Showing posts with label gogle. Show all posts
Showing posts with label gogle. Show all posts

2014-04-12

"Heartbleed" ගැටලුව හමුවේ සුරක්ෂිතයි සියලු ප්‍රධන ආයතන පවසයි!!

   මෑත ගෙවී ගිය කාලයතුලදී වෙබ් ආශ්‍රිතව කටයුතු කරන බොහේ දෙනෙකුගේ අවධානය යොමුවූ කාරනාවක් වූවේ "Heartbleed" ලෙසට නම් වූ නැතිනම් භාවිතාකරන්නන් හා සර්වරයන් අතර තොරතුරු හුවමාරුවේදී ඒවා වඩාත් සුරක්ෂිත කරනු පිනිස භාවිතාවූ OpenSSL cryptographic software  වල තිබූ යම් දුරවලතාවයක් ඔස්සේ පහර දෙන්නෙකුට එම සබදතා ඔස්සේ ගලායන තොරතුරු වලට අනවසර පිවිසීමක් කරන්නට හැකිවීම පිලිබද ගැටලුවයි. ප්‍රධාන පෙලේ වෙබ් ආශ්‍රිත සේවා ආයතම මේ වන විට නිවේදනය කර සිටින්නේ තම භාවිතාකරන්නන් ඉහතකී දුරවලතාවය ඔස්සේ අනතුරට පත්වීමේ අවකාශයන් මේ වන විට නොමැති බවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ එම දුර්වලතාවය ඔස්සේ තම් සේවාවන් අශ්‍රිතව අනතුරක් එල්ලවී නැති බවත් සිදුකරන ලද යාවත්කාලීනයන් නිසා ඉදිරියේදී එම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට පිවිසීමක් කරන්නට නොහැකි වනු ඇති බවත්ය.
                  මයික්‍රසොෆ්ට් ආයතනයද නිවේදනය කර සිටින්නේ තම online ආකාරයේ කිසිදු සේවාවක් මෙම හානිකරයේ ඉලක්කය බවට පත්ව  නැති බවත් තම වෙබ් ආශ්‍රිත සේවාවන්  වන Microsoft Account, Microsoft Azure, Office 365, Yammer හා Skype වැනි සියල්ලම තම පිරික්සුමට ලක්කොට ඇති බවත්ය. එසේම ඔවුන් වැඩි දුරටත් මතක කර දෙන්නේ භාවිතාකරනන් තම password කලකට වරක් අලුත්කිරීමත් වඩාත් සංකිර්න Password භාවිතයට පෙලබීමත් මෙන්ම එකම password ගිනුම් කිහිපයක් සදහා යොද ගැනීමෙන් වලකින ලෙසත්ය.

2014-01-24

Bitcoin ගූගල් ගනුදෙනු සදහා යොදා ගැනීමේ සූදානමක්!!

  Bitcoin නම් ඩිජිටල් ආකාරයේ මුදල් භාවිතාව වෙතට විවිධ පිරිස් විවිධ ආකාරයේ ප්‍රථිචාර දක්වමින් සිටිනු දැකිය හැකිය. ඒවා අතරින් අලුතින්ම සටහන් වන පුවතක් පවසන්නේ ගූගල් ආයතනය තම online ගනු දෙනු සදහා Bitcoin යොදා ගැනීම පිලිබදව අවධානය යොමු කර ඇති බවටයි. මෙ වන විට ඔවුන් තම Google Wallet හා අනෙකුත් මුදල් හුවමාරු සදහා මෙම මුදල් ක්‍රමයේ ස්වභාවය කොතරම් දුරට ගැල පෙන්නේද යන්න විමසා බලමින් සිටින බවටයි එම වාර්ථා පවසා සිටින්නේ. තවමත් නිල ලෙසට නිවේදනය වී නොමැති මෙම පියවර ලොව භාවිතාවට Bitcoin පැමිනීමට සදහා වල ප්‍රධානතම පිලිගැනීමක් බවට පත්වීම අනිවාර්ය බවටයි විචාරක මතය වන්නේ.

2013-11-21

"Google දත්ත සොරකම් කරනවා" මයික්‍රසොෆ්ට් චෝදනාව ඉදිරියට....

  මෑත කාලාන්තරයක් තිස්සේ මයික්‍රසොෆ්ට් ආයතනය තම තරගකාරී සගයෙකු වන Google වෙතට කෙරෙන චෝදනාවක් වන්නේ ඔවුන් ඔවුනගේ search මෙන්ම Gmail සේවාවන් ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොර ගැනීම කරන බවකි. හදාරන්නන් පැවසුවේ මෙම චෝදනාව ඔස්සේ පිලිගත හැකි මට්ටමේ භාවිතාකරන්නන් පිරිසක් Google සේවාවන් වෙතින් ඉවත්කරගන්නට මයික්‍රසොෆ්ට් ආයතනය සමත් වූ බවයි. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම ව්‍යපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් ඉහත චෝදනාව වක්‍රව පලවන ආකාරයේ දැක්වීම් සහිත t shirts , mug ආදිය තම ස්ටෝර්ව තුල අලවියට එක් කරන්නට කටයුතු කර ඇති බවටයි දක්නට ලැබෙන්නේ. ඩොලර් 12කට මිල කොට ඇති t shirts මත ගූගල් ක්‍රෝම් සලකුනද මුද්‍රනය කොට තිබෙනවා.

2013-11-06

IE 9 ගූගල් ඇප් සහය අවසන්වේ!!!!

  ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම Google Apps සහය දක්වන බ්‍රවුසර සංස්කරන අතරින් Internet Explorer 9 සංස්කරනය වෙත සහය දැක්වීම එලබෙන සතියේ සිට අවසන් වන්නට නියමිත බවකි. ගූගල් ආයතනය දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති පරදි තම ඇප් සදහා සහය දක්වන බ්‍රවුසර සංස්කරන වන්නේ ඔනෑම බ්‍රවුසර නිකුතුවක අවසන් සංස්කරනය හා ඊට පෙර අවසන් සංස්කරනය පමනක් වනු ඇති බවයි.මේ අනූව ඊට පෙර සංස්කරනයකසිට යම් භාවිතාකරන්නෙක් ගූගල් ඇප් භාවිතාවකට උත්සාහ කරන විට මතුවන පනිවිඬයක් ඔස්සේ දැනට සහට දක්වන සංස්කරන වෙත බ්‍රවුසරය යාවත්කාලීන කර ගන්නා ලෙසට පැවසෙනු ඇත.පසුගිය ඔක්තෝබර 17දා වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සංස්කරන නිකුත්වීමත් සමග ගූගල් ආයතනය එක්ස්ප්ලොරා 9 වෙත තම ඇප් සදහාවූ අවධානය අවසන් කරන්නට කටයුතුකල අතර මේ වන විට windows 7 sp1 වෙතද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 පෙර සංස්කරනයක් නිකුත්ව තිබෙනවා.බොහෝ මෘදුකාංග ආයතනයන් තම නිෂ්පාදනයන් සදහා වින්ඩෝස් XP සංස්කරන සදහා හා ආශ්‍රිත සංස්කරන සදහා සහය දැක්වීම එලබෙන වසරේ පලමු කාර්තුවේසිට සිදුවන්නට සැලසුම් ඇති බවටයි දක්නට ලැබෙන්නේ.
 

2013-10-30

ගූගල් + මාසික භාවිතාකරන්නන් ප්‍රමනය මිලියන 540 ඉක්මවයි!!!!

  සමාජ ජාලා අවකාශයේ දෙවන නියමුවා ලෙසට පිලිගැනෙමින් තිබූ GOOLE PLUS සාමාජ ජාලාවේ භාවිතය තීර්නනාත්මක ලෙසට ඉහල යමින් ඇති බවටයි ගූගල් ආයතනය නිකුත්කල අලුත්ම නිවේදනයකකින් පැවසෙන්නේ.පසුගිය මැයි මාසයේ වන විට මිලියන 300 ක වූ මාසික සංක්‍රිය භාවිතාකරන්නන් ප්‍රමනය මේ වන විට මිලියන 540 දක්වා ඉහල ගොස් ඇති බවටයි ඔවුන් පවසන්නේ.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ සතියකට ඡායාරූ ගූගල් ප්ලස් වෙත නැංවීම් බිලියන 1.5ක වන අතර එම අඩවියේ ආරම්බයේ සිට සැලකීමේදී වඩාත් භාවිතාකරන්නන්ගේ අවධානය දිනාගත් කාලයම් මේ වන විට පසුකරමින් සිටින බවටයි පවසා සිටින්නේ.ඔවුන් තම අඩවියේ ඡායාරූ සමග කටයුතු කිරීමේදී මෙන්ම Hangouts වලට පසුගිය කාලයේ නව පහසුකම් රාශියක් හදුන්වාදෙන්නට කටයුතු කල අතර video calling වලදී වඩාත් සුවපහසු අත්දැකිමක් භාවිතාකරන්නා හට ලබාදෙන්නට හැකිව ඇති බවටයි පැවසෙන්නේ.එම වැඩි දියුනු කිරීම් අතර ඡයාරුවක යම් අවස්ථා හදුනා ගැනීමේ හැකියාව 1000ක් දක්වා වැඩි දියුනු කරන්නට හැකිව ඇති බව පවසන එම ආයතනය  sunset නැතිනම් snowmen වැනි වදනක් ඔස්සේ භාවිතාකරන්නෙකුට තම ඡායාරූ ගොනු ඔස්සේ අදාල ඡායාරුවක් තොරාගැනීමේ හැකියාව දක්වා පැමින ඇති බවටයි පවස සිටින්නේ.එසේම ඡයාරුවක් ස්වංක්‍රීයව සකසන්නට සහය මෙන්ම අනවශ්‍ය කොටස් පහසුවෙන් ඉවත්කටන්නට සහයවීමේ හැකියාව ආදිය ඔවුන් සඳහන් කර සිටිනවා.

2013-10-12

ගූගල් ඔබගේ ගිනුම් තොරතුරු පිලිබද එකගතාවයන් වෙනසකට!!!

  ගූගල් ආයතනයද තම භවිතාකරන්නන් තම ගිනුමක් ඇරබීමේදී අන්‍ය ඔන්‍යව සිදුවන එකගතා සටහනට ආන්දෝලනාත්මක සංශෝදනයක් එක් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ.මෙම නව එකතු කිරීම සමග භාවිතාකරන්නෙකුගේ ඡායාරුවක් සටහනක් ආදී ඔනෑම භාවිතාවක් ගූගල් ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සදහා යොද ගැනීමට ඉඩ ලැබෙනු ඇති බවටයි ප්‍රකශ වන්නේ.නොවැම්බර් 11 සිට ක්‍රියාතම වන මෙම නව කොන්දේසිය සමග පැමිනෙන මෙම එකගතාවය මග හරින්නට යම් භාවිතාකරන්නෙකුට අවශ්‍ය වන්නේ නම් තම ගූගල් ගිනුමක් ඔස්සේ ඇතුලුව  https://plus.google.com/settings/endorsements?hl=en  වෙතට ගොස් එම පි‍ටුව අගවන  කුඩා කො‍ටුවෙහි "හරි" ලකුන ඉවත්කිරීම ඔස්සේ හැකිවනු ඇත.මෙම නව එකතු කිරීම් සමග වන තවත් කාරනා දෙකක් වන මුත් ඒවා වලි පැවසෙන්නේ වාහන ධාවනයක් අතරතුරදී මොබයිල් උපංග භාවිතය වැලකීම මෙන්ම අවසර පද භවිතාවේදී වඩාත් සැලකිලිමත්වීමට දිරිමත් කිරීම වැනි භවිතාකරන්නාගේ සුරක්ශිත බව තහවුරු කරන ආකාරයේ ඒවා බවටයි දැක්වෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...