සාමානය ජීවිතයේ මෙන්ම අන්තර්ජාල ජීවිතයේත් කරදරකාරයන් නැතුවාම නොවේ.අන්තර්ජාලයේදී සුලබව හමුවන එවන් කරදරකාරයෙකු වන්නේ spam වීමය. ඔබ යම් කටයුත්තකදී වෙබ් අඩවියක් වෙත ඔබගේ ඊමේල් ලිපිනය ලබාදීමක් සමග මෙම අපහසුවක් කැදවන ක්‍රියාවලිය ඇරබෙන්නට පුලුවන.සරලව පවසනවා නම් ඔබ බලාපොරොත්තු නොවන දෑ ගැන කියවෙන ඊමේල ඔබගේ ඊමේල් ලිපිනය ඔස්සේ තොග පිටින් ඔබගේ inbox එකවෙත පැමිනෙන්නට පටන් ගැනීමය. හදාරන්නන්ට අනූව මෙම කරදරය ක්‍රම දෙකක් ඔස්සේ ඇරබෙන්නට පුලුවන .එනම් ඔබ යම් අඩවියක යම් කාරනාවක් සදහා ලියාපදිංචි වීමේදී අනාගතයේ එම අඩවිය හා ඔබ අතර සම්බන්දතාවය පවත්වාගෙන යාමට ඔවුනට ඔබගේ ඊමෙල් ලිපිනය අවශ්‍ය වේ. එහෙත් එම අව්‍යාජ අවශයතාවයට ඔබ්බෙන් ඔබ බලාපොරොත්තු නොවන පරිදි එසේ රැස්වන ඊමේල් ලිපින තොගයක් ලෙසට වෙනත් පාර්ශවයකට හෝ ඔවුන්ගේම වෙනත් අවශ්‍යතාවයක් සදහා ගොදා ගන්නට කටයුතු කල හැක. බොහෝ විට එම කටයුත්ත වන්නේ වෙළඳ ප්‍රචාරනය සදහා ඒවා යොදා ගැනීමයි.ප්‍රතිපලය වන්නේ ඔබ කිසිසේත් බලපොරොත්තු නොවන දෑ ගැන පැවසෙන ඊමේල් ඔබගේ inbox එක පිරීයාමයි.මීට අමතරව මෘදුමය යාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේද ඔබගේ ඊමේල් ලිපිනයන් blog අඩවි නැති නම් එවන් සයිබර් අවකාශය මත ප්‍රසිද්ධියේ සටහන් ව ඇති තැන්වලින් ලබා ගන්න්ට ඔවුනට කටයුතු කල හැක.
පලමු spam ඊමේලය 1978දී යැවුනු බවටයි වාර්ථාවන්නේ. එහෙත් 1990 දශකය වන විට මෙම අවභාවිතාව කරදරකාරීමට්ටමකින් ක්‍රියාත්මක වන්නට ඇරබි බවටයි සදහන් වන්නේ.වර්ථමානය සැලකීමේදී දෛනික්ව බ්ලියන 200කට අදික ඊමේල් ප්‍රමානයක් අන්තර්ජාලය තුල හුවමාරු වන බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ එසේ හුවමාරුවන spam ඊමේල් සංස්ක්යවෙන් 80%ක්ම ඇමරුකාව,චීනය, යුක්ක්‍රේනය , තායිවානය, ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් ස්ථාන 200ක් වැනි ප්රමානයකින් ඇරබෙන බවත්ය.මෙවුන් බොහෝ විට මෙවැනි ක්රියාකාරීත්වයක් පිලිබද කිසිවක් නොදන්නා ලොවපුරා වෙසෙන භවිතාකරන්නන්ගේ ආසාධිත පරිගණක භාවිතාකරමින් මෙම අවක්‍රියාව ක්‍රියාත්මක කරමින් සිටින බවටයි දැක්වෙන්නේ ප්‍රධාන පෙලේ ඊමේල් සේවා සපයන්නන් හැම අයෙකුම පාහේ මෙම ස්පෑම් වලක්වා ගැනීමට කටයුතු කරන මුත් ව්ය 100% සාර්ථක කරගන්නට නම් භාවිතාකරන්නන් වෙතට මහත් වගකීමක් පැවරේ.අනවශ්යව ඊමේල ලිපිනයන් ලබා නොදීම , මග හැරිය නොහැකි මුත් සැක සහිත අවස්ථාවලදී තාවකාලික ඊමේල් ලිපින ලබාදීම මෙන්ම අනවශව පැමිනෙන ඊමේල් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඒවා spam ලෙසට නම්කොට දැමීම එම ප්‍රතිචාර අතර ඉහලින්ම දැක්වේ.