Showing posts with label Free software. Show all posts
Showing posts with label Free software. Show all posts

2014-11-30

System Explorer මෘදුකාංගය සමග ඔබේ පරිගණකය හඳුනා ගනිමු...

`
   විටක ඔබේ පරිගණකය ඔබට රහසක් නැතිනම් ගැටලුවක් වූ අවස්ථා නැතුවාම නොවිය හැක. එහි ධාවනය වන මෘදුකාංග පරිසරය පිලිබදව අවශ්‍ය තොරතුරු  ලබා ගන්නට එම මෙහෙයුම් පද්ධතිය සමග එන පහසුව මදිවන විටකදී තැන් කිහිපයකටම පිවිස ඒවා විමසා බලන්නට සිදුවීම දැඩි අපහසුවක් වන්නේ විටක එම තොරතුරු අවශ්‍ය වන්නේද හදිස්සි අවස්ථාවක්දී වීමට ඉඩ ඇති බවිනි. System Explorer ඔබේ සහයට එන්නේ මෙවැනි අවස්ථාවලදීය. මෙම කුඩා මෘදුකාංගය සමග එන tools ඔස්සේ ඔබේ පරිගණකය තේරුම් ගන්නට පමනක් නොව එය Under Controlව තබා ගන්නට අවස්ථාවක් ගෙනෙනු ඇත. එපමනක්ම නොව File Database වැනි පහසුවක් ඔස්සේ ඔබ නොදැන එහි ධාවනය වෙමින් ඇති මෘදුකාංග මොනවාදැයි පැහැදිලි කරගන්නට හා ඒවා පිලිබදව  වැඩි දුර තොරතුරු තේරුම් ගන්නටද ඔබට හැකි වනු ඇත. එසේම සැක කටයුතු මෘදුකාංග ධාවනයන් වලදී එම මෘදුකාංග පිලිබදව  VirusTotal හරහා විමසා බලන්නට සහය වීම වඩාත් සිත්ගන්නා පහසුවක් වනු ඇත.මූලිකව මෙම මෘදුකාංගය සමග ඔබේ පරිගණකයේ Tasks, Processes, Modules, Startups, IE Addons, Uninstallers, Windows, Services, Drivers, Connections හා  Opened Files පිලිබද තොරතුරු එය ලබා දෙනු ඇත. තවත් පහසුකම් රාශියක් සමග පැමිනෙන මෙම මෘදුකාංගය පිලිබදව වැඩිදුර තොරතුරු හා භාවිතාව සදහා පහත දැක්වෙන සැබැඳුම ඔස්සේ පිවිසීමෙන් ඔබටත් හැකිවනු ඇත.
       මෙම මෘදුකාංගය ඇතුලු තවත් දෛනික පරිගණක භාවිතාවේ වැදගත් වන මෘදුකාංග හා පරිගණක ආශ්‍රිත තොරතුරු සදහා www.itlk.us වෙතට එන්න.

Globus VPN Browser ඔස්සේ IP බාදක ජයගමු!!!

  මෙයද  Chromium මත පදනම්ව නිර්මානය වන තවත් web browser එකකි. , මෙම බ්‍රවුසරය සමග encrypting traffic ඔස්සේ secure හා privacy  හොඳින් සු‍රැකෙන වෙබ් සැරියකට ඔබට ඉඩ සලසයි. මෙම බ්‍රවුසරය virtual private network ඔස්සේ ඔබව අන්තර්ජාලය වෙතට සම්බන්ද කරන නිසා වඩාත් ඔබගේ privacyය සුරකින්නට සහය වනු ඇති බවටයි සැලකෙන්නේ. එහිදී ඔබගේ  ISP, IP ආදී තොරතුරු tracing වීමේ හැකියාව අහිමි වන අතර ඒ ඔස්සේ අප වෙතට based on location නිසා ලගා වෙන්නට නොහැකි වන වෙබ් අඩවි මෙන්ම සමහර විශ්වවිද්‍යාලවල දේශන මෙන්ම විටක පැමිනෙන්නට බාදා කරන අධ්‍යාපනික Youtube වැඩසටහන් වලට පවා පිවිසෙන්නට හැකිවනු ඇත. මෙම Globus VPN Browser  විසින් ඔබේ සැබෑ IP ලිපිනය සගවන බැවින් වන තාක්ශනයක් ඔස්සේ මෙම පහසුව සලසන අතර මෙම මෘදුකාංගය Windows වල 32-bit හා  64-bit සංස්කරන සමග ක්‍රියාත්මක වන නිදහස් මෘදුකාංග වර්ගයේ එකක් වීම වැඩි පහසුවක් වනු ඇත.
                                                            visit www.itlk.us For Latest IT News and Reviews

2014-11-24

VLC Media Player නවතම සංස්කරනයක් පැමිනේ...

     කවර මට්ටමක භාවිතාකරන්නන් අතර වුවද පොදු මෘදුකාංග අවශ්‍යතාවයන් අතර Media Player මෘදුකාංගය වැදගත් තැනක වේ. audio මෙන්ම video ගොනුවක ධාවනය බොහෝ විට මේ සියල්ලන්ටම වන අවශ්‍යතාවයක් වීම මෙයට හේතුවේ. මීලගට හමුවන ගැටලුව වන්නේ බොහෝ විවිධාකාර ගත් ගොනු රටා සදහා එකම Player එකක් නොසෑහීමය. සමහර භාවිතාකරන්නන් මේසදහා විසදුම ලෙසට යොදාගන්නේ විවිධ ගොනු සදහා සහය දක්වන Players කිහිපයක් තම පරිගණකයේ ස්ථාපනයට කටයුතු කිරීමයි. මෙම භාවිතාවද ගැටලු සහගත වන්නේ මේවා අතර මතුවිය හැකි  සංකීර්නතා මෙන්ම ඒවා යාවත්කාලීන වීමට ස්වංක්‍රීයව ක්‍රියාත්මකවීම වැනි කාරනා බොහෝ විට මතුවීමය. සාමානය භාවිතාකරන්නෙකුට මේ සදහා වන හොඳම විසඳුම වන්නේ වඩාත් වැඩි ගොනු වර්ග ප්‍රමානයකට සහය දක්වන Player මෘදුකාංගයක් තොරා ගැනීමය.  Vlc Player යනු මේ සදහා ඇති ප්‍රධානතම තොරා ගැනීමක් ලෙසටයි පිලි ගැනෙන්නේ. streaming server දක්වා වන බොහෝ පහසුකම් සහිතව එන මෙම Playerය MKV/Opus/VP9, H.265, Ogg/VP8, CAF, raw H.265 වැනි නවීන ගොනු වර්ග සදහාද හොඳින් සහය දක්වන බවටයි දැක්වෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම වෙන් අඩවිය වෙතට පිවිස එම මෘදුකාංගයේ නවතම සංකරනය දැන් ලබා ගන්නට ඔබට හැක.

2014-06-27

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්....

  අනාරක්ශිත තොරතුරු උපකරනයක් යනු තව දුරටත්  එම උපකරනය භාවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවක්ම පමනක් නොවන බව වර්ථමාන පිලිගැනීමයි. විශේෂයෙන් ජාලගත වීම බහුල වෙමින් ඇති යුගයක මෙන්ම සැලකිය යුතු වේගයක් සහිත ජාල ගත වීමේ පහසුව බහුල වෙමින් ඇති යුගයක මෙම ප්‍රවනතාවය වඩාත් ඉස්මතුව පෙනෙමින් ඇති බවටයි හදාරන්නන් අවධාරනය කරන්නේ. එක් අතකින් තොරතුරු මෙසේ අවධාරනය වෙද්දී තවමත් තවත් දෙසකින් කුඩා පරිමානයකින් උවත් අකටයුතු ලෙසට සංක්‍රියකරන ලද ආරක්ශක මෘදුකාංග භාවිතාවටද අවධානය යොමුකරන්නට උත්සාහ කිරීම කොතරම් භ්‍යානක විසුලු සහගත කාරනාවක්ද යන්න තව දුරටත් පැහැහිලි කල යුතු නොවේ. මිළදී ගත යුතු ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට යා නොහැකි හැම විටම නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට පිවිසීම වඩාත්ම නුවනැති කටට්යුත්තක් වමු ඇති බවටයි හදාරන්නන්ගේ උපදෙස වන්නේ.
                       අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන Avast ආරක්ශක මෘදුකාංගය වඩාත් දියුනු කල ආරක්ශක අංගයන් කිහිපයකින්ම සමන්විතව පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.AutoSandbox පහසුව සැලසහිත ගොනු සදහා වඩාත් සාර්ථව හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුනු කරන ලද  cloud scanning පහසුව වෙගවත් යාවත්කාලීන නිකුත්කිරීමේ හැකියාව පමනක් නොව හානිකරයන් ඉවත්කිරීමේදී වැඩි දියුනු කරන ලද නව යාන්ත්‍රනය මෙහි ඇති කැපීපෙනෙන කාරනවලි කිහිපයක් ලෙසටයි දැක්විය හැක්කේ. මීට අමතරව web browser pluginsඔස්සේ වෙබ් සැරිය වඩාත් ආරක්ශා කර දීම  Do-Not-Track (DNT) පහසුව මෙන්ම  SafeZone ඔස්සේ අන්තර්ජාලය තුලදී වන ගනුදෙනු සදහා වඩාත් ආරක්ශිත අවකාශයක් නිර්මානය කරදීම පමනක් නොව පද්ධතිය හදිස්සි බිඳ වැටීමකදී භාවිතයට ගත හැකි Rescue disk භාවිතාකරන්නෙකුට පහසුවක් වනු ඇත. මෙම ආරක්ශක මෘදුකාංගයේ නවතම සංස්කරනයක් වන මෙහිදී හඳුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම නිවරදි කරන්නට කටයුතු කර ඇති බවටත් එම ආයතනය නිවේදනය කර සිටිනවා.(මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය අමතර මෘදුකාංග ස්ථාපනය වලකා ගැනීම සදහා කල්පනාකාරීව එහි පියවරයන් පසු කිරීම වැදගත් වනු ඇත. සමහර විට එම අනවශ්‍ය මෘදුකාංග කොටස් ස්වංක්‍රීයව ස්ථානයට හැකිවන සේ සැකසුම් වී එම පියවරයන් අතර වන බැවින් කල්පනා කාරීව සිට අනවශ්‍ය එකගවීම් (හරි ලකුනු වැනි) මග හරින්නට කටයුතු කල යුතුවේ.)

2014-06-25

Gom Player 2.2.62

  මෘදුකාංග භාවිතයේදී නිතරම වඩාත්ම නවීනතම සංස්කරනය තම දත්ත උපාංගයේ තිබීම මෙන්ම අවශ්‍ය විටකදී එකම මෘදුකාංගයක් ඔස්සේ වැඩිම පහසුකම් ලබාදෙන සංස්කරන ‍තෝරා ගනිමින් අඩු මෘදුකාංග ප්‍රමානයක් පවත්ගෙන යාමද වැදගත් වනු ඇත. එම මෘදුකාංග සමග එන ඒවා යාවත්කාලීන වීමේ යාන්ත්‍රන මෙන්ම එම මෘදුකාංගයේ සේවය වඩාත් නිවරදිව ලබා දීමේ අරමුනින් මෙන්ම විටක වෙනත් අරමුනු වලින් පෙරකී ප්‍රධාන මෘදුකාංගය අක්‍රියව තිබෙන විටකදී පවා සමහර මෘදුකාංග කොටස් භාවිතාකරන්නා නොදැනුවත්වම සංක්‍රියවීම මෙන්ම සංකීර්නව සැලකීමේ සම්හර අවස්ථාවලදී පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ වන පොදු පහසුකම් තම මෘදුකාංග සදහා පමනක් අත්පත් කර ගන්නට තැත්කරන වැනි අපහසුකාරී අවස්ථා හදාරන්නන් පෙන්වා දෙමින් තිබෙනවා. media player භාවිතාවේදී මෙවැනි දුර්වලතා ඔස්සේ පරිගණක තාක්ශනවේදියෙකුගේ පිහිට පත්තන්නට වන අවස්ථා සාමන්‍ය බාවිතාකරන්නන් අතර සුලබව දකින්නට හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේම එකම media playerයක් ඔස්සේ සියලු පහසුකම් ලබන්නට අපහසුවීමද සත්‍ය මුත් හැකිතාක් වැඩි පහසුවක් දෙන මෘදුකාංගයක් ඔස්සේ භාවිතයේ යෙදීම  පහසුවක් වන්නේ භාවිතාකරන්නා හට පමනක් නොව දත්ත උපංගයටද වේ.
                              GOM Media Player යනු මේ ආකාරයේ වැඩි දෙනාගේ අවධානය දිනාගත් වැඩි පහසූන් ප්‍රමානයක් ‍රැගෙන එන නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයකි. එහි built-in ආකාරයට එන බොහොමයක්  video හා  audio formats සමග කටයුතු කිරීමේ හැකියාව , පහසුවෙන් භාවිතාකරන්නාට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකියාව මෙන්ම Codec Finder service වැනි හැකියාවන් ඔස්සේ ලොව පුරා මිලියන ගනනක් භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය සේවාවක් ලබා දෙන මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ මෙම මෘදුකාංගයේ නවතම් සංස්කරනය ඔබටත් ලබ ගන්නට හැකිවන අතර හඳුනාගෙන තිබූ දුර්වලතා සකසා තිබීම මෙන්ම දියුනු කිරීම් කිහිපයක් මෙන්ම නවාංග කිහිපයකින් මෙම සංස්කරනය සමන්විත බවටයි නිවේදනය වන්නේ.

http://player.gomlab.com/eng/

2014-02-08

පහසු optimization මෘදුකාංගයක්!!!!

  Windows XP, Windows Vista හා Windows 7 පරිගණක මෙහෙයුම් පද්ධති භාවිතාකරන ඔබ සදහා වඩාත් වෙගවත් හා පහසු වෙන් පරිගණකය ක්‍රියාත්මක කරවා ගන්නට සහයවන නොමිලේ මෙන්ම මුදල්ගෙවා භවිතාකල හැකි සංස්කරන දෙකකකින් යුත් system optimization මෘදුකාංගයක් ලෙසට මෙය හැඳින්වේ. මෙහෙයුම් පද්ධතිය තුල ඇති ගැටලු නිරාකරනය කරමින් , අනවශ්‍ය ගොනු ඉවත්කරමින් ඔබට සහය වන්නට එය් පැමිනෙන්නේ අනවශ්‍ය මෘදු කොටස් ‍රැගෙන නොවීම වඩාත් සිත්ගන්නා සුලු වනු ඇත. unique dual cleaning engine වලින් සමන්විත එය වඩාත් සියුම්ව junk ගොනු හඳුනා ගන්නටත් ඉවත්කිරීමටත් සහයවන අතර startup manager  සමග වඩාත් ගැබුරින් පරිගණකයත් සමග ස්වංක්‍රීයව අරම්භවන මෘදු කොටස් හැසිරවීමේ හැකියාව ලබා දෙනු ඇත. අනවශ්‍ය ගොනු ක්‍රියාකාරකම් නතර කරන්නට මෙන්ම ඉවත්කරන්නටත් එය සහයවනවා සේම portable ආකාරයට ක්‍රියාත්මක වෙමින් පහසුවෙන් එහි සේවාව ලබ දෙන්නට සූදානම්ව පැමින ඇත.
http://download.thewebatom.net/52f3a7f3c2d9a/system-ninja-portable-3.0.zip

2014-02-05

නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග අතර ප්‍රමුකයා!!!!

  පරිගණකයේ ආරක්ශාව සදහා මෘදුකංගයක් බාවිතාකිරීම අත්‍යවශ්‍ය කාරනාවකි. මේ සදහා මිළදී ගත හැකි ආරක්ශක මෘදුකාංග රාශියක් ඇති අතර මිලදී ගන්නා සංස්කරනවල තරම් ආරක්ශක අංග නැති මුත් සැහෙන ප්‍රමානයකට මූලික ආරක්ශාව සපයන්නට සමත්වන නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගද රාශියක් ඇත. ඒවා අතර Avast මෘදුකාංගයට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. වාර්ෂිකව සිදුවන ආරක්ශක මෘදුකාංග සැසදීම් වලදී නොමිළේ භාවිතාකල හැකි ආරක්ශක මෘදුකාංග වලදී පලමු තැන හිමිකර ගන්නා මෘදුකාංගයක් ලෙසට වසර ගනනාවක් පුරා තම ස්ථානය ‍රැක ගැනූමට සමත් මෙම මෘදුකාංගය මිළඳී ගත හැකි සංස්කරනයකින්ද සමන්විත AVAST Software සමාගමේ නිකුතුවකි.එහි නව 2014 සදහා වන සංස්කරනයත් සමග වඩාත් නිවැරදිව දන්නා මෙන්ම සැකසහිත malware ගොනු සදහා ප්‍රතිචාර දැක්වීමට සමත් ලෙසට පිලි ගැනෙන අතර AutoSandbox මෙන්ම  dynamic binary translation ඔස්සේ එම කාර්යයන් වඩාත් සාර්ථකව පරිගණකයේ ආරක්ශාව තහවුරු කරන්නට කටයුතු කරන බවටයි පිලිගැනෙන්නේ. දියුනු කල cloud scanning හැකියාව , මෙන්ම නිරන්තරයෙන් සිදුවන streaming update ඔස්සේ දිනකට නව යාවත්කාලීනයන් 350-400 අතර සිදුවන බවටයි ප්‍රකාශ වන්නේ. මෙම නව සංස්කරනය සමග වැඩි දියුනු කල ආරක්ශන යාන්ත්‍රනය සමග වඩාත් නිවැරදිව malware පමනක් නොව rootkits අතුලු ගොනු ආසාදකයන් බෙහොමයක් වලකන්නට ක්‍රියා කරන බවටයි පිලිගැනෙන්නේ. 2014 සදහා වන නව සංස්කරනය පහත දැක්වෙන ලිපියය ඔස්සේ පිවිසීමේන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.
http://www.avast.com/get/XcKI3pq4

2014-02-01

වඩාත් කන්කලු Audio අත්දැකීමකට ප්ලේයරයක්....

  මෙය වඩාත් ප්‍රබල Audio අත්දැකීමකට ඔබ කැදවන්නට සමත් ප්ලේයර මෘදුකාංගයක් ලෙසටයි පිලි ගැනෙන්නේ.  වඩාත් සුපැහැදිලි මෙන්ම හොඳ තත්වයක හඬ රසවින්දනයක් ගෙනෙන බවට පැවසෙන මෙම ප්ලේයරය පෙනුමින් winamp හා සමාන ස්වරූපයක් ගන්නවා.18-band equalizer සමග පැමින ඇති මෙහි වඩාත් මිත්‍ර volume normalizing ඇතුලු පහසුකම් රාශියක් වාන් අතර ඊට අමතරව  record වැනි හැකියාවන්ද ‍රැගෙන විත් තිබෙනවා. ප්‍රකට audio engine එකක වන BASS මත ගොඩනගා ඇති මෙම මෘදුකාංගය plug-ins සමග වඩාත් භාවිතාකරන්නාට සමීප ආකාරයට සකසා ගන්නට හැකි වනු ඇත.
http://files.programki.net/aimp/aimp_3.55.1338.exe

2014-01-31

Anti-Malware 2.0 වල Beta සංස්කරනයක්!!!!

  කාලයත් සමග පරිගණක භාවිතාව වඩාත් සංකීර්න වෙමින් ඇත. දෛනික ජීවිතයේ සහයකයෙකු ලෙසට මෙනම වෘතීය ජීවිතයේ සහයකයෙකු ලෙසට පමනක් නොව විනෝදාත්මක ජීවිතයට එය බොහෝ දේ ගෙනවිත් ඇතුවා සේම නවාංග බොහොමයක්ම ගෙනෙමින් ඇත. අවාසනාවට කාරනාවක් වන්නේ මෙම නවදෑ සියල්ල්ම යහත දේම නොවීමය. පරිගණකයේ පැවැත්මට හානිකරන මෙන්ම එයින් තොරතුරු සොරා ගන්නා ක්‍රමවේදද දිනෙන් දින වඩාත් සංකීර්න මුහුනුවරක් ගනිමින් ඇත. විටක වඩාත් පිලිගත් ආරක්ශක මෘදුකාංගයක් පමනක් ස්ථාපනය කරගෙන සිටීමෙන් පලක් නොවන්නේ එය නිසි පරිදි යාවත්කාලීනව පවත්වාගෙන නොයෑමෙන්ය. ඔබ අන්තර්ජාලයට සම්බන්ද නොවීමේන් පමනක් සුරක්ශිත නොවන්නේ Pen Drives වැනි මාධ්‍ය හරහා පහසුවෙන් පැමිනෙන හානිකරයන් හදුනාගන්නට එම ආරක්ශක මෘදු කාංගය සමත්නොවීම නිසා විය හැක.
                     Anti-Malware මෘදුකාංගය යනු වඩාත් සංකීර්න malware හා spyware හඳුනා ගනිමින් ඒවා ඉවත්කරන්නට සහය වන මෘදුකාංගයකි. වඩාත් කාර්යක්ශමව හානිකරයන් පිරික්සීමේ යාන්ත්‍රනය මෙන්ම ඒවා ඉවත්කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතු බවටයි පිලිගැනීම වන්නේ.එම මෘදුකාංගයේ නොමිළේ භාවිතාකල හැකි සංස්කරනයක් වාගේම මිල්;අදී ගතයුතු සංස්කරනයක්ද ලබා ගන්නට හැකි අතර පහත දැක්වෙන සබදතාවය ඔස්සේ මිලදී ගත යුතු සංස්කරනයේ බීටා නිකුතුවක් නොමිලේ භාවිතාකිරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙම සම්පූර්න සංස්කරනයේ බීටාව සමග real time ආකාරයට ආරක්ශාවද ලැබෙන අතර පෙර සැකසුම් අනූව විටින් විට ස්වංක්‍රීයව පිරික්සීමත් යාවත්කාලීන වීමත් ලබාගන්නට භාවිතාකරන්නාහට හැකිවනු ඇත. 
id: MBAM2BETA
key: 4XZHE-6ANRN-TKWCV-EV6HZ-G79PH

http://data-cdn.mbamupdates.com/v2/mbam/consumer/data/mbam-setup-consumer-2.00.0.0502.exe

2014-01-30

LibreOffice 4.2.0 Final නිකුත්වේ!!!!!

  ප්‍රධාන මට්ටමේ ආයතනය පමනක් නොව රාජ්‍ය මට්ටමේ ආයතනවලට පවා නිදහස් මෘදුකාංග දෙසට වැඩි අවධානයක් යොමු කරමින් සිටිනු දැකිය හැකිය. පසුගිය දා පලවූ වාර්ථාවක් පවසා සිටියේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ආයතනයන්ගේ කාර්යාල භාවිතාවට මයික්‍රසොෆ්ට් ඔෆීස් මෘදුකාංගය වෙනුවට open office හා සමාන්තර නිදහස් මෘදුකාංග දෙසට අවධානය යොමු කරමින් සිටින බවයි. මෙම මෘදුකාංග සංවර්ධනය කරන්නන් හා හදාරන්නන් පවසමින් සිටින්නේ මුල් යුගයේදී මෙන් නොව වෙළඳ සංස්කරන හා සමානවම ක්‍රියාකාරීත්වයක් ඇති මෘදුකාංග මේ වන විට නිදහස් මෘදුකාංග ලෙසටද පැමිනෙමින් ඇති බවයි.
            Libre Office යනු Writer, Calc, Impress, Draw, Math හා Base වැනිආකාරවලට දෛනික ඔෆීස් භාවිතාවන් සපුරා ලන්නට නොමිලේම මැදිහත් විය හැකි මෘදුකාංගයකි. අමතරව auto-completion, auto-formatting හා  automatic spelling checking වැනි සහයන්ද සමග පැමිනෙන මෙම මෘදුකාංගය සමග ගනන කටයුතු , ඉදිරිපත්කිරීම් කටයුතු , 3D දක්වා රූ සටහන් කටයුතු , ඩේටා බේස් කටයුතු මෙන්ම සංකීර්න ගනිතමය කටයුතු වැනි දෛනික ජීවිතයට අදාල බොහෝ දේ සදහා මෙම මෘදුකාංගය සහය වීමට සූදානමින් සිටී.
http://mirror.arlug.ro/pub/tdf/libreoffice/stable/4.2.0/win/x86/LibreOffice_4.2.0_Win_x86.msi

2014-01-25

ස්මාර්ට් දුරකථන සමග එන blotware පාලනයට South Korean රජය තීර්නයකට!!!!

  දත්ත උපාංග සමග එන bloatware භාවිතාකරන්නා හට කැදවන්නේ මහත් අපහසුතාවක් වීම බහුල අත්දැකීමකි. විශේෂයෙන් ස්මාර්ට් දුරකථනයක් වැනි අවස්ථාවලදී තත්වය වඩාත් බැරෑරුම් වනු දැකිය හැකිය. ෆෝනයේ ප්‍රොසෙසර් බලය ‍රැම් බලය මෙන්ම ස්ටෝර් බලය යන අත්‍යාවශ්‍ය සියලුම හැකියාවන්ට අනවශ්‍ය තදබදයක් ගෙනෙන බොහොමයක් මෙම bloatware වැඩ දායක වන්නේ බාහිර වෙළඳ ඉලක්ක සදහා පමනය. පසුගියදා South Korean රජය පවසා සිටියේ ස්මාර්ට් දුරකථන සමග පැමිනෙන සියලු blotware භාවිතාකරන්නා හට අවශ්‍ය විටකදී මැකිය හැකිව තිබිය යුතු බවයි. රජය වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ Wi-Fi connectivity, near-field communication (NFC), the customer service හා app store වැනි අවශ්‍යතාවයන් සදහා පමනක් වන අනෙකුත් සියලු botware සදහා මෙම තීර්නය බලපාන බවටයි නිවේදනය කර සිටින්නේ. එරට Samsung ආයත්නයද පසුගිය කාලයේ සිදුකල නිකුතූන් වලද මෙම අමතර මෘදුකාංග නිසා storage අවමකම වැනි අපහසූන්ට මුහුන පාන්නට සිදුවුනු අතර භාවිතාකරන්නන් හට මෙම නව පියවර සමග මහත් පහසුවක් ගෙනෙනු ඇත.

2014-01-23

Bootable USB උපාංගයක් නිර්මානය කර ගන්නට සහය මෘදුකාංගයක්!!!!


  වේගයෙන් CD  මෙන්ම  DVD භාවිතය USB උපාංග විසින් හිමිකරගන්නා කාලය උදාවෙමින් ඇත. සිහිරීම් පලුදුවීම් වැනි අපහසුතාවයන් එම තැටි අකාරයේ භාවිතාවන් අවම කරන්නට කටයුතු කරමින් සිටින අතර පහසු හැසිරවීම වේගවත් බව මෙන්ම වඩාත් නම්‍ය හැසිරීම USB ආකාරයේ ගබඩා උපාංග වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමට හේතුවක් වෙමින් ඇත. Bootable ආකාරයේ CD හෝ dvd භාවිතාවන් වලටද මෙසේ පැමිනෙන USB ආකාරයේ උපාංග යොදා ගැනීම බහුලව සිදු වෙමින් ඇති අතර එම usb උපාංග බූටබල් ආකාරයට නිර්මානය කර ගැනීමට සහය වන මැනුවල් ක්‍රම වේදයන් විටක සංකීර්න වෙමින් භාවිතාකරන්නන් අපහසුතාවයට් පත්කරවන ඒවා ලෙසට පවතී. පහත දැක්වෙන මෘදුකාංගය ඔබට පහසුවෙන් Bootable USB උපාංගයක් නිර්මානය කර ගන්නට සහය වනු ඇති අතර Windows, Linux, UEFI... ආදී බොහෝ මෙහෙයුම් පද්ධති සදහා  ISOs ඇසුරින් මෙම Bootable  USB උපාංගය නිර්මානය කර ගන්නට හැකි වනවා ඇත.
http://rufus.akeo.ie/downloads/rufus_v1.4.3.exe

2014-01-22

ජාවා භාවිතයට සහය මෘදුකාංගයක්!!!!

  ජාවා යනු බහුල භාවිතාවක් ඇති ප්‍රයොජනවත් මෘදු සහයකයෙකි. එසේම ජාවා යනු මහත්සේ ගැටලු ඇතිකරන වරක් රාජ්‍ය මට්ටමින් පවා සයිබර් ගැටලු සදහා විසදුමක් ලෙසට භාවිතයෙන් ඉවත්ව සිටින ලෙස්ට උපදෙස් ලැබුනු මෘදු භාවිතාවකි.ඔන් ලයින් ආකාරයේ පරිගණක ක්‍රිඩා කිරීමේදී ,  මිතුරෙකු සමග ඔන්ලයින් ආකාරයේ කථා බහකදී පමනක් නොව ත්‍රිමානීය ආකාරයේ සටහනක් නැරබීමේදී වැනි එකිනෙනට වෙනස් භාවිතවන් බොහොමයකදී මෙම මෘදුසහය ලබා ගනීම සුලබව සිදු වේ. එහෙත් ජාවා සමග පැමිනෙන ගැටලු සහිත බව හමුවේ මද සහනයක් හෝ ලබ ගන්නට නම් එම මෘදුකාංග සමග කටයුතු කිරීමේදි අවධානයෙන් සිටීම වැදගත්වේ. නිසි පරිදි යාවත්කාලීනව එය පවතවගෙන යාම, ගැටලු සහිත අවස්ථාවලදී එය ඉවත්කිරීම ආදිය එම පියවරයන් අතර වේ.පහත දැක්වෙන මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ එවැනි අවස්ථාවලදීය. එය ඔබගේ පරිගණකයේ ජාවා භාවිතාව නිතරම යාවත්කාලීනව තබා ගන්නට අවශ්‍ය අවස්ථාවලදී අස්තාපනය කර දෙන්නට මෙන්ම ජාවා භාවිතාවේදී ඉතිරිවන අනවශ්‍ය මෘදුකොටස් ඉවත්කර දෙන්නට සහය වනු ඇත.
http://singularlabs.com/software/javara/javara-download/

2014-01-20

Text to Speech මෘදුකාංගයක්.....

  අන්තර්ජාලය තුලවන බොහෝ දෑ Text ආකාරයේ පවතී. භාවිතාකරන්නෙකුට මෙම Text ආකාරයේ පවතින දෑ ශ්‍රව්‍ය මට්ටමට පෙරලා ගැනීමට වන අවශ්‍යතාවය  බහුලව දැකිය හැකිය. විවෘත මෘදුකාංග ආකරයේ මෙම මෘදුකාංගය සමග බොහෝ ආකාරයට පවතින Text සටහන් කියවන්නට මෙන්ම බොහෝ ආකාරයට ඒවා save කර ගන්නට සහය දක්වන අතර උච්චාරනයන් වඩාත් පැහැදිලි කර ගැනීමට අවශ්‍යවන වෙනස්කම් සමග තවත් අංග කිහිපයකින්ම එය සමන්විතය. මෙම නොමිළේ භාවිතාකල හැකි මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.
http://www.cross-plus-a.com/balabolka.zip

2014-01-18

පරිගණකය වේගවත් කරගන්නට

  පරිගණක ක්‍රීඩා භාවිතාකරන්නන් සදහා විටක හමුවන අවශ්‍යතාවයක් වන්නේ පරිගණකයේ උපරිම හැකියාව තම ක්‍රීඩාව සදහා යොමුකරවා ගන්නට උවමනා වීමය. පලපුරුදු භාවිතාකරන්නන්මෙවැනි අවස්ථාවලදී තම පරිගණකයතුල ධාවනය වන අත්‍යාවශ්‍ය නොවන සමහර වැඩසටහන් මැනුවල් ආකාරයට නතර කර දමන්නට පෙලෙබෙනු දැකිය හැකිය. මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ එවැනි අවස්ථවලදීය. එක් ක්ලික් කිරීමක් ඔස්සේ පරිගණකයේ වෙනස්කම් කරමින් එහි හැකියාවෙන් වැඩිම ප්‍රමානය් ඔබගේ පරිගණක ක්‍රියාව සදහා යොදවා ගන්නට එය නොමිළේම සහය වීම වඩාත් සිත් ගන්නා සුලු කාරනාවක් විය හැක.

පහසු වීඩියෝ ගොනු Converter මෘදුකාංගයක්!!!!

  ඔබගේ භාවිතාව අනූව වීඩියෝවන් එක් ගොනු වර්ගයක සිට තවත් ගොනු වර්ගයකට පෙරල ගැනීමට අවශ්‍ය වීම නිතර හමුවන්නකි. විශේෂයෙන් ඒවා ධාවනය කරන්නට බලාපොරොත්තුවන උපාංගය අනූව මෙන්ම සමහර විටක ඔබ භාවිතාකරන ප්ලේයරය සමහර ගොනු වර්ග සදහා සහය නොදැක්වීම වැනි හේතු නිසා එම අවශ්‍යතාවය හමුවනවා විය හැක.පහත දැක්වෙන මෘදුකාංග ඔබගේ සහයට එන්නේ එවන් අවස්ථාවලදීය. නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් වීම මෙන්ම , පහසුවෙන් භාවිතාකල හැකි ප්‍රධාන කවුලුවක් තිබීම මෙන්ම , වෙගවත් ක්‍රියාකාරීත්වය මෙන්ම සියලුම පාහේ ගොනු වර්ග සදහා සහය දැක්වීම ඔබට වඩාත් පහසුවක් වනු ඇත.

2014-01-17

සැහැල්ලු මුත් බලසම්පන්න මීඩියා ප්ලේයරයකි!!!

  බහුල බාවිතාවක් ඇති KMPlayer හා සමාන මුත් වඩාත් සැහැල්ලු මෙන්ම භාවිතයේ ඇති සියලුම පාහේ ගොනුවර්ග සමග කටයුතු කිරීමට හැකි මෘදු ප්ලේයරයක් ලෙසට මෙම potplayer මෘදුකාංගය සැලකෙනවා. මෙම මෘදුකාංගය සමග කටයුතු කිරීමේදී භාහිර codecs ස්ථාපනයට අවශ්‍ය නොවීමද තවත් පහසුවක් වනු ඇති බවටයි විචාරනය වන්නේ. වඩාත් උසස් තත්වයේ ධාවනයක් ලබා දෙන මෙම ප්ලේයරය WebCam/Analog/Digital TV devices  ඇතුලු තවත් අමතර සේවාවන් ‍රැසකින් සමන්විත බවටයි විස්තර වන්නේ. නොමිළේ භාවිතාකල හැකි මෙම ප්ලේයරය භාවිතාකරන්නා වඩාත් සතුටට පත් කරන්නක් වනු ඇති බවට තවත් හේතුවක වන්නේ අඩු බ‍රැති ධාවනය නිසා බලයෙන් අඩු පරිගණක වලද පහසු ධාවනයකට සූදානම්ව පැමින තිබීම බවටයි කියවෙන්නේ.
 

2014-01-15

මයික්‍රසොෆ්ට් වෙතින් Window-Eyes screen reading softwareවක්.......

 මයික්‍රසොස්ට් ආයතනය නිවේදනය කරන්නේ තම Office 2010, 2013 භාවිතා කරන දෘශ්‍ය අපහසු තාවයන් සහිත භාවිතාකරන්නන් සදහා සහයවන  Window-Eyes screen reading මෘදුකාංගයක් නොමිලේ ලබා ගැනීමේ හැකියවක් පවතින බවයි. GW Micro  සමග එක්ව පිරිනැමෙන මෙම මෘදුකාංග සහය සමග Word, Excel, PowerPoint, OneNote හා Outlook වැනි භාවිතාවන් වඩාත් පහසුවෙන් අත් විදින්නට හැකිවනු ඇති බවටයි  ඔවුන් පවසන්නේ. Office 365 භාවිතාකරන්නන් සදහාද විවෘත මෙම පහසුව සමගව පැමින ඇති කටහඬ මද යාන්ත්‍රික ස්වරූපයක් ගත්තද භාවිතාකරන්නන් සදහා එම වෙනස් කම් සදහා මද ගෙවීමක් ඔස්සේ වැඩි පහසුවක් ලබා ගන්නට හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ
 

2014-01-01

වඩාත් සරල සැහැල්ලු මුත් ප්‍රබල ආරක්ශක මෘදුකාංගයක්!!!!

  තොරතුරු ලෝකය වඩ වඩාත් විසල් වෙමින් ජීවිත වෙතට සමීප වෙමින් ඇත. එය හුදු විනෝදාස්වාදන භාවිතාවේසිට වෘතීය මෙන්ම පෞද්ගලික ජීවිතේද තීරනාත්මක මැදිහත් කරුවෙකු වෙමින් සිටී. මෙම වඩ වඩාත් සමීපවන තොරතුරු භාවිතාව වඩාත් ප්‍රායෝගිකව හා සුහදව පවත්වාගෙන යන්නට නම් ආරක්ශාව පිලිබද අවධානයද වැදගත් වනු ඇත. වඩ වඩාත් සංකීර්න වෙමින් ඇති පහරදීම් තාක්ශනයන් හමුවේ වඩාත් ප්‍රබල මෙන්ම වඩාත් සංවෙධී සැහැල්ලු භාවිතාවන් අවශ්‍යවීම වැඩි වැඩි යෙන් දැනෙන්නට පටන් ගෙන ඇත.
                 පහහ දැක්වෙන ආරක්ශක මෘදුකාංගය cloud-Based ආකාරයට ක්‍රියාත්මක වෙමින් වඩාත් නවීනතම හානිකර වලකන තොරතුරු වලින් සමන්විතව පැමිනෙන්නට සූදානමින් සිටින මෘදුකාංගයක් ලෙසට පිලිගැනෙන අතර තවත් ආරක්ශක මෘදුකාංගයක් සමග බොහෝ විට සහයෝගයෙන් කර‍ටුර්හු කරන්නට සමත්වන ලොව පුරා මිලියන 2ක් භාවිතාකරන්නන් අතරට පිවිස ඇති වින්ඩෝස් 8.1 දක්වා සියලුම මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මක වන මෙන්ම නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසටයි පිලි ගැනෙන්නේ.
http://download.immunet.com/push/immunet/ImmunetSetup.exe

2013-12-25

අනවශ්‍ය මෘදුකාංග ස්ථාපනය වලකන මෘදුකාංගයක්.....

  බොහෝ විට මෘදුකාංහ ස්ථාපනයේදී ඔබ බලාපොරොත්තු නොවන අමතර මෘදුකාංග ඔබගේ පරිගණකය වෙත පැමිනෙනේ නොදැනුවත්වම විය හැක. ස්ථාපන ක්‍රියාවලිය තුල මුල් ස්වභාවයෙන් checkbox වල ඔබගේ එකගතාවය සදහන්ව එන මේවා මග හැරීම සදහා හැම පියවරක් කෙරෙහිම කල්පනාවෙන් අවධානය යොමු කර සිටීම ඒ සදහා වන එක් විසදුමකි. එහෙත් සමහර ස්ථාපන ක්‍රියාවලියවල් තුලදී ඔබට නොදැනුවත්වම ඒවා මග හැරීම බහුල අත්දැකීමකි. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවල් සදහා ඔබගේ සහට පැමිනිය හැකි මෘදුකාංග විසදුමකි. දැනට මෙම මෘදුකාංගය හදුනන බොහොමයක් වන ස්ථාපන ක්‍රියාවලීන් සමග පැමිනිය හැකි අනවශ්‍ය මෘදුකාංග මග හැරීම සදහා ස්වංක්‍රීයව ඉදිරිපත් වන මෙම මෘදුකාංගය සදහා ලැබෙන නව යාවත්කාලීන සදහා විවෘතව තැබීම තුලින් පහසුවෙන් නව ස්ථාපන ක්‍රියාවලීන් සදහාද සූදානමින් සිටින මෘදුකාංගයක සහය ලෙසට ලබා ගන්නට හැකි වනු ඇත
http://unchecky.com/files/unchecky_setup.exe

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...