු අතර අනාගතයේදී භාවිතාකරන්නෙකුට සාර්ථකව සාමන්‍ය විවහාරයේ එන ආකාරයට ලබාදෙන උපදෙස් පරිගණකය විසින් අනුගමනය කරනු ඇති බවට වන බලාපොරොත්තුව වඩාත් තහවුරුවීමක් එයින් දැක්වෙන බවයි පිලිගැනෙන්නේ.උදා හරනයක් ලෙසට අනගත ව්‍යාපාරිකයා තම පරිගණකය වෙත "මූලික වැ‍ටුපට අතිකාලදීමනා එකතුකර අවසාන එකතුව දක්වන්න" වැනි විධානයකින් පසුව පරිගණකය ස්වංක්‍රීයව එම විධානය පරිවර්තනය කර ගනිමින් එය නිවැරදිව ඉ‍ටුකර දෙන දිනය වැඩි ඈතක නොවන බවට පෙන්වා දෙමින් සිටිනවා.

වින්ඩෝස් 8 ඇප් ස්ටෝර්ව 50000 ඉක්මවයි

 
මීට සති කිහිපයකට පෙර පලවූ වාර්ථා පවසා සිටියේ වින්ඩෝස් ඇප්ස් ස්ටෝර්ව තුල පවතින ඇප්ස් සංක්‍යාව 44680ක් බවය. එම වාර්ථාවට අනූව වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝර්ව තුල ඇප්ස් සංක්‍යාව වැඩිම මහත් මන්දගාමිව සිදුවන බවත් පවසා තිබුනා.තම ඇප්ස් ස්ටෝර්ව තුල ඇති ඇප්ස් සංක්‍යව පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනයන් නිල ලෙස ප්‍රකාශයක් සිදු නොවුනද ඇප්ස් ස්ටෝර්වේ තත්වය පිලිබද නිරන්තරයෙන් අවධානයයෙන් සිටින ආයතනයක් පවසන්නේ මේ වන විට එහි භාවිතාකරන්නන් හට ලබාගත හැකිව ඇති ඇප්ස් සංක්‍යාව 50304ක් ලෙසට ත්මන්ට ගනනය වන බවයි.කෙසේ වෙතත් මෙසේ සංක්‍යත්මකව වැඩිවීම කෙසේ වෙතත් ගුනාත්මකව එහි පවතින ඇප්ස් පිලිබදව ප්‍රශ්න කරන්නන් පවසන්නේ එක්තරා ක්‍රීඩාවට සම්බන්ද ආයතනයක් එක් එක් ක්‍රිඩා කන්ඩායමට වශයෙන් ඇප්ස් 400ක් පමන මේවන විට නිකුත්කර ඇති බවය. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා පවසා සිටියේ වින්ඩෝස්8 සමග පැමින ඇති සියලුම තම ඇප්ස් සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවකි.

2013-03-23

ගූගල් වෙතින්ද smartwatch එකක්!!!!

දෛනික උපාංග අතරට පරිගණක හැකියාවන් හැකිලවීම එලබෙමින් ඇති යුගයේ වැඩිම ප්‍රවනතවයක් ගන්න කාරනයක් වනු ඇති බවට පලවෙමින් තිබූ අනාවැකිවල සත්‍යබව තහවුරු කරමින් ගූගල් ආයතනයද පවසා සිටින්නේ ස්මාර්ට් මට්ටමේ අත් ඔර්ලෝසු  නිෂ්පාදනය කෙරෙහි තමන්ගේද අවධානය යොමුකර ඇති බවකි. ආයතනයේ ඇන්ඩ්‍රොයිඩ් අංශය තුල දැනටමත් මේ පිලිබදව කටයුතු සිදුවෙමින් පවතින බව පැවසෙන අතර මෑත කාලයේ හෝ දීර්ග කාලයක් ඇතුලත  එවන් නිෂ්පාදනයක් ආයතනය තුලින් නිකුත්වීම ස්ථීර බවටයි ඔවුන් පවසා සිටින්නේ. මෑත කාලයේදී ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක්ම තමන් වෙතින් ස්මාර්ට් මට්ටමේ අත් ඔර්ලෝසුවක් වෙළඳ පොල වෙත නිකුත්වනු ඇති බවට නිවේදනය කෙරුනු අතර ඇපල් සමාගමේ සුපුරුදු නාම සම්ප්‍රදායට අනූව iwatch ලෙසට එය නම් වෙනු ඇති බවටත් සැම්සොන් ආයතනය්ද ඒවන් උපාංගයක් සදහා කටයුතු කරන බවට පැවසී තිබුනේ. සෝනි ආයතනය මේ වන විටත් ස්මාර්ට් මට්ටමේ ඔර්ලෝසුවක් වෙළඳ පොල වෙත නිකුත් කොට තිබෙනවා.

2013-03-22

අත්හදා බැලිය යුතුම මීඩියා ප්ලේයරයකි...

මෙය මල්ටිමීඩියා ප්ලේයරයකි.ප්‍රකට KMPlayer ප්ලේයර් මෘදුකාංගයටත් වඩා "ගොනු ආකාරවලට" සහය පලවන ප්ලේයරයක් ලෙසට පිලිගැනෙන මෙම මෘදුකාංගය සමග අමතර මෘදුකාංග ස්ථාපනයක් අවශ්‍ය නොවන අතර වෙබ් කෑම් , ඇනලොග්, ඩිගිටල් ටීවී ආදී උපාංග සමගද හොදින් ක්‍රියාත්මක වන බවත් අනවශ්‍ය බාදාවීම් වලින් තොරව ඒවායේ වීඩියෝවන් ධාවනය වන බවටයි දකින්නට ලැබෙන්නේ. උසස් මට්ටමක සුපැහැදිලි දර්ශන ගෙනෙන්නට කටයුතු කරන මෙම මෘදුකංගය බොහෝ සබ්ටයිටල් සදහා සහය පලකරන අතර  බොහෝ රූපවාහිනී චැනලයන් සදහාද සහය පලකරන බවයි දක්නට ලැබෙන්නේ.
http://siriwansa.com/Multimedia.php

යු ටියුබ් වෙත මාසික පැමිනෙන්නන් ප්‍රමානය බිලියනය ඉක්මවමින් ඇත...

යු ටියුබ් වෙත මාසිකව පැමිනෙන්නන්ගේ සංක්‍යාව මේ වන විට බිලියනය ඉක්මවමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.පසු ගිය දෙසැම්බරයේ දී "Gangnam Style" නම් ගීතය සදහාවන වීඩියෝව පමනක් නැරබුම් ප්‍රමානය බිලියනය ඉක්මවූ බවටයි ගනනය වන්නේ. යු ටියුබ් පවසන්නේ අන්තර්ජාලය භාවිතාකරන්නන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙක් මේ වනවිට යු ටියුබ් වෙතද පිවිසෙන්නට කටයුතු කරන බවයි. 2005 ෆෙබරවාරි මාසයේ යු ටියුබ් සේවාව මුලින්ම ඇරබුනු අතර මේ වන  විට එම අඩවියේ වටිනාකම ඩොලර් බිලියන 1.65කට තක්සේරු වෙමින් තිබෙනවා.වයස 18 හා 34 අතර වන ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් අතරින් යු ටියුබ් වීඩියෝවන් නරබන සංක්‍යාවේ ප්‍රථිශතය පසුගිය වසර හා සැසදීමේදී සියයට 74කින් ඉහල ගොස් ඇති බවටයි පැවසෙන්නේ. වැඩි දුරටත් පවසන්නේ මෙම වයස් කාන්ඩය අතර පිරිසෙන් සියයට 41ක් පිරිසක් තම දෛනික ජීවිතයේදී යමෙක් හෝ යමක් බලාපොරොත්තුවෙන් පමාවන අවස්ථාවලදී යු ටියුබ් වෙතට පිවිසෙන්නට පුරුදුව ඇති බවත් සියයට 18ක් තම ‍රැකියා ස්ථානයේ සිට හෝ පාසලේසිට පැමිනෙමින් සිටින විට යු ටියුබ් වෙත පිවිසෙන්නට පුරුදුව ඇති බවත් සියයට 15ක් රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන කාලය තුල යු ටියුබ් වෙත පිවිසෙන්නට පුරුදුව ඇති බවත්ය.

ඇපල් ආයතනයද ද්විත්ව ආරක්ශන ක්‍රමය භාවිතයට පිවිසෙයි...

ඔන් ලයින් ආකාරයේ සේවා සපයන ආයතන බොහොමයක් ද්විත්ව ආරක්ශන ක්‍රමය වෙත තම අවධානය යොමු කරන්නට පෙලබෙමින් ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. ගූගල් ආයතනය මේ වන විටත් එම ක්‍රමවේදය ඔස්සේ තම භාවිතාකරන්නන්ගේ ආරක්ශාව තහවුරු කරන්නට කටයුතු කරන අතර එහිදී සිදුවෙනුයේ තමන් වෙත පෙර ලියාපදිංචි වූ උපාංගයක් වෙත , තම ගිනුමකට සාමාන්‍ය ලෙස භාවිතාකරන්නාගේ නම හා අවසර පදය ඇතුලත් කොට ඇතුලත්වීමට කටයුතු කරන විට අංක හතරකින් යුත් ---- එකක් ලැබෙන අතර එයද ඇතුලත් කොට තම තම අන්‍යතාවය වඩාත් තහවුරුකර ගැනීමේ අවස්ථාව ලැබීමයි. ෆේස්බුක් ආයතනයද තම භාවිතාකරන්නන් වෙත මෙම අවස්ථාව ලැබෙන අතර ‍ටුවිටර් සේවාව මෙම ක්‍රමවෙදය වෙත පිවිසීම සදහා අවධාන යොමු කර ඇති බවටයි පැවසෙන්නේ. පලවන අලුත්ම ආරංචි පවසන්නේ ඇපල් ආයතනයද මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නට තීර්නය කොට ඇති බවයි.  මයික්‍රසොෆ්ට් ආයතනය තම Xbox Live ,  SkyDrive සේවාවන් සදහා මෙම ක්‍රමය යොදාගන්නා අතර තවමත් Outlook.com email service වෙත මෙවන් ක්‍රමයක් හදුන්වා දී නොමැති බවටයි දක්නට ලැබෙන්නේ.

ඔෆීෆ් 2010 නිකුත්කිරීම නිල වශයෙන් අවසන්.....

මයික්‍රසොෆ්ට් ආයතනය මේ වනවිට නිල වශයෙන් ඔෆීස් 2010 මෘදුකාංගය අලවිය අවසන් කර ඇති බවටයි වාර්ථා පවසන්නේ.පසුගිය ජනවාරියේ අවසන් භාගයේ ඔවුන්ගේ ඔෆීස් මෘදුකාංගයේ අවසාන සංස්කරනය වන ඔෆීස් 2013 නිකුත්වූ අතර ඊට දින කිහිපයකට පසුව ආයතනයෙන් ඔෆ්‍ෆිස් 2013 මෘදුකාංගය නිකුත්කීරීම අවසන් කර ඇති අතර මේ වන විට වෙළඳ ආයතන වෙත නිකුත්කර ඇති තොග අවසන් වන තෙක් පමනක් එම මෘදුකාංගයේ අලවිය සිදුවනු ඇති බවටයි එම වාර්ථා පවසන්නේ. මේ වන විට වින්ඩෝස් 2010 පිටපත් අලවිකරන ආයතන වල ඇති ඉතිරි පිටපත්වල මිල ගනන් ඉහල නංවන්නට එම ආයතන කටයුතු කර ඇති අතර සමනය එක් පිටපතක පෙර පැවති මිලට වඩා ඩොලර් 20 පමන වැඩි කොට ඇති බවටයි වැඩි දුරටත් එම වාර්ථා පවසන්නේ.

2013-03-21

ප්‍රබල ක්‍රියාකාලීත්වයක් ඇති අනවශ්‍ය මෘදු කොටස් ඉවත්කරනයක්.....

පරිගණකය වෙත හානිකර අරමුනු සහිතව එන බොහොමයක් මෘදුකාංග ඉතා සුමුදු ලෙස ඔබ හට එය ස්ථාපනය සදහා සහය වන නමුදු යම් මොහොතකදී අස්ථාපනය සදහා උත්සාහ කරනවිට මහත් ගැටලු කාරී තත්වයන් ඇති කරයි. "scareware", "rogueware" ,"scamware" ලෙසින් කාන්ඩ වන බොහොමයක් මෘදුකාංග මෙලෙස ඉවත්කිරීමට ඉඩ නොදෙමින් සිටිනු ඔබටත් අත්දැකීම් තිබිය හැක. ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක නිමැවුමක් වන මෙම මෘදුකාංග එවන් අවස්ථාවලදී ඔබගේ සහයට ඒමට සූදානමින් සිටින බවටයි පවසන්නේ.සමහර විටක ඔබ නොදැනුවත්වම පරිගණකයවෙත ස්ථාපනය වෙමින් හානිකර අරමුනු සදහා ක්‍රියාත්මක වන මෘදුකාංග මෙන්ම ව්‍යාජ ආරක්ශක මෘදුකාංගද ඉවත්කිරීමට අපහසුවන අවස්ථාවලදී මෙම මෘදුකාංගයේ පිහිට ඔබට ලබා ගත හැකි වනු ඇත. වැදගත්ම කාරනයක් වන්නේ ප්‍රබල ක්‍රියාකාරීත්වයක් ඇති මෙම මෘදුකාංගය යොදාගැනීමේදී ඉතා සැලකිලිමත්වීම අනිවාර්ය වන බවයි. ඔවුන් පවසන්නේ බොහෝ විට අවසන් උත්සාහය ලෙසට මෙම මෘදුකාංගය යොදා ගැනීම වැදගත් වන්නේ එම ඉවත්කිරීම් වලදී අනෙකුත් වැඩසටහන් සදහා වැදගත් වන මෘදුකොටස්ද එම ඉවත්කිරීම් සමග පරිගණකයෙන් ඉවත්වීමේ අනතුරක් මතුවිය හැකි බැවිනි.
http://siriwansa.com/Security.php

මෙහෙයුම් පද්ධති තරගය

වින්ඩෝස් එක්ස්.පී සදහා මයික්‍රසොෆ්ට් සමාගමේ සහය සම්පූර්නයෙන්ම අවසන්වීමට නියමිත දිනය වනුයේ 2014 අප්‍රේල් 8 වෙනිදාය.මෙම සතිය වනවිට සමස්ත ලොව පරිගණකක භාවිතය තුල එහි භාවිතය සියයට 23.86ක් ලෙසට ගනනය වෙමින් තිබේ. වින්ඩෝස්7 මේ වනවිට ලොව වැඩියෙන්ම භාවිතාවන මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනෙන අතර එය සමස්ථ භාවිතාවෙන් සියයට 52ක් ලෙසටයි ගනන් ගැනෙන්නේ. වින්ඩෝස් විස්ටා වල වර්ථමාන භාවිතය 6.11 ලෙසටත් ගනනය කරන ආයතනවල දත්ත පෙන්ව දෙමින් සිටිනවා. මේ අතර වින්ඩෝස් 8 වල භාවිතය මෙම සතිය වනවිට සියයට 2.34 ලෙසටයි වාර්ථා පවසන්නේ.
                            මීට අමතරව ඇන්ඩ්‍රෝයිඩ් වල භාවිතය 1,97ක් ලෙසට සටහන් වන අතර ඔ.එස් එක්ස් වල සියයට 7.72ක් ලෙසට ගනනය වන අතර අයි ඔ එස් වල 3.92ක් ලෙසටත් සටහන් වනවා.

2013-03-20

ගූගල් සතු විවිධ chat පහසුකම් සියල්ල එක තැනකට ගොනුවනු ඇත....

ගූගල් ආයතනය තම භාවිතාකරන්නන් සදහා ලබාදී ඇති විවිධ තලයේ "චැට්" පහසුකම් එක්තලයක් වෙතට ගෙනවිත් උපාංග විවිධත්වය හෝ සේවා විවිධත්වය නොසලකමින් එකම ස්ථනනයකට ගොනුකිරීමේ සැලැස්මක් පිලිබද මේ වන විට නිල නොවන ලෙසට කරුනු හෙලි වෙමින් පවතිනවා. මෙහි ගොනුවන්නට නියමිත දෑ අතර දැනට ගූගල් යටතේ ක්‍රියාත්මක වන Google Talk, Hangouts  හා Voice  සේවාවන්  පවතින බවටයි පැවසෙන්නේ.
                            Babble ලෙසට  නම්වෙනු ඇති බවට බලාපොරොත්තු වන මෙම සේවාව නිසා ඔවුන්නගේ ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන්නන් වෙත මතුව ඇති ගැටලු නිරාකරනය වනු ඇති බවට බලාපොරොත්තුවන වන අතර ඒ සමග ඔවුනගේ හිතවතුන්  සමග ටැබ්, ලැප් හා ස්මාර්ට් මට්ටමේ දුරකථන සමග පහසුවෙන් ගනු දෙනු කරගත හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙම නවාංගය මෙම වසරේ මැයි මැද භාගයේ පැවැත්වීමට නියමිත හමුවකදී  නිකුත්වනු ඇති බවටත් සටහන් වනවා.

මයික්‍රසොෆ්ට් වෙත අල්ලස් චෝදනා!!!!

මයික්‍රසොෆ්ට් ආයතනය තම මෘදුකාංග අලවියේදී රටවල් තුනක රාජ්‍යමට්ටමේ නිලධාරීත් වෙත අල්ලස් ලබාදී ඇති බවට ඇමරිකානු රාජ්‍ය ආයතනය දෙකකින් චෝදනා එල්ලවෙමින් තිබෙනවා.චීන නිලධාරීන් වෙත ලබාදී ඇති අයතා මුදලක් ඔස්සේ යම් මෘදුකාංග ලබා ගැනීමකට එකගතා ගිවිසුමකට පොලබවා ගැනීමේ උත්සාහයක් ගැන වන චෝදනාව ඉන් එකක් වන අතර මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම ආයතන අභ්‍යන්තරව මේ පිලිබදව කරුනු විමසීමක් කල මුත් පැහැදිලි ඔප්පුවීමක් සිදු නොවුනු බවයි.එම චෝදනා අතර ඉතාලියානු හා රුමේනියානු බලධාරීන් වෙතද මෙලෙස අයතු ලබාදීම් සිදුව ඇති බවට චෝදනා එල්ලවෙමින් ඇති අතර මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන් වැනි විශාල සමාගම් වෙත මෙවැනි චෝදනා එල්ලවීම එතරම් අරුමයක් නොවුනද අදාල චෝදනා පිලිබදව සිදුවන ඔනෑම විමසුමකට තමන් සහය පලකරන්නට සූදානම් බවයි.

මයික්‍රසොෆ්ට් වෙතින් චීනයට නව වෙළඳ වෙබ් අඩවියක්

 
මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබරයේ චීනය සදහා තම නිල වෙබ් ස්ටෝර්ව ආරම්භ කරන්නට කටයුතු කරන ලද්දේ වින්ඩෝස් 8 නිල නිකුතුවට පෙර දීය.මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තමන් retail මට්ටමේ වෙබ් අඩවියක්ද චීනය සදහා විවෘත කරන්නට කටයුතු කල බවයි. එය Tmall.com  ලෙසට නම් වන අතර ඒය තුලින් එරට වැසියන්ට තම නිෂ්පාදන 50කට අධික ප්‍රමනයක් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවයි. ඔවුන් පවසන්නේ චීන පාරිභෝගිකයන් සදහා අලවි කටයුතු මෙන්ම පසු අලවි සේවාවන්ද මෙම අඩවිය ඔස්සේ සලසන්නට තමන් කටයුතු කරන බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය තම නිෂ්පාදන අලවිය සදහා ඇමරිකාව මෙන්ම කැනඩාව තුල නව retail මට්ටමේ නව අලවිහල් පිහිටවීමට මේ දින වල කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ.

Samsung වෙතින්ද ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක්

දත්ත උපාංගයන් දෛනික ජීවිතයේ භාවිතාවන උපකරන අතරට සැගවයෑමට උත්සාහ කිරීම ක්‍රමයෙන් කැපී පෙනෙන සිදුවීමක් වෙමින් තිබේ. උපැස් යුවලට ,  ජංගම දුරකථනයට  මෙන්ම ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුව දෙසටද එම චලනයන් සනි‍ටුහන් වෙමින් පවතී. ඇපල් ආයතනය තම iWatch ඔස්සේ වෙළඳ පොලට පිවිසෙන්නට කටයුතු කරමින් සිටින අතර Samsung ආයතනයද ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක් සමග වෙළඳ පොල වෙත අවධානය යොමුකරමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. Samsung ආයතනය මීට පෙර අත් ඔරලෝසුව මතට දුරකථනය පහසුව අඩංගු කිරීමේ  උත්සාහයක යොදුනු මුත් විශාල මට්ටමේ තිර භාවිතය ස්මාර්ට්දුරකථනවල ප්‍රවනතාවයක් වෙමින් ඇති නිසා එය එතරම් සාර්ථක නොවීමක් දක්නට ලැබුනා.
                                               මෙම ස්මාර්ට් මට්ටමේ ඔරලෝසුව භාවිතාකරන්නාගේ දුරකථනයේ හෝ ටැබ් පරිගණකයේ සහය උපාංගයක් නැතිනම් දෙවන තිරය ලෙසට පැමිනීමේ වැඩි ඉඩකඩක් ඇති බවට මත පලවෙමින් ඇති අතර එය පුවත් සිරස්තල පැමිනෙන පනිවිඬ පිලිබද දැනුම් දීම් වැනි සරල භාවිතාවකින් ඔබ්බටයාමේ හැකියාව ඇති සීමිත ඉඩ සමග අභියෝගයක් බවටයි සැලකෙන්නේ. ඇපල් ආයතනය තම "සිරි" නම් කටහඬ හදුනා ගැනීමේ තාක්ශනය යොදා ගනිමින් එය හැසිරවීමේ මතුවන ගැටලු ජයගන්නට උත්සාහ කරනු ඇති බවටයි සටහන් වන්නේ.

2013-03-19

වින්ඩෝස් ෆෝන් සදහා ස්කයිප් යාවත්කාලීන....

වින්ඩෝස් ෆෝන් භාවිතාකරන්නන් වෙත ස්කයිප් සදහා අද නව යාවත්කාලීනයක් නිකුත්ව තිබෙනවා.  2.4.0.108 ලෙසට නව සංස්කරන අංකයක් යටතේ මෙම යාවත්කාලීනයත් සමග ස්කයිප් මෘදුකාංගය ඉහල නැංවෙන අතර පැමින ඇති නවාංග අතර  People Hub integration  යලි පැමිනීම දක්නට ලැබෙනවා.මීට අමතරව අධිසුපැහැදිලි වීඩියෝ කථා බහකට හැකිවීම මෙන්ම ස්මාර්ට් දුරකථනයේ දෙපසම වන කැමරා ඔස්සේ වීඩියෝ කථා බහකට හැකිවීම ඇතුලු තවත් අංග කිහිපයක්ම වනවා.
                 ස්කයිප් සේවාව මයික්‍රසොෆ්ට් සමාගම විසින් 2011දී මිලදී ගන්නා ලද අතර අවසන් වරට ප්‍රධන මට්ටමේ යාවත්කාලීනයක් නිකුත් කරනු ලැබුවේ 2012  ජනවාරි මාසයේ මුල් භාගයේදීයි.එහෙත් වින්ඩෝස් ෆෝන් ස්ටෝර්ව ඔස්සේ විමසන ඔබට නව යාවත්කාලීනයන් දක්නට හැකි වනවා.

වින්8 ඇප්ස් වල පෙර සංස්කරන PreApps ඔස්සේ විමසන්නට අවස්ථාවක්.....

තම තරගකාරී අනෙකුත් සගයන් හා සැසදීමේදී  මයික්‍රසොෆ්ට් වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්ව තවමත් ඇත්තේ පසුපසිනි.විචාරකයින් පවසන්නේ ඒ සංක්‍යාත්මකව පමනක් නොව ගුනාත්මක වශයෙන්ද එසේ වන බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 ඇප් නිපදවන්නන්හට තම හදුන්වාදෙන්නට බලාපොරොත්තු වන ඉදිරි ඇප් මෘදුකාංගයන් ගේ පෙර සංස්කරනයක් තමන් හදුනවාදෙන නව අවකාශය ඔස්සේ පලමුව ඉදිරිපත්කල හැකි වනු ඇති බවයි. ඒ අනූව මෙම මෘදුකාංග සංවර්ධකයන් හට තමන්ගේ මෙම පෙර සංස්කරන කෙරෙහි භාවිතාකරන්නන්ගේ ප්‍රතිචාර ලබා ගන්නට හැකිවන අතර ඒවා විමසමින් වඩාත් ආකරශනීය ලෙස තම අවසන් සංස්කරනය වෙත යාමේ අවස්ථාව ලැබෙනු ඇති බවටයි විස්වාසය පලකර සිටින්නේ.
http://www.winbeta.org/news/preapps-lets-you-showcase-apps-they-hit-windows-store-small-fee

Kinect Fusion සමග ත්‍රිමානීය අත්දැකීමකට...

මයික්‍රසොෆ්ට් කනෙක්ට් තාක්ශනය ඔස්සේ චලනයන් හඬ විධානයන් මෙන්ම නිශ්චිත අභිනයන් ඔස්සේ පරිගණකය සමග ගනුදෙනු කිරීමේ හැකියාව භාවිතාකරන්නාට ලැබුනු අතර එය මයික්‍රසොෆ්ට් ආයතනය තම Xbox වීඩියෝ ක්‍රිඩා උපාංග සමග මුලින්ම භාවිතාකරනු ලැබුවා. මයික්‍රසොෆ්ට් ආයතනය තම කනෙක්ට් තාක්ශනය හුදු විනෝදාස්වාදනයෙන් ඔබ්බට ‍රැගෙන යන්නට කටයුතු කරමින් සිටින අතර 2012 ඔක්තෝබරයේ මුලින්ම නිකුත්වූ වින්ඩෝස්(කනෙක්ට්) මෘදුකාංග සංවර්ධනය සදහා වන ගොනුවෙහි නව සංස්කරනයක්(1.7) මේ වන විට නිකුත්ව ඇති බවටයි ප්‍රකාශකර සිටින්නේ. එහි අඩංගුවන නවදෑ අතර ත්‍රිමාන ආකාරයේ  වස්තුවක් ස්කෑන් කර එහි ත්‍රිමාන අනුරුවක් පරිගණකය මතට ගැනීමේ හැකියාව බොහෝ දෙනෙකුගේ සිත් ගන්නා තාක්ශනයක් වනු ඇති බවටයි සැලකෙන්නේ. Kinect Fusion ලෙසට නම් වන මෙය ධාවනය සදහා  DirectX 11  මිත්‍ර ග්‍රැ‍ෆික් කාර්ඩ් පතක් 3 GHz multi-cor  ම්ට්ටමේ ප්‍රොසෙසරයක් හා 2GB ‍රැම් මතකයක් අවශ්‍ය වනු ඇති බවටයි ආයතනය පවසා සිටින්නේ.
                                  

ගූගල් මැප් ඔස්සේ එවරස්ට්ද තරනය කලහැක!!!!

ගූගල් ආයතය පවසනවා තම ගූගල් මැප් සේවාව ඔස්සේ එවරස්ට් ඇතුලු ලොව ලොව උසැතිම ස්ථන කිහිපයක්ම දැක හදුනා ගන්නට භාවිතාකරන්නන් වෙත අවස්ථාව ලබාදී ඇති බව. ඒවා අතර සංචාරකයින් එවරස්ට් තරනය සදහා පිටත්වයෑමට භාවිතාවන ස්ථානය වන එවරස්ට් බේස් කැම්ප් හි ඡායාරූද වන බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ තම කන්ඩායමක් නේපාලය ඔස්සේ 2011 දී සැතපුම් 70 (කිලෝමීටර 50) දුර බැහැර ගෙවමින් අඩි 18192 උසක් තරනය කරමින් ගොස් මෙම ඡායාරූ ලබා ගැනීමට කටයුතු කරන ලද බවයි.

වින්7 සදහා SP1 ස්වංක්‍රීයයාවත්කාලීනයක් ලෙසට නිකුත්වීම ඇරබේ...

මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ හෙට දිනයේ සිට සියලුම වින්ඩෝස්7  භාවිතාකරන්නන් වෙත වින්ඩෝස්7 සර්විස් පැක්1 යාවත්කාලීනය සාමාන්‍ය යවත්කාලීන ආකාරයට ලබාදීම ඇරබෙන බවයි. මේ වන විට මුල් නිකුතුව සිදුවී දෙවසරක්  පිරෙන වින්ඩෝස්7 සර්විස් පැක් 1 යාවත්කාලීනය මේ වන තෙක් ලබා නොගත් සියලුම භාවිතාකරන්නන් වෙත මෙම නිකුතුව ක්‍රමයෙන් උඔමුවනු ඇති බවටයි ආයතනය පවසන්නේ. හදුනා ගෙන තිබූ ආරක්ශක දුර්වලතා රාශියක් සදහා මෙන්ම සාමන්‍ය දුර්වලතා කිහිපයක් සදහාම මෙම යාවත්කාලීනයෙන් පිලිසකර ගෙන එන බවත් භාවිතාකරන්නන් භාවිතාකරන්නන් එය ලබා නොගැනීමට පැහැදිලි හේතුවක් දැකිය නොහැකි බවටයි ආයතනය පවසන්නේ.

2013-03-18

පරිගණකයේ ක්‍රියාකාරීත්වය කලමනා කරනයට මෘදුකාංගයක්

මෙම මෘදුකාංගය පරිගණකයේ සමස්ථ ක්‍රියාවලීන් ගැන තොරතුරු ‍රැගෙන එනවා පමනක් නොව නිසි ලෙස  ඒවා කලමනාකරනය කරන්නට මෙන්ම වඩාත් තීව්‍ර කරන්නට ඔබට සහය වනු ඇත.ඔවුන්ගේම තාක්ශනයක් මතක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය ස්වංක්‍රීයවම ධාවනය වන මෘදුකාංග වල ප්‍රමුකතාවය සකස් කරමින් වඩාත් සුමුදුව පරිගණකය ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරය නිර්මානය කර දෙන බවටයි සටහන් වන්නේ.
                           ඔවුන් පවසන්නේ මෙම මෘදුකාංගය තවත් "ටාස්ක් මැනේජර්" මෘදුකාංගයක් නොවන බවත් ධාවනයන්ගේ ප්‍රමුකතාවයන් සැකසීම, ප්‍රොසෙසරයේ ක්‍රියාකාරීත්වයේ උපරිමය ලබා ගැනීම, බල භාවිතය අවමකිරිම ඇතුලු බොහෝ දෙසින් ඔබට සහය වීමට සූදානම් මෘදුකාංගයක් ලෙසටයි සැලකෙන්නේ.බොහෝ විට හමුවන ගැටලුවක් වන පරිගණකය සම්පූර්නයෙන්ම පාලනයෙන් ඉවත්වගොස් ඇති විටක පවා මෙම මෘදුකාංගය ඔස්සේ යලි ප්‍රකෘති තත්වයකට පැමිනීමට සහය ලබා දෙනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. මෙම මෘදුකාංගයේ මුදල් ගෙවා හා නොමිළේ  භාවිතකලහැකි ලෙසට සමන්විත වන අතර පෞද්කලික හා අධ්‍යපනික කටයුතු වලදී නොමිලේ භාවිතාකිරීමේ අවස්ථාව ලබා දෙන බවටයි ඔවුන් පවසන්නේ.
http://www.siriwansa.com/SOFTWARE.php

ගූගල් රීඩර් සදහා වන විකල්ප සේවා භාවිතය වේගයෙන් ඉහලට...

ගූගල් ආයතනය තම ගූගල් රීඩර් සේවාව ජුලි පලමුදා සිට අවසන් කරන්නට තිර්නය කිරීමත් සමග සමාන්තර සේවා සපයන ආයතන වෙත භාවිතාකරන්නන් ඇදී ඒමේ ප්‍රවනතාවය වැඩි වෙමින් ඇති බවටයි එම ආයතන පවසන්නේ.පසුගිය කාලය ඔස්සේ තම සේවාව ලබන්නන් ප්‍රමානය වේගයෙන් අඩුවෙමින් පැවතින බැවින් එම සේවාව අවසන් කරන්නට ගූගල් ආයතනය තීර්නය කොට ඇති බවට පැවසුන අතර ඒ පිලිබදව යලි සලකා බලන ලෙස ඉල්ලමින් භාවිතාකරන්නන් එක්ව ඔන් ලයින් ආකාරයේ ඉල්ලීමක්ද කරන ලදී.
                                    Feedly ආයතනය පවසන්නේ පැය 48ක් අතුලත තම සේවාවන් වෙත 500000ක භාවිතාකරන්නන් පිරිසක් ඇදී ආ බවත් තම සේවා ධාරිතාවය දස ගුනයකින් වැඩි කරන්නට තමන් මේ වන විට කටයුතු කරමින් සිටින බවකි. ඉදිරි දින 30 සදහා තෙයාකාරයක තම සැලසුම් ගැන පවසන ඔවුන් තම සේවාව අඛන්ඩව පවත්වාගෙන යාම අලුත් භාවිතාකරන්නන්ගෙන් නව යෝජනා ලබා ගැනීම හා සෑම සතියකම නව උපාංග තම සේවාව වෙත හදින්වාදීම කෙරෙහි තමන් කටයුතු කරමින් සිටින බවටයි පවසන්නේ.
                                  ගූගල් ආයතනය තවමත්  තම තිරනය වෙනස් කිරීමක් පිලිබදව කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර භාවිතාකරන්නන් විසින් එම සේවාව අත්හැර නොදමන ලෙස ඉල්ලමින් සටහන් කරන ඔන් ලයින් ඉල්ලීම වෙත මේ වන විට 122000 ක් තම එකගතාවය පලකොට ඇති බවටයි දැක්වෙන්නේ.
http://www.feedly.com/
https://www.change.org/petitions/google-keep-google-reader-running

මයික්‍රසොෆ්ට් නොවන මෘදුකාංග සමග හානිකර බව පැමිනීම ඉහලට....

පරිගණකය වෙත මෘදුකාංගයක් බාගත කර ගැනීම අරබනවිටම එය පරිගණකය වෙත ගෙනෙන හැකියාව පිලිබදව ධනාත්මක හැගීමක් මෙන්ම විටක එය සමග එන්නට ඉඩ ඇති පරිගණකයේ සාමකාමී  පැවැත්මට අභියෝගවන හානිකරයන් පිලිබදව රිනාත්මක හැගීම පිලිබදවද විමසිලිමත් විය යුතු බවයි හදාරන්නන්ගේ මතය වන්නේ. ආරක්ශක මෘදුකාංග සමාගමක් ‍රැස්කල දත්තයන් ඇසුරෙන් ප්‍රකාශකර සිටියේ මයික්‍රසොෆ්ට් සමාගම හැරුනවිත මෘදුකාංග නිපදවන බොහෝ සමාගම්වල මෘදුකාංග නිෂ්පාදන සමග පැමිනෙන හානිකර බාවයන් ප්‍රමානය ඉහල යමින් පවතින බවකි.පෙර වසරේදී සියයට 72ක්ව පැවති හානිකර සමග පැමිනෙන මයික්‍රසොෆ්ට් නොවන මෘදුකාංග ප්‍රථිශතය මේවන විට සියයට 86ක් දක්වා ඉහලගොස් ඇති බවකි.2012 වසරේදී ඔවුන් ආයතන 421ක් ඔස්සේ නිකුත්වූ  මෘදුකාංග 9776ක් හදාරා හදුනා ගත් දුර්වලතා 2503ක් ඇසුරින් මෙම ගනනය සිදුකල බවටයි පවසන්නේ.
                                                                                 ගූගල් ක්‍රෝම් සමග පැමිනි දුර්වලතා 291 ක් සමග ඉහලින්ම තම ලයිස්තුගත කිරීම් වල සටහන් වන බව පවසන එම ආයතනය ෆයර් ෆොක්ස් සමග 257ක් ඇපල් අයි ටියුන් සමග 248ක්ද  ඇඩොබෙ ප්ලෑෂ් ප්ලේයරය සමග 67ක් දුර්වලතා මෙන්ම ඔරකල්  හි ජාවා සමග  පැමිනි 66ක් වන බවයි පෙන්වා දෙන්නේ.ඔවුන් යෝජනා කරන්නේ බාහිර මෘදුකාංග ස්ථාපනයේදී වඩ වඩාත් සැලකිලිමත්වීම ඉතා වැදගත්වෙමින් පවතින බවයි.

2013-03-17

වින්ඩෝස්9 බීටාවක් එලබෙන ජනවාරියේ!!!!!

 
මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 9 හෝ වින්ඩෝස් බ්ලු ලෙසට තම මෙහෙයුම් පද්ධති සදහා මීලග සංස්කරනයක් පිලිබදව අවධානය යොමුකර ඇති බවට කිසිදු විවාදයක් නොමැති මුත් එය නිකුත්වන කාල වකවානුවක් ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හොලිව නොතිබිනි. පලවන නොල නොවන පුවතකට අනූව කියවෙන්නේ එලබෙන 2014 වසරේ ජනවාරි මාසය වන විට එම සංස්කරනයේ බීටාවක් නිකුත්වීමට බොහෝ විට ඉඩ ඇති බවයි. වාර්ෂිකව තම මෙහෙයුම් පද්ධති සදහා මෙගා මට්ටමේ වෙනසක් ‍රැගෙන ඒමේ නව මයික්‍රසොෆ්ට් සැලසුමට අනූව මෙම වසරේ නොවැම්බර් හෝ ඒ අවටදී වින්ඩෝස්8 සදහා උස්තල  ගැන්වීමක් ලෙසට එම නිකුතුව සිදුවීමට ඉඩ ඇති බවත් වෙනම සංස්කරනයක් ලෙස එම සංස්කරනය ලබා ගැනීමට එලබෙන වසර තෙක් සිටින්නට සිදුවෙනු ඇති බවටයි එම පුවත හෙලිකර සිටින්නේ.මෙම නව සංස්කරනය සමග පැමිනෙන්නට නියමිත දෑ පිලිබදව පැහැදිලි අදහසක් හෙලි නොවුනද ස්පර්ශකතිර මිත්‍ර බවට වැඩි දියුනු කිරීම් කිහිපයක්ම එක් වනු ඇති බවට නම් කිසිදු සැකයක් නොමැති බවටයි අනුමානය වෙන්නේ.

ගිය වසරේ හමුවූ වැඩිම හානිකරයන් ට්‍රෝජන් ආකාරයේය....

පැන්ඩා ආරක්ශක මෘදුකාංග සමාගම පවසන්නේ 2012 වසර සැලකීමේදී මිලියන හයක් පමන නව හානිකර මෘදුකාංග කොටස් හදුනාගෙන ඇති බවයි.එයින් හතරෙන් තුනක්ම ට්‍රෝජන් ආකාරයේ හානිකරයන්වන බවයි ඔවුන් පවසන්නේ.ගෙවී ගිය වසරේ හමුවූ නව හානිකර මෘදුකාංගයන් ප්‍රථිශතයක් ලෙස සැලකීමේදී සියයට 75.58ක්ම ට්‍රෝජන් ආකාරයේ වන අතර සියයට 14.47ක් වෛරස ගනයේ වන බවත් සියයට 10.53 ක් වෝම් ආකාරයේ හානිකරයන් වන බවත් සියයට 2.08ක් ඇඩ්වෙයාර් හා ස්පයිවෙයාර් වන අතර සියයට 0.34ක් වෙනත් හානිකරයන් ගනයේලා සැලකෙන බවටයි පවසා සිටින්නේ. නිවැරදිව ආරක්ශක මෘදුකාංගයන් නඩත්තු නොකිරීම ,අනාරක්ශිත මාධ්‍යයයන් ඔස්සේ ලබාගන්නා මෘදුකාංග ස්ථාපනය මෙන්ම නිසිලෙස මෘදුකාංග යාවත්කාලීන නොකිරීම මෙන්ම ඊමේල ඔස්සේ පැමිනෙන අනාරක්ශිත ගොනු විවෘතකිරීම හා ආරක්ශක මෘදුකාංග උපදෙස් නොතකා වෙබ් අඩවි වෙත පිවිසීම වැනි කාරනා කිහිපයක්ම මෙම තත්වයෙහිලා හේතුවන බවයි ඔවුන් පවසන්නේ.

භාවිතාකරන්නන් එකවර උපාංග දෙකක් භාවිතාවට නැබුරුවීමේ ප්‍රවනතාවයක්..

 
මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ පරිගණක භාවිතාකරන්නන් අතර එක් උපාංගයකට වඩා එක්වර භාවිතාවීම වැඩිවෙමින් පවතින බවයි.ඔවුන් තොරතුරු ‍රැස් කිරීම සදහා යොදා ගත් පිරිස අතරින් සියයට 68ක්ම එකවර උපාංග තිර දෙකක් භාවිතාවේ යෙදෙන අවස්ථා ඇති බවයි. බොහෝවිට කාරනා දෙකක් සදහා මෙම භාවිතාව සිදුවන බව පෙන්වාදෙන ඔවුන් උදාහරනයක් ලෙසට පවසන්නේ රූපවාහිනිය නරබමින්ම තම නෝට්බුක් පරිගණකය ඔස්සේ ඊමේල පිලිබදව සොයා බලමින් සිටින අවස්ථාවකි. එසේම එම පිරිස අතරින් සියයට 57ක් එකිනෙකට සම්බන්දිත කාරනා සදහා තම උපාංග භාවිතාකරන අවස්ථා ඇති බවයි. උදාහරනයක් ලෙසට ඔවුන් පෙන්වා දෙන්නේ රූපවාහිනිය ඔස්සේ සිනමා පටයක් නරබන අතරතුර එම සිනමා පටය පිලිබදව වැඩිපුර තොරතුරු ලබා ගැනීම සදහා තම ස්මාර්ට් දුරකථනය හෝ ටැබ් පරිගණකය භාවිතාකරන අවස්ථාවන්ය.
              ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ එම පිරිස අතරින් සියයට 39ක් උපාංග තිර දෙකක් භාවිතාකරන මුත් වෙනස් සමාජමය භාවිතාවන් සදහා වන බවයි. මිතුරෙකු සමග පරිගණක ක්‍රීඩවක යෙදෙන අතර තුර තවත් උපාංගයක් ඔස්සේ සමාජ ජාලාවක් වෙත පිවිස තවත් මිතුරන් පිරිසකට එහි අවස්ථා විස්තර කිරීම උදාහරනයක් ලෙසට පෙන්වා දෙනවා.

2013-03-16

මයික්‍රසොෆ්ට් ආයතනයද ගූගල් සේවාවන් නොසලකාහැරීමේ උත්සාහයක???????

මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් ෆෝන් 7.8 වෙත මෑතදී යාවත්කාලීනයන් දෙකක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර ඒත් සමග එම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන සංස්කරන අංකයද (build7.10.8862.144) ඉහල නැංවෙන ලදී. එම යාවත්කාලීනයන් සමග භාවිතාකරන්නන් අත්විඳිමින් තිබූ ටයිල් සජීවීව යාවත්කාලීන නොවීමේ ගැටලුවද විසදී ඇති බවටයි වාර්ථවූවේ. එසේම මේ වනවිට වින්ඩෝස් ෆෝන් 7.8  භාවිතයේදී ගූගල් කන්ටැක්ට් හා කැලැන්ඩර් සේවාවන් සමග සජීවීව යාවත්කාලීන වීමේ හැකියාවද අහිමී ඇති බවටයි භාවිතාකරන්නන් චෝදනා කරමින් සිටින්නේ. පසුගිය කාලයේ ගූගල් ආයතනය වින්ඩෝස් ෆෝන් හා තම ජීමේල් සේවාව අතර සැබැදියාවට අවශ්‍යවන අතරමැදි සේවාවන් සදහා අලුතින් පැමිනෙන්නන් වෙත සහයවීම අවසන් කල අතර පසුව මයික්‍රසොෆ්ට් ආයතනය මේ සදහා තමන්ගේම විසදුමක් පිලිබදව අවධනය යොමුකර සිටින ලදී.

උතුරු කොරියාවතුල භාවිතාවන IP ලිපින සංක්‍යව 1024කි!!

පලවන වාර්ථා පවසන්නේ උතුරු කොරියාව තුල පැය 36ක අන්තර්ජාල භාවිතය බිඳ වැටීමක් ගෙවීගිය සිකුරාදා වනවිට අවසන්වූ බවයි.පසුගිය බදාදා සිට භාහිරව එරට වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව නිමැතිව ගිය අතර එරට බලධරන් පවසා සිටියේ එය ජාත්‍යන්තරව සිදුවූ පහරදීමක ප්‍රථිපලයක් බවයි. ඉතා අඩු අන්තර්ජාල භාවිතාවක් ඇති එරටතුල භාවිතාවන ඉන්ටර්නෙට් ප්‍රොටකෝල ලිපින සංක්‍යාව 1024ක් තරම් අවමප්‍රමානයක් බවටයි වාර්ථා වන්නේ.එය මධ්‍යම මට්ටමේ ව්‍යාපාරික ස්ථානයක තරමේ භාවිතාවක් තරම් වන බවටයි පිලිගැනෙන්නේ. ඉහල නිලධරීන් ප්‍රමුක ඉතා ස්වල්පයක් වෙත පමනක්  කෙලින්ම අන්තර්ජාල භාවිතය සදහා අවසර ඇති අතර එරට ඇති ප්‍රසිද්ධ වෙබ් අඩවි ප්‍රමානයද ඉතාඅල්ප බවටයි සටහන් වන්නේ.

Picasa 3.9 Build 136.17 මෘදුකාංගය..

මෙම මෘදුකාංගය පහසුවෙන් ඔබගේ පරිගණකයේ තැන්පත්ව ඇති ඡායාරූ හදුනා ගන්නට ඒවා සංස්කරනය කරන්නට මෙන්ම බෙදාහදාගන්නට සහයවන බවයි සටහන් වන්නේ.මෙම මෘදුකාංගය විවෘත කරන විටම එය ස්වංක්‍රීයව හදුනාගෙන ඒවා තැන්පත්වූ දිනවකවානු අනූව වර්ග කොට ඒවා භාවිතය පහසුකරන්නට සහය වන අතර ඒවා ඊමේලයන් ඔස්සේ යවන්නට මුද්‍රනය කරන්නට, සංයුක්ත තැටියකට අඩංගු කරන්නට , ඔබගේ බ්ලොග් අඩවියකට නංවන්නට ආදී බොහෝ කාරනාවලදී සහයවන බවටයි පැවසෙන්නේ. එම මෘදුකාංගයේ නවතම සංස්කරනයත් සමග හදුනාගෙන තිබූ දුර්වලතාවයන් කිහිපයක්ම සකසා ඇති අතර නවාංග කිහිපයකින්ද සමන්විතව නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ.

පරිගණකයේ ශක්ති වැය හදුනා ගන්නට වින්8 ඇප් මෘදුකාංගයක්.......

බල ශක්ති භාවිතය හා බලශක්ති අරපිරිමැස්ම ඉතා වැදගත් කාරනා කිහිපයකි. පරිගණකයේ ප්‍රොසෙසරය , දෘඩතැටිය , ‍රැම් මතක යනදී මේසියල්ල තුලසිදුවන්නේ ශක්ති භාවිතයයි. මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස්8 ඉදිරිපත්කිරීමේදී අවධාරනය කරන ලද කාරනාවක් වූවේ අඩුශක්ති භාවිතයයි. මික්‍රසොෆ්ට් වින්ඩෝස්8 ඇප් ස්ටෝර්ව වෙත නොමිලේ භාවිතාකල හැකි ඇප් මෘදුකාංගයක් ලෙසට එක්ව ඇති  Green IT Software වර්ගයේ ඇප් මෘදුකාංගයක් සමග ආයතනිකව ශක්ති වැය අවම කරගැනීම සදහා ගත හැකි පියවරයන් පිලිබදව අදහස් ලබා ගතහැකි බවටයි එම මෘදුකාංගය නිර්මානය කල ආයතනය පවසන්නේ. භාවිතාවන උපාංග අනූව ශක්ති වැය මෙන්ම ඒවායේ විවිධ සැකසුම් අනූව ශක්ති වැය වෙනස් වන යුරු දෘශ්‍යව මෙම ඇප් මෘදුකාංගය ඔස්සේ අවබෝදකර ගත හැකිවනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ.
http://blogs.msdn.com/b/microsoft-green/archive/2013/03/13/windows-store-features-energy-savings-app.aspx

2013-03-15

system slimming tool මෘදුකාංගයක්

මෙම මෘදුකාංගය ඔබට සහය වන්නේ ඔබගේ දෘඩ තැටිය මනාව පවත්වා ගෙන යාමට සහය දීමෙනි. අනවශ්‍ය දත්ත ගොනු මක දැමීම ඉන් ප්‍රධාන වේ. අසම්පූර්න ලෙස අස්ථාපනයවූ මෘදුකාංග වෙති ඉතිරිවන ගොනු අන්තර්ජාලය පරිහරනයේදී ඉතිරිවන තාවකාලික ගොනු ආදිය සොයා බලා ඉවත්කරදැමීම මෙම  මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වයයි. ස්කෑන් කිරීම , ඩීෆ්‍රග්කිරීම ආදීයේදී වැඩි පහසුවක් මෙම ඉවත්කිරීම තුලින් ඉ‍ටුවන බවටයි පිලිගැනීම වන්නේ. මෙම මෘදුකාංගය හදුන්වන්නේ system slimming tool  ගනයේ මෘදුකාංගයක් ලෙසටය.

Galaxy S IV දුරකථනය නිල වශයෙන් නිකුත්වේ.......

බොහෝ දෙනාගේ අවධානය ලබාගෙනතිබූ Samsung ආයතනයේ Galaxy S IV දුරකථනය මේවන විට නිල වශයෙන් නිකුත්ව තිබෙනවා. නිව්යෝර්ක් නගරයේදී එරට වේලාවෙන් පස්වරු හතට පමන මෙම නිල නිකුතුව සිදුවූ බවටයි වාර්ථා පවසන්නේ. අඟල් 5 ප්‍රමානයේ අධි සුපැහැදිලි තිරයක් සහිත හා අඟලට  පික්සල් 441ක ධාරිතාවයකින් යුත් මෙම දුරකථනය Samsung Exynos 5,Qualcomm Snapdragon S4   ප්‍රොසෙසරයකින් හා 2GB ‍රැම් බලකින් හා  ගිගා බයිට 16 , 32 , හෝ 64 ගබඩා හැකියාවකින් යුක්ත වන බවටයි දක්නට ලැබෙනුයේ.මෙම දුරකථනය මත ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.2.2 සංස්කරනයක් වන අතර මෙගා පික්සල්  13ක පසු පස කැමරාවක් හා 3G හා 4Gසබදතා මිත්‍ර උපකරනයක් ලෙසටයි දැක්වෙන්නේ.

ස්වංක්‍රීයව නිවැරදිවන චිප් පත්...

ස්මාර්ට් මට්ටමේ දුරකථන හා පරිගණක සදහාවන චිප් පත් වල හට ගැනෙන ගැටලු වලදී ඉතා අල්ප කාලයක් තුල නැවත ස්වංක්‍රීයව ප්‍රකෘති තත්වයට පත්වන්නට හැකියාවක් සහිතව නිපදවන්නට සමත්ව ඇති බවටයි සටහන් වන්නේ. සංයුක්ත පරිපථ කරනයේ මීලග යුගයක් සටහන් කරන මෙම භවිතාව සාර්ථකව අත්හදා බැලීම් සිදුවූ බවටයි ඔවුන් සදහන් කරන්නේ. තවමත් මෙම තාක්ශනය සාමාන්‍ය භාවිතව වෙතට ගෙනෙන්නට අපහසුවන්නේ එහිවන සංකීර්න හා මිල අධික බව නිසාමුත් එලබෙන කාලයේ එම ගැටලු විසදෙනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු පලකරන්නේ.
                                                                      මෘදුකාංගමය හෝ දෘඩාංගමය ගැටලුවකදී අසාර්ථකවූ උපාංගය ඩීකන්‍ෆිගර් වීමක් හෝ පද්ධතියේ වන අමතර උපාංගයක් භාවිතයෙන් පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට හැකිවීම මෙහිදී සිදුවන ක්‍රියාවලිය වන අතර හමුව ඇති අභියෝගාත්මක බාදකයන් කිහිපයක් ජය ගැනීමෙන් අනතුරුව එලබෙන කාලයේදී මෙම තාක්ශනය සහිත චිප් පත් වෙළඳ පොලට නිකුත්වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.

මයික්‍රසොෆ්ට් සේවා බිඳ වැටීම නොනිසි නඩත්තුවේ ප්‍රථිපලයකි.....

පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනයේ සේවාවන් කිහිපයකම පැය 16ක බිඳවැටීමක් වර්ථා වනු ලැබුවා. Outlook.com, Hotmail, Calendar , SkyDrive වැනි සේවාවන් ඒ අතර වුවා. ආයතනය පවසන්නේ මෙම බිද වැටීම නිසිලේස තම දත්ත මධ්‍යස්තාන නඩත්තු නොකිරීමේ ප්‍රථිපලයක් බවයි.තම ඩේටා සෙන්ටර්ස් වල උපංගයන්ගේ මෘදුකාංග නිසිලෙස  යාවත්කාලීන නොවීම හේතුවෙන් ක්ශනිකව ඇතිවූ උෂ්නත්වය අදිකවීමක ප්‍රථිපලය ලෙසට මෙම තත්වය ඇතිවූ බවටයි ඔවුන් පවසන්නේ.පසුව මිනිස් මැදිහත්වීමකින් එම උපාංගවල ගැටලු සහිත බව නිරාකරනය කොට පද්ධති ප්‍රකෘති තත්වයට ගෙන ඒමට සැලකිය යුතු ප්‍රමානයේ කාලයක් ගතව තිබුනා.

ගූගල් ඇප් ස්ටෝර්ව වෙතින් දැන්වීම් බාදක ඇප්ස් ඉවත්කෙරේ.....

ගෙවීයන කාලයතුල ගූගල් ආයතනය වෙතින් පුවත් නිර්මනයවීමේ වැඩි ප්‍රවනතාවයක් වන බවයි දක්නට ඇත්තේ. ගූගල් රීඩරය ඉවත්කිරීමට තීරනය කිරීම  ඇන්ඩ්‍රොයිඩ් අංශ ප්‍රධානියාගේ තනතුර වෙනස් කිරීම ආදීය ඒ අතරින් කිහිපයකි. මේ අතර ගූගල් ප්ලේ ස්ටෝර්ව තුලින් අඩවිවල දැන්වීම් විවෘතවීම වැලකීමට භාවිතාකල හැකි ඇප් මෘදුකාංග කිහිපයක් ඉවත්කිරීමට කටයුතු කර තිබීමද කථා බහට ලක්වෙමින් තිබෙනවා. අනිසි ලෙස වෙනත් සේවාවන්ට මැදිහත්වීම මෙලෙස එම ඇප් මෘදුකාංග ඉවත්වීමට හේතුව ලෙසටයි ඔවුන් දක්වා සිටින්නේ. කෙසේ නමුත් දැනට මෙම ඇප් මෘදුකාංග භාවිතාකරමින් සිටින්නන්හට ඉදිරියටත් ඒවා භාවිතාකිරීමට හැකිවන මුත් යාවත්කාලීනයන් නොලැබෙනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.

2013-03-14

ගූගල් රීඩරය නොවසන ලෙසට ඉල්ලමින් ඔන් ලයින් පෙත්සමක්!!!!!!

ගූගල් ආයතනය ගෙවී ගිය දිනයේ කල නිවේදනයකින් පැවසුනේ  තම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබමින් සිටින සේවා කිහිපයක් අවසන්කර දමන්නට තීර්නය කර ඇති බවකි. ඒම සේවා අතර ගූගල් රීඩරය පිලිබදවද සදහන්ව තිබූ අතර ආයතනය පවසා සිටියේ ගෙවීගිය කාලය තුල ක්‍රමයෙන් එහි භාවිතය අඩුවෙමින් පැවතීම බවයි. එලබෙන ජීලි පලමුවන දා අවසන් කරන්නට නියමිතකර ඇති මෙම සේවාව තවදුරටත් පවත්වාගෙන යාමට ඉල්ලාසිටිමින් එහි භාවිතාකරන්නන් මේ වන විට ඔන් ලයින් ආකාරයේ පෙත්සමක් සදහා කටයුතු කර ඇති අතර මේ වන විට එහි 41289 අධික පිරිසක් තම එකගත්වය ලබා දී ඇති බවටයි සටහන් වන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් මෙම ඉල්ලීම සදහා දායකත්වය පලකල හැකිවනු ඇත.

partition manager මෘදුකාංගයක්...

මෙම නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංගය පරිගණකයේ පාටිෂන් මැනේජර් කාර්යය සදහා ඉදිරිපත් වන්නකි. වින්ඩෝස් එස්.පී වල සිට වින්ඩෝස් 7 දක්වා වන මෙහෙයුම් පද්ධහ්ටි සමග සහයෝගයෙන් කටයුතු කරන මෙම මෘදුකාංගයේ 32 බිට් හා 64 බිට් යන දෙයාකාරයේම සංස්කරනයන් ගෙන් සමන්විත වනවා.එයින් ලබාදෙන සේවා අතර පාර්ටිෂන් එකක ප්‍රමානය වෙනස් කිරීම , කොපි කිරීම , අලුතින් නිර්මානය කිරීම, ෆෝර්මැට් කිරීම , කන්වර්ට් කිරීම , හයිඩ් කිරීම ඇතුලු සේවා කිහිපයකින් සමන්විත වන බවයි සටහන් වන්නේ. මෙම නොමිලේ භාවිතාකල හැකි සංස්කරනය පෞද්ගලික භාවිතාවන් සදහා පමනක් වන බවයි ඔවුන් පවසන්නේ.
http://siriwansa.com/SOFTWARE.php

වාරනය සේවා සපයන ආයතනිකවද සිදුවේ........

සැබවින්ම අන්තර්ජාලය තුල වාරනය සිදුවන්නේ අප සිතනා පරිදි  රජයන් වැනි  ආයතන ඔස්සේ පමනක්ම නොවේ. අප නොදැනුවත්වම උවද අප වෙත සේවා ලබා දෙන ආයතන ඔස්සේද එම කාර්යය සිදුවේ. උදහාරනයක් ලෙසට ගූගල් නැතිනම් ෆේස්බුක් වැනි  සේවාවන් තුලද නිරන්තරයෙන් භාවිතාකරන්නන්ගේ දත්තයන් පෙරීම් වලට ලක් කෙරේ.එහිදී එම ආයතනයන්ගේ අකමැත්ත පලවන දෑ ඉවත්වීම නිරන්තරයෙන් සිදුවන බවයි හදාරන්නන් පවසන්නේ. එම යාන්ත්‍රනයන් තුලදී අසැබි දෑ වැනි සමස්තයක් ලෙස පිලිගත් දෑ පමනක් නොව ඔවුනගේ අරමුනු වලට පටහැනි දෑ අන්තර්ජාලය තුල මතුපිටට පැමිනීම වැලැක්වීමට කටයුතු කරමින් සිටින බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ස්කයිප් 6.3.60.105 සංස්කරනය නිකුත්වේ.....

ලොව පුරා මිලියන ගනනක් පෞද්ගලික මෙන්ම ව්‍යාපාරිකව භාවිතාකරන ප්‍රකට සේවාවක් වන  ස්කයිප් මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්ව තිබෙනවා. ක්ශනික පනිවිඩයක් යවන්නට , වීඩියෝ ආකාරයට තවකෙකු හා සම්බන්ද වන්නට , ගොනු බෙදා හදා ගන්නට ඔබගේ ජංගම උපාංගයක්, පරිගණකයක් , මෙන්ම රූපවහිනී යන්තරයක් ඔස්සේ ක්‍රියාත්මක කල හැකි මෙම මෘදුකාංගය සමග වන සේවාව මුදල් ගෙවා මෙන්ම නොමිලේ භාවිතාකල හැකි ආදී ලෙසට දෙයාකාරයෙන් වන බවටයි පැවසෙන්නේ.දුර බැහැර වෙසෙන නෑදෑ හිත්වතුන් සමග සුපුරුදු හිතවත්කම් නෑවත පවත්වාගෙන යන්නට සහය වන බහුල භාවිතයක් ඇති මෙම මෘදුකාංගය හරහා පහසුවනු ඇත.
Skype 6.3.60.105
Portable Skype

ගූගල් සේවා කිහිපයක්ම අවසන් කිරීමේ නිවේදනයන් නිකුත්වේ...

ගූගල් ආයතනය වෙතින් නිකුත්වන නිවේදනය කට අනූව පැවසෙන්නේ එලබෙන ජූලි පලමුදා සිට ගූගල් රීඩර් සේවාව නිමා කිරීමට තීර්නය කර ඇති බවකි. 2005 වසරේදී මුලින්ම හදුන්වාදුන් මෙම සේවාව ඔස්සේ වෙබ් අඩවීන් වල පලවන දෑ පහසුවෙන් එක් පි‍ටුවක් මතට ලබා ගැනීමට භාවිතාකරන්නාහට හැකිවූ අතර ආයතනය පවසන්නේ අඩු භාවිතාව නිසා තමන් මෙම තීර්නයට එලබි බවකි. එසේම තම Google Cloud Connect  සේවාවද එලබෙන අප්‍රේල් 30 වනවිට අවසන් කරන්නට තීර්නය වී ඇති අතර භාවිතාකරන්නන් හට ඔෆීස් මෘදුකාංගය හරහා නිර්මානය වන ගොනු පහසුවෙන් ගූගල් ඩ්‍රයිව් වෙතට නංවන්නට එයින් පහසුකම් සලසාදී තිබුනා.එහෙත් ගූගල් ආයතනය පවසන්නේ Google Drive desktop client  හරහා එම කාර්ය පහසුවෙන් ඉ‍ටුකරගැනීමේ හැකියාව දැන් පවතින බවයි. එසේම ගූගල් අර්ත් හා ගූගල් මැප් මතට ත්‍රිමානව ගොඩනැගිලි අනුරූ ලබාදීමේදී සහයවූ Google Building Maker සේවාවද එලගෙන ජූනි පලමුවෙනිදායින් අවසන් වන බවට පැවසෙනවා.

මයික්‍රසොෆ්ට් පේන්ට් මෘදුකාංගය නව මුහුනුවරකින් වින්8 ඇප් එකක් ලෙසට.....

මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධති මෘදුකාංගය සමග එන පේන්ට් මෘදුකාංගය වෙත නව මුහුනුවරක් ලබාදීමට තීර්නය කර ඇති බවටයි තොරතුරු හෙලිවෙමින් ඇත්තේ. වින්ඩෝස් 8 සදහා නිකුත්වූ රූපවහිනී වෙළඳ දැන්වීම් සමගද මේ පිලිබදව යම් ඉගිකිරීම් දක්නට ලැබුනු අතර මේ වන විට මයික්‍රසොෆ්ට් ඉදිරි සැලසුම් අතර මේ පිලිබදව සදහන් වෙමින් පවතිනවා. මයික්‍රසොෆ්ට් මොබයිල් ඇප් එකක් ලෙසට නුදුරේදීම එය නිකුත්වනු ඇති බවට මෙන්ම වින්ඩෝස් බ්ලු මෙගා මට්ටමේ යාවත්කාලීනය සමගත් එය නිකුත්වනු ඇති බවටයි අනුමාන වෙමින් පවතින්නේ.හෙලිවෙමින් ඇති කරුනු පවසන්නේ පේන්ට් මෘදුකාංගය වඩාත් අංගයන්ගෙන් සමන්විතව පැමිනෙනු ඇති බවයි. ත්‍රිමාන ආකාරයේ නිමැයුමක් ලබා  ගැනීම වැනි වැඩි දියුනු කිරීම් කිහිපයක් එය සමග එනු ඇති බවටද කරුනු හෙලිවෙමින් පවතිනව.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...