2013 කාලයේ පැතිර ගිය නොනිල නිවේදනයකින් පැවසුනේ Nokia ආයතනය smart phone සදහා location tracing උපාංගයක් Treasure Tag නමින් නිපදවමින් සිටින බවකි. Nokia ආයතනය මේ වන විට තම නව tracking product නිකුතුව පලමුව Windows Phone Lumia smartphones සදහා නිකුතුවට සූදානම් බවකි. එම ආයතනය පැහැදිලි කරන්නේ කුඩා matchbox-sized ප්රමානයේ මෙම උපාංගය NFC හෝ Bluetooth ඔස්සේ දුරකථනය සමග සම්බන්දවන්නට හැකිවන අතර භාවිතාකරන්නා එම උපාංග දෙකම සහිතව බැහැරවන්නේ නම් එය හඬ නගන්නට පටන් ගන්නා බවය. එසේම යම් ආකාරයකින් එම හඬ නැගීම මග හැරුන හොත් Lumia සදහා වන Windows Phone app එකක් සමග map සහයෙන් එය නැවත සොයා ගන්නට සහය වනු ඇති බවකි. මෙම Treasure Tags හතරක් එක Lumia දුරකථනයක් සමග සම්බන්ද කරන්නට හැකි අතර වැන හතරකින් තොරා ගෙන දෛනික ජීවිතයට වඩාත් අදාල වාහනයේ යතුර සමග නැතිනම් බැගය සමග වැනි ඒවා සමග සම්බන්ද කර තැබිය හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. nokia ආයතනය පවසන්නේ මෙම සහය සදහා Lumia Black update සහිත විය යුතු අතර බාහිර app සහය ඔස්සේ iOS හා Android උපාංග වෙතට සම්බන්ද වීමට හැකිවනු ඇති බවයි. මෙම උපාංගය එල බෙන අප්රේල් වලදී ඩොලර් 29.9 කට වෙළඳ පොල වෙතට නිකුත්කරන්නට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් සදහන් වුනේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label Nokia. Show all posts
Showing posts with label Nokia. Show all posts
2014-02-20
2014-02-17
Nokia සමග Android මුසුවීම Nokia X නමින් එලබෙන සතියේ නිවේදනය වීමේ ඉඩක්????
Nokiaආයතනය විසින්ද Android මූලික දුරකථනයක් නිකුත් කිරීමේ තොරතුර වඩාත් සනාත කරමින් මේ වන විට Nokia X හි වෙළඳ ප්රවර්ධනය සදහා යොදා ගන්නට සැලසුම්ව ඇති බවට විස්වාස කල හැකි image එකක් අන්තර්ජාල වෙතට පැමින ඇති බවට වාර්ථා වෙනවා. මෙම සටහන අනූව Nokia X හි logo වද දක්නට ලැබෙනවා. දැනට පලවී ඇති තොරතුරු පවසන්නේ මෙම Android දුරකථනය සදහා වෙනම UI එකක් භාවිතාවන්නට සැලසුම් ව ඇති අතර ඒය Google Play වැනි අමතර සර්වරයන් සදහා සම්බන්ද නොවන්නට නියමිතව ඇති බවටයි වාර්ථා වන්නේ. අඟල් හතරක ස්ක්රීනයක් සමග පැමිනෙන එය 1GHz Qualcomm Snapdragon ප්රොසෙසරයක්( dual-core) සමග මෙගා බයිට 512ක රැම් පතක් සමග පැමිනෙන්නට නියමිත බවටයි සැලවන්නේ. budget-priced smartphone එකක් ලෙසට සැලකෙනමෙම නිකුතුව පිලිබදව නිල නිවේදනය එලබෙන සතියට නියමිත සමුවකශී සිදුවනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා.
Lumia 1520 වලට Skirt එකක්ද විය හැක...
Nokia ආයතනයේ Lumia 1520 ස්මාර්ට් දුරකථනය වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය සමග වෙළඳපොලට පැමිනි සාර්ථකම නිපැයුමක් ලෙසට පිලිගැනෙනවා. අඟල් 6 ප්රමානයේ මෙම දුරකථනයට හුදු ස්මාර්ට් දුරකථනයක් ලෙසට පමනක් නොව සොඳුරු කාන්තාවකට තම ගත සරසන skirt එකක ලෙසටද භාවිතාවීම හැකියාව පැවතින බව එය මුලින්ම සැලසුම් කල සැලසුම් කරුවන් හට සිහිනයකින් වත් සිතන්නට ඉඩක් නොතිබෙන්නට ඇත. Nokia ආයතනය Fyodor Golan නම් මොස්තර සැලසුම් කරුවන්ස් සමග එක්ව Lumiya 1520 දුරකථන 35ක් භාවිතාකරමින් නිර්මානය කරන මෙම Skirt විලාසිතාව London පැවත්වීමට නියමිත Fashion Week සදහා ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවටයි නිවේදනය වන්නේ. මෙම දුරකථනය සතු GPS features ඔස්සේ නිර්මානය වන එය විවිද කෝනවටට සෙලවීමේදී විවිධ වර්න ගැනීමේ හැකියාවක් සමග 3D මුද්රන හැකියාව හා Python සහ C# පරිගණක භාෂා ඔස්සේ සංවර්ධනය කරන ලද වැඩ සටහනක් මෙම විලාසිතාව වැර්ණ්වත් කර ගැනීමට යොදා ගෙන ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙම ඇඳුම් නිර්මානය එයට ඉදිරිපත් වන බොහෝ විලාසිතාවන් ලෙසටම අලවිය සඳහා ඉදිරිපත් නොකරන්නට නියමිතව ඇති බවටත් එම නිවේදනය පවසනවා.
2013-10-10
Nokia වෙතින් Symbian හා MeeGo OS සදහා අමතර සහය දැක්වීම 2014ට නැත....
Nokia ආයතනය මයික්රසොෆ්ට් ආයතනය සමග එලබි එකගතාවය සමග ඉදිරි මාස කිහිපය තුල මයික්රසොෆ්ට් අනන්යතාවය සහිත වෙළඳ පොල වෙත තම නිෂ්පාදන යාන්ත්රනය යොමුකරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.පලවන නවතම පුවතක් පවසන්නේ එලබෙන ජනවරි පලමුදා සිට Nokia ආයතනය තම Symbian හා MeeGo OS වෙත අමතර සහය දැක්වීම අවසන් කරන්නට තීර්නය කර ඇති බවකි. ඒ අනූව මෙව සදහා නවා ඇප්ස් හා භාවිතාවෙමින් ඇති ඇප්ස් සදහා නව යවත්කාලීන ලබාදීමේද මෙදිනින් පසු අවසන්වනු ඇති බවටයි සටහන් වන්නේ.එම ආයතනය තම අප්ස් මෘදුකාංග සංවර්ධකයින් වෙතට යොමුකරමින් ඇති ඉමේල් පනිවිඩයක් ඔස්සේද පවසා සිටින්නේ Nokia Storeව තවදුරටත් ක්රියාත්මක බවත් බාගත කරගැනීම් මෙන්ම සංවර්ධකයන් සදහාවන ගෙවීම් සියල්ල ඉදිරියටත් සිදුවනු ඇති නමුත් නව ඇප්ස් ලබා ගැනීම හා ඒවා සදහා යාවත්කාලීන ලබා ගැනීම් එලබෙන ජනවාරි පලමු වැනිදායින් පසුව අවසන් වන්නට නියමිත බවකි.ආයතනය නිල වශයෙන් පසුගියදා පවසා සිටියේ තමන් Symbian වෙත සහය දැක්වීම 2016 දක්වා සිදුවනු ඇති බවකි.
2013-10-09
තොරතුරු ලෝකයට ඔක්තෝබර 22 කාර්ය බහුලය!!!!
එලබේ ඔක්තෝබර 22 ඇපල් ආයතනය තම මාධය හමුව සදහා සූදානම් වෙමින් සිටින බවටයි නොනිල ආරන්චිමාර්ග පවසන්නේ.එම ආයතනය මෙදිනට මීලග පරම්පරාවේ iPads නිකුතුව කරනු ඇති බවට බලාපොරොත්තු වන්නේ Macbook Pro ද සමගිනි.මෙදින වාඩාත් කාර්ය බහුල දිනයක් වනු ඇති බවට බලාපොරොත්තු වන්නේ Surface 2 උපාංගයද වෙලඳ පොලට නිකුත්වීම මෙදිනට සිදුවන්නට නියමිත බැවිනි. එසේම Nokia හි වින්ඩෝස් RT ටැබ්ලටය පිලිබදව නිවේදනය කිරීමද මෙදිනම සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
ඇපල් ආයතනයේ OS X Mavericks හා Mac Pro නිකුතුවන් පිලිබදව තොරතුරු මුලුන්ම හෙලි කොට සිටියේ මෙම වසරේ මුල්භාගයේ පැවති WWDC වලදීය.පස්වන පරම්පරාවේ ipad උපාංගය A7X 64-bit ප්රොසෙසරයක් සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන්නේ වැඩි දුයුනු කල මෙගා පික්සල 8ක කැමරාවකද සමගිනි.තොරතුරු උපාංග ලෝකයේ නව තරගකාරී යුගයක සංකේතවත් බවක් මෙම සිදුවීම් සමගම වඩාත් පැහැදිලි වන බව හදාරන්නන් නිර්වචනය කරමින් සිටී. ඇපල් ආයතනය සාමන්යයෙන් ඔක්තෝබර මාසය තම නිකුතූන් සදහා යොදාගැනීම සාම්ප්රධායිකව සිදුවන කටයුත්තක් ලෙසට පිලිගැනෙන අතර එලබෙමින් ඇති වර්ෂ අවසාන නිවාඩුව එහි ප්රධාන ඉලක්කයක් ලෙසටයි හදාරන්නන් පවසා සිටින්නේ.
2013-09-26
NOKIYA වෙතින් නව උපාංග 6ක්!! Dell යලිත් ARM tablet වෙළඳ පොලට!!
මයික්රසොෆ්ට් හා අත්වැල් බඳගත් NOKIYA ආයතනය එලබෙන ඔක්තෝබර 22දා තම Nokia World press event සමග නව උපකරන 6ක් පිලිබදව ප්රකාශයට පත්කරනු ඇති බවටයි වාර්ථාවන්නේ. එලබෙන 2014 ප්රතම කාර්තුවේ වෙළඳ පොලට නිකුත්වෙතැයි බලාපොරොත්තුවන මෙම ඉදිරිපත් කිරීම් වෙනුවෙන් එම ආයතන ය තම උපරිම ධාරිතාවයෙන් කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. දැනටමත් නිඅල් නොවන ලෙසට පලවී ඇති තොරතුරු වලට අනුව ඔවුනගේ 6-inch Lumia 1520 සමග උපාංග ලොකයේ එකි නෙකට වෙනස් පුලුල් අවකාශයක පැතිරුනු උපකරන පෙලකින් මෙම ඉදිරිපත්කිරීම සමන්විත වන්නට ඉඩ ඇති බවටයි පිලිගැනෙන්නේ.
මේ අතර Dell ආයතනය එලබෙන සතියේදී තම හමුවකදී ARM-based Windows table උපකරනයක් නිකුත්කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවටයි අලුත්ම වාර්ථාවක් පවසන්නේ. ඊයේ වන විට මයික්රසොෆ්ට් ARM tablet වෙළඳ පොලතුල එකම නිෂ්පාදකයා වනු ඇති බවට වූ අනාවැකිය යලිත් වෙනස් වනු ඇති බවටයි විචාරනය වන්නේ.අඟල් 10.8 මට්ටමේ මෙම උපකරනය Qualcomm ප්රොසෙසරයකින් හා 2GB රැම් මතකයකින් සමන් විත වනු ඇති බවටත් හා 64 මෙගා බයිට ස්තීර මතකයකින් මෙන්ම 4G LTE ස්තීරව සවිවූ රිසීවරයකින්ද සම්න්විත වනු ඇති බවටයි හෙලිව ඇති තොරතුරු පවසන්නේ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්රධායික අනන්යතාවය මහත් න...





