2012-03-31

තොරතුරු අවකාශයේ සොඳුරු ඉසව් සොයා යන්නට....


පරිගණක පුවත් , වෙබ් අඩවි , නොමිලේ භාවිතකලහැකි මෘදුකාංග ,නව මෘදු හා දෘඩාංග තොරතුරු ඇතුලු බොහෝ දේ ‍රැගෙන එන්නට ගන්නා උත්සාහයේ සයිබර් නිමැවුමයි.....
        www.siriwansa.com

ගූගල් ඩ්‍රයිව් ගිගා බයිට 5ක් සමග එන මාසයේ.......

පලවන නවතම පුවතකට අනූව කියවෙන්නේ ගූගල් ආයතනයෙන් නොමිලේ පිරිනැමෙන "ගූගල් ඩ්‍රයිව්" පහසුව ර්ලබෙන අප්‍රේල් මාසයේ සිට ගිගා බයිට 5 ක ඉඩකඩක් ‍රැගෙන එන්නට නියමිත බවයි. අතපසුවීමකින් ආයතනයෙන් පිටව ඇති එහි ප්‍රධාන තිර සටහනක්ද සහිතව පිටව ඇති මෙම පුවතින් වැඩිදුරටත් කියවෙන්නේ අප්‍රේල් 16 වන විට මෙම පහසුව ගූගල් ආයතනයෙන් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවකි.මින් පෙර පැවසී තිබුනේ එම නොමිලේ ලැබෙන අවකාශය ගිගා බයිට 2 විය හැකි බවටයි.

2012-03-30

වින්8 මෙට්‍රෝ අත්දැකීම වින්7 වල සිට......

වින්ඩෝස් 8 අප අතරට ගෙන එන්නට පොරොන්දුවන දෑ අතරින් මෙට්‍රෝ මුහුනතට හිමි වන්නේ ප්‍රධාන තැනකි.ඔබට වින්ඩෝස් 7 වල සිට මෙම මෙට්‍රෝ ටයිල්ස් වල හැසිරීම පිලිබදව යම් අදහසක් ගැනීමට කැමති වන්නේ නම් මෙම සබැදුම ඔස්සේ පිවිස එම මෘදුකාංගය ලබා ගන්න( මෙම මෘදුකාංගය බීටා සංස්කරනයක් බව අමතක නොකරන්න)....
www.siriwansa.com

වින්ඩෝස්8 තවත් විස්ටාවක් නොවන්නට නම්.........

වින්ඩෝස් 8 කෙමෙන් පිවිසෙමින් ඇත.පූර්ව පෙර සංස්කරනයක් ලෙස මේවන විට නිකුත්ව ඇති සංස්කරනය ලොව පුරා තැතැන් වල විසිරුනු දත්ත උපකරන අතර අත්හදා බැලෙමින් සිටී. එක් අයෙක් එය සාර්ථක බව පවසන විට තවකෙක් පවසන්නේ තමන් වෙත වින්ඩෝස් 8 ගෙන ආවේ අකමැති අත්දැකීමක් බවයි.තවමත් සංකේත නාමයක් යටතේ පවතින මෙම සංස්කරනය ගැන මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තමන් කැමති උවද අකමැති උවද වෙනසක් ‍රැගෙන විත් ඇති බවට පිලිගැනෙමින් ඇත. තවමත් සාම්ප්‍රධායික පෙර සංස්කරනය නිකුත්වී නැති මුත් වැඩි දෙනාගේ මතය වී ඇත්තේ අවසන් සංස්කරනයත් දැනට නිකුත්වී ඇති පූර්ව පෙරසංස්කරනයත් සමග එතරම්ම වෙනසක් දක්නට හැකි නොවනු ඇති බවයි.
                                                                                                        විස්ටා යනු මයික්‍රසොෆ්ට්  මත සටහන්වූ අසාර්ථක බවේ සටහනක් ලෙසට සමහරුන්ගේ මතයකි.ඔවුන් පවසන්නේ වින්ඩෝස්8 වලටද එම ඉරනම උරුම නොවන්නට නම් වෙනස්කම් රාශියක් ‍රැගෙන ආයතු බවයි. ඒ අතරට පලමුවෙන්ම පැවසෙන කාරනාවක් වන්නේ , මෙට්‍රෝ මුහුනත අපූරු අත්දැකීමක් ‍රැගෙන ආවද ඩෙස්ටොප් ආකරයේ ස්ථාපනයකදී හුරුපුරුදු ඩෙස්ටොප් මුහුනතට ප්‍රමුකතාවය ලැබෙන පරිදි සැකසුම් සකසා ගන්නට අවස්ථාවක්  භාවිතාකරන්නාට ලබා දිය යුතු බවයි.ඔවුන් පවසන්නේ ස්පර්ශක මූලික බව  සාර්ථක පිවිසුමක්මුත් බලහත්කාරකමක් නොවන්නට ආයතය වගබලා ගත යුතු බවයි. තවමත් බහුල භාවිතාව වන සාම්ප්‍රධායික ඩෙස්ටොප් භාවිතාවේ සිට අනාගත භාවිතාවන් වෙත කැදවීම මීට වඩා නම්‍ය වියයුතු බවටයි යෝජනා වන්නේ.
                                                                                             මෙට්‍රෝ මුහුනත මත විසිරෙන ටයිල් නියෝජනයන් කිසියම් ආකාරයක හැකිලීමකට (ෆෝල්ඩර්) නොහැකිවීම තවත් භාවිතකරන්නන් පිරිසකගේ අපහසුවට හේතුවක් වී ඇති බවටයි චෝදනා වෙමින් පවතින්නේ.විටක තිර දෙක තුනක් ඔස්සේ දිගහැරෙන්නට වන තම ටයිල් නියෝජනයන් කරදරකාරී වන අවස්ථා ගැන ඔවුන් පවසනවා. ටැබ්ලට් ආකාරයේ භාවිතාවකදී පවා දකුනත මහපට ඇගිල්ල වෙත පෙරකී ආකාරයේ ගොනුකිරීමක වැඩි වගකීමක් ලබාදී මෙට්‍රෝ මුහුනතට මෙලෙස ඉතිරී යන්නට ඉඩ නොතැබීම වඩා ප්‍රායෝගික වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරමින් සිටින්නේ.
                                                                                     සාම්රධායික ඩෙස්ටොප් භාවිතාව මතින් "ස්ටාර්ට්" බටනය ඉවත්කිරීම අසාර්ථක අනන්‍යතාවක් සලකුනු කරගන්නට තැත්කිරීමක් ලෙසටයි විචාරකයින් පවසන්නේ.වෙනස්වීම හොදයි, අප ඊට කැමතියි. ඒත් ඒක කෘතීම නොවිය යුතුයි.මේ තරම්ම බලහත්කාර නොවිය යුතුයි. වින්ඩෝස් සම්රදාය විසින් යුග ගනනක් ඔස්සේ පුරුදු පුහුනු කර ඇති "ස්ටාර්ට්" බටනය මෙලෙස අතාර්කික ලෙස සාම්ප්‍රදායික ඩෙස්ටොප් භාවිතයෙන් ඉවත්කරතිබීම ගැන ඔවුන් පවසා සිරිනවා.

ගූගල් ක්‍රෝම් 18 නිකුත්වේ.....

ගූගල් ක්‍රෝම් ප්‍රකට වෙබ් බ්‍රවුසරයේ  මීලග සංස්කරනය නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් පවසා සිටිනවා හදුනා ගෙන තිබූ ආරක්ශක දුර්වලතා නමයකට පමන මෙම සංස්කරනය සමග පිලිසකර ලබාදී ඇති බවට.දියුනු කරන ලද ග්‍ර‍ෆික් ක්‍රියාකාරකම්  කිහිපයක් නව සංස්කරනය සමග සමන්විත වන බවටයි සටහන් වන්නේ.දෘඩාංග මට්ටමේ සිට වැඩි සාර්තක සහයක් ලබා ගතහැකි ලෙස කර ඇතැයි පැවසෙන මෙම දියුනු කිරීම් සමග ත්‍රිමාන ආකාරයේ  ක්‍රියාකාරීත්වය දක්වාම අපූරු අත්දැකීමක් භාවිතාකරන්නන් සදහා ගෙනෙනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.පහත දැවෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් නව සංස්කරනය ඔබටත් ලබා ගත හැකිවනු ඇත.
https://www.google.com/chrome

2012-03-29

ගූගල් වෙතින් ඔබගේ සයිබර් හැසිරීමේ මාසික වාර්ථාවක්.....

ගූගල් පවසනවා මාසිකව ඔබගේ සයිබර් හැසිරීම පිලිබදව වාර්ථාවක් ලබාගන්නට හැකිවන ආකරයේ සේවාවක්  ඔවුන් අලුතින් අරබා ඇති බවට.මෙම වාර්ථාව සකස්වන්නේ භාවිතාකරන්නා ගූගල්හි පවතින තම ගිනුමකට ඇතුලුවී ගූගල් ආශ්‍රිත සේවාවන්සමග කරන සියලු ගනුදෙනු වලින් බවයි පැවසෙන්නේ. ඒ අතරට ඔබගේ සෙයුම් ප්‍රථිපල ගැන , ඊමේලයන් යැවූ හා ලැබූ ප්‍රමානයන් ඇතුලු කරුනු රාශියකින් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම පහසුකම ඔබටත් සක්‍රිය කරගත හැකි වනු ඇත.
https://www.google.com/settings/activity

ඇඩෝබි ප්ලැෂ් ප්ලේයර් 11.2 සංස්කරනය නිකුත්වේ....


ඇඩෝබි ආයතනය තම ප්‍රකට මෘදුකාංගයක් වන "ප්ලෑෂ් ප්ලේයර්" මෘදුකාංගයේ නවතම සංස්කරනයක් නිකුත්කොට ඇතිබවටයි පැවසෙන්නේ. ප්ලැෂ් ප්ලේයර් 11.2 ලෙස නම් වන මෙම සංස්කරනය තුලදී පෙර පැවති ප්‍රධාන දුර්වලතා දෙකක් සදහා පිලියම් යොදා ඇති බවටයි ඔවුන් පවසන්නේ. එසේම නිහඩ යවත්කාලීනයන් ලබා ගැනීමේ අවස්ථාව ‍තෝරා ගැනීමක් ලෙසට ලබාදී ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.


2012-03-28

ඔබ යනෙන තැන් තොරතුරු ඔවුනට වෙළදපොළකි......


ඔබගේ "ඔන් ලයින්" හැසිරීම යනු තවකෙකුට විශාල ඉපයීමක් ගෙනෙන දත්ත ගොනුවක් වන්නේ වෙළද පොල නිරන්තරයෙන් මිනිස් උවමනා එපාකම් තම විෂය බවට පත්කර ගන්නට නිරන්තරයෙන් බලා සිටින නිසා විය යුතුය.මෑතකාලයේ බෙහෙවින් කථාබහට ලක්වූ  භාවිතාකරන්නා නොදැනුවත්වම වෙබ් පිරික්සනයන් නොහොත් වෙබ් බ්‍රවුසර් විසින් ඔවුන් යනෙන තැන් පිලිබදව තොරතුරු ‍රැස්කිරීම විටක භාවිතාකරන්නගේ අනන්‍යතාවන් සමග හෝ නැතිව සිදුවන බවටයි හදාරන්නන් පවසන්නේ.එම වෙබ් අඩවි වලට පිවිසීමේදී බ්‍රවුසරයේ රදවන කුඩා මෘදු කොටසක් භාවිතයෙන් ඔවුන් මෙම අනවසර දත්ත ‍රැස්කිරීම සිදුකරන අතර ප්‍රකට සමාජ ජාලා වෙබ් අඩවියක් චෝදනා ලැබුවේ එම වෙබඩවියට පිවිසෙන්නෙකු වරක් පිවිසි දින කිහිපයක් යනතුරුම ඔහුගේ වෙබ් හැසිරීම් දත්තයන් ‍රැස්කරන්නට පෙරකී වෙබ් අඩවිය කටයුතු කරන බවටයි.
             පහත දැක්වෙන මෘදුකාංගය ප්‍රධානපෙලේ සියලුම වෙබ් බ්‍රවුසරයන් සමග ක්‍රියාත්මක වන ඇඩෝනයක් ලෙස එහි නිෂ්පාදකයින් හදුන්වා දෙන අතර සමාජ ජාලා, වෙළද දැන්වීම් කරුවන් ආදීවූ බොහෝ අයවලුන්ට ඔබගේ ඔන් ලයින් හැසිරීම් දත්ත ‍රැස්කිරීම වලක්වන්නට කටයුතු කරන බවටයි පැවසෙන්නේ.එම වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම මෘදුකාංගය පිලිබදව වැඩි දුර තොරතුරු ලබාගත හැකි වනු ඇත.මේ අතර ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන AVG ආයතනය පසුගියදා පවසා සිටියේ තම ආරක්ශක මෘදුකාංගයේ නොමිළේ හෝ මිළදී ගතයුතු යන සංස්කරන දෙක සදහාම අලුතින් ඉහතකී පහසුව යාවත්කාලීනයක් ලෙස ලබාදී ඇති බවත් ප්‍රධාන මෘදුකාංගය ස්ථාපනයෙන් පසුව යාවත්කාලීනයක් ලෙස මෙම පහසුව ප්‍රධාන පෙලේ සියලුම බ්‍රවුසරයන් සදහා ඇඩෝනයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.
     http://www.abine.com/

2012-03-26

ක්‍රෝම් සහයකයෙක් ෆේස්බුක් වෙත වැරදි පිවිසීමට සහය.....

කැස්පර්ස්කි ආයතනය පවසනවා  ක්‍රෝම් හි නිල වෙබ් ස්ටෝර් වෙත ඇතුලුකර ඇති බ්‍රවුසර් සහය මෘදුකාංගයක් විසින් ෆේස්බුක් භාවිතාකරන්නන්ගේ ගිනුම් වෙත අනවසර ඇතුලුවීමට භාවිත වෙමින් පවතින බව. බ්‍රසීලයෙන් මුදා හැර ඇතැයි විස්වාස කරන මෙම හානිකර මෘදු උපාංගය ගැන එහි පතුරවන්නන් පවසන්නේ ෆේස්බුක්හි ගිනුම් තුල ඇති වෛරස හා ගිනුම් තුලට විත් අනවසර ලෙස තොරතුරු ‍රැස්කරන්නන්ගෙන් එම ගිනුම් ‍රැක ගැනීම සදහා එම මෘදුකාංගය සහය වන බවටයි පැවසෙන්නේ. මෙම හානිකර මෘදුකාංගය සාර්තකව බ්‍රවුසරය මත ස්ථාපනය වූ විට පහර දෙන්නන්හට අදාල ෆේස්බුක් ගිනුමෙහි සම්පූර්න පාලනය ලබා ගත හැකි ලෙසට තත්වයන් වෙනස් කරන්නට සමත්වන බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.සමහර විට එපමනක් නොව ඔවුන්ගේ මිතුරන්ගේ ගිනුම් වෙතද ස්පෑම් ආකාරයෙන් බාදාකරන්නට මෙම වෛරසය සහය වනු ඇති බවටත් පැවසෙනවා.

ෆයර්ෆොක්ස් පැරනි මිතුරන් මගහරින්නට තීර්නය කරයි.....

ෆයර්ෆොක්ස් ආයතනය පවසන්වා ලබන මාසයේ නිකුත්වීමට නියමිත ෆයර්ෆොක්ස් 12 සංස්කරනය පැරනි එක්ස්.පී මෙහෙයුම් පද්ධති සදහා එකගවන අවසාන ෆයර් ෆොක්ස් සංස්කරනය වනු ඇති බවයි.එසේම ඔවුන් පවසන්නේ 2010 නිකුත්වනු ලැබූ ෆයර්ෆොක්ස් 3.6 සදහා ආරක්ශක යාවත්කාලීනයන් නිකුත්කිරීම එලබෙන අප්‍රේල් වලින් පසුව අවසන් වන බවයි. මේ අනූව ෆයර්ෆොක්ස් 13 සදහා අවම සහය මෙහෙයුම් පද්දතිය එක්ස්.පී හි සර්විස් පැක් 2  වනු ඇති බවටයි පැවසෙන්නේ.එලබෙන අප්‍රේල් මස 24 වන විට ෆයර්ෆොක්ස් 12 සංස්කරනය නිකුත්වීමට නියමිත අතර ඔවුන් පවසා සිටින්නේ පැරනි මෙහෙයුම් පද්ධති වෙත සහය දැක්වීම අවසන් කිරීම තුල නව මෙහෙයුම් පද්ධති සමග වඩාත් නම්‍යව ක්‍රියාත්මකවෙමින් භාවිතාකරන්නන් වෙත වඩාත් නවීන සේවාවක් ගෙනෙන්නට තමන්ට හැකි වනු ඇති බවයි.

2012-03-25

වින්ඩෝස් 8 RC සංස්කරනය ජූනි මස.....

පැතිරයමින් පවතින නිල නොවන පුවතකින් පැවසෙන්නේ වින්ඩෝස්8 හි අවසාන සංස්කරනයට පෙර නිකුත්වීමට නියමිත වින් 8 RC සංස්කරනය බොහෝ විට මැයි මස අවසානයේ හෝ ජූනි ආරම්භය වන විට නිකුත්කරන්නට ඉඩ ඇති බවයි.වින්ඩෝස් 8 හි අවසාන සංස්කරනය ඔක්තෝබරය අවසානයේ නිකුත්වීමට නියමිත බවට දැනටමත් බලාපොරොත්තු පලවී තිබෙනවා. වින්ඩෝස් 8 හි RC සංස්කරනය සමග "චාර්ම් බාර්" නොහොත් දර්ශනතලයේ වම් අත  පහර කෙරවෙලෙන් දිග හැරෙන මෙනුව , ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 ඩෙස්ටොප් සංස්කරනය ආදී ස්ථාන කිහිපයක පමනක් සරල වෙනස්කම් එනු ඇති බවටත් එම පුවතෙහි වැඩිදුරටත් සටහන් වන්නේ.

මෙට්‍රෝ "ටයිල්ස්" හා ඩෙස්ටොප් "අයිකන්ස්"....



වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක සාම්ප්‍රධායික ඩෙස්ටොප් මුහුනතක විසිරී තිබෙන "අයිකනයන්" නියෝජනය කරන්නේ පරිගනකයේ ස්ථාපනයකර ඇති මෘදුකාංග සදහා සබදතාවයකි. එම අයිකනයන් අවදිකිරීම තුලින් ඔබට හැකිවනවා අදාල මෘදුකාංගය ධාවනය සදහා උපදෙස් ලබා දෙන්නට.
                වින්ඩෝස් 8 හි මෙට්‍රෝ මුහුනත මත විසිරී ඇති ටයිලයන් නියෝජනය කරන්නේ එම පරිගණකයේ ස්ථාපනයවී ඇති ඇප්ස් නොහොත් මෘදුකාංග වන අතරම අයිකනයන් වලදී මෙන් නොව එම මෘදුකාංගයට සබදතාවක් වෙනුවට කෙලින්ම එම මෘදුකාංගය නියෝජනය කිරීමක් දක්නට හැකියි.එනම් එම ටයිලයන් නියෝජනය වන මෘදුකාංගයේ යාවත්කාලිනයන් එම ටයිලය මතම නියෝජනය වන අතර සරලව පවසන්නේ නම් එම ටයිලයන් අවදිකිරීම යනු හකුලාතිබූ එම මෘදුකාංගයේ පූර්න ක්‍රියා කාරීත්වයක් තුලට ගමන් කිරීමක් ලෙසට අපට හදුනා ගන්නට හැකි වනු ඇත. පහත  වීඩියෝව නැරබීමෙන් මේ ගැන මද පැහැදිලිවීමක් ලැබෙනු ඇත.
                                           

2012-03-23

වින්ඩෝස් 7 භාවිතාකරන ඔබ සදහා කෙටිමං කිහිපයක්....



CTRL+C               ගොනුවක් කොපි කරගන්නට
CTRL+X               ගොනුවක් කට්කර ගන්නට
CTRL+V               ගොනුවක් පේස්ට් කරගන්නට
CTRL+Z                ක්‍රියාවක් ආපසු හැරවීම සදහා(undo)
CTRL+A                සියල්ල එකවර ‍තෝරා ගන්න්ට
CTRL+P                print

 Windows Key+F — Search for File or Folder
 Windows Key+F1 — Help
 Windows Key+Shift+Left-Click Taskbar Icon — Open New Instance of Application
 Ctrl+Shift+Left-Click Taskbar Icon — Open Program as Administrator
 Windows Key+P — Designate What Second Monitor Should Display
 Windows Key+Plus or Minus — Zoom In or Out of Desktop
 Ctrl+Shift+Esc — Task Manager
 Windows Key+L — Locks Computer
 Ctrl+Click Taskbar Icon — Cycle Between Windows of an Application   

ෆේස්බුක් ඡායාරූ අධිසුපැහැදිලි පූර්නතිර නැරබුමකට....

ෆේස්බුක් ආයතනය පවසනවා භාවිතාකරන්නන්හට ඡායාරුවක් අධි සුපැහැදිලි පූර්නතිර නැරබුමකට තම් අඩවිය තුලින් දැන් පහසුකම් සලසා ඇති බව.තම තරගකාරී සමාන්තර වෙබ් අඩවීන් විසින් මෙම පහසුව ලබාදීම තුල තම අඩවිය වෙතට පැමිනෙන්නන්ගේ සංඛ්‍යාවට මතට සිදුවූ හානිය යලි යථාතත්වයට ගෙන එන්නට මෙම පියවර සහය වනු ඇහි බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. ෆේස්බුක් ආයතනයේ මෙම නව පහසුව තවමත් පූර්න ලෙස යාවත්කාලීන වී ඇති ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් වෙබ් පිරික්සනයන් මත පමනක් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සටහන්ව ඇත්තේ.

ෆොටෝෂොප් cs6 බීටා සංස්කරනය...

ඇඩෝබි ආයතනයේ ප්‍රකටතම මෘදුකාංගයක්වන  ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගයේ මීලග සංස්කරනය වන ෆොටෝෂොප් CS 6 හි  බීටා සංස්කරනය නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. නව සංස්කරනය සමග හදුන්වා දී ඇති අංග අතර ස්වංක්‍රීයව සේව් වීම පෙර සැකසුම් පහසුවෙන් නැවත යොදා ගත හැකි වීම මෙන්ම "ක්‍රියේටිව් ක්ලවුඩ්" සමග පහසුවෙන් දත්ත ගොනු උපකර සීමා වලින් තොරව භාවිත කල හැකිවීම ආදිය වන බවටයි කියවෙන්නේ.පෙර සංස්කරන සමග හදුන්වාදුන්  content-aware  පහසුකම වඩාත් දියුනු කොට ඇති අතර , ලේයර් හැසිරවීමේදී වඩාත් පහසුකම් එක් කොට ඇති බවට පවසනවා.දියුනුකිරීම් රාශියකින් සමන්විත මෙම නව සංස්කරනය එලබෙන මාසකිහිපය තුලදී නිකුත්වන්නට නියමිත බවටයි පැවසෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් බීටා සංස්කරනය සදහා සබදතාවය ලබා ගත හැකිවනු ඇත.

http://siriwansa.com/Free-Software.php

2012-03-22

හැම සංචාරකයෙකුටම යුතුකමක් තිබෙනවා තම සැරිය පිලිබද සටහනක් තබා යන්නට..


"හොදයි , මම මීලගට ඔබත් සමග කථාකරන්නට යන කාරනයට සහයක් සැටියට මගේ බාලවියට සම්බන්ද සිදුවීමක් කියන්නම්.මට පාසැල් වියේදී අවශ්‍ය උනා විද්‍යා ප්‍රබන්ධයක් ලියන්නට. කරුනාකර ඔබ දැන්මම ගොඩක් සිනාවන්නට එපා. එම සිදුවීම අවසානයේ බොහොමයක් සිනා වියයුතුයැයි හැගෙන විට සමහර විට ඔබගේ සිනාවල් අවසන් වෙලා තිබේවි.මම ඒ ප්‍රස්තූතය මෙසේ පැහැදිලි කරන්නම්. එය වෙනම ජීවියෙක්. හැබැයි සිත හැරෙන්නට වෙනත් කිසිදු ඉදුරෙකු ඔස්සේ ස්පර්ශකල නොහැකි ජීවියෙක්.තවත් ග්‍රහලෝක කිහිපයකම සේම පෘතුවිය මතත් මෙම ජීවය පැතිරිලා තිබුනා. පෘතුවිය මත මොනතරම් දියුනු මට්ටමේ ජිවීන් සිටියද මේ අපූරු ජීවය සමග සම්බන්ද වන්නට හැකිව තිබුනේ මිනිසාට පමනයි.ඒකට හේතුව උනේ අධිසුසර මෙම ජීවියා සමග සම්බන්දවන්නට තරම් දියුනු සුසරතාවක් තම මනසට ලබගන්නට හැකිවුනු එකම ජීවියා මිනිසාවීම නිසයි.සාස්තෲවරුන් , අපූරු නිර්මාන කරුවන් වගේම සියුම් බුද්ධිමතුන් කියන්නේ තම මනසේ අධිසුසර කිරීම ඔස්සේ මෙම අපූරු ජීව අවකාශයට පිවිසෙන්නන්.හැබැයි බොහොමයකට නොහැකිඋනා තම මනස ඔස්සේ මෙම ජීව අවකාශයට පිවිසුනමුත් වැඩිකාලයක් එහි ‍රැදී සිටින්නට.එත්   පෘතුවිය මත අතීතයේ සිටම කලාතුරකින් අයෙකුට හැකිවුනා මේ අපූරු චින්තන ජීවය සමග සමන්‍ය අයෙකුට වඩා වැඩිවෙලාවක් ගත කරන්නට. ඒ තුලින් තමයි අද අප අස විදින බොහෝ රසවත්දෑ මිනිස්  ශිස්ඨාචාරයට ලබා ගන්නට හැකි වුනේ. ඒ කියන්නේ ගැබුරු මතවාද නිර්මාන සොයාගැනීම් වගෙ දේවල්.මම මේ ප්‍රස්තූතය ඒකාලේ මගේ ගෞරවනීය ගුරුතුමෙකුට පැවසූ මොහොතේ එතුමා සිනාසුනේ ඔහු ජීවිතකාලය තුලදී ඇසූ විසුලුම  දේ ඇසුවා  වාගෙයි. ඔබතුමන්ලා කොතරම් උත්සාහකලත් ඒ තරම් සිනාවක්නම් පලකරන්නටනම් හැකිවෙතැයි මම සිතන්නේ නැහැ.කොහොම උනත් එම සිද්ධිය සම්බන්දයෙන් මට  අවසාන වශයෙන් කියන්න්ට ඇත්තේ මගේ මේ ජීවිත සංචාරය අවසාන කරන්නට මත්තෙන් මේ ප්‍රස්තූතය මත යමක් ගොඩනගා තබන්නට මගෙ බලාපොරොත්තුවක් තිබෙන බවයි. මොකද හැම සංචාරකයෙකුටම යුතුකමක් තිබෙනවා තම සැරිය පිලිබද සටහනක් තබා යන්නට ඒ කොතරම් වැදගත් උනත් නොවුනත්............"

(නන්නාදුනන දේශකයෙකුගේ සටහන්.......)


2012-03-21

වින්ඩෝස් 8 හදුනා ගනිමු.. (උදාහරන වීඩියෝ සටහනකි)

මෙය ඉදිරියේදී ඔබ වෙත පිරිනමන්නට බලාපොරොත්තු වන අධ්‍යාපනික වීඩියෝ මාලාවක අත්හදා බැලීමේ කෙටි වීඩියෝ පටියකි. මෙම බ්ලොග් අඩවිය , වෙබ් අඩවිය  ඇතුලු සියලුම මාගේ සයිබර් කාරනා ගැන ඔබගේ යෝජනා හෝ චෝදනා www.siriwansa.com වෙබ් අඩවියේ පි‍ටුවෙහි  ඇති contact me  සබදතාවය ඔස්සේ යොමු කරන්නේ නම් ස්තූතිවන්නත වෙමි.

2012-03-20

වින්ඩෝස් 8 ඔක්තෝබරයේ (නොනිළව) ස්තිර බවට.....


පලවන නවතම පුවතකට අනූව කියවෙන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම්පද්ධතියේ සම්පූර්න සංස්කරනය එලබෙන ඔක්තෝබරයේ නිකුත්වන්නට නියමිත බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස මෙම ප්‍රවෘතිය අනුමත නොකලද මීට පෙර අවස්තාවකදී  පවසා තිබුනේ මෙම වසරතුල එය ස්තිරවම සිදුවන බවකි. විචාරකයින් පවසන්නේ විස්ටා එලිදැක්වීමේදී සිදුවූ ආකාරයේ වරදක් සිදුනොකර ගන්නට මයික්‍රසොෆ්ට් ආයතනය නැවතත් උත්සාහ නොකරන්නට වග බලා ගනු ඇති බවයි.ඔවුන් පවසන්නේ  විස්ටා එලිදැක්වීමට නියමිතව තිබුනේ 2006 ඔක්තෝබර් ආශ්‍රිත වෙළද නිවාඩුවට සමගාමීව වූමුත් එය 2007 ජනවාරී මාසයට කල්දැමීම නිසාම එක්තරා ප්‍රමානයක වෙළදපොල ප්‍රතිශතයක් අහිමිවූ බවයි.
             විචාරකයින් පවසන්නේ වින්ඩෝස් 8 පාරිභෝගික සංස්කරනය සමහර ගැටලු සමග වූවත් අසාර්තක නොවී පවතින්නට තවමත් හැකිව ඇති බව පෙන්නුම් කෙරෙමින් සිටින බවත් , පෙර නිකුත්වූ මයික්‍රසොෆ්ට් සංස්කරන හා සැසදීමේදී පවතින සංස්කරනයේ අසමත්වීම් වලට පිලිතුරක් ‍රැගෙන එන සංස්කරනයක් ලෙස නොව තම භූමිකාවේ වෙනසක් ‍රැගෙන එන සංස්කරනයක් ලෙස තම අනන්‍යතාවයක් ලබා ගැනීමට සමත්වනු ඇති බවක් ගැන බොහෝ බලාපොරොත්තු තබාගත හැකි බවයි

ඔබේ විනෝදාගාරය ක්ලවුඩ් මත තනන්නට.....

"ගූගල් ප්ලේ"  සමග එක්වීමෙන් ඔබට ප්‍රියතම සංගීතයන් , පොත් , ඇප්ස් හෝ ක්‍රිඩා වැනි දෑ එකම ක්ලවුඩ් මූලික ස්ථානයකට ගොනුකර ගත හැකිවනු ඇත.පසුව ඔබ භාවිතාකරන දත්ත උපකරන කුමක් වූවද පහසුවෙන් අන්තර්ජාලය තුලින් ඔබේ ගිනුමට පිවිස ඒවා නැවත පරිහරනය කිරීමේ අවස්ථාව ලබා ගත හැකි වනු ඇත.

https://play.google.com/store 

Ad-Aware Free 10.0.155 Beta...


මීට පෙර සංස්කරනවලදී මුදල් ගෙවා ලබාගන්නා සංස්කරනය සතුවූ නවාංග කිහිපයක්ද සහිතව ඇඩ් වෙයාර් 10 බීටා ෆ්‍රි සංස්කරනය නිකුත්වී තිබෙනවා. බාගත කිරීම් වලදී ආරක්ශාව , රූට් කිට් ආරක්ශාව , පරිගණක ක්‍රීඩා වලදී ආරක්ශාව මෙන්ම නිරන්තර අවධානය යන උපාංග වලින් සමන්විත මෙම නව සංස්කරනය දැනට බීටා සංස්කරනයක් ලෙස ලබා ගත හැකි බවටයි  කියවෙන්නේ.
                  ඔවුන් පවසන්නේ දෙයාකාරයක ක්‍රියාත්මකයන් විසින් පරිගණකය  වෛරස ආකාරයේ හානීන්ගෙන් මෙන්ම ස්පයිවෙයාර් ආකාරයේ හානීන් ගෙන් ආරක්ශාව සපයන මෙම මෘදුකාංගය සමග බ්‍රවුසරය සමග ක්‍රියාත්මකව සයිබ සැරියන්වලදී ආරක්ශාව සපයන්නට සමත් අතිරේක ටූල්බාරයකින්ද සමන්විත බවටයි  පැවසෙන්නේ. විචාරකයින්ට අනූව පැවසෙන්නේ නොමිලේ භාවිතකල හැකි මෘදුකාංගවලට සාර්ථක තරගයක් මෙම මෘදුකාංගය ‍රැගෙන විත් ඇති බවයි.කෙටිකාලයක් තුල මෙම මෘදුකාංගයේ පූර්න සංස්කරනය නිකුත්වීමට නියමිත බවටයි වැඩිදුරටත් සටහන් වන්නේ.

  මෙම මෘදුකාංගය ඔබටත් ගැලපෙන්නේ යැයි සිතන්නේ නම් පහත ලිපිනය ඔස්සේ පිවිසෙන්න
         http://siriwansa.com/Free-Software.php
 

2012-03-19

දුරකථන හා අධි දත්ත භාවිතාව....


පසුගිය වසරේ කල විමසීමකදී හෙලිවූයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක සාමාන්‍ය දත්ත භාවිතය මෙගා බයිට් 583ක් බවයි. ඔවුන් පවසනවා සමහර ඇප්ස්වල දත්ත භාවිතය අධික බව පිරිමැසුම් මට්ටමේ දත්ත සබදතාවන් භාවිතාකරන අයෙකුට බොහෝ විට ගැටලු මතුකරන සුලු බවයි. විචාරකයින් පවසමින් සිටින්නේ එලබෙන යුගයේදී දත්ත භාවිතයද ප්‍රමිතිගත සීමාවන් වලින් සුරක්ශිත කිරීමේ අවශ්‍යතාවය අනිවාර්ය වනු ඇත්තේ වේගයෙන් ඉහල යමින් පවතින ඉල්ලුම නිසා බවයි.
       හදාරන්නන් පවසන්නේ එකම අවශ්‍යතාවය සපුරන දෙයාකාරයක ඇප්ස් වල සමහර අවස්ථාවලදී සැලකිය යුතු මට්ටමක දත්ත භාවිතයේ වෙනසක් ඇති බව තමන් හදුනාගෙන ඇති බවයි.එසේම ස්ට්‍රීමිං ආකාරයේ අධිපැහැදිලි මට්ටමේ වීඩියෝවක් ලෙසට දෙපැයක නැරබුම් කාලයක් භාවිතාකරන අයෙකුට ගිගා බයිට් 5ක මාසික දත්ත සැලසුමක් භාවිතාකරන අයෙකුට තම මාසික දත්ත සැලසුම් සීමාව පහවෙන්ම ඉක්මවා යන්නටවීමේ අවස්ථාව ඇති බවයි ඔවුන් පවසන්නේ. මීට අමතරව ස්ට්‍රීමිං ආකාරයටසංගීතය රසවිදීම නිරන්තර පුරුද්දක් කරගත් අයෙකුට මාසිකව මෙගා බයිට් 200-300 දත්ත සැලසුමක් භාවිතකරන්නෙකු වන විටදී  සැලකිය යුතු මට්ටමක දත්ත භාවිතාවක් ලැබෙන අතර සැකසුම් ඇසුරින් මෙම දත්ත භාවිතාවන් පාලනය කරගැනීමේ හැකියාව පිලිබදව භාවිතාකරන්නන් උනන්දු වියයුතු  බවටයි ඔවුන් යෝජනා කරන්නේ. ඉහල මට්ටමක ග්‍ර‍ෆික් භාවිතාවක් සහිත ක්‍රීඩා භාවිතාවකදී , වීඩියෝ කථා බහකදී , සමාජ ජලාවකට නිරන්තරයෙන් ඡායාරූ නංවන්නෙකුවීම මෙලෙස වැඩි දත්ත භාවිතාවකට යන්නට සිදුවන අවස්ථා හැටියට තමන් හදුනා ගෙන ඇති බවටයි ඔවුන් පවසන්නේ.පහත දැක්වෙන්නේ ප්‍රකට සමාජ ජාලා කිහිපයක් සමග එලෙස ඡායාරූ ගනුදෙනු කිරීමේදී සිදුවන දත්ත භාවිතාවන් පිලිබද දත්ත ගොනුවකි.

2012-03-17

අවසර පද සහයකයෙක්.......


බොහෝ විට "රහස් පදය" ඔබේ සම්පූර්න ඩිජිටල් ජීවිතය පිලිබදවම තීර්නාත්මක සාධකයක් විය හැක. නෙක ආකාරයේ වන ඔබගේ ඩිජිටල් අනන්‍යතා සුරකින්නට ඇති මෙම යතුර තවකෙකුට අනුමාන කරන්නට නොහැකි වනසේ සැකසීම මුල් යුගයේ ඔබගේ වගකීමක් විය. එනමුත් වර්ථමානයේ තත්වය වඩාත් සංකීර්න වී ඇත්තේ එම කාර්යයම වඩාත් වේගයෙන් සිදුකරන්නට සමත් මෘදුකාංගද පහලවීමත් සමගය.සාමාන්‍ය භාවිතාකරන්නෙකුගේ මනසට තත්වය වඩාත් දැරිය නොහැකි වන්නේ ඔහු සතුව ඇති විවිධාකාරයේ ගිනුම් සදහා එක රහස් පදයක් භාවිත කරන අවස්ථාවකදී යම් ලෙසකින් එම රහස් පදය අන්සතු වුවහොත් ඇතිවිය හැකි තත්වය සලකා ඔහුට එකි නෙකින් වෙනස් ආකාරයේ රහස් පද රාශියක් මතක තබාගන්නට සිදුවීම දැක්විය හැකිය.
                         විවෘත මෘදුකාංග ගනයේ පහත දැක්වෙන මෘදුකාංගය ඒ සදහා යම් සහනයක්  ඔබ වෙත ‍රැගෙන එනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.මෙම මෘදුකාංගය ඇසුරින් විවිධ ගිනුම් සදහා සංකීර්න අවසරපද ඔබට නිර්මානය කර ගන්නට හැකිවනවා පමනක් නොව සුරක්ෂිත එක් අවසර පදයක් යටතේ ඒවා එකම දත්ත ගබඩාවක තැන්පත් කර ගැනීමේ අවස්ථාවද සලසා දීම තුලින් ඔබට වඩාත් සහයක් ලබා දෙනු ඇත.
  www.keepass.info


2012-03-16

ගූගල්+ කථාබහට "ගූගල් ඩොක්ස්" භාවිතා කලහැකි වනු ඇත..

ගූගල් ආයතනය පවසනවා ඉදිරියේදී තම ගූගල්+ හි කතාබහ කවුලුවට ගූගල් "ඩොක්ස්" නම් මෑතකදී හදුන්වාදුන් පහසුකම එක්කරන්නට තීර්නය කර ඇති බව. ජනංප්‍රිය වීඩියෝ පහසුවද සහිත  Hangouts  නම් කවුලුව තුලින් සිදුවන කථා බහේදී මින් ඉදිරියට දැනට ගූගල් ඩොක්ස් වල රදවා ඇති ලිපි ලේඛනයක් හෝ අලුතින් ඩොක්ස් වෙත නංවන ලිපිලේඛනයක් ත්ම කථා බහේ දී භාවිතාකරන්නට හැකිවන බවටයි ඉන් පැවසෙන්නේ. මෙම පහසුව අවදිකරවා ගැනීමේ හැකියාව ගූගල්+  Hangouts  කවුලුව මත පසකින් දැක්වෙනු ඇති බවටයි පැවසෙන්නේ.

ගූගල් ආයතනය පවසනවා තම සෙයුම් යන්ත්‍රය වෙත තීරනාත්මක මට්ටමේ වෙනස්කම් කිහිපයක් හදුන්වා දෙන්නට සුදානම් වෙමින් සිටින බව. ඔවුන් පවසන්නේ වේගවත් හා පහසු සෙයුම් ප්‍රථිපල සදහා මෙම හදුන්වාදීම් සහය වනු ඇති බවයි."මෙතෙක් පැවති හුදු වචනයක් හෝ වචන කන්ඩයක් වෙබ් අඩවි සබදතාවක් වැනි සරල සෙයුම් යාන්ත්‍රනයකට වඩා සොයන්නාගේ අවශ්‍යතාවය වඩාත් ගැබුරින් වටහා ගනිමින් සේවය සලසන්නට අපට උවමනා වී තිබෙනවා.." ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.උදාහරන ලෙසට ඔහු පවසා සිටියේ "ඇමරිකාවේ පිහිටි ගැබුරුතම විල් දහය නම් කරන්න.." වැනි විමසුමකදී සාර්තකව පිලිතුරු ලබාදීම වැනි අවස්ථා ඔහු පෙන්වාදී තිබුනා. සංකීර්න ගොඩනැංවීමක් වන මෙම අරමුන දෙසට කුඩා මට්ටමේ  පියවර තැබීම මේ වන විටත් අරබා ඇති බවටයි ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ.

සහතික ලත් පහරදීම් බහුල වෙමින් ඇති බවට....

පසුගිය දිනවලදී සයිබර් ආරක්ශාව ගැන සැලකිලිමත් වන්නන්ගේ වැඩි අවධානයකට ලක්වු කරුනු අතර "ඩිජිටල් සහතික පත්" පහර දෙන්නන් අතට පත්වීම ගැන යොමුවී තිබෙනු දැකිය හැකි උනා. පලවන නවතම පුවත්වලට අනූව පැවසෙන්නේ මෙසේ සොරාගන්නා ලද සහතික පත් හානිකර මෘදුකාංග නිර්මානය කරන්නන් විසින් තම හානිකර මෘදුකාංග ආරක්ශක මෘදුකාංග තුලින් මගහැරවා ගැනීම පිනිස බාවිතකරමින් සිටින බවයි. එම දිනවලදීම හදාරන්නන් පවසා සිටියේ එම සහිතක පත් භාවිතයෙන් 64 බිට්  මට්ටමේ වින්7 හා විස්ටා සදහා ඩ්‍රයිවර්ස් මට්ටමේ හානිකරදෑ පැතිරවීම සදහා මෙම සහතික පත් භාවිතාකරන්නට ඉඩ ඇති බවකි.පසුගියදා ප්‍රකට ආරක්ශම මෘදුකාංග සමාගමක් පවසා සිටියේ තමන් හදුනා ගත් හානිකර රූට්කිට් ආකාරයේ මෘදුකාංගයක්ද තම අනන්‍යතාවය සගවාගනිමින් පහරදීම සදහා මෙම පැහැරගත් සහතිකයක් භාවිතාකරමින් සිටින බවට හදුනා ගෙන තිබුනු බව වන  අතර දින නමයකට පසුව එම අදාල ආයතනය එම අයතා භාවිතය දැනුවත් කලමුත්  ඒ වනවිට එම හානිකර බව සෑහෙන දුරකට පැතිර තිබූ බවයි. ඔවුන් පවසන්නේ මෙම ආකාරයේ පහදීම් වඩාත් දරුනු වන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමහර ගනයේ මෘදුකොටස්වල ඉහතකී නිරවද්‍ය බවේ සහතික ස්ථාපනයේදී හැරෙන්නට පසු අවස්ථාවලදී නොවිසවීමේ තත්වය තුල බවයි.

තෙමසක් තුල ඉන්දියන් රාජ්‍ය වෙබ් අඩවි 112 ආක්‍රමනය.......


ගතව ගිට තෙමාසයක් තුලදී පමනක් ඉන්දියානු රාජ්‍ය වෙබ් අඩවි 112 පමන අනවසර පිවිසීම් වලට ගොදුරුව ඇති බවටයි පැවසෙන්නේ. මෙම අඩවි අතර රාජ්‍ය මට්ටමේ විදුලිසංදේශ සේවා සපයන ආයතනයක්ද තිබෙන බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසා සිටින්නේ මෙම ප්‍රහාරයන්ගෙන් වැඩි ප්‍රමානයක් සදහා පදනම් වී ඇත්තේ වඩාත් සියුම් පහර දෙන්නන්ගේ හැකියාවන් වලට වඩා එම වෙබ් අඩවි නියමිත ලෙස නඩත්තු නොකිරීම බවයි.ඉන්දියානු ඉහලම මට්ටමේ ආරක්ශක ආයතනයක වෙබ් අඩවියකට 2010 දී පමන පහරදීමක් සිදුවූ අතර එය අසල්වැසි රටක කන්ඩායමක ක්‍රියාවක් බව පසුව හෙලිකොටගෙන තිබුනා.පෞද්ගලික වෙබ් අඩවි අතර මයික්‍රසොෆ්ට් ආයතනයේ ඉන්දියානු "ඔන් ලයින් ස්ටෝර්" අඩවිය වෙතටද පසුගිය කාලයේ පහර දීමක් සිදුවූ අතර එහිදී පාරිභෝගිකයන්ගේ දත්තයන් රාශියක් සොරාගෙන තිබුනා.
                                වැඩිදුරටත් පැවසෙන්නේ එරට රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වෙබ් අඩවි සුරකීම වෙනුවෙන් ක්‍රියාත්මක ආයතන විසින් පසුගිය ජනවාරි මාසය තුලදී පමනක් වෙබ් අඩවි 1425 පමන පහරදීම් වලින් මුදවා ගන්නට සමත්වූ බවයි

ඇමරිකානු රාජ්‍ය වෙබ් අඩවි 40% අනාරක්ශිතයි

ඇමරිකානු රාජ්‍ය වෙබ් අඩවි වලින් සියයට 40 පමන අනාරක්ශිත තත්වයේ බවටයි පලවන නවතම පුවතකින් පැවසෙන්නේ. ඔවුන් පවසනවා මෙම වෙබ් අඩවි වෙත යන එන්නන් හා වෙබ් අඩවි අතර ආරක්ෂිත බව තහවුරු කර ගැනීම සදහා නම් ඔවුන්ගේ අනන්‍යතා තහවුරුකර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වන බවයි.මින් වසර දෙකකට පමන පෙර එරට ආරක්ශක අංශ විසින්  රජ්‍ය මට්ටමේ වෙබ් අඩවි වෙත පවසා තිබුනේ ඩී.එන්.එස් මට්ටමේ ආරක්ශිත ක්‍රන්ම වේද අනුගමනය කරනලෙස වූ මුත් මෑතකදී කරන ලද විමසුමකට අනූව හෙලිවී ඇත්තේ 40% පමන වෙබ් අඩවි තවමත් එම පියවරවල් ‍රැගෙන නොමැති බවයි.

2012-03-14

ක්‍රෝම් බ්‍රවුසරයේද මෙට්‍රෝ සංස්කරනයක්.......


ගූගල් ආයතනය පවසා සිටිනවා තම ගූගල් ක්‍රෝම් වෙබ් පිරික්සනයද ලගදීම මෙට්‍රෝ ස්වභාවයේ සංස්කරනයක්ද සහිතව නිකුත්කරන්නට බලාපොරොත්තු වන බව. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගනිමින් නිකුත්වන්නට නියමිත මෙම බ්‍රවුසර සංස්කරනය තම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරනයට වඩා ගූගල් ඩෙස්ටොප් සංස්කරනයට සමාන වන අතර දියුනු කල ස්පර්ශක මිතුරු ස්වභාවයෙන් යුත්ත වන බවත් , ඒ සමගම ටැබ්ලට් හිතැති මෙට්‍රෝ සංස්කරනයකින්ද සමන්විත වන බවටටත් පවසා සිටිනවා."අපේ අරමුන වන්නේ සරල , වේගවත් , ආරක්ෂිත ගූගල් ක්‍රෝම් අත්දැකීම වින්ඩෝස් 8 මෙට්‍රෝ තලය මතදීද භාවිතාකරන්නෙකුට අත්විදින්නට අවස්ථාව ලබාදීමයි.." ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටිනවා.
                           මෙට්‍රෝ තලය මතදී  ඇප් එකක් ලෙසින් ධාවනය වනු ලබන බ්‍රවුසර් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට නම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන බ්‍රවුසරය ලෙසට ‍තෝරා ගත යුතුවන අතර බින් බ්‍රවුසර් මෘදුකාංගය සමග තමන් අත තබා ගත හැකිව තිබූ වින් 8 බ්‍රවුසර් ආධිපත්‍ය මෙලෙසින් ලිහිල් කිරීම පිලිබදව විචාරකයින් තම විමතිය පලකරන බවටයි සටහන් වන්නේ.

2012-03-13

නිර්මාණය වෙමින් ඇති දත්ත මිනිසා........


එය හුදු භෞතික උපාංග මතට සිරවී සිටි කාලය අවසන්වීමට සැරසෙන බව වින්8 මතින් කියවෙන වැදගත්ම කාරනය සේ සැලකිය හැකිය.අනිත් අතින් උපාංග විවිධත්වය විසින් ගෙන එනු ලැබ තිබූ සීමා පවුරු අතාර්කික කරන්නට සූදානම් විය යුතු බව පවසමින් සිටී. ලත් සැහැල්ලුව පොදුබව මතින් දත්ත අවකාශය වලාකුලක්ව නිදහස්ව ඇත.තවත් අතකින් සලකන විට භාවිතා කරන  උපාංගයේ අන්‍යතාවය භාවිතාකරන්නාගේ අනන්‍යතාවය බවට පත්ව භාවිතාකරන්නා නිදහස් කොට දමා ඇත.
               මෙය තොරතුරු අවකාශයේ නව යුගයක සමාරම්භය ලෙසින් බොහෝ විද්වතුන් සටහන් කරමින් සිටී. තොරතුරු අවකාශය මිනිසාගේ තවත් මූලික අවශ්‍යතාවයක් බව පිලිගැනීමට සිදුවන වටපිටාව සැකසෙමින් ඇත. සරල උපකරනයක් සමග තම අනන්‍යතාවය ‍රැගෙන වීදියට පිවිසෙන  මිනිසා ගේ දත්ත සබැදියාව පසුකරමින් යන පහන් කනුවක්, වෙළද ප්‍රදර්ශනාගාරයක ආවරන වීදුරු මුහුනතක්, පොදු වාහනයක ඉදිරි අසුනේ පසු මුහුනත හෝ පැති වීදුරුවක් මත සැගවෙන දත්ත සැබදියාවන් ඔස්සේ ඔහුව ලුහු බැද එන යුගය අරබෙමින් ඇත.ප්‍රායෝගික ගැටලු කිහිපයක්ම ‍රැගෙන එමින් සිටින ආර්ථික සංකේතයන් වූ මුදල් නෝට්‍ටු හෝ වේවා , දිනෙන් දින ව්‍යසන මුහුනුවර කිහිපයක් සමග පෘතුවිය ලුහුබැද එන කඩදාසි භාවිතය වේවා , බල ශක්ති අරබුදයේ ප්‍රධාන භූමිකාවක වී සිටින කාර්යාල අධ්‍යාපනික වැනි ආයතන විසින් ඉල්ලා සිටින විශාල පිරිස් එකට ‍රැස් වියයුතු බවේ කොන්දේසි වෙවා, සියල්ල දත්ත වලාකුලක් බවට ඌනනයවී යාම තුලින් සමාජ උපාංග බහුතරයකටම නව සංස්කරනයක් ‍රැගන එන්නට එය පොරොන්දු වෙමින් ඇත.

වින්ඩෝස් 8 සමග භාහිර වෙබ් බ්‍රවුසරයන්ටත් ඉඩ...


වින්ඩෝස් 8 හි මෙට්‍රෝ සංස්කරනය සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හැරෙන්නට වෙනත් බ්‍රවුසර් මෘදුකාංගයකට ඉඩ නොලැබෙනු ඇති බවටයි මුල්කාලයේ කථා බහට ලක් වෙමින් තිබුනේ.වොන්ඩෝස් 8 භාවිතය බහුල වීමත් සමග භාහිර බ්‍රවුසර් මෘදුකාංග පිලිබද පැවැත්ම සැකකරමින් මතවාද පලවේන් තිබිනි. මීට මාසයකට පමන පෙර මොසිල්ලා ආයතනය පවසා තිබුනේ තමන් තම බ්‍රවුසර මෘදුකාංගයේ මෙට්‍රෝ සංස්කරනයක් පිලිබදව අවධානය යොමුකරමින් සිටින බවයි.
                   පලවන අලුත්ම පුවතකට අනූවකිය වෙන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය  තම නව මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන වෙබ් බ්‍රවුසරය ලෙස තොරා ගන්නා අවස්ථාවකදී එහි මෙට්‍රෝ සංස්කරනය මතද ෆයර්ෆොක්ස් හි මෙට්‍රෝ සංස්කරනය ක්‍රියාත්මක වීමට ඉඩ ලැබෙන අතර එහිදී සැන්ඩ්බොක්ස් හා පසුබිම් ධාවන උපාංග සදහාද අවසර ලැබෙන බවයි.ඒ අනූව මෙම මොසිල්ලා ෆයර් ෆොක්ස් සංස්කරනය මයික්‍රසොෆ්හි වින්ඩෝස් ස්ටොර් වලින් බාගත කිරීමක් ලෙස ලබා ගන්නට හැකි වන අතර එහිදී එක බාගත කිරීමක් තුල සාමන්‍ය ඩෙස් ටොප් හා මෙට්‍රො සංස්කරනයන් දෙකම අඩංගුවනු ඇති බවටයි කියවෙන්නේ.

යාහූ, ෆේස්බුක්ට එරෙහිව නීතිය ඉදිරියට....

යාහු ආයතනය විසින් ෆේස්බුක් ආයතනයට එරෙහිව තම අයිතීන් යටතේ ඇති තාක්ශනයන් අනවසර ලෙස යොදා ගැනීම යටතේ  නීතිමය ක්‍රියාමාර්ගයන් වලට පිවිස ඇති බවටයි පැවසෙන්නේ. ෆේස්බුක් ආයතනය තම පේටන් අයිතීන් 10 පමන උල්ලංගනය කර ඇති බටයි චෝදන කර සිටින්නේ.මෙම චෝදනා අතරට වෙළද ප්‍රචාරය, පෞද්ගලිකත්වය, සමාජ ජාලා ආදී ලෙස අංග කිහිපයකින් යුත්ත වන බවටයි පැවසෙන්නේ.
                                            යාහූ ආයතනය විසින්  ඇමරිකානු අධිකරනයක් ඉදිරියේ ගොනු කොට ඇති මෙම චෝදනා වල සදහන් වන ආකාරයට ෆේස්බුක් සමාජ ජාලා අඩවියේ මූලික ක්‍රියාකාරීත්වය ලෙස සැලකෙන භාවිතාකරන්නෙකු "ෆ්‍රොෆයිලයක්" නිර්මානය කිරීමේ සිට  අනෙකුන් හා සම්බන්ද වීම දක්වාම වන ක්‍රියාවලිය තමන් යටතේ ඇති ෆේටන්ට් අයිතියකින් සුරක්ශිත කරන ලද තම තාක්ශනයක් බවටයි පවසා සිටින්නේ.

2012-03-11

පිටසක්වල පරිගණක භාෂාවක් පැමිනිලාද????????

කැස්පර් ආයතනයෙන් නිකුත්වන පනිවිඩයකින් පැවසෙන්නේ Duqu නම් ට්‍රොජන් ආකාරයේ හානිකර මෘදුකාංගයේ වැදගත්ම කොටසක් සකස්කිරීම සදහා යොදාගෙන ඇති පරිගණක භාෂාව තේරුම්ගත නොහැකි වීමේ ගැටලුවකට තමන් මුහුනදී ඇති බවයි මෙම. වැඩිදුරටත් ඔවුන් පවසා සිටින්නේ C++ වලින් සටහන්ව ඇති අන් කොටස් හදුනා ගෙන ඇති මුත් මෙම කොටස C++ හි කම්පයිලරය හරහා ක්‍රියාත්මක නොවන බවත්  පැහැදිලිවම C++ හො එහි කිසිදු සංස්කරනයක් මෙම මෘදු කොටස නිර්මානය සදා යොදාගෙන නොමැති බවට හැගෙන මුත් ස්ථීරවම එම භාෂාව "ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්"  ඝනයේ ස්වභාවයන් පෙන්නුම් කරන බවයි. එම ආයතන තම අභ්‍යන්තර දැනුමෙන් මෙම ගැටලුව විසදා ගැනීමට අපහසු බව තේරුම් ගැනීමෙන් අනතුරුව බාහිර විද්වතුන්ගේද සහය පැතුවමුත් ඒ වැයමද අසාර්ථක වීමෙන් අනතුරුව සමස්ත මෘදුකාංග සම්බන්ද ප්‍රජාවගෙන්ම මේ පිලිබදව සහය අපේක්ෂා කරන බවටයි කියවෙන්නේ.

2012-03-10

වර්නවත් දෘඩාංග විවිධත්වය තොරතුරු විෂය මැරිගෝ රවුමක් බවට පත්කරලා.....

එක මෙහෙයුම් පද්ධතියක් යටතට සියලුම පාහේ දත්ත උපකරන පැමිනීම වින්9  නැතිනම් එලබෙන මීලග මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය වඩාත් තහවුරු කරනු ඇත.විවිදත්වය බලාපොරොත්තු වන බොහෝ ආයතනය වල නොකමැත්ත මත වුවද එලබෙන තොරතුරු යුග ඉලක්ක සපුරාලන්නට නම් මෙම පියවරයන් අනිවාර්ය වනු ඇත,ඔවුන් පවසා සිටිනවා.කවුරුන් කෙසේ කීවද දත්ත ලෝකය තවමත් මූලිකව භ්‍රමනය වන්නේ දෘඩාංග මූලික අක්ෂයක් වටායි.තවමත් ආධිපත්‍ය දරන්නේ දෘඩාංග වටායි. වින්8 මෙම ආධිපත්‍යට එක්තරා විදිහක ආරම්භක අභියෝගයක් එල්ල කර සිටිනවා.සරලව පවසන්නේ නම් වර්නවත් දෘඩාංග විවිධත්වය තොරතුරු විෂය මැරිගෝ රවුමක් බවට පත්කරලා.වෙලද ආධිපත්‍ය පමනක් තම ඉලක්ක සපුරා ගනිමින් සිටිනවා.
                                              විෂයක් හැටියට තොරතුරු අවකාශයේ වර්ධනය සදහා මෙම දෘඩ සීමාවන් සරල වුවහොත් මෘදු කොටස්වල නිදහස් ගලායාම වේගවත් වේවි.ජීවිතවලට මීට වඩා සමීප හා සංක්‍රිය විෂයක් බවට තොරතුරු අවකාශය පත්වේවි.අප පිලිගත යුතුයි වැදගත්ම කාරනය මිනිස් විෂය බව. හැබැයි හැදෑරීම් වලින් කියවෙන කාරනයක් තමා දියුනු රටවල පවා මිනිසුන් තවමත් තොරතුරු උපාංග සමග තිබෙන අනම්‍ය සබදතා විසින් එම විෂය ආපස්සට අදිමින් සිටින බව. ඒ නිසාම මෙම අපූරු විෂය ඔස්සේ තම ජීවිතවලට අත්පත් කරගතහැකි තවතවත් අපූරුතා තම ජීවිත වලින් ගිලිහෙමින් පවතින බව ඔවුන් වටහා ගන්නේ නැහැ. ඒක එක්තරා ආකාරයක අවාසනාවන්ත තත්වයක් ලෙස සිතිය හැකියි...........
ප්‍රකට මාධ්‍ය අඩවියක් තම පාථකයක් අතරින් වින්ඩෝස් 8 හි දැනට නිකුත්ව ඇති භාවිතාකරන්නන්ගේ පෙර සංස්කරනය භාවිතාකරමින් සිටින 2900 අධික පිරිසක් ඇසුරින් කරන ලද මත විමසුමකට අනූව පැවසෙන්නේ ඔවුන් වින්ඩෝස් 8 එම සංස්කරනය තම හිතවතෙකුට භාවිතය සදහා යෝජනා කරන්නට මැලි වන බවයි. මෙට්ට්‍රො ඉන්ටර්ෆේසය ගැන ඔවුනගේ අපහසුව මෙසේ වීමට පලමු හේතුව ලෙසටයි දක්වා තිබී ඇත්තේ.
                          "ඒක හරිම අපූරුයි. පරිගණකය වෙත මාව නැවත නැවත කැදවන ගතියක් ඒකේ තිබෙනවා" ලෙස එක් අයෙක් පවසන විට තවකෙක් පවසා සිට ඇත්තේ "වින්ඩෝස් විස්ටා අලුතින් ඇවිල්ලා වගේ" ලෙසටය. සමස්ත ලෙස සලකන විට සියයට 15.4ක් පමන පවසා ඇත්තේ වින්ඩෝස් 8 වෙත තමන් අතිශය අකමැති බව වෙන අතර එම පිරිස අතරින් සියයට 24.2 පවසා ඇත්තේ වින්8 ගැන තමන් හොදින්ම සතු‍ටු වන බවයි.
                           ආරම්භක වේගය ගැන සැලකීමේදී සියයට 40 පවසා ඇත්තේ පැහැදිලිවම වැඩි ආරම්භක වේගයක් තමන් අත්විදි බව වන අතර තවත් සියයට 40ක මතය වී තිබුනේ එවන් වෙනසක් තමන්ට නොදැනුනු බව වන අතර සියයට 9.4 පවසා තිබුනේ පෙර සංස්කරන වලට වඩා අඩු ආරම්භක වේගයක් වින් 8 සමග තමන් අත්විදි බවයි. පහත දැක්වෙන වගුව ඇසුටින් ඔබට මේපිලිබද වැඩිදුර විස්තර ලබාගත හැකි වනු ඇත.

2012-03-09

වෙබ් අඩවි දෙසිනුත් ආරක්ශාව තහවුරුකල හැක...


ගූගල් ආයතනය මෑතකදී පවසා සිටියේ දෛනිකව වෙබ් අඩවි 6000 කට අධික ප්‍රමානයක් හානිකර මෘදු කොටස් පතුරවමින් සිටින හේතුව මත තමසෙයුම් ප්‍රථිපල වලින් ඉවත්කරන්නට සිදුවන බවයි. ඔවුන් පවසනවා සමහර ව්‍යාපාරික ආයතන වල පවා අඩු තොරතුරු තාක්ශන වේදීන්ගේ සේවය නිසා ඒවායේ වෙබ් අඩවි වෙත හා හා ඒහා සම්බන්ද දත්ත ගොනු ගබඩා වෙත  අනවසරයෙන් ඇතුලු වන්නන් විසින් රදවන මෙම හානිකර තත්වයන් ගැන අඩු අවදානයක් යෙදවෙන බවයි.දත්ත ගබඩා වෙත කෙරෙන සමහර පහරදීම් තුලින් රදවන සමහර හානිකර මෘදු දෑවන් වලින් කෙරෙන හානිය ඒවා බාගත කරන්නන් පවා හදුනාගන්නේ බොහෝ කල් ගත වීමෙන් අනතුරුව බවයි ඔවුන් පවසන්නේ. ගතව ගිය සතියේ පලවූ වාර්ථාවකින් පැවසුනේ "වර්ඩ් ප්‍රෙස්"  මෘදුකාංගයේ පැරනි සංස්කරනයන් භාවිතාකරමින් සිටින බ්ලොගයන් 30,000 පමන ආසදිත බවට පත්ව ඇති බවට හදුනා ගෙන ඇති බවයි. ගූගල් ආයතනය ආරක්ශිත පියවරක් ලෙස වෙබ් පි‍ටු පිරුස්සුමක් ක්‍රියාත්මක කරන අතර එයින් ලැබෙන තොරතුරු මත පසුගිය වසරේදී අනාරක්ශිත බවට සැක කෙරෙන වෙබ් අඩවි මිලියන 3 පමන ගැන අනතුරු අගවන පනිවිඩයන්  භාවිතාකරන්නන් මිලියන 400  වෙතට දෛනිකව යැවූ බවයි.
                           සයිබර් ආරක්ශක සමාගමක් පසුගියදාක සිට ලබා දෙන සේවා අතරට ආයතනයක වෙබ් අඩවියක් තුලට මේවැනි හානිකර බව පතුරන මෘදු කොටසක් ඇතුලු වුවහොත් වහා එම ආයතනය ඊමේලයක් වැනි ක්‍රමයකින් දැනුවත් කරන්නට හෝ කැමතිනම් පමනක්  අදලා මෘදු කොටස ස්වංක්‍රීයව ඉවත්කරන්න සැකසුම් කල හැකි ආකාරයේ සේවාවක් එකතු කර තිබෙනවා StopTheHacker  නම් ආයතනය පවසන්නේ ෆේස්බුක් ගිනුම්වල පවා හානිකර ක්‍රියාත්මකයන් ඇතන්ම් ඒවා හදුනාගෙන භාවිතාකරන්නා වෙත දැනුවත්කිරීමේ සේවාවක් තම සේවා අතර පවතින බවයි.ඩොලර් 10 - 100 අතර මිලකට තම සේවාවන් ලබාගත හැකි බවයි.

වින් 8 සදහා "ස්ටාර්ට්" බටනය නැවත ගෙන්වා ගන්නට......


වින්8 සමග පැමිනි වෙනස්කම් අතරින්, භාවිතකරන්නන් සදහා  බහුලවම ලැබුනු අත්දැකීම නම් ස්ටාර්ට් බටනය ඉවත්වීමයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අතර සාම්ප්‍රධායිකව සංස්කරනයෙන් සංස්කරනයට ගලා ආ ලක්ෂන  අතර  මෙම ස්ටාර්ට් බටනය මුල්තැනක තිබී ඇති  බවට විචාරකයින් පවසමින් සිටිනවා. වසර 17ක භාවිතා හුරුව එයට හේතුව ලෙසටයි ඔවුන් දක්වන්නේ.1995 දී වින්ඩෝස් 95 සමග භාවිතයට පැමිනි  ස්ටාර්ට් බටනය සහිත ඩෙස්ටොප් භාවිත ප්‍රමුකතාවය වින් 8 සමග ක්‍රමයෙන් අවසන් වීම ඇරබෙන බවටයි මයික්‍රසොෆ්ට් ආයතනය ඉගි කොට තිබෙන්නේ.
                                     මෘදුකාංග නිෂ්පාදන සමාගමක් විසින් වින් 8 දැනට නිකුත්ව ඇති පාරිභෝගිකයන් සදහා වන සංස්කරනය සදහා "ස්ටාර්ට්" බටනයනැවත ගෙන්වා ගැනීමට උදවු වන මෘදු උපාංගයක් නොමිලේ භාවිතය සදහා නිකුත්කර ඇති බවටයි කියවෙන්නේ.වින් 8 ඩෙස්ටොප් මත පහත වම් කෙරවලේ සගවා ඇති ස්ටාට් බටනය අවදිකරවා ගැනීම් අපහසු භාවිතාකරන්නන් සදහා පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදු උපාංගය ලබා ගත හැකි වනු ඇත.

http://www.softpedia.com/get/Tweak/System-Tweak/Win-8-Start-Menu-Changer.shtml

මට නැවත් ඉපදීමටද හැක. මීට වින් 8


මෙහෙයුම් පද්ධතිය භාවිතාවේදී ඇතිවන තීරනාත්මක කඩා වැටීම් අවස්ථාවලදී වින් 8 වලට පෙර සංස්කරනවලදීද විසදුම් ලබා දී තිබුනා. ඒකට සිස්ටම් රී-ස්ටෝර් කියාත් නම් කර තිබුනා. එහෙත් සමහර භාවිතාකරන්නන්ගේ මතයක්ව තිබුනේ අවශ්‍ය අවස්ථාවලදී බොහෝ විට එම විසදුම විවිධ හේතූන් නිසා ලබාගත නොහැකි බවයි. වින්8 සමග මයික්‍රසොෆ්ට් ආයතනය "රී-ෆ්‍රෙෂ්" නමින්  එම විසදුමට සමාන එනමුත් වැඩි දියුනු කල විසදුමක් ‍රැගෙන විත් තිබෙනවා. ආයතනය පවසන්නේ ඔබට අවශ්‍ය විටකදී  ඔබගේ පෞද්ගලික සැකසුම් , ඇප්ස් , දත්තයන්ට හානියකින් තොරව මෙහෙවුම් පද්ධතියේ මුල් පිරිසිදු තත්වය කරා  නැවත ‍රැගෙන යන්නට මේ මගින් හැකි වන බවයි. " මෙම උපාංගය ක්‍රියාත්මක කරන විට මෙහෙයුම් පද්ධතිය තාක්ශනිකව එය ස්ථාපන මුල් ස්වරූපය කරා යන අතර භාවිතාකරන්නාගේ පෞද්ගලික ස්වභාවයන් කිසිදු හානියකින් තොරව නැවතත් ඒ මතට පැමිනීම මෙහි ඇති විශේෂත්වයයි " ඔවුන් පවසනවා. මෙම උපාංගය භාවිතයෙන් මෙට්ට්‍රො ඇප්ස් ආදිය නැවත ලබා ගත හැකි වුවද වින් 32 ආකාරයේ සාම්ප්‍රධායික මෘදුකාංග ස්ථාපිතයන් ඉවත්වන මුත් ඔවුන් පවසන්නේ ගැටලු නිරාකරනයේදී මෙම පියවර වැදගත් බවත් අවශ්‍ය නම් භාවිතාකරන්නට ඒවා නැවත ස්ථාපනය කරගැනීමේ හැකියාව ඇති බවයි.
                    මීට අමතර භාවිතාකරන්නෙකුට අවශ්‍ය අවස්ථාවකදී  තම පෞද්ගලික බව සම්පූර්නයෙන් ඉවත්කරමින් පූර්න ලෙස මෙහෙයුම් පද්ධතියේ මුල්ස්වරූපය නැවත පරිගණකයට ලබා දීමේ අවස්ථාව  "රී-සෙට්" තුලින් ලබා ගත හැකි වනවා.මෙම උපාංගය ක්‍රියාතමක කිරීම තුලින් අලුතින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කල අවස්ථාවක් පහසුවෙන් භාවිතාකරන්නාට ලැබෙනවා.

2012-03-05

හුදකලා පරිගණක භාවිතය අවසන් වීමේ ආරම්භක නිවේදනය.....

වින්ඩෝස් 8 භාවිතාව තුල පූර්න ලෙස ක්‍රියා විරහිත කරන පරිගණකයකට වඩා  ඔවුන් වැඩි කැමැත්තක් දී ඇත්තේ නින්ද්‍රා තත්වයට පත්කරන පරිගණක වෙතටයි. අඩු ශක්ති වැය හා වේගවත් ආරම්භයක් සදහා එය වැදගත් බවයි පැවසෙන්නේ.තවත් අතකින් සැලකීමේදී පූර්න ලෙස නිමා දමන ඩෙස්ටොප් පරිගනක මූලික සංස්කෘතිය අවසන් වෙමින් පූර්න කාලීනව සබදතා පැවැත්වෙන හෝ ක්ශනිකව අවදිවීමට සූදානම් මට්ටමේ පරිගණක භාවිතාවේ යුගය ඇරබී ඇති බවටයි ඔවුන් ඉගි කරමින් සිටින්නේ.
                   විද්වතුන් පවසන්නේ වින්8 ‍රැගෙන විත් ඇති දෑ අතර හුදකලා පරිගණක භාවිතය අවසන් කිරීමේ නිල දැන්වීම නොසලකා හැරිය නොහැකි බවයි.මීට පෙර යුගයේ පැවසුනේ අන්තර්ජාලය හා අසම්බන්දිත පරිගනකයක් යනු කැඩුනු පරිගනකයක් වැනි කියායි.එලබෙමින් ඇති යුගයේදී අසනු ඇත්තේ ඇත්තටම ඒක පරිගණකයක්ද? කියා වනු ඇත.
                               පලවන පුවත් අතරි පැවසෙන්නේ වෙනස සමග ගැලපෙන්නට අමතර අවධානයක් සදහා ඇති අකමැත්ත හැරුන විට බොහෝ භාවිතාකරන්නන් නව මෙහෙයුම් පද්ධතිය සමග සාර්ථක එකගවීමක් දක්නට හැකි වෙමින් පවතින බවයි.වේගවත් බව ආරක්ශිත බව නම්‍ය බව අතින් ගෙවී ගිය කෙටිකාලීන භාවිතය සමග මුත්  තවමත් රිනාත්මක ප්‍රතිචාර අවම මට්ටමක පවතින බවයි.  
             

2012-03-03

ත්‍රිමාන දර්ශන හැකියාවක් සමග විනිවිද පෙනෙන පරිගණක මුහුනතක්.....


සම්මත වචනයයෙන් පවසනව නම් එය පරිගණක මොනිටරයකි, එය ත්‍රිමාන දර්ශන හැකියාවකින් යුත්තය.එසේම එය විනිවිද පෙනෙන සුලු ව්න අතර සිරුරේ චලනයන් වලින් කෙරෙන උපදෙස් හදුනා ගනිමින් ඒ අනූව ක්‍රියාත්මක වන්නට සමත්ය.
                ඔබත් කීබෝඩයත් අතර ස්ථානගත කරන මෙම මොනිටරය තුලින් ත්‍රිමානව දර්ශනයන් දැකිය හැකි වන අතර දෑසේ චලනයන් මගින් පවා එය මෙහෙවිය හැක. එපමනකුදු නොව විනි විද පෙනෙන දර්ශන මුහුනත  තුලින් එයට ඔබ්බෙන් ඇති යතුරු පුවරුවද දැක ගත හැක.
     තවමත් පර්යේක්ෂන මට්ටමේ ඇති මෙම අනාගතයන් එලබෙන කාලය තුල සියලු අභියෝග ඉක්මවමින් සාමාන්ය භාවිතයට එනු ඇත.
                         
                       

එලිමහනේ අකටයුතුකම් පරිස්සමින්, ගූගල් බලාසිටිනවා විය හැකියි..........


ගූගල් ආයතනය මෑතකදී හදුන්වාදුන් නව කොන්දේසි මාලව යටතේ භාවිතාකරන්නන් ගේ පෞද්ගලිකත්වයේ සිමා වඩාත් කුඩා වෙමින් පවතින බවටයි චෝදනා ලබමින් සිටින්නේ.අලුත්ම පුවතකට අනූව  ප්‍රංශ ජාතිකයෙකු වෙතින් යුරෝ 10,000 හානි වන්දියක් ඉල්ලා ගූගල් වෙත යොමුකල චෝදනාවක් ගැන කිය වෙනවා.මෙම පුද්ගලයා තම ගෙවත්තේ මුත්‍රා කරමින් සිටින ඡායරූපයක් ගූගල් හි "ස්ට්‍රීට් වීව් ඉමේජ්" යටතේ පලකර තිබීම තුලින් තමාට වූ හානිය වෙනුවෙනුයි එම වන්දිය ඉල්ලාසිටින්නේ. සුපුරුදු පරිදි ගූගල් ආයතනය එම පුද්ගලයාගේ මුහුන ආවරනය කොට තිබුනද තම ගම්මානයේ සියල්ලන්ම පාහේ එහි දැක් වෙන්නේ තමා බව හදුනා ගෙන ඇති බවත් ඔහු පවසා සිටියා. ගූගල් ආයතනය මීට පෙරත් නිරුවත් මිනිසෙක් සහිත දර්ශනයක් යුවලක් සිප වැලද ගන්නායුරු දැක් වෙන  ආදී දේ අඩංගු   දර්ශනයන් පලකිරීම තුලින් චෝදනාවට ලක්වී තිබුනා.      
                         

වින් 8 බාගතකිරීම් මිලියනය ඉක්මවයි.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා වින්ඩෝස් 8 "භාවිතාකරන්නන් සදහා වන පෙර දැක්ම" මුදා හැර ගතව ගිය දින කිහිපය කාලය තුලදී බාගත කිරීම් මිලියනයකට වඩා සටහන් වන බවයි. වින් 8 හි සංවර්ධකයින් සදහා වූ සංස්කරනය සදහා පසුගිය සැප්තැම්බර් හා දෙසැම්බර් කාලය තුලදී භාගත කිරීම් මිලියන තුනක් පමන වාර්ථාව තිබූ බවටයි එම ආයතන පසුගියදාක ප්‍රකාශකර තිබුනේ. වින්ඩෝස් 8 නව සංස්කරනය යනු දත්ත උපකරන වලට දෘඩාංග මට්ටමේ සිට භාවිත මට්ටම සදහාම වෙනසක් ‍රැගෙන විත් ඇති බවටයි ආයතනයේ විධායකයෙකු ප්‍රකාශකර තිබුනේ.
                           ස්පර්ශක තිර මෙහෙවුම් බව මූලික ජංගම දත්ත උපකරනද ඉලක්ක කරගත් නව මෙහෙයුම් පද්ධතිය මවුසය ප්‍රධාන සාම්ප්‍රධායික පරිගණක භාවිතයට හුරු අය සදහා මද අපහසුවක්  සේ දැනෙන මුත්, විචාරකයින් පවසන්නේ පැහැදිලි මෙන්ම පහසු වෙනසක් ‍රැගෙන එන්නට සමත්ව ඇති බවයි."කෙසේ නමුත් සමාන්තර මෙහෙයුම් පද්ධති හා සලකන විට මේ වන විට වින්ඩෝස් 8 ඉදිරියෙන්" ඔවුන් පවසනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...