2011-07-31

සයිබර් පහර දෙන්නන් සදහාම වෙන්වූ සමාජ ජාලාවක්...



නන්නාදුනන්නන් නම් සයිබර් පහර දෙන්නන්ගේ මීලග සම්මන්ත්‍රනයක් ලබන සතියේ ඇමරිකාවේ ලාස් වේගාස් හිදී පැවැත්වීමට නියමිතව බව පැවසෙන පුවතක් පලවෙද්දී තවත් පුවතකින්  පැවසෙන්නේ ඔවුන් සදහාම වෙන්වූ සමාජ ජාලාවක් නිර්මානය කර ගැනීමේ කටයුත්තක්ද ඇරබී ඇති බවකි. විවෘත මෘදුකාංග භාවිතයෙන් හා තවත් තාක්ශනික ක්‍රමේද හරහා නිර්මානය කරන්නට තීර්නය කර ඇති මෙම  සංනිවේදන තලය රාජ්‍ය බලය මත වසා දමන්නට හෝ තහනම් කිරීමේ හැකියාව ඉතා අවම තලයක පවතිනු ඇති බවටයි ඔවුන් පවසාසිටින්නේ. තවත් පුවතකින් පැවසෙන්නේ "ඔන් ලයින්" ආකාරයේ සයිබර් පහරදීම් කලාව ගැන පාඨමාලා පැවැත්වීම කෙරෙහිත් ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවකි.

2011-07-30

ඔපෙරා වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නෝ බුද්ධිමතුන්ය !!!!!

ඔපෙරා වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නෝ බුද්ධිමතුන්ය. මෙසේ පවසන්නේ පසුගිය දිනවල එක්තරා ආයතනයක්  100000 අධික පිරිසක්  සහභාගී කරගෙන පවත්වනු ලැබූ "ඔන් ලයින්" බුද්ධි පරේක්ෂනයක ප්‍රථිපලවලට අනූවය. මෙම ගනනය කිරීම් වලට අනුව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා භාවිතා කරන්නන් පහලම ස්ථානයට පැමින ඇත. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි 6 වන සංස්කරනය භාවිතකරන්නන් ට වඩා එහි 8වන සංස්කරනය භාවිතා කරන්නන් ඉහල මට්ටමක සිටින බවයි කියවෙන්නේ. ඉහත දැක්වෙන වගුව හැදෑරීමෙන්  ඔබට වැඩි විස්තර ලබා ගත හැකිවනු ඇත.

"අපේ දුර්වලතා සොයාදෙන්නන්හට අප හොදින් ගෙවනු ලැබේ".

"අපේ දුර්වලතා සොයාදෙන්නන්හට අප හොදින් ගෙවනු ලැබේ". පසුගියදා ෆේස්බුක් ආයතනය නිකුත්කල දැන්වීමක එසේ සටහන්ව තිබූ බවයි කියවෙන්නේ." ඔබ හදුනා ගන්නා ෆේස්බුක් දුර්වලතාවයන් අප වෙත මුලිම දැනුම් දෙන්නන් වෙත ඩොලර් 500 ඉහලට වන මුදලක් ගෙවන්නට අප සූදානම් " බවයි එයින් කියවුනේ.තවත් සටහන් වීමකට අනූවනම් උපරිමය ඩොලර් 313370 ලෙසත් සටහන්ව තිබුනා.වැඩිදුරත එහි සටහන්ව ඇත්තේ දැනටත් වඩා ඉදිරියේදී තමන් තම ආයතනය මෙම අනවසර පහර දෙන්නන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ඔවුන්ගේ හැකියාවන් වඩාත් දිරිමත් කරන්නටත් සයිබර් අවකාශයට වඩාත් ධනාත්මක ආකාරයෙන් ඔවුන්ගේ හැකියාවන් යොදා ගන්නටත් බලා පොරොත්තු වන බවයි.

රුමේනියානු සයිබර් අපරාධකරුවෙකුට 12 වසරක සිර දඩුවමක්..........

මූල්‍ය ආයතනයක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්  පවත්වාගෙන යමින් පුද්ගලයන් 38000 කට ආසන්න පිරිසකගේ තොරතුරු අනවසර ලෙස ලබා බැනීම හා ඒවා තව අයෙකුට විකිනීමේ වරදට තිස් හතර හැවිරිදි රොමේනියානු ජාතිකයෙකුට එරට අධිකරනය විසින් වසර 12ක සිරදඩුවමකට යටත් කල බවකියවෙන වාර්ථාවක් පලවෙනවා. මෙම දත්තයන් යොදා ගෙන මෙම පිරිස කැලිෆෝනියානු මූල්‍ය ආයතනයකින් ඇමරිකානු ඩොල්ලර් 200,000 අයුතු ලෙස ලබා ගෙන ඇති බවට කරුනු හෙලිවී ඇති බවටත් අධිකරනයේදී කරුනු හෙලිවූ බවට එහි වැඩිදුරටත් සටහන්ව තිබුනා.

වින්ඩෝස් එක්ස්. පී. 74% ආසාදිත තත්වයේ බව......

ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක්වන"ඒවස්ට්" ආයතනය පවසන්නේ  තමන්ගේ පාරිභෝගිකයින්ගෙන් අති බහුතරය තවමත් භාවිතාකරන්නේ වින්ඩෝස් එක්ස්. පී. බවයි. මෙම පිරිසෙන් 630000 යොදා ගෙන තමන් කල සොයා බැලීමකදී  74% ආසාදිත තත්වයේ බවත්, ඉන් අති බහුතරය රූට්කිට් ආකාරයේ ආසාදනයන්ට ලක්වූඒවා බව සොයා ගැනීමට හැකිවූ බවත් සටහන් වෙනවා. වසර 10ක කාලයක් පැරනි එක්ස්.පී. මෙහෙයුම් පද්ධතිය යනු වඩාත් පහසුවෙන් අනවසර භාවිතවන් සදහා සකස් කරගත හැකි මෙහෙයුම් පද්ධතියක් වීම හා මෙසේ අනවසර භාවිතයට සකස් කරන විටදීම මෙම හානිකර මෘදුකාංග කොටස් ඇතුලුකර ඇති බවක් බහුල ලෙස දැකිය හැකි බවත් ඔවුන් පවසනවා. ඔවුන් වැඩොදුරටත් පවසන්නේවිස්ටා හා වින් 7 වල මෙම අනතුරුදායක බව බෙහෙවින් අඩුබව මුත් ඉන් කියවෙන්නේ සම්පූර්නයෙන් ආරක්ශිතයි යන්න නොවන බවත් පවසා සිටිනවා.

2011-07-29

ඔබ සංචාරය ප්‍රියකරන්නෙක් හෝ රාජකාරි කටයුතු වලදී නිරන්තරයෙන් දිගු දුරවල්........

ඔබ සංචාරය ප්‍රියකරන්නෙක් හෝ රාජකාරි කටයුතු වලදී නිරන්තරයෙන් දිගු දුරවල් තරනය කරන්නට සිදුවෙන්නෙක් නම් ඔබට සහය විය හැකි හදුන්වාදීමක් ගූගල් වෙතින් තවමත් අත්හදා බැලීමේ මට්ටමින් හදුන්වාදී ඇති බවයි සටහන් වන්නේ. තවමත් ඇමරිකාව අභ්‍යන්තරයේ හෝටල් හා නවාතැන් පොලවල් හි සවිස්තර, මිලගනන් හා ඒවා සංසන්දනය කිරීම් මගින් ඔබට පහසුවක් සලසන්නට මෙම හදුන්වාදීමට හැකිවනු ඇති බවයි සටහන් වී ඇත්තේ.පහත ලිපිනය ඔස්සේ පිවිස මේගැන වැඩිදුර විස්තර ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

ජාවා හි නව සංස්කරනයක්........

ජාවා හි නව සංස්කරනයක් පස්වසරක නිහැඩියාව අවසන් කරමින් එලිදක්වන්නට සියල්ල සූදානම් බවක්   සටහන් වනවා.මෙය  ඔරකල් සැබැදියාව මත ඉදිරිපත් වන ප්‍රධාන පෙලේ පලමු ඉදිරිපත් කිරීම වන බවයි සටහන් වන්නේ. මෙම ඉදිරිපත් කිරීම ගැන ඔරකල් ප්‍රධානීයා පවසා තිබුනේ විවිධාකාරවූ ව්‍යාපාරික හා හා දේශපලනික කාරනා මත මෙම පමාව සිදුවූ බවයි.
                      ඔරකල් ආයතනය පවසන්නේ ලොව පුරා මිලියන නමයකට ආසන්න මෘදුකාංග සංවර්ධනය කරන්නන් ජාවා මෘදුකාංගය භාවිතා කරන බවත් බිලියන 3 කට අදික උපකරන ප්‍රමානයක ජාවා ක්‍රියාත්මක වන බවයි.සන් මයික්‍රොසිස්ටම් ආයතනය ප්‍රතම ජාවා සංස්කරනය 1995 ඉදිරිපත් කල බවයි සටහන් වන්නේ.

‍ටුවිටර් ආයතනය අද නිකුත්කල නිවේදනයකින් පවසා සිටින්නේ.......

‍ටුවිටර් ආයතනය අද නිකුත්කල නිවේදනයකින් පවසා සිටින්නේ තම ආයතනය අද සිට නව වෙලද දැන්වීම් ප්‍රවර්ධන වැඩසටහනක් හදුන්වා දීමට සූදානම් වන බවයි. මෙම වෙලද ප්‍රවර්ධන වැඩසටහනට අනූව ආයතනයට ගෙවීමක් මත පවත්වාගෙන යන ‍ටුවිටර් ගිනුම් හිමියන්ගේ නිශ්පාදන හෝ සේවා ගැන කුඩා වෙලද දැන්වීමක්  ඔබේ ‍ටුවිටර් පි‍ටුවට පැමිනීමට නියමිත බවයි. මෙය භාවිතාකරනන්ගේ  " කාල රේඛාවට" ඉහලින් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් එක් වරක් පමනක් මෙම වෙලද දැන්වීම ප්‍රදර්ශනය කරන අතර භාවිතාකරන්නා  එම ආයතනය ලුහු බදින්නට කැමැත්තේ නම් පමනක් එහි නව යාවත්කාලීනයන් ඉදිරියට ඔහුවෙත යොමු වන බවත්ය. අවසන් වශයෙන් සටහන්ව තිබුනේ  දැනට මෙම වැඩසටහන අත්හදා බැලීමේ මට්ටමින් මයික්‍රොසොෆ්ට්, ඩෙල්, වැනු සීමිත ආයතන කිහිපයක් සමග ක්‍රියාත්මක බවයි.

2011-07-28

චීන ආරක්ශක බලධාරීන් එරට "වයි ෆයි" සපයන ස්තානවල නවතම ස්පයි මෘදුකාංගයක්..

පලවන අලුත්ම පුවතකින් කියවෙන්නේ චීන ආරක්ශක බලධාරීන් එරට පොදු "වයි ෆයි" සපයන ස්තානවල නවතම මෘදුකාංගයක් ස්ථාපනය කරන ලෙස නියම කර ඇති බවයි. "ස්පයි" ආකාරයේ මෘදුකාංගයක් ලෙස සටහන් වන මෙය නිසා එරට බල ධාරීන්ට පහසුවෙන් එම ජාලාවන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසෙන්නන් ගැනත් ඔවුන්ගේ ක්‍රියා කාරකම් ගැනත් තොරතුරු ‍රැස්කර ගැනීමට හැකිවන බවයි පැවසෙන්නේ. සටහන් වන තොරතුරු වලට අනූව අදික ඉල්ලුම නිසා තම ආයතනවල "වයි.ෆයි" සේවාව නවතා දැමිය නොහැකි මුත් එම මෘදුකාංගවල අදික මිල ගනන් නිසා එම සේවාවන් ලබාදීමේ ගැටලුවකට මුහුන පා ඇති බවයි.මෙම තත්වය නිසා මේ වන විට එරට සමහර ආයතන වල "වයි.ෆයි" සේවාව සීමා කර ඇති බවත් තවත් තැන්වල තාවකාලිකව නවතා ඇති බවත් වැඩිදුරටත් සටහන් වෙනවා.

A.V.G ආයතනය නවතම අංගයකින් සමන්විතව නව සංස්කරනයක්......

ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන A.V.G ආයතනය නවතම අංගයකින් සමන්විතව තම ආරක්ශක මෘදුකාංගයේ නව සංස්කරනයක් හදුන්වා දී ඇති බව පැවසෙනවා. මෙම නවතම අංගය පිලිබදව ඔවුන් සටහන් කරන්නේ ඔබේ පෞද්ගලිකත්වය ‍රැකගැනීමේදී වඩාත් විදිමත් තාක්ශනයක් ඔවුන් හදුන්වා දෙන බවයි. සක්‍රියව ඔවුන් ඔබගේ ඊමේල් ලිපිනයත් ඩිබෙට් කාඩ්පත්  අංකය හා ක්‍රෙඩිට් කාඩ්පත් අංකය යන වෙබ් අපරාධ කරුවන්ගේ මූලික ඉලක්කයන් ත්‍රිත්වය ලෙස හදුනාගෙන ඇති දත්තයන් සුරකීමට කටයුතු කරන බවයි.
  මීට අමතරව තම නව සංස්කරනය පරිගනකයේ නිරෝගී බව කෙරෙහි බලපාන මූලික නඩත්තු කටයුතු කිහිපයකින්ද සමන් විත බව සටහන් වෙනවා. ඒවා අතර දෘඩ තැටිය නැවත පිලියල කිරීම, අනවශ්‍ය මෘදු ගොනු ඉවත් කිරීම මෙන්ම රෙගිස්ට්‍රි පිරිසිදු කිරීම ආදී  ක්‍රියා කාරකම් වලින් සමන්විත බවයි සටහන් වන්නේ.

ජිමේල් භාවිතාකරන්නන් ගේ සංක්‍යාව වර්ධනය කරගන්නට නව ප්‍රවර්ධන වැඩසටහනක්

ජිමේල් භාවිතාකරන්නන් ගේ සංක්‍යාව වර්ධනය කරගන්නට නව ප්‍රවර්ධන වැඩසටහනක් ගූගල් ආයතනය විසින් ගත්වූ දිනයේ සිට ක්‍රියාත්මක කල බවයි සටහන් වන්නේ. මෙයට අනූව දැනට ජීමේල් සේවාව භාවිතාකරන්නහට අවස්තාවක් ලැබෙනවා දැනට ජීමේල් භාවිතානොකරන තම හිතවතුන් වෙත, ජීමේල් භාවිතයේ පහසුව පෙහැදිලි කරන වීඩියෝවක්ද අවැසිනම්  තමන්ගේම කටහඩින් කෙරෙන පැහැදිලි කිරීම් සහිත ඔඩියෝ කොටසක්ද එක් කර ගුගල් ආයතනය විසින් සකස්කර ඇති ඊමේලයක් යවන්නට.
          මෙම වාර්ථාවේ වැඩිදුරටත් සටහන් වන්නේ දැනට වැඩිම භාවිතාකරන්නන් පිරිසක්  ලෙස සහන් වන මිලියන 350 පමන මයික්‍රොසොෆ්ට් වෙබ් මේල් සේවාව භාවිතාකරන බවත්, යහූ හි භාවිතාකරන්නන් මිලියන 270 ද දැනට භාවිතකරනන් සංක්‍යාවට අනූව තෙවන තැන ජීමේල් සේවාව භාවිතාකරන්නන් 200 සමගින් හිමි කර ගෙන ඇති බවත්ය.   
http://www.emailintervention.com/

ගූගල්+ වල ජනප්‍රියතාවය මද පසුබෑමක් !!!!!!

ගූගල්+  වල  ජනප්‍රියතාවය මද පසුබෑමක් ගැන කියවෙන පුවතක් පලවෙනවා. ගතවූ සතිය තුලදී ගූගල්+ වෙත ඇමරිකානුවන්ගේ පිවිසීම් ප්‍රමනයත් පිවිසීම්කලවුන් එහි ගතකල කාල ප්‍රමානයෙත් සැලකිය යුතු ප්‍රමානයක අඩුවීමක් දක්නට ඇති බවයි සටහන් වන්නේ. ගතවූ සතියතුල ගූගල් + වෙත 3% අඩුවීමක් බවසටහන් වන්නේ ඊට ප්‍රතම සතියට සාපේක්ශව මිලියන 1.86 සිට මිලියන 1.79  දක්වා අඩුවීම සැලකිල්ලට ගෙන බවයි වැඩිදුරටත් කියවෙන්නේ. පිවිසීම් කල අය එහි ගතකල කාලය 10% අඩුවීමක් බව සටහන් කර ඇත්තේ විනාඩි 5 තප්පර 23 සිට විනාඩි 5 යි තප්පර 15 දක්වා අඩුවීම සැල කිල්ලට ගෙන බවයි සටහන් වී තිබුනේ. දිනකට දත්ත සටහන් බිලියන එකක් පමන ගූගල්+ තුල හුවමාරුවන බවත් එහි වැඩිදුරටත් සටන්ව තිබුනා.

2011-07-26

ගූගල්+හි අන්වර්ත නාමයන් භාවිතය...............

"ඇත්තෙන්ම අපට උවමනා උනා ගූගල්+ වලදී අස්වාභාවික නාමයන් භාවිතාකරමින් ගිනුම් ඇරබීම පාලනය කරන්න. උඩු යටිකුරුවූ අකුරු භාවිත කිරීම "දෙවියන් " වැනි සම්මත වචන භාවිතය ගූගල්+ වලදී සීමා කර ඇත්තේ ඒ නිසයි. අනික ඔබ සිතන්න විදිමත් අවන් හලකට උඩුකය නිරුවත් අයවලුන්ට ඇතුලුවීමට අවසර නොදෙනවා වගේ ක්‍රියාවක් මේක." ගූගල්හි ඉහල පෙලේ නිලධාරියෙකු පසුගියදා තාක්ශනික බ්ලොග්කරුවෙකු සමග පැවති තොරතුරු හුවමාරුවකදී ප්‍රකාශවූ බවයි සටහන් වන්නේ.අන්වර්ත නාමභාවිතයට ඉඩ සැලසෙන නවාංගයක් හදුන්වාදීම කෙරෙහි තම අවදානය යොමුවී ඇති නමුත් සමස්තයක් ලෙස ගූගල්+හි අන්වර්ත නාමයන් භාවිතය වැලකීමට තම ආයතනය අවධානයෙන් සිටින බවයි ඔහු ප්‍රකාශකර තිබුනේ.

2011-07-25

LinkedIn වෙතින් නව අංගයක්.....

වෘතීය තත්වයන් මුල්තැනලා සැලකෙන ලෙස සැකසී ඇති  වෙබ් අඩවියක වන LinkedIn හි නවතම අංගයක් එකතු කර ඇති බවට පුවතක් පලවෙනවා. මේ අනූව මින් පසු ආයතනයක ‍රැකියා අවස්තාවක් සදහා ඉල්ලුම් පතක්  වෙබ් අඩවියක පලකරන විට එම ආයතනයට අවස්තාවක් ලැබෙනවා  "Apply with LinkedIn" නම් ප්ලගීනයක් සමග තම ‍රැකියා අවස්ථා පල කරන්නට. ඉල්ලුම් කරන්නෙකුට මේතුලින් අවස්තාවක් ලැබෙනවා තම අයදුම් පතට තම ගිනුමේ දත්තයන් පහසුවෙන් තම අයදුම් පතට ඇතුලු කරන්නට බවයි සටහන් වන්නේ. එම ආයතනයේ ප්‍රකාශකයෙකු පසුගිදා ප්‍රකාශකර තිබුනේ දැනටමත් ලොවපුරා ආයතන දහස් ගනනක් මෙම නව පහසුකම භාවිතා කරන බ්වයි.

භාවනාව තුල නිදහස් වීම පුරුදු නොකල මනසකට මහත් විපත් ...........

භාවනාව තුල නිදහස් වීම පුරුදු නොකල මනසකට මහත් විපත් ගෙන එන කාරනයක් විය හැකි බව සැබවි.එසේම  මෙය අනේක්  දිසාවටද  සත්‍යයක් විය හැකිය.පුරුදුකල මනසකට භාවනා කාලසටහන් ‍රැගෙන එන්නේ  මහත් අපහසුතාවයකි.ඔබ මෙහි පැමිනි විගස හමුවන මහත් තදබල නීතිපද්ධතියක් වීම ගැන අමනාපනොවියයුතු බව වටහා ගන්නට මද  කලක් ආශ්‍රම භූමියේ ‍රැදෙන්නට සිදුවනු ඇත.අප විමසා බලන්නේ එකම කාරනාවකි. එනම් මෙහි ඇති අපමනවූ සැහැල්ලුව විදගන්නට තරම් ඔබට විනයක් ඇද්ද කියාය.

2011-07-23

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට...........

...............ගම්මාන හා විශාල වගා භූමීන්ගෙන් ගැවස ගත් තැනිතලා භූමිය මතින් වැටී ඇති මාවෙතහි ආරම්භයේ ඈතින් දිස්වූ කදුයාය පාමුලට ඔබ පැමිනෙන විටදී විශාල දැවයෙන් නිමවන ලද ආශ්‍රම භූමියට පිවිසුම් දොර‍ටුව හමුවනු ඇත.දෙපස පිහිටවා ඇති එම විශාල දැව කදන් දෙකෙහි එක් පසක "මෙතැනින් ඔබ ඇතුලුවන්නේ ඔබ තුලටය" කියාත් අනෙක් පස "කරුනාකර ඔබ ඔබ හැරෙන්නට වෙන කිසිවෙකු සොයා මෙහි නොපැමිනෙන්න" ලෙස සටහන්ව තිබෙනු දැකිය හැකි වනු ඇත. වසර සිය ගනනක් පැරනියැයි සිතෙන තරමේ විශාල වෘක්ෂයන් ගෙන් පිරුන මෙම ආශ්‍රම භූමියේ මද දුරක් ඉහලට නගින විට පලමුවෙන් හමුවනුයේ ගබඩා භාරකරුගේ කාර්යාලයයි. ඔබ ‍රැගෙන එනදැ අවම වන තරමට ඔහු ඔබට වඩාත් කැමති වනු ඇත.............
www.nirogi.tk 

පුවත් කෙටියෙන්

නිශ්චල ඡායාරූපයක පමනක් නොව චලන පටයක පවා මුහුනුවර හදුනා ගැනීමේ තාක්ශනයට හිමිකම් ඇති  වෙලද ආයතනයක්ද පසුගියදාක ගූගල් ආයතනය විසින් මිලදීගැනීමක් ගැන සටහන් වෙනවා. $$$$$$$$

අප්‍රිකානු රාජ්‍යක්වන මලවි හි  ප්‍රවෘති වෙන් අඩවි හා සමාජ ජාල වෙබ් අඩවි අඩපන කරදමන්නට එරට රජය තීර්නය කර ඇති බවට කරුනු පලවෙනවා. එරට ගොඩ නැගෙමින් ඇති විරෝධතාවයන් සමනය කිරීම සදහා මෙම තීර්නය ගෙන ඇති බවයි රජය පවසන්නේ.

2011-07-22

අප තවදුරටත් බිය නොවන්නෙමු. ඔබලගේ අත්වඩංගුවට ගැනීමේ තර්ජනය.......

"අප තවදුරටත් බිය නොවන්නෙමු. ඔබලගේ අත්වඩංගුවට ගැනීමේ  තර්ජනය  අප සදහා තේරුමක් නැති හා අවලංගු කාරනවකි. ඔබලාට අදහස් අත්වඩංගුවට ගත නොහැකි වනු ඇත.අපේ සටන ඉදිරියටද පවතිනු ඇත. අප සතු සියලුම ක්‍රමවේද භාවිතා කරමින් ඉදිරියේදී ඔබලාගේ වෙබ් අඩවි සිදුරු කොට ලබා ගන්නා තොරතුරු ප්‍රසිද්ධ කරමින් ඔබලා ලෝකයෙන් සගවමින් සිටින සත්‍ය අප හෙලි කරන්නෙමු." නන්නාදුනන වෙබ් පහර දෙන්නන්ගේ කන්ඩායම පසුගියදාක මෙම ප්‍රකාශය කර තිබුනේ දිනෙන් දින ඔවුනට එරෙහිව දැඩිවෙමින් පවතින නීතිමය පියවරවල් වලට පිලිතුරු ලෙසය.
     මොවුන් පසුගියදා නේටෝ සංවිධානයේ වෙබ් අඩවිවලින් අනවසරව ලබා ගන්නා ලද ගිගා බයිට් 1 ක  දත්ත යන් ප්‍රමානය කිසියම් හේතුවක් නිසා තවමත් ප්‍රසිද්ධ කර නොමැති අතර ඉන්පසුව ප්‍රමුක පේලේ මාධ්‍ය ආයතනයකටද පහර දෙනු ලැබිනි.කෙසේ වෙතත්  ආසන්න කාලයේ සිදුවූ පහරදීම් වල ස්වභාවයන් ගැන හදාරන්නන් සටහන් කරන්නේ මෑත කාලය වනවිට ඔවුන්ගේ පහරදීම් ඉලක්ක තොරා ගැනීමේදී මෙන්ම පහරදීමේ ක්‍රම වේදයන් ගැන සලකන විට මුල් තැන ලබී ඇත්තේ තම විරෝධතාවයන් ප්‍රකාශ කිරීමට බව පෙනෙන බවයි.

2011-07-21

පුවත් කෙටියෙන්.........

ඕස්ට්‍රේලියානු නීති අංශ කුඩා දරුවන්ගේ අන්තර්ජාල ඇසුරේ සීමාවන් ගැන අවධානය යොමුකර ඇති බවට පුවතක් පලවෙනවා. ෆේස්බුක් ගිනුමක් ඇරබීම සදහා වයස් සීමාව ලෙස 13 වන විය ඉකුත්වීම සටහන්ව තිබුනද ප්‍රායෝගිකව සලකන විට ඒ සදහා තහවුරුවක් ඉල්ලාසිටීමෙන් තොරව එහි ප්‍රතිපලයක් ලබා ගත නොහැකි බවයි ඔවුන් පවසා සිටින්නේ.

අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට..........

................දෙවන කදුමුදුනත පසුකරන ඔබ ප්‍රමානවත් වේගයක් රදවාගන්නට නොහැකි වුවහොත් හමුවන ගම්මානයක එහි ප්‍රධානියාගේ අවසරය මත රාත්‍රිය ගත කරන්නට සිදුවනු ඇත.බොහෝ නිවෙස් වල ප්‍රධාන ගෘහයට මදක් ඔබ්බෙන් නිමවා ඇති ආගන්තුක කුටියක් ඔබ වෙනුවෙන් වෙන් වනු ඇත. ඔබේ මිල මුදල් සදහා ඔවුන් සතු කිසිවක් නොලැබෙනු ඇත.මවාගත් යහපත් හැසිරීම ඔවුන්ගෙන් ඔබව ඈත් කරනු ඇත.ඔබ සමග ඔවුන් ගත කරන පලමු අඩ හොරාව අවසන් වනවිට ඔබ කිනම් ආකාරයේ පුද්ගලයෙක් දැයි ඔවුන් තීර්නය කරයි. නාගරික ක්‍රමවේදයන්ගෙන් උගන ගත් සංකේත පද්ධති භාවිතයෙන් ඔබට ඔවුන් ගෙන් සැගවිය නොහැකි වනු ඇත. වඩාත්ම නිවැරදි දේ නම් ඔබට දැරිය නොහැකි බවක් හැගෙන්නේ නම් උදාවන පාන්දරින්ම ඔවුන් ගෙන් සමුගෙන ආපසු නගරය බලා පිටත් වීම යැයි මම ඔබට යෝජනා කරනු කැමැත්තෙමි. මා එසේ යෝජනා කරනුයේ ආශ්‍රම භූමියට පිවිස ඊටත් වඩා දැඩි අපහසුතාවයට පත්වීම, එය දකින හැගෙන අපටද අසතුටක් දනවන බැවිනි.............

ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයන විට.........

ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයන විට ඔබ සමහර විටක සිතනවා ඇත්තේ අනෙක් භාවිතාකරන්නන්ට ලැබෙන ප්‍රතිපලයම ඔබට ලැබෙන  බව විය හැකියි. සත්‍ය නම් ඔබ නිවැරදි නොවන බවය. ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය යන්ත්‍රය භාවිතාකරන විට එය ඔබව භාවිතකර මින් ඔබ ගැන තොරතුරු ‍රැස්කිරීම සිදුවෙයි. ඔබේ සෙයුම් ස්වභාවයන් හා කැමතිවීම් පිලිබද තොරතුරු ගොන්නක් ගූගල් විසින්ද සකස්කර ගනී. ඔබ ගූගල් වෙත ඇතුල්ව නොසිටියද  " බ්‍රවුසර් කුකීස්" මගින් ඔබගේ වෙබ් හැසිරීම නිරන්තරයෙන් ඔවුන් ‍රැස් කර ගනී. පසුව ඔබ යමක් වෙබ් අවකාශයේ සොයන විට ඔබට ලැබෙන ප්‍රතිපල ගොනුව ඔබේ පැරනි හැසිරී පිලිබදව ඔවුන් සතු දත්ත ගබඩාවේ සංස්කරනයකට යටත් වනු ඇත. මෙම තත්වය එක් කෝනයකින් ඔබව වඩාත් සුව පහසු කරවන්නක් යැයි අර්ත දැක්වේ. තවත් කෝනයකින් සලකන විට ඔබ වඩවඩාත් හුදකලා කරවන්නක් ලෙස අර්ත දැක්වෙනු දැකිය හැකිය.

2011-07-20

"ප්‍රොක්සි සර්වර්ස්" හරහා ගූගල් වෙත අස්වාභාවික ගලනයන් සිදුවන බවට .......

ගූගල් සෙයුම්  පි‍ටුව මතට හානිකර මෘදුකාංග වලින් පරිගණක පද්ධතිය  ආසාදිත වීම් ගැන අනතුරු ඇගවීමේ ක්‍රමවේදයක් අද සිට හදුන්වා දී ඇති බවට ප්‍රකාශ වෙනවා. මේ අනූව ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරන්නෙකුට තම පරිගණකයේ නිරෝගී බවගැන අදහසක් ලබා ගැනීමට පහසු වනු ඇත.
     ගූගල් ආයතනය පවසන්නේ මෑතකාලයේ සිට හදුනා නොගත් මෘදුකාංගමය කොටස් අන්තර්ජාලයේ පැතිරෙමින් තිබෙන බවට හා එම කොටස් "ප්‍රොක්සි සර්වර්ස්" හරහා ගූගල් වෙත අස්වාභාවික ගලනයන් සිදුවන බවට හදුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බවයි.ගූගල් හි ආරක්ශක ඉන්ජිනේරුවරයෙකු තම "‍ටුවිටර්" හරහා පවසා සිටියේ මෙම තත්වය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා පමනක් බල පාමින් ඇති බවයි.

කරුනාකර වෙන කිසිවෙක් සොයා මෙහි නොයෙන්න.

"බොහෝ  ආශ්‍රම වල ඇත්තේ කාලසටහන් හා නීති පද්ධති පමනී. අධ්‍යාත්මික පරිසරය යනු ඒවායේ නොසලකම හරිනු ලබන කරුනකි. අමුත්තෙකු පැමිනි විට තමන් කෘතීමව මවාගත් පිලිවලකට හැසිරෙයි. ඒක හරිම  අවසනාවන්ත කාරනාවක් කියලා මට හිතෙනවා." ලගකදී අප සමග එක්වූ ජර්මානු ජාතික මහත්මයෙකු සැදැ සමාලෝචන ‍රැස්වීමකදී ආශ්‍රමයන් ගැන තම අත්දැකීම් මෙසේ වචන වලට හැරවූවාය. සමහර විට ඔබ සිතූ ආකාරය වැරදිය. ලොකු ස්වාමීන් වහන්සේ මහත් සතුටට පත් නොවුනාය. කිසිවෙකුට මෙහි එන්නට කියන්නට වත් නොයෙන්නට කියන්නට වත් මෙහි සිටින කිසිවෙකුට උවමනා  නොවෙයි. ලොව කොයි කෙරවලක සිටියද සියුම් දහම් රස දන්නෝ කෙසේ හෝ මෙහි පැමිනෙයි. ඔබදු‍ටුවා නේද ආශ්‍රම භූමියේ ප්‍රධාන දොර‍ටුවේ පසකින් ඇති සටහන. "මෙම දොර‍ටුවෙන් ඔබ ඇතුලු වන්නේ ඔබ තුලටය. කරුනාකර වෙන කිසිවෙක් සොයා මෙහි නොයෙන්න."ලොකු ස්වාමීන්වහන්සේ සුපුරුදු මද සිනාවකින්  පැවසුවාය.

හාවර්ඩ් සරසවි සිසුවෙකු ගැන පලවන පුවතක සටහන් ......

හාවර්ඩ් සරසවි සිසුවෙකු ගැන පලවන පුවතක සටහන් වන්නේ එරට තවත් පරිගණක අධ්‍යාපන ආයතනයක පරිගණක ජාලයකට අනවර පිවිසීමක් කොට එහි සිසුවන්ට අයත් ලිපිලේඛන මිලියන 4 කට අදික ප්‍රමානයක් සොරාගත් වරදකට එරෙහිව එරට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවකි. මෙම සිදුවීම සම්බන්දයෙන් එරට ඉහලපෙලේ නීති නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටාලමින් සටහන් වන්නේ "ඔබ අයථා ආකාරයට ලබා ගත් දත්ත තවකෙකුට අලවි කලාද නැතිනම් විනාශකර දැමුවාද යන්න එතරම් වැදගත් නොවන බවයි". එම සටහන අවසානකර තිබුනේ පරිගණක භාවිතයේ සදාචාරාත්මක පදනම අතිශය අතාර්කික ලෙස යටපත්වී ඇත්තේ ඇයිදැයි සිතා බලන්නට කාලය එලබී ඇති බවට යෝජනාවක්ද සමගිනි.

අනවසර සයිබර් පිවිසෙන්නන් අත්වඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතය.....

පලවන අලුත්ම වාර්තා පවසන්නේ නිව්යෝක් හා කැලෆොනියා වල සිටින අනවසර සයිබර් පිවිසෙන්නන් අත්වඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතය එෆ්.බී.අයි ආයතනය වඩාත් දැඩි කර ඇති බවකි. දැනට නිකුත්වී ඇති අවසානතම පුවතට අනූව ස්ථාන හතරක සෝදිසියකින් අනතුරුව පරිගනක හා අදාල උපාංග අත්වංගුවට ගෙන ඇති බවකි. දැනට එරට ආරක්ශක අංශ  අත්වඩංගුවට ලබාගැනීමේ අවසර ලබාගෙන ඇති හතර දෙනෙකුම විසිවෙනි විය ආසන්නයේ පසුවෙන්නේන් බවත් සටහන් වෙනවා.
      පසුගිය ආකලයේ දැඩි කතා බහකට ලක්වූ හා මැතකාලයේ තමන් නිහඩවන්නට තීර්නය කල බව තම ‍ටුවිටර් ගිනුම තුලින් ප්‍රකාශකල තිබූ ප්‍රකට අනවසර පිවිසෙන්නන් කන්ඩායමක් තම නැවත ක්‍රියාකාරිවීමේ තීර්නයක්  "‍ටුවීට්ස්" කර ඇති බවටත් පලවෙනවා.

2011-07-19

G.co

වෙබ් ලිපිනයන් කෙටි කොට  භාවිතය ප්‍රධාන මට්ටමේ ආයතන කිහිපයකින්ම මෑතකදී දක්නට ලැබුනි. ‍ටුවිටර් ආයතනය  T.co  යන්න තම පහසු වෙබ් ලිපිනය ලෙස භාවිතයට සැරසෙන අතර ඇමසෝන් ආයතනය A.co යන්න තම පහසු වෙබ් ලිපිනය ලෙස තොරාගෙන ඇත. අලුත්ම පුවතකින් කියවෙන්නේ ගුගල් ආයතනය G.co යන්න තම කෙටි වෙබ් පිවිසුම් ලිපිනය හැටියට තොරාගෙන ඇති බවයි.

2011-07-18

අද පුවත්

පසුගියදා ෆේස්බුක් භාවිතාකරන්නෙකු  එහි  පලකර තිබු තම ගූගල්+ ගිනුම හා එක්වෙන ලෙස දැන්වීම ඉවත්කිරීම තුලින් ගූගල්+ සමාජ ජාලය තමන්ට පැහැදිලි අභියෝගයක් ලෙස පිලිගෙන ඇති බව කියවෙන බවයි සටහ වන්නේ.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඉදිරියෙනි

පසුගිය දිනවලදී ප්‍රධානපෙලේ වෙබ් පිරීක්සන සියල්ලට එරෙහිව හානිකර මෘදුකාංග කිහිපයක් යොදා කල අත්හදා බැලීමකදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 හා 9  ප්‍රතිශක්තිය අතින්  ඉදිරියෙන් සිටි බවට පුවතක් පලවෙනවා."එන්.එස්.එස් ලැබ්" නම් ආයතනයකදී කල මෙම  පර්යේක්ෂනයේදී  හානිකර මෘදුකාංග වෙත යොමුකරන වෙබ් ලිපින යොදා ගනිමින් දින 19 ක් තිස්සේ පවත්වන ලද අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8  90%  වැලැකීමේ ප්‍රතිශතයක් පෙන් වූබවත් ක්‍රොම් 10% , ෆයර් ෆොක්ස් 4% හා සෆාරි 5%  ප්‍රතිශතයක්  පෙන් වූ බවටත් වර්ථා වෙනවා.මෙහිදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි භාවිතාවන "ස්මාට්ස්ක්‍රීන් ‍ෆිල්ටර් හා ක්ලවුඩ් බේස්ඩ්" තාක්ශනයන් වැඩි ඇගයීමකට ලක් වූ බවටත්  සටහන් වෙනවා.

2011-07-16

‍ටුවිටර් පස්වන වසරට....

"ඇත්තෙන්ම පලමු දිනයේදී අපේ භාවිතකරන්නන් "‍ටුවීට්ස්" 224 පමන භාවිතාකර තිබුනා. වසර පහක් සපිරෙන අද දින වනවිට තප්පර 10 තුල එම සංක්‍යාව හුවමාරුවනවා." ‍ටුවිටර් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසනවා. "අපේ පලමු භාවිතාකරන්නන් 600000 මෙහි එන්නට වසර  එකහමාරක පමන කාලයක් ගතවූ නමුත් දැන් වන විට දිනකට 600000 අලුතින් අපේ භාවිතාකරන්නන් අතරට එක් වෙමින් පවතිනවා" වැඩිදුරටත් පවසා සිටිනවා.අද වනවිට ‍ටුවිටර් තුල දිනකට ‍ටුවීට්ස් බිලියන 350 හුවමාරුවන බවටයි සටහන් වන්නේ.

එදිනෙදා මැවෙන පුවත්වල "ෆේස්බුක් සංස්කරනයක්"


ලොව ප්‍රමුක පෙලේ පුවත් ආයතන කිහිපයක් සමග එක්ව එදිනෙදා මැවෙන පුවත්වල "ෆේස්බුක් සංස්කරනයක්" තම සමාජ ජාලාව තුලදීම භාවිතාකරන්නන්හට කියවන්නට ඉඩ සලස්වන ආකාරයේ නව උපාංගයක් වසර අවසානය වන හදුන්වාදීමට සැරසෙන බවයි සටහන් වන්නේ. පසුගියදා නිල වශයෙන් තම භාවිතාකරන්නන්ගේ සංක්‍යාව මිලියක 750 ඉක්මවා ඇති බවට නිවේදනය කල ෆේස්බුක් ආයතනය තම නවත්ම හදුන්වාදීමක්වූ " දෘශ්‍ය කතාබහ උපාංගය" සාර්තකව තම භාවිතා කරන්නන් අතරට යමින් සිටින බවටද ප්‍රකාශකර සිටියා. 

2011-07-15

වින්ඩෝස් නාමයට ආයුබෝවන්!!!!!

ඔවුන් පවසන්නේ මේවන විට වින්ඩෝස් යනු බෙහෙවින් පැරනි නාමයක්ව ඇති බවයි. එසේම අතීතය තුල සිදුවූ බොහෝ  අසාර්තක නිශ්පාදන සමගද වින්ඩෝස් නාමය මත තැවරුනු අපකීර්තියේ වැස්ම එහි දිදුලන බවට කල හානිය යලි ගොඩ ගත නොහැකි වනු ඇත." ඇත්තෙන්ම වින්ඩෝස් කියන්නේ තවමත් මෙහෙයුම් පද්ධති තරගයේ ඉදිරියෙන්ම සිටිනවා උනාට තරගකාරී අනෙකුත් නාමයන් සමග සලකනකොට භාවිතාකරන්නන් හා කීර්තිමත් බැදීමක් ගොඩනගා ගන්නට නොහැකිවෙලා තියනවා වගේ දැනෙනවා" තවත් විචාරකයෙකු පවසා තිබුනා. මයික්‍රොසොප්ට් ආයතනය "වින්ඩෝස්" නාමයට සමුදෙන්නට බොහෝදුරට ඉඩ ඇතිබවට දැන් දැන් ඉගි මතු වෙමින් පවතින බවයි  පෙනෙන්නේ.

2011-07-14

ගූගල්+ භාවිතාකරන්නන් ගැන ගනිතමය හැදෑරීමක තොරතුරු

ගූගල්+  භාවිතාකරන්නන් ගැන ගනිතමය හැදෑරීමක තොරතුරු පලවී තිබෙනවා. මෙය මේවනවිට ගූගල්+ හි  ගිනුම් හිමියන් 947996 දෙනෙකු ඇසුරෙන් ගනනය කිරීමක් බවත් පැවසෙනවා.මේ වනවිට ගූගල්+ ගිනුම් දරන්නන් බහුතරය පුරුෂ පක්ෂයේ බවයි සටහන් වන්නේ.එය ප්‍රතිශතයක් ලෙස73.70% ලෙස සටහන් වන අතර කාන්තා සහභාගීත්වය 24.74% ලෙස සටහ වනවා.විවිධ මානයන් ඔස්සේ කල ගනනය කිරීම්වල සටහන් කිහිපයක් පහත දැක්වෙනවා.
      

අද පුවත්

ගූගල් වෙතින් නව සමාජ ජාලාවක් හදුන්වාදෙමින් සිටින බවයි වාර්ථාවෙන්නේ.  ඡයාරූප බෙදාහදා ගැනීමට පහසුව සැලසීම එහි අරමුන බවයි පැවසෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් ආරාධනා පතක් සදහා අයදුම් කල හැකි වනු ඇත
http://photovine.com/

$$$$$$$$  ගූගල්+ වල වැඩීම දවසට මිලියන එකක වේගයක් බවයි සටහන් වන්නේ. මිලියන 700 භවිතාකරනන් පිරිසකගේ වත්කමක් දරන ෆේස්බුක් ආයතනය එලබෙන සති අන්තය වනවිට මිලියන 20  භාවිතාකරනන් පිරිසකගේ ඉලක්කය වෙත වේගයෙන් ලගා වෙමින් සිටින ගූගල්+ අතර වන තරගය විවිධ ලෙසින් විචාරය වෙමින් පවතිනවා. පසුගියදා ෆේස්බුක් වෙතින් නව හදුන්වා දීම් දෙකක් සමග නැවත තරගයට එක්වීමට උත්සාහකිරීම එතරම් සාර්තක වීදැයි  ප්‍රශ්නයක් වන බවයි සටහන් වන්නේ

තව ගොඩක් දේවල් වලදිවගේම ලංකාවේ ෆේස්බුක් කියන්නේ මාර කුනු හරපයක්....

තව ගොඩක් දේවල් වලදිවගේම ලංකාවේ ෆේස්බුක් කියන්නේ මාර කුනු හරපයක්. තමන් තමන් ‍රැවැට්ටීම වගේම අනුන් ‍රැවැට්ටීම ඇරෙන්න වෙන දෙයක් ඉතිරි නොවුනු බහුතරයක වර්තමාන ඇත්ත තමයි එක්තරා ප්‍රමානයකට සිංහල ෆේස්බුක් කියන්නේ. හැබැහි ලංකීක ඉග්ංරිසි ෆේස් කතාකලා කියලා මේ ඇත්තෙන් ගැලවිල කියල මම නම් හිතන්නේ නැහැ. ෆේස්බුක්  එක ඇතුලේ ඉන්න ගොඩාක් කට්ටියගේ රෙදි ගලවන එක මාර සිම්පල් දෙයක්. හැබැයි සයිබර් සංස්කෘතියකට ගරුකරන නිසා එසේ නොකල යුතුයි කියා මම ගරු කරනවා. හැක් කිරීම කියන එක  ලොකය ගරුකරන්නෙ විෂයක් වෙලා තියෙන්නේ අත්මයක් නැති පාදඩ බුද්ධිමය හැසිරීමකට නොවන බව මම මල්ලියට යෝජනා කරන්න කැමතියි.

2011-07-13

ආදරනීය ජීවිතය වෙනස් විදිහකට කියවන්න.........

වාහන පහසුව අවසන්වන ස්ථානයේ සිට ආශ්‍රමයේ ප්‍රධාන දොර‍ටුව වෙත ලගාවන්නට දිනක් හෝ දින එකහමාරක පා ගමනක යෙදෙන්නට වෙනු ඇත. විශාල කදු වලලු දෙකක්  පසුකරන්නට සිදුවනු ඇත. නගරයේ සිට මදදුරක් ගෙවෙන විට ක්‍රමයෙන්  මුත් වේගයෙන් මිනිසුන් හමුවීම අවම වන්නට පටන් ගනී. බොහෝ විට මුල් කදු පංතිය පසුකරන්නට වෙන්නේ හුදකලාවම විය හැක. ඉන් පසු තැනින් තැන කුඩා ජනාවාස හමුවනු ඇත. එක් කරුනක් මට ඔබට සහතිකව කිව හැක. අර කදු පංතිය පසුකල පසු හමුවන ගම්වාසීන් කිසිදිනක ඔබේ කිසිදු දෙයක් අත්පත් කර ගන්නට උත්සාහා නොකරන බවයි. ලෝකයේ දියුනුතම නගරයක සැප සම්පත් බහුල අයෙකුටවත් අත්පත්කර ගත නොහැකි තරමේ සරල මුත් පිරුන සතුටකින් ඔවුන් ඔබට සහය වනු ඇත. ඇත්තෙන්ම ඔවුන් ඔබ සිතන ආකාරයේ දුප්පත්කම හා අලස බවින් වැසුනු අවාසනාවන්ත මිනිසුන් නොවේ. අපට හුරුපුරුදු ආකෘති වලින් වටහ ගත නොහැකි උවද ඔවුනුත් දෛනිකව වඩාසාර්තක බෝග ක්‍රම වගාහානිය පාලනය කරන ක්‍රම ආදී බොහෝ කාරනා ගැන පර්යේක්ෂන පවත්වයි.  අඩි සිය ගනන්  දිගැති දුරේක්ශ නොමැති මුත් හිරු සදු ජීවිතවලට බලපානා ආකාරය ගැන දියුනු සමජයට අත්පත් කරගන්නට තව සියවස් ගනනක් ගතවෙනු ඇතැයි සිතිය හැකි තරමේ දැනුමක් ඔවුන් සතුය. මට එකවරම මතයකට නැගෙන්නේ වරක් අප විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයක් සදහා පැමිනි ලොව ප්‍රකටපෙලේ සමජවිද්‍යා වියතෙකු තම දේශනය අවසන්කිරීම සදහා යොදා ගත් වදන් පෙලකි.මේ පෘතුවියේ සමහර තැන්වල හුදකලාවූ සමාජයන් පවතිනවා මම මෙතෙක් පැහැදිලිකල කිසිම සමාජ විද්‍යාත්මක නියමයකින් වටහා ගත නොහැකි වන. ඔවුන් සතු දැනුම වෙනස් මුත් පුදුමාකාර බව දකින විට මම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හා මගේ විෂයන් ඇතුලත  පැවති දැනුම වෙනස් කරමින්  කල මෙහෙවර ගැන මාතුල පවතින පුංචි ආඩම්බරය ගැන ලැජ්ජාවක් ඇති නොවනවාම නොවේ.

වින්ඩෝස් එක්ස්.පී. සදහා වගකියනුයේ තව දින 1000 පමනක් බවයි.....

වින්ඩෝස් එක්ස්.පී. සදහා අප වගකියනුයේ තව දින 1000 පමනක් බවයි මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කරන්නේ. වින් 7 වලට ඔබ පරිගණකය භාරදීමට කාලය උදා වී ඇති බවත්, මයික්‍රොසොෆ්ට් ආයතනය 2014 අප්‍රේල් 8 වන දින වනවිට වින්ඩෝස් එක්ස්.පී. හි ආරක්ශාව සදහා වන වගකීම අවසාන කරමින් අවසන් යාවකාලීනය නිකුත් කරන්නට නියමිත බවත්  එහි සදහන්ව තිබුනා.එක්ස්.පී.  වසර 10 තම සේවාකාලය  ඉහත දිනෙන් අනතුරුව නිල වශයෙන් අවසන්කරන්නට නියමිත අතර බොහෝ තුන්වන පාර්ශවයේ අරක්ශක මෘදුකාංග සපයන්නන් පවා තම නිශ්පදන හරහා එක්ස්.පී වෙත ලබාදෙමින් තිබූ ආරක්ශක සහය ඉන් අනතුරුව අවසන් කරන්නට නියමිත බවයි සටහ වන්නේ.

වින් 7 හා විස්ටා හි බ්ලුටූත් තාක්ශනික කොටසේ හදුනා ගෙන තිබූ දුර්වලතා දෙකක්.....

වින් 7 හා විස්ටා හි බ්ලුටූත් තාක්ශනික කොටසේ හදුනා ගෙන තිබූ දුර්වලතා දෙකක් හා වින්ඩෝස් වල හා ඔෆීස්වල හදුනා ගෙන තිබූ දුර්වලතා ඇතුලු  දුර්වලතා 22 සදහා පිලිසකර යාවත්කාලිනයන් 22 අද නිකුත්වීමට නියමිත බවයි සටහන් වන්නේ.
     මයික්‍රොසොෆ්ට් ආයතනය තම යාවත්කාලීනයන්හි වැදගත්කම  සලකමින් කොටස් හතර කට වෙන් කරන අතර, අද නිකුත්වන පිලිසකරයන් අතරින් එකක් අතිශය වැදගත් ගනයේලා සැලකෙන බවත් තවත් තුනක් වැදගත් ගනයේලා සැලකෙන බවත් සටහන් කොට තිබුනා.

2011-07-12

අද පුවත්....

පැතිර යමින් පවතින නිල නොවන තොරතුරකින් කියවෙන්නේ වින්ඩෝස් 8 2012 අප්‍රේල් වන විට  අවසන්කිරීමට නියමිත ඇති බවයි. පෞද්ගලික පරිගනකයට වඩා ටැබ්ලට් ආකාරයේ පරිගනක වෙත වැඩි නැබුරුවක් සහිතම මෙම මෙහෙයුම් පද්දතිය නිර්මානය වනු ඇති බවටයි  කියවෙන්නේ.

පලවන අලුත්ම වාර්ථාවලින් කියවෙන්නේ ගූගල්+ වල....


පලවන අලුත්ම වාර්ථාවලින් කියවෙන්නේ  ගූගල්+ වල සාමාජිල සංක්‍යාව පසුගිය ඉරිදාවනවිටාඅසන්න ලෙසමිලියන 7.3 වූ බවයි. මෙම ගනනය කිරීම් වලට අදාලව සලකන විට අද වන විට මිලියන 10කට ආසන්න විය යුතු බවයි. එලබෙන සති අන්තය වනවිට මිලියන 20 ආසන්න විය හැකි බවයි අනවැකි පලවෙන්නේ.සති දෙකක් වයසැති ගූගල්+ හි  භාවිතා කරන්නන්ගේ ඉහල යාම ඉතා ඉහල මට්ටමක පවතින බවයි ඔවුන් පවසන්නේ. අනෙකුත් තරගකරුවා වන ෆේස්බුක්හි බිලියන750 ක භාවිතාකරනන්ගෙන් අඩක් දෛනිකව තම ගිනුම වෙත පිවිසෙන බවයි සටහන් වන්නේ.

2011-07-10

“අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි"

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පි‍ටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් විශාල ගංගාවක් ගලා බසිනවා. තුරු මුදුන් අතරින් රිංගා ගිය තද හිරුකෙදි අර ගංගාවේ රළවල වැදිලා පරාවර්තනවන දර්ශනය හරිම අපූරුයි. සමහර විට ඔබ කියවලා ඇති ප්‍රසිද්ද මනෝවර්ධනය ගැන ලියපු ලේඛකයෙක් සටහන් කරලා තිබුනා ගුවන් තො‍ටුපලකදී අහබුලෙස තමන් දෙසට එල්ලවු රටාවක් සහිත ආලෝක දාරාවක් ඔහුගේ මනස ගැබුරු ලෙස නාභිගත කරපු හැටි ගැන. සමහර විට ඒ අත්දැන්කීම වඩාත් චමත්කාර ලෙස ඔබට මැතැනදී විදගන්නට හැකිවේවි කියලා මම හිතනවා. ටිකක් හුරුපුරුදු කල මනසකට පරිසරයේ මැවෙන සුන්දර අවස්තාවලින් විශාල සතුටක් වගේම ශක්තියක් උරාගන්නට පුලුවන් කියලා කිවයුතුමයි.සමහර විට ඔසුවක් වගේ ඔබේ සිත සුවපත් කරන්නටත් උදවුවේවි. අදුරත් සමගම ආපසු ආශ්‍රමයට ආවේ හරිම සතුටකින්.මේ සටහන කරනකොට මට හොදින්ම පසක් වුනු කාරනාවක් තමයි, වරක් අපේ විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයකට පැමිනි ප්‍රසිද්ධ ලේකඛයෙක් කරපු සදහනක්. “අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි"
විකුනන හා විකිනෙන සමාජයට ඔබ්බෙන් වන සැබෑ දහම කියවන්නට   www.nirogi.tk

පරිගණකය සාර්තක ආසාධිතයෙකු වී ඇත්නම් පැයකට ඊමේල 10,000 අන්තර්ජාලයට.....

ඔබ පරිගණකය සාර්තක ආසාධිතයෙකු වී ඇත්නම් පැයකට ඔබේ පරිගණකයෙන් ඊමේල 10,000 අන්තර්ජාලයට එක්වනු ඇත. ඒවා අතර ව්‍යාජ  වියාග්‍රා ඖෂධයන් ගැන නැතිනම් මයික්‍රසොෆ්ට්  සලකුන සහිතව සකස්වන ව්‍යාජ රොතරයි දිනුම් ඇදීම් හෝ අලුත්ම මිල අඩුකිරීම් යටතේ මිලට ගැනීමට පෙලබවීම් ආදිය විය හැක. මෙම ඊ ලිපි වල ඇති සබැදියාවන් අවදිකල සැනකින් ඔබ සම්බන්දවනුයේ ඔවුන්ගේ පරිගණකය වෙත නොමිලේ අහිතකර මෘදුකාංග  ලබාදීමට සැදී පැහැදී සිටින වෙබ් අඩවි වෙතටයි. පස් වසරක් වයසැතියැයි සලකනු ලබන මෙම බොට්නෙට් ආකාරයේ පරිගණක ජාලය හොදින්ම ක්‍රියාත්මක අවස්තාවන් වලදී දිනකට අහිතකර ඊමෙලයන් බිලියන 30 පමන අන්තර්ජාලයට මුදා හරින බවයි මුද හරින බවයි සටහන් වන්නේ. මෙම ජාලය සතුව පාලක පරිගණක 96 ස්ථාන 8 ක් පුරා විසිර ඇති බවයි කියවෙන්නේ. මැතකදී සිදුකල වැටලීම් වලින් සැහෙන දුරකට මෙම ජාලය බිද දමන්නට සමත්වූ බවයි කියවෙන්නේ
     ප්‍රකට ආරක්ශිත මෘදුකාංග සමාගම් වලට අනූව පසුගිය කාලයේ දිනකට අහිතකර ඊමේලයන් බිලියන121.5 ක සිට බිලියන 36.9 දක්වා පහත දමන්නට සමත්වී ඇති අතර තවමත් මෙම ඊමේලයන් දෛනික ඊමේල හුවමාරුවෙන් 72.6% ක ප්‍රතිශතයක් හිමි කරගන්නා බවයි  සටහන් වන්නේ.

ෆේස්බුක් හා ගූගල්+ අතර මූලික සැකැස්මේ සැලකියයුතු වෙනසක් නැති නමුත්.........

පසුගියදාක පැවති හමුවකදී සයිබර් විචාරකයෙකු පවසා සිටියේ  ෆේස්බුක් හා ගූගල්+ අතර මූලික සැකැස්මේ සැලකියයුතු වෙනසක් නැති නමුත් හා ෆේස්බුක් හි පෞද්ගලිකතාව සමහර විටක අනතුරකට ගොස් ඇත්තේ, එම පුද්ගල ගොනුවල පාලනය අවිදිමත් වීම නිසා කියායි. සමාජ ජාලාවල වර්ධනීය වෙනස්ක් ගූගල්+ ගෙන විත් ඇත්තේ නවීනතම තාක්ශනයට වඩාත් සමීපබවක්  එහි ව්‍යුහය විසින් ‍රැගෙන විත් ඇති නිසාත් හොදින් ෆේස්බුක් හදාරා පුද්ගල ගොනුවල විවෘතවීම තල කිහිපයකට වෙන්කර අපහසුවකින් තොරව  විශාල පිරිසක් සමග ඇසුරු කරන්නට ඉඩ කඩ සලසා ඇති නිසාත් කියාය.

"හානිකර හා තොරතුරු පැහැර ගැනීමට" අදාල මෘදුකාංග කොටස්

ඇමරිකානු අභ්‍යන්තර  සයිබර් ආරක්ශකයන් පවසා සිටින්නේ එරටට ආනයනය කරනු ලබන බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරන හා මෘදුකාංගවල "හානිකර හා තොරතුරු පැහැර ගැනීමට" අදාල මෘදුකාංග කොටස් අඩංගු වන බවයි. තවමත් හදුනාගෙන නොමැති "විදේශ කොටස්" මෙයට වගකිවයුතු බව හ එරට ආරක්ශක අංශ මේගැන ඉත සැලකිලිමත්ව සිටින බවටත් එම පුවතේ සටහන්ව තිබුනා.

2011-07-08

සමහර විටක ලගකදී ඔබ නිව්යෝක් පැත්තකවත් නොගියාවන්නට ඉඩ ඇත.........

සමහර විටක ලගකදී ඔබ නිව්යෝක්  පැත්තකවත් නොගියාවන්නට ඉඩ ඇත. තවත් සමහර විටක නිව්යෝක්  තුල වාහනය ධාවනය කලද කිසිසේත්ම වේගය ඉක්මවා ධාවනය නොකලා වන්නට ඉඩ ඇත. ඔබ භාවිතාකරන්නේ යාහූ ඊමේල් ගිනුමක් නම් "55 වේග සීමාව" ඉක්මවීම සම්බන්දයෙන් චෝදනා පතක් ඊමේල් පනිවිඩයක ලෙසින්  ලැබෙන්නට ඉඩ ඇත. එපමනක් නොව එම ඊමේල් පනිවිඩය හා දවටා එවන හකුලන ලද ෆයිලය විවෘතකර  එහි අඩංගු  ඊ පත්‍රිකාව සම්පූර්න කොට නිව්යෝක් අධිකරනයක් වෙත යොමු කරන්නයැයි උපදෙසක්ද අඩංගුවන්නට ඉඩ ඇත. මෙම හකුලන ලද ෆයිලය විවෘත කරනවාත් සමග තවමත් හදුනානොගත් හානිකර මෘදුකාංගයකට ඔබේ පරිගනකය ගොදුරුවීම ගැන නම් ඉහත ඊ ලිපියේ සටහනක් නැතිවම සිදුවනු ඇත. ජූලි 2 ලෙස දාතමින් මෙසේ යාහු ඊමේලයක් ලෙසින් ලැබෙන්නට ඉඩ ඇති මෙම ඊ පනිවිඩය ගැන කල්පනා කාරීවන ලෙස අවසානලෙස සටහන්ව තිබූ පුවතක් පලවී ඇත.

ෆයර්ෆොක්ස් අවුරොරා 7 හි අවසන් සංස්කරනයක්

ෆයර්ෆොක්ස් අවුරොරා 7 හි අවසන් සංස්කරනයක් නිකුත්කොට ඇති බවටයි පුවතක් පලවෙන්නේ. වැඩිදියුනු කරන ලද වේගයක් හා මතක භාවිතයේදී වඩාත් සර්තක තාක්ශනික වෙනසකින්  නව එලිදැක්වීම සමන්විත බවයි සටහන් වන්නේ. ඔබ දැනටමත් ෆයර්ෆොක්ස් භාවිතාකරන්නෙක් නම් ඉදිරි පැය විසිහතරත් හතලිස් අටත් අතරතුර ස්වංක්‍රීයයාවත්කාලීනයක් ලෙස මෙය ඔබේ පරිගනකයට ලැබීමට නියමිත බවයි සටහන් වන්නේ.
        නවසංස්කරනය මතකය හැසිරවීමේදී සියයට තිහක පමන වර්ධනයක් පෙන්නුම් කරන අතර ජාවාස්ක්‍රිප්ට්  'ඉතිරිවීම් ඉවත්කිරීමේ" සාර්තක යාන්ත්‍රනයකින් සමන්විත බවයි සටහන් වන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස මෙම නව සංස්කරනය ලබාගත හැකි වනු ඇති බවයි සටහන් වන්නේ.

ගූගල්+ සදහ කෙටි කාලයකට යලිත් ඇතුලුවීමේ දොර‍ටු විවෘතකර ඇති බවට

ගූගල්+ සදහ කෙටි කාලයකට යලිත් ඇතුලුවීමේ දොර‍ටු විවෘතකර ඇති බවට පුවතක් පලවෙනවා.පසුගිය දිනවලදී දැඩි තදබදය හේතුවෙන් ගූගල්+ සදහා නව ආරාධනා පත් නිකුත්කිරීම තාවකාලිකව නතර කල මුත් සීමිත කාලයක් සදහා යලි එම යාන්ත්‍රනය ක්‍රියාත්මක බවයි සටහන් වන්නේ."අපේ අරමුන අත්හදාබැලීමේ සංස්කරනය සමග වැඩ කරන පිරිස දෙගුනයක් කිරීමයි" ආයතනය වෙනුවෙන් ප්‍රකාශ කර තිබුනා. දැනට කොපමන පිරිසක් තම අත්හදා සංස්කරනය සමග සිටින්නේදැයි හෙලි නොකල මුත් ඔවුන් ප්‍රකාශකර සිටින්නේ ගූගල්+ පද්ධතිය ඉතා සෙමින් වර්ධනයවෙනින් පවතින්නට හේතුව වී ඇත්තේ හදුනා ගන්නා දුර්වලතා පිලිසකර කරමින් සිටින නිසා බවයි. කෙසේ නමුත් ගූගල්+ හි අවසාන සංස්කරනය පැමින නිදහසේ භාවිතකරන්නට හැකිවන දිනයක් ගැන තවමත් තොරතුරු හෙලි නොවන මුත් තවත් වාර්ථාවක සටහන් වී තිබුනේ සමහර අන්තර්ජාල වෙළඳ පොලවල්වල ගූගල්+ සදහා ආරාධනා පත් අලවිය සදහා ඇති බවයි.

2011-07-07

අද පුවත්

වින්ඩෝස් 8 හි පෙර බීටා සංස්කරනයක් ලබන සතියේ පැවත්වීමට නියමිත ලෝක මට්ටමේ හමුවකදී ඉදිරිපත් කරුනු ඇති බවට නිල නොවන පුවතක් පලවෙමින් තිබෙන බවට තොරතුරු පලවෙනවා.############

වින් 7 හා විස්ටා මෙහෙයුම් පද්ධති සදහා අතිශය වැදගත්  යාවත්කාලීනයන් 4ක් සමග මයික්‍රසොෆ්ට් ආයතනය තම  මීලග යාවත්කාලීන ගොනුව ජූලි 12 වන දින වනවිට නිකුත්කරන්නට බලා පොරොත්තුවන බවයි සටහන් වන්නේ.#############################################################

බුද්ධිමය දේපලම් සුරකිම වෙනුවෙන් අයි.එස්.පි එකගතාවයකට.....

බුද්ධිමය දේපලම් සුරකිම වෙනුවෙන් පසුගිය කාලයේ පැතිර ගිය කතිකාවකින් කියවුනේ අන්තර්ජාල සේවා සපයන්නන් මීට වඩා සැලකිලි මත් විය යුතු බවයි. එසේම එය ඔවුන්ගේ වගකීමක්ද වන බවයි.අලුත්ම පුවතකින් කියවෙන්නේ ප්‍රධාන පෙලේ බොහොමයක් අන්තර්ජාල සේවා සපයන්නන් ඒ සදහා තම සහය පලකර ඇති බවයි. මේ අනූව නයවර පත් අයතා භාවිතාවේදී හා සමානව බුද්ධිමය දේපල අයතා භාවිතාවේ යෙදෙන තම පාරිභෝගිකයන් හට අනුතුරු අගවන්නට හා එය නොසලකන්නේ නම් සේවාව සැපයීම ගැන තීරනාත්මක වන්නටත් එකග වී එති බවයි සටහන් වන්නේ.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...