2014-06-25

Gom Player 2.2.62

  මෘදුකාංග භාවිතයේදී නිතරම වඩාත්ම නවීනතම සංස්කරනය තම දත්ත උපාංගයේ තිබීම මෙන්ම අවශ්‍ය විටකදී එකම මෘදුකාංගයක් ඔස්සේ වැඩිම පහසුකම් ලබාදෙන සංස්කරන ‍තෝරා ගනිමින් අඩු මෘදුකාංග ප්‍රමානයක් පවත්ගෙන යාමද වැදගත් වනු ඇත. එම මෘදුකාංග සමග එන ඒවා යාවත්කාලීන වීමේ යාන්ත්‍රන මෙන්ම එම මෘදුකාංගයේ සේවය වඩාත් නිවරදිව ලබා දීමේ අරමුනින් මෙන්ම විටක වෙනත් අරමුනු වලින් පෙරකී ප්‍රධාන මෘදුකාංගය අක්‍රියව තිබෙන විටකදී පවා සමහර මෘදුකාංග කොටස් භාවිතාකරන්නා නොදැනුවත්වම සංක්‍රියවීම මෙන්ම සංකීර්නව සැලකීමේ සම්හර අවස්ථාවලදී පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ වන පොදු පහසුකම් තම මෘදුකාංග සදහා පමනක් අත්පත් කර ගන්නට තැත්කරන වැනි අපහසුකාරී අවස්ථා හදාරන්නන් පෙන්වා දෙමින් තිබෙනවා. media player භාවිතාවේදී මෙවැනි දුර්වලතා ඔස්සේ පරිගණක තාක්ශනවේදියෙකුගේ පිහිට පත්තන්නට වන අවස්ථා සාමන්‍ය බාවිතාකරන්නන් අතර සුලබව දකින්නට හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේම එකම media playerයක් ඔස්සේ සියලු පහසුකම් ලබන්නට අපහසුවීමද සත්‍ය මුත් හැකිතාක් වැඩි පහසුවක් දෙන මෘදුකාංගයක් ඔස්සේ භාවිතයේ යෙදීම  පහසුවක් වන්නේ භාවිතාකරන්නා හට පමනක් නොව දත්ත උපංගයටද වේ.
                              GOM Media Player යනු මේ ආකාරයේ වැඩි දෙනාගේ අවධානය දිනාගත් වැඩි පහසූන් ප්‍රමානයක් ‍රැගෙන එන නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයකි. එහි built-in ආකාරයට එන බොහොමයක්  video හා  audio formats සමග කටයුතු කිරීමේ හැකියාව , පහසුවෙන් භාවිතාකරන්නාට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකියාව මෙන්ම Codec Finder service වැනි හැකියාවන් ඔස්සේ ලොව පුරා මිලියන ගනනක් භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය සේවාවක් ලබා දෙන මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ මෙම මෘදුකාංගයේ නවතම් සංස්කරනය ඔබටත් ලබ ගන්නට හැකිවන අතර හඳුනාගෙන තිබූ දුර්වලතා සකසා තිබීම මෙන්ම දියුනු කිරීම් කිහිපයක් මෙන්ම නවාංග කිහිපයකින් මෙම සංස්කරනය සමන්විත බවටයි නිවේදනය වන්නේ.

http://player.gomlab.com/eng/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...