2011-09-30

ෆයර්ෆොක්ස් 8 බීටා සමග ‍ටුවිටර් පහසුවේ......


මොසිල්ලා අද නිකුත්කල නව බීටා සංස්කරනය සමග නව පහසුකම් කිහිපයක් හදුන්වා දී ඇති බවට තොරතුරු පලවෙනවා. සෙවීමේ, ටැබ් පාලනයේ මෙන්ම ඇඩ් ඔන්ස් කලමනා කරනය සදහා මෙම පහසුකම් සලසා තිබෙනවා. බිල්ට් ඉන් පහසුකමක් ලෙස ‍ටුවිටර් සෙවීම් කවුලුවක් ලබා දී ඇති අතර ඇඩ් ඔන්ස් ලෙස භාහිර මෘදුකාංග ධාවනය සදහා භාවිතා කරන්නාගේ අනුමැතිය අවශ්‍ය කර තිබෙනවා. ඔවුන් පවසා සිටින්නේ නව බීටා සංස්කරනය  වෙත ඔබගේ බ්‍රවුසරය උස්තල ගැන්වූ විගස දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන භාහිර "ඇඩ් ඔන්ස්" සදහා භාවිතාකරන්නාගේ අනුමැතිය තහවුරුව ඉල්ලා සංවාද කවුලුවක් විවෘතවන බවයි. මෙම ලිපිනය ඔස්සේ පිවිස නව බීටා සංස්කරනය ලබා ගත හැකිවන බවටයි සටහන්වන්නේ.

ෆේස්බුක් හා එෆ්.බි.අයි

ෆේස්බුක් සමාජ ජාලාව මෙන්ම එෆ්.බී.අයි ආයතනය ඔබ වෙනුවෙන් කරමින් සිටින්නේ එකම දෙයකි. එනම් ඔබගේ තොරතුරු ගොනු හොදින්ම නඩත්තු කරමින් සිටීමයි."සමහර විට ෆේස්බුක් සතුව ඔබගැන වැඩි තොරතුරු තිබෙනවා විය හැකියි". විචාරකයින් පවසමින් සිටී. ඔබගේ මිතුරෙකුට ඔබගැන සියලු තොරතුරු ඇතුලත් ගොනුවක් ෆේස්බුක් වෙතින් ලබා ගත හැකිවනු ඇත . එය උසාවි නියෝගයක්  අනූව ෆේස්බුක් ආයතනය නිතිය හමුවට පමුනුවන ඔබගැන දත්ත සටහනට අතිශය සමානය. උදාහරනයක් ලෙස ඔවුන් පවසන්නේ 2007 සිට ෆේස්බුක් තුල ක්‍රියාකාරී අයෙකු සදහා අඩුම තරමින් පි‍ටු 780 වත් තොරතුරු ගොනුවක් ෆේස්බුක් ආයතනයසතුව තිබෙනවා විය යුතුය කියායි.
                ඔබගේ හැදුනුම්පත් අංකයේ සිට ඔබ භාවිතාකරන අන්වර්තනාම , භාවිතාකරන පරිගනක උපකරන පිලිබද විස්තර මෙන්ම දේශපාලනික හා ආගමික මතවද ආගිය ස්තාන පිලිබද තොරතුරු මෙන්ම ඇසුරු කරන  කන්ඩායම් පිලිබද තොරතුරු මෙන්ම තවත් බොහෝ දේ මෙයට අඩංගු විය හැකි බවටයි ඔවුන් පවසන්නේ. "දෙවන සිතුවිල්ලට අනූව සමහර විට ඔබ මිතුරෙකු සමග හුවමාරුකරගත් දෙබසක් මකා දමන්නට පෙලබෙනු ඇත. එනමුත් ෆේස්බුක් ආයතය එය එසේ නොකරයි" අවසාන ලෙස ඔවුන් අනතුරු අගවා සිටිනවා.

2011-09-29

එම්.එස්.අයි ආයතනය පරිගණකය ආරම්භයේදීම තප්පර තිහක් පමන ආපස්සට....

තවත් හානිකරන්නෙකුගෙන් ගැල වෙන්නට එම්.එස්.අයි ආයතනය පරිගණකය ආරම්භයේදීම තප්පර තිහක් පමන ආපස්සට කැරකෙවෙන්නට තීර්නය කොට ඇත.ඔවුන් පවසන්නේ පරිගණකයට හානිකරන්නන් අතරින් දුහුවිල්ලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. උදාහරනයක් ලෙස පෙන්වා දෙන්නේ ග්‍රැ‍ෆිකල් ප්‍රොසෙසිං යුනිට් එක සිසිල් කිරීම සදහා ඇති කුඩා පංකාවේ දැවටෙන දුහුවිලි නිසා එහිකාර්යක්ශමතාවය අඩුවීම තුල එම කොටසෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක 15 කින් පමන අමතර ඉහල යාමක් සිදුවන බවයි. මෙයට විසදුමක් ලෙස ඔවුන් "දුහුවිලි ඉවත් කිරීමේ තාක්ශනයක්" තම නිශ්පාදනවලට එකතු කරන්නට තීර්නය කොට තිබේ. එම තාක්ශනයේදී සිදුවන්නේ පරිගණකය ආරම්භවනවාත් සමගම තප්පර තිහක කාලයක් ජි.පී.යු. කොටසෙහි පංකාව ආපස්සට කැරකැවීමට සැලැස්වීම ලෙසයි දැක්වෙන්නේ. දැනට තම නිශ්පාදන කිහිපයකට එම තාක්ශනය යොදා ඇති බවටත් ඉදිරියේදී වෙළද පොලට නිකුත්කරන තම නිශ්පාශන සමග මෙම තාක්ෂනය එක් කරන්නට තමන් බලාපොරොත්තුවන බවටත් පවසා සිටිනවා.

2011-09-28

ඉන්ටෙල් හා මැකාෆී වෙතින් "ඩීප් සේෆ්"

පසුගිය වසරේදී ඉන්ටෙල් ආයතනය මැකාෆී ආයතනය මිලදී ගනු ලැබුවේ ඩොලර් මිලියන 7.7 කටය.පලවන අලුත්ම පුවතකින් කියවෙන්නේ "චිප්" මට්ටමේ ආරක්ශාවක් සමග ලොව ප්‍රකට මට්ටමේ මෙව ආයතන ද්ත්වය නව හදුන්වා දීමකට සූදානම් වන බවයි. දෘඩාංග මට්ටමේ සිට ක්‍රියාත්මකවන මෙම නව ආරක්ශක තාක්ශනය මෙහෙයුම් පද්ධතියට වඩා පහතින් සිට වැඩි ආරක්ශාවක් සැල සීමට සමත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. "ඩීප් සේප්" ලෙස නම්වන මෙම තාක්ශනය රූට්කිට් වැලකීමේදී වඩාත් සාර්තක ආරක්ශක පියවරක් වනු ඇතිබවට කරුනු කියවෙනවා. පර්යෙක්ශනා ගාර මට්ටමේ තවමත් ක්‍රියාත්මක මෙම නව තාක්ශනය දෛනිකව රූට්කිට් ආකාරයේ පහදීම් 1200 පමන හදුනා ගනිමින් සිටින බවටයි කරුනු පලවන්නේ. ප්‍රකට සයිබර් ප්‍රහාරයක් වන "සීරෝ ඩේ" හොදින් වලකාලන්නට තම නව නිශ්පාදනය සමත්ව ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.මෙම වසරේ සිට තම නිශ්පාදන සමග මෙම තාක්ශනය නික්ත්කිරීමට තමන් බලා පොරොත්තු වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ

වේගවත් සයිබර් සැරියකට.......


තප්පරයකට මෙගාබයිට් 20 වේගයක් සහිත බ්රෝඩ්බෑන්ඩ් වර්ගයේ සම්බන්දතාවයක් සමග ඉන්ටෙල් අයි7  ප්රොසෙසරයක් සහිත පරිගණකයක ගූගල් ක්රෝම් වෙබ් බ්රවුසරය භාවිතාකරමින් සිටිනවා යැයි සිතමු. තවමත් ඔබට ඔබේ  අන්තර්ජාලය තුල සැරිසෑරීමේ වේගය ගැන සතුටු විය නොහැකි වනවා විය හැකියී. හදාරන්නන් මෙයට හේතුලෙස ප්රධාන වශයෙන් පෙන්වා සිටින්නේ ඔබගේ අන්තර්ජාලය තුල සැරීමේ ක්රමවේදවල ඇති දුර්වලතා ලෙසයි. www.speedtest.net නම් වෙබ් අඩවියට පිවිස  ඔබට හැකිවනවා ඔබගේ අන්තර්ජාල වේගය පහසුවෙන් හදුනා ගන්නට. එහි තොරතුරු ඔබගේ  අන්තර්ජාල සේවා සැපයුම්කරු වෙත යොමු කිරීමෙන් සැකයුම් වල හෝ වෙනත් තාක්ශනික කාරනා ගැන සමහරවිට උපදෙස් ලබා ගන්නට හැකිවනු ඇති. මීටත් අමතර ඔබගේ අන්තර්ජාල සබදතාවය වඩාත් කාර්යක්ශම කරගන්නට පහත දැක්වෙන උපදෙස් උපකාර වෙනු ඇත.

ගූගල් ක්රොම් හි 13වන සංස්කරනය භාවිතාකරන විට


                                                                                         ඔබ ගූගල් ක්රෝම්හි 13 වන සංස්කරනය භාවිතා කරමින් සිටිනවා නම් එයත් සමග හදුන්වාදී ඇති නව මෘදු උපාංගයක් වන "ඉන්ස්ටන්ට් පේජ්" ඔබගේ සෙයුම් ප්රතිපල වේගවත් කරන්නට සහය වනු ඇත. ඇඩ්ඩ්රස් බාරයෙහි  "about:flags " යන්න සටහන් කිරීමත් "ප්රිලෝඩ් ඉන්ස්ටන්ට් සර්ච්" යන්න සක්රිය කිරීමත් තුලින් වැඩි වේගයක් ඔබගේ අන්තර්ජාල සැරියට රැගෙන එනූ ඇති බවයි අපගේ අත්දැකීම වන්නේ. 
ෆයර් ෆොක් හි නම් මතක කලමනාකරනය විධිමත් කිරීම තුලින්
දිගු කාලයක් එක දිගට ෆයර්ෆොක්ස් භාවිතාකරනවිට නිදහස් මතක ප්රමානය අඩුවීම තුලින් බ්රවුසරයේ වේගය අඩුවන්නට ඉඩ ඇත. මේ සදහා http://bit.ly/memory275 නම් වෙබ් අඩවියට පිවිස  බාගතකල හැකි  ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතයෙන් බ්රවුසරයේ මතක භාවිතය ගැන අවධානයෙන් සිටින්නටත් අනතුරු දායක මට්ටමකට පිවිසිවිට බ්රවුසරය නැවත ආරම්භයකට යාමෙන් මතක භාවිතය නිදහස් කරගන්නටත් හැකිවනු ඇත.
වෙබ් පිටු සමග එන අනවශ් දැන්වීම් මග හැරීම තුලින්
ෆයර් ෆොක්ස් හා ක්රොම් බ්රවුසරය සමග භාවිතාවට ගත හැකි "ඇඩ්බ්ලොක් ප්ලස් නම් බ්රවුසර් එක්ස්ටෙන්ශනය http://adblocplus.org නම් අඩවියෙන් බාගත කොට ගෙන බොහෝ අඩවි සදහා සාර්තකව භාවිතා කල හැකිවනු ඇත. මෙය වැඩිදියුනු කිරීම සදහා http://easylist.adblockplus.org  නම් වෙබ් අඩවියෙන් අමතර ඇඩෝනයන් ලබා ගෙන දැන්වීම් පෙරනයන් වඩා කාර්යක්ශම කරගත හැකිවනු ඇත.
කැෂ් මතකය වැඩිකිරීම තුලින්
බ්රවුසරය විසින් තමන් යන එන වෙබ් පිටුවල පිටතක් හා තවත් අමතර තොරතුරු තබා ගැනීමක් සිදු කරයි. එසේ කිරීමේ අරමුන වන්නේ නැවතවරක් එම වෙබ් පිටු වෙත යාමේදී පහසුවෙන් හා වේගයෙන් එය ටුකර ගන්නට සහය වන්නට හැකිවීම නිසයි. ෆයර් ෆොක්ස් භාවිතාවෙදීනම් මෙසේ භාවිතාවන කෑෂ් මතක ප්රමානය පහසුවෙන් දැක ගත හැකිවන හා එහි ප්රමානය වෙනස් කර ගැනීමේ හැකියාව ලැබෙන අතර අනෙක් බ්රවුසරයන් සමග කටයුතු කිරීමේදී "ඔප්ෂන්" තුලින් "ඇඩ්වාන්ස්" බටනය හරහා නෙට්වර්ක් ටැබය තුලින් හමුවන override automatic cache management  නම් ඔප්ෂනය සක්රිය කරගැනීමෙන් හා කෑෂ් මතක ප්රමානය වැඩිකර ගැනීම කර ගත හැකිවනු ඇත.
දෘඩාංග අධිතීවරකරනය
ක්රෝම් බ්රවුසරය සදහා නම් "ජී.පී.යු ඇක්සෙලරේටඩ් කොම්පෝස්ට්න්" සක්රිය කර ගැනීම වැදගත් වනු ඇත. මෙමගින් වන වෙනස පැහැදිලි කරගන්නට නම් මයික්රසොෆ්ට් http://bit.ly/fish275  නම් වෙබ් අඩවිය තුලින් ලබා ගන්නා fishIETank  නම් විමසා බැලීමට ලක්කිරීමෙන් හැකිවනු ඇත. එම ෆ්රේම් රේටයන් සටහන් කරගෙන අනතුරුව ක්රෝම් ඇඩ්රස්බාරය තුල  about:flags යන්න සටහන් කොට   ලැබෙනතෝරා ගැනීම් අවස්තාවලින් “GPUcompositing on oll pages” , GPU accelerated Canvas 2D  යන යන්නවල් සංක්රිය කරගෙන එම පිටුව පහතින්ම ඇති   Relaunch Now යන්න සක්රිය කරන්න. ඉන් අනතුරු යලිත් --FishIE Tank test එක ක්රියාත්මක කිරිමෙන් ක්රියාකාරීත්වය අත්පත්කරගෙන ඇති වර්ධනය දැක ගත හැකිවනු ඇත.

2011-09-27

ෆොක්ස් කොන් ගිනිගනී..

ලොව ප්‍රමුක පෙලේ පරිගනක හා සංනිවේදන උපකරන නිශ්පාදනය කරන සමගමක් වන ෆොක්ස් කෝන් සමගමට අයත් චීනයේ පිහිටි කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් ගැන වාර්ථා වෙනවා.පලවී ඇති ඇති සීමිත කරුනුවලට අනූව පැවසෙන්නේ විදුලි ‍රැහැන්වල සිදුවූ අක්‍රමිකතාවයක් මෙම තත්වයට හේතුව බවයි.
 ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙම අනතුරින් කර්මාන්තශාලාවේ නිශ්පාදන යන්ත්‍රනයට කිසිදු හානියක් නොවන බවයි.ඇපල් ඩෙල් අදීවන ලොව ප්‍රමුක නිශ්පාදන ආයතන කිහිපයක්ම තම නිශ්පාදනවල කොටස් නිපදවීම භාරදී ඇති අතර ඇපල් ආයතනය මෙහි ප්‍රමුක තැනක් ගන්නා බවයි. අයි ෆෝන්ස්, අටි පොඩ්ස් ආදී උපකරන වල ස්පර්ශක තිර උපාංග මුල්තැනක් ගන්නා බවයි සටහන් වන්නේ.
        අඩු පහසුකම් , අඩු වැ‍ටුප් වැනි  ගැටලු නිසා පසුගිය කාලය තුල කිහිප වරක්ම  සේවකයින් උස් මහල්වලින් බිමට පැන සියදිවි හානිකර ගැනීම් වාර්ථා වී තිබුනා.

වින්8 සමග ඔබේ භාවිතාවන් ඔබේ පරිගණකයෙන් මිදෙනු ඇත

වින්8 තම භාවිතාකරන්නන් වෙත තම වින්ඩෝස් ලයිව් ගිනුම  වෙත පිවිසීම අවස්ථාවක් ලබා දිමෙන් ප්‍රධානකොට වන බලාපොරොත්තුවක් ලෙස පැවසෙන්නේ වෙනත් පරිගණකයකින් පවා අපහසුවකින් තොරව තම ගොනු නැවත භාවිතයට ඉඩ සැල සීම බවයි ඔවුන් පවසන්නේ.මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙකුට අනූව භාවිතාකරන්නන් මුහුන දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස තම එක් පරිගණකයකට සීමාවීම මෙමගින් අවසන් කරන්නට ආරම්භවනු ඇති බවට බලා පොරොත්තු තබා ඇති බවටයි කරුනු පලවෙන්නේ. ඔහු වැඩිදුරත් කියා සිටින්නේ වින්ඩෝස් ලයිව් ගිනුමට ඇතුලුවීම තුලින් තම ගොනු වල සමන්තර පිටපතක්  හා සැකසුම් වල පිටපතක් තන්පත් කිරීම තුලින් පසුව වෙනත් පරිගණකයකින්  තම ලයිව් ගිනුමට පිවිසීම තුලින් අපහසුවකින් තොරව තම කටයුතු ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව ලැබෙන බවයි. මෙම පහසුව ඔවුන් සරලව කරුනු තුනකට ගොනුකොට මෙසේ දක්වා තිබෙනවා.
 @ වඩත් පොදු වින්ඩෝස් සැකසුම්  ඔබේ ලයිව් ගිනුමේ සමාන්තරකරනය කල පිටපතක් ලෙස ‍රැදවීම තුලින් පසුව වෙනත් පරිගනකයකින් පිවිසීමේදී ලබා ගන්නට හැකිවන සුපුරුදු වින්ඩෝස් වට පිටාව ඔබ වඩාත් පහසු කරන බව,
@මෙට්‍රෝ ආකාරයේ මුනුනතක් භවිතයේදී අවසන් බාවිතාවේ අතරමගන සිට පවා ඉදිරියට යාමට පහසුව සැලසෙන බව,
@ නිවැරදිව අවසර ලබාදී ඇතිනම් ස්වංක්‍රීයව ඔබේ ක්‍රියාකාරකම් වල සමාන්තර පිටපතක්  එහි තැන්පත්වීම.
        කරුනු එසේමුත් මෙම සමාන්තර පිටපත් කරනය සම්පූර්නයෙන් පාලනය කිරීමේ අයිතිය භාවිතාකරන්නා සතුවන බවයි කියවෙන්නේ. සම්පූර්න හෝ ‍තෝරාගත් හෝ කිසිසේත්ම නැති ලෙස මෙම අවස්තා තොරා ගත හැකිවන බවටයි ඔවුන් පවසන්නේ.

ගූගල්+ අධිවේගයෙන් ඉදිරියට....

ගූගල්+ වෙත භාවිතා කරන්නන් කැදවා ගැනීමේ සීමා මායිම් මැතකදී ඉවත් කරනු ලැබීය. වෙබ් විස්ලේශන සමාගමක ගනනය කිරීමකට අනූව එම සීමා මායිම් ඉවත් කිරීමත් සමග ගූගල්+ වෙත භාවිතා කරන්නන් සපැමිනීමේ වේගයේ ඉහලයෑම  සියයට 1,269 ලෙස ඉහල ගොස් ඇති බවටයි පැවසෙන්නේ. සතියක් තුල මිලියන 15 පිවිසීම් සමග අඩවිය වෙත පිවිසීම අනූව ගනනය කරන විට 54 වන ස්ථානයේ පසුවූ ගූගල්+ 8වන ස්ථානයට සමාජ ජාලා අඩවි අතරින් තම ස්ථාවරය වර්ධනය කරගෙන ඇති බවටයි පැවසෙන්නේ.වැඩි දුරටත් එම ආයතනය පවසා සිටින්නේ මෙම ගනනයන් මීටත් වඩා වැඩිවීමට ඉඩ ඇති බවයි. ඔවුන් පවසනවා තම ගනනයන් සදහා උපයෝගී කරගත් දත්තයන් ප්‍රමානයට මොබයිල් ආකාරයේ උපකරන භාවිතයෙන් සිදුවූ පිවිසීම් ඇතුලත් නොවන බව.
                    තවත් කෙටිකාලීන ගනනයකට අනූව ගූගල්+ යනු ලොව සමාජ ජාලා අතරින් තෙවන තැන පසුවන බවත්  "MySpace" මිලියන 16.3 ක සැපැමිනීම් සංක්‍යාවක් ද " LinkedIn"  මිලියන 17.8 සංක්‍යාවක් ද හිමිකරගෙන පසුගිය 24 වෙනිදායි අවසන් වූ සතිය තුල ඉදිරියෙන් සිටිය බවටත් පැවසෙනවා.
    සමස්තයක් ලෙස සලකන විටදී  තවමත් ෆේස්බුක් අඩවිය සතිය කට බිලියන 1.7 සැපමිනීම් හිමි කරගෙන ප්‍රථම ස්ථානයටත් මිලියන 530 වාර්ථාකර ගනිමින් යු ටියුබ් ආයතනය දෙවන ස්ථානයටත් මිලියන 33 වාර්ථා කර ගනිමින් තෙවන තැනටත් තවම ‍රැදී සිටින්නට හැකිව ඇති බවටයි කියවෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...