2024-03-30

ආරක්ශක මෘදුකාංගය

ආරක්ශක මෘදුකාංගයක් යනු ඔබගේ පරිගණකයේ සමස්ථ ආරක්ශාව භාරගන්නා මෘදුකාංගයක් ලෙසට ඔබ තුල උපකල්පණයක් ඇත්නම්  එය ඔබ ඔබගේ ආරක්ශිත බවට එරෙහිව කරගන්නා පලමු අභියෝගය එය වනු ඇත. කිසිදු ආරක්ශක මෘදුකාංගයකට එම වගකීම 100% ක් භාරගන්නට නොහැකි වනු ඇත. එනම් ඔබගේ අවධිමත් බව අත්‍යාවශ්‍ය බව පිලිගැනීම ඔබගේ මනස තුල නිරන්තරයෙන් තබා ගත යුතුය. විශේෂයෙන් ඔබ එම උපාංගය සමග කරන කටයුතු අනූව මෙම අවධානය තීවර කරගැනීම වගකීමක් ලෙසට පිලි ගත යුතුව ඇත. හුඳු විවේක කාලය සමග අන්තර්ජාලය මත ඔබ මොබ සරමින් විනෝදවන්නෙකු ගේ සිට තොරතුරු සොයන්නෙකුගේ භූමිකාවේ සිට දෛනික ඊමේල්, චැට් වනි පහසුවක සිට පෞද්ගලික බැංකු කටයුතු දක්වාත් ඉන් ඔබ්බට ගොස් වෘතීය නැතිනම් ව්‍යාපාරික මට්ටම දක්වාත් ඔබේ පරිහරනය දිවෙන්නේ නම් වඩාත් කල්පනාකාරී වීම, ආරක්ශිත වීම ඉතා වැදගත් වනු ඇත.
     සැබෑවනම් නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග ප්‍රසස්ථ මට්ටමක ආරක්ශාව නොගෙනීම අප පිලි ගත යුත්තකි. හොඳ මට්ටමක ඉහල සේවාවක් ගෙනෙන ආරක්ශක මෘදුකාංගයක් යනු දෛනික විශාල ශක්තියක් වැයවන  කාර්යයකි. ඔබ ඉතා ප්‍රාථමික මට්ටමක භාවිතයෙන් ඉහලට යන්නේ නම් ඉහල මට්ටමක ආරක්සක මෘදුකාංගයක් වෙතට යාම වැදගත් වනු ඇත. එසේම අව්‍යාජ මූලාංශ්‍ර වලින් එම මෘදුකාංග නිතරම ලබා ගන්නට වගබලා ගැනීමද ඉතා වැදගත් වනු ඇත. එය නිවැරදිව ස්ථාපනය මෙන්ම අවශ්‍ය යාවත්කාලීන ලබා ගනිමින් නිවැරදි නඩත්තුවද වැදගත් වේ. එපමනක් නොව ආරක්ශක මෘදුකාංග කිහිපයක් ස්ථාපනය කර තිබිම වැඩි ආරක්ශව නොව ඔබ අනතුරකට  අත වැනීමක් විය හැක. ඔබ නිරතවන කාරනාවේ බරපතල කමට අනූව backups තබා ගැනීම වැදගත් වන්නේ විශාල කඩාවැටීමකට පසුව එන දෝශාරෝපනයකට වඩා එය ප්‍රායෝගික බැවිනි.
Pubudu Siriwansa
pariganakaya.tech


 

OpenAI වෙතින් voice-cloning technology සූදානම්.

OpenAI හිමිත්වය දරන ChatGPT පවසන්නේ තමන් සාර්ථකව voice assistant business වෙතට පිවිසෙන්නට සූදානම් බවයි. මෙම  artificial intelligence ආයතනය පවසන්නේ තමන් Voice Engine technology සාර්ථක ගොඩ නැගීමක අවසානයේ සිටින බවයි. වැඩි දුර6ටත් පවසන්නේ අයෙකුගේ තප්පර 15ක හඬ පටිගත කීඊමක් ඔස්සේ ඉතා සාර්ථක පුද්ගලික හඬ පටයක් කර දෙන්නට එය සුදානම් බවයි.  එසේමුත් OpenAI පවසන්නේ අවභාවිතාවකට ඇති අනතුරුදායක ඉඩ කඩ නිසා පොඳු භාවිතාවට මුදා හරිනට තමන් තවම සූදානම් නැති බවයි. කෙසේ මුත් සමහර ආයතනයන් මේ වන විටත් voice-cloning technology නිකුතූන් කර ඇති අතර සමීප මට්ටමේ තම භාවිතා කරන්නන් සදහා භවිතයට ඉඩ හැර ඇත්තේ කොන්දේසි සහිතවය.
Pubudu Siriwansa

www.pariganakaya.tech 

 

Windows 11 වල සංයුත්ත QR code generator එකක්.

Microsoft සමාගම තම Windows 11 වට නෙක ආකාරගත් නවාංග එක් කරන්නට උත්සාහ කරනු බහුලව දැකිය හැකි ලක්ශණයක්ව තිබේ. ඒ අනූව මෑතකදී නිකුත් කර ඇති wondows 11 පෙර සංස්කරණයක් සමග සංයුත්තව පැමිනෙන QR code generator හැකියාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබේ. මෙය භාවිතාකරන්නෙකුට පහසුවෙන් සබැඳියාවක් හෝ ගොනුවක් බෙදා හද ගන්නට මහත් පහසුවක් වන අතර එය Windows 11 build 22635.3420 සංස්කරණය සමග පෙර නිකුතුවක් ව පැමින ඇති බව වාර්ථා වනවා. විශේෂයෙන් මෙය පරිගණකයක් හා ස්මාර්ට් දුරකථනය සමග ගොණු හෝ සැබැඳියාවන් හුවමාරුකරගන්නට මහත් පහසුවක් වනු ඇත. එල බෙන මෙහෙයුම් පද්ධති සමග වඩ වඩාත් සැකසුම් හැකියාවන් හා බෙද අහදාගැනීම් හැකියාවන් සංයුත්ත කරන්නට උත්සාහ කිරීම බහුලව දැකිය හැකි නව ප්‍රවනතාවයක් වෙමින් ඇත.
Pubudu Siriwansa
www.pariganakaya.tech


 

2024-03-29

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සිටින්නේ එම දැණුම නිශ්පාදනයද e-කරනය වෙමින් තිබෙන යුගයයි. ඒ අනූව එලබෙන්නේ මිහිමත දැණුම පිලිබඳව ආධිපත්‍යය ජීවවිද්‍යාත්මක  සාධකයෙන් සමුගන්නා කාලය විය හැක.
'PARIGANAKAYA"
Pubudu Siriwansa


 

2024-03-20

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහසුකම් සදහා කරන ආයෝජනය හා සමවම ඔබ ඒවායේ ආරක්ෂාව සදහා වැය නොකල හොත් වඩාත් සියුම් මට්ටමේ අනතුරු සදහා ඔබ විවර වීමේ අනතුර නිරන්තරයෙන් ඔබ පසු පස එන්නට ගන්නා බව හදාරන්නන් නිරන්තරයෙන් පෙන්වා දෙමින් සිටී. Network වීම ආරම්භයේ සිටම ක්‍රමයෙන් වඩාත් වැඩි අනතුර ආරම්භ විය හැකි අතර සංකීර්න Network එකක් යනු දැඩි ආරක්ෂිත බවක් සදහා  අවධානය ඉල්ලා සිටිනු ඇත. ransomware, phishing  වැනි නෙක ආකාර ගත් අභියෝග සදහා  සාර්ථකව මුහුන දෙන්නට නම් පද්ධතිවල වන සියුම් අංගයන් ගැන පවා අවධානය යොමුකල යුතුවේ. මෑතකදී Visa  වල ප්‍රධානියෙකු පවසා සිටියේ තම පද්ධතීන් මාසයකට සයිබර් අනතුරු මිලියන 500-600 ත් අතර ප්‍රමානයක් සදහා මුහුන දෙන බවකි. මෙම ආරක්ෂා වීම පැහැදිලි කරන හදාරන්නන් උපදෙස් දෙන එක් ආකාරයක් වන්නේ Network එක ආරක්ෂාකිරීම මෙන්ම ඔබගේ Data ආරක්ශා කිරීම මෙන්ම Employees ලා ගෙන් ආරක්ශාවීම දක්වාත් අවසානයේ Customers ලාගේ ආරක්ශිත බව තහවුරු කරන්නට අසමත්වීම ඔවුන්ගේ විස්වාස බිඳ වැටීම දක්වාත් අවසානයේ සමස්ථ ව්‍යාපාරයටම බලපෑමක් සිදුවීම දක්වාත් දිවෙන්නට හැකි බවයි.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

පැමිනෙමින් ඇති eSIM පත.

eSIM පත ක්‍රමයෙන් බහුල වෙමින් ඇති භවිතාවකි. ඔබේ දුරකථනයේ භෞතික සිම් පත සමග කරන ගනුදෙනුවේදී හමුවන බොහෝ දුෂ්කරතා සදහා පහසු විසඳුමකි. සරලව සැලකීමේදී eSIM යන්න පැහැදිලි කෙරෙන්නේ “embedded”- Sim පතක් ලෙසට වන අතර භෞතික නොවන මෙම සිම් පත e ආකාරයට නැති නම් ඉලෙක්ට්‍රොනික ආකාරයට ඔබගේ දුරකථනයේ ස්ථාපනයට සූදානම් එකකි. ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති මෙය සදහා Apple ආයතනය තම  iPhone 15  වලදී භෛතික සිම් පත අතහැර මෙම eSim පත එකම විකල්පය ලෙසට එවමින් නව ප්‍රවනතාවයට තමන්ගේ එකගත්වය ඉහලින්ම පලකොට ඇත. අද වන විට QR code එකක් ස්කෑන් කිරීමකින් පමනින් භාවිතාකරන්නෙකුට මෙම නව භාවිතාවට පිවිසෙන්නට හැකි වන අතර එලබෙන නව දුරකථන සංස්කරන ක්‍රමයෙන් තම උපාංග වල මේ සදහා සූදානම සහිතව වෙළඳ පොලට නිකුත් කිරීම දක්නට ලැබෙන ප්‍රවනතාවක් වෙමින් ඇත. එපමනක් නොව eSIM technology ය dual-SIM ආකාරයටද සූදානම්ව පැමිනීම ආරම්භ වෙමින් ඇත. භෞතිකව දුරකතනයට වැඩි ඉඩක් ඉතිරිකර දීමේ සිටභාවිතා කරන්නා හට පහසුවක් වීම දක්වා නෙක පහසුකම් රාශියක් මෙම නව ප්‍රවනතාවය සමග දැනටමත් බොගෝ දෙනාගේ අවධානයට ලක් කරවමින් තිබේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-03-10

ආරක්ෂිත පරිගණක භාවිතාවකට..

අද වන විට ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබගේ පරිගණකය වෙන් කල නොහැකි එකි නෙක සම්බන්ඳිතයක් වෙමින් ඇත. එලබෙමින් ඇති AI මූලික පරිගණකය මේ බවද ඉක්මවමින් ඉදිරියට යන්නට නියමිත වෙමීන් ඇත. පරිගණකය මතට වඩාත් ආරක්ෂාකාරී බවක් ලබා දී එය ඉතා හොඳින් නඩත්තු කිරීමේ වැදගත් කම වඩාත් ඉස්මතු වෙන්නේ මෙබැවිනි. හදාරන්නන් යෝජනා කරන්නේ අඩුමතරමින්  12 characters හා හොඳින් සම්මිශ්‍රිත අවසර පදයක් සාමප්‍රධායිකව එන ආරක්ශිත ආකාරය සදහා අවශ්‍ය වන බවකි. එය numbers, letters, සහ symbols වල අහබු එකතුවක් වීම මෙන්ම කිසිසේත්ම ඔබගේ පෞද්ගලික තොරතුරු වලින් සංයුත්තියක් මෙන්ම පොදු යෙදුම් වලින් දුරස්ව තිබෙන්නක් වීම වැදගත් වේ. 
    බහුලවම භාවිතාකරන්නන් සදහා අනතුරක් ගෙනෙන තවත් ආකාරයක් වන්නේ links සංක්‍රියකරවා ගන්නට සමත් විමය. බොහෝ විට Email links මෙහිදී ඉහලින්ම වන්නකි. බොහෝ විට ඔබ හොඳින්ම දන්නා අයෙකු නැතිනම් ආයතනයකින් වුවද ලැබෙන Email විවෘත කරන්නට පෙර විමසිලිමත් වීම වැදගත් වන්නේ පහර දෙන්නන් නෙක උපංක්‍රම ඔස්සේ ඔබව නොමග යවා ඒවා ‍රැගෙන එන සබැඳියාවන් ඔබ ලවා සංක්‍රිය කරගන්නට නිරන්තරයෙන් කටයුතු කරන බැවිනි.
  සමාජ ජාලා මත ඔබගේ අනන්‍යතාවය පවත්වාගෙන යාම අද වන විට බහුල සිඳුවීමකි. හදාරන්නන් පවසන්නේ මේ අනන්‍යතා මතට තොරතුරු මුදා හැරීම පිලිබඳව ප්‍රමානාත්මක අවධානයකින් කටයුතු කරන්නට නොහැකිවීම නිසා අනතුරු කැඳවා ගන්නට පහසු මගක් වෙමින් ඇත. සමහර විට ඔබගේ වෙනත් සයිබර් අනන්‍යතාවයක් මතට පවා සාර්ථක පහරදීමකට අවශ්‍ය තොරතුරු මේවා ඔස්සේ ඔබම මුදා හරිමින් සිටීම හදාරන්නන් නිතරම පෙන්වා දෙමින් සිටී.
   Public Wi-Fi ඉතා කල්පනාකාරීව භාවිතා කල යුත්තකි.ඔබ කල්පනාකාරී නොවුන හොත් පහසුවෙන් ඔබගේ අනන්‍යතාවය පැහැර ගන්නට එහිදී කටයුතු සිදුවිය ඇක. හැකි හැම විටම automatic Wi-Fi අක්‍රිය කොට තැබීම,  VPN භාවිතා කිරීම මෙන්ම සංවේධී තොරතුරු හුවමාරුවට මෙවැනි සබඳතා භාවිතා නොකිරීම ඉතා වැදගත් විය හැක.
        හදාරන්නන් පවසන්නේ United Kingdom වල භාවිතාවන වන පරිගණක viruse ආසාධිත බවක් දකින්නට හැකි බවකි. ආරක්ෂිත මෘදුකාංගයක් ස්ථාපනය නොවී තිබිම මෙන්ම ස්ථාපිත ආරක්ෂක මෘදුකාංගය නිසි ලෙස යාවත්කාලීනව හා පවත්වා ගෙන නොයෑම මේ සදහා බහුල හේතුවක් වේ.
Pubudu Siriwansa


 

2024-03-09

"X" වෙතින් SmartTV දෙසට පියවරක්.

X (Twitter) භාවිතාකරන්නන් හට තම smart TV ඔස්සේ දිගු videos නරබන්නට හැකි වනු ඇති බවටයි එහි නව හිමිත්වය එනම් Elon Musk පවසා සිටින්නේ. ආයතනය විසින් නිකුත් කරන්නට සූදානම් ව තිබෙන smart TV app එකක් ඔස්සේ Samsung සහ Amazon TV වලින් මෙම පහසුව ලැබෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එය Google විසින් නිකුත් කරෑති YouTube වලට සමාන එකක් වනු ඇති බවටද පැහැදිලි කෙරෙනවා.මෙම ප්‍රකට social media platform එක සදහා smart TV ඉලක්ක වන app එකක් පිලිබඳව දැනට වසරක් පුරා කථා බහ වෙමින් තුබුන අතර වරින් වර X වෙතින් video-first ආකාරයේ වෙනස් කම් කිහිපයක්ම ගෙනෙමින් අත්හදා බලන්නට කටයුතු කර තිබුනා. තම සමකාලීන සමාජ ජාලා සමග තරගකාරී වන්නට  නෙක ආකාරයේ උත්සාහයන් රාශියක් X විසින් ගනිමින් සිටින අතර සමස්ථයක් ලෙසට එහි හිමිත්වය නිර්වචනය කර තිබුනේ "Everything app." එකක් දෙසට චලනය වන්නට තමන්ට අවශ්‍යව ඇති බවයි.
Pubudu Siriwansa


 

Android වලට විකල්පයක් ලෙසට Apostrophy OS?

අති බහුල භාවිතාවක් වන Android OS වෙතට සාර්ථක විකල්පයක් වන්නට සූදානම් වන්නක් ලෙසට Apostrophy OS නම් කල හැක. සරලව පවසන්නේ නම් එය Android Open Source Project (AOSP) පදනම්ව නිර්මාණය කර ඇත්තක් වන මුත් Google Mobile Service (GMS) package එකෙන් තොර වන නිසා Google Play Store වැනි පහසුකම් වලින් සමන් විතව නොයෙන මුත් privacy සහ security ආකාර අතින් වඩාත් ඉදිරියෙන් සිටින්නක් ලෙසට සැලකේ. Switzerland මූලිකව ක්‍රියාත්මක වන AphyOS ආයතනයේ නිකුතුවක් වන GrapheneOS මෘදුකාංගය තවමත් ප්‍රධාන පෙලේ OEM partners ලා සමග වෙළඳ පොලට නොපැමිනෙන්නන් වන මුත් සමහර European OEM සමග කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනටමත් Google Pixel smartphone සමග කටයුතු කරන්නට සූදානම් GrapeheneOS නිකුතුව භාවිතාකරන්නන් වෙතට වඩාත් privacy හා security හැකියාවක් සහතික කරමින් සිටිනවා.

Pubudu Siriwansa

https://pariganakaya.net/

 

Windows 12 පැමිනීම 2025 හෝ පසුව..

Microsoft සමාගම මේ වන විට 2024 තුලදී Windows 12 නිකුතුවක් නොවන බවට නිල ලෙසට තහවුරු කර තිබෙනවා.එසේම windows 11 වල මීලග නිකුතුව  “Windows 11 version 24H2” වනු ඇති බවටද පවසා සිටිනවා. මේ අනූව “Windows 11 24H2 යනු මේ වසරේ windows වෙතට පැමිනෙන ප්‍රධාන යාවත් කාලීනය වන අතර එය ඉතා තීරනාත්මක “AI upgrade” එකක් ලෙසටත් හුවා දක්වන්නට ඔවුන්කටයුතු කර තිබෙනවා.Microsoft  සමාගම මේ වන විට තම මෙහෙයුම් පද්ධතිය AI features දෙසට චලනය කරමින් සිටින අතර Windows Copilot ප්‍රමුක අංගයන් මේ වන විටත් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. නිල ලෙසට නිවේදනය නොවුනද windows 12 හෝ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති නිකුතුව 2025 හෝ පසුව බලාපොරොත්තු විය යුතු බවටයි උපකල්පනය වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

පරිගණකය හා ආරක්ෂිත බව.

ජීවිතය අවට වූ බොහෝ දෑ එනම් සරල Text සටහනක සිට තීර්ණ ගැනීම් ක්‍රම වේදයක් දක්වූ බොහෝ දෑ තම මුල්ස්වභාවයෙන් මිදී e මූලික ස්වරූපයකට පැමිනෙමින් තිබීම හාත් පසින් දැකිය හැකිය. තත්වය මෙසේ වන විට Computer security යන්න ද නොදැනුවත්ම අධිතක්සේරුවකට පැමිනීම අවධානයට ලක් කල යුත්තකි. හානිකරයක් නැතිනම් malware වක සිට අනවසර (unauthorized use) භාවිතාවක් දක්වා බොහෝ දෑ පිලිබඳව අවධියෙන් සිටීම මෙහි වේ. සමහර විටක ඡායාරූප හෝ වීඩියෝවන් නැතිනම් වෙනත් ආකාරයේ e සටහණ් ඔබගේ පරිගණකයේ නැතුවා විය හැක. එනමුත් ඔබගේ  දැනික භාවිතාවන් සමග වන බ්‍රවුසරය හානිකරන්නන් විසින් භාවිතයට ගනිමින් ඔබගේ බැංකු කටයුතු නැතිනම් වෙනත් වෘතීය හෝ ව්‍යාපාරික තොරතුරු සොරා ගන්නට පහර දෙන්නනන් හට අවස්ථාවන් වේ. සමහර විටක මේ කිසිම වැදගත් තොරතුරක් ඔබගේ පරිගණකයේ නැති වුවද සාර්ථක අත්පත්කර ගැනීමක් ඔස්සේ වෙනත් සයිබර් පහර දීමකට ඔබගේ පරිගණකය නැතිනම් දත්ත උපාංගය භාවිතාකරන්නනට පහර දෙන්නෙකුට හැකි වන අතර විටක එහි එක් ප්‍රමානයක වගකීමක් ඔබ වෙතට එන්නට හැක. මේ නිසාම බැකප් එකක සිට antivirus software, encryption වැනි ආරක්ෂක ක්‍රම වේද ඔබට වැදගත් වනු ඇත. මෙම දුරස්ථ බැකැප් එකක් ඔබගේ සමස්ථ ආකාරයේ වටිනා e ගොනු අහිමිවීමක් වලකා ගන්නට හොඳම විසදුමකි. Viruses, Trojans,  වැනි ආකාර කාලයක් තිස්සේ පැමිනෙන හානිකර වන අතර ransomware මේ ආලයේ වඩාත් බහුල අනතුරකි. Windows Defender වැනි මෙහෙයුම් පද්ධතියටම සංයුත්තව පැමිනෙන ආරක්ෂක මෘදුකාංග වල සිට බොහෝ ආරක්ෂක විසඳුම් ඔබට තොරා ගන්නට හැක.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Opera යනු ප්‍රකට Norwegian browser company යක් ලෙසට පිලිගැනේ. ඔවුන්ගේ නිකුතුවක් වූ Opera One පිලිගැන්නේ ඉහල මට්ටමේ AI-driven browser එකක් ලෙසටය. එම ආයතනය පවසන්නේ තමන් තව තවත් Opera One වෙතට AI මූලික හැකියාවන්සංයුත්ත කරන්න කටයුතු කර තිබෙන බවකි. මෙම මුල් ස්වභාවයෙන්ම එන AI assistant හැකියාව සාමාන්‍ය බ්‍රවුසර හැකියාවන් ගෙන් වඩාත් ඉහලය ගෙන තබන්නට සමත් වනු ඇති බවටයි ඔවුන් විස්වාසය තබන්නේ. බොහෝ බ්‍රවුසර තම AI මිත්‍ර බව බ්‍රවුසරය සමග සම්බඳ කොට එවන්නට කටයුතු කරන අතර Opera පවසන්නේ තමන් මෙම AI බව බ්‍රවුසරයටම සංයුයුත්ත කොට එවා ඇති බවකි. තම නව  web browsing අත්දැකීම ගෙනෙන Aria සමග භාවිතා කරන්නා හට වඩාත් පෞද්ගලික මෙන්ම අනන්‍යවන භවිතාවක් පිලිබන්දව ඔවුන් සහතික වෙමින් සිටිනවා.
Pubudu Siriwansa


 

 Microsoft වල Bing නම්  search engine එක ලොව භාවිතය ඉතා අඩු ප්‍රතිශතයක් බව බොහෝ ගනනයන් පෙන්වා දෙමින් ඇත්තකි. එසේමුත්  Statcounter පවසන්නේ China වලදී එය 16.46 ක ඉහල ප්‍රථිශතයක් ගන්නා බවට කියවෙන අතර  US වලදී 8.07 ක හා සමස්ථ ලෝක භාවිතයේදී  3.32 percent. ලෙසට සටහන් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පවසන්නේ තත්වය මෙසේ වෙද්දී  චීනය තුල තම භාවිතය ඉහල අගයක් ගන්නට Microsoft සමාගම එරට  internet censorship laws සමග සහයෝගයෙ කටයුතු කිරීම ප්‍රධාන හේතුවක් බවයි. උදා හරනයක් ලෙසට එරටදී තහනමට ලක්වන search terms ලෙසට ගැනෙන “human rights", "Tiananmen Square massacre,tank man" වැනි සෙවුම් තම සෙවුම් ප්‍රතිපල වලින් ඉවත්ව තබන්නට Microsoft සමාගම කටයුතු කිරීම පෙන්වා දෙනවා. කෙසේ වෙතත් Google සෙවුම් යන්ත්‍ර වසර ගනනාවක සිට එරටින් ඉවත්කර තබන්නට කටයුතු කර තිබෙන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-03-08

TikTok භාවිතය US වල තහනමට සූදානම් වේ.

ඇමරිකාවල නීති සංම්පාදන අංශයක් නැවතත් TikTok වෙබ් අඩවිය US වල තහනම් කිරීමට අදාල නීතියක් පැනවීමට කටයුතු ආරම්භ කර ඇති බවටයි වාර්ථා වන්නේ. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම නීති පෙර සම්පාදනය වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් එය නීතියක් ලෙසට සංක්‍රිය විමට නියමිත බවයි. CNN පවසන්නේ මෙම නීතිය පැනවුන හොත් TikTok වල මව් සමගම වන ByteDance වලට තම සමාජජාලාව විකිනීම සදහා දින 165ක් ලැබෙන අතර එසේ කරන්නට අසමත් වුවහොත් TikTok app එක ඇමරිකාව තුල භාවිතාව තහ්නම් වන්නට නියමිත බවකි. 2023 දී පැනවූ නීතියක් ඔස්සේ TikTok භාවිතාව රාජ්‍ය මට්ටමේ උපාංග සදහා තහනම් කරන්නට මේ වන විටත් කටයුතු කර තිබේ. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම ByteDance සමාගම China මූලික ක්‍රියාත්මක වන හා අයිතිය හිමි ආයතනයක් නිසා TikTok භාවිතාකරන US වැසියන්ගේ තොරතුරු එම රජය වෙතට ලබා දෙන්නට කටයුතු කරන බවකි.
Pubudu Siriwansa
https://pariganakaya.com/


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...