මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ස්වංක්‍රීයව මැකී යමින් හදුනා ගැනීමට ඉතාමත් අපහසුවන ආකාරයේ ට්‍රෝජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් හදුනා ගන්නට තමන්ට හැකිවූ බවයි. අවසර පද සොරාගන්නා ආකාරයේ හැසිරීමක් පෙන්වන මෙම හනිකර මෘදුකාංගය සොයා ගැනීමට කටයුතු කරද්දී පරිගණකය වෙත "ඩවුන්ලෝඩ්" වූ කිහිදු ගොනුවක් සොයා ගැනීමට නොහැකි වූ බවත් "රීකවරි" මෘදුකාංග ඔස්සේ පවා හදුනා ගත නොහැකි වන සේ ඒවා මැකීයාමට හැකියාවක් දක්වන ආකාරයේ බවත් ඔවුන් පවසා සිටිනවා. ඉතා අපහසුවෙන් එම ගොනු විස්ලේශනය කිරීමේදී හදුනාගෙන ඇති පරිදි ඊමේල් ආශ්‍රිතව පැතිරීමක් ඇති ගූගල් ඩෙස්ටොප් , වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් වැනි මෘදුකාංග ඉලක්ක කරගනිමින් සිටින මෙම මෘදුකාංගය TrojanDownloader:Win32/Nemim.gen!A ලෙසට ඔවුන් නම්කර සිටිනවා. මෙම ට්‍රොජන් ඩවුන්ලෝඩරයේ ආසාධනයට ඔබත් ලක්ව ඇති බවට හැගෙන්නේනම් සියලු අවසර පද වෙනස්කර ගැනීම හා මෙහෙයුම් පද්ධතිය හොඳින් ස්කෑන් කරමින් එහි පිරිසිදු භවය තහවුරු කර ගැනීම වැදගත් බවටයි ඔවුන් උපදෙස් දෙමින් සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...