2013-03-20

Samsung වෙතින්ද ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක්

දත්ත උපාංගයන් දෛනික ජීවිතයේ භාවිතාවන උපකරන අතරට සැගවයෑමට උත්සාහ කිරීම ක්‍රමයෙන් කැපී පෙනෙන සිදුවීමක් වෙමින් තිබේ. උපැස් යුවලට ,  ජංගම දුරකථනයට  මෙන්ම ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුව දෙසටද එම චලනයන් සනි‍ටුහන් වෙමින් පවතී. ඇපල් ආයතනය තම iWatch ඔස්සේ වෙළඳ පොලට පිවිසෙන්නට කටයුතු කරමින් සිටින අතර Samsung ආයතනයද ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක් සමග වෙළඳ පොල වෙත අවධානය යොමුකරමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. Samsung ආයතනය මීට පෙර අත් ඔරලෝසුව මතට දුරකථනය පහසුව අඩංගු කිරීමේ  උත්සාහයක යොදුනු මුත් විශාල මට්ටමේ තිර භාවිතය ස්මාර්ට්දුරකථනවල ප්‍රවනතාවයක් වෙමින් ඇති නිසා එය එතරම් සාර්ථක නොවීමක් දක්නට ලැබුනා.
                                               මෙම ස්මාර්ට් මට්ටමේ ඔරලෝසුව භාවිතාකරන්නාගේ දුරකථනයේ හෝ ටැබ් පරිගණකයේ සහය උපාංගයක් නැතිනම් දෙවන තිරය ලෙසට පැමිනීමේ වැඩි ඉඩකඩක් ඇති බවට මත පලවෙමින් ඇති අතර එය පුවත් සිරස්තල පැමිනෙන පනිවිඬ පිලිබද දැනුම් දීම් වැනි සරල භාවිතාවකින් ඔබ්බටයාමේ හැකියාව ඇති සීමිත ඉඩ සමග අභියෝගයක් බවටයි සැලකෙන්නේ. ඇපල් ආයතනය තම "සිරි" නම් කටහඬ හදුනා ගැනීමේ තාක්ශනය යොදා ගනිමින් එය හැසිරවීමේ මතුවන ගැටලු ජයගන්නට උත්සාහ කරනු ඇති බවටයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...