2020-01-30

පරිණතවූ ගනකයේ කථාව.

පරිණතවූ ගනකයේ කථාව වඩාත් අපූරු එකකි. මිනිස් මනසේ ශක්‍යතාවය අනන්තය තෙක් දිගු කරන්නට එයට ගතවූයේ දශක දෙක තුනකි. එලබෙමින් ඇත්තේ පොලෝතලය පුරූ විසිරුනු අපමන බුද්ධි ගුලාවන් එකිනෙක යාවෙමින් නිර්මාණය වන විශ්ව මනසේ යුගයයි. පරිගණකය නැතිනම් ඔබේ තොරතුරු දිවිය ගැන වෙනස් කියවීමක් අවශ්‍ය වන්නේ එලබෙන යුගය වඩාත් වෙනස් එකක් වන්නට නියමිත බැවිනි.
- Pubudu Siriwansa

2020-01-29

විශ්ව සංචාරකයින් ..

එදා වසර දස දහස් ගනනකට පෙර දවසක අපේ මුතුන් මිත්තන් කුඩා කන්ඩායම් ලෙසට වනාන්තරයේ සරන විට අනතුරක් හමුවේ පලා යන්නට රැහේ එකි නෙකා අතර හුවමාරුවූ සරල හඩේ සිට අද ලොවපුරා සෑම අස්සක් මුල්ලක් නෑර ක්ෂනයකින් තොරතුරක් බෙදා හදා ගන්නට සහය වන අන්තර්ජාලය දක්වා ගමන අතර තුර විශ්වයේ කොයිතරම් නම් ජීව සංස්කෘතීන් අවසන්ව යන්නට ඇත්ද? එලබෙන දශක දෙක තුන තුල අප විශ්ව සංචාරකයින් වන්නට ඇත්තටම ඉඩක් නැතිමද?
" Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-26

මිනිසා Vs සමාජය

පුද්ගලයෙක් කියන්නේ ආශා පද්ධතියක්. සමාජයක් කියන්නේ නීති පද්ධතියක්. මේ අර්ථයෙන් බලන කොට ලාංකික නිදහස් පුරවැසියාගේ ආකෘතිය වෙන්නේ තම ආශා පද්ධතියට නිදහස හොයන කෙනෙක්. යුරෝපීය පුරවැසියා යනු පෙර කී සමාජය තුල නිදහස් වන පුරවැසියාවයි. ඒක නීතිය විසින් හික්මවන ලද මිනිස් සංස්කරනයක්.
- Pubudu Siriwansa

2020-01-24

ස්මාර්ට් ලේයරය ..

ස්මාර්ට් ලේයරය ප්‍රාතමික යාන්ත්‍රනයක් උත්කර්ෂකරවයි. එය හුදු යාන්ත්‍රික ආකාරයටම නොව තීරනයමය ආකාරයට එය උස්තල ගන්වන ආකාරය අපූරුය. කාර්යක්ශම කරන ආකාරය විස්මිතය.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-01-23

පරිණතවූ ගනකයේ කථාව.

පරිණතවූ ගනකයේ කථාව වඩාත් අපූරු එකකි. මිනිස් මනසේ ශක්‍යතාවය අනන්තය තෙක් දිගු කරන්නට එයට ගතවූයේ දශක දෙක තුනකි. එලබෙමින් ඇත්තේ පොලෝතලය පුරූ විසිරුනු අපමන බුද්ධි ගුලාවන් එකිනෙක යාවෙමින් නිර්මාණය වන විශ්ව මනසේ යුගයයි. පරිගණකය නැතිනම් ඔබේ තොරතුරු දිවිය ගැන වෙනස් කියවීමක් අවශ්‍ය වන්නේ එලබෙන යුගය වඩාත් වෙනස් එකක් වන්නට නියමිත බැවිනි.
- Pubudu Siriwansa

2020-01-22

වෙනස් කරමින් ...

අපි අපව වෙනස් කරමින් සිටිනවා. අපි අපේ අවට වෙනස් කරමින් සිටිනවා. එපමනක් නොව අපි අපගේ අනෙකා ගෙනුත් වේගයෙන් ඈත් වෙමින් සිටිනවා. වැදගත්ම කාරනය තමයි වසර දහස් ගනනක් අපව රැකගත් ස්වභාව ධර්මයේ ප්‍රධාන කොන්දේසි වලින් පවා ඉවත් වෙමින් සිටිනවා. භ්‍යානකම කාරනය තමයි මේ ඉවත්වීම තව කොතරම් දුරකට අපේ ස්වාභාවික මූලයන්ට දැරිය හැකි වේවිද යන්න.
" Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-21

විශ්ව සංචාරකයින් ..

එදා වසර දස දහස් ගනනකට පෙර දවසක අපේ මුතුන් මිත්තන් කුඩා කන්ඩායම් ලෙසට වනාන්තරයේ සරන විට අනතුරක් හමුවේ පලා යන්නට රැහේ එකි නෙකා අතර හුවමාරුවූ සරල හඩේ සිට අද ලොවපුරා සෑම අස්සක් මුල්ලක් නෑර ක්ෂනයකින් තොරතුරක් බෙදා හදා ගන්නට සහය වන අන්තර්ජාලය දක්වා ගමන අතර තුර විශ්වයේ කොයිතරම් නම් ජීව සංස්කෘතීන් අවසන්ව යන්නට ඇත්ද? එලබෙන දශක දෙක තුන තුල අප විශ්ව සංචාරකයින් වන්නට ඇත්තටම ඉඩක් නැතිමද?
" Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-20

පිරිපහදු..

ප්‍රථමික විස්වාස පද්ධති පිරිපහදුකර සංස්කෘතියත්, සංස්කෘතිය පිරිපහදු කර විද්‍යාවත්, විද්‍යාව නැවත පිරිපහදුකර තාක්ෂණයත් නිපදවා ගන්නා ලදී.
"THATU MINISA"
- Pubudu Siriwanss

2020-01-19

ප්‍රාථමික තරු අළු සෙලවුමක්

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
- Pubudu Siriwansa

2020-01-18

Tharu Minisa

මිහිමත මිනිස් සටහනෙහි තොරතුරු තාක්ෂණයට හිමිවන්නේ අසමානතම තැතකි. එය ඔවුන්ගේ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සැම ආර්ථයකින්ම වන අවකාශ වෙත ගෙනැවිත් ඇති වෙනස් කම් අපමනය. මිනිසා තමා අවට අවකාශයෙන් නිර්මානය කරගෙන ඇති අපමනක් යාන්ත්‍රික කරනයන්ට තම මනස යාකිරීමෙන් තම ජීවවිද්‍යාත්මක ආධිපත්‍යයේ යුගය අවසන් කරනු ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-17

ඇලීම් Vs ගැටීම්

ලෝකයට ඔබ තුලින් ගලා යන්නට ඉඩ හරින්න. එකගද නොවන්න, එරෙහිද නොවන්න.
" අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට"
- Pubudu Siriwansa

අපව..

වෙළඳ පොල අපව වඩාත් සූදානම් ගනුදෙනුවක් ලෙසට ඌනනය කරන අතර නාගරික කරනය අපව වඩාත් කුඩා අංශු බවට පත් කරයි. තොරතුරු තාක්ෂණය අපව වඩාත් යාන්ත්‍රික පිටපතක් ලෙසට ඌනනය කරයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-16

ජීවිතය

ජීවිතය යාන්ත්‍රික කර දැමීම ඔවුන්ගේ ලාභයයි. ජීවිතයේ භාවමය වටිනාකම් රැක ගැනීම ඔබගේ ආත්මයයි.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-01-15

අප පසුකරමින් ..

අප පසුකරමින් සිටින්නේ තොරතුරු උපාංග ජීවිතය අවට පරිසරයේ සැගව යන යුගය වන අතර එලබෙමින් ඇත්තේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් ජීවිතය අවට සැගව යන යුගය ලෙසට මේ පැමිනෙන ප්‍රවනතාවය අපට වටහා ගන්නට හැකි වනු ඇත.
- Pubudu Siriwansa

2020-01-14

පරිගණකය

මිනිස් කථාන්දරයේ වන අපූරුතම අත්පත් කර ගැනීම පරිගණකය විය යුතුය. "මතක තබා ගැනීම" මෙන්ම "එම මතකයන් යලි යලි සැකසීමේ" හැකියාව මිනිස් කථාන්දරයේ කේද්‍රය වන "මනසේ" යාන්ත්‍රික කරන ලද අනුරුවයි. කෘතීම බුද්ධිය සමග උත්කෘෂ්ඨ වන එම වෙගවත් හා බහුල ජාලගතවීම සමග විශ්ව මනස සංකල්පයද ඉදිරියේදී සාර්ථකව අත්පත් කර ගනු ඇත.
- Pubudu Siriwansa

2020-01-13

අපව..

වෙළඳ පොල අපව වඩාත් සූදානම් ගනුදෙනුවක් ලෙසට ඌනනය කරන අතර නාගරික කරනය අපව වඩාත් කුඩා අංශු බවට පත් කරයි. තොරතුරු තාක්ෂණය අපව වඩාත් යාන්ත්‍රික පිටපතක් ලෙසට ඌනනය කරයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa

"සමාජය" යන එකමුතු අර්ථය ..

සෑම සමාජයක්ම පාලනය වන්නේ වටිනාකම් පද්ධතියක් ඇසුරෙනි. සමහර සමාජ වලදී මෙවායේ භාවිත අර්ථ හා න්‍යායික අර්ථ අතර එතරම් වෙනසක් නොවන විට සුව පහසු ජීවිත එහි සාමාජිකයන්ට හිමිවේ. සමහර සමාජ වල තත්වයන් වෙනස්ය. මේවා අතර මහත් වෙනසක් වේ. එම සාමජවල සෑම අර්ථයෙන්ම ජීවිතය වෙහෙසකරය. ඔවුන් එකිනෙක ගැට ගසන එම වටිනාකම් පද්ධති වල ව්‍යාජ බව එම සමාජ අංශුන්ව නිරන්තරයෙන් පීඩාවට ලක් කරයි. එවන් තැන් වලදී "සමාජය" යන එකමුතු අර්ථය නෙක ව්‍යාජයෙන් ව්‍යාජයට මාරු වෙමින් සැගවී සිටී.
- Pubudu Siriwansa

2020-01-12

පැන්සල් සිතුවමක්..

පැමිනෙන අඳුර නෙතුමානයේ වන සියල්ල පැන්සල් සිතුවමක් පමනක් බව පත්කරමින් ඇත. එය එලිය හා අඳුර පිලිබදව පමනක් වෙමින් ඇත. ඝන මිහිදුම් වැනි ස්වභාවය තැනින් තැන වෙනදාට දකින දැල්වෙන පහන් සිලු මුවා කර දමා තිබෙනවා විය යුතුය. විටක යෝධයන් මෙන් නැගී සිටින මිනිසුන් තවත් විටක අසරනයන් වන්නේ විටක හරිම අතාර්කික ලෙසටය. එම නගරයෙන් සමුගැනීම හෙටයි කියා තිබූ දිනයට පෙරදා දහවල මා දුන් දුරකථන ඇමතුම් කිසිවකට පිලිතුරු දෙන්නට අන් කෙරවලේ සප්‍රානික කිසිවෙක් නැතුවා වැනි විය. මා සේවය කල ආයතනයේ එම අධ්‍යන වසර සදහා මා වෙතට නියමිතව තිබූ අවසන් දේශනය අවසන් කල විගස ඇය සේවය කල ආයතනය වෙතට යන්නට මට අවශ්‍ය විය. ඒ වෙත ගිය මා ඔවුන්ගේ විවේකාගාරයේදී ඇයව හමුවිය හැකි බවට දැන්විනි. ඔවුනගේ විවේකාගාරයේ කවුලුවක් අසලවූ අසුනකට ව ඇය සිටියාය. මාදු‍ටු විට යාන්තමින් සිනාසුනු ඇය “මට ටිකක් හිසරදේ වගෙයි. විවේකයක් ගත්තිත් හොඳයි කියා සිතුනා” ඇය පත්ව ඇති සබෑතත්වය වසන් කරන්නට අසාර්ථක උත්සාහයක යෙදිනි. “ඔබට හොඳයි කියා සිතනවානම් අපි එලියට යමු”. තප්පර කිහිපයක් කල්පනා කල ඇය කල ඇය තම ටැබ් පරිගණකය ඔස්සේ අදාල අයැදුම ආයතනය වෙතට යොමු කලාය. වසරක් පුරාවට බොහෝ දේ කථාකරමින් මේ නගරයේ අපූර්ව පරිසරයන් මත හෝරා බොහෝ ගනනක් ඔබ මොබ සක්මන් කරමින් සිටි අප අතරට හදිස්සියේම තවත් හෝරා සියගනනක් කථාකරන්නට දේ පැමින ඇතුවා සේය. විනාඩි කිහිපයක් දැඩි නිද්‍රාවකින් මෙන් නිහඬව සිටි අප ටැබ් යන්ත්‍රය ඔස්සේ ඇයගේ ඉල්ලීම පිලිගත්බවට පැමිනි ආයතනයේ පනිවිඬය සදහා වූ සිහින් හඬින් අප නැවත පියවි ලොවට පැමිනුනා මෙන්විය
- Pubudu Siriwansa

"ලීක් වුනු ලින්ක්" වල අර්බුධය.

සිංහල බෞද්ධ ආකෘතියට අනූව සැලකීමේදී රාජ සභාවෙන් ආරම්භව ගමේ පංසලේ බණ මඩුවෙන් අවසන් වුනු ජන මාධ්‍ය හැකියාව ස්මාර්ට් උපාංගයක් හරහා සමාජ ජාලා වැනි අවකාශයන් සමග පුද්ගල ගතව ඇත. හදාරන්නන් පවසන්නේ සමස්ථ ලෝකය පුරා නෙක සමාජ වල මේ නව ප්‍රවනතාවය අඩු වැඩි ලෙසින් අර්බුධයක්ව තිබෙමින් ඇති බවය. පෞද්ගලිකත්වයේ සීමාව හා ප්‍රධාන මාධ්‍ය හැකියාවක සීමාව පෙර දැනුම් දීමකින් තොරවම එකිනෙක ආක්‍රමනය වී අර්බුධයක් නිර්මාණය කර ඇතුවා සේය. පුවත් පත, ගුවන්විඳුලිය, රූපවාහිනිය වැනි මාධ්‍ය ආධිපත්‍ය රාජ්‍ය හෝ ප්‍රාග්ධන හැකියාවෙන් මිදී සමාජ අංශූන් මතට පැමින තිබේ. තත්වය වඩාත් අර්බුධකාරී වෙන්නේ පෙර යුගවලදී අත්පත් කර ගත යුතු අවම විනය වත් නොරැගෙන නව අවකාශයට පිවිසීමය.
- Pubudu Siriwansa

වඩාත් දියුනු මිනිසෙකු ..

තාක්ෂණික සාධකය වඩාත් දියුනු මිනිසෙකු ඉල්ලා සිටී. පරමානු බෝම්බ වලින් ෆුට්බෝල් ක්‍රිඩාව නුවණැති ක්‍රියාවක් නොවේ. අනුවණ සරල ක්‍රියාවක් සමස්ථ මිනිස් කථාන්දරයම වුවද අවසන් කර දමන්නට කටයුතු කරනු ඇත.
" Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-10

මිහිමත මිනිස් කථාන්දරය ..

මිහිමත මිනිස් කථාන්දරය එලබෙමින් ඇත්තේ තාක්ෂණික යුගය වෙතය. ස්වාභාවික මිනිස් කථාන්දරයේ අග්‍ර ඵලය වූ මනස යාන්ත්‍රික කිරීම එම ගමනේ ප්‍රධාන හැරවුමක් ලෙස මේ වන විටත් සටහන් වෙමින් ඇත. නුදුරේදීම AI සමග එම හැරවුම සම්පූර්න වනු ඇත. ඉන් පසුව විශ්වයේ තවත් ග්‍රහලොවක වන ජීවීන් කොටසක් ස්වභාවික ක්‍රියාවලියේ ආධිපත්‍යයෙන් සමු ගැනීම සටහන් වනු ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-09

සාර්ථක දේශනයක් ...

සාර්ථක දේශනයක් යනු ප්‍රබල ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි.
- Pubudu Siriwansa

2020-01-08

ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය.
- Pubudu Siriwansa

2020-01-07

සමාජයේ e-සංස්කරනය..

සමාජ ජාලා යුගය සාම්ප්‍රධායික මාධ්‍ය යුගය මුලුමනින් අවසන් කර ඇත. විශාල ප්‍රග්ධන සමුච්චයක අයිතියක් වූ මාධ්‍ය භාවිතාව ඉතා සරල හැකියාවක් බවට පත්කර ඇත. සමහර විට ලෝක මට්ටමේ මාධ්‍ය වලට වඩා වේගයෙන් දෑ සමාජ ගත කරවන්නට සමාජ ජාලා සමත්වන ආකාරය හදාරන්නන් විමතියට පත්කර ඇත. විනෝද භාවිතාවක සිට වේගයෙන් එය වගකිව යුතු හෙට දවස වෙනුවෙන් ඉදිවන සමාජයේ ඊ සංස්කරනය වනු ඇති බවට ඔවුන් එකග වෙමින් ඇත.
- Pubudu Siriwansa

2020-01-05

යාන්ත්‍රික ශිෂ්ඨාචාරයක්..

"තරු මිනිසා" සමග කථාකරන්නට අවශ්‍ය වුනු එක් සංකල්පයක් තමයි අනාගතයේ වෘතිකයාට තම කැමැත්ත පරිදි කෘතීම බුද්ධියත් සමග ගොඩ නගන්නට හැකිවෙන "දත්ත ප්‍රතිරූපය". එහි හිම්කරු විශ්වයේ කොයි පෙදෙසක විසුවද ඔහුගේ මනස තුල නිර්මාණය වන නව ප්‍රවනතා සමග නිරන්තරයෙන් වර්ධනය වන මෙම අනන්‍යතාවය ඔහුගේ වටිනාකම වීම.
සමහර විට බොහෝ දුර අනාගතයේදී පෘතුවිය මතින් ජීවවිද්‍යාත්මක සාධකය අවසන්ව යාන්ත්‍රික සාධකය මත ක්‍රියාත්මක වන ශිෂ්ඨාචාරයක් පිලිබඳ ආරම්භයක ඉගියක් එහි නොවෙනවාම නොවේ.
- Pubudu Siriwansa

නිර්මාණශීලී ව්‍යවසායකත්වය ..

නිර්මාණශීලී ව්‍යවසායකත්වය යනු ලෝකයෙන් ජීවිතයකට ලබා ගත හැකි අපුරුතම තිලිනයකි. වඩාත් තරගකාරී භාණ්ඩයක් හෝ සේවාවක් නැතිනම් අලුතින් හඳුනා ගන්නා අවශ්‍යතාවයක් සපුරන භාණ්ඩයක් හෝ සේවාවක් කේද්‍රීයව ලෝකය මත ඉදි කරන යාන්ත්‍රනය මිනිසෙකුට ලොවට දිය හැකි අපූරුතම ජීව්ත සටහනකි.
- Pubudu Siriwansa

2020-01-04

ඇල්ගෝරිතමයන් ...

ඔබගේ අවශ්‍යතාවයන් ඇල්ගෝරිතමයන් ඔස්සේ තාර්කික කොටස් වලට කඩා දමනතාක් එය ඔබට යටත්ය. ඔබේ අවශ්‍යතාවයන් නිර්මානය වන ආකාරය අල්ගෝරිතමයක ඔස්සේ තාර්කික කොටස් වලට සාර්ථකව කඩා බිඳ දමන දිනයේ සිට ඔබේ ස්වාමීත්වය ඔබට අහිමි වනු ඇත.
- Pubudu Siriwansa

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට.. 03

සෙන් දහමින් ඔප වැටුනු ටිබෙටියානු මිතුරාගේ මනස තියුනු අවියක් වැනිය. එය දෑ විනිවිද යන්නේ අසුරු සැනකිනි. ආලෝකමත් සමහර සැදෑවල සක්මන් මලුවේ සුදු වැලිතලයමත තම සිතුවිලි සිතුවම් කරන්නේ ඇගිලි තුඩකිනි. " සැදෑව දවසේ පමනක් නොව ජීවිතයේ අපූරුතම හොරාවන් යැයි මම සිතමි". විටින් විට නිරන්තරයෙන් ඔහුගේ මුවින් පැමිනෙන වදන් වැලකි ඒ.
- Pubudu Siriwansa

2020-01-03

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට.. 02

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට.. 02
ලොකු ස්වාමීන් වහන්සේ තත්වය පැහැදිලි කරන්නේ වඩාත් වෙනස් ආකාරයකටය. කඳුමුදුනත වෙතට පිවිසෙන්නට අසාමාන්‍ය ලෙස කල බල වෙන්නන් වෙතට පවන්නේ " ඔබේ පාපයට එකවරම විවෘත නොවන්න. එය මහත් වෙහෙසකර වනු ඇත. විටක ඔබව කඩා බිඳ දමන්නට පවා දරුනු විය හැක".
මද සිනාව උන් වහන්සේගේ සංකේතයක් බඳුය. ඒ තැන්පත් සිනාවේ අර්ථය විචල්‍යයයකි. දහමට ඔබට වන අර්ථ සීමා සමග අනන්තය දක්වා යලි යලිත් තේරුම් ගෙනෙන සුළුය.
"ආරම්භයේදී ඔබට මා දෙස ගුරුවරයෙකු ලෙසින් බලන්නට සිදුවුවද ඉමනින් ඔබ ඔබ දෙස බලන්නට පුරුදු විය යුතුය. ඔබ එම ගමන ඉදිරියටම යන්නේ නම් හමු වන සංදිස්ථානයකදී අප අතර වන මමවල් බිඳ වැටෙනු ඇත". සමහරුන්ට මෙහි අරුත ඉක්මනින් තේරුම් ගියද සමහරුන් සදහා වසර ගනනක් පවා අවශ්‍ය විය හැක. ඒ ඔබ ඔබව රැස්කරගෙන ඇති ප්‍රමානයේ හා හැඩයේ තරම අනූවය. 
- Pubudu Siriwansa 

2020-01-02

ප්‍රජාතන්ත්‍රවාදය ...

රජා පුරවැසියන් අතර තනුකවීම නොහොත් ප්‍රජාතන්ත්‍රවාදය දිගු මිනිස් කථාන්දරයේ විශාල අත්පත් කර ගැනීමකි. ස්වාභාවික ආහාර දාමයේදී තම කන්ඩායමේ ආරක්ශාව වෙනුවෙන් ඉදිරි පත්වෙන්නාගෙන් ඇරබී සංකේථ ලෝකය ඔස්සේ ලියැවුන වැඩවසම් රජා ගෙන් තම පාලනය පාලිතයා වෙතට පත්වීම සමග සමාජය මත වඩාත් නිදහස් වන පුරවැසියා රැක ගත යුතු ඉහල වටිනාකමකි.
- Pubudu Siriwansa

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට.. 01

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට.. 01
ඔබ ආශ්‍රමයේ මුදුනතට පිවිසෙන්නට වැඩි කාලයක් ගැනීම වඩාත් හිතකර තත්වයකි. එවිට ඔබ වැඩි වැඩියෙන් සූදානම් වීමට හැකිවේ. කඳු පාමුල ආශ්‍රම පිවිසුම වඩාත් කලබලකාරී වන්නේ මිනිස් හැසිරීම් ආශ්‍රයෙන් පමනක් නොවේ. වඩාත් විශාල වෘක්ෂයන්ගෙස් අතුපතර සුලගට සෙලවන තැන සිට බහුල පක්ශීන් හැසිරීම දක්වා සංකිර්න බවක් ගනී. ක්‍රමයෙන් ඉහලට යන්නට යන්නට වඩාත් සංසුන් පරිසරය ඔබේ මනස වඩාත් නාභිගත වීමකට ආරාධානා කරයි. විටක නිසිලෙස පුහුනු නොකල මනසකට මේ නිහඩ්යාව දැරිය නොහැකි වන අවස්ථා මම දැක ඇත්තෙමි. කඳු මුදුනත ගැන මම කථා නොකරන්නේ ඒ අත් දැකීම භාෂාවේ සීමාව ඉක්මවා යන්නක් වන නිසාය. ආශ්‍රම භූමියේ කඳුකරයේ මධ්‍යම සීමාව ඉක්මවන ප්‍රමානය වන විට උදාවන සමහර හෝරාව දෙක ඇතුලත ඉදහිට තුරු අගකින් ගිලිහෙන පත්‍රයක් පොලව සිපගන්නා හඬ හැරෙන්නට නිහඩ වන පරිසරය මම අපමනවත් විඳ ඇත්තෙමි.
- Pubudu Siriwansa

2020-01-01

Online අවකාශය සීමිත කාලයකට...

පුද්ගල මට්ටමින් නෙක සමාජ ව්‍යුහ මට්ටමින් මෙන්ම සමස්ථ දේශයන් මට්ටමින් අපට Online අවකාශය සීමිත කාලයකට මග හරින්නට හැකිවෙනු ඇත. දශක කිහිපයකින් හෝ අපට නැවත මේ අවකාශය හමුවන්නේ සියවස් පැරන්නන් ලෙසට වීම ස්ථීරය. චීනය වැනි විශාල වෙළඳ පොලක් මත තත්වය බලපාන ආකාරයට අප වැනි වඩාත් විවෘත කුඩා රටකට මේ මග හැරුම සමනය කරගන්නට නොහැකි වනු ඇත. ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් අභියෝගයට පෙන්වූ සූදානම හොඳම උදාහරණයකි.
- Pubudu Siriwansa

ජීවිතය

ජීවිතය යාන්ත්‍රික කර දැමීම ඔවුන්ගේ ලාභයයි. ජීවිතයේ භාවමය වටිනාකම් රැක ගැනීම ඔබගේ ආත්මයයි.
"THARU MINISA"
- Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...