2014-06-25

Cloud storage ඔස්සේ දත්ත භාවිතාව පහසුකර ගනිමු!!

  අප පසුකරමින් සිටින්නේ වැඩි සයිබර් අවකාශ භාවිතාවක් සිදුවන මෙන්ම එක් උපාංගයකට වඩා දෛනික ජීවිතයේදී භාවිතාකරන යුගයක්ය. තම දෘඩ තැටිය මත අවශ්‍ය දත්ත රදවා තැබීමෙන් පමනක් තව දුරටත් සැහීමකට පත්වනට නොහැකි වන්නේ වෘතිකව මෙන්ම පෞද්ගලිකව භාවිතාවන දත්ත ප්‍රමානය වේගයෙන් ඉහල යාමත් විවිධ දත්ත උපකරන ඔස්සේ විවිධ අවස්ථාවන් වලදී ඒවා භාවිතයට අවශ්‍ය වීමත් සමගය. මේ අවශ්‍යතාවයට විසදූම් ලෙසට පැමිනි එක් තොරා ගැනීමක් වූවේ විවිධ ආයතන විසින් ක්ලවුඩ් ආකරයට නැතිනම් දත්ත උපාංගයට බාහිරින් වන සර්වරයක අවසර පද හා තවත් ආරක්ශක උපංක්‍රම භාවිතාකරමින් තම දත්ත රදවා තබා පසුව වන අවශ්‍යතාවයකදී පහසුවෙන් ඔනෑම තැනක සිට ඔනෑම උපකරනයක් ඔස්සේ ඒවා ලබා ගන්නට හැකිවීමය. Microsoft , Google , Apple වැනි ආයතන පමනක් නොව තවත් ආයතනයන් රාශියක් මෙම සේවාව සැලසීමට පිවිසි අතර නොමිළේ ලැබෙන සීමිත ඉඩ ප්‍රමානයක සිට මුදල්ගෙවා ලබා ගන්නා වැඩි ඉඩ ප්‍රමානයක් දක්වා මෙම පහසුව යටතේ ලබා ගන්නට ඔවුනට හැකිවිය. මයික්‍රසොෆ්ට් සමාගම තම මෙහෙයුම් පද්ධතියේ භාවිතාවේදී පවා වෙනත් උපකරනයකින් එම මෙහෙයුම් පද්ධතිය යටතේ පිවිසෙන පහසුවෙන් තම මුල් සැකසුම් හා ගොනු භාවිතාකරන්නා වෙතට ගෙන එන්නට හැකිවන පහසුව දක්වා අද වන විට මෙමක්‍රම වේදය ආශ්‍රිත සේවා දියුනු කර තිබෙනු දැකිය හැකිය. සරලව වෙනදා මෙන් බ‍රැති ගොනුවක් ඊමේලයක් ඔස්සේ නැතිනම් skype වැනි ගිනුමක් ඔස්සේ යවනවාට වඩා භාවිතාකරන්නෙකුට ඉහත කී ආයතනයන් විසින් ලබා දෙන සේවාවකට සම්බන්දවී එහි රදවා තම පනිවිඩය තුල අදාල සබැදියාව යැවීම තුලින්ම පමනක් හැකිවීම මහත් පහසුවක් වනවා ඇත.
                  Microsoft සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ "One Drive" ලෙසට නම් වන ඉහත දැක්වූ සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට නොමිළේ ලබ දුන් ඉඩකඩ වැඩි කරන්නට මෙන්ම මිළගෙවිය යුතු ඉඩකඩ සදහා ගෙවිය යුතු මිළ ගනන් අඩු කරන්නට තීර්නය කර ඇති බවකි. ඒ අනූව එම සේවාවේ ගිනුමක් ලබාගන්න ඔනෑම අයෙකුට නොමිළේ 15GB ඉඩ කඩක්ද Office 365 සදහා ලැබෙන ඉඩ 1TB දක්වා මෙන්ම මිලදී ගන්නා අමතර One Drive අවකාශය සදහා අයකිරීම 70% දක්වා පහත දමා ඇති බවත්ය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...