Showing posts with label Short-article. Show all posts
Showing posts with label Short-article. Show all posts

2014-12-01

තොරතුරු තාක්ෂණය ගැන වන දවසේ සිතුවිල්ල...


     "වෙනස්වීම" නම් ක්‍රියාව තොරතුරු තාක්ෂණයේදී තරම් සමීපව හා වැඩි වාර ගනනක් භාවිතාවන  වෙනත් විෂයක් විරලය. "අද සිහිනයක් හෙට යථාර්තයක් කරන්නට අවශ්‍ය ශක්‍යතාවය වෙන කිසිදු විෂයකදී අත් නොවිඳන තරමට එහිදී ඇත. මිනිස් ආයුකාලයන්ට සාපේක්ෂව සැලකීමේදී කෙටිකලක් තුල මෙතරම් අපූර්ව වෙනස්කම් රාශියක් මිනිස් ජීවිත වෙතට ගෙනෙන්නට එයට හැකි වෙන්නේ මේ නිසා යැයි මම සිතමි. ඔබගේ ජීවන රාටාව, ඔබගේ වෘතිය , සමාජ පරිසරය කවරක වුවද ඔබට එහි අනිවාර්ය ඉඩක් තිබෙන ලෝකයක් එය විසින් නිර්මාණය කොට ඇත. මිනිස් හැකියාවන් හා ලෝකය අතරවූ පරතරයන් එක් මානයකදී අවමකර දමන්නට එයට එයට හැකි වුවද තවමත් බොහෝ මිනිසුන් ඒ විෂය මත නිදහස් නොවීම තමන්ගේ ජීවිත කාලය තුල අත්විඳින්නට පැමින ඇති අපූරත්වයක් මග හැර සිටින්නට කරනා තීර්නයක් ලෙසට මම දකිමි. සරල දෘඩංග පදනමකින් එය මතුවුවද  එය ඒ පදනම සම්පූර්නයෙන් අමතක කර දමන්නට පහසුකර වන තරමේ නිමැවුමක් වෙමින් දිනෙන් දින අප වෙතට පැමිනෙමින් සිටී. සංගීත වේදියෙකුට තම ස්වර නගන්නා වන්නා එය වන්නට හැකිවන විට සිත්ත්තරයෙකුගේ කැන්වසය පමනක් නොව වඩාත් විදිමත් පින්සල වන්නට එයට හැකිවන්නේ අපූරු ලෙසටය.
Visit  www.itlk.us   For more IT News and Reviews in Sinhala

2014-11-23

ඔබගේ ආදරනීය පරිගණකය සදහා.....

   ඔනෑම උපකරනයක් සමග සුහදව කටයුතු කිරීම වැදගත් වේ. එවිට එම උපකරනය හොඳින් ක්‍රියාත්මක වනවා පමනක් නොව වැඩිකාලයක් එසේ ඔබ වෙතට සේවාය සලසන්නට කැමතිද වේ. සාපේක්ශව පරිගණකය ඒ ආකාරයේ උපකරන අතරින් වඩාත් කැපී පෙනෙන්නක්ද වන්නේ එය සියුම් මෙන්ම සංකීර්න ක්‍රියාත්මක බවකින්ද යුත්ත නිසාය. ඔබගේ Pc යන්ත්‍රය වඩාත් නිදහස් වාතාශ්‍රිත පරිසරයකට කැමති වනු ඇත්තේ එම යන්ත්‍ර අතරින් අතිමහත්  ප්‍රමානයක්ම, එය ක්‍රියාත්මක වීමේදී උපකරනය තුල නිර්මානය වන අධික උෂ්නත්වය පාලනය කර ගැනීම සදහා යොදා ගන්නේ එය අවට පරිසරයේ වන සාමාන්‍ය පරිසර සිසිල් වාතය වන බැවිනි. එම වාතය ප්‍රොසෙසරය මත වන Heatsink එක මතින් ගලා ගෙන යාමට සැලසීමෙන් එම අවශ්‍යතාවය සපුරා ගන්නා අතර ඒ නිසාම එම වාතාශ්‍රය සිසිල් මෙන්ම දුහුවිලි බවින් තොරවීම වදගත් වන්නේ ඒවා පෙර කී සිසිල් කරවීමට සහය වන උපකරනය මත බැදීමෙන් එම ක්‍රියා වලියට බාදා ගෙනෙන බැවිනි.
                       ඔබගේ පරිගණකයට ප්‍රධාන ලෙසින්ම බාදා ගෙනෙන්නේ භෞතිකව එය අත්පත්කර ගැනීමට අවස්ථාව සැලසීමෙන්ම පමනක්ම නොවේ. මෘදුකාංග ආශ්‍රිතවද එය සිදුවිය හැක. ඒ ආකාරයේ සාර්ථක ආසාධනයකදී ඔබගේ පරිගණකය ඔබගේ පරිගණක කාමරයේ සු‍රැකිව ඇති බවක් පෙන්නුවද එය සැබවින්ම භාවිතාකරන්නේ බාහිරින් සිට අන්තර්ජාලය ඔස්සේ එය මෙහෙය....ඉතිරිය කියවන්නට

2014-09-19

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(8)

  ආශ්‍රමයේ පිවිසුම සුපුරුදු පරිදිමය. නෙතට හුරු පුරුදු එහි වන සටන් පෙලවල් එලෙසමය. ගබඩාකරුගේ කුටිය හා කාර්යාල ගොඩ නැගිල්ල කාලයෙන් වියුත්තව වෙනම කාල රටාවකට  යටත්ව සිටිනවා වැනිය. එහෙත් සුපුරුදු අපූරුවත් බව නම් අඩුවක් නොමැතිවා සේම එලෙසමය. "මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය" එනම් වෙනස අහිමිවන විටම මානසික වියවුලක් නැගෙන සුලුය. පුදුමයකි කිහිප විටක්ම පැමින බොහෝ කලක් ගතකල මෙම පරිසරය තවමත් පලමුදා මෙන්ම අපමන නැවුම්ය. තැන තැන වන විශාල රුක්ශයන් පවා දැහැනකට සමවැදී නතරවා සිටිනවා වැනිය. නැවත නැවතත් මනස අවදිකරවා ගෙන විමසා බලන්නට තැත් කලෙමි. සියල්ල එලෙසමය.
                                       "මහත්මයා ඔබතුමා කාලයකින්..." ගබඩාකරුගේ  සුපුරුදු කට හඬ කාර්යාලයේ දොර‍ටුව දෙසට මා අවධානය යොමු කර ගත්තාය. ඉන්දියානු වැසියෙකු මෙන් ඇඳ පැලඳ සිටියද ජර්මන් ජාතිකයෙකු වූ ඔහු ප්‍රකට විශ්වවිද්‍යාලයක පුස්ථකාලාධිපති වරයෙක්ව කාලයක් සේවය කරමින් සිටි අතර නිවාඩුවක් සදහා අහඹුලෙස ඉන්දියාවට ගිය විටකදී දහම ගැන අවදිවූ මනසක ප්‍රථිපලයක් ලෙසට මෙම ආශ්‍රමය තම අවසන් නවාතැන ලෙසට තොරා ගත්තෙකි. "මෙහි ඔබව හසුරවන්නට කිසිවෙකු නොමැත්තේය" ප්‍රධාන දොර‍ටුවේ වන සටහන සැබෑවකි. මෙහි වන ශාන්තිමත් රිද්මයවෙතට සුසර වන්නට බැරිවන පැමිනෙන්නන් අතරින් බොහෝ දෙනෙක් පිටව යන්නේ ස්වකැමැත්තෙන්මය. ගබඩාකරු  පැමින ටික කාලයකින් පූර්න කාලීන දහම වඩන්නෙක් වන්නට තමන්ට නොහැකි බව වටහා ගෙන කැමැත්තෙන්ම ගබඩාව හා කාර්යාලයේ පූර්නකාලීනව සේවයට කැමැත්ත පල කල අයෙකි. "ඔබව දකින්නට ලැබිම සතුටක්.." පවසමින් මම කාර්යලයට ගොඩ උනෙමි. " මම හිතන්නේ ඔබතුමා වඩාත්ම බලාපොරොත්තුවන  පනිවිඬයක් තිබෙනවා. ඔබගේ හිතවත් ටිබෙටියානු මිත්‍රයා ලගදී නැවත පැමිනියා. කීපවරක්ම එතුමා ඔබ ගැනත් විමසා සිටියා" සුපුරුදු කාරුනික හඩින් ඔහු පවසා සිටින්නට විය.
                                                                                                                        Pubudu Siriwansa

2014-09-18

I share therefore I am....

  ........මම ඔබ සමග එකග වනවා. ඇත්තෙන්ම ගැටලුවක් තමයි අපි Internet එක බාවිතා කරනවාද නැතිනම් Internet එක ඔබව භාවිතා කරනවාද කියන එක. තවත් විදියකට ගැටලුව හඳුනාගත්තොත් Internet වල තියෙන්නේ ඔබට අවශ්‍යදේද නැතිනම් Internet විසින් ඔබව අවශ්‍ය විදිහට නැවත නිර්මානය කර ගන්නවාද කියන එක. ඇත්තෙන්ම මේ නව රටාවක්. මිනිස් සබදතා අතර මැදට පැමිනෙනවා උපකරනයක්.  ඒක විසින් පාලනය කරනවා අපව. අපේ සබදතා. අපේ අවශ්‍යතා. අපේ සිතුම් පැතුම්. සමහර විටක මම හිතනවා මගේ ජීවිතයට තොරතුරු උපාංගය පැමිනෙන කොට පොතපත , නාට්‍ය වෙදිකාව, ස්වභාවික සංගීත උපකරන වගේ දේ පැමින තිබීම වාසනාවක් උනා කියලා. ඒකට බැරිඋනා සියල්ල ඒක වන්නට. හැබැයි මම බය වෙනවා නිර්මානය වෙමින් තිබෙන ඩිජිටල් පරපුර අන්ත විදිහට සීමා වෙනවා කියලා. සියල්ලට ඉලෙක්ට්‍රොනික පිටපතක් වන්නට බැහැයි කියලා මමත් විස්වාස කරනවා. ඒත් ඒක එහෙම වන්නට හැම අතින්ම උත්සාහ කරමින් සිටිනවා. වෙළඳ ඉව ඔස්සේ පමනක් ගොඩ නැගෙන කාරනාවක් බවට තව දුරටත් මේ විෂයට ඉඩක් නොලැබේවි. මම විස්වාස කරනවා තොරතුරු උපාංග ගෙනෙන ලෝකය පැහැදිලි කෙරෙන හඳුන ගන්නා මනෝවිද්‍යා මෙන්ම සමාජවිද්‍යා විෂයන්ගේ සීග්‍ර වර්ධනයක්  නොපමාව පැමිනිය යුතුයි කියලා........
                                                                                                                                   pubudu siriwansa

2014-09-08

තොරතුරු තාක්ශනයේ මහිමය නව ලෝක රටාවකට ඇරයුම් කරමින් සිටිනවා...

  ....එලබෙන අනාගතය ගමන් කරන්නේ නව දිසාවකට බවටයි හදාරන්නන් නැවත නැවතත් පැහැදිලි කරන්නේ. තොරතුරු තාක්ශනයට හැකි වෙනවා නව ලෝක රටවක් ගොඩ නගන්නට. පෙර තොරතුරු යුගයේදී මුහුද, කඳු සිකර හඳුනාගනු ලැබුවේ තරනය කල නොහැකි නැතිනම් සාමන්‍ය ජීවිතය පාලනය කරවන විශේෂ අවස්ථාවන් හා උපංක්‍රම ඔස්සේ පමනක් ජය ගතහැකි බාදක ලෙසටයි. තොරතුරු තාක්ශනයට හැකි වනවා මේ සීමාවන් දෛනික ජීවිතයේදී තව දුරටත් වලංගු නොවන බවට සාදධනය කර සිටින්න. අපි දන්නවා ද්විමානීයව එන සුපැහැදිලි දසුන්ද සමග දුරබැහැරක වෙසේන් හිතවතෙකු සමග සජීවීව සංවාදයක යෙදීම අදවන විට සරල අත්දැකීමක් බව. Bitcoin වැනි පූර්න ඩිජිටල් මුදල් ක්‍රම රජයන් හා දේශපාලනික සීමාවන් වලින් තොරව ණාබ්ඩ හා සේවා හුවමාරුව විශ්ව සම්මතයයකට ගෙනෙමින් තිබෙනවා.
  තොරතුරු යුගයේ යොවුන් වියේදී ක්‍රමයෙන් තොරතුරු උපාංගයට වන බැදීම ලිහිල්කර දමන්නට අවශ්‍යව ඇති බවටයි දක්නට ලැබෙන්නේ. windows 8 සමග Microsoft ආයතනය පැවසුවේ "ඔබගේ මෙහෙයුම් පද්ධති අනන්‍යතාවය " ඔවුන්නගේ ක්ලවුඩ් හැකියාව ඔස්සේ හබා එන බවටයි. පැමිනෙන්නට නියමිත ඩිජිටල් සහයකයා තත්වය තවත් සරල කරමින් පලඳින මට්ටමේ සරල උපකරනයක් සමග ශ්‍රව්‍ය බව ප්‍රමුක සබඳතාවයක් ඔස්සේ ඔබ සමග එනු ඇති බවට මේ වන විටත් පැහැදිලි කරමින් සිටිනවා.  Apple ආයතනය තම ස්මාර්ට් පලඳින ඔරලෝසුව ගෙනෙන්නේ වඩාත් නව අත්දැකීමක් වන බවට පවසමින් සූදානම් වන ලෙසට මේ වන විටත් ඉගිකොට තිබෙනවා. 
                             ලෝක මට්ටමේ බුද්ධිමතෙකු දක්වා සිටින්නේ ඇසේ පලඳින සියුම් කාචයක් අන්තර්ජාලය පමනක් නොව බොහෝ සංකීර්න පරිගණක භාවිතාවන් සරල ලෙසට ජීවිතය මතට ගෙනෙනට සූදානම් වෙමින් ඇති බවයි. ඔහු යෝජනාකර සිටින්නේ පුද්ගලයකුගේ තොරතුරු ජීවිතය ඇසක පලඳින සියුම් කාචයක් බවට පත්වීම තොරතුරු යුගයේ තවත් එක් පරිච්චේදයක් වනු ඇති බවටයි. පරිගණකයේ තීරනාත්මක සිලිකන් සීමාව ඉක්මවා යාම සමග මිනිස් කථාන්දරය නැවත ලිවීමක් වනු ඇති බවට ඔහු නවැකි පවසා සිටිනවා(තොරතුරු තාක්ශනයේ නව ප්‍රවනතා ශ්‍රව්‍ය දෘශ්‍ය සටහනේන් උපුටා ගැනීමකි)....

2014-09-03

"....නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ.....

  "....නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ ස්වභාවයක් මට දැනෙනවා. මම අදහස් කරන්නේ අපිට සිදුවුනා කෘෂියුගයට වඩා සංවේදී වෙච්ච මිනිසෙක් කාර්මික යුගයේදී. අවශ්‍ය වුනා වැඩි විනයක් හා සීරුවට වැඩකරන අයෙක් පෙර යුගයට වඩා. මොකද පෙර යුයට සාපේක්ශව සලකන විට සාමාන්‍ය මිනිසා වඩාත් බල සම්පන්නයි. සරලව කිව්වොත් ඔහුගේ කුඩා චලනයකට සිදුකලහැකි බලපෑම වැඩි උනා පෙර යුගයට වඩා. මම කියන්නේ සමාජයට වගෙම පරිසරයට පවා.  තොරතුරු යුගයේදී තත්වය යලිත් වඩාත් සංකීර්න වනවා. සංකේතාත්මකව කිව්වොත් මේ යුගයේදී හැකිවෙනවා ස්පර්ශක තිරයකට කරන එක් ස්පර්ශයකින් දියුනු මට්ටමේ නගරයකටම විදුලි සැපයුම අඩපන කරන්නට සමහර විට සනිපාඅරක්ශක පද්ධති අක්‍රිය කර දමන්නට. මම විස්වාස කරනවා මේ නිසාම මිනිසුන් තේරුම් ගත යුතුයි තමන් වඩාත් බලසම්පන්නය ඒ නිසාම තමන්ගේ කුඩා හැසිරීමකට පවා සැහෙන බලපෑමක් සිදුවිය හැකිය යන නිසා  වඩාත් කල්පනකාරීවීම වැදගත්ය යන්න පිලිගන්නට. එහෙම නැතිව අධි සුචරිතවාදී මනෝකල්පිත සමාජයක් ගැන නොවේ මම අදහස් කලේ...." 

2014-09-01

එලබෙන යුගයේදී ඔබව සොරකම් කිරීමද වඩාත් පහසු වෙනු ඇති බවට.......

  එය යුගයක්ම තම නමින් නම් කරවා ගන්නට තරමේ අපූරත්වයක් ගෙන ආ විෂයක් වූවාය. විද්වතුන්ට අනූව එය මිනිස් මනසේ දිගුවක ලෙසට හැදින්වේ. එනම් මිනිස් මනසේ යම් හැකියාවන් වල දිගුවක ලෙසට භාවිතයක් ‍රැගෙන ආ විෂයක් ලෙසට පිලි ගැනින. 3D Printing නැතිනම්  Digital Assistant ඔස්සේ එහි පදනම වූ තොරතුරු කලමානාකාර හැකියාවට නව මුහුනු වරක් මේ වන විට එක්කරමින් සිටී. තොරතුරු තාක්ශනය සාමාන්‍ය මිනිස් භාවිතාවන්ට පැමිනි කාලයේ වූ Desktop Publishing වැනි හැකියාවන් හා සැසදෙද්දී එවා ‍රැගෙන එන්නේ තවත් තීරනාත්මක හැරවුමකි.
                              නිෂ්පාදනාගාරය  වඩාත් තීර්නාත්මක වන යුගය ක්‍රමයෙන් පසුකර දමන්නට 3D Printing හැකියාව පෙර සටහන් ගෙනෙමින් ඇත. සරලව තත්වය පහදා දෙන්නේ නිර්මාන කරුවාගේ අයිතියට යටත්ව අන්තර්ජාලය ඔස්සේ විසිදුරු බඳුනක සිට සංකීර්න උපකරනයක් දක්වා මිළ දි ගත හැකි යුගය හෙට පැමිනෙනු ඇත. දුරබැහැර දේශයක වන අයෙකුගේ හෝ ආයතනයක නිමැවුමක මිළදී ගත් සැලසුම ඔස්සේ එය මුද්‍රනය කරවාගන්නට ඔබට අසලතම වන නගරයක වන සංකීර්න 3D මුද්‍රනාලයකට යන්නට වන්නේ ඔබගේ ගෘහ මුද්‍රන යන්ත්‍රයේ එය මුද්‍රනය කරගන්නට පහසුකම් මදිනම් පමනක් වනවා ඇත. එසේම වඩාත් පෞද්ගලික තොරතුරු සෙවුමකට(Search) මෙන්ම බෙදාහදා ගැනීමකට(Share) Digital Assistant සහය වන්නේ බර පතල තොරතුරු භාවිතාවක් සදහා වු බරපතල උපාංග භාවිතාවට නැවතීමේ තිත තබමිනි. පසුගියදා Intel ආයතනය නිවේදනය කර සිටිහ්යේ තව දුරටත් Wi-Fi හැකියාවකට සීමා වෙමින් භාවිතාකරන්නාගේ ජංගම දුරකථනයේ සහය පතන Smart Watch වැනි පලඳින ආකාරයේ උපකරන වලට නිදහස ගෙනෙමින් ශක්තිමත් මට්ටමක සබදතාවක් ගෙනෙන 3G සබඳතාවක් සදහා කිඩා කාසියක ඉඩකඩක් පමනක් අවශ්‍ය වනු ඇති බවය.බොහෝ උදාහරන සටහන් වෙමින් ඇත.හෙට දිනයේදී ඩිජිටල් පුරවැසියා තොරතුරු අවකාශය භුක්තිවිඳින අකාරය වඩාත් පුලුල් සැහැල්ලු මුහුනුවරක් ගන්නා බවට නෙක පොරොන්දු පැමිනෙමින් ඇත. 
                                 තවත් පසකින් පැවසෙන්නේ Mega Breach වසර ලෙසට පසුගිය වසර තමන් නම්කරන බවට පවසමින් වාර්ෂික තොරතුරු ලෝකයේ තත්වය විග්‍රහ කරන ආරක්ශක වාර්ථාව නිකුත් කරමින් Symantec වාර්ථාව වැනි සමාලොචනයන් පැමිනීමය. එලබෙන යුගයේදී ඔබව සොරකම් කිරීමද වඩාත් පහසු වෙනු ඇති බවට හදාරන්නන් සරලව මෙම තත්වය පහදයි. තොරතුරු ගොනු බවට පත්වන ආර්තිකය , වෙළඳ  උපකරන මෙන්ම සේවා වඩා පහසුවෙන් නිරාවරනය වන සුලු බව ඔවුනගේ යෝජනාවයි.

2014-08-19

අන්තර්ජාල ගත පරිගණක භාවිතාව අනිවාර්ය වන දිනය එලබෙමින් ඇත!!

  තව දුරටත් හුදකලා පරිගණකය හා අන්තර්ජාලගත වූ පරිගණකය හැටියට දෙයාකාරයක් වලංගු නොවන යුගයකට අප පැමින සිටිනවා. අන්තර්ජාලයට අසම්බන්දිත පරිගණකයක් යනු අර්ධයක් අක්‍රිය වූ පරිගණකය කැයි සැලකෙන යුගයකට අප එලබ තිබෙනවා. මෙහෙයුම් පද්ධති දෙසින් සලකන විට මෙම යුග දෙකෙහි වෙනස පැහැදිලිව සටහන් වුනු අයුරක් තමයි XP හා Win 8 කියන්නේ. ආයාසයෙන් ජාලගතවන්නට ඉඩ සලසන සේ සැකසුනු xp හා ආයාසයෙන් ජාලගත නොවී ඉන්නට පොලබවන Win 8 හැදෑරීමෙන් මේ බව අපට වටහා ගන්නට පුලුවන්. වඩාත් හොඳම තවත් උදා හරනයක් තමයි බොහොමයන් නවීන ආරක්ශක මෘදුකාංග. සමහර ඒවා සම්පූනයෙන්ම තම ක්‍රියාකාරීත්වය සදහා අන්තර්ජාලය ඉල්ලා සිටින අතර තවත් ඒවා තම සමහර අංග සදහා අන්තර්ජාලය ඉල්ලා සිටිනවා. සමහර තීරනාත්මක හානිකර හමුවේ වඩාත් සාර්ථක  ආරක්ශාවක් සදහා පරිගණකයෙන් බැහැරව පවතින හානිකර පිලිබදව දත්ත ගබඩා භාවිතය වඩාත් වැදගත් බවට ඒවායේ නිෂ්පාදකයින් මෙන්ම හදාරන්නන් අවධාරනය කර සිටීම  අප අමතක නොකල යුතුයි.
               සමහර මෘදුකාංග භාවිතයේදී ඒවායින් සලසන සමහර සේවාවන් සදහා අන්තර්ජාලය ඉල්ලා සිටින අතර සමහර විටක සමහර මෘදුසේවා අන්තර්ජාලය මූලිකව ක්‍රියාත්මක වීම සිදුවෙනවා. වින් 8 සමග Microsoft ගිනුමක් හරහා මෙහෙයුම් පද්ධතියට පිවිසෙන්නෙකුට වෙනත් පරිගණකයක් හරහා වුවත් එම ගිනුමෙන්ම පිවිසීමේදී ලැබෙන පහසුව හදුන්වාදුන් අතර එලබෙන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති අන්තර්ජාල මූලික ඒවා බවට වනු බවට ඉගි පලකොට තිබෙනව. සර්ච් , ෂෙයාර් හා ක්‍රියේට් ලෙසට අප හදුනාගන්නා පරිගණකය ගෙනෙන සියලුම පාහේ පහසුකම් සදහා අන්තර්ජාල වැදගත් සාධකයක් වීමේ සිට අනිවාර්ය අංගයක් වන දිනය ඉදිරි වසර කිහිපයකට පමනක් ඉහතින් වන්නු ඇති බවටයි දක්නට හදාරන්නන් අනාවැකි පලකර සිටින්නේ.

"දත්ත මිනිසා" සමග මට කියන්නට කියන්නට ඔනෑ වුනේ.......

  මම පැහැදිලි කරන්නේ දත්ත මිනිසා කියන සටහනෙන් මම කියන්න හැදුවේ මොකද්ද කියන එක. ඒක අපැහැදිලි හා අපිලිවල පිලිබද සටහනක් කියලා මම නොපිලෙගෙනම ඉන්නට උත්සාහ කරන්නේ නැහැ. ඒත් ඒ අසාර්ථක උත්සාහය තුල තිබුනේ අනාගතයේ දිනක අනිවාර්යයෙන්ම බිහිව්න අපූරු මිනිසෙකු ගැන කියන්නටයි. හිතන්න ඔබගේ සියලු නියුරෝන සටහන් සංයුත්ත කරගන්නට පුලුවන් වර්චුවල් ආකාරයට වන  ඔබගේම ප්‍රතිරූපයක් ගැන. මම ත් විස්වාස කරන්නේ නැහැ කවරදවත් තාර්කික හා ගනිතමය හැකියාවල් ඇරුනු විට පැමිනෙන නිර්මානශීලී බව ඉක්මවන යාන්ත්‍රික බුද්ධියක් නිර්මානය වෙයි කියලා. හැබැයි ඉතින් මිනිස් වර්ගයා විසින්ම සතුටින් ඒ බවට බිලීවී තමන්ගේ නිර්මානශීලී බව නසා ගත්තොත් මිසක.ඒනි සා ත්මයි මට ඔනෑ උනේ කියන්න සාමන්‍ය මිනිසෙක් හැටියට පාසැල් වයස , උසස් අධ්‍යාපන වයස පසුකලාට පස්සේ ඒ කියන ද්විතීක පුරවැසි බවට යන්නට සුදුසුකම් ලබන්නේ. ලැබූ අධ්‍යාපනයත් නිර්මනශීලී බවත් මිශ්‍රිත ඩිජිටල් පිටපත ඔහුව නියෝජනය කරමින් ලෝකයේ කාර්යබලකායට ඒකතු වුනත් ඔහු බැදී සිටිනවා සැම දිනකට හෝ සතියකට වරක් කාලයත් සමග තමන් අත්පත් කර ගන්නා වර්ධනය කිසියම් ක්‍රමයක් ඔස්සේ අර පිටපතට එක් කරන්නට. මේක බුද්ධිමය දේපල යටතේ ඔහුගේ අයිතියක් වන අතර  රජයකට පවා ඔහුගේ මරනින් පසුව භාවිතාකරන්නට නම් අවසර ලබා ගන්නට නීතිය වෙතින් ඉල්ලා සිටිය යුතු භාවිතාවක් ලෙසටයි මට සටහන් කරන්නට ඔනෑ උනේ.
                       අද වන විට තොරතුරු ලෝකයේ ගමන් මග හදාරන අයෙකුට පැහැදිලි වෙනවා  මේ ස්වභාවයේ යමක් වෙතට අපි කෙමෙන් කෙමෙන් ලංවෙනවා කියන එක. හැබැයි මේක මිනිස් වර්ගයා පිලිබදව සටහනක් මිසක එක සමාගමක්, එක රටක්, පිලිබදව කථාන්දරයක් නොවේවි. ලෝකය හදරන අය කියනවා විවිධ පැතිවල මිනිසුන් අතර ඇත්තේ වර්න, භාෂා වැනි වෙනස් කම් විතරක් නොවේ, ඔවුනගේ මානසික හැකියාවන් , චින්තන රටවලත් අපූර්ව විවිධත්වයක් තියනවා කියලා. මම විස්වාස කරනවා මිනිස් වර්ගයාගේ මීලග සංස්කරනය එන්නේ මේ වෙන්ව ඇති හැකියාවල් මනාව එක රටාවකට ගොනු වීමෙන් පසුව කියා. ඒක හරියට අපි පුංචි කාලේ සෙල්ලන් කරන්න භාවිතාකරපු සතෙකුගේ රූපයක් කෑලි වලට වෙන් කරලා තියෙන එකක් ආපසු ඒවා පිලියලට සකස්කරාම ලැබෙන පූර්න රූපය වගේ. මේ අපූරු බුද්ධි රටාවල් එකතුවෙලා හැදෙන සැබෑ මිනිසා නිර්මනය වූදාට නම් මිනිස් වර්ගයා අර ක්‍රියාවෙන් පුංචි කාලේ ලැබුවාට වඩා විශාල සතුටක් ලබාවි කියලා මම විස්වාස කරනවා.

තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන්....

  තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන් බව අපි තෙරුම් ගත යුත්තක්. ගත වෙමින් යන කාලය තොරතුරු අවකාශය විෂය මූලික බවේ අවසානයත් පුද්ගල මූලික බවේ මැදභාගයත්ත්  බවයි ලෙසට හදාරන්නන් හදුනාගන්නේ. ලාංකික බවිතාව ඇතුලේ Social Network විසුලු සහගත ස්වභාවයකට වඩා යමක් නොවන්නට බැරිවීම ඔස්සේ නොසලකා හැරියද තොරතුරු තාක්ශන අවකාශයේ දී මිනිස්  භාවිතාව විනිවිදයාමේදී තීරනාත්මක එකක් ලෙසටයි සටහන් වන්නේ. ඔවුනට සිදු වෙනවා සඳහන් කරන්නට "privacy as a 'social norm' නැතිනම් privacy is dead. වැනි අදහස්. මේක විටක වඩාත් යතාර්තයට සමීපවීමක් වෙන්නත් පුලුවන් මොකද සමහර වෙලාවට අපි දකිනව privacy කියලා ‍රැකගෙන ඉන්න මාරාන්තික තරමේ විසිතුරු කඩතුරාවට ඔබ්බෙන් තියෙන්නේ මාර හිස් කමක් කියලා. කාලයකට ඉස්සල්ලා මේවාට බර පතල අර්ත තිබුනා. ඒත් දැන් නැහැ. හැබැයි විවෘතවීමට පුදුම අකමැතියි. අපි මේ ස්වභාවය අසභ්‍යත්වය නැතිනම් සභ්‍ය නොවෙන  බව , සමාජීයව හානි කරබව  වගේ වැදගත් වන සාධක සමගත් පටලවා නොගත යුතුයි.
                                         තාක්ශනික අර්තයකින් මෙම අවකාශයට විද්වත් පාලනයක් තිබුනට ඒ මත ඉදිවන අවකාශය පාලන වන්නේ වෙළඳ අවශ්‍යතාමතයි.  නීතිය මැදිහත් නොවනවා නොවේ ඒ සීමා ඉක්මයෑම් පාලනය කරන්නට මිසක මූලික ගමන් මග සටහන් කරන්නට නොවෙයි. එලබෙන යුගයේදී Digital Assistant වැනි භාවිතාවන් නැවත තත්වය වඩාත් පෞද්ගලික කරන්නට පටන් ගනීවි. සරලව තත්වය තේරුන් ගන්නට උදාහරනයක් ගෙනාවොත් මුල්ම යුගයේ වැඩියෙන් පිරිස් යන එන තැන්වලට වෙළඳ දැන්වීම් ආවා , පසුව ඒ ඒ තැන්වල පවතින මාතෘකා වලට වෙළඳ දැන්වීම් ආවා, දැන් පුද්ගල රුචි අරුචි කම් හදාරමින් වෙළඳ දැන්වීම් එනවා , අනාගතයේ පෞදලික රුචි අරුචිකම් අවධිවන මොහොතවල් තොරා බේරාගෙන වෙළඳ දැන්වීම් පැමිනීම සිදුවේවි.

ස්පර්ශ මිත්‍රී තොරතුරු භාවිතාවක්!!

    ......අපි දන්නවා තොරතුරු භාවිතාව අපට ගෙනෙන අන්තර්ක්‍රියා අවකාශය හරිම පැතලි ස්වභාවයේ එකක් බව. ප්ලාස්ටික් ලෝහ වලින් තැනුන උපාංග මත දිවෙන ඉලෙක්ට්‍රොනික බවකින් ලබන ජීවයෙන් ක්‍රියාත්මක වන මෙම විෂයට අවශ්‍ය වෙලා තියෙනවා එහි අවසාන අත්දැකීම වඩාත් මානුෂික හිතවත් එකක් කරන්නට. පැතිලි තිරයක් මත ඉදිවෙන ද්විමානී ස්වභාවයේ සිට වර්චුවල් ආකාරයට පැමිනෙන දත්ත නිමැවුම් සමග වර්චුවල් ආකාරයකට භාවිතාකරන්නා සමග ස්පර්ශීය හැගීමක් දෙන භාවිතාවක් සදහා මේ වන විටත් බොහෝ අත්හදා බැලීම් සිදුවෙමින් තිබෙනවා. GUI එකක සිට ඇරබුනු මෙම ගමන  තොරතුරු ලෝකයට වෙනස්ම ආකාරයේ නිමාවක් ‍රැගෙන එනු ඇති බවයි ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ. පසුගියදා Android L හදුන්වා දෙමින් Google ආයතනය මේ දිශානතියට තවත් පියවරක් තබන්නට අවශ්‍ය බවට ඉගිකර සිටියා......

2014-08-18

XP යුගයේ හා win8 යුගයේ තොරතුරු ජීවියෝ!!

....... Windows XP හා Windows 8 කියන්නේ කෙනෙකුට හුදු මෙහෙයුම් පද්ධති දෙකක් ලෙසට පමනක් හැගෙන්නට පුලුවන්. මම යෝජනා කරනවා ඔබ තොරතුරු යගයේ ජීවියෙකු නොවන බවට. මම කියන්නට උත්සාහ කරන්නේ XP හා win8 අතර තියෙන වෙනස හුදු UI වෙනසක් පමනක් ලෙසට දැනෙනවා කියන්නේ ඔබ සාධාරන තරම් සමීපව ඔබේ තොරතුරු උපාංගය සමග සබදතා නැති මිනිසෙක් කියන එකයි. තොරතුරු උපාංගය කියන්නේ සාමන්‍ය ජීවිතය අපි භාවිතාකරන බොහෝ උපකර වලට වඩා එකි නෙක වෙනස් බොහෝ භාවිතාවන් තුලට විනිවිද ගිය උපකරනයක්. ඒ උපකරනයේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ ඒ හැකියාවන් දෛනික ජීවිතයට වරනගා දෙන අතර මුහුනතයි. හැබැයි ඒ බව හරියට මහ මුහුදේ දිය මතු පිටින් පෙනෙන අයිස් කුට්ටියක කොටස වාගේයි.  සැබෑ ක්‍රියාකාර කම එන්නේ එය දෘඩාංග මෙහෙයවා අපට ලබා දෙන තොරතුරු ජීවිතයේ ස්වභාවයෙනුයි.
                          අපි ඒතරම් තේරුම් ගන්නට උත්සාහ නොකලාට මෙහෙයුම් පද්ධතියක් කියන්නේ අපේ තොරතුරු දිවියේ ස්වභාවය පාලනය කරන ප්‍රධාන මෙහෙයවන්නාය කියන එක හදාරන්නන්ගේ මතයයි. ඒක වෙනස් වනවා කියන්නේ තීරනාත්මක හැරවුමක් අප වෙතට එනවා කියන එකයි. සරලව හිතන්න,  win XP සමග තිබුනේ වැඩි භාවිතාවක් උපාංගයේ භෞතික සීමාවට  සීමාවුනු තොරතුරු ජීවිතයක්. ඒ කියන්නේ XP සමග ජාල භාවිතාව නොතිබුනා කියන එක නොවෙයි. ස්වභවයෙන් ඒක මෙහෙයුම් පද්ධතියේ දිගුවක් ලෙසට හැගුන බව සගවන්නට බැරි රහසක්. ඒත් Win 8 ගෙනෙන්නේ මෙහෙයුම් පද්ධතියේ ගැබුරින්ම එන ජාල බවට මිත්‍ර කමක්. කර්නල් මට්ටමේ ඉදලා කිව්වත් හරි. අපිට මතකයි win8 හඳුන්වා දෙමින් පැහැදිලි කලේ එය දෘඩාංග මට්ටමේ සිට UI දක්වා වන වෙනසක් ලෙසටයි. මම පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ වින්8 වලදී creat කියන භාවිතාවට එතරම් වෙනසක් නොගෙනාවට search හා share කියන භාවිතාවන් මෙහෙයුම් පද්ධතිය මතුපිටට ගෙනත් සූදානම් භාවිතාවක් කර ඇති බවයි. ක්‍රමයෙන් වැඩි වන භාවිතාකරන්නන්ගේ ප්‍රමානය සමග සමනය වන්නට මෙම හැකියවන් මතුපිටට පැමිනීම සංකේතවත් වනවා. PC භාවිතාව ඉක්මවමින් devices භාවිතාව මතුපිටට පැමිනීම හා එය වෙළඳ අරමුනක් ලෙසට පිලිගැනීමත් windows 8 වලින් දැක්වුනා. හැබැයි Microsoft වෙතින් උනු නිවැරදි නොවන පොලා පැනීම නිවැරදි කර ගන්නට ඔවුනට අවශ්‍ය වනවා. ඒ නිසාම මේ වන විට ආයතනය ඩෙස්ක් ටොප් ප්‍රමුක බව මගහැරීම සංකේතවන් වන කීබොර්ඩ් හා මවුස් මිත්‍ර හා ස්මාර්ට් මෙනු මිත්‍ර නව ස්වභාවයකට තම මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය සමග යන බවට පවසා සිටිනවා.....

පරිගණකයක් මිළදී ගැනීමකදී!!!!

  ඔබ පරිගණකයක් මිළදී ගැනීමට යාමේදී  ඔබගේ අවශ්‍යතවය පිලිබඳව මනා අවබෝධයකින් නොයෑම බොහෝ විට ගැටලුකාරී මිළඳී ගැනීමට මග පාදන්නකි. කාරුනිකව ඔබගේ අවශ්‍යතාවය විමසා බලා ඔබ හඳුනානොගත් වැදගත් සාධක විමසමින් ඔබගෙ අවශයතාවය ඉ‍ටුකරන්නට සෑදී පැදැදී සිටින ව්‍යාපාරික මහතුන්ද සිටින නමුත් කලාතුරකින් තම වෙළඳ අරමුනු මත පමනක් ක්‍රියාත්මක වෙමින් ඔබේ අවශ්‍යතාවය කෙසේ මුත් ඔවුනගේ අලවි අවශ්‍යතාවය මත පමනක් ක්‍රියාත්මක වෙමින් කරුනු දැනුම් තේරුම් යන විට ඔබව අපහසුතාවයට පත්කරවන මිලඳි ගැනීමක් මග හරින්නට නම් ඔබගෙ අවබෝධය වැදගත් වේ.
         භාවිතාකරන ලද පරිගණක යනු තව දුරටත් භාවිතාකිරීමකට නොහැකි අබලන්වූ පරිගණක කොටස් යාන්තමින් අටවා තබා ඔබ වෙත අලවි කිරීම නොවේ. ඒවා අයත්වන්නේ භාවිතයට නොසුදුසු පරිගණක කාන්ඩයටය. e අපද්‍රව්‍ය ලෙසට හදුනා ගනිමින් ඒවයේ වන ලෝහ , ප්ලස්ටික් වැනි ද්‍රව්‍ය ලබා ගැනීම සදහා යොමු කල යුතු මට්ටමේ පරිගණක කොටස් පවා මිළදී ගන්නන්ගේ අනවබෝදය භාවිතාකරමින් අලවි කරන අවස්ථා නැතුවාම නොවන බව අමතක නොකල යුතුය. බොහෝ විට භාවිතාකල කල මට්ටමේ නැවත භාවිතාවකට පැමිනෙන පරිගණකයක් යනු හොඳින් ක්‍රියාත්මක වන මුත් මෙහෙයුම් පද්ධති නැතිනම් මෘදුකාංගවල වඩාත් නවීන සංස්කරන සදහා හොඳින් සහය නොදැක්වීම , අවශ්‍යව ඇති නව භාවිතාවන්ස් අදහා ප්‍රමානවත් ප්‍රොසෙසර් හෝ ‍රැම් පහසුකම් නොමැති ආකාරයේ හෝ වෙනත් තාක්ශනික අවශ්‍ය තාවයන් නොසපුරලන පරිගණක වේ. ඒවා කිසිසේත්ම විනාශකිරීම සදහා සුදුසු මට්ටමේ පරිගණක වලින් ලබා ගත් ක්‍රියාත්මක වන කොටස් එකට යාකර සකස් කර ගත් ඒවා නොවේ. බොහෝ විට භාවිතාකරන ලද පරිගනකයක් සදහා තෙමසක වගකීමක් ලබා දෙන්නේ එම කාලයක් හොඳින් ක්‍රියාත්මක වනවා යනු එම උපකරනේ මිළදී ගන්නා අවස්ථාව වන විට හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ප්‍රායෝගික සහතිකයක් වන බැවිනි.
                        i7 ප්‍රොසෙසර් බලයක් , 4GB ‍රැම් හැකියාවක් , 1TB තොරතුරු ගබඩා හැකියාවක් සාමාන්‍යයෙන්  දැනට පවතින නව පරිගණකයක් මිළදී ගැනීමට  මූලික කරුනුය. මෙම හැකියාවන් i3,i5 දක්වා වෙනස් වීම ඔබගේ අවශ්‍යතාවයට අනූව වෙනස් විය හැක. සාමන්‍ය දෛනික භාවිතවකට i3 Processer , 3GB Ram , 500GB-1TB හැකියාව්ක් ප්‍රමානවත් වනු ඇත. සංකීර්න පරිගණක ක්‍රීඩා සදහා මෙන්ම ග්‍ර‍ෆික් නිර්මානය සදහා නම් මෙම හැකියාවන් උපරිමයෙන්ම මෙන්ම විශේෂයෙන්ම පරිගණකයේ ග්‍රැ‍ෆික් හැකියාව ඉහල මට්ටමක තේරීමකට යාම අත්‍යාවශ්‍යවේ. හැකි හැම විටකම මිළඳී ගන්නා මට්ටමේ පිරිසිදු මෙහෙයුම් පද්ධතියක් තොරා ගැනීම හෝ විවෘත නැතිනම් නොමිළේ භාවිතාකල හැකි ආකාරයේ මෙහෙයුම් පද්ධතියකට පිවිසීම වෙදගත් වේ. නෛතික අර්ථයෙන් එය අනිවාර්ය වන අතරම භාවිත අර්තයෙන් සලකන විටදීද වැඩි වෙමින් ඇති අන්තර්ජාල භාවිතය , හානිකර මෘදුකාංග පැතිරීම වැඩි වීම වැනි කාරනා සැලකීමේදීද වැදගත් වේ. අමතර මෘදුකාංග භාවිතයේදීද  ක්‍රැක් මට්ටමේ මෘදුකාංග ඔස්සේ පහසුවෙන් කරදර පැමිනීමට ඇති ඉඩ කඩ අමතක නොකලයුතු අතර මිළඳී ගැනීමකට අපහසු වන හැම විටම ඒහා සමන පහසුකම් දෙන විවෘත මෘදුකාංග තොරා ගැනීම වැදගත් වේ. දෘඩාංග මෙන්ම මෘදුකාංග මිලදී ගැනීමකදී ඒවායේ නිර්ව්‍යාජ බව තහවුරු කරන තොරතුරු අඩංගුවන ඇසුරුම් ආදිය ලබ ගන්නටත් පරික්ශා කර බලන්නටත් සැලකිලිමත්විම වැදගත් වන අතර සමහර විටක දැනට භාවිතාවන මෙහෙයුම් පද්ධති සමග ක්‍රියා නොකරන මෘදුකාංග (ඩ්‍රයිවර්ස්) ආදිය අඩංගු  උපාංග මෙන්ම විටක හානිකර සහිතව නිෂ්පාදනාගාර වල සිටම පැමිනෙන උපාංග මග හැරවා ගැනීමටද සහයක් වනු ඇත.
           සැම පිලිගත් මට්ටමේ නිෂ්පාදකයින් සදහාම වෙබ් අඩවි පහසුකම් පවතින අතර ඒවා ඔස්සේ අදාල උපාංග පිලිබදව තොරතුරු විමසා බලන්නට මෙන්ම නිර්ව්‍යාජ පෙනුම සසදන්නට පමනක් නොව විටක අදාල වෙබ් අඩවි ඔස්සේ තම මිලදී ගැනීම් පරෙක්ෂා කර බලන්නට හෝ ඒවායේ එන ආරක්ශක පදයන් ඔස්සේ එම අඩවි වල ලියාපදිංචි වීමට හැකිවීමත් අප කරනු ලබන මිලදී ගැනීම නිවැරදි බවට තහවුරු කර ගැනීමට අවස්ථාවක් වේ.

සමජ ජාලා සම්පතකි!!

  මිනිසා යනු මුල් ස්වභාවයෙන්ම සමාජශීලී සත්වයෙකි. තොරතුරු තක්ශනය ප්‍රමුක අන්තර්ජාලය ඔස්සේ මිනිස් වර්ගයා වෙතට පැමිනෙන සමාජ ජාලා භාවිතය එම මිනිස් වර්ගයාගේ මුල් ස්වභාවය වෙතට තොරතුරු තාක්ශන වෙතින් ලැබෙන තිලිනයක් බඳුය. මිනිස් සබදතා පාලනය කෙරෙන දුර බැහැර සාධකය , කාර්යබහුල සාධකය ආදී වූ බෙහෝ ගැටලුකාරී ස්වභාවයන් ජයගන්නට පහසුවක් ලෙසට සැකසෙමින් පැමිනෙන එය මිනිස් සමාජයේ e සංස්කරනයක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නට තැත් දරනු දැකිය හැකිය. 
                             අන්තර්ජාලයේ Social Network ලොසට පොඳුවේ නම් දරමින් පැමිනෙන මෙම පහසුව ගෙනෙන වෙබ්  සේවාවන් කිහිපයකි. ඒවා අතර ප්‍රධාන තම අඩවි ලෙසට Facebook.com , Google+ ආදිය දැකිය හැක.  ලොව පුරා වෙසෙන බිලියන ගනනකගේ භාවිතය ලබන ෆැස්බුක් අඩවිය මේ අතර වඩාත් ප්‍රමුක වේ. මෙම අඩවියේ මෙන්ම අනෙකුත් බොහෝ සමාජ ජාලා අඩවියක Profile එකක් නැතිනම් අනන්‍යතාවයන් නිර්මානය කර ගැනීම සදහා E-mail ලිපිනයක් සහිතව සිටීම පමනක් සෑහෙන අතර යම්වයස සීමාවක්පසුකර ඇති විටක තමන් ලබා දෙන අනෙකුත් සියලු තොරතුරු සත්‍ය බවට පොරොන්දුවෙමින් එහි ගිනුමක් ආරම්භ කර ගැනීමට හැකිවේ. එම ගිනුම අරබන විට මීට අමතරව අසභ්‍ය , අපහාස වැනි සාමාජීයව හානිකර දෑ එම අනන්‍යතා තුලට නොගෙනෙන බවටද පොරොන්දුවකට එකගවීමක් සිදුවේ. මෙම කොන්දේසි පොදුවේ ප්‍රධාන ගනයේ සියලුම සමාජ ජාලා සදහා වන අතර මීට අමතර වන සමාජ ජලාද වේ. මුදල් ගෙවා සාමාජික විය හැකි ඒවා , වෘතීය මට්ටම් වලට පමනක් සීමා වූ ඒවා, කුඩා දරුවන් සදහා පමනක් වූ ඒවා අදී ලෙසට ඒවා විවිධ වේ. 
                                                 සරලව හදුනාගන්නෙනම්, මුලින්ම තමන්ගේ Profile එකක් නිර්මානය කර ගැනීමෙන් තම සමාජජාලා අනන්‍යතාවය අරබන්නට හැකිවේ. ඉන් අනතුරුව  තමන් දන්නා කියන දැනටමත් එන සමාජ ජාලාවේ සිටින හිතවතුන් සදහා ආරාධනා කිරීමටත් , එම යාන්ත්‍රන විසින් ඔබ විසින් සපයා ඇති තොරතුරු ඔස්සේ විමසමින් ඔබ දන්නවා යැයි සැක කෙරෙන Profile යෝජනා කිරීමත් සිදු වන අතර මීට අමතරව email ඔස්සේ බාහිරින් වන හිතවතුන්ට එම සමාජජාලාවට පැමිනෙන ලෙසට ආරාධානා කිරීම වැනි ක්‍රම ඔස්සේද  තම සමාජ ජාලා හිතවතුන් ප්‍රමානය වඩාත් අංග සම්පූන කර ගැනීමට අවස්ථාවක් වේ. මෙසේ එකතුවන අනකුත් මිත්‍රයන් සමග පොඳුවේ වන පි‍ටුව නිර්මනය වීමේ ඉන් ඇරබෙන අතර සියල්ලන් විසින් පලකරනදෑ මෙම පොඳු පි‍ටුවටද පැමිනීම ඔස්සේ පහසුවෙන් ඔවුන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සිදුවේ. එසේම මෙහි පලකරන දෑ එම අවකාශයේ වන ඔනෑම අයෙකුට දකින්නට හෝ මිතුරන් හා ඔවුන්ගේ මිතුරන් අතරට පමනක් සීමා කරන්නට මෙන්ම අවසානයේ තමන්ට පමනක් සීමා වන ලෙසට පලකරන්නටද මෙම අඩවි වල පහසුකම් සැලසේ. මීට අමතරව ප්‍රකට පුද්ගලයින් සදහා , ආයතනය සදහා , සංවිධාන සදහා ආදීවන පදනමින්ද මෙම සමාජ ජලාවල පි‍ටු නිර්මානය කර ගැනීමේ අවස්ථාවක් ලැබේ.  කලින් කලට එම පහසුකම් වෙනස් විය හැකි වන අතර එම අඩවි අතරද මේවා විවිධ විය හැක.
                          වෙළඳ දැන්වීම්කරනය මෙම අඩවි සදහා විශාල ආදායම් ලබා දෙන අතර ඉලක්කගත වෙළඳ දැන්වීම් සදහා මෙම අඩවි වඩාත් ප්‍රචලිත වේ. එහිදී මෙම අඩවි වල ක්‍රියාත්මක වන යාන්ත්‍රන විසින් ඔබගේ සිතුම් පැතුම් පමනක් නොව ඔබගේ හිතමිතුරන්ගේ සිතුම් පැතුම්ද හදාරමින් වඩාත් ඉලක්කගත දැන්වීම් සදහා  ක්‍රියාත්මක වෙයි. මෙම අඩ්වි වල කෙටි පනිවිඬ සේවා වැනි අමතර සේවාවාවන්ද ලබා දෙන අතර සමහර විටක එම ආයතනයන්ගේ අනෙකුත් සේවාවන් සමග සම්බන්දව ක්‍රියාත්මක වන ජාලාවන් ලෙසටද දක්නට ලැබේ. 
                  කාලය කා දැමීම සදහා ස්ථාන ලෙසට හා හානිකර සමජ  ගැටලු නිර්මානය කරන ස්ථාන ලෙසටද මෙම අඩවි සදහා අපකීර්තිමත්  පිලිගැනීමක්ද සමාජය තුල නිර්මානය වී ඇති අතර දැඩි ඇබ්බැහි වීමක් ලෙසට වන ව්‍යසනයක චිත්‍රනයක්ද මේවාව වේ. බොහෝ විට භාවිතාකරන්නා සදහා මේවායින් වන සේවය පිලිබදව පැහැදිලි බවක් නොමැති වීම මෙසේ අනවබෝධනීය අදහස් සදහා පහසුවක් වන අතර පෞද්ගලික ව ද , කන්ඩායම් ලෙසටද තමන් අතර සැබෑ ලෝකයේ වන සබදතා වඩාත් විදිමත් කර ගන්නට මෙන්ම සුවපසුව අදහස් උදහස් හුවමාරුකර ගන්නට මෙම අවකාශයන් නිර්මානය කර දී ඇති ඉඩ පසුව බොහෝ විට චෝදනා නගන්නන් අමතක කරනු දැකිය හැකිය, එසේම පසුව ගැටලු කාරී විය හැකි අනවශය පෞද්ගලික තොරතුරු මුදා හැරීම පමනක් නොව අති පෞද්ගලික සීමාකිරීම් සමග උවත් කිසි සේත් අනෙකුන් නොදැනගත යුතු තොරතුරු මේවා තුලට ගෙන නෝ එන්නට භවිතාකරන්නන් වග බලා ගැනීමද වැදගත්වේ. 

එය තොරතුරු තාක්ශනය, මිනිසාට වූ අසිරිමත් හමුවීමකි!!!!

  මිනිසුන්ගේ සංස්කෘතික කථාන්දරයේ එක් කියවීමක් තොරතුරු කලාමනාකරනය පිලිබදව අත්පත් කර ගත් ප්‍රගතිය ලෙසට හඳුනා ගත හැක. තොරතුරු හඳුනා ගැනීම  ඒවා මතක තබා ගැනීම අවශ්‍ය විටකදී වඩාත් වටිනා තොරතුරු වලට ඒවා නැවත සකස් කර ගැනීම මෙන්ම විවිධ ස්වරූප වලින් ඒවා නැවත ලබා ගැනීම මෙන්ම  අවශය විටකදී දුරබැහැරකට පවා සංනිවේදනයට හැකිවීම එම ප්‍රගතීන් ලෙස වඩාත් පැහැදිලි කර ගත හැක. මිනිස් ප්‍රගති කථාන්දරයේ වැදගත් මෙම ක්‍රියාදාමයට පැමිනෙන  යාන්ත්‍රික වීම නැතිනම් පැමිනෙන තාක්ශනික මැදිහත්වීම "තොරතුරු තාක්ශනය " ලෙසට නම් කෙරේ.
           මූල ද්‍රව්‍යයක වන පාලනය කල හැකි සරල ද්විතීක බව ඔස්සේ වර නගා ගන්නා විෂයක් ඔස්සේ ගොඩ නැගෙන ට්‍රාන්සිස්ටරය ප්‍රමුකව ඉදිවන මෙම තාක්ශනය වර්තමානයේ උපාංගයක් ලෙසට මෙන්ම භාවිතාවක් ලෙසටද මහත් සංකීර්න බවක් ලබා ගෙන ඇත. ආරම්භයේදී විශාල ගොඩ නැගිල්ලක් තරම් වෙමින් යාන්ත්‍රික සැකසුම්  සදහා ඇතුලත ඇවිද යමින් මෙහෙයවුනු එම යාන්ත්‍රික පරිගණකය අද වන විට උපැස් යුවලකට , අත් ඔරලෝසුවකට නැතිනම් තවත් විටක පාවහන් යුවලකට  සංයුක්තව පැමිනෙන්නට තරම් හැකිව ඇත. ආරම්භයේ ඉතා ආයාසයෙන් සකසන කරන වැඩසටහන් ගත කිරීම් සදහා ලබා දෙන දත්ත සැකසීමකට සීමා වූ එම හැකියාව අද වන විට මිනිසාගේ පෞද්ගලික ජීවිතය, විනෝද ජීවිතය, සමාජ ජීවිතය පමනක් නොව වෘතීය ජීවිතය ලෙසටවන වන සියලුම ජීවිත පැතිකඩ ඔස්සේ මග හැරිය නොහැකි තරමේ වැදගත් මැදිහත් වීමක් ගෙනෙන තීරනාත්මක භාවිතාවක්වී අවසන්ය. එපමනකුදු නොව අද වන විට ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් නිවසක කාර්යාලයක මූලික අවශ්‍යතා පාලනය සදහා එම උපාංග සමග මිනිස් මැදිහත්වීමකින් තොරව  තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින පද්ධතියක් දක්වා දියුනු වෙමින් ඇත. මාවතක දිවෙන රථයක් වෙතට පැමිනෙන මෙම විෂය රියදුරෙකු රහිතව ධාවනය වන රථයක් නිර්මානය කරදෙන්නට සමත්ව ඇත.
                              අප ජීවිතය අවට වන අවට වන බොහෝ උපාංග හා මතුපිටවන් මතට පැමිනෙන මෙම හැකියාව එවාට "ස්මාර්ට්"  නමින් නවීකරනයක් ලබා දෙමින් ඒවායින් මිනිසා වෙතට ගෙනෙනු ලබූ මුල් පහසුව දත්ත කරනය සමග වඩාත් කාර්යක්ශම කරදි ඇත. මුදල් භාවිතය කඩදාසි හා ලෝහ සංකේත වෙනුවට "e" කරනය කරමින් දේශශීමා රහිත විශ්ව තලයක සිදුවන භාවිතාවක් බවට ගෙනැවිත් ඇත. කාර්යාල මෙන්ම පෞද්ගලික භාවිතාවේ තිබූ දිනකට ටොන් ගනනක කඩදාසි භාවිතාව අවසන් කරමින් දිනාපතා පුවත් පතක සිට නිමවෙන පොත් පතක් දක්වා දෑ "e" කරනය කරන්නට මැදහත්ව සිටී. වෙළඳ පොල වෙතට එහි බල පෑම අසීමිතය. අනවශ්‍ය අතර මැදියන් ඔස්සේ අවසාන පාරිභෝගිකයා වෙතට වන බර පැටවීම් විශාල ප්‍රතිශතයකින් අවමකර දමන්නට අන්තර්ජාලය නමින් වන මැදිහත් වීම සමත්ව ඇත. දියුනු රටකදී ගොවිපලක නිෂ්පාදනය ඉදිරි කන්න කිහිපයක් සදහා සැලසුම් වන්නේ තොරතුරු තාක්ශනය හරහා පැමිනෙන අනාගත කාලගුන අනාවැකි වල මෙන්ම අනෙකුත් ගොවි මහතුන්ගේ ඉදිරි සැලසුම්ද අනූවය. වෙළඳ පොල අවශ්‍යතාවය සමග මනාව කලමනාකරනය වෙමින් සමබර නිෂ්පාදනයක් ඔස්සේ සැලසුම් වන්නට මෙම තාක්ශනය ඔවුනට ගෙනැවිත් අත්තේ මහත් පහසුවකි.
                                       තම සංස්කෘතික ගමන් මගේ මිනිසා අත්පත් කරගත් අපූර්ව හැකියාවන් අතර වඩාත් දිදුලන හැකියාවක් ලෙසට පිලිගැනෙන මෙම හමුවීම මිනිසෙකුගේ උදෑසන අවදියේ සිට රාත්‍රියේ නින්ද දක්වා වන හැම නිමේශයක් සදහාම සුව පහසුවක් කාර්යක්ශමතාවයක් ‍රැගෙන විත් ඇත. සිරුරේ  නිරෝගීකම පිලිබදව එය අවදිමත්ය , නිවසේ ආරක්ශාවේ සිට හෙට දවසේ කාලසටහන වඩාත් කාර්යක්ශම හා හිතකර ආකාරය ට පවත්වාගෙන යන්නට සහය වන්නට තරම් එය අවදිමත්ය, සමස්තයක් ලෙසට පවසන්නේනම් ඔබ යන එන , කන බොන , කියන කරන, හිතන පතන සියලු දැ සමග වෙමින් මතක් කර දෙන්නට, මග පෙන්වන්නට , තොරතුරු සොයා දෙන්නට හැකිව සූදානම්ව පැමිනෙන සහකරුවෙකු වන්නට එය මේ වන විට සමත්ය.

2014-08-16

තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි.

  තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි. ආසන්නව සෑම දෑ වසරකට වරක් එය තම ප්‍රධාන අවයවය නොහොත් ප්‍රොසෙසරයේ හැකියා වපසරිය දෙගුන යක් බවට පත්කර ගන්නා අපූරු ගුනයකින් යුත් හැකියාවක් ගෙනවිත් ඇත. එම ප්‍රබෝධය ප්‍රොසෙසරයට පමනක් සීමා නොවී තම මෘදුකාංග පරිසරයට මෙන්ම නෙට්වර්ක් හැකියා පරිසරයටද ගෙනෙන්නේ විසල් සැහැල්ලුවකි. මෙහි ප්‍රථිපලය අපූර්වය. එක දිනයකදී සිහිනයක් ලෙසට හැගෙන හැකියාවක් වසරක් දෙකක් ගෙවෙනවිට වෙළඳ පොලට පැමින ඇති පහසුවක් වන විස්මිත ක්‍රියාකාරකමක් එය නිරන්තරයෙන් ඉ‍ටුකර මින් සිටින්නේ එහෙයිනි.
                    එක් අතකින් 3D ප්‍රින්ටින් හැකියාව සාමන්‍ය ජීවිත රටා උඩුයටිකුරු කරන්නක වන්නට තම සුලු කලක් යනු ඇත. ඔබ නිවසේ භාවිතාකරන බොහෝ උපකරන මිළදී ගැනීම යනු online ආකාරයට මුදල් ගෙවීමක් ඔස්සේ ලබා ගන්නා රිසිට් පතක් හා සැලසුමක් පමනක් වන දිනය හදාරන්නන් අවධාරනය කරන්නකි. එම සැලසුම ඔස්සේ විසිත්ත කාබරයට එන විසිතුරු සැරසිල්ලක සිට සංකීර්න උපකරනයක් විය හැක. නිවසේ 3D ප්‍රින්ටරයෙන් හෝ එය පහසුකම් මදි විටක වෙළඳ මට්ටමේ 3D ප්‍රින්ටරයකින් අදාල උපකරනය නිමවා ගැනීමට පමනක් නව හිමිකරුට සිදුවනු ඇත. ඩිජිටල් ඇසිස්ටන්ට්, දත්ත උපාංගය සමග වන share හා search හැකියවන් හකුලවා ශ්‍රව්‍ය දෘශ්‍ය ස්වභාවික ඇනවුම් ඔස්සේ දිවෙන කාලය වඩාත් ඈත බවට සිතිය නොහැකිය.මනසක් ඇති සැබෑ සහයකයෙකුගේ ස්වභාවයට එය වර්ධනය වීම ඉදිරි දශකය තුල සිදුවීම අනිවර්ය බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.

2014-08-07

තවදුරටත් Digital අනන්‍යතාවය සැගවීමට උත්සාහ කිරීම නිෂ්පල කාරනාවකි!!

  ....සමහර වෙලාවට අපි හිතනවට වඩා වේගයෙන් තොරතුරු ලෝකය අපව වෙලා ගන්නවා.හිතන්න ඔබ උසස් අධ්‍යාපන ආයතනයක සිසුවෙක් කියලා. කලාතුරකින් කෙනෙක් හැටියට ඔබ ප්‍රතිපත්තියක් රකිනවා Online ආකාරයට කිසිම අනන්‍යතාවයක් ගොඩනගා නොගන්නා කෙනෙක් වීමට. ඔබේ මිතුරන් සමාජ ජාලාවලට යන එනවා ඔබ කිසිසේත්ම යන්නෙ නැහැ. ඔවුන් ක්ශනික පනිවිඬ සේවාවන් භාවිතාකරනවා ඔබ නැහැ. අඩුතරමින් E-mail ගිනුමක් වත් නිර්මානය කර ගන්නේ නැහැ. කොටින්ම හරිම අස්වාභාවික කෙනෙක් වෙමින් ඔබ දත්ත උපාංගයකට පිවිසෙන්නේවත් නැහැ. හොඳයි , දැන් ඔබ සන්තෝසයෙන් ඉන්නවා ඔබේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික ගොදුරක් බවට පත්වෙන්නට ඉඩ නොදුන් ස්වභාව රකිනා කෙනෙක් හැටියට.
                    මේ ආකාරයට කාලය ගත කරමින් සිටි ඔබ වසර ගනනාවකට පස්සේ ‍රැකියා ස්ථානයේ යම් අවශ්‍ය තාවයක් නිසාම සිදුවෙනවා Profile එකක් නිර්මානය කරන්න. සරලව හිතමු Email ගිනුමක් පමනයි කියලා. පසුව වෙලාවක ඔබ නිකමට මෙන් සෙවුම් යන්ත්‍රයක ඔබගේ නම සටහන් කරලා බලනවා හරිම දක්ශ විදිහට ඔබගේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික කර නොගත් පිරිසිදු මිනිහෙක්ය කියන සතුටින්.ඒත් සෙයුම් ප්‍රතිපල දකින විට ඔබ පුදුමයට පත්වේවි. සෙයුම් ප්‍රථිපල පි‍ටු දෙක තුනක්ම පිරෙන්නට විවිධ අවස්ථාවලට සම්බන්දිතව ඔබ ගැන තොරතුරු Text ආකාරයට Image ආකාරයට මෙන්ම  Videos ලෙසට එහි තිබෙනවා. ඒක හරියට ඔබ ඔබගේ සිරුරේ ප්‍රමානයට සකස්කරගත් වීදුරු කුටියක සිටියා වගේ වේවි. ඔබම සම්බන්ද නොවූවත් ඔබගේ අධ්‍යාපන ආයතනය , හිතමිතුරන් අතින් , ඔබගේ නගරයේ සමාජ කටයුතු ආයතන ඔස්සේ ඔබ ගැන තොරතුරු විශාල ප්‍රමානයක් අන්තර්ජාල ගතව තිබෙනු දකිනවිට ඔබගේ සැගවීම ඔබට පමනක් සැගවිමක්වීම ගැන කනගා‍ටු සිතේවි. ඔබගේ අධ්‍යාපන ආයතනයේ සිටම විවිධ අවස්ථාවලදී ඔබගේ තොරතුරු Text හැටියට ඒ වෙතට පැමින තියේවි, උපාධි ලබන්නන්ගේ සමූහ ඡායාරුවේසිට විවිධ අවස්ථාවලදී ඔබගේ මුහුනුවර නම් වෙමින් එහි පැමින තියේවි. මම යෝජනා කරන්නේ මේක අස්වාභාවික රටාවක් නොවේ කියන එකයි.  ඔබ කැමති උනත් නැතත් ඒ රටවන් ගලාගෙන යනවා. ඔබට පුලුවන් වෙන්නේ හැකි නිවැරදිම ආකාරයට ඒවා නඩංතුවට කටයුතු කිරීම පමනයි.....

2014-07-14

හැමවිටම හානිකරයන් එන්නේ තාක්ශනික දුර්වලතාම ඔස්සේ නොවේ!!!!

  සමහර බාවිතාකරන්නන්ට අනූව තොරතුරු ලෝකය අධිඅනරක්ෂිත තැනකි. මෙය එතරම් කැපී පෙනෙන මට්ටමේ සත්‍යයක් නොවේ. එය නිර්මානය වන්නේ දෘඩාංග මට්ටමක් මහ වුවද එය ක්‍රියාත්මක වන්නේ මෘදුකාංග තලයක් මත වුවද පමනක් නොව එය ජාලගත වන්නේ මෘදු/දෘඩ අංගයන් මත වුවද ඉන් ඉහලින් වන්නේ මිනිස් ස්වභාවන්ගෙන් සුසැදි තැනකි. එහි චලනය වන්නේ මිනිස් සිතුම් පැතුම් , ක්‍රියාකරකම්ය. මෙසේ සැලකීමේදී තොරතුරු ලෝකය අනතුරු බහුලවන බවට වන චෝදනාව තාක්ශනික පදනම මතටම හැම විටම සාධාරන නොවේ. ඔබගේ ඊමේල ලිපිනය වෙතට ඔබ කවදාවත් ලබා නොගත් ලෝත‍රැයියක දිනුමක සබදතාවයක් පැමින එය අවදිකරවා ගැනීමකට උත්සාහ කරයි. බොහෝ විට ඔබව ‍රැගෙන යන්නේ හානිකරයක් කරාය. විටක අසැබි තොරතුරක් පෙන්වමින් ඔබව පොලබා ගන්නට උත්සාහ කරන අතරම කලාතුරකින් ඔබගේ හිතවතෙකුගේ ඊමේල් ගොනුවට අනවසර පිවිසීමක් ඔස්සේ සොරා ගත් ඊමේල ලිපින ඔස්සේ මෙවැනි තොරතුරක් පැමිනිය විට පහසුවෙන් ඔබ හානිකරන්නන්ගේ උගුලට හසුවිය හැක." මට විස්වාස කරන්න අමාරුයි එයා කවදාවක් ඔය වගේ දෙවල් කියාවි යැයි" සාමාන්‍ය ලොකයේදී ඔබගේ මිතුරා ගැන වන අවබෝදය ඔස්සේ ප්‍රතික්ශේප කරන දෙයක් තොරතුරු ලොකය තුලදීද පැමිනි විට සැකසහිත වීම වැදගත් වේ.
              සමාජ ජාලා යනු මිනිසුන්ගේ තොරතුරු හා හැසිරීම් පිලිබදව කටයුතු වන ස්ථානයකි. සාමාන්‍ය සමාජයේදී මෙන්ම මෙහිදීද අනෙකාගේ යහපැවත්මට හානිකරන්නන් බහුල වීම ස්වභාවයකි. ආකර්ශනීය ඡායාරුවක් ඔස්සේ පැමිනෙන ප්‍රොෆයිලයක් බොහෝ විටක සැබෑ ම නියෝජනයක් නොවෙනවා වීමට හේතු රාශියකි. නිරාවරනයට අකමැත්තද එහි විය හැකි මුත් තවත් විටක තමහානිකර අරමුනු සදහා ගොදුරු ලබා ගන්නටද මෙම උපංක්‍රම භාවිතා විය හැක. එවැනි විටකදී ඔබෙන්ම ලබා ගන්නා තොරතුරු මත ඔබගේ අනෙකුත් ගිනුම් වෙතට ඇතුලු වීම තවත් විටක ඔබගේ අනෙකුත් සබදතා තුලට ඇතුලු වීමට ඒවා භාවිතාකිරීම වැනි අනතුරු රාශියක් මේ ඔස්සේ පැමිනිය හැක. තවත් විටක ආගමික ගැගීම් , දේශපාලනික මතවාද වැනි දෑද භාව්තාකරමින් මෙම පොලබාගැනීම් සිදුවීමට ඇත්තේ  බහුල ඉඩකඩකි. සමාජ ජලා නිර්මානය වන්නේ ඔබ හොඳින්ම දන්නා අසල්වැසියා හෝ කාර්යාලයේ ඊලග අසුනේ සිටිනා අය සමග සබදතා පවත්වා ගැනීමට පමනක් නොවේ. සමාන සිතුම් පැතුම් ඇතිවුන් , සමාන දෑට ප්‍රියකරන්න වුන් වැනි නෙක ආකාරයේ යහ සබදතාවයන් වෙනුවෙනි. එහෙත් ඔබගේ රටේ ජනාකීර්න මාවතක අසිහියෙන් මෙන් හැසිරුන හොත් සිදුවිය හැකි අනතුරු ස්වභාවයන් මෙහිද තිබීම අමුත්ත්ක් ලෙසට සැල කිය නොහැක.
                  නොසැලකිලිමත්වීම අනතුරු කැදවන තවත් සරල අවස්ථාවක් ලෙසට ඔබ බ්‍රවුසරය තුල සටහන් කරන වෙබ් ලිපිනයක එක් අකුරක් වැරදීම ඔස්සේ පවා මෙම හානීය පැමිනීමට හැක. බොහෝ ආරක්ශක මෘදුකාංග මෙවැනි දුර්වලතා සදහා පිලියම් සේවා ලබා දෙන මුත් තවමත් එවැනි අනතුරු නැතුවාම නොවේ. විටක පරිගණකය යම් මට්ටමකට ආසාධිතව පවතින විටකදී ප්‍රකට ආරක්ශක මෘදුකංග වෙබ් අඩවියක් සොයන ඔබව මුල් අඩවියට සමාන මුත් හානිකර ලබා දෙන අඩවියකට යොමුවීම සිදුවිය හැක්කකි. සමස්තයක් ලෙසට යොජනා කරන්නේ ඉතාම ආරක්ශිත බවට සහිතකවන ඔබගේ බැංකු ගිනුමේ සිට සියලුම වෙබ් අවකාශයන් සමග කටයුතු කිරීමේ කල්පනාකාරීවීම ඉතා වැදගත්වීම වේ.

මෘදුකාංග සමග කල්පනාකාරීව වගකීමකින් කටයුතු කරමු!!!!

 නව පරිගණකයක් සමග හෝ නව දෘඩ තැටියක් සමග මෙන්ම භාවිතාකරමින් සිටින පරිගණකයට නැවත අලුතින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී වඩාත් සැලසුම් සහිතව සිදුකිරීම වැදගත්වේ. ඔබගේ පරිගණකය භාවිතාකරන්නට බලාපොරොත්තුවන ප්‍රධාන ඉලක්ක සිහිතබා ගනිමින් එම සැලසුම් සකස් කිරීම වැදගත් වනු ඇත. ඔබ සතුව ඇති තරම් විවිධ මෘදුකාංග අඩංගු තැටි තිබීම හා දෘඩ තැටියේ ඉඩකඩ තිබීම පමනක් මෙහිදී වැදගත් කාරනා නොවන අතර පරිගණකය සමග ඔබ කරන්නට බලාපොරොත්තුවන කාරනා පිලිබදව ප්‍රථමයෙන් සැලකිල්ලට ගත යුතුය. මෙහෙයුම් පද්ධතිය , ආරක්ශක මෘදුකාංග හා පරුගනකයේ යහ පැවත්මට සහය වන අමතර මෘදුකාංග මුලින්ම සැලකිය යුතු ලෙසට පිලි ගැනෙන අතර ප්‍රධාන ආරක්ශක මෘදුකාංගය සමග නොපැමිනෙන  අමතර ආරක්ශක අංග සදහා බාහිර මෘදුකාංග විමසා බලා තොරා ගැනීම වැදගත්වේ. firewall මෘදුකාංගයක් Spam Filter වැනි මෘදුකංගයක් ආදී ලෙසට වර්ථමාන සංකීර්න භාවිතාවෙදී බහුලව අවශ්‍යවන ආරක්ශක අංග පිලිබදව සැලකිලිමත්වීම මෙන්ම ප්‍රධාන ආරක්ශක මෘදුකාංග සමග ඒවා පැමින නැතිනම් අන්තර්ජාලය ඔස්සේ සොයා බලා නොමිලේ හෝ ගෙවීම්  කලයුතු මෘදුකාංග සංස්කරනයක් තොරා ගැනීම වැදගත් වේ. කොතරම් සහතිකකරන ලෙසට මුත් අනිසි ලෙස සංක්‍රීය කරන ලද මෘදුකාංග භාවිතය  හානියක් සදහා විවර වීමක් වන බැවින් විශේෂයෙන් ආරක්ශක මෘදුකාංග භාවිතයේදී නම් මිලදී ගත යුතු සංස්කරනයකට යා නොහැකි නම් නොමිලේ භාවිතාකල හැකි සංස්කරනයකට යාම හිතකර වනු ඇත.
         නිතර මෘදුකාංග ස්තාපනය හා අස්තාපනය එතරම් හිතකර නොවේ. ඒ සදහා හේතු රාශියකි. පලමු කොට ඔබ ස්තාපනය කරන මෘදුකාංගයක සියලුම කොටස් පසුව අස්තාපනයේදී ඉවත්ව නොයෑම සැලකිය යුතුය. ක්‍රමයෙන් පරිගණකය තුල අනවශ්‍ය මෘදු අපද්‍රව්‍ය ‍රැස් වෙන ස්තානයක් බවට පත්වන්නට පටන් ගත්විට බොහෝ ගැටලු ඇති විය හැකි අතර එම ශේශයන් අතර සංක්‍රීය මට්ටමේ කොටස් ඉතිරිවීමවඩාත් හානිකර විය හැක. පෙරදී කරන ලද සැලසුමක් ඔස්සේ තොරා ගත් මෘදුකාංග පමනක් සොයා බලා ඒවා ස්තාපනයට කටයුතු කිරීම මෙන්ම නොවැලැක්විය හැකි ලෙසට නිතරම මෙම ස්තාපන / අස්තාපන කටයුතු සිදු වන්නේ නම් එසේ මෘදුකාංගයක් අස්තාපනයේදී  වඩාත් කල්පනාකාරීව සහය වෙමින් හැකි සියලුම පාහේ අස්තාපනය කරන මෘදුකාංගයට අදාල කොටස් ඉවත්කර ගන්නට සහය වන අමතර මෘදුකාංගයක් සොයා බලා එය ස්තාපනය කර ගැනීම සැදගත් වනු ඇත. විශේෂයෙන් ආරක්ශක මෘදුකාංග අස්තාපනයේදී භාවිතයට ගතයුතු සහය මෘදුකාංග එම ආයතනයන් විසින්ම නිකුත්කරන්නට කටයුතු කරන අතර බොහෝ පිලිගත්මට්ටමේ මෘදුකාංග සමාගම්ද තම මෘදුකාංගයන් සදහා අස්තාපනයේදී භාවිතාකරන්නට සහය මෘදුකාංග නිකුත් කරන්නට කටයුතු කරන අතර එම නිෂ්පාදකයින්ගේ වෙබ් අඩවි පිරික්සීමෙන් මෙම මෘදුකාංග ලබා ගන්නට හැකි වනු ඇත.

2014-07-03

පරිගණකයේ මෙහෙයුම් පද්ධතියතුල වන ඔබගේ ගිණුමද වැදගත් සාධකයකි....

  ඔබට මුලින්ම හමුවන්නේ ඔබ ඉදිරියේ ඇති පරිගණකයයි. එය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව හමුවන්නේ මෙහෙයුම් පද්ධතිය හා අනතුරුව ඔබ එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය තුල භාවිතාකරන ගිනුමයි. සාමාන්‍ය මට්ටමේ භාවිතාවේදී මෙම ගිනුම පිලිබදව එතරම් සංවේදී නොවීම දක්නට හැක. එහෙත් එය ඔබගේ එම පරිගණක භාවිතාව පිලිබදව ඔබ සිතනවාට වඩා කල්පනා කාරීවීම වැදගත් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. හුදු වෙබ් අඩවියකට ගොඩවීම තොරතුරක් සොයා යාමට වඩා යමක් එම පරිගණකයත් සමග ඔබ කරන්නේනම් වඩාත් කලපනාකාරී හැසිරීමත් සමග එබගේ පරිගණකයේ තැන්පත්ව ඇති ඔබගේ තොරතුරු වලට නිසි ආරක්ශාව ලබා ගැනීමේදී මෙන්ම අනවශ්‍ය ලෙසට ඒවා අස්ථාන ගත වීමට මෙන්ම වෙනත් භාවිතකරන්නෙකුට විවෘත වීමට අවස්ථාව ලැබීම වලකා ගන්නට හැකි වනු ඇත.
                                සාමන්‍යයෙන් ඔබගේ පරිගණකය භාවිතාකරන්නේ ඔබම පමනක් විය හැක. එහෙත් අත්වැරදීමකින් එය කාලතුරකින් හෝ විවෘතවීම වැලකීම ඔබට වැදගත් වනු ඇත. සමහර විටක ඔබ මනස යෝජනා කරනු ඇත්තේ නීති විරෝධී හෝ සංස්කෘතික විරෝධී දේ සදහා ඔබගේ පරිගණකය භාවිතානොකරන බැවින් ඉන් අනතුරක් නොවිය හැකි බවකි. එහෙත් බ්‍රවුසරය තුල තැන්පත්ව ඇති ඔබ නෑවත නැවත යාමට ප්‍රියකරන වෙබ් අඩවි ලිපිනයන් මැකීයාම , විවෘතව ඇති ඔබගේ ඊමේල් ලිපිනය ඔස්සේ ඔබගේ හිතවතෙකුට විසුලු සහගත ඊමේලයක් යැවීම , සමහර විටක පරිගණකයට හානිවන ආකාරයේ යෝ ඔබට කරදරයක් වන ආකරයේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීම වැනි බොහෝ දේ අනවසරයෙන් එය වෙත පිවිසෙන වෙනත් භාවිතාකරන්නෙකු අතින් සිදුවිය හැක. මෙම ස්වභාවය මෙසේ වන සරල අවස්ථාවල සිට පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර් බලය භාවිතාවෙමින් ආසාධිත මෘදුකොටසකට එය මත ස්ථාපනයට අවස්ථාව ලැබීම දක්වා විවිධ ආකරයෙන් විය හැක.එසේම එසේ ස්ථපනය වී ඇති හානිකරයකට මෙහෙයුම් පද්ධතිය මතට අනවශ්‍ය වෙනසක් කිරීමේ හැකියවද මෙම ගිනුම් කල්පනාකාරීව හැසිරවීම තුල වලකා ගන්නට ඔබට හැකි වනු ඇත,
                 මෙසේම භාවිතාකරමින් සිටින පරිගණකයෙන් සීමිත කාලයකට ඉවතට යන විට නිශ්චිත කාලයකින් ස්වංක්‍රීයව එය ලොක් වීමට සැකසුම් සකස් කර තිබීම මෙන්ම අවශ්‍ය නම් මැනුවලි එය ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම ඔබගේ කාර්යාල යේදී හෝ වෙනත් ස්ථනයකදී පවා වැදගත් වනු ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ අන්තර්ජාලයට සම්බන්දිතව භාවිතාවකින් තොරව පරිගණකය නිදහස්ව මුත් ක්‍රියාත්මකව තැබීම කලාතුරකින් මුත් පහරදෙන්නෙකුට ඉලක්ක වීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...