2014-08-18

පරිගණකයක් මිළදී ගැනීමකදී!!!!

  ඔබ පරිගණකයක් මිළදී ගැනීමට යාමේදී  ඔබගේ අවශ්‍යතවය පිලිබඳව මනා අවබෝධයකින් නොයෑම බොහෝ විට ගැටලුකාරී මිළඳී ගැනීමට මග පාදන්නකි. කාරුනිකව ඔබගේ අවශ්‍යතාවය විමසා බලා ඔබ හඳුනානොගත් වැදගත් සාධක විමසමින් ඔබගෙ අවශයතාවය ඉ‍ටුකරන්නට සෑදී පැදැදී සිටින ව්‍යාපාරික මහතුන්ද සිටින නමුත් කලාතුරකින් තම වෙළඳ අරමුනු මත පමනක් ක්‍රියාත්මක වෙමින් ඔබේ අවශ්‍යතාවය කෙසේ මුත් ඔවුනගේ අලවි අවශ්‍යතාවය මත පමනක් ක්‍රියාත්මක වෙමින් කරුනු දැනුම් තේරුම් යන විට ඔබව අපහසුතාවයට පත්කරවන මිලඳි ගැනීමක් මග හරින්නට නම් ඔබගෙ අවබෝධය වැදගත් වේ.
         භාවිතාකරන ලද පරිගණක යනු තව දුරටත් භාවිතාකිරීමකට නොහැකි අබලන්වූ පරිගණක කොටස් යාන්තමින් අටවා තබා ඔබ වෙත අලවි කිරීම නොවේ. ඒවා අයත්වන්නේ භාවිතයට නොසුදුසු පරිගණක කාන්ඩයටය. e අපද්‍රව්‍ය ලෙසට හදුනා ගනිමින් ඒවයේ වන ලෝහ , ප්ලස්ටික් වැනි ද්‍රව්‍ය ලබා ගැනීම සදහා යොමු කල යුතු මට්ටමේ පරිගණක කොටස් පවා මිළදී ගන්නන්ගේ අනවබෝදය භාවිතාකරමින් අලවි කරන අවස්ථා නැතුවාම නොවන බව අමතක නොකල යුතුය. බොහෝ විට භාවිතාකල කල මට්ටමේ නැවත භාවිතාවකට පැමිනෙන පරිගණකයක් යනු හොඳින් ක්‍රියාත්මක වන මුත් මෙහෙයුම් පද්ධති නැතිනම් මෘදුකාංගවල වඩාත් නවීන සංස්කරන සදහා හොඳින් සහය නොදැක්වීම , අවශ්‍යව ඇති නව භාවිතාවන්ස් අදහා ප්‍රමානවත් ප්‍රොසෙසර් හෝ ‍රැම් පහසුකම් නොමැති ආකාරයේ හෝ වෙනත් තාක්ශනික අවශ්‍ය තාවයන් නොසපුරලන පරිගණක වේ. ඒවා කිසිසේත්ම විනාශකිරීම සදහා සුදුසු මට්ටමේ පරිගණක වලින් ලබා ගත් ක්‍රියාත්මක වන කොටස් එකට යාකර සකස් කර ගත් ඒවා නොවේ. බොහෝ විට භාවිතාකරන ලද පරිගනකයක් සදහා තෙමසක වගකීමක් ලබා දෙන්නේ එම කාලයක් හොඳින් ක්‍රියාත්මක වනවා යනු එම උපකරනේ මිළදී ගන්නා අවස්ථාව වන විට හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ප්‍රායෝගික සහතිකයක් වන බැවිනි.
                        i7 ප්‍රොසෙසර් බලයක් , 4GB ‍රැම් හැකියාවක් , 1TB තොරතුරු ගබඩා හැකියාවක් සාමාන්‍යයෙන්  දැනට පවතින නව පරිගණකයක් මිළදී ගැනීමට  මූලික කරුනුය. මෙම හැකියාවන් i3,i5 දක්වා වෙනස් වීම ඔබගේ අවශ්‍යතාවයට අනූව වෙනස් විය හැක. සාමන්‍ය දෛනික භාවිතවකට i3 Processer , 3GB Ram , 500GB-1TB හැකියාව්ක් ප්‍රමානවත් වනු ඇත. සංකීර්න පරිගණක ක්‍රීඩා සදහා මෙන්ම ග්‍ර‍ෆික් නිර්මානය සදහා නම් මෙම හැකියාවන් උපරිමයෙන්ම මෙන්ම විශේෂයෙන්ම පරිගණකයේ ග්‍රැ‍ෆික් හැකියාව ඉහල මට්ටමක තේරීමකට යාම අත්‍යාවශ්‍යවේ. හැකි හැම විටකම මිළඳී ගන්නා මට්ටමේ පිරිසිදු මෙහෙයුම් පද්ධතියක් තොරා ගැනීම හෝ විවෘත නැතිනම් නොමිළේ භාවිතාකල හැකි ආකාරයේ මෙහෙයුම් පද්ධතියකට පිවිසීම වෙදගත් වේ. නෛතික අර්ථයෙන් එය අනිවාර්ය වන අතරම භාවිත අර්තයෙන් සලකන විටදීද වැඩි වෙමින් ඇති අන්තර්ජාල භාවිතය , හානිකර මෘදුකාංග පැතිරීම වැඩි වීම වැනි කාරනා සැලකීමේදීද වැදගත් වේ. අමතර මෘදුකාංග භාවිතයේදීද  ක්‍රැක් මට්ටමේ මෘදුකාංග ඔස්සේ පහසුවෙන් කරදර පැමිනීමට ඇති ඉඩ කඩ අමතක නොකලයුතු අතර මිළඳී ගැනීමකට අපහසු වන හැම විටම ඒහා සමන පහසුකම් දෙන විවෘත මෘදුකාංග තොරා ගැනීම වැදගත් වේ. දෘඩාංග මෙන්ම මෘදුකාංග මිලදී ගැනීමකදී ඒවායේ නිර්ව්‍යාජ බව තහවුරු කරන තොරතුරු අඩංගුවන ඇසුරුම් ආදිය ලබ ගන්නටත් පරික්ශා කර බලන්නටත් සැලකිලිමත්විම වැදගත් වන අතර සමහර විටක දැනට භාවිතාවන මෙහෙයුම් පද්ධති සමග ක්‍රියා නොකරන මෘදුකාංග (ඩ්‍රයිවර්ස්) ආදිය අඩංගු  උපාංග මෙන්ම විටක හානිකර සහිතව නිෂ්පාදනාගාර වල සිටම පැමිනෙන උපාංග මග හැරවා ගැනීමටද සහයක් වනු ඇත.
           සැම පිලිගත් මට්ටමේ නිෂ්පාදකයින් සදහාම වෙබ් අඩවි පහසුකම් පවතින අතර ඒවා ඔස්සේ අදාල උපාංග පිලිබදව තොරතුරු විමසා බලන්නට මෙන්ම නිර්ව්‍යාජ පෙනුම සසදන්නට පමනක් නොව විටක අදාල වෙබ් අඩවි ඔස්සේ තම මිලදී ගැනීම් පරෙක්ෂා කර බලන්නට හෝ ඒවායේ එන ආරක්ශක පදයන් ඔස්සේ එම අඩවි වල ලියාපදිංචි වීමට හැකිවීමත් අප කරනු ලබන මිලදී ගැනීම නිවැරදි බවට තහවුරු කර ගැනීමට අවස්ථාවක් වේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...