Showing posts with label Sky drive. Show all posts
Showing posts with label Sky drive. Show all posts

2014-02-06

බහුතර භාවිතාවෙන් Optical Drive ඉවත්වීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බවටයි

  එලබෙමින් ඇත්තේ Opticle Drive රහිත PC හා Laptop වෙළඳපොලට එමින් ඇති කාලයයි. වේගවත් අන්තර්ජාලයත් , ප්‍රමානයෙන්  කුඩා ජංගම ගතියෙන් වැඩි උපාංගවල බහුල අවශ්‍යතාවයත් , Cloud මූලික සයිබර් අවකාශ භාවිතය බහුල වීමත් එම අනාගතය පැමිනීම ඉක්මන් කරමින් සිටිනු දැකිය හැකිය. 5.25" Floppy Disk පැමිනියේ කිලෝබයිට 360ක ධාරිතා හැකියවක් සමගය. පහසුකම් අඩු කුඩා මෙහෙයුම් පද්ධතිය එකකද වැඩසටහන් හා දත්ත ගොනු තව එකකද ලෙසට ඒවා සමග පරිගණක භාවිතාකරන්නන් කටයුතු කල කාලයක් විය. අනතුරුව පැමිනියේ Floppy ලෙසට නම්කෙරෙනද නම්‍යතාවයකින් තොර 3.5" ප්‍රමානයේ ප්ලාස්ටික් ආවරනයක් සමග පැමිනි Floppy Disk භාවිතා කරන කාලයයි. මෙගා බයිට 1.44 දත්ත ‍රැදවීමේ හැකියාවක් සමග පැමිනි ඒවා පහසුවෙන් ඉන් පෙර වූ භාවිතාව අත්පත් කර ගත්තාය. දශකයකට ආසන්න කාලයක් ජනංප්‍රිය භාවිතාවේ තිබූ එම Floppy Disk භාවිතාව දෘඩ තැටිය සදහා සුලබව යෙදෙන C: නාමකරනයට මග සැලසුවේ PC වලටම සවිව පැමිනෙන Floppy Drives එක හෝ දෙක සදහා A: , B: වෙන්කිරීම සම්ප්‍රධාය වූ නිසාවෙනි. බාවිතාවන තොරතුරු ගොනුවල ප්‍රමානයෙන් විශාල වන්නට පටන් ගැනීමත් සමග කෙමෙන් එම භාවිතාවද වෙනත් තාක්ශනයක් දෙකක් විසින් අත්පත්කරගන්නට පටන් ගති. එනම් USB flash drive හා CD ROM DRIVE පැමිනීමයි.CD DRIVE වල Writeble හා Rewriteble Drives එම භාවිතාවන් තවත් දුරට පහසු කරන්නට ක්‍රියා කල අතර DVD Writeble Drive සමග දත්ත ‍රැදවීමේ හැකියාවත් ගිගා බයිට අටක් දක්වා ඉහල ගියේය. මේ හා සමාන්තරවම Flash drive වල ‍රැදවීමේ හැකියාව 1TB දක්වා ඉහලට නැංවිනි. Blue Ray ධාවකයන් පිලිබදව මීලග තැටි යුගය ගැන පෙර කාලයේ මෙන් බලපොරොත්තු තැබිය නොහැකි බවටයි හදාරන්නන් විස්වාසය පල කරන්නේ. බහුතර භාවිතාවෙන් Optical Drive ඉවත්වීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බවටයි ඔවුනගේ අදහස වන්නේ.     

2013-10-01

skydrive වල ඇති ඡායාරුවක වන Text ඔස්සේ Bing සෙවුමකටද හැක!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම මීට මසයකට පමන ප්‍රකාශ කර සිටියේ තමන් තම skydrive සදහා  optical character හදුනා ගැනීමේ පහසුව එක්කරන්නට කටයුතු කල බවකි. ඒත් සමග  භාවිතාකරන්නෙකු තම ක්ලවුඩ් මූලික  skydrive ගිනුම වෙත රදවන ලද ඡායාරුවක වන  text  එම ඡායාරුවට දකුනතින් වන තීරුවක දැක ගැනීමේ පහසුව ලැබී තිබුනා. මයික්‍රසොෆ්ට් සමාගම අද පවසා සිටින්නේ එම පහසුව ඉදිරියේදී තම bing සෙයුම් යන්ත්‍ර සේවාව සමග built-in ආකාරයට භාවිතාකරන්නන් වෙත ගෙන එන්නට තිර්නය කර ඇති බවකි. වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට තම skydrive වල රදවා ඇති ඡායාරුවක වන Text භාවිතාකරමින් Bing ඔස්සේ තොරතුරු සොයා යාමේ පහසුව මේ අනූව ලැබෙනු ඇතිබවටයි නිවේදනය වන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම පහසුව  "online-only" මට්ටමේ ඡායාරූ සදහාද වලංගුවනු ඇති බවයි.

2013-09-25

මයික්‍රසොෆ්ට් SkyDrive වලද මේ මොහොතේ ප්‍රමාදයක්!!!!!


  මයික්‍රසොෆ්හි SkyDrive  භාවිතාකරන්නන් මේ මොහොත වන විටත් ප්‍රමාදයක් අත්විඳිමින් සිටින බවටයි වාර්ථාවන්නේ. SkyDrive  වෙත ගොනු තැන්පත් කිරීමට උත්සාහකිරීමේදී මෙන්ම එහි වන ගුනු භාවිතයට උත්සාහ කිරීමේදීද මෙම අපහසුව අත්විඳුන්නට සිදුවෙමින් පවතින බවටයි එම වාර්ථා පවසන්නේ.දැනට පැය කිහිපයක සිට අත්විඳුවින් ඇති මෙම තත්වය ගැන තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය කිසිදු නිල නිවේදයක් කර නොමැත. පසුගිය අගෝස්තු මසයේදීද මයික්‍රසොෆ්ට් සේවාවන් වන SkyDrive, Outlook.com  වල මෙවැනි ආකාරයේ දුර්වලතාවයක් අත්විඳුන්නට සිදු වන ලදී.එහිදී දින කිහිපයක් ගත වීමෙන් අනතුරුව එම දුර්වලතාවය පාලනය කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනයට ගතවන ලදී. Surface 2 භාවිතයට පැමිනෙන්නන් සදහා 200GB අවකාශයක්  SkyDrive වෙතින් නොමිළේ ලැබීම මෙන්ම 200GB දක්වා Skydrive අවකාශයක් වසරක් සදහා ඩොලර් 100ක මුදලකට ලබා දීම වැනි නව හඳුන්වාදීම් කිහිපයක් මේ දින සිදුවෙමින් පැවතීම සමහර විටක මෙම අත්විඳීමට හේතුව වන්නට ඉඩ ඇති බවටයි උපකල්පනය වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...