2013-04-30

ස්කයිප් හා Outlook.com එකිනෙක යාවීම ඇරබේ..........

        මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට තම අවුට්ලුක් වෙබ් අඩවිය මූලික මේල් සේවාව සඳහා ස්කයිප් හි පෙර සංස්කරනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනූව Outlook.com වෙබ් අඩවියේ සිටම භාවිතාකරන්නෙකුහට ස්කයිප් ඇමතුමක් මෙන්ම ක්ශනික පනිවිඬයක් යැවීමේ හැකියාව ලබෙනු ඇත.බ්‍රවුසර ප්ලගීනයක්(browser plugin) ලෙසට මෙම පහසුව ලබාගත හැකි වනු ඇත. දැනට එක්සත් රාජධානියේ භාවිතාකරන්නන් වෙත පමනක් නිකුත්ව ඇති මෙම අත්හදා බැලීමේ සංස්කරනය මීලට ඇමරිකානු භාවිතාකරන්නන් හටත් ජර්මානු භාවිතාකරන්නන් හටත් ඉන් අනතුරුව ක්‍රමයෙන් සෙසු භාවිතාකරන්නන් වෙතටත් මුදා හැරීමට සැලසුම් කර ඇති බවටයි ආයතනය පවසන්නේ. ආයතනය ලබා දෙන උපදෙස් වලට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා, ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් යන සියලුම ප්‍රධන පෙලේ බ්‍රවුසරයන්ගේ නව සංස්කරනයන් සදහා එම නව ප්ලගීනය බාගත කර අනතුරුව තම ස්කයිප් ගිනුම Outlook.com වෙතට සම්බන්ද කරගත යුතු බවට හා දැනට ස්කයිප් භාව්තාකරමින් සිටින්නන් සදහා තම ස්කයිප් ගිනුම Outlook.com අඩවිය හා සම්බන්ද කර ගැනිමේන්  මෙම පහසුව අත්විඳින්න හැකිවනු ඇති බවටයි .මයික්‍ර සොෆ්ට් ආයතනය ස්කයිප් සේවාව වසර කිහිපයකට පෙර මිළඳී ගන්නට තීර්නය කරන ලද අතර Outlook.com යනු එම ආයතනයේම නොමිළේ ලබා දෙන ඊමේල් සේවාවක්ද වනවා.

2013-04-27

වඩාත් ස්වාභාවික වෙමින් ඇති ග්‍ර‍ෆික් තාක්ශනය......

       පරිගණක ක්‍රීඩා ප්‍රමුක ග්‍ර‍ෆික් ආකාරයේ ගොඩ නැගීම් පරිගණක හැකියාවන්ගේ එක් හැකියා මායිමක අපූරත්වය මනාව පෙන්වන්නෙකි. වේගයෙන් දියුනු වන ප්‍රොසෙසර් හැකියාවන් එම ග්‍ර‍ෆික් ගොනැගීම් වඩාත් ස්වාභාවිකත්වයට ‍රැගෙන යන්නේ හෙට දිනයේ නිර්මාණය විය හැකි වඩාත් අපූර්න අත්දැකීම් පිලිබදව සිතන්නෙකුව අසරන කරමින්ය. ප්‍රකට NVIDIA  ආයතනයේ වැඩසටහන් නිර්මාණකරුවෙකු ගෙවී ගිය සතියේ අන්තර්ජාලය වෙත මුදා හැරතිබූ වීඩියෝ පටයකින් හදුන්වාදුන්නේද එවන් අපූරු අත්දැකීමකි. වඩාත් ස්වාභාවිකව හැසිරෙන ජල රලක ස්වභාවය පෙන්වන මෙම ගොඩ නැගීම ඔහු හදුන්වාදී තිබුනේPosition Based Fluidsලෙසටය. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිසෙන ඔබටත් එම වීඩියෝව නැරබීමේ හැකියාව ලැබෙනු ඇත.
 
 

2013-04-26

ක්‍රොම් බ්‍රවුසරය ඔස්සේ මයික්‍රොසොෆ්ට් ඔෆීස් ගොනුද දැන් දිග හැරිය හැක.......

          මයික්‍රසොෆ්ට් මෘදුකාංග අතර ඔෆීස් මෘදුකංගයට භාවිතාව තුල හිමි වන්නේ ඉහලම ස්ථානයකි. අද ගූගල් ආයතනය පැවසුවේ තම ක්‍රෝම් බ්‍රවුසරය තුල මයික්‍රසොෆ්ට් ඔෆීස් ගොනු දිග හැරීමට සහයවන මෘදු සහයකයෙකු ගේ බීටා සංස්කරනයක් තමන් නිකුත්කර බවයි.  Chrome Office Viewer ලෙසට නම් වන මෙම හදුන්වාදීම  ඔස්සේ වැර්ඩ්, එක්සෙල් , පවර් පොයින්ට් වැනි ගොනු ක්‍රෝම් බ්‍රවුසරය මතදීම දිග හැරීමට හැකිවන අතර එම අත්දැකීම ක්‍රෝම් මතදී පීඩීඑෆ් ගොනුවක් කියවීමේදී ලැබෙන අත්දැකීමට සමාන වනු ඇති බවටයි පැවසෙන්නේ. ගූගල් ආයතනය මීට පෙරදී මෙම පහසුව ක්‍රෝම්බුක්  භාවිතාකරන්නන් හට පමනක් හිමිවන ලෙසට නිකුත්කර තිබූ අතර මෙතැන් සිට සියලුම භාවිතාකරන්නන් හට විවෘත වනු ඇත. ගූගල් පවසන්නේ තවමත් බීටා මට්ටමේ පවතින මෙම සංස්කරනය සමහර විටක මද ගැටලු සහිත බවක් පෙන්වන්නට ඉඩ ඇති මුත් ඉදිරියේදී නිකුත්වන සංම්පූර්න සංස්කරනය සමග එම ගැටලු සහිත බව විසදෙනු ඇති බවය.එසේම ආයතනය පවසන්නේ දිග හැරෙන ගොනු වෙතින් පෞද්ගලික කරුනු අන්සතුවීම වැලක්වීම සදහා සැන්ඩ් බොක්ස් ආකරයේ ආරක්ශක උපංක්‍රමයන් වලින් මෙම නව හදුන්වාදීම සම්න්විත වන බවය.
https://chrome.google.com/webstore/detail/chrome-office-viewer/gbkeegbaiigmenfmjfclcdgdpimamgkj?hl=en#detail/chrome-office-viewer/gbkeegbaiigmenfmjfclcdgdpimamgkj?hl=en

මයික්‍රසොෆ්ට් ආයතනයත් "ඔන් ලයින්" වෙළඳ පොලට පිවිසෙයි!!

          ඔබගේ නෙක පාරිභෝගික අවශ්‍යතාවන් සදහා දිනකට වෙබ් අඩවි කිහිපයක් කරා යන්නට සිදුවීම සාමන්‍ය කරුනකි.වඩාත් හොදම වෙළඳ විසදුම වඩත් අඩුම මිළකට ලබා ගැනීම ඔබගේ ඉලක්කය වනවා ඇත. මයික්‍රසොෆ්ට් ආයතනය අද හදුන්වාදුන් වෙළඳ අඩවිය ඔස්සේ ඇමරිකානුවෙකුට පහසුවෙන් තම අවශ්‍යතාවයන් මිළදී ගැනීමේදී එකම අඩවියකදී තමන්ට ඇති විවිධ නිෂ්පාදන විසදුම අතරින් වඩාත් ගැලපෙන මිලදී ගැනීම සිදුකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ආයතනය පවසන්නේ වෙළ්ඳ නාම , කී වර්ඩ් , වර්ගීකරනයන් වැනි විවිද ක්‍රම ඔසේ තම අවශ්‍ය තාවය වඩාත් පහසුවෙන් හොයා හදුනා ගන්නට සහය වන මෙම නව වෙළඳ අඩවිය මත සියලුම ජනංප්‍රිය මට්ටමේ වෙළඳ භාණ්ඩ මෙන්ම සේවාවන් පිලිබදව තොරතුරු ලබා ගන්නට හැකිවනවා මෙන්ම ඊමේල් වැනි පහසුවක් ඔස්සේ ඉදිරියේදී අඩවිය මත පලවන වෙළඳ විසදුම් පිලිබදව කරුනු දැන ගැනීමේ අවස්ථාවද තම භාවිතාකරන්නන් හට ලැබෙනු ඇති බවයි.

http://www.bing.com/offers#/e42a438e-79d9-76e9-4c93-5beade890f66

උබුන්‍ටුහි නවතම සංස්කරනයක් නිකුත්වේ....

     ලොව වඩාත්ම ජනංප්‍රිය නිදහස් මෙහෙයුම් පද්ධතිය වන උබුන්‍ටු හි නවතම සංස්කරනය මේ වන විට අන්තර්ජාලයවෙත මුදා හැර ඇති බවටයි නිවේදනය වෙන්නේ.  Raring Ringtail හෝ Ubuntu 13.04 ලෙසට හදුනා ගත හැකි මෙම මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනය සමග භාවිතාකරන්නාහට එක එල්ලේ හදුනා ගත නොහැකි මුත් අභ්‍යන්තරිකව ක්‍රියාත්මක වන දියුනු කිරිම් රාශියකින් මෙන්ම සාමන්‍ය භාවිතාවේදීද හමුවන දියුනු කිරීම් කිහිපයකින්ද සමන්විත වනවා. මාස 6 කට වරක් නව සංස්කරනයක් නිකුත්කිරිමේ රටාවට අනූව නිකුත්වන මෙම සංස්කරනයේ නාමය අප්‍රිකානු වචන භාවිතාවක් ඇසුරින් කර ඇති අතර එහි තේරුම වන්නේ "අනෙකාට මානුෂික" වීම වැනි අදහසක් වන අතර විශාල පිරිසකගේ නොමිළේ වන ශ්‍රම දායකත්වයෙන් යුත්වන මෙවන් නිකුතූන් සදහා මෙම නාමය වඩාත් ගැලපෙන බවටයි විචාරකයින් පවසන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් උබුන්‍ටු හි නවතම සංස්කරනය ලබ ගන්නට හැකිවනු ඇත.
 

2013-04-25

‍ටුවිටර් වෙතටත් "ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමය" අත්හදා බැලෙමින් තිබෙන බවට.......

             ගෙවී ගිය මෑත භාගයේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම ගිනුම් වෙත ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමය හදුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා. ක්‍රමයෙන් බහුලවෙමින් පවතින අනවසර පිවිසීම් පාලනයෙහි ලා තරමක හෝ තවමත් වලංගු භාවයක් දක්වන මෙම ක්‍රමවේදය ෆේස්බුක් වැනි සමාජ ජාලා අඩවි වල පමනක් නොව ගූගල් ආයතනය සපයන සේවාවන් වලදීද භාවිතාකරන්නන් හට ක්‍රියාත්මක කරගන්නට අවස්ථාව ලබාදෙනු ලබමින් සිටිනවා. පැතිරෙමින් ඇති ආරන්චි පවසන්නේ ‍ටුවිටර් ගිනුම් වෙතද මෙම ක්‍රමවේදයේ ආරක්ශාව සැලසීම කෙරෙහි ඔවුනගේ අවධනය ටොමුවි ඇති බවකි. මෑතකදීද අනවසර පිවිසීමක් ඔස්සේ ප්‍රකට පුවත් පතක් සම්බන්ද ‍ටුවිටර් ගිනුමක් මත ලොව බලගතු ස්ථානයක් පිලිබදව පලවූ ව්‍යාජ පුවතක් ක්ශනිකව අවධානය යොමුවීම නිසා පැතිරීම පාලනය කරගැනීමට හැකිවූ මුත් තව දුරටත් මෙවැනි තත්වයන් උද්ගතවීම පාලනය කිරිම සදහා මෙම පියවර ගනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. දැනටමත ආයතන තුල අත්හදා බැලීමේ මට්ටමෙන් ක්‍රියාත්මක මෙම ද්විත්ව පියවර ආරක්ශනය ක්‍රමය ඉතා ඉක්මනින් සාමන්‍ය භාවිතාකරන්නන් සදහාද මුදා හැරෙනු ඇතිබවටයි සටහන් වන්නේ.

තොරතුරු ලෝකයට "ආශ්චර්යමත්" නිෂ්පාදන පෙලක් 2014 ‍රැගෙන එනවා!!! -ඇපල් -

        ඇපල් ආයතනයේ 2013 වසරේ මුල් කාර්තුවේ වෙළඳ ඉලක්ක සපුරාලීම් තෘප්තිමත් මට්ටමක නොපැවතුනද ආයතනය එලබෙන වසරේ නිකුත්වීමට නියමිත නිෂ්පාදනයන් සදහා යුහුසුලුව  කටයුතු කරමින් සිටින බවටයි එහි විධායකයෙකු අද පැවති හමුවක දී පවසා සිටියේ. ඔහු අවධාරනය කොට සිටියේ "ඔබ පුදුමයට පත්කරන ආකාරයේ දෘඩාංග මෘදුකාංග හා සේවාවන් කිහිපයක්ම එලබෙන 2014 වසරේ ‍රැගෙන ඒමට ඇපල් ආයතනය සූදානම් වෙමින් සිටින" බවයි. එතරම් පැහැදිලි කරුනු හෙලි නොවුනද ඔහු පවසා සිටි නව ආරක  නිෂ්පාදන අතර IOS මූලික අයි-වොච් මෙන්ම වෙනස් ආරක් ගත් රූපවාහිනී උපාංගයක් වැනි අත්දැකීම් ඉදිරියේදී ඇපල් ආයතනය වෙතින් බලපොරොත්තු විය හැකි බවටයි විචාරකයින් පවසා සිටින්නේ. කෙසේ මුත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේ තම ආයතනය තවදුරටත් අයිෆෝන් වල වඩාත් සංස්කරන වෙත හෝ අධි පැහැදිලි මට්ටමේ තිර මෙන්ම ඇප් මෘදුකාංග නිෂ්පාදනයේහි ලා ප්‍රමුකත්වය නොලැබෙනු ඇති බවයි.පසුගිය කාලයේ නිකුත්වූ ගනනයන්ට අනූව ඇපල් ඇස් ස්ටෝර්ව වෙතින් ඇප් බාගත කර ගැනීම් බිලියන 45ක් ක් ඉක්මවා ඇති අතර අයි ක්ලවුඩ් සේවාව සදහා මිලියන 300 ක් භාවිතාකරන්නන් ලියාපදිංචිවී ඇති බවයි.

මයික්‍රසොෆ්ට්වෙතින් mount ISO disk image මෘදු ටූලයක් නිකුත්වේ....

මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධති මතදී අයි.ඔ.එස් ඉමේජ් ගොනු  වර්චුවල් ආකාරයෙන් ක්‍රියාත්මක ක්‍රීමට සහයවන මෘදු ටූලයක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා. වින්ඩෝස් 8 සදහා මෙම මෘදු ටූලය අදාල නොවන්නේ එහි ස්වභාවයෙන්ම අයි ඔ එස් ආකාරයේ ගොනු ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පහසුකම් ‍රැගෙන විත් ඇති නිසා වන අතර වින්ඩෝස් 7 හා ඊට පෙර මෙහෙයුම් පද්ධති වලදී මෙම පහසුව සදහා බාහිර මෘදුකාංග නිපදවන්නෙකුගේ සහය බලාපොරොත්තුවීම මෙම නිකුතුව සමග අවසන් වනු ඇති බවටයි සටහන් වන්නේ.
                මෙම මෘදුකාංගය භාවිතය භාවිතාකරන්නා වෙත පූර්න වගකීම පැවරෙන නිකුතුවක් ලෙසට ආයතනය නිවේදනය කර සිටින අතර XP සිට WINDOWS 7 දක්වා මෙහෙයුම් පද්ධති  මතදී  අයි.එස් .ඔ ඩිස්ක් ඉමේජයක් ලෙස පැමිනෙන සියලුම ගොනු විවෘතකර ගැනීමට වර්චුවල් රොම් එකක් ලෙසට ක්‍රියාත්මක වෙමින් බැකප් ගොනුවක් විවෘත කර ගන්නට  මෘදුකාංගයක් ස්ථාපනය කර ගන්නට ඔබට සහය වනු ඇති බවටයි පැවසෙන්නේ.

2013-04-24

පලමු පැය කිහිපය තුල මොසිල්ලා ෆයර්ෆොක්ස් පලමු තොගය අවසන්!!!!

         මොසිල්ලා ෆයර් ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් මට්ටමේ දුරකථනවල පලමු දුරකථන 1000කින් යුත් තොගය දවසේ පලමු පැය කිහිපය තුල අවසන්වූ බවටයි සටහන් වන්නේ. තොරා ගත් ගනුදෙනු කරුවන් සීමිත පිරිසක් හා මොසිල්ලා හි සේවකයන් අතර මෙම පලමු තොගය අලවිවූ බවටයි වාර්ථා පවසන්නේ.උදෑසන 8 පමන වන විට අලවිය ආරම්භවූ බවත් මධ්‍යානය වන විට "අප බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ඇනවුම් ලැබුනු බවත් , වේගයෙන් අලවිය සිදුවූ බවත්" එහි ප්‍රකාශකයෙකු  පවසා සිටියා. මේ වන විට "ඔන් ලයින්" ලෙස මෙම උපාංග ඇනවුම් කිරීමේ අඩවිය පවසන්නේ තොග අවසන්ව ඇති නිසා තාවකාලිකව ඇනවුම් ලබ ගැනීම අවසන්ව ඇති බවකි.
                                     මෙම ජූනි මාසයේදී උතුරු ඇමරිකාවේ හා බ්‍රසීලය තුල විවෘත අලවියට මොසිල්ලා ෆයර් ෆොක්ස් සහිත දුරකථනය නිකුත්වීමට නියමිත අතර මෙම වසර අවසානය වන විට පෘතුගාලය , පෝලන්ඩ් ඇතුලු රටවල් 11ක මෙම දුරකථනය ආල්විය සදහා නිකුත්වීමට සැලසුම් කොට ඇති බවටයි ආයතනය පවසන්නේ.ඇමරිකාව තුල මෙම උපාංගය මිලදී ගැනීම සදහා එලබෙන 2014 වසර දක්වා සිටින්නට සිදුවීමට ඉඩ ඇති බවටයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේ.
 

අවුට්ලුක් සදහා වෙනස් ආකාරයක වෙළඳ දැන්විම් රටාවක් හදුන්වා දෙයි...

මයික්‍රසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් ඊමේල් පි‍ටුව මතට මද වෙනස් ආකාරයක වෙළඳ දැන්වීම් සේවාවක් හඳුන්වා දෙමින් සිටිනවා.නව ක්‍රමවෙදයට අනූව අවුට් ලුක් ඊමේල් පි‍ටුවෙහි වම් පස තීරුවක ටයිල් ආකාරයේ දැන්වීම් පහක් හෝ හයක පලවීම් සිදුවන අතර දැන්වීම් කරුවන්ගේ අභිමතය පරිදි එම අවකාශය මත තම දැන්වීම් නිර්මානය කර ගතහැකි බවටයි පැවසෙන්නේ. ආයතනය පෙන්වා දෙන උදාහරන වලිඔන් දැක්වෙන්නේ භාවිතාකරන්නෙකු එම ටයිල්මය දැන්වීමක් මතට තම කර්සරය ගෙන ගිය විට දිග හැරෙන තවත් කවුලුවක රූපවාහිනි දැන්වීමක් නැතිනම් ස්ලයිඩ් ආකාරයේ දැන්වීමක් දැක ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ. තවත් විටක පලමු දැන්වීමෙන් වෙළඳ ආයතනයක වෙබ් පි‍ටුවක් කරා භාවිතාකරන්නෙකු ‍රැගෙන යාමේ හැකියාව ඇති සබදතාවයකට යොමුකරන්නටද හැකිවනු ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා. එම ආයතනය පවසන්නේ මෙම වෙනස් ආකාරයක දැන්වීම් අත්දැකීම භාවිතාකරන්නන් වෙත වැඩි ආකර්ශනයක් ලබා දෙනු ඇති බවයි. දැනට මෙම දැන්වීම් සහිත අවුට්ලුක් වෙබ් පි‍ටු එක්සත් ජනපදය හා බ්‍රසීලය සදහා ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී තවත් රටවල් සදහා නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවයි.

2013-04-23

‍ටුවිටර් , අයි ටියුන් , අයි ක්ලවුඩ් තාවකාලික බිඳවැටීමක????

මේ මොහොත වන විටත් ‍ටුවිටර් , අයි ක්ලවුඩ් හා අයි ටියුන් සේවාවන්හි තාවකාලික බිඳ වැටීමක් වාර්ථාවෙමින් තිබෙනවා.  ‍ටුවිටර් ආයතනය පවසන්නේ සමහර භාවිතාකරන්නන් වෙත තම සේවාවෙහි යම් අපහසුකම් අත්විඳිමින් සිටින බවත් තම කාර්ය මංඩලය තත්වය යතාතත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි. ආයතනය ඇතිවී ඇති ගැටලු සහගත තත්වය පිලිබදව වැඩි දුරට තොරතුරක් නිකුත්කර නොමැති බවටයි දක්නට ලැබෙන්නේ.ඇපල් සේවාවන් වන අයි ටියුන් හා අයි ක්ලවුඩ් සේවාවන් සදහාද භාවිතාකරන්නන්හට "ලොග්" වීමේ අපහසුතවයක් වාර්ථාවෙමින් පවතින අතර ආයතනය තවමත් තත්වය පිලිබඳ කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැත.

යු.එස්.බී 3.0 ඔස්සේ 100 watts ක බල සැපයුමක්ද පැමිනෙනු ඇත....

ඉන්ටෙල් ආයතනය පවසන්නේ පැමිනෙන්නට නියමිත යු.එස්.බී 3.0 සදහා වන යාවත්කාලීනයත් සමග දත්ත හුවමාරුවෙහි කැපී පෙනෙන වෙනසක් පමනක් නොව10 watts සිට 100 watts (20 volts at 5 amps) දක්වා බල සැපයුමක් භාහිර උපාංගයක් වෙත ලබා දෙන්නටද හැකි වනු ඇති බවයි. විවිධ මට්ටමේ බල සැපයුම් හැකියාවන් ගෙන් යුතුව මෙම පහසුව ‍රැගත් යු.එස්.බී උපකරන වෙළඳ පිටට එනු ඇති බවට පවසන අතර ලැප් ටොප් පරිගණකයක් , භාහිර දෘඩ තැටියක පමනක් නොව අමතර පරිගණක තිරයක් සදහා වන බල සැපයුම මෙම සබඳ තාවය ඔස්සේ ලබා ගන්නට හැකි වනු ඇති බවටයි පවසා සිටින්නේ. එසේම නුදුරේ සිටම වෙළඳ පොලට එනු ලබන රූපවාහිනී යන්ත්‍ර වලද මෙවැනි යු.එස්.බී උපාංග සවිව පැමිනෙනු ඇති බවට තොරතුරු පලවන අතර ඒ ඔස්සේ රූපවාහිනිය ආශ්‍රිතව භාවිතාවන අඩු බල භාවිතයක් ඇති උපකරන සදහාද  වඩාත් නිවැරදි සුමට බල සැපයුමක් ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ. ඔවුන් පවසන්නේ මෙම අමතර පහසුව ලබන අතරේ තප්පරයට ගිගා බයිට 10ක් දක්වා වන වේගයකින් දත්ත හුවමාරු කිරීමේ හැකියාවද මෙම යු.එස්.බී 3.0 තාක්ශනය ඔස්සේ ලබාගත හැකි වන බවයි.

2013-04-20

IE 6,7 සදහා වෙබ් අඩවි මතට ‍ටුවිටර් සහය මැයි 13 අවසන්නේ!!!!

 ට්විටර් ආයතනය පවසන්න්නේ තමන්ද එලබෙන මැයි 13 සිට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7 සංස්කරන සදහා දක්වන වෙබ් අඩවි වල ක්‍රියාකාරකම් සදහ වන සහය අවසන් කරන්නට තීර්නය කර ඇති බවයි. වඩාත් නවීන වෙබ් බ්‍රවුසර වෙත වඩාත් කාර්යක්ශමව සහය දැක්වීමට අවශ්‍ය වෙනස් කම් සිදු කිරීමේදී මෙලෙස පැරනි සංස්කරන වෙත සහය වීම අවසන් කිරීමට සිදුවීම සාමන්‍ය ලෙස සිදුවන්නක් බවටයි ඔවුන් පවසන්නේ.ටිවුටර් හි වෙබ් ආශ්‍රිත සමහර පහසුකම් පමනක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 සදහා ක්‍රියාත්මක වන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 7 සදහා සීමිත සහයක් ඉදිරියට පවතිනු ඇති බවටත් ඔවුන් අවසනවා. ‍ටුවිටර් වෙබ් අඩවිය ඉදිරියටත් ඉහත කී   බ්‍රවුසරයන් සමග ක්‍රියාත්මක වුවද  ඔබ භාවිතාකරමින් සිටින්නේ කල් ඉකුත්වූ වෙබ් බ්‍රවුසරයක් බවත් හැකි ඉක්මනින් නව සංස්කරනයක් වෙත ඉහල නැව ගැනීමට කටයුතු කරනලෙසට නිවේදනය විටින් විට අඩවිය මත දැක්වෙනු ඇති බවටත් පවසා සිටිනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 සංස්කරනය භාවිතය බටහිර රටවල මේ වන විට සියයට 1 දක්ව පහල වැටී ඇති මුත් චීනය වැනි රටවල් සැලකීමේදී 6.7%ක් වැනි සැලකිය යුතු මට්ටමක පවතින බවටයි සටහන් වන්නේ.

ජූනි 3දා පටන් යාහු මේල් නව සංස්කරනය පමනයි!!!

   යාහූ ආයතනය පවසන්නේ යාහු මේල්වල පැරනි සංස්කරනය එලබෙන ජූනි 3න් වෙනිදායින් අවසන් වීමට නියමිත බවයි. යාහුවල වෙබ්  මූලික නව මේල් සංස්කරනයක් ඉකුත්ව ගිය දෙසැම්බරයේ හඳුන්වාදුන් අතර එය වින්ඩෝස්8 ඇප් සදහා සහය දක්වන සංස්කරනයක් වූවා. ආයතනය වැඩි දුරටත් පැවසුවේ 1997 සිට ක්‍රියාත්මක යාහු මේල් ක්ලැසික් නම් ප්‍රථම සංස්කරනයද  මේ සමග අවසන් වන අතර  ඩයල් අප් ඉන්ටර්නෙට් සබඳතාවයක් ඔස්සේ යාහූ මේ භාවිතකරන්නන් අතර භාවිතවූ මූලික ආකෘතිය basic/HTML සංස්කරනයක් වෙතට යොමුකරවනු ඇති බවයි. පසුගිය ඔක්තෝබරයේ වන විට භාවිතාකරන්නන් මිලියන 298කින් සමන්විත යාහු මේල් සේවාවේ මෙම නව සංස්කරනය වෙත පිවිසෙන්නට අපහසු බවක් දක්වන ගිනුම් හිමියන් සදහා වෙනත්සේවාවක් වෙත හුවමාරු වීමට හෝ ගිණුම වසා දැමීමට සිදුවනු ඇති බවත් ඒ සඳහාද පහසුකම් සලසා ඇති බවත් ආයතනය පවසනවා. එසේම යාහු ආයතනය මීට පෙර පවසා සිටියේ එලබෙන අප්‍රේල් 30 සිට තම සේවාවන් කිහිපයක්ම අවසන් කරන්නට තීර්නය කර ඇති බවයි.

2013-04-18

ජංගම උපාංගයක් අස්ථාන ගත වීමකදී සහයට එන මෘදුකාංගයක්!!

ජංගම දත්ත උපකරන වල ආරක්ශාව ගැන සැලකීමේදී එහි ඇති ජංගම බවනිසාම පැමිනිය හැකි අනතුරක වන්නේ පහසුවෙන් අන්සතුවිය හැකි බවයි. ස්මාර්ට් දුරකථන, ලැප්ටොප් මෙන්ම ටැබ්ලට් වැනි උපාංග සදහා ඇති මෙවන් අනතුරු බව සදහා ඇති පලමු පියවර වන්නේ වඩා සැලකිල්ලෙන් අවධානයෙන් කටයුතු කිරීම වන අතර දෙවන තලයේදී ගත හැකි පියවරක වන්නේ යම් මොහොතක එලෙස අස්ථන ගත වීමකට පත්වුන හොත් මෘදුකාංගමය සහයක් ඔස්සේ එම උපකරනය භාවිතාවන ස්ථාන ,එම මොහොතේදී එම උපකරනය ඔස්සේ කරන කියන දෑ පිලිබඳව තොරතුරු ලබා ගන්නට හැකිවන සේ එවැනි ආරක්ශක මෘදුකාංගයක් එම උපාංගය තුල ස්ථාපනයට කට යුතු කිරීමයි. නොමිළේ භාවිතාකල හැකි විවෘත ගනයේ මෙම කුඩා මෘදුකංගය එවන් මොහොතක එවැනි අවශ්‍යතාවයකදී ඔබගේ සහයට එනුයේ ආකාර කිහිපයකිනි. මෙම මෘදුකාංගය ස්ථාපනයෙන් පසුව භාහිරින් එන අවදිකිරීමේ පනිවිඬයකින් ක්‍රියාත්මකව ඉන්ටර්නෙට් හරහා හෝ එස්.එම්.එස් එකක හරහා නව භාවිතාව පිලිබද තොරතුරු උපාංගය භාවිතාවන ස්ථානය පමනක් නොව එය සම්බන්දව ඇති නෙට්වර්ක් එක පිලිබදව පවා ඔබ වෙත තොරතුරු ලබා දෙනු ඇත.මෘදුකාංගය ස්ථාපනයෙන් පසුව එම වෙබ් අඩවියේ ගිනුමක විවෘත කිරීමෙන් අනතුරුව එහි ඔබගේ උපාංගය පිලිබඳව තොරතුරු සමග සටහන් වන අතර පෙර කී ආකාරයේ සිදුවීමකදී සියලු තොරතුරු ලබා ගත හැකි ආකාරයේ සම්බන්දයන් ක්‍රියාත්මක කර තැබීම වඩාත් උචිතවනු ඇති බවටයි උපදෙස් ලැබෙනුයේ.

තප්පරයට ගිගාබයිට එකක ෆයිබර් ඔප්ටිකල් ගූගල් සේවාව තවත් නගරයකට!!!

ගූගල් ආයතනය අද පවසා සිටියේ තම තප්පරයට ගිගාබයිට එකක වේගයකින් යුත් ෆයිබර් ඉන්ටර්නෙට් හා රූපවාහිනී සබදතාවය ඇමරිකාවේ තවත් නගරයක් වෙත ලබා දීමට සැලසුම් කරමින් සිටින බවකි. ඔවුන් ප්‍රථමයෙන් පසුගිය වසරේ නොවැම්බරයේ තම ප්‍රථම මේ ආකාරයේ සේවාව Kansas City Kansas/Missour නගර වෙත ලබා දීමට කටයුතු කල අතර මෙම මස මුල් භාගයේ පවසා සිටියේ Austin, Texas නගර වෙතද මෙම සේවාව 2014 මැද භාගයේ ලබා දීමට කටයුතු කරමින් සිටින බවකි. Provo, Utah තෙවන නගර වෙත එම සේවාව ව්‍යාප්ත කිරීමේදී දැනටමත් එහි ක්‍රියාත්මක වෙමින් ඇති ෆයිබර් ඔප්ටිකල් ඉන්ටර්නෙට් සේවා ජාලයක් මිලදී ගෙන එය තප්පරයකට ගිගා බයිට එකක සේවාවක් දක්වා ඉහල නැංවීමට කටයුතු කරනු ඇති බවටයි පවසා සිටින්නේ. දැනට මෙම සේවාව ලබා ගන්නන් සදහා මසිකව ඩොලර් 750ක ගෙවීමක් ලබා ගන්නා අතර රූපවාහිනී පැකේජයන් සමග වීමේදී ඩොලර් 120 දක්වා මාසික ගෙවීම් කිරීමට සිදුවේ.එසේම එක් වරක් පමනක් ගෙවනු ලබන සැකසුම් ගාස්තුවක් යටතේ ඉහත කී සබදතාවය තප්පරයට ගිගා බයිට 5 දක්වා ඉහල නංවාගැනීමේ අවස්ථාවද  ගූගල් ආයතනය තම පාරිභෝගිකයින් වෙත ලබා දෙමින් සිටී.

මයික්‍රසොෆ්ට් ගිනුම් සදහාද ද්විත්ව ‍රැකවරන ආරක්ශන ක්‍රමවේදය ක්‍රියාත්මකයි!!!!

 
මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ භාවිතාකරන්නන් බොහෝ පිරිසකගේ ඉල්ලීමක්ව තිබූ ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමවේදය තම ගිනුම් සදහා ක්‍රියාත්මක වීම "ප්‍රධාන මට්ටමේ උස්තල ගැනිවීමක" ලෙසින් මේවන විට ක්‍රමයෙන් මුදා හැරමින් පවතින බවයි. ඒ වනූව තම මයික්‍රසොෆ්ට් හා සම්බන්දිත ගිනුම් වල ආරක්ශාව වඩාත් තහවුරු කරගැනීමට අවශ්‍ය වන භාවිතාකරන්නන් සදහා මෙම පහසුව තොරා ගැනීමේ අවස්ථාවක ලෙසට ඉදිරි දින දෙක තුල ලැබෙනු ඇති බවටයි ආයතනය පවස සිටින්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ වින්ඩෝස් ෆෝන් භාවිතාකරන්නන් සදහා "ඇප්" මෘදුකාංගයක් ඇසුරින් ඉහත කී අමතර ආරක්ශාවට අදාල අවසර පදය ලබා ගන්නට හැකි වන අතර අනෙකුත් භාවිතාකරන්නන් සදහා සාම්ප්‍රධායික "ටෙක්ස්ට්" පනිවිඬයක් ලෙසින් මෙම අවසර පදය ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇති බවටත් නිතරම භාවිතාකරන උපාංග සදහා දින 60ක් දක්වා මෙම ක්‍රමවේදය ඔස්සේ එක් වරක් කරනු ලබන ආරක්ශන තහවුරුවක් වලංගුවන අතර ඉන්පසුව නැවතත් ද්විත්ව ‍රැකවරන ආරක්ශන ක්‍රම වේදය ඔස්සේ නැවත ආරක්ශක මුර පදයක ලබා ගැනීට සිදුවනු ඇති බවටයි පවසා සිටින්නේ.

2013-04-17

Leap Motion තාක්ශනය සහිත HP පරිගණක !!!!



Leap Motion  වෙතින් ඉදිරිපත්වූ චලන උපදෙස් හදිනා ගැනීමේ තාක්ශනය වින්ඩෝස් හා මැක් පරිගණක සදහා නිකුත්වීම එලබෙන මැයි මාසයේ 13 වෙනිදා සිට ඇරබෙන බවටයි ඔවුන් පවසන්නේ. පෙර ඇනවුම් සදහා මුලින්ම මෙම නිකුතුව සිදුවන බවටත් පැවසෙනවා.HPපරිගණක සමග මෙම තක්ක්ශනය නිකුත්වීමේ සැලසුමක් පිලිබදවද මෙම ආයතනය පවසා සිටින අතර තවමත් මොන HP නිෂ්පාදන සමගද යන්න පැහැදිලි කොට නැත. නිශ්චිත දින සටහකින් තොරව උවද එම ආයතනය පවසා සිටියේ ඉදිරියේදී HP පරිගණකවල දෘඩාංග මට්ටමේදීම තම තාක්ශනය සංයුක්තව නිකුත්කිරීමට නියමිත බවකි. මීට පෙර Leap Motion  පවසා සිටියේ තම තාක්ශනය -- පරිගණක සමගද වෙළඳ පොලට පැමිනීමට නියමිත බවකි. Leap Motion  පවසන්නේ තවමත් තම නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම තාක්ශනය ඩොලර් 79.99කට පෙර ඇනවුම් කිරීමේ අවස්ථාව පවතින බවකි.
https://www.leapmotion.com/


 

ඇන්ඩ්‍රොයිඩ් උපාංග සංක්‍රිය කිරීම් දිනකට මිලියන 1.5ක්!!!!

 
පසුගිය සැප්තැම්බරයේදී ගූගල් සභාපතිවරයා පවසා සිටියේ නව ඇන්ඩ්‍රොයිඩ් උපාංග සංක්‍රිය කරගැනීම් දිනකට මිලියන 1.3ක් ලෙසට සටහන් වෙමින් පවතින බවකි. අද දිනයේ ඔහු පවසා සිටින්නේ මේ වන විට එම සංක්‍යාව මිලියන 1.5 දක්වා ඉහල ගොස් ඇති බවකි.නිව්යෝක් නගරයේ පැවති හමුවක් අමතමින් එතුමා වැඩි දුරටත් පවසා සිටියේ 2013 වසර අවසාන වන විට  ඇන්ඩ්‍රොයිඩ් මූලික උපාංග බිලියනයකට අධිකව සංක්‍රියව පවතිනු ඇති බවයි. මෙම උපාංග අතරින් බහුතරය ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් උපාංග බවටත් ඔහු පවසා සිටිනවා.

ස්වංක්‍රීයව මැකීයමින් හදුනාගැනීම අපහසු කරවන ට්‍රෝජන් හානිකරයක් හදුනා ගනී....



මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ස්වංක්‍රීයව මැකී යමින් හදුනා ගැනීමට ඉතාමත් අපහසුවන ආකාරයේ ට්‍රෝජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් හදුනා ගන්නට තමන්ට හැකිවූ බවයි. අවසර පද සොරාගන්නා ආකාරයේ හැසිරීමක් පෙන්වන මෙම හනිකර මෘදුකාංගය සොයා ගැනීමට කටයුතු කරද්දී පරිගණකය වෙත "ඩවුන්ලෝඩ්" වූ කිහිදු ගොනුවක් සොයා ගැනීමට නොහැකි වූ බවත් "රීකවරි" මෘදුකාංග ඔස්සේ පවා හදුනා ගත නොහැකි වන සේ ඒවා මැකීයාමට හැකියාවක් දක්වන ආකාරයේ බවත් ඔවුන් පවසා සිටිනවා. ඉතා අපහසුවෙන් එම ගොනු විස්ලේශනය කිරීමේදී හදුනාගෙන ඇති පරිදි ඊමේල් ආශ්‍රිතව  පැතිරීමක් ඇති ගූගල් ඩෙස්ටොප් , වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් වැනි මෘදුකාංග ඉලක්ක කරගනිමින් සිටින මෙම මෘදුකාංගය TrojanDownloader:Win32/Nemim.gen!A ලෙසට ඔවුන් නම්කර සිටිනවා. මෙම ට්‍රොජන් ඩවුන්ලෝඩරයේ ආසාධනයට ඔබත් ලක්ව ඇති බවට හැගෙන්නේනම් සියලු අවසර පද වෙනස්කර ගැනීම හා මෙහෙයුම් පද්ධතිය හොඳින් ස්කෑන් කරමින් එහි පිරිසිදු භවය තහවුරු කර ගැනීම වැදගත් බවටයි ඔවුන් උපදෙස් දෙමින් සිටින්නේ.

2013-04-16

ගූගල් ග්ලස් පිලිබද තවත් තොරතුරු හෙලිවේ.....

 
ගූගල් ග්ලාස් මෙම වසර අවසානයේ සාමාන්‍ය භාවිතාකරන්නන් වෙත නිකුත්වීමට නියමිත බවටයි  මේ වන විට නිවේදනය වී ඇත්තේ. එසේමුත් මේ වන තෙක් මෙම ස්මාර්ට් නෙත් පැලදුමේ තාක්ශනික සංයුතිය පැහැදිලි කිරීමක් නිකුත්ව තිබුනේ නැත.ගූගල් ආයතනය අද දිනයේ නිකුත්කල නිවේදනයකට අනූව මෙම උපකරනය අධි සුපැහැදිලි තිරයකින් සංයුක්ත වන අතර එය අඟල් 25කින් යුත් අඩි 8ක් දුරින් වන සුපැහැදිලි තිරයකට සමාන වනු ඇති බවටයි පැවසෙන්නේ. හඬ ලබාදීම සදහා සිරුරේ අස්ථි උපයෝගීවන Bone conduction තාක්ශනය යොදාගන්නා අතර කැමරාව මෙගා පික්සල් 5කින් යුක්තව  720p  ක වීඩියෝ පටිගත කිරීමකට හැකියාවෙන් සමන්විත බවටයි පැවසෙන්නේ. වයි ෆයි 802.11b/g හැකියාව ලෙසින් උපාංගයටම සංයුක්තව පැමිනෙන අතර බ්ලූටූත් හැකියාවෙන්ද යුක්තවනවා. 16 ගිගාබයිට් 16ක ප්ලෑෂ් මතක චිප් පතකින් ද සාමන්‍යයෙන් එක් දිනක් භාවිතාකල හැකි තරමේ බැටරියකින් හා මයික්‍රෝ යු එස් බී චාජරයකින්ද සමන්විත වනු ඇති බවට සටහන්වනවා. ගූගල් ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඔනෑම බ්ලූටූත් සහය දුරකථනයක් සමග සම්බන්ද විය හැකි නමුත් GPS හා SMS පනිවිඬ හුවමාරුව සදහා නම්  මයි ග්ලස් මිත්‍ර ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනයක් හරහා වීම අනිවාර්ය වන බවයි.

වින්ඩෝස් හා අයි ෆෝන් වෙතද "ෆේස්බුක් හෝම්" එනු ඇත????

 
ෆේස්බුක් ආයතනය මේ වන විට ඇපල් හා මයික්‍රසොෆ්ට් ආයතනයන් සමග තම හෝම් මෘදුකාංග ගොනුව  ඔවුන්ගේ ස්මාර්ට් දුරකථනයන් සදහා නිකුත් කිරීම සම්බන්දයෙන් සංවාදයකට එලබ ඇති බවටයි පවසා සිටින්නේ. ඇන්ඩ්‍රොයිඩ් නිදහස් මෙහෙයුම් පද්ධතිය සදහා තම නිකුතුවේදී කිසිදු ගනු දෙනුවක් ගූගල් සමග සිදු නොවුනා සේම ඇපල් හා මයික්‍රසොෆ්ට් සමාගම් සමගද කිසිදු ගනුදෙනුවක මේ සම්බන්දයෙන් නො එලබීමට තම ආයතනය තීර්නය කර ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.දැනටමත් ෆේස්බුක් ආයතනය තම නිකුතුව ඇන්ඩ්‍රොයිඩ් සදහා සාර්ථකව නිකුත් කරමින් තම දැක්ම පෙන්ව දී ඇති බවයි පවසන්නේ.
                              " සමහර විටක එය ඇන්ඩ්‍රොයිඩ් මත දිවෙන හෝම් මෘදු ගොනුවට වඩා වෙනස් වේවි. විටක එය "ලොක් ස්ක්‍රීනය" වැන්නක් මත ඉදිවන වෙනස්ම ආකාරයේ ආකෘතියක් ගනීවි. එටිට එය හෝම් වලට වඩා වෙනස් නාමයක් ගනීවි.ඒ විතරක් නෙමේ, ඒ උපාංග වලටත් මේ නව ඉදිරිපත් කිරීම නව ආලෝකයක් ගෙන ඒවි" එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටිනවා.
                එම ගොනැගීම ඇන්ඩ්‍රොයිඩ් වලදීට වඩා බරපතල වනු ඇති බවට විචාරකයින් පවසන්නේ මෙම සමාගම් දෙකම තම උපාංග සදහා ඇප්ලිකේෂන් නිපදවීමේදී වැඩි ආරක්ශාවක් ඇතුලු බොහෝ ප්‍රමිතීන් අනුගමනය කරන බැවින් ෆේස්බුක් වෙතද එම වගකීම් සාර්තකව ඉ‍ටුකරන්නට සිදුවනු ඇති බැවිනි.

2013-04-15

මයික්‍රසොෆ්ට් වෙතින්ද ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක්!!!!!

 
ලෝකය සමග වන ඔබගේ දත්ත සැබැඳියාව වඩාත් කාර්යක්ශම හා  නිරන්තරයෙන් වීමට අවශ්‍යව ඇත. ආරම්භයේදී රාජකාරී දිවිය හා පමනක් සැබැදුනු  දත්ත සබදතා පෞද්ගලික ජීවිතය විනිවිද යමින්  යම් මොහොතක එය බිඳවැටීමක් සිහිනෙන්වත් නොපතන වේදනාකාරී මානසිකත්වයක් ගෙනෙන  භාවිතාකරන්නන් පිරිසක බිහිවීම ඇරබී ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. ගූගල් ආයතනය ස්මාර්ට් මට්ටමේ උපැස් යුවලක් නිපදවමින් සිටින අතර ඇපල් ආයතනය ස්මාර්ට් මට්ටමේ ඔරලෝසුවක් පිලිබඳව අවදානය යොමුකර ඇති බවට පසුගිය දිනවල තොරතුරු හෙලිවෙමින් තිබුනා. පැතිරෙමින් පවතින නවතම තොරතුරක් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනයද ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක් පිලිබඳව තම අවධානය යොමුකර ඇති බවකි. එලබෙන වසරේ නිකුත්වනු ඇති බවට බලාපොරොත්තු පලවන මෙම ස්මැට් උපාංගය සදහා මේ වන විටත් ආසියාතික උපාංග නිපදවන සමාගම් වෙතින් කොටස් මිළදී ගැනීම් කෙරෙහි ආයතන කටයුතු කරමින් සිටින බවටයි සටහන් වන්නේ.
                                                       2003 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය මෙලෙස දත්ත සබදතා සහිත අත් ඔරලෝසුවක් නිපදවීමට කටයුතු කරන ලද අතර එය කාලගුන තොරතුරු ලබා ගැනීම ,පුවත් මෙන්ම පෞද්ගලික තොරතුරු හුවමාරු සදහා භාවිතාකල හැකි ලෙසට නිපදවා තිබුනු මුත් 2008 වන විට එම ව්‍යාපෘතිය තාවකාලිකව අවසන් කරන ලදී.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සමග නව වෙබ් අඩවි අත්දැකීමකට.....


මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය මාස කිහිපයතුල තම ඉන්ටර්නෙට් බ්‍රවුසරය මත නව හැකියා සීමාවන් සොයා යමින් වෙනස් ආකාරයේ අත්දැකීම් භාවිතාකරන්නන් වෙත කැදවාලීමට කටයුතු කරමින් සිටී. මෑතකදී ඔවුන් හදුන්වාදුන් වීඩියෝ සංස්කරනයට සහය බ්‍රවුසරය මතදීම සලසා ගත හැකි පහසුව ඉන් එක් අංගයකි. අද දිනයේ ආයතනය Hunger Games සමග එක්ව හඳුන්වා දෙන නව වෙබ් අඩවියක් ඔස්සේ පැමිනෙන්නට නියමිත නව සිනමා වීඩියෝවන් පිලිබදව තොරතුරු ලබාගත හැකි අතර එම වෙබ් අඩවිය වඩාත් සංවේදීව හැසිරෙමින් භාවිතාකරන්නා වෙත ඇප්ලිකේශනයක හැසිරීම සමාන තරමේ සජීවී අන්තර්ක්‍රියාකාරකම් ලබාදෙන අත්දැකීමක් කැදවිය හැකි තරමේ පුලුල් වපසරියක තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බ්‍රවුසරය පවතින බවට පෙන්වීමට කටයුතු කරමින් සිටිනවා.

වින්ඩෝස් 8.1 සමග සුපුරුදු ඩෙස්ටොප් මුහුනතට කෙලින්ම පිවිසීමේ හැකියාව???


මයික්‍රසොෆ්ට් නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 බීටා සංස්කරනයන් නිකුත්වූ කාලයේ පටන් භාවිතාකරන්නන් වෙතින් නැගුනු චදනාවක් වූවේ බූට් කිරීමේදී සුපුරුදු "ඩෙස් ටොප්"  මුහුනත වෙතට නොගොස් "ස්ටාර්ට් ස්ක්‍රීන්" මුහුනත වෙතට යමින් තමන්ව අපහසුතාවයට පත්කරන බවයි. එහෙත් එම ආයතනය පැවසුවේ එලබෙන ජංගම ගතියෙන් වැඩි උපාංග ඉලක්ක කරගනිමින් නිපදවා ඇති නව මෙහෙයුම් පද්ධතියේ එම ස්වභාවයන් වෙනස් කිරීමට තමන් සූදානම් නැති බවකි. භාවිතාකරන්නන් වින්ඩෝස් 8 හි ස්ටාර්ට් ස්ක්‍රීනය වෙත හුරුවනවාට වඩා බාහිර පාර්ශවයන්ගේ මෘදුකාංග භාවිතා කරමින් සුපුරුදු ඩෙස් ටොප් මුහුනත වෙත කෙලින්ම පිවිසීමට වැඩි කැමැත්තක් දැක්වීම එහි ප්‍රථිපලය විය. දැනට නිකුත්ව ඇති වින්ඩෝස් 8.1 එලබෙන සංස්කරනයේ නොනිල පිටපත් හැදෑරීමේදී මයික්‍රසොෆ්ට් ආයතනය පෙර සිටි දැඩි ස්තාවරය මදක් ලිහිල් කරමින් එම නව සංස්කරනය සමග භාවිතාකරන්නන් සදහා කෙලින්ම සාම්ප්‍රධායික ඩෙස්ටොප් මුහුනත මතට පිවිසීමේ හැකියාව ලබාදීමට ඉඩ ඇති බවට සාධක එහි "කෝඩ්" සටහන් අතරින් දක්නට ලැබෙනවා.

AMD වෙතින් 5 GHz වේගය සහිත ප්‍රොසෙසරයක්....

ප්‍රොසෙසරයන් පිලිබඳ තරගය නෙක මුහුනුවරින් ක්‍රියාත්මක වෙමින් පවතී.කලකදී එය ප්‍රොසෙසරයේ වේගය පිලිබඳව සාධකයක් වන විට තවත් කලකදී එය ප්‍රොසෙසරයේ කෝවන් පිලිබදව වේ.නිල නොවන මුත් පැතිරෙන නවතම තොරතුරකට අනූව AMD ආයතනය තම නවතම ප්‍රොසේසරයක් සමග තරගය  යලිත් වේගය පිලිබඳව සාධකයට පිවිසෙමින් සිටින බවටයි  සටහන් වන්නේ.දැනට "Centurion." නම් සංකේත නාමයෙන් හැදින්වෙන එම නවතම  ප්‍රොසෙසරය 5GHz වේගයකින් සමන්විතව ඩොලර් 750ක මිල ගනන් යටතේ වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තු පල වන්න්නේ. දැනට වෙළඳ පොලේ පවතින ඉන්ටෙල් සමාගමෙන් නිකුත්වන කෝර් අයි 7  ප්‍රොසෙසරය 3.9 GHz වේගයක් සටහන් කරමින් සිටින අතර නව ප්‍රොසෙසරය පහසුවෙන්ම මෙම වේගසීමාව ඉක්මවමින් වෙළඳ පොලේ පවතින වේගවත්ම ප්‍රොසෙසරය බවට පත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

2013-04-13

සුබ නව වසරක්වේවා......

ආශ්‍රමයට සැන්දෑව ගලාගෙන එන්නේ තියුනු සීතලක්ද සමගිනි.සිහින් පොද වැස්ස ඒ අපූරත්වය වඩාත් තීව්‍රකරනවා සුලුය.තැනින් තැන විසිරෙන මිහිදුම් සලුපට අතරින් කදුපාමුල විසල් වගාබිම් වලට ඔබ්බෙන් විසිරුනු ගම්මානයයේ නිවැස් පෙනෙන්නේ ඉතා කුඩාවටය. අතරින් පතර නිවැසක දැල්වූ පහනකින් නැගෙන කුඩා ආලෝකය පෙනෙන්නේ ඈත අවකාශයේ දිලෙන තරුවක පරිද්දෙනි. දහවල ආහාරය පිනිස දාන ශාලාව වෙත ගිය විටදී ගබඩා භාරකරු පැවසුවේ උදාවෙන හෙට දිනය ගම් වැස්සන්ට උත්සව දවසක් වන බවය. ගම් වැස්සන් සියල්ලෝම එක් මොහොතකදී සාමන්‍ය දෛනික ජීවිතයේ කටයුතු වලින් බැහැරව පරන වසර නිමා කරන අතර කිසියම් කාලයකට පසුව නැවත  සියල්ලෝම එකම වෙලාවකදී නැවත සාමන්‍ය ජීවිතයේ කටයුතු වලට පිවිසීම එහිදී වන බවය. සංස්කෘතිය අපූරු සිතුවමකි. එය ජීවිතය වර්නවත්කරන සුලුය.එහෙත් සැබවින්ම සංස්කෘතියක් අපූරු වන්නේ එහි රටාවන් ඒතුල වෙසෙන මිනිසුන්ගේ සැබෑ ජීවිතතුල සජීවී නම් පමනී. කෙනෙකුට එය වෙළඳ කටයුත්තක් හෝ තවකෙකුට නිස්සාර වෙනත් කටයුත්තකට අවස්ථාවක් වන විට පෙර කී සංස්කෘතික කටයුත්තේ සැබෑ අපූරු බව මියයන්නේ මහත් අවාසනාවන්ත ලෙසය. -අනත්තය පෙනෙන විසල් කදු මුදුනතක සිට-

ෆේස්බුක් "හෝම්" තවත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන කිහිපයක් සදහා නිකුත්වේ....

ෆේස්බුක් ආයතනය "හෝම් " නමින් එලබෙන නිකුතුවක ගැන කථාකරන විටදී බොහෝ දෙනා බලාපොරොත්තු වූවේ නව ස්මාර්ට් ෆෝන්  දුරකථනයක සම්ප්‍රාප්තියකි. එම ආයතනය තමන් නව දුරකථනයක් පිලිබදව කිසිසේත්ම නොසිතන බව පවසන විටදී  ඔවුන් වඩ වඩාත් නව ස්මාර්ට් දුරකථනය පිලිබදව කථාකරන්නට පෙලබිනි. අවසානයේ "හෝම්" නිකුතුව සිදුවිනි. එය ඇන්ඩ්‍රොයිඩ් මත දිවෙන මෘදුලේයරයක් වූවාය.මේ වන විට ෆේස්බුක් හෝම් ගූගල් ප්ලේ ස්ටෝර්ව ඔස්සේ ලබා ගත හැකි අතර එය ඇන්ඩ්‍රොයිඩ් භාවිතාවන Samsung Galaxy S III, Galaxy Note II,  HTC One X+,(HTC One ,Samsung Galaxy S4) වැනි දුරකථන සමග භාවිතාකල හැකිවනු ඇති බවටයි  දැක්වෙන්නේ. ක්‍රමයෙන් තම සමාජ ජීවිතයේ ඉලෙක්ට්‍රොනික සංස්කරනය වන සමාජ ජාලාවෙත නැබුරුවන්නන් ප්‍රමානය වැඩි වෙමින් පවතින අතර ෆේස්බුක් එම ප්‍රවනතාවයෙහි ඉහලින්ම සිටින වෙබ් අඩවියක් වන අතර නව සමාජ ජාලා මෘදු ලේයරය සමග දුරකථනයේ ප්‍රමුකතාවය ෆේස්බුක් සමාජ ජාලා භාවිතයට ලැබෙන අතර අමතරව සුපුරුදු දුරකථන කටයුතු වලට අවස්ථාව ලබා ගන්නට භාවිතාකරන්නන්හට ඉඩ සැලසෙන ලෙසට නිමවී තිබෙනවා.
https://play.google.com/store/apps/details?id=com.facebook.home

බින් සෙයුම් ප්‍රතිපල ගූගල් වලට වඩා අනාරක්ශිතය.....


ප්‍රකට ආරක්ශක මෘදුකාංග ආයතනයක් පවසන්නේ බින් ගා ගූගල් සෙයුම් යාන්ත්‍රන ඔස්සේ යම් සෙයුමක් සදහා ලැබෙන වෙබ් ලිපින ප්‍රථිපල වල පලමු මට්ටමේ ලිපිනයන් අතර ආසාධිත වෙබ්  අඩවි ලිපිනයන් සහිත බව බින් සෙයුම් ප්‍රථිපල වල ගූගල් වලට වඩා පස්ගුනයක් බවට ගනනය වන බවයි.එම ආයතනය පසුගිය මාස 18ක් තිස්සේ වින්ඩෝස් 8 වෙත නිකුත්කර ඇති ආරක්ශක මෘදුකාංගයක් ඔස්සේ සිදුකල ගනනයක ප්‍රථිපලයක් ලෙසට මෙම වාර්ථාව නිකුත්කොට තිබෙනවා. එම ආයතනය  මෙම ගනනයේදී වෙබ් අඩවි මිලියන 40ක් ගූගල් හා බින් ඇතුලු තවත් සෙයුම් යන්ත්‍ර 5ක් යොදාගෙන ඇති බවටයි දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ මෙම හානිකර වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්  engine optimization techniques වැනි උපංක්‍රම ඔස්සේ තම අඩවීන් සෙයුම් යන්තරවල ඉහල ප්‍රථිපල කරා ගෙන ඒමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මෙම ආසාධිත අඩවි ප්‍රතිශතය ඒතරම් විශාල නොවන බවයි. වෙබ් අඩවි ලිපින මිලියන 10.91ක් අතර ගුගල් විසින් ගෙන එන ලද ආසාධිත අඩවි ලිපින ප්‍රමානය 272ක් වන විට බින් ආයතනය ප්‍රථිපල ලිපින මිලියන 10.95ක් අතර ආසාධිත වෙබ් අඩවි කරා යොමුකරවන ලිපින 1285ක් වූ බවටයි ඔවුන් පවසා සිටින්නේ.

2013-04-11

බ්‍රසීලය තුල 32 බිට් වින්7 භාවිතාකරන් වෙත අනතුරු ඇගවේ....

ඔබ බ්‍රසීලයේ ජීවත්වන වින්7 හි 32 බිට් සංස්කරනයක් භාවිතාකරන්නෙකු වන්නේනම් මයිරසොෆ්ට් වෙතින් නිකුත්ව ඇති KB2823324 යාවත්කාලීනය පරිගණකය වෙත ස්ථපනයය නොකර ගැනීමේලා කල්පනාකාරීවීම වැදගත් වනු ඇති බවටයි තොරතුරු වාර්ථාවන්නේ. බ්‍රසීල භාවිතාකරන්නන්  අතරින් පැවසෙන චෝදනාවක වන්නේ ඉහතකී යාවත්කාලීනයෙන් පසුව පරිගණකය නොනවත්වාම "රීබූට්" වීමේ තත්වයක් අත්විඳින්නට සිදුවී ඇති බවයි. බ්‍රසීලය තුල භාවිතවන මෙම සංස්කරනය සහිත පරිගණක අත්විදිමින් ඇති මෙම තත්වය පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය තම අවධානය යොමුකර ඇති බවත් තාවකාලිකව ඉහතකී පරිගණකයන්ගේ ස්වංක්‍රීය යාවත්කාලීන පහසුව අක්‍රියකිරීම වැදගත් වන බවටත් පවසා සිටිනවා. දැනට මත් මෙම යාවත්කාලීනය ලබාගෙන ඇති අය සදහා පරිගණකය "සේෆ් මූඩ් ( )" ඔස්සේ බූට්කර "කමාන්ඩ් ප්‍රොම්ට්" වෙත පිවිස DISM.exe / image: C: \ [windows8 install]/ cleanup-image / revertpendingact ක්මාන්ඩ් සටහන ලබදෙන ලෙසටත් ආයතනය වැඩිදුරටත් පවසා සිටිනවා.

2013-04-09

ඔෆීස් 2010 සදහා "සර්විස් පැක් 2" බීටාවක් නිකුත්වේ...



මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම ඔෆීස් 2013 මෘදුකාංග කට්ටලය නිකුත්කිරීමෙන් අනතුරුව ඊට පෙර නිකුතුව වූ ඔෆීස් 2010  මෘදුකාංග ගොනුව නිකුත්කිරීම නවතා දමා ඇති මුත් පසුගියදා එම මෘදුකාංග ගොනුව වෙත නව සර්විස් පැක් ගොනුවක් නිකුත්කීරීමට කටයුතු කරනු ලැබුවා.ඔෆීස් 2010 සර්විස් පැක් 2 ලෙසට නම් වන මෙම ගොනුව "පබ්ලික් බීටාවක්" ලෙසට 32 හා 64 සංස්කරනයන් දෙක සදහාම ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.හදුනා ගැන තිබූ දුර්වලතා සදහා පිලිසකරයන් මෙන්ම වින්ඩෝස් 8 සදහා ගැලපුම් මෙන්ම ක්‍රියාත්මක භාවය හා ආරක්ශාව වෙනුවෙන් වැඩි දියුනුකිරීම් කිහිපයක්ම මෙම නව ගොනුව ඔස්සේ ඔෆීස් 2010 මෘදුකාංග ගොනුව වෙත ලැබෙනනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් පවසන්නේ.2013 වසර අවසානය තෙක් හෝ එහි අවසාන සංස්කරනය නිකුත්වන තෙක් වලංගුවනු ඇති බවට පැවසෙන මෙම නිකුතුව සදහා ආයතනයේ සහය සේවාවක් නොලැබෙන බවටත් භ්ව්විතාකරන්නන් වෙත දැනුම් දෙනවා.

මයික්‍රසොෆ්ට් වෙතිනුත් දිවිත්ව ආරක්ශන ‍රැකවරන ක්‍රමවේදය.....

 
නිල නොවන මුත්  අන්තර්ජාලය වෙත මුදා හැර ඇති නව උපුටන රූ සටහන් කිහිපයක් වෙතින් පැවසෙන්නේ මයික්‍රසොෆ්ට් ආයතනයද තම ගිනුම් වල ‍රැකවරනය තහවුරු කරනු වස් ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවකි. දැනටමත් වින්ඩෝස් ෆෝන් ස්ටෝර්ව තුල දක්නට ලැබෙන ස්මාර්ට් ෆෝන් ඇප් මෘදුකාංගයක් ඔස්සේ ලැබෙන රහස් පදයක් තම සාමාන්‍ය අවසර පදයට අමතරව ඇතුලුකිරීමට සිදුවීම ඔස්සේ තම ගිනුම් වෙත අමතර ආරක්ශාවක් ලබා ගැනීමේ අවස්ථාව මේ තුලින් භාවිතාකරන්නන්හට ලැබෙනු ඇති බවටයි හදාරන්නන් මත පලකරන්නේ. බහුල වෙමින් පවතින අනවසර භාවිතාවන් පාලනය සදහා මේ වන තෙක් තරමක් දුරට හෝ සාර්ථක ‍රැකවරනයක් ගෙනෙන්නට සමත් මෙම ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමය දැනට ගූගල් සේවාවන් සමග ක්‍රියාත්මක වෙමින් ඇති අතර මයික්‍රසොෆ්ට් ආයතනයද නුදුරු අනාගතයේදීම මෙම පියවර ක්‍රියාත්මක කරනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ.

2013-04-06

ඩේටා ලේයරය + පාරිභෝගික උපාංගය= ස්මාර්ට් උපාංගය.

 
.........තවදුරටත් පරිගණකය තමන් මතම වර්ධනය වන්නක් වනවාට වඩා දෛනික ජීවිතය වටා ඇති වෙනත් උපාංග මතට සැගවෙමින් භාවිතාකරන්නන්ගේ ජීවිත වෙත වඩාත් ප්‍රායෝගික ස්වරූපයෙන් පැමිනීම එලබෙන යුගයේ කැපී පෙනෙන්නක් වනු ඇත. ස්මාර්ට් නම් ගරු පදයකින් ගෞරව ලබමින් එය දැනමත් ජංගම දුරකථනය , රූපවාහිනිය , ශීතකරනය වැනි උපාංග වෙතට පැමින අහවරය. තේ මේසය , කාරය ඇතුලු දෛනිකව පරිහරනය වන බොහෝ උපාංග මතට පැමිනීමට අවසාන අදියරේ අත්හදා බැලෙමින්ද ඇත.සැබවින්ම උපාංගයක් ස්මාර්ට් වන්නේ එය මතට පැමිනෙන නව මානයක් සමගය එනම් දත්ත මානයයි. නෙතට හසුවන ත්‍රිමානය වෙතට එකතුවන මෙම සිව් වන මානය දත්ත හැසිරවීම් මිත්‍ර දත්ත උපාංග පමනක් සංවේධී මානයකි. අනගතයේදී බොහෝමයක් දෛනික භාවිතාවන උපාංග අලවි හලකට ගොඩවන ඔබට නව තේරීම් අවස්ථාවක් ලැබෙනු ඇත. එනම් දත්ත ලේයරය සහිත කෑම මේසයක්ද සාමන්‍ය මට්ටමේ කෑම මේසයක්ද ලෙසටද  එය වනු ඇත...... ( "එලබෙමින් ඇති ස්මාර්ට් යුගය" by Pubudhu Siriwansa )

ෆේස්බුක් හෝම් ඇන්ඩ්‍රොයිඩ් මත දිවෙන මෘදු ලේයරයකි.......

තොරතුරු අවකාශය පිලිබදව උනන්දුවක් දක්වන්නන් අතර මහත් කුතුහලයක් ඇතිකල මෑත කාලීන කාරනා අතර ෆේස්බුක් සමාගමේ "හෝම්" යන්න ඉහලම තැනක් ගෙන තිබිනි. එක් කොටසකගේ බලාපොරොත්තුව වූවේ එය ෆේස්බුක් සමාගමෙන් හදුන්වා දෙන ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් වන බවටයි. කෙසේ වෙතත් මේ වන විට එම කුතුහල සංසිදවමින් හෝම් යනු ඇන්ඩ්‍රෝයිඩ් මත ධාවනය වන මෘදුකාංගයක් බවට කරුනු හෙලිවි තිබෙනවා. ෆේස්බුක් ආයතනය පවසන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය කිසිදු වෙනසකට පත් නොකොට ඔබගේ සමාජ ජීවිතය වඩාත් පුලුල්ව අත්විදින්නට ඉඩ සලසන ඇප් කිහිපයකින් සමන්විත ඇන්ඩ්‍රොයිඩ් මත ධාවන වන නව මෘදු ලේයරයක් ලෙසට මෙම නව මෘදුකාංග අත්දැකීම විස්තර කරන්නට හැකි වන බවයි.

http://youtu.be/Lep_DSmSRwE

විෂුවල් ස්‍ටුඩියෝ 2012 වෙත ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක්...

මයික්‍රසොෆ්ට් ආයතනය ඊයේ දිනයේදී තම විෂුවල් ස්‍ටුඩියෝ 2012 මෘදුකාංගය සදහා වන ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක් නිකුත්කල බවටයි ප්‍රකාශ වුනේ. 2012 සැප්තැම්බරයේ නිකුත්කල මෙම මෘදුකාංගය සදහා පසුගිය නොවැම්බරයේද ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක් නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. ආයතනය පවසන්නේ මෙමනව නිකුතුව සමග නවාංග කිහිපයක්ද හදුන්වා දෙන්නට තමන් කටයුතු කොට ඇති බවයි. වින්ඩෝස් 8 සදහා ඇප් මෘදුකාංග නිර්මාණය කරන්නන් සදහද නවාංග කිහිපයක් නව යාවත්කාලීනය සමග ප්‍රධාන මෘදුකංගය වෙත ලැබී ඇති බවටයි ප්‍රකාශ වන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස මෙම නව යාවත්කාලීනය පිලිබදව වැඩිදුර විස්තර ඔබටත් ලබාගන්නට හැකිවනු ඇත.

Bitdefender ආරක්ශක මෘදුකාංගය යලි මුල් තැනට -AVTest-

ජර්මනිය මූලිකව ක්‍රියාත්මකවන පරිගණක ආරක්ශාව පිලිබදව උනන්දුවක් දක්වන සමාගමක් විසින් වින්ඩෝස්8 සදහා ප්‍රමුකව ආරක්ශක මෘදුකාංග පිලිබදව කරන ලද අත්හදා බැලීමකින් Bitdefender මෘදුකාංගය වැඩිම සාර්තකත්වයක් පෙන්වූ මෘදුකාංගය බවට සටහන්ව තිබෙනවා. භාවිතාවන ආරක්ශක මෘදුකාංග 26ක් සදහා 2013 වසරේ මුල් මාස දෙක තුලදී පවත්වන ලද මෙම සොයබැලීමේදී එම මෘදුකාංගයන්ගේ ක්‍රියාකාරීත්වය , ශක්තිමත් බව හා ලබාදෙන ආරක්ශාව යන කරුනු තුන ඔස්සේ ලකුණු 6 දක්වා ලබා දෙන ලද අතර උපරිම ලකුනු සංක්‍යාව 18 දක්වා වන ලදී.ලකුනු 10ට වඩා ලබා ගන්නා ආරක්ශක මෘදුකාංග සමත් මෘදුකාංග ලෙසට පිලිගැනෙන ලෙසට එම සොයා බැලීම සකස්ව තිබිනි.මෙම සොයා බැලීම තුලදී ලකුනු 17ක් ලබමින් Bitdefender මෘදුකාංගය වඩාත් සාර්ථක මෘදුකාංගය ලෙසටද 16.5ක් ලබමින්  BullGuard   මෘදුකාංගය දෙවන තැනටද   16ක් ලබමින් Kaspersky මෘදුකාංගය තෙවන තැනටද 10ක් ලෙස සමලකුනු ලබමින් AhnLab හා Comodo මෘදුකාංග අවසාන ලෙසින් සමත් මෘදුකාංග ගනයට එක්වන ලදී.

2013-04-04

ස්කයිප් භාවිතය දිනකට මිනිත්තු බිලියන දෙකක් ඉක්මවයි....

ප්‍රකට ස්කයිප් සේවාව මේ වන විට දිනකට මිනිත්තු බිලියන දෙකකට වඩා භාවිතාවක් ලබමින් සිටින බවටයි දැක්වෙන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විටත් තහවුරු කොට සිටින්නේ ඉදිරියේදී තම අවුට්ලුක් ඊමේල සේවාව හා එක්ස්බොක්ස්  සමග ස්කයිප් එක්වෙමින් වඩාත් පුලුල් පරාසයක ඔස්සේ භාවිතාකරන්නන් වෙත සමීපවීමට නියමිත බවයි.පහත දැක්වෙන සටහන මෙම සේවාවේ බහුල භාවිතාව සිත්ගන්නා සුලු උදාහරන කිහිපයක් ඔස්සේ පහදාදීම සදහා ආයතනය විසින් නිකුත්කොට තිබෙනවා.

ජංගම දුරකථනය 40 වසර සපුරයි....

මීට වසර 40කට පෙර  Dr. Martin Cooper  විසින් මෝටරෝලා සමාගම වෙනුවෙන් ලොව ප්‍රථම ජංගම දුරකථනය නිමකල බවයි වාර්ථා පවසන්නේ. එතුමා විසින් නිව්යෝක් නගරයේ සිට නිව් ජර්සි වල වෙසෙන මිතුරෙකු වෙත ලොව ප්‍රථම ජංගම දුරකථන ඇමතුම ලබා දෙන ලදී. මේ වන විට ලොවපුරා බිලියන 5කට වඩා ජංගම දුරකථන භාවිතාවන අතර හුදු දුරකථන ඇමතුම් උපාංගයකට වඩා ස්මාර්ට් මට්ටමේ උපාංගයක් ලෙසින් මිනිස් දිවිය කෙරෙහි මහත්සේ බලපාන කාරනාවක් බවට එය පත්ව තිබෙනවා. මේ වන විට 85 වියැති ජංගම දුරකථනයේ නිර්මාතෲ පුවත්පත් සාකච්චාවකට එක් වෙමින් පවසා සිටියේ එලබෙන යුගයේ සෞක්‍ය වැනි කාරනා ඔස්සේ භාවිතාකරන්නාගේ ජීවිතය වෙත ජංගම දුරකථනය වඩ වඩාත් සමීප වනු ඇති බවට තමන් විස්වාස කරන බවයි.

2013-04-02

වින්ඩෝස් බ්ලූ වින්ඩෝස්8.1 ලෙසට නම් වනු ඇත..


ගෙවී ගිය සති කිහිපය පුරාවට වින්ඩෝස් 8 වෙතට එන්නට නියමිත මෙගා මට්ටමේ යාවත්කාලීන ගොනුව පිලිබදව මහත් උනන්දුවක් පැතිරෙමින් ඇත.මේ වන විට එයත් සමග එන්නට නියමිත යැයි පැවසෙන බොහෝ දෑ හෙලිවෙමින් ඇත. පැතිරෙමින් පවතින නවතම තොරතුරකට අනූව මෙම නිකුතුව වින්ඩෝස් බ්ලූ ලෙසට නොව වින්ඩෝස් 8.1 ලෙසට නම් වනු ඇති බවටයි හෙලිවෙමින් ඇත්තේ. ඒ අනූව වින්ඩෝස් බ්ලූ  බිල්ඩ් 9375 වින්ඩෝස් 8.1 ලෙසට නම් වනු ඇති බවටයි සටහන් වන්නේ. විචාරක මතයට අනූව එය එතරම් පුදුම සහගත කරුනක් ලෙස නොසැලකිය යුත්තේ වින්ඩෝස් ෆෝන් හි මෙවැනි ක්‍රමවේදයක් දැනටමත්  මයික්‍රසොෆ්ට් ආයතනය අනුගමනය කරන බැවිනි.දැනට බලාපොරොත්තුවන ආකාරයට මෙම ජූනියේ අග මෙම නව ප්ලැට්ෆෝමයේ පෙර සංස්කරනයක් නිකුත්වනු ඇති බවට හා අගෝස්තුවේ අවසන් සංස්කරනයක් නිකුත්වනු ඇති බවටයි වින්ඩෝස් බ්ලූ සංස්කරනය ගැන උනන්දුවක් දක්වන්නන්ගේ අදහස වන්නේ.

වින්ඩෝස් මොබයිල් සහිත මයික්‍රෝවේව් අවන් එකක් මග එනවා....... / නොකියා කියයි/

තවමත් නිල වශයෙන් පිලිගෙන හෝ නොගෙන ඇති අපූරු පුවතක් ප්‍රකට දුරකථනසමාගමක් වන නොකියා වෙතින් ඊයේ නිකුත්වෙනු ලැබුවා. එයින් කියවුනේ තමන් විසින් වින්ඩෝස්  ෆෝනයක්ද සහිත මයික්‍රවේව් අවන් උපකරනයක් නිමකරමින් සිටින බවකි. නිකුත්ව ඇති ඡායාරූපයට අනූව නම් එහි ස්පර්ශක තිරය සහිත මයික්‍රසොෆ්ට් මොබයිල් මෙහෙයුම් පද්ධතියක් ධාවනය වන බවටයි දැක්වෙමින් ඇත්තේ. ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ මෙම උපාංගය භාවිතාකරන්නාගේ දෙනෙත් චලනය සදහාද සංවේධී බැවින් "භාවිතාකරන්නාගෙන් දිස්වෙන කුසගින්නේ ප්‍රමානය අනූව උපකරනයේ උෂ්නත්වය ස්වංක්‍රීයව පාලනය වෙමින් " ආහාරය පිසදීමට සමත් ස්මාර්ට් මට්ටමේ උපාංගයක් වනු ඇති බවයි.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...