Showing posts with label Microsoft. Show all posts
Showing posts with label Microsoft. Show all posts

2022-08-06

Microsoft Edge සමග එන "Enhanced Security mode" එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය "Enhanced Security" ලෙසට නම් වන අතර මෙම  "Enhanced Security mode" වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, Balanced හා Strict වන තොරාගැනීම් අතරින් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා  Basic option තමන්ගේ උපදෙස බවයි. ඔවුන් පවසන්නේ සයිබර් පහර දෙන්නන්ගේ බහුල උපංක්‍රම කිහිපයක්ම මග හරින්නට මෙම නව අංගය සහය වනු ඇති බවයි.
Pubudu Siriwansa 


 

2022-01-25

Microsoft වෙතින් ‘online scams and attacks’ සදහා උපදෙස් කිහිපයක්.

Microsoft ආයතනය බහුල සයිබර් ප්‍රහාරයන් සම්බන්දයෙන් සරල උපදෙස් කිහියක් දෙමින් සිටිනවා. ඔවුන්ගේ පලමු උපදෙසක් වන්නේ ඔබට ලැබෙන පනිවිඬ වල සංයුත්ත විය හැකි "urgent action" නම් පෙලබවීම ගැනයි. මෙම පහර දෙන්නන් ඔබට වැඩි දුර සිතන්නට කල නොතබාම ඔවුනට අවශ්‍ය ක්‍රියාව සදහා මෙම "කලබල" කිරීම නැතිනම්"බිය" කිරීම භාවිතාකිරීම සිදුවන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙසට පවසනවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම suspicious links වෙතට ඔබගේ click  එකක් ලබා ගැනීම උත්සාහය විය හැකි බවයි.
   phishing emails ගැන පවසන ඔවුන් මෙම බහුල උපංක්‍රමය ඔස්සේ ඔබගේ පරිගණකය වෙතට download එකක් ලබා ගෙන ඒ ඔස්සේ Malware එකක් ස්ථාපනයට අවස්ථාව ලබ ගැනීම සිදුවිය හැකි බව පෙන්වා දෙනවා.  Fake attachments පිලිබඳව අවධානයෙන් සිටීම වැදගත් වන්නේ ඒ නිසා වනවා. මෙම "virus" විවිධ අරමුනු සදහා විය හැකි අතර විටක ඒවා ඔස්සේ ඔබගේ අනන්‍යතාවය සොරා ගැනීම, වෙනත් දුරස්ථ පරිගණකයක් වෙත ප්‍රහාරයක් සදහා ඔබගේ පරිගණකය යොදා ගැනීම, mine cryptocurrency වැනි කාරනා සදහා ඔබගේ පරිගනකයේ resources භාවිතාකරන්නට කටයුතු කිරීම ගැනත් පැහැදිලි කෙරෙනවා. 
    Tech support scams පිලිබඳව අවධානය යොමු කරන ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ පරිගණකයේ යම් ගැටළුවක් වන බවත් ඒ සදහා සහය ලබා ගන්නට යම් දුරකතන අංකයකට ඇමතුමක් ගන්නා ලෙසට පොලබව ගැනීමයි. මෙසේ ඔබගේ පරිගණකය “fix” කිරීම සදහා අවස්ථාව ලබා ගැනීම ඔවුන්ගේ අරමුන වන හෙයින් පරිගණකයට පැමිනිය හැකි fake error messages මෙන්ම දුරකථනයට පැමිනිය ඝැකි ඇමතුම් වලදී කල්පනාකාරී වීම වැදගත් බව පැහැදිලි කෙරෙනවා. මෙම scary pop-ups වැනි අවස්ථාවලදී පරිගණකය restart නැතිනම් browser එක Close කිරීම වැනි උපදෙස් දෙන ඔවුන් මෙහෙයුම් පද්ධතිය ඇතුලු සියලුමෘදුකාංග සෑම විටම යාවත්කාලීනව තබා ගැනීමත් සැක සහිත සබඳතා අවදි නොකර සිටීම ඉතා වැදගත් බවට උපදෙස් දෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2021-07-05

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

 

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize වැනි ක්‍රියාකාරම් සූදානම්ව පවතිනු ඇත.
Pubudu Siriwansa


2021-06-08

Windows 10 මීලග ප්‍රධාන සංස්කරනයේ ...


Microsoft ආයතනයේ CEO වරයා පවසන්නේ මෙමස 24 නියමිත virtual event වලදී තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රවනතා හඳුන්වා දෙන්නට නියමිත බවයි. Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය හැඩයේ සිට එහි වඩාත් සුනම්‍ය ක්‍රියාකාරීතවය මෙන්ම වඩාත් පුලුල් වන හැකියා වපසරිය දක්වා දියුනු කිරීම් රාශියක් මෙම නව පැමිනීම තුල සමන්විත වන්නට සූදානම් බවටයි ඔහු පවසන්නේ. 2021 දේවන භාගයේදී පමන Windows 10 වල මීලග ප්‍රධාන සංස්කරනයක පැමිනීම නියමිත අතර Sun Valley සංකේථ නාමය යටතේ එහි මූලික සංස්කරනයන් ආයතනය තුල අංවර්ධය වෙමින් පවතින බවටයි නොනිල ආරන්චි පවසා සිටින්නේ. හදාරන්නන්ගේ අවධානය දිනාගත් Windows 10X ව්‍යාපෘතිය මේ වන විට Microsoft ආයතනය නවතා දමා ඇති අතර එහි වූ විශේෂිතතා ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග සමන්විතව පැමිනෙන්නට නියමිත බවටයි බලා පොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa


 

2015-01-22

Windows Holographic භාවිතාව හා VR helmetය පැහැදිලි කරයි!


   Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්නට කටයුතු කල අතර පෙරදී වූවාට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් වන නව අංගයන් හඳුන්වා දීමට එහිදී කටයුතු කරනු ලැබුවාය. Desktop භාවිතාවට නව මානයන් ගෙනෙන වාචික හැසිරවීම් හැකියාව මෙන්ම උපාංග තල අතර වූ පරතරය වඩාත් සමනය වන app භාවිතාවන් ආදිය ඒව අතර කැපී පෙනිනි. එසේම්  Windows වෙතින් දියුනු කරන ලද Holographic භාවිතාව ගෙනෙන HoloLens VR headset උපංගයද එහිදී නිරාවරනය කරන්නට ඔවුන් කටයුතු කරන ලදී. පරිගණක උපාංග හා සැබෑ ලෝකය අතර වන පරතරය වඩාත් අවමව විඳගන්නට පහසුකරවන මෙම  visualize(three-dimensional images ....) හැකියව ගෙනෙන දෘඩාංගය මෙන්ම එය Windows 10 වෙතට සම්බන්ද කෙරෙන APIs පිලිබදවද එහිදී තොරතුරු හෙලිකරන ලදී. මෙම  VR headset සමග වන advanced sensors, spatial surround sound, internal CPU හා  GPU මෙන්ම නව "holographic processing unit" පිලිබදව lenses වලට අමතරව පැහැදිලිකරන්නට කටයුතු කල අතර එය සම්පූර්නයෙන් wireless ආකාරයට PC වෙතට සම්බන්ද වීමේ හැකියාවද දක්වා සිටින ලදී. මීට අමතරව හඳුන්වාදුන් HoloStudio ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ට අවශ්‍ය holograms නිර්මානය කර ගැනීමේ හැකියාවද පැහැදිලි වන ලදී.

2014-11-19

PayPal වෙතින් Microsoft ecosystem වෙතට payment service එකක්...

  PayPal වල payment service සදහා සහය දක්වන triangular dongle එකක් Windows හා Windows Phone වල ecosystem වෙතට පැමිනෙන්නට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවට තොරතුරු හෙලි වනවා. දුරකථනය සමග පැමිනෙන 3.5mm  ප්‍රමානයේ headphone jack සබදතාවයට ගැලපෙන ආකාරයට නිමව එන මෙම උපාංගයට  credit, debit card වල වන magnetic strip කියවීමේ හැකියාව සමග ක්‍රියාත්මක වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. නොමිළේ එන මෙම dongleය හා app මෘදුකාංගය භාවිතයේදී වන ගනුදෙනු වලින් කුඩා ප්‍රතිශතයක් අයකරන්නට නියමිත බවටත් කියවෙනවා. මේ සදහා වන pilot programය එලබෙන වසරේ එනම් January-February 2015 ආරම්භ වනු ඇති බවට දැක්වෙනවා.

2014-11-18

Microsoft වෙතින් 'critical' මට්ටමේ හදිසි security patch නිකුතුවක් සිදුවේ!!

  Microsoft සමාගම නිවේදනය කරන්නේ සාමාන්‍ය පිලිවෙතින් බැහැරව තමන් 'critical' මට්ටමේ ආරක්ෂක පිලිසකර ( security patch )යක් මේ වන විට නිකුත් කොට ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත පන ගන්වන්නට වන ආකාරයේ මෙම පිලිසකරය Windows Server 2003, Windows Vista, Windows Server 2008, Windows 7, Windows 8 and 8.1, Windows Server 2012  Windows Server 2012 R2, Windows RT  Windows RT 8.1  Windows 10 Technical Preview ආදී වන සියලුම සංස්කරන සදහා අදාල වන බවත් හැකි ඉක්මනින් තම පරිගණක වල ස්ථාපනය කර ගැනීම වැදගත් වන බවත්ය. ආයතනය තවමත් මෙම පිලිසකරයට අදාලවන දුර්වලතාවය පිලිබදව නිවේදනයක් නිකුත් කර  නැති අතර  10 A.M. PST වෙලාවට නිකුත්වූ මෙම පිලිසකරය එම නිකුතු වෙලාවෙන් පැය 3ක් ගතවන විට පරිගණකයේ Windows Update  ඔස්සේ ලබා ගත හැකි බවට විස්තර කෙරෙනවා. පෙර අවධීයෙහි ආයතනය මෙවැනි පිලිසකරයන් ඉලක්කවන දුර්වලතාවයන් පැහැදිලි කෙරෙන සවිස්තරයක් නිකුත් කරන්නට කටයුතු කල මුත් එම තොරතුරුම පහර දෙන්නන් යොදා ගැනීමේ ප්‍රවනතාවය නිසාම පසුව එම ක්‍රම වේදය අත්හැර දමන්නට කට යුතු කරනු ලැබුවා.

Windows 10 සමග සියලු උපාංග සදහා එකම මෙහෙයුම් පද්ධතියක(Continuum) බව පැමිනෙමින් ඇත...

    Microsoft ආයතනයට Windows 8 සමග අවශ්‍යවූ ප්‍රවනතාවයක් වන්නේ Desktop මතට සිරව තිබූ ප්‍රධාන තොරතුරු තාක්ෂණ භාවිතය ඉන් මිදී ජංගම උපාංග අතර නිදහස් වන මෙහෙයුම් පද්ධතියක් ‍රැගෙන ඒමය. ආරම්භය මදක් වැඩි දුර පියවරකින් ඇරබෙන ලදී. සියලු පද්ධති සදහා එකම UI භාවිතාවකට කැදවන්නට මෙන්ම ප්‍රධාන ස්ථාන ගතවීම වඩාත් ජංගම ගතියෙන් යුත් දෘඩාංග පරිසරයකට කැදවන්නට ඔවුන් කටයුතු කරන ලදී. Surface වැනි ඔවුනගේ ම දෘඩාංග හදුන්වාදෙමින් තම නව නිකුතුව වඩාත් භාවිතාකරන්නන් අතර තහවුරු කරන්නට සැලසුම් වන ලදී. සමහර විටක ඔවුන් සැලසුම් කරන්නට යොදාගත් දත්ත නියැදිය වැරදුනා විය හැකිය. Windows 8 මෙන්ම Surface උපකරනය එතරම් සාර්ථක නොවිනි. ආයතනික මට්ටමේ භාවිතාව XP වලින් ඉවතට ගැනීම ඉබිගමනින් සිදුවූ අතර සාමන්‍ය භාවිතාකරන්නන් අතරWindows 8 භාවිතාව ක්‍රමයෙන් මුත් සෙමින් ඉහල පැමිනෙමින් තිබේ.
                                             Windows 10 සැලසුම් වූවේ වඩාත් සැලකිලිමත්ව විය යුතුය. windows 8 සමග සැලසුම් වූ එකම UI සීමාව ඉක්මවමින් එකම app store එකකට මෙන්ම  සාම්ප්‍රධායික ඩෙස්ක් ටොප් භාවිතාව හා Modern මුහුනත අතර වූ වෙනස් කම් සමනය කරන්නට Modern appඑකක් සංක්‍රියකරවන්නට පැරනි DeskTop මුහුනත ඉඩ ලැබීම මෙන්ම අහිමිකර තිබූ Task Bar පහසුව එහිම පසු සංස්කරන ඔස්සේ නිවැරදි කර දමන්නට කටයුතු කෙරින. Windows 10 සමග එකම මෙහෙයුම් පද්ධතියක් සියලු උපාංග සදහා සංකල්පය නැවත වඩාත් ප්‍රායෝගිකව පැමින තිබේ. ස්ථාපනයේදී අදාල දෘඩාංග සදහා වඩාත් ගැලපෙන මෙහෙයුම් පද්ධති අංගයන් ස්වංක්‍රීයව සැලසුම් වෙමින් පැමිනීම(Continuum)  ප්‍රධාන තම කැපී පෙනෙන ලක්ෂනයක් බව හදරන්නන් පවසමින් සිටී. දැනට පැමිනෙමින් ඇති පෙර සංස්කරන ඔස්සේ මෙහි යම් යම් ස්වභාවයන් හදාරන්නන් මේ වන විටත් හඳුනාගන්නට උත්සාහ කරමින් සිටී

2014-11-16

Windows 10 සමග Cortana පැමිනෙන බවට තොරතුරු හෙලිවේ.....

  ගෙවී ගිය සතියේ Windows 10 build 9879 සංස්කරනයක් නිකුත් කරන්නට ඹිච්‍රොසොෆ්ට් ආයතනය කටයුතු කර තිබිනි. එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත අවසන් සංස්කරනයට පෙර වේගවත් පෙර සංස්කරන පෙලක් ඔස්සේ භාවිතාකරන්නන් අතරින් වඩාත් සමීපතම අවසන් සංස්කරනයක් සදහා සූදානම් වීම සිදුවෙමින් පවතී. මෙම දැටන ඇති අවසන් පෙර සංස්කරනය සමග ඡොර්ටන පිලිබදව හෝඩුවාවන් කිහිපයක් දක්නට ලැබෙන බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Sඋර්ෆචෙ සදහා ඡොර්ටන සෙට්ටින්ග්ස් ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු මකා දමන්නට පහසුකම් පැමිනීම ඔස්සේ මේ බව සනාත වෙමින් තිබෙනවා. Setting වල 'privacy'  කොටසේදී  පැමින ඇති මෙම අංගය සමග උපාංගයේ තැන්පත් වන භාවිතාකරන්නාගේ තොරතුරු  (personalization data)  උපාංගයෙන් ඉවත්කර දැමීම සදහා මෙම අංගය යටතේ ඉඩ සැලසෙන බවටයි විස්තර කෙරෙන්නේ. ඊට අමතරව cloud based ආකාරයට තැන්පත් වන තොරතුරු ඉවත්කර ගැනීම සදහා Bing වෙතට පිවිසෙන්නට සිදුවෙන අතර දැනටමත් Windows Phon සමග මෙම සැකසුම් දැනටමත් මෙම අංග ක්‍රියාත්මක අතර Windows Desktop සදහා පැමිනීමට නියමිත බවට පෙර හෝඩුවාවන් ලෙසට හදාරන්නන් මෙම පැමින ඇති අංග හදුන්වා දෙනවා.

2014-11-13

Windows 10 හි Technical Preview build 9879 නිකුත්ව ඇති බවට නිවේදනය වනවා....

  Microsoft වල ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය සදහා දැනට නිකුත්ව ඇති Technical Preview පෙලෙහි මීලග සංස්කරනය තමන් නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. (Windows 10)Technical Preview build 9879 ලෙසට නම් වන මෙම සංස්කරනය Windows Update ඔස්සේ ලබා ගන්නට හැකිව පවතින බවටත් ඔවුන් ප්‍රකාශකර සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නෙ නව සංස්කරනය සමග දුර්වලතා කිහිපයක්ද වන බවයි. ඒවා අතර black screen මෙන්ම සමහර පද්ධති සදහා disk growth ප්‍රමානය 20GB දක්වා අවශ්‍ය වීම සහ අදාල app minimized කිරීමේදී Skype ඇනහිටීම මෙන්ම Music  ධවන ඇනහිටීම ඇතුලු කිහිපයක් වන බවට හෙලිවෙනවා. මෙම දුරවලතා සදහා පිලිසකර කඩිනමින් පැමිනෙනු ඇති බවටත් ඔවුන් පවසනවා. නව සංස්කරනය සමග වන අංග අතර පෙරදී පැමිනි Task Bar වල වන Search හා Task View buttons අවශ්‍යනම් Hide කිරීමේ හැකියාව දැක්වෙනවා. එසේම නව trackpad gestures කිහිපයක්ද වනවා. පෙර බලපොරොත්තු වූ පරිදි Windows Media Player  ඔස්සේ MKV  ගොනු ධාවන හැකියාවද වන බවටයි දැක්වෙන්නේ. මෙම නිකුතූන් භාවිතයෙදී තමන්ගේ ප්‍රධාන පරිගණකය භාවිතයෙන් වැලකී සිටීම හිතකර වනු ඇති බවට Microsoft ආයතනය පැහැදිලිව දක්වා ඇත්තේ තවමත් ස්ථීර අවසන් මට්ටමේ සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන සංස්කරනයක් තමන් නිකුත්කර නොමැති බැවින් බවටයි.

2014-11-10

Cortana නම් Microsoft වෙතින් එන තොරතුරු සහයකාවිය...

    Microsoft තම  intelligent personal assistant  මෘදු සහය Phone , Band මෙන්ම windows os වෙතට ක්‍රමයෙන් මුද හරිමින් තිබෙන්නේ CORTANA නමින්ය. ආයතනය ප්‍රථමයෙන් මෙම අංගය විස්තර කරනු ලැබුවේ 2014 අප්‍රේල් පැවති Microsoft BUILD වලදීය. ආනාගත මෙහෙයුම් පද්ධති සදහා පැමිනෙන තීරනාත්මක භාවිතාවක් වනු ඇති බවට පැහැදිලි කරමින් පැමිනි මෙම අංගය සමග උපාංගය තුල මෙන්ම වෙබ් ආකාරයට පවතින දෑ සොයා දෙන්නට, භාවිතාකරන්නා වෙතට සැලසුම්ව ඇති අනාගත කාරනා මතක්කර දෙන්නට මෙන්ම අවශ්‍ය විටකදී සංනිවේදනය කරන්නට සූදානම්ව  ඇති අතර People , Places, Calender, Information ලෙසට Cortana හැකියාව ඇසුරු කරනු ලබන තොරතුරු අවකාශයන් වර්ග කර සිටින්නට කටයුතු කරනු ලබනවා. මෙම අංගයට භාවිතාකරන්නා විසින් පෙර සැලසුම් කරන ලද Comand කිහිපයකට සීමාවීම වෙනුවට ඔහුගේ natural voice සදහා සංවෙදීවන්නට හැකිවීම වඩාත් සිත්ගන්නා ලක්ෂනයක් වනු ඇති අතර එය දැනට indows Phone 8.1 සමග ඇමරිකානු භවිතාකරන්නන්ට මෙන්ම චීන හා බ්‍රිතාන්‍ය භාවිතාකරන්නන් සදහා නිකුත්ව තිබෙනවා. මීට අමතරව බීටා මට්ටමින් මෙම හැකියාව  India, Canada , Australia භාවිතාකරන්නන්  සදහ විවෘතව ඇති අතර 2014 වසර අවසානයේදී හෝ 2015 මුල් භාගයේදී සමස්ථ ලොකය පුරා වන තම භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට සැලසුම්ව ඇති බවට තොරතුරු හෙලිවනවා.

2014-11-09

Windows 10 Technical Preview මිලග සංස්කරනයන් සමග...

    මේ වන විට Windows 10 Technical Preview වල මීලග සංස්කරනයක තොරතුරු හෙලි වෙමින් පවතිනවා. build 9879 ලෙසට වන එම සංස්කරනය සමග multi-tasking (virtual desktop) හා taskbar වල පැමින තිබූ search buttons හැකියාවන් අනවශ්‍ය අයෙකුට ඉවත්කර තැබීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. පෙර කී හැකියාවන් ගෙනෙන Buttons දැනට භාවිතාවෙමින් ඇති Windows 10 Technical Preview  සංස්කරනය සමග ප්‍රථම වතාවට හදුන්වා දෙනු ලැබුවා. වඩාත් නම්‍ය භාවිතාවක් ලබා දෙන මෙන්ම පැහැදිලි භාවිතවක් ගෙනෙන මීලග මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ ආයතනික මෙන්ම පුද්ගල භාවිතාව තුල ස්ථාරවීමේ අවශ්‍යතාවයට ප්‍රධාන තැනක් දෙමින් පැමිනෙන මෙම නව සංස්කරන ඔස්සේ ඉදිරියේදී පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන අංගයන් ලෙසට lock-screen  හැකියාවක් හා notification center හැකියාවක් ගැන දැනටමත් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.

2014-11-07

දැන් Microsoft Office සියලු Mobile තල සදහා නොමිළේය...

  Office මෘදුකාංග කට්ටලය Microsoft හි ප්‍රධානතම වෙලඳ ඉදිරිපත් කිරීමක් ලෙසට වූ කාලය අවසන් කරන්නට එම ආයතනය තීරනය කර තිබෙනවා විය හැක. සමස්ථයක් ලෙසට ආයතනයේ ව්‍යුහයේ සිදුවෙමින් ඇති වෙනස්කම් සමග ඔවුන් නිවේදනය කරන්නේ Mobile උපාංග සදහා Office මෘදුකාංගය ව්‍යාපාරික නොවන භාවිතාවේදී සම්පූර්නයෙන් නොමිළේ යොදා ගත හැකි බවයි. එම ආයතනය 2013 සිට iPhone සදහා ද මෙම වසරේ සිට iPhad සදහාද app එකක් ලෙසට Office 365 subscription නොමැතිවද සීමිත හැකියාවන් තුල Office නොමිළේ භාවිතාවට අවස්ථාව ලබා දී තිබූ අතර ගෙවී ගිය දිනයේදී ආයතනය නිවේදනය කර සිටියේ Android tablets සදහාද Office නිකුත්කර සිටින බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ වෙනස් වන ලෝකය තුලදී භවිතාකරන්නන් සදහා සියලුම උපාංග අතර පහසුවෙන් Office භාවිතාවට දැන් අවස්ථාව ඇති බවයි.විචාරකයින් යෝජනා කරන්නේ ආයතනයෙන් ගිලිහෙන Mobile මට්ටෙම භාවිත තලය නැවත ආකර්ශනය කර ගැනීමට මෙම නව පියවර අනු ගමනය කරමින් සිටින බවකි.

2014-11-05

Skype වල real-time translation පහසුවේ public preview සදහා දැන් අයදුම් කල හැක.

  මෙම වසර මුල් භාගයේ Microsoft හි CEO වරයා Satya Nadella ප්‍රකාශකර සිටියේ Skype වලදී real-time translation පහසුව (audio , video calls) සූදානම් වෙමින් තිබෙන බවයි. මේ වන විට පැවසෙමින් ඇත්තේ public preview මට්ටමින් එම පහසුව විඳින්නට මේ වන විට අයදුම් කරන්නට හැකි බවයි. තොරතුරු තාක්ශනය ගෙනෙන ලද බොහෝ හැකියාවන් අතර තවත් කැපී පෙනෙන පහසුවක් වෙමින් භාවිතාකරන්නන්ගේ ජීවිත වලට වඩාත් අපූරත්වයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවට හදාරන්නන් අවධාරනය කෙරෙන මෙම real-time translation හැකියාව ඔස්සේ භාෂා බාදකය පහසුවෙන් ජය ගන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම වසර අවසානයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම පහසුව පලමුවෙන් Windows 8.1/ Windows 10  සදහා වනු ඇති බවටත් පසුව අනෙකුත් පද්ධති සදහා වනු ඇති බවටත් තොරතුරු පලවනවා. මුල් භාගයේදී සීමිත භාශා ප්‍රමානයකට සීමාවනු ඇති මුත් පසුව ක්‍රමයෙන් වැඩි භාශා පහසුවක් මෙම සේවාව යටතේ ලැබෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
http://www.skype.com/en/translator-preview/?intcmp=blogs-_-generic-click-_-skype-translator-early-preview-sign-up-opens-today

2014-10-31

Microsoft වෙතින් එන Band පිලිබදව වැඩි දුර තොරතුරු කිහිපයක්....

   Microsoft වෙතින් පලඳින ආකාරයේ නිකුතුවක් පැමිනෙන බවට කල සිට තිබුනේ බලාපොරොත්තුවකි. ඒ පිලිබදව නෙක ආකාරයේ අකාවැකි පලවෙමින් තිබෙනද ලදී. සමහරුන්ට අනූව SmartWatch තරග කරුවෙකුගේ පිවිසීමක් බලපොරොත්තුවුවද විටින් විට පලවූ අනවැකි වෙතින් පැහැදිලි වෙමින් තිබූ කාරනාවක් වූවේ එය භාවිතාකරන්නාගේ සෞඛ්‍ය ජීවිතයට වැදගත් සහයකයෙකුව වෙමින් පැමිනෙනු ඇති බවකි. අවසානයේ ගෙවී ගිය දිනයකදී Microsoft වෙතින් එම නිකුතුව නිවේදනය වන ලදී. භාවිතාකරන්නාගේ  SmartWatch භාවිතාවට සහයකුවෙමින් ඒ වෙතට පැමිනෙන ඊමේලයන්, පනිවුඬයන් ආදිය සදහා දුරකථනයම බහාලනයෙන් ඉවතට ගැනීමට අත්‍ය අවශ්‍ය නොවන සහයක් එය ‍රැගෙන විත් තිබූ අතර ප්‍රධානපෙලේ සියලුම මෙහෙයුම් පද්ධති තල සමග සහයෙන් කටයුතු කරන්නට හැකිව එය පැමින තිබිනි.  වැදගත්ම එය සතු අංගයව තිබුනේ එයටම ස්ථාපිතව පැමිනෙන සංවේධකයන් 10ක් ඔස්සේ භාවිතාකරන්නාගේ සෞඛ්‍ය තොරතුරු ‍රැස්කර දෙන්නට සමත්ව තිබීමය. සමස්ථයක් ලෙසට attractive fitness tracker ලෙසට අර්ථ දක්වන්නට සූදානම්ව පැමිනි මෙම නිකුතුව ඔස්සේ භාවිතාකරන්නාගේ පියවර ප්‍රමානයේ සිටම මානසික ආතති මට්ටම දක්වා තොරතුරු නිරාවරනය කර දෙන සූදානම් වන බවටයි පැවසුනේ. Microsoft හි  HealthVault දත්ත තලය ඔස්සේ මෙම තොරතුරු භාවිතාකරන්නගේ සෞඛ්‍ය උපදේශකවෙතට දක්වා සුරක්ෂිතව සංනිවෙදනය කර දෙන්නට දක්වා පුලුල් පරාසයක එය සූදානම්ව සිටින බවටයි ඔවුන් හෙලිකර සිටියේ.සරලව භාවිතාකරන්නාගේ දින සැලසුම් වල සිට නිදන, ආහාර , ව්‍යායාම වැනි මෙකී නොකී සියලුම සෞඛ්‍යමය තොරතුරු සදහා මැදිහත් වීමක් මෙම උපාංගය ගෙනෙන බවටයි අවසාන වශයෙන් හෙලි වන්නේ. 
                                  දැනට US සීමාවතුල පමනක් නිකුත්වන්නට නියමිත මෙම පැමිනීම විනාඩි 90ක බලගැන්වුමක් සමග පැය 48ක ක්‍රියාත්මක කාලයක් ලබා දෙන බැටරියකින් සමන්විත වන අතර ඩොලර් 199කට මිලව තිබෙනවා. දැනට වන තොරතුරු හෙලි කරන්නේ US තුල මෙම උපාංගය වෙනු වෙන් සැලකිය යුතු අවධානයක් ලබා ගන්නට සමත්ව ඇති බවත් Online ආකාරටද ඇනවුම් කිරීමේ අවස්ථාව දැන් විවෘතව ඇති බවකි.

2014-10-30

Microsoft wearable deviceය නිවේදනය වේ!!!!

 මෑත කාලීනව හදාරන්නන් අතර අවධානයක් ලබා සිටි නිකුතුවක් මේ ව්නා විට Microsoft වෙතින් නිවෙදනය වී තිබෙනවා. Microsoft වෙතීන් පැමිනෙන Wearable උපාංගය කෙවිනි නිමවෙවුමක් ගනීදැයි යන්න අවස්තා කිහිපයකදීම කරලියට පැමිනි මාතෘකාවක් වූ අතර Microsoft සමාගම මේ වන විට ඩොලර් 199ක් මිලකට එලබෙන Thursday වන විට වෙළඳ පොල වෙතට පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටින්නේ.මෙම උපාංගය සමග වන අනෙකුත් විශේෂතා අතර එය සියලුම ප්‍රධාන මෘදුකාංග තල සමග සහයොගයෙන් ක්‍රියාකරන්නට හැකිව පැමිනීම වනව. ඒ අනූව Windows, Windows Phone, OS X, iOS, හා  Android යන සියලුම මෘදු පරිසරයන් සමග එය සහයෝගයෙන් කටයුතු කර නු ඇති බවට නිවේදනය වනවා.
               භාවිතාකරන්නාගේ සෞක්‍ය තොරතුරු (daily fitness goals) හැදෑරීම මෙහි ප්‍රධාන අංගයක් වනු ඇති අතර (tracking your steps and how far you have run/walked by using the GPS in your phone) දුරකථනය වෙතට පැමිනෙන email messages, calendar reminders, phone calls received, text messages, social updates (such as Facebook and Twitter), weather, finance සම්බන්දිත notifications  ලබා ගැනීමට හැකිවීම අනෙකුත් ප්‍රධාන අංගයක් වනවා. එක බැල ගැන්වුමකදී පැය 48ක සේවාවක් ලබා දෙන්නට හැකි බැටරි බලයකින් සමන්විතවන මෙය සංවේදක (sensors) ඔස්සේ ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නගේ stress මට්ටම  හැදෑරීමක් දක්වා පරසයක තොරතුරු ‍රැස්කිරීමකට සමත්  බවට පැහැදිලි කෙරෙනවා. smartwatch හා smart fitness device අතර ගැනෙන device එකක ලෙසට මෙම උපාංගය ස්ථාන ගත කල හැකිවනු ඇති බවටයි හැදෑරෙමින් ඇත්තේ.

2014-10-29

Office16 2015 මැද භාගයේ පැමිනේවි....

   Microsoft සමාගමේ නිෂ්පාදනයන් අතරින් දෙවන ප්‍රධානතම මෘදුකාංග නිකුතුව ලෙසට සැලකෙන්නේ Office මෘදුකාංග කට්ටලය වේ. වෙනම පරිගණකය මත ස්ථාපිතව භාවිතාකල හැකි ගොනුවක් ලෙසට මෙන්ම Online ආකාරයට භාවිතාකල හැකි පහසුවක් ලෙසට මේ වන විට මෙම මෘදුකාංගයන් ලොව පුරා මිලියන ගනනකගේ භාවිතාව ලබමින් ඇති බවටයි ගනනය වන්නේ. පලවන තොරතුරු හෙලිකර සිටින්නේ 2015 මැද භාගය වන විට Microsoft Office හි මීලග සංස්කරනය පැමිනීමට නියමිත බවකි. දැනට සීමිත පිරිසක් අත අත් හදා බැලෙමින් ඇති පෙර සංස්කරන මට්ටමේ ඇති පවතිම මෙම මෘදුකාංගය 'black' visual theme නිමාවකින් යුතුව Office 16 ලෙසට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-10-28

Bing සමග emjois ලෙසට සෙවුමකටද ඉඩ.

  තරුන පරපුර අතර වඩාත් ආකර්ෂනීය අදහස් හුවමාරු මාධ්‍යයක් ලෙසට තම හැගීම් පලවන අයිකන භාවිතය දක්නට පුලුවන . Bing සෙයුම් යාත්‍රනය සදහාද ඉදිරියේදී මේ ආකාරයේ අයිකනයන් භාවිතාකරමින් සෙයුමක් කරන්නට අවස්තාව ලැබෙන බවටයි දැක්වෙන්නේ. Bing Team වෙතින් පලවන නිවේදනයයක් පවසන්නේ මේ වන විට English භාවිතාකරන්නන් අතර emjois භාවිතාකරමින් සෙවුමකට අවස්ථාව මුදා හැරෙමින් ඇති බවයි. ක්‍රමයෙන් සංකීර්න වෙමින් ඇති සෙවුම් භාවිතාව සදහා මේ ආකාරයට සාම්ප්‍රධායික ක්‍රම ඉක්මවන නව භාවිතාවන් පැමිනීම වැදගත් වනු ඇත.

මෙම මස අවසානයේ සිට Windows 7 බලපත්‍ර නිකුතුව අවසන්ව් අනු ඇත....

  දෑනට සැලසුම්ව ඇති ආකාරය අනූව මෙම මස අවසානයේ සිට Microsoft වෙතින් Windows 7 හි Ultimate, Home, Basic සංස්කරන සදහා බලපත්‍ර නිකුත්කිරීම අවසන් වන බවටයි නිවේදනය වන්නේ. තවමත් Pro සංස්කරනය සදහා බලපත්‍ර නිකුත්කිරීම සදහා වන අවසන් දිනයක් ප්‍රකාශයට පත්ව නැති අතර එම අනෙකුත් Windows 7 සංස්කරන ‍රැගත් පරිගණක වෙළඳ පොලෙන් ක්‍රමයෙන් ඉවත්වීම එතැන් සිට ඇරබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Dell , HP වැනි ආයතනය දැනටමත් ලබා ගෙන ඇති බලපත්‍ර සමග පැමිනෙන Windows 7 පරිගණක අවසන් වීමත් සමග වෙළඳ පොල තුලින් මෙම අවසන්වීම සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනික මට්ටමේ භාවිතාවට windows  8 ආයතනය බලාපොරොත්තු වූ මට්ටමකට නොපැමිනීම Pro සංස්කරනය සදහා මෙම අවස්ථාව උදාකර දී ඇති බවට හදාරන්නන් යෝජනා කරන අතර පැමිනෙන නව Windows 10 සංස්කරනය සමග Pro සංස්කරනයේ නිකුතූන් සදහා අවසන් දින නිකුතුවට  දින යෙදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙසේ බලපත්‍ර නිකුතුව අවසන් වූවද ඉදිරි වසර ගනනාවක් තුල මෙමසංස්කරන සදහා යාවත්කාලීන පැමිනීම සිදුවන්නට නියමිතය.

2014-10-26

පෙර ස්ථාපිතව පැමිනෙන මෘදුකාංග සදහා එකග නොවන්නේ නම් ආපසු එම මුදල ලබාගත හැකියි. Italian Supreme Cour

   තීරනාත්මක අධිකරන තීන්දුවක් ඔස්සේ මෘදුකාංග ස්ථාපිතව වෙළඳ පොලට පැමිනෙන උපාංග පිලිබදව යලි විමසීමකට අවස්ථාවක් පැමින තිබෙනවා. එම අධිකරන තීන්දුව ප්‍රකාර කියවෙන්නේ පරිගණකය හා මෘදුකාංග යනු සමහර අවස්ථාවලදී මෙන් අනිවාර්ය සංයෝජන අවශ්‍යතා නොවන නිසා වෙන් යමෙක් පරිගණකයක් මිලදී ගැනීමේදී එහි ස්ථාපිතව ඇති මෘදුකාංග වලට ගෙවීම අනිවාර්ය ලෙසට සම්මතයක් පැවතියද ඔහු පලමු වරට පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී එම මෘදුකාංගය සමග එන කොන්දේසි හා එකගතා ප්‍රතික්ශේප කරන්නේ නම් අදාල මෘදුකංග සදහා අයකරනු ලැබූ මුදල් ආපසු ලබා ගැනීමේ අයිතිය එම මිලිදී ගැනුම්කරු සතුවන අයිතියක් වන බවයි. Microsoft pre-installed OS සමග මිලදී ගැනීමකදී ඉතාලියානු ගැනුම් කරුවෙක් එම මෙහෙයුම් පද්ධතිය සදහා ගෙවීමක් කරන්නට තමන්ට අනවශ්‍ය හා එම මෘදුකාංග ආයතනයේ කොන්දේසි ප්‍රථික්ශේප කිරීමකදී ඒ සදහා තමන් ගෙන් අයකරන ලද මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලා 2005 වසරේදී අධිකරනය වෙතින් ඉල්ලා සිටිමට සවන් දුන් අධිකරනය මෙම නිගමනයට පැමිනි බවටයි වාර්ථාවන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...