Showing posts with label Email. Show all posts
Showing posts with label Email. Show all posts

2014-10-21

තමන් විනාඩියකට Spam මට්ටමේ Email ten million වලකමින් සිටින බව Microsoft පවසයි.

  කලකට ඉහතදී තොරතුරු ලෝකය වෙතට භාවිතාකරන්නන් කැඳවා එන්නට ප්‍රධාන ආකර්ෂනීය සාධකයක් වූවේද E-mail භාවිතාවයි. වැඩි පහසුකම් සහිත G-mail නම් නොමිළේ ලබා දෙන පහසුව පැමිනෙන මුල් යුගයේදී එම ගිනුම් මුදල්වලට අලවිකරවන්නට තරම් එම ආකර්ෂනය බලවත්ව පැවතිනි. අන්තර්ජාලය සමග පැමිනි මුල් අංගයන් අතරින් අදටද භාවිතාකරන්නන්ගේ අකංඩ අවධානය දිනා ගත් පහසුවක් ලෙසට E-mail පිලිගැනේ. මෙම අගනා පහසුව සමග තවත් පිරිසක් ලබන්නා බලාපොරොත්තු නොවන හා කරදරකාරී වන මෙන්ම විටක හානිකරවිය හැකි දෑ අඩංගු E-mail යැවීමක්ද ඇරබිනි. spam ලෙසට නම්වන මේවා විටක මතවාද පතුරවන්නටත් තවත් විටක වෙළඳ අරමුනින් පමනක් නොව ව්‍යාජව ආයතන නමින් නිකුත් කොට එවා හරහා භාවිතාකරන්නන්ගේ වැදගත් ගිනුම් වලට පිවිසෙන තොරතුරු ලබා ගන්නට මෙන්ම හානිකර පරිගණකය වෙතට පමුනවන වෙබ් අඩවි වෙතට යොමුකරවා ගන්නටත් භාවිතාවීම ඇරබුනි.
                                Microsoft සමාගම පසුගියදා නිවෙදනය කර සිටියේ තමන් තම Email සේවාවන් (Hotmail , Outlook) සමග විනාඩියකට spam මට්ටමේ Email මිලියන 10ක් වලකමින් සිටින බවයි. අන්තර්ජාලය තුල අනවශ්‍ය තද බදයන් නිර්මානය කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙසට ගැනෙන apam මට්ටමේ ඊමේල හුවමාරුඅව වලකාලන්නට තීතිමය ආකාරයටද බොහෝ රටවල පහසුකම් ඇති අතර තාක්ශනික මට්ටමින්ද මෙම පහසුකම් දෙන ආයතනයන් විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටී. භාවිතාකරන්නන් දෙසින්ද එත්‍රම් විස්වාසය තැබිය නොහැකි අවශ්‍යතා සමග කටයුතු කිරීමේදී තාවකාලික Email ලිපින භාවිතාකිරීම මෙන්ම තම inbox වෙතට Email ලැබීම පෙරනයකට ලක් කිරීම වැනි පහසුකම් ඔස්සේ මෙම අනවශය කරදරය තරමකට හෝ පාලනය කර ගත හැකි වනු ඇත.

2014-04-16

E-mail වලට අනවසර එබී බැලීම් චෝදනා සදහා ගූගල් විසඳුමක්!!!

  ගූගල් ආයතනය තම ඊමේල් සේවාව තුල හුවමාරුවන තොරතුරු දෙසට අනවසර එබී බැලීම් කරන බවට වන චෝදනව කාලාන්තරයක සිට පවතින්නකි. කොටින්ම එය වසර දහයකට පමන පෙර එම සේවාව ඇරබූ දා සිටම විටින් විට මතුවූවකි. ආයතනය පසුගියදා යම් භාවිතාකරන්නෙක් එම සේවාව වෙතට පිවිසෙන විට හමුවන  ආයතනය හා භාවිතකරන්නා අතරවන එගතා ගිවිසුමට මේ පිලිබදව පැහැදිලි කෙරෙන සටහනක්ද එකතු කරන්නට කටයුතු කොට තිබෙනවා. ඔවුන් පැහැදිලි කර සිටින්නේ එලෙස එම තොරතුරු දෙසට එබී බැලීම ඔස්සේ ඉලක්කක ගත දැන්වීම් ලබාදීම ඇතුලු , ස්පෑම් මෙන්ම හානිකරයන් හඳුනා ගැනීම දක්වා කාරනා රාශියක් ඉ‍ටුවන බවයි. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම නව එකතුකිරීමත් සමග විටින් විට එම තොරතුරු දෙසට එබී බැලීම පිලිබදව මතුවන නෛතික ගැටලු පිලිබදව පැහැදිලි එකගතාවයක් ඇති වනු ඇති බවයි.

2014-04-01

දස වස සමරන Gmail සේවාව

  ඒ 2004 වර්ෂයේ අප්‍රේල් පලමු වෙනිදා වුවාය. ඒ වන විට නොමිලේ භාවිතාකල හැකි ඊමේල සේවාවන් දෙකක් විය. එනම් Yahoo හා Hotmail සේවාවන් දෙකයි. Google ආයතනය 1GB අවකාශයක් සමග හඳුන්වා දුන් Gmail සේවාව බොහෝ දෙනාගෙ අවධානය දිනා ගන්නට සමත්විය. හදාරන්නන් පසුකාලීනව මෙම  නව පැමිනීම විග්‍රහ කරන්නට යාමේදී එය ගෙන ආ වෙනස හඳුන්වන්නට "conversations" යන වදන යොදා ගැනීමේන්ම එය ඇතිකල වෙනස පිලිබදව යම් අදහසක් අපට ලබා ගන්නට හැකි වනු ඇත. දස වසක් ඇවෑමෙන් අද සලකන විට Gmail යනු ලොව ඊමේල් සේවාවන් අතරින් වැඩිම භාවිතාවක් ලබා ගත් සේවාව බවට පත්ව ඇත.
       Paul Buchheit විසින් තම පුද්ගලික ව්‍යාපෘතියක ලෙසට අරබන ලද මෙය පසුව Gmail team විසින් JavaScript මූලිකව ගොඩ නගන්නට මූලිකව කටයුතු කල බවට වාර්ථා වන අතර පසුව එවකට භාවිතාවෙ නොතිබුනු නවාංග රාශියක් HTML වැනි දියුනු කිරීම් සමග ගෙනෙන්නට කටයුතු කරන ලදී. ඉතා කුඩා ‍තෝරා ගත් අත්හදා බලන්නන් කන්ඩායමක් සමග ඇරබි එහි භාවිතාව කෙටි කලකින් කොතරම් ජනංප්‍රිය වීද යත් එහි Gmail invite codes නැතිනම් එම සේවාවට එක්වන ලෙසට ආයතනයෙන් නිකුත්කල ඇරයුම් පත් e Bay වැනි තැන් වල අලවියට තැබීම වැනි සිදුවීම් පවා සිදුවිය. අවසානයේ 2007 වසරේදී මෙම සේවාව සාමන්‍ය භාවිතාවට විවෘත වූ අතර වර්තමානය වන විට "Sponsored Links" වැනි දේ සදහා ඔවුන් ඊමේල වෙතට අනවසර එබී බැලීම් කරන බවට වන චෝදනා වැනි කාරනා සමගද ලොව වැඩිම භාවිතාවක් ලබන ඊමේල් සේවාව ලෙසට කැපී පෙනෙන සේවාවාක් සිටින අතරම ඔවුනගේ නව සංස්කරනයන් සමග අනෙකුත් ආශ්‍රිත සේවාවන් සමග ඒකා බද්ධ කරමින් ඊමේල් භාවිතාව වෙතට වඩාත් නම්‍ය ස්වරූපයක් ගෙන දෙමින් සිටී

2014-03-24

Gmail දැන්සම්පූර්නයෙන් encrypted ආකාරයේය..

 Google ආයතනය පසු ගියදා ප්‍රකාශකර සිටියේ තම Gmail සේවාව මේ වන විට සම්පූර්නයෙන් encrypted HTTPS ආකාරයට ක්‍රියාත්මක වන බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ භාවිතාකරන්නා හා සර්වරයන් අතර පමනක් නොව Google අභ්‍යන්තරයේ දී පවා මෙම තොරතුරු ගමන් කිරීමේදී පවා සම්පූර්නයෙන් encrypted ආකාරයට සිදු වනු ඇති බවයි. පසුගිය කාලයේ  NSA හා සම්බන්දිතව කටයුතු කල අයෙක් හෙලිකර සිටියේ  NSA තොරතුරු ‍රැස් කිරීමේදී ආයතනයන්ගේ අභ්‍යන්තර සර්වරයන් අතර සිදුවන තොරතුරු හුවමාරුවන්ගේදී පවා මැදිහත් වීමේ හැකියාවෙන් යුත්ත බවකි.
              මේ අතර පසුගිය අගෝස්තුවේ හෙලිවූ කාරනාවක් වූවේ Google විසින් තම Gmail භාවිතාකරන්නන්ගේ ඊමේල් වෙතට අනවසර එබී බැලීම් ඔස්සේ ඒවායේ වන තොරතුරු ඔස්සේ ඔවුනගේ ගිනුම් අතරින් ඉලක්ක ගත වෙළඳ දැන්වීම් පලකිරීම් වලට තොරතුරු ලබා ගන්නා බවයි. ගූගල් ආයතනය මීට පිලිතුරු ලෙස පවසා සිටියේ එය සාමාන්‍ය වෙළඳමය හැසිරීමක් අපරාධමය ආකාරයේ හැසිරීමක් ලෙසට අර්ථ දක්වන්නට ඔවුන් කටයුතු කරන බවකි. Google ආයතනය මෙම හැම හැසිරිම පැහැදිලි කරමින් මීට පෙර පවසා සිටියේ තමන් භාවිතාකරන්නන්ගේ අනන්‍යතාව නොසලකමින් යාන්ත්‍රික ක්‍රම වේදයක් ඔස්සේ මෙම දැන්වීම් පලකිරීම් සිදුකරන බවකි.

2014-02-26

@facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය වේ!!!!

  Facebook ආයතනය 2010දී ආරම්බ කරන ලද @facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය කොට ඇති බවටයි නිවේදනය වන්නේ. තම අඩවිය භාවිතාකරන්නන් හට වඩාත් පහසුවෙන් තොරතුරු හුවමාරුව සදහා සහය වන අරමුනින් අරබන ලද මෙම සේවාව වසර කිහිපයකින් අනතුරුවද එතරම්ම ජනංප්‍රිය අංගයක් නොවීම මෙම තීර්නයට හේතුවාක් බවටයි ඔවුන් පවසන්නේ. එලබෙන මාර්තුවේ සිට ක්‍රියාත්මක වන්නට නියමිත මෙම පියවර සදහා හේතුවන්නට ඇත්තේ සමාන්තර අනෙකුත් web-based email සේවාවන් සමග සැලකීමේදී එතරම් අංග මෙම සේවාව සමග නොවීම ලෙසට පෙනෙන්නට ඇති අතර ඒනිසාම භාවිතාකරන්නන් තුල එම බාවිතාවට ඇති අඩු පෙලබවීම සිදුවන්නට ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. එසේම mobile instant messaging වැනි විකල්පයන් සමග සැසදීමේදී මෙම භාවිතාව අඩු ජනංප්‍රියත්වයක් ලබන්නට ඇති බවටයි පිලි ගැනෙන්නේ. Facebook සමාගම මෑතකදී මිලදී ගන්නා ලද WhatsApp  වැනි පහසූන් සමග voice calls මට්ටමේ පවා තොරතුරු හුවමාරුවක් භාවිතාකරන්නන් වෙතට ගෙන එනු ඇති බවටයි බලාපොරොත්තු පල වෙමින් ඇත්තේ.

2014-01-31

හානිවූ Yahoo email ගිනුම් සැකසෙමින් ඇත..

  Yahoo වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ පසුගිය දිනවල තම email භාවිතාකරන්නන්ගේ ගිනුම් ඉලක්ක කරගනිමින් සිදුවූ පහරදීම් ඔස්සේ පැහැර ගන්නා ලද තොරතුරු ඔස්සේ අනතුරක ඇති email accounts වල user name හා pasward නෑවත සැකසීමක් සිදු වෙමින් පවතින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එම භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙනත් ආයතනයකට සිදුකල පහරදීමක් ඔස්සේ ඔවුන් ලබා ගනට ඇති බවට සැක කරන බවයි.ආයතනය federal law මෙම පහර දෙන්නන්ට එරහිව කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් විස්තර කරන්නේ එම පහර දෙන්නන් විසින් malicious software program ඔස්සේ පැහැරගන්නා ලද username , password භාවිතාකරමින් එම ගිනුම් වලට පිවිස ඇති බවයි. ආයතනය second sign-in verification  ක්‍රම වේදය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට එක්වරක් පමනක් භාවිතාකල හැකි  passcode එකක ලබා දෙන අතර ඒය ඔස්සේ නැවත ගිනුමට පිවිසීමේ හැකියාව ලැබෙනු ඇති බවත්ය. එසේම භාවිතකරනන් වෙතට උපදෙස් දෙන එම ආයතනය පවසන්නේ ඔවුනගෙ අවසර පද වෙනස් කර ගන්නා ලෙසත් එකම අවසර පද වෙනත්සේවාවන් සදහා භාවිතකිරීමෙන් වලකින ලෙසත්ය. පසුගිය කාලයේ මෙසේ නොමිළේ තම සේවාව ලබාදෙන ඊමේල් සේවාවන් කිහිපයක් සදහාම  පහරදීම් සිදුවූ බවට වාර්ථ වන ලද අතර Google , Microsoft වැනි ආයතනයන් ගෙන් සැපයෙන ඊමේල් සේවාවන්ද ඒ අතර වූ බවයි.

2014-01-17

Outlook.com වඩාත් පිලිවලක් වී ඇත....

  මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කරමින් පවසන්නේ තම outlook ඊමේල සේවාවේ ප්‍රධාන මුහුනත මතට වෙනස්කම් කිහිපයක් ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි. ඒවා අතර සතියකදී මිලියන 7.5 වාරයක් භාවිතාවන Sweep delete feature වඩාත් පහසු කරන්නට තමන් ක්‍රියාකර ඇති බවකි. අනවශ්‍ය ඊමේලයක් තේරීමේදී පහසුවෙන් එම එවන්නාගේන් පැමින ඇති සියලුම ඊමේල එකවර තේරෙන ලෙසට සකස්ව ඇති මෙම අංගය පහසුවක් වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ. එසේම search හැකියාවද අඩවිය තුලදී දියුනු කර ඇති අතර පහසුවෙන් අවශ්‍ය අයෙකුගේ සියලු විස්තර එකම කවුලුවක්දී දැක ගැනීමේ හැකියාව මේ අනූව ලැබෙනු ඇත. එසේම අවශ්‍ය විටකදී පහසුවෙන් පෙරනයන් ඔස්සේ අවශ්‍ය තොරතුරු පමනක් ලබා ගන්නට හැකිවන ලෙසට වෙනස්කම් එම සෙවුම් සදහා ලබාදෙන්නටද හැකි බවටයි විස්තර කෙරෙන්නේ. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ දැන් පහසුවෙන් තම ඊමේල් අතර ඇති අනවශ්‍ය ඊමේල ඉවත්කරන්නට මෙන්ම අව්ශ්‍ය ඊමේල පිලිවලකට සකසා ගන්නටද නව හදුන්වාදීම් සහය වනු ඇති බවකි.

2014-01-09

යාහු ඊමේල් දැන් සම්පූනයෙන් encrypt තත්වයේය!!!!

  යාහු පවසා සිටින්නේ තමන්ගේ ඊමේල් සේවාව සම්පූර්නයෙන් encryption වීම ජනවාරි 8 දායින් පසුව ක්‍රියාත්මක බවයි. 2012 සිටම යාහු මේල් භාවිතාකරන්නන් හට මෙම අවස්ථාව ලබී තිබුනේ තොරා ගැනීමේ අවස්ථාවක් හැටියට වන අතර මෙතැන් සිට එම හැකියාව සියලුම භාවිතාකරන්නන් හට default මට්ටමින් ලැබෙන බවටයි නිවේදනය වන්නේ. ආයතනය පැහැදිලි කර සිටින්නේ web, mobile web, mobile apps මට්ටම් වලදී පමනක් නොව IMAP, POP මෙන්ම SMTP මට්ටම් වලදීද 100% භාවිතාවක් සමග තම සේවාවන් සුරක්ශිත කිරිමට තමන්ට හැකිව ඇති බවකි. පසුගිය කාලයේ කිහිප වරක්ම යාහූ සේවාවන් වල බිද වැටීම් වාර්ථා වන්නට වූ අතර මෑතදී සිදුවූ ඊමේල් සේවාවේ බිඳ වැටීම පිලිසකර කරන්නට දින කිහිපයක් ගතවනු ලැබුවා. කල කට ඉහත දී ඊමේල් සේවාවන් අතර කීර්තිමත් අනන්‍යතාවයක් හිමි කරගෙන සිටි යාහූ සේවාව තම ජනංප්‍රියතාවය කරා නැවත යන්නට නව CEO වරිය යටතේ මහත් උත්සාහයකිහ් කටයුතු කරමින් සිටින අතර නව වෙනස් කම් ඒසදහා සහය වනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ.

2013-12-16

ජීමේල් තුල ඇති images ස්වංක්‍රීය විවෘත වීම ඇරබේ!!!!

  වෙබ් අවකාශය තුල ඊමේල් සදහා හිමිවන්නේ ප්‍රධානතම ස්ථනයකි. මුල යුගයවන විට අන්තර්ජාල සදහා පිවිසුනන්ගේ වැඩි ප්‍රථිශතයක් වෙබ් අවකාශය වෙතට ‍රැගෙන එන්නට මූලික වූවේද මෙම ඊමේල භාවිතාව විනි. සෑම යහපත්දේයක් සමගම අයපතක්ද පැමිනීමට ඉඩ ඇති බවට වන අවස්ථාව තහවුරු කරමින් අයහපත් මෘදුකාංග පැතිරීමේදීද ඊමේල් වෙතට වැඩි චෝදනාවක් ලැබිනි. හානිකරයන්ගේ සිට වෙබ් අවකාශය අනවශ්‍ය තදබදයක් කැදවන "ස්පෑම්" භාවිතාව දක්වා වන බොහෝ චෝදනා වෙත ඊමේල් සේවාවන් විවරව ඇතත් එයින් ලැබෙන පහසුව හමුවේ අදටද එම සේවාවන් භාවිතාකරන්නන් අතර ඉහලම භාවිතාවක් හිමි කරගන්නට සමත්ව සිටී.
              ඊමේල් සමග එන සැබැදියාවන්(Link) අවදි කිරීම හානිය පැමිනීමේ අවස්ථාව වඩාත් තීව්‍ර කරන්නකි. ඊමේලයක් ඔස්සේ ඔබව පිලිතුරු සැපයීමට පොලබා ගනිමින් එය සංක්‍රීය බව හදුනා ගන්නා සයිබර් දූෂකයන් "ස්පෑම්" ආකාරයේ අනවශ්‍ය ඊමේල ධාරාවකට ඔබව ගොදුරු කරගන්නවා විය හැකිවා මෙන්ම අනවශ්‍ය විස්වාසකිරීමකට ඔබව පොලබවා ගනිමින් අපහසුතාවයන් වෙතට ඔබව කැදවා ගෙන යන්නටද කටයුතු කල හැකිව ඇත. නමුත් පෙරකී සබදතාවයන්(Link) අවදෛකරවා ගැනීම ඔස්සේ වඩාත් හානිකර අවස්ථාවකට ගෙන යන්නට මෙම පහර දෙන්නන්ට හැකි වන්නේ ඒ ඔස්සේ ඔබව එම ඊමේල් සේවාව සපයන ආයතනයේ සර්වරයෙන් පිටත ඇති සර්වරයක් වෙත යොමු කිරීමට කටයුතු වන අතර හානිකර මෘදුකංග පරිගණකය වෙතට පැමිනීම සදහා එය පහසු අවස්ථාවක් වනු ඇත.
           ගූගල් ආයතනය තම ඊමේල් සේවා තුල ඉමේජ ස්වංක්‍රීයව විවෘත වීමට මේ වන විට කටයුතු කොට ඇති අතර හදාරන්නන් මේ පිලිබදව අදහස් පලකරමින් සිටින දැකිය හැකියි. සාමාන්‍යයෙන් ඊමේල් සේවා සපයන ආයතන ඊමේලයන් ඔස්සේ එන සබදතා(Link) මෙන්ම images ස්වංක්‍රීයව විවෘත වීම වලකා ඇති අතර භාවිතාකරන්නා හට ඒ සදහා අවස්ථාව ලබා දෙන්නේ වඩාත් විස්වාසනීය ඒවා පමනක් විවෘත කරගැනීම ඔස්සේ තමන්ට විය හැකි හානිය අවමතත්වයේ පවත්වාගෙන යාමට සහය වනු පිනිසය. කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන්නේ තම ජීමේල ඔස්සේ පැමිනෙන images ඩෙස්ටොප් පරිගණක ඔස්සේ අවදිවීමේ අවස්ථාව මෙම සතියේ සිට ක්‍රියාත්මක අතර iOS හා Android සදාහා 2014 මුල් භාගයේ සිදුවනු ඇති බවත්ය.ගූගල් ආයතනය සැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙසේ ඊමේල් ඔස්සේ පමිනෙන images තම secure proxy servers ඔස්සේ පැමිනීම සිදුවන බැවින්  භාවිතාකරන්නන් එයින් විය හැකි අනතුරු පිලිබදව බිය කැදවා ගැනීමක් අනවශ්‍ය බවත් අමතර මැදිහත්වීමකින් තොරව ඊමේලයක් සැම්පූර්නයෙන් විවෘත වීම තුලින් ලැබෙන පහසුව හොදින් අත්විඳින්නට අවස්තාවක් ලබා ගත යුතු බවත්ය.කෙසේ වෙතත් මෙම ආරක්ශක පියවරයන් ඔස්සේද භාවිතාකරන්නෙකු තමන් එවූ ඊමේලයන් සංක්‍රීය ගිනිමකට පැමින ඇති බවට එම ඊමේලයන් එවූ පහර දෙන්නන්හට දැන ගැනීම අවස්ථාව ඇති බැවින් අවශ්‍ය අයෙකුට තම ජීමේල් ගිනුම තුල එය අක්‍රිය කර ගන්නට පහත දැක්වෙන පියවරයන් ඔස්සේ හැකි වනු ඇත.
1.Open Gmail.
2.Click the gear icon in the top right.
3.Select Settings.
4.Stay in the General tab.
5.Scroll down to the Images section.
6.Choose "Ask before displaying external images".
7.Click Save Changes at the bottom of the page.

2013-12-12

මයික්‍රසොෆ්ට් Outlook වෙතට Gmail වෙතින් පැමිනෙන්නන්ට වඩාත් පහසු කරයි!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම හා ගූග්ල ආයතයතයන් අතර e-Mail සේවාවන් වෙත භාවිතාකරන්නන් කැදවා ගැනීම සදහා ඇත්තේ මහත් තරගයකි. මයික්‍රසොෆ්ට් සමාගම Gmail වෙතට කරන බරපතලම චෝදනාවක් වන්නේ ඔවුන් තම භාවිතාකරන්නන්ගේ ඊමේල වෙතට අනවසර එබී බැලීම් කරන බවටයි. මයික්‍රසොෆ්ට් ආයතනය මීට අමතරව Gmail වෙතින් තම Outlook.com ඊමේල් සේවාව වෙත එන්නන් සදහා වඩාත් පහසුවෙන් පිවිසීමට පහසුකම් සහිත බවක් නිකුත්කරනු ලැබුවා.මිලියන 400යක භාවිතාකරන්නන් පිරිසක් තමන්ගේ සේවාව වෙත සිටින බව පවසන මයික්‍රසොෆ්ට් සමාගම නැවත වරක් පවසා සිටින්නේ Gmail වෙතින් තම Outlook.com වෙතට පැමිනෙන්නන් සදහා දැන් වඩාත් පහසුකම් ලබා දෙන්නට තමන් සූදානම් බවකි. තම Outlook ගිනුම සදහා Gmail ගිනුමෙන් දැන් පහසුවෙන් ඊමේල පිටපත් කරගන්න හැකිවන අතර ඉදිරියේ gmail වෙට එන ඊමේල් පවා Outlook වෙතට ස්වංක්‍රීයව ලබා ගන්න අවශ්‍ය සැකසුම්ද දැන් පහසුවෙන් ලබා ගන්නට හැකි වන බවටයි ඔවුන් ඔරකාශ කර සිටින්නේ.දැනටමත් Outlook ගිනුමක් ඇති අය සදහා start හෝ go to තේරීම ඔස්සේ එම ක්‍රියාවලීන් ඇරබිය හැකි වන අතර පියවරෙන් පියවර ඒ සදහා සහය ලැබෙනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් පවසන්නේ.

2013-10-11

Android වල Outlook.com ඇප් එකට යාවත්කාලීනයක්

  මයික්‍රසොෆ්ට් සමාගම තම Outlook.com හි Android සදහා වන app මෘදුකාංගය සදහා අවසාන යාවත්කාලීනයක් නිකුත්කරන ලද්දේ පසුගිය මැයි මාසයේදීය.සමාගම මේවන විට ඒ සදහා නවතම යාවත් කාලීනසංස්කරනයක් Google Play ඔස්සේ ලබා ගත හැකිවන ලෙසට නිකුත්ව ඇති බවටයි නිවේදනයනය වන්නේ.එම  සංස්කරනය සමග පැමින ඇති නවාංග අතර පෙරදී වින්ඩෝස් 8 සදහා නිකුත්වූ මෙන්ම ඩෙස්ටොප් සදහා පැමිනි ඒවාට සමාන පහසුකම් ඇති බවටයි විස්තර කෙරෙන්නේ.ඒවා අතර Outlook.com ගිනුමක ඇති සියලුම ඊ මේල් බාගතකර ගැනීමේ හැකියාව මෙන්ම තම දුරකතනයේ තැන්පත්ව නැති ඊමේල් පුනිවිඩයක් වුවත් සර්වර් පහසුව සමග සොයා ගන්නට සහයවන පහසුවක්ද වන බවටයි ඔවුන් විස්තර කර සිටින්නේ.එසේම Outlook.com භාවිතාකරන්නන් හට තම aliases  මට්ටමේ සබදතාවයක් තුලින් වුවද ඊමේලයන් යැවීමේ පහසුවද වන බවට  පවසා සිටිනවා.

2013-10-09

යාහු මේල් 16 වසරට!! නවාංග කිහිපයක් පැමිනේ!!

  ප්‍රකට යාහු වෙබ් මූලික ඊමේල් සේවාව අරබා දහසය වසරක් සම්පූර්න වන්නේ අදටය. නොමිලේ ලබා දෙන සේවාවක් ලෙසට ඇරබුනුමෙම සේවාව වටා අදටත් මිලියන ගනනක භවිතාකරන්නන් සිටින බවටයි පිලිගැනෙන්නේ.මීට මාස කිහිපයකට පෙර එම ආය්තනය් තම සේවාවේ first version යුගය අවසන් කරදැමුවේ නව යුගයේ භාවිතාවට තම භාවිතාකරන්නන් ‍රැගෙන යමින් වන අතර අද ආයතනයෙන් නිකුත්වන නිවේදනයක් පවසන්නේ අද දින සිට තවත් නව අත්දැකීම් කිහිපයක් තම සේවාව තුලින් භාවිතාකරන්නන් සදහා කැදවා එන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
                            පැමිනෙන එම නවාංග අතර එකම මාතෘකාවක් යටතේ වන ඊමේල් කිහිපයක් සමග එකවර කටයුතු කරන්නට හැකිවීම , එක් යතුරු මෙහෙයුමක් ඔස්සේ පහසුවෙන් ඊමේලයක් මකා දැමීමේ හැකියාව මෙන්ම නව  background themes සදහා සහය දැක්වීම් ඉන් කිහිපයකි.ආයතනය පවසන්නේ මින් සමහර පහසුකම් මීට පෙරදී මුදල් ගෙවා ලබා ගන්න සේවාවන් සමග වූ ඒවා වන අතර message forwarding හැකියාව disposable email addresses මෙන්ම enhanced email filters වලට සහය දැක්වීම වනවා.වාර්ෂිකව ඩොලර් 19.99ක් ගෙවීම සමග භාවිතාකරන්නෙකුට Ad Free Mail සේවාවට ඇතුලුවන්නට හැකිවනවා.

2013-10-07

SPAM කරදරය

  සාමානය ජීවිතයේ මෙන්ම අන්තර්ජාල ජීවිතයේත් කරදරකාරයන් නැතුවාම නොවේ.අන්තර්ජාලයේදී සුලබව හමුවන එවන් කරදරකාරයෙකු වන්නේ spam වීමය. ඔබ යම් කටයුත්තකදී වෙබ් අඩවියක් වෙත ඔබගේ ඊමේල් ලිපිනය ලබාදීමක් සමග මෙම අපහසුවක් කැදවන ක්‍රියාවලිය ඇරබෙන්නට පුලුවන.සරලව පවසනවා නම් ඔබ බලාපොරොත්තු නොවන දෑ ගැන කියවෙන ඊමේල ඔබගේ  ඊමේල් ලිපිනය ඔස්සේ තොග පිටින් ඔබගේ inbox එකවෙත පැමිනෙන්නට පටන් ගැනීමය. හදාරන්නන්ට අනූව මෙම කරදරය ක්‍රම දෙකක් ඔස්සේ ඇරබෙන්නට පුලුවන .එනම් ඔබ යම් අඩවියක යම් කාරනාවක් සදහා ලියාපදිංචි වීමේදී අනාගතයේ එම අඩවිය හා ඔබ අතර සම්බන්දතාවය පවත්වාගෙන යාමට ඔවුනට ඔබගේ ඊමෙල් ලිපිනය අවශ්‍ය වේ. එහෙත් එම අව්‍යාජ අවශයතාවයට ඔබ්බෙන් ඔබ බලාපොරොත්තු නොවන පරිදි එසේ ‍රැස්වන ඊමේල් ලිපින තොගයක් ලෙසට වෙනත් පාර්ශවයකට හෝ ඔවුන්ගේම වෙනත් අවශ්‍යතාවයක් සදහා ගොදා ගන්නට කටයුතු කල හැක. බොහෝ විට එම කටයුත්ත වන්නේ වෙළඳ ප්‍රචාරනය සදහා ඒවා යොදා ගැනීමයි.ප්‍රතිපලය වන්නේ ඔබ කිසිසේත් බලපොරොත්තු නොවන දෑ ගැන පැවසෙන ඊමේල් ඔබගේ inbox එක පිරීයාමයි.මීට අමතරව මෘදුමය යාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේද ඔබගේ ඊමේල් ලිපිනයන් blog අඩවි නැති නම් එවන් සයිබර් අවකාශය මත ප්‍රසිද්ධියේ සටහන් ව ඇති තැන්වලින් ලබා ගන්න්ට ඔවුනට කටයුතු කල හැක.
                                          පලමු spam ඊමේලය 1978දී යැවුනු බවටයි වාර්ථාවන්නේ. එහෙත් 1990 දශකය වන විට මෙම අවභාවිතාව කරදරකාරීමට්ටමකින් ක්‍රියාත්මක වන්නට ඇරබි බවටයි සදහන් වන්නේ.වර්ථමානය සැලකීමේදී දෛනික්ව බ්ලියන 200කට අදික ඊමේල් ප්‍රමානයක් අන්තර්ජාලය තුල හුවමාරු වන බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ එසේ හුවමාරුවන spam ඊමේල් සංස්ක්‍යවෙන් 80%ක්ම ඇමරුකාව,චීනය, යුක්ක්‍රේනය , තායිවානය, ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් ස්ථාන 200ක් වැනි ප්‍රමානයකින් ඇරබෙන බවත්ය.මෙවුන් බොහෝ විට මෙවැනි ක්‍රියාකාරීත්වයක් පිලිබද කිසිවක් නොදන්නා ලොවපුරා වෙසෙන භවිතාකරන්නන්ගේ ආසාධිත පරිගණක භාවිතාකරමින් මෙම අවක්‍රියාව ක්‍රියාත්මක කරමින් සිටින බවටයි දැක්වෙන්නේ ප්‍රධාන පෙලේ ඊමේල් සේවා සපයන්නන් හැම අයෙකුම පාහේ මෙම ස්පෑම් වලක්වා ගැනීමට කටයුතු කරන මුත් ව්ය 100% සාර්ථක කරගන්නට නම් භාවිතාකරන්නන් වෙතට මහත් වගකීමක් පැවරේ.අනවශ්‍යව ඊමේල ලිපිනයන් ලබා නොදීම , මග හැරිය නොහැකි මුත් සැක සහිත අවස්ථාවලදී තාවකාලික ඊමේල් ලිපින ලබාදීම මෙන්ම අනවශව පැමිනෙන ඊමේල් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඒවා spam ලෙසට නම්කොට දැමීම එම ප්‍රතිචාර අතර ඉහලින්ම දැක්වේ.

2013-10-06

භාවිතා නොවන Outlook.com ගිනුම් දින 270 කින් අක්‍රිය වනු ඇත...

  මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම Outlook.com ගිනුම් උපරිම දින 270 කට වඩා අක්‍රියව පවතින විටකදී ඉදිරියේදී ස්වංක්‍රීයවම එම ගිනිම අක්‍රියවීම සිදුවනු ඇති බවකි.service agreement තුලදී එවැනි සදහනක් නොතිබුනද ආයතනය පවසන්නේ මෙලෙස අවසන් වන ගිනුමක සියලු තොරතුරු මකාදමන්නට ආයතනය කටයුතු කරනමුත් එම ලිපිනයන් වෙනත් අයෙකුට නිකුත් කිරීම හෝ ගිනුඉමෙහි වූ තොරතුරු වෙනත් අයෙකුට දැනගැනීමට ඉඩකඩක් නොමැති වන බව මුත් වුවද කාලයකට පසුව නැවත එම ලිපිනය වෙන අයෙකුට ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය.දින වකවානු ලෙස ඔවුන් සදහන් කරන්නේ එසේ අක්‍රිය ගිනුමක ලිපිනයක් දින 360කට පසුව නැවත භාවිතාකරන්නෙකුට ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය.යාහු වෙතින්ද මෙවැනිම යෝජනාවක් පසුගිය කාලයේ පැමිනුන මුත් එයින් එල්ලවන හානිය ඔස්සේ නැගිනු විරෝධතාවයන් ඉදිරියේ එම යෝජනාව පසකට වූ අතර ගූගල් වල ස්ථාවරය වන්නේ එසේ ඊමේල් ගිනුමක ලිපිනයක් නැවත වෙනත් අයෙකුට ලබාදීම තමන් සිදු නොකරන බවත්ය. ඔවුන් පවසන්නේ එම භාවිතාකරන්නා තම ගිනුම වසා දැමුවද එම ඊමේල් ලිපිනය තවකෙනෙකුට ලබා දෙන්නට තමන් කටයුතු නොකරන බවකි.මයික්‍රසොෆ්ට් සමාගමේ වසරක් සැපරී ඇති මෙම  Outlook.com සේවාව මතට මෙම නව කොන්දේසිය ‍රැගෙන ඒමත් සමග පවසන්නේ තම service agreement තුලට මේ බව ඇතුලු කිරීම පිලිබදව තමන් දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...