2014-10-31

Microsoft වෙතින් එන Band පිලිබදව වැඩි දුර තොරතුරු කිහිපයක්....

   Microsoft වෙතින් පලඳින ආකාරයේ නිකුතුවක් පැමිනෙන බවට කල සිට තිබුනේ බලාපොරොත්තුවකි. ඒ පිලිබදව නෙක ආකාරයේ අකාවැකි පලවෙමින් තිබෙනද ලදී. සමහරුන්ට අනූව SmartWatch තරග කරුවෙකුගේ පිවිසීමක් බලපොරොත්තුවුවද විටින් විට පලවූ අනවැකි වෙතින් පැහැදිලි වෙමින් තිබූ කාරනාවක් වූවේ එය භාවිතාකරන්නාගේ සෞඛ්‍ය ජීවිතයට වැදගත් සහයකයෙකුව වෙමින් පැමිනෙනු ඇති බවකි. අවසානයේ ගෙවී ගිය දිනයකදී Microsoft වෙතින් එම නිකුතුව නිවේදනය වන ලදී. භාවිතාකරන්නාගේ  SmartWatch භාවිතාවට සහයකුවෙමින් ඒ වෙතට පැමිනෙන ඊමේලයන්, පනිවුඬයන් ආදිය සදහා දුරකථනයම බහාලනයෙන් ඉවතට ගැනීමට අත්‍ය අවශ්‍ය නොවන සහයක් එය ‍රැගෙන විත් තිබූ අතර ප්‍රධානපෙලේ සියලුම මෙහෙයුම් පද්ධති තල සමග සහයෙන් කටයුතු කරන්නට හැකිව එය පැමින තිබිනි.  වැදගත්ම එය සතු අංගයව තිබුනේ එයටම ස්ථාපිතව පැමිනෙන සංවේධකයන් 10ක් ඔස්සේ භාවිතාකරන්නාගේ සෞඛ්‍ය තොරතුරු ‍රැස්කර දෙන්නට සමත්ව තිබීමය. සමස්ථයක් ලෙසට attractive fitness tracker ලෙසට අර්ථ දක්වන්නට සූදානම්ව පැමිනි මෙම නිකුතුව ඔස්සේ භාවිතාකරන්නාගේ පියවර ප්‍රමානයේ සිටම මානසික ආතති මට්ටම දක්වා තොරතුරු නිරාවරනය කර දෙන සූදානම් වන බවටයි පැවසුනේ. Microsoft හි  HealthVault දත්ත තලය ඔස්සේ මෙම තොරතුරු භාවිතාකරන්නගේ සෞඛ්‍ය උපදේශකවෙතට දක්වා සුරක්ෂිතව සංනිවෙදනය කර දෙන්නට දක්වා පුලුල් පරාසයක එය සූදානම්ව සිටින බවටයි ඔවුන් හෙලිකර සිටියේ.සරලව භාවිතාකරන්නාගේ දින සැලසුම් වල සිට නිදන, ආහාර , ව්‍යායාම වැනි මෙකී නොකී සියලුම සෞඛ්‍යමය තොරතුරු සදහා මැදිහත් වීමක් මෙම උපාංගය ගෙනෙන බවටයි අවසාන වශයෙන් හෙලි වන්නේ. 
                                  දැනට US සීමාවතුල පමනක් නිකුත්වන්නට නියමිත මෙම පැමිනීම විනාඩි 90ක බලගැන්වුමක් සමග පැය 48ක ක්‍රියාත්මක කාලයක් ලබා දෙන බැටරියකින් සමන්විත වන අතර ඩොලර් 199කට මිලව තිබෙනවා. දැනට වන තොරතුරු හෙලි කරන්නේ US තුල මෙම උපාංගය වෙනු වෙන් සැලකිය යුතු අවධානයක් ලබා ගන්නට සමත්ව ඇති බවත් Online ආකාරටද ඇනවුම් කිරීමේ අවස්ථාව දැන් විවෘතව ඇති බවකි.

London පොලීසිය අනාගත අපරාධ කරුවන් ගැන පෙර නිගමනයකට තොරතුරු තාක්ශනයේ පිහිට ලබයි.

  London පොලීසිය පවසන්නේ තමන් අපරධයයකට පෙලබීමට පුද්ගලයෙකු සතු වැඩි සම්භාවිතාව ඔස්සේ ඔහු පිලිබදව පෙර නිගමනයකට පැමිනෙනට සහය වන ක්‍රමවේදයක් අත්හදා බලමින් සිටින බවකි. මෙම predictive technology ඔස්සේ වැඩි පුරම අවධානය  යොදවන්නේ කන්ඩායම් අපරාධ කරුවන් වෙතට බවටයි විස්තර වන්නේ. පෙර හැසිරීම් වාර්ථාවල සිට සමාජ ජාලාවල දැන් හැසිරීම් වැනි පුලුල් පරාසයක් ඔස්සේ දිවෙන තොරතුරු හැදෑරීමක් මෙම දියුනු කරමින් ඇති මෘදුකාංගය හරහා සිදුවන බවටයි  දැක්වෙන්නේ. මෙම ක්‍රියාවලිය දැනට දඩුවම් ලබමින් සිටින අයෙකු නිදහසින් පසුව නැවත අපරාධයකට පෙලබීමට ඇති අවස්ථාව පිලිබදව කෙරෙන හැදෑරීමකට සාමාන බවටත් පැහැදිලි කරනවා. මේ ක්‍රියාවලිය වෙතට පෞද්ගලිකත්වය හා පුද්ගල අයිතීන් සු‍රැකීම වෙනු වෙන් කටයුතු කරන කන්ඩායම් වලද අවදානය ලබමින් තිබෙන බවටයි වැඩි දුරටත් වාර්ථා වන්නේ.

Pepper නම් රොබෝ වෙළඳ සහයකයා සමග Nestlé වෙතින් coffee machines ‍තෝරන්නට හැක...

  Pepper යනු  Nestlé ආයතනය  Android 4.4(KitKat) ආශ්‍රිතව නිර්මානය කරනු ලැබූ  වෙළඳ සහයකයෙකුගේ නිමාව  ලබා දෙන රොබෝ වරයෙකි. ජපන් Softbank සමග නිමවන එය අඩි තුනක් උසැති සංවේධක කිහිපයක් ඔස්සේ ලබා ගන්නා තොරතුරු මත ක්‍රියාත්මක වන  ඒයට මිනිස් මුහුනුවරකින් පලවන ප්‍රථිචාර හඳුනා ගන්නට මෙන්ම මිහිස් කටහඬ පමනක් නොව එහි ස්වභාවය හඳුනා ගනිමින් ඒ අනූව ප්‍රථිචාර දැක්වීමේ හැකියාව වන බවටයි පැහැදිලි කර සිටින්නේ. එම ආයතන වෙතට එන coffee ආශ්‍රිත නිෂ්පාදන යන්ත්‍ර තොරා ගැනීම අවශ්‍ය පාරිභෝගිකයන් සදහා අසන ප්‍රශ්න ඔස්සේ ලැබෙන පිලිතුරු සමග වඩාත් නිවැරදී යන්ත්‍රය තොරා දීම මෙන්ම අලවි කටයුත්ත සදහා එහි වන සේවක මන්ඩලය වෙතට යොමු කිරිම පමනක් දැනට සිදු වුවද අනාගතයේ වඩාත් නම්‍ය ප්‍රායෝගික සේවාවක් සැපයීමේ හැකියාවක් එයට ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

2014-10-30

අප ආපසු එමින් සිටියෙමු....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (44)

    අප ආපසු එමින් සිටියෙමු. දැඩි මිහිදුම් වැනි ගතියකින් අප මද හුදකලා බවකට පත්කර තිබිනි. කිසිදිනක අප දෙබස් අතර නො එන ලද මාතෘකාවක් පැමිනෙන ලදී. "ආදරය ගැන මොනවද  හිතන්නේ?". බලාපොරොත්තු නොවන එම ප්‍රශ්නය එක වරම සිත කැලබුවා වැනි විය. "මම හිතන්නේ...." මා අපහසුතාවයකට පත්ව ඇති බව වැටහුනු නිසාදෝ ඇය යලි සහය පලකලාය. "මම බලාපොරොත්තු උනේ සරල පිලිතුරක් පමනයි". ඇය පැවසුවාය. "ඒත් මට දැනෙන්නේ ලොකයේ තියෙන බරපතලම ප්‍රශ්නයක් අහලා ඒකට ලෝකයේ තියෙන සරලතම පිලිතුර බලාපොරොත්තු වනවා වගේ දෙයක්." මගෙ පිලිතුර මදක් තියුනු වීදැයි සැකයක්ද සිත තුලට පැමිනිනි. "ආදරය කියන්නේ ජීවිතය බෙදා ගන්නට වන එකගතාවයක් වගේ දෙයක් කියලා කිව්වොත්" මා ගැටලුව ඈ දෙසට පෙරලා යොමු කලෙමි. "හැබැයි ඒ එකගතාවය මහා බරපතල තාර්කික බවින් පිරිච්ච එකක් නම් නොවෙයි. කැපවීම් පරිත්‍යාග වැනි මිනිසුන් අතර විය හැකි අපූරුතම වගේම සුන්දරතම අත්දැකීමක් කියලා මම හිතනවා. මට තව දුරටත් පැහැදිලි කරන්නට අවශ්‍ය විය." හිතන්න මට ලැබෙන්නේ මොනවාද , කොච්චරද  වැනි බලාපොරොත්තු වලින් සැදුනු මිනිස් සබදතා වර්ග අතර තියෙන අපූරුතම මේ සම්බදතාවයෙදී මම අනෙකා සමග බෙදා ගන්නේ මොනවාද නැතිනම් අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ මොනවාද වගේ අපූරු මානුෂික තලයක දෙයක් පැවතීමම මොනතරම් වටිනවාද?" මම විවෘතව අදහස් පල කරන්නට වීමි. "මම හිතන්නේ ඔබට ඒ ගැන හොඳ අත්දැකීම් ඇති" මද සිනාවක් සමග දෙබස ඉදිරියට මෙහෙය වන්නට ඇයට අවශ්‍යව ඇතුවා සේය. ගෙවී ගිය කාලය තුල එය අමතකව තිබුවාක් බව මම ඇයට පැහැදිලි කලෙමි. නිරන්තරයෙන් නෙක හැදෑරීම් කාරනා සමග ගෙවී ගිය කාලය ඒ බව අමතක කර දමා තිබිනි. සමහර වෙලාවට දහස් ගනනක් අතර දැඩි හුදකාලා බවකින් වෙලී ගොස්ව සිටි කාලයද මම ඇයට පැහැදිලි කලෙමි. කඳු මුදුනතට පැමිනෙන විට සැහැල්ලු ආහාරට යමක් මෙන්ම පානය සදහා යමක් ගෙන ඒම සිරිතක්ව පැවති අතර ඒ සියල්ල බහාලන ගමන් මල්ල දෙවුරේ දරාගෙන කඩිසර ගමනින් මා සමග පියවර නගන ඇය දෙස හො‍රැහින් බලන්නට මට අවශ්‍ය විය.
              Pubudu Siriwansa

නිදහස් බව එම ජීවිතවල තේමාවක් බදූව දැඩිව කැපී පෙනුනි. .(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (43)

  වලාකුලු බැ‍රැති නොවූ අහස සැදෑව ගෙනෙන්නේ වඩාත් සෙමින්ය. ආපසු ආගන්තුක කුටියට පැමිනෙන විටත් මග හොදින් පෙනෙන තරමේ ආලොකය වීම සහනයක් විය. සීතල බව වෙතින් වෙගයෙන් පලා යන්නට අවශ්‍ය නොවීම අපගේ මිතුදම ඔස්සේ පැමිනි තවත් පුරුද්දක් වූවැයි මට සිතේ. සමහර  සැදෑවන් වල නගර අන්තයේ වූ කදුමුදුනතට වී අප ගතකල ශීත අධික සැදෑවන් අපූර්ව දෙබස් වලින් උනුසුම්ව පැවතින.  අප හමුවීමට පෙර කාන්සියද සමග උනුසුම් වන්නට කුඩා මධුවිතකට පුරුදුව සිටියද අප හමුව ගතව ගිය දින දෙක තුනක් තුලදී එය සම්පූර්නයෙන් අමතකව ගියේය. මිනිසෙලුට තවත් මිනිසෙකු සමුවීම මෙතරම් තීරනාත්මක වෙතැයි කවරදාවත් මා විස්වාස නොකලෙමි. "අපූර්ව පද පෙලකට ගොඩ නැගුනු විස්මිත තනුවක පරිද්දෙන් අප මිත්‍රත්වය වඩාත් නිවැරදිව හා ශූක්ෂමව ගොඩ නැගෙමින් ඇත" වරක් සැදෑ හමුවකට පසුව දින සටහන් කරන්නට මා පෙලබුනේ නිතැතිනි.
                                 "මම හරි ආසයි සාමන්‍ය මිනිසුන් ජීවත් වන විදිහ දකින්න, මම කියන්නේ මමත් සාමාන්‍ය මිනිසෙක් උනාට ඔවුන්ගේ නෙක ආකාරයේ වෙනස් කම් දකින්න, මම වරක් පැහැදිලි කලෙමි. එලබෙනසති අන්තයේ අපෛ අර කඳුයායට සාමාන්තරව විහිදෙන ගම්මානය පැත්තේ ඇවිඳින්නට යමු. මම විතර පැහැදිලි කර දෙන්නම්. පෙර සූදානම්ව සිටි පරිද්දෙන් ඇය සැලසුම් කලේය. වෙනස් සංස්කෘතික රටාවල් ඔස්සේ දෑ සිදුවන ආකාරය දකින්නට මා කවදත් කැමතිව සිටි අයෙකු වූවාය. දවසක් පුරාවට එදින අප විශාල ප්‍රදේශයක් පුරා ඔබ මොබ ඇවිදින්නට එය අවස්ථාවක් විය. එහි වූ සංස්කෘතික මධ්‍යස්තානයකටද ගොඩව ඔවුන් සතුව තිබූ අපූරව ආවේනිකකම් හඳුනා ගන්නට එය ආවස්ථාවක් කර ගතිමු. නිදහස් බව එම ජීවිතවල තේමාවක් බදූව දැඩිව කැපී පෙනුනි.
          Pubudu Siriwansa

Microsoft wearable deviceය නිවේදනය වේ!!!!

 මෑත කාලීනව හදාරන්නන් අතර අවධානයක් ලබා සිටි නිකුතුවක් මේ ව්නා විට Microsoft වෙතින් නිවෙදනය වී තිබෙනවා. Microsoft වෙතීන් පැමිනෙන Wearable උපාංගය කෙවිනි නිමවෙවුමක් ගනීදැයි යන්න අවස්තා කිහිපයකදීම කරලියට පැමිනි මාතෘකාවක් වූ අතර Microsoft සමාගම මේ වන විට ඩොලර් 199ක් මිලකට එලබෙන Thursday වන විට වෙළඳ පොල වෙතට පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටින්නේ.මෙම උපාංගය සමග වන අනෙකුත් විශේෂතා අතර එය සියලුම ප්‍රධාන මෘදුකාංග තල සමග සහයොගයෙන් ක්‍රියාකරන්නට හැකිව පැමිනීම වනව. ඒ අනූව Windows, Windows Phone, OS X, iOS, හා  Android යන සියලුම මෘදු පරිසරයන් සමග එය සහයෝගයෙන් කටයුතු කර නු ඇති බවට නිවේදනය වනවා.
               භාවිතාකරන්නාගේ සෞක්‍ය තොරතුරු (daily fitness goals) හැදෑරීම මෙහි ප්‍රධාන අංගයක් වනු ඇති අතර (tracking your steps and how far you have run/walked by using the GPS in your phone) දුරකථනය වෙතට පැමිනෙන email messages, calendar reminders, phone calls received, text messages, social updates (such as Facebook and Twitter), weather, finance සම්බන්දිත notifications  ලබා ගැනීමට හැකිවීම අනෙකුත් ප්‍රධාන අංගයක් වනවා. එක බැල ගැන්වුමකදී පැය 48ක සේවාවක් ලබා දෙන්නට හැකි බැටරි බලයකින් සමන්විතවන මෙය සංවේදක (sensors) ඔස්සේ ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නගේ stress මට්ටම  හැදෑරීමක් දක්වා පරසයක තොරතුරු ‍රැස්කිරීමකට සමත්  බවට පැහැදිලි කෙරෙනවා. smartwatch හා smart fitness device අතර ගැනෙන device එකක ලෙසට මෙම උපාංගය ස්ථාන ගත කල හැකිවනු ඇති බවටයි හැදෑරෙමින් ඇත්තේ.

2014-10-29

"බොහෝ සංස්කෘතීන් වල දක්නට ලැබෙන ආකාරයේ අපූරුවට ගෙතුනු කථාන්දර ඒ පිලිබදව ඔවුන් සතුව නැහැ"..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (42)

  "මට ඔබට අර ගම්මුන් ගැන කථාව සම්පූර්න කරන්නට බැරි උනා. මම ගොඩාක් උත්සාහ කලා ඔහු ගෙන දැන ගන්නට ඔවුන්ගේ මතයේ හැටියට ඔවුන්ගේ සංස්කෘතිය කිසියම් වැඩි නැතිනම් වෙනස් දැනුමක් ලබා ගත්තානම් ඒක සිදුවුනු හැටි පිලිබදව ඔවුන් අතර වන මූලාශ්‍ර ඒ පිලිබදව දැන ගන්නට. පෙනුනු ආකාරයට බොහෝ සංස්කෘතීන් වල දක්නට ලැබෙන ආකාරයේ අපූරුවට ගෙතුනු කථාන්දර ඒ පිලිබදව ඔවුන් සතුව නැහැ. හැබැයි තැනින් තැනින් වන  තොරතුරු පමනයි තිබෙන්නේ. විශේෂයෙන් පිට සක්වල යානාවන්ගේ පැමිනීම් වගේ කිසිම සටහන් ඔවුන් තුල නැහැ. ඔවුන්ට අනූව ඔවුන්ගේ මේ පරිසරය හා ඔවුන්ගේ ජීවිත අතර මහත් සම්බන්දතාවයක් තියෙනවා. ඔවුන් තදින් විස්වාස කරනවා මෙම ආශ්‍රමය පැමිනීමහ් අපූර්වමුත් තාර්කිකව අපැහැදිලි සිදුවීමක්  බව. මොකද මෙම දහමේ බාවිත රටාවල් හා ඔවුනගේ විස්වාස රටාවල් අතර ඒ තරම් සමානකම් සමාන කම් තිබුනේ නැතිලු. හැබැයි වඩාත් අපූරුතම දේ නම් ස්වාමීන් වහන්සේ නමක් මෙහි පලමුව පැමින මෙම ආශ්‍රම කන්දේ ලැගුම් ගන්නා විට ඊට විරුද්ද වන්නට තරම් කාරනාද ඔවුනට තිබුනේ නැති වීමලු. ඔහුට අපැහැදිලිව උනත් කියන්නට උවමනා වූ දේ තමයි මේ දහමේ මතුපිටින් පෙනෙන නෙක සිරිත් විරිත් සංස්කෘතික ලක්ෂන වලට යටින් ඔවුන් අතරවූ පිලිගැනීම් අතර හොඳ සංහිදියාවක් පැවති බව. මට තේරුනා ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය වඩා මහා අරුමෝසම් දියුනු යැයි අපි විස්වාස කරන උපකරන නොතිබුනාට මහත් දියුනු භාවිතාවක් රාශියක් තිබෙනවා අපේ සාමාන්‍ය සංස්කෘතික වටිනා කම් ඔස්සේ නොමැනෙන. මම හිතන්නේ හොඳම වෙඩේ තමයි අපි හෙට අනිද්දාවකම ඒ ගම්මානය  පැත්තේ ගිහිල්ලා කිහිප දෙනෙක් හමු වෙන්නට බලමු. ඔවුන්ගේ වගා බිම් පැතිවල ටිකක් ඇවිදලා බලමු. එහෙම හොඳයි නේද?" 
Pubudu Siriwansa

Office16 2015 මැද භාගයේ පැමිනේවි....

   Microsoft සමාගමේ නිෂ්පාදනයන් අතරින් දෙවන ප්‍රධානතම මෘදුකාංග නිකුතුව ලෙසට සැලකෙන්නේ Office මෘදුකාංග කට්ටලය වේ. වෙනම පරිගණකය මත ස්ථාපිතව භාවිතාකල හැකි ගොනුවක් ලෙසට මෙන්ම Online ආකාරයට භාවිතාකල හැකි පහසුවක් ලෙසට මේ වන විට මෙම මෘදුකාංගයන් ලොව පුරා මිලියන ගනනකගේ භාවිතාව ලබමින් ඇති බවටයි ගනනය වන්නේ. පලවන තොරතුරු හෙලිකර සිටින්නේ 2015 මැද භාගය වන විට Microsoft Office හි මීලග සංස්කරනය පැමිනීමට නියමිත බවකි. දැනට සීමිත පිරිසක් අත අත් හදා බැලෙමින් ඇති පෙර සංස්කරන මට්ටමේ ඇති පවතිම මෙම මෘදුකාංගය 'black' visual theme නිමාවකින් යුතුව Office 16 ලෙසට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-10-28

"ඒක සමාජයෙන් පැමිනෙන්නක්ද? ජීව විද්‍යාත්මක පදනමකින් පැමිනෙන්නන්ක්ද?:..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (41)

   සැදෑව උදාවත් සමග් අප ආපසු ආශ්‍රම භූමි සීමාවට පැමිනෙන්නට සමත්වීමු. තවත් දිනයක නිමාව සලකුනු කරමින් ක්‍රමයෙන් හිරු අවර දිසාවේ සීමාවට පැමිනෙමින් තිබුනි. "ලෝකයෙන් මත්වීම පමනද ජීවිතය?" වරක් අප අධයාන ආයතනය වෙතට පැමිනි මතවාදී විද්වතෙකුගේ  සිත් ඇහැරවන දේශනයක මාතෘකාව විය.  ඔහුට අවශයව තිබුනේ සැබෑවටම ජීවිතය පැමිනෙන්නේ කොහින්දැයි විමසීමක් අසන්නන්ගේ සිත් තුල අවදිකරන්නට පමනී. "ඒක සමාජයෙන් පැමිනෙන්නක්ද? ජීව විද්‍යාත්මක පදනමකින් පැමිනෙන්නන්ක්ද? විවිධ ලෙසට විමසා බලන්නට ඔහු අප වෙතට අපූරු ආරාධනාවක් ගෙනෙන්නට සමත්විය. ඒ වන  විට මා හදරා තිබූ දහම අනූව "මත්වීම" වචනය වෙනු වට "ඇලීම" වචනය ආ විටක ගැටලුව හොඳින් මට පැහැදිලි වෙතැයි හැගිනි. "නිශ්ක්‍රීය ජීවිත පැමිනෙන්නේ මනෝ අසමබරතා හරහා පමනක්ද? ජීවිත විරෝධීන් පව සමහර සමාජ රටා තුල වඩා වටිනාකමක් හිමි කර ගන්නේ කෙලෙසද? " අප තුල එම විමසුම හුදු පෞද්ගලික අර්ථ ඉක්මවමින් ඉදිරියට යවන්නට ඔහුට අවශ්‍ය විය. වඩාත් දාර්ශනික ස්වරූපයක් ගත් ඔහුගේ දේශනය සමහරුන් තුල මහත් අපහසුතාවයක් ඇති කරන තරමේ තමන් පිලිබදවම නැවත විමසීමක් විවෘත කරන්නට සමත්වීමක් විය. විටක ආශ්‍රම රිද්මය දැන් මට දැරිය නොහැකි තරමට සියුම් එකක්ව දැනෙනවා විය හැක.  දැනුම වෙතට ඇති ලොබ බව, පහන් ස්වරූපයක් ගත් ඇයගේ ඇසුර වැනි බොහෝ දෑ මා නැවත එදෙසට ආකර්ශනය කරමින් සිටිනවා විය යුතුය.
                                                                                            Pubudu Siriwansa

Bing සමග emjois ලෙසට සෙවුමකටද ඉඩ.

  තරුන පරපුර අතර වඩාත් ආකර්ෂනීය අදහස් හුවමාරු මාධ්‍යයක් ලෙසට තම හැගීම් පලවන අයිකන භාවිතය දක්නට පුලුවන . Bing සෙයුම් යාත්‍රනය සදහාද ඉදිරියේදී මේ ආකාරයේ අයිකනයන් භාවිතාකරමින් සෙයුමක් කරන්නට අවස්තාව ලැබෙන බවටයි දැක්වෙන්නේ. Bing Team වෙතින් පලවන නිවේදනයයක් පවසන්නේ මේ වන විට English භාවිතාකරන්නන් අතර emjois භාවිතාකරමින් සෙවුමකට අවස්ථාව මුදා හැරෙමින් ඇති බවයි. ක්‍රමයෙන් සංකීර්න වෙමින් ඇති සෙවුම් භාවිතාව සදහා මේ ආකාරයට සාම්ප්‍රධායික ක්‍රම ඉක්මවන නව භාවිතාවන් පැමිනීම වැදගත් වනු ඇත.

මෙම මස අවසානයේ සිට Windows 7 බලපත්‍ර නිකුතුව අවසන්ව් අනු ඇත....

  දෑනට සැලසුම්ව ඇති ආකාරය අනූව මෙම මස අවසානයේ සිට Microsoft වෙතින් Windows 7 හි Ultimate, Home, Basic සංස්කරන සදහා බලපත්‍ර නිකුත්කිරීම අවසන් වන බවටයි නිවේදනය වන්නේ. තවමත් Pro සංස්කරනය සදහා බලපත්‍ර නිකුත්කිරීම සදහා වන අවසන් දිනයක් ප්‍රකාශයට පත්ව නැති අතර එම අනෙකුත් Windows 7 සංස්කරන ‍රැගත් පරිගණක වෙළඳ පොලෙන් ක්‍රමයෙන් ඉවත්වීම එතැන් සිට ඇරබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Dell , HP වැනි ආයතනය දැනටමත් ලබා ගෙන ඇති බලපත්‍ර සමග පැමිනෙන Windows 7 පරිගණක අවසන් වීමත් සමග වෙළඳ පොල තුලින් මෙම අවසන්වීම සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනික මට්ටමේ භාවිතාවට windows  8 ආයතනය බලාපොරොත්තු වූ මට්ටමකට නොපැමිනීම Pro සංස්කරනය සදහා මෙම අවස්ථාව උදාකර දී ඇති බවට හදාරන්නන් යෝජනා කරන අතර පැමිනෙන නව Windows 10 සංස්කරනය සමග Pro සංස්කරනයේ නිකුතූන් සදහා අවසන් දින නිකුතුවට  දින යෙදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙසේ බලපත්‍ර නිකුතුව අවසන් වූවද ඉදිරි වසර ගනනාවක් තුල මෙමසංස්කරන සදහා යාවත්කාලීන පැමිනීම සිදුවන්නට නියමිතය.

2014-10-27

ඒ වන විටත් ඔබ ඒ සදහා එකගව සිටියොත් අපි ඉදිරියට යමු....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (41)

   එය පැහැදිලි සැදෑවක් විය. අහසේ තැනින් තැන වූ වලකුලු කැටිති මතින් පරාවර්තනය වන හිරු කෙඳි නෙක වර්න කිහිපයක්ම මවමින් අප සිටි කදු මුදුනත නැරබුම් ප්‍රදේශය සුරපුරයක මෙන් අලංකාරව  පැවති මොහොතකද විය. "එලබෙන සතිය වන විට මම ඒ අධ්‍යන ආයතනය සමග වන ගිවිසුම අවසන් වනවා" අපසසුවෙන් වුවද  මම් එම දෙබස ඇරබුවෙමි."ඒ කියන්නේ ඊලග සතිය වන විට ඔබ මෙහි නැති බවද? සැලෙන හඬකින් ඇය අසා සිටියාය. " මම හිතන්නේ. ගිය වසරේදී එලබුනු එකගතාවය නිසා මට අසවල් ආයතනයේ සේවයට වාර්ථා කරන්නට සිදුවෙලා තිබෙනවා" මෙහි ටිට සැතපුම් දහස් ගනනක් දුරින් වන අධ්‍යාන ආයතනයක නමක් සදහන් කරමින් මම තත්වය පැහැදිලිකර සිටියාය. " එතකොට අපේ හැදෑරීම් සටහන් පෙල එතැනින් අවසන් වන බවද ඔබ කියන්නේ?" වඩාත් හැගීම් බර හඬකින්  දෙබස ඉදිරියට ගෙනයන්නට ඇය වෙර දරමින් සිටියාය. "ඔබ සිතනවාද මේ හැදෑරීම ඔබගේ කාලය අපතේ යැවීමක් වූවා කියලා?" මා අතවූ අප හෑදෑරීම් සැලසුම දක්වමින් අසා සිටියාය. " ඇත්තෙන්ම නැහැ, ඒක අපූරු හැදෑරීමක්. හුදෙක් බෑදීමක් නිසා නොව දැනුමට වූ ආශාව නිසාම දිග හැරුනු ඒ කාලයට මම හරිම කැමතියි. ඒ වෙතට අපූරු මෙහෙයවීමක් කල ඔබට ගොඩාක් ස්තුතියි.ඒත්..." ඇය අපහසුවට පත්ව ඇති බවක් මට හැගුනි. "මම හිතුවා ඔබ තව වසරක්වත් මෙහි ‍රැදේවි කියලා.." අපහසුවෙන් තම දෙබස අවසන් කරන්නට මෙන් ඇය මිමිනුවේය. "ඔබ මේ සටහන් පෙල ගෙනියන්න. ඔබ සිතනවා නම් මම ගත් උත්සාහට සාධරනය ඉ‍ටු වෙලා නැහැ කියලා ඔබ වැරදියි. ඒ කාලය තුල ලත් අපූරු ජීවිත අත්දෑකීම මට හොඳටම සෑහෙනවා. ඒ ගැන මම ඔබට ගොඩක් ස්තූතිවන්තද වෙනවා. ඔබ අපූරු කෙනෙක්" සාමන්‍යයෙන් එතරම් හැගීම් බරවීම් හෝ සංවේඳීවීම් මෙම සමාජ පරිසරයේදි දුලබ අත්දෑකීමක් වුවද ඇය වෙතින් ඒ බව පලවෙමින් තිබිනි. "මට ඒක ‍රැගෙන යන්නට අවශය නැහැ, ඒක අපූරු වටිනා හැදෑරුමක් වුවත්. ඉදිරි වසර දෙක තුන තුල අප නැවත හමුවීමක් ගැන මට විස්වාසයක් හැගෙමින් තියෙනවා. ඒ වන විටත් ඔබ ඒ සදහා එකගව සිටියොත් අපි ඉදිරියට යමු"  එදින ඒ පිලිබදව වූ දෙබස එතැනින්  නැවතිනි.
Pubudu Siriwansa

පසු තොරතුරු යුගය....

  පසු තොරතුරු යුගය විවිධ ආකාරයට අර්ථ දක්වනු දක්නට පුලුවන්. කෙසේ මුත් මා එය දකින්නේ තාක්ශනයක් ලෙසට එය දිදුලන යුගයේ සිට භාවිතාවක් ලෙසට තීරනාත්මක වන යුගය ලෙසටය. සැබවින්ම එය තාක්ශනයකි. තාක්ශනයක් ලෙසට දිදුලන යුගයේදී එය මිනිසා වෙතට අත්පත්කර දී ඇති වටිනාකම් බොහෝය. දෛනික ජීවිතය වටා වූ බොහෝ මිනිස් හැකියාවන් තියුනු වේගවත් යාන්ත්‍රික බවකින් තීව්‍රකර දෙන්නට එය යසට මුල්වී ඇත. 
                පසුගිය එතරම් වර්ණවත් නොවනු ඇති බවට නිගමනය කල හැකි පෙර සලකුනු ලොව දසතින් දැක්වෙමින් ඇත. බොහෝ තාක්ශනයන්ට වඩා පුලුල් පරාසයක් මෙම තාක්ශනයේ විෂය සීමාව වීම මෙම ගැටලුවේ පදනම ලෙසට සැලකිය හැක. එනම් තොරතුරුය. එක් කෝනයකින් විමසන විට සමස්ත ලෝක විෂයටම පොදු  අවකාශයක් මත එය ක්‍රියාත්මක වෙමින් ඇත. දේශපාලනය , ආගමින , ආර්ථික ,සංස්කෘතීක වැනි මෙකී නොකී සියලුම විෂයන් මත්තේ එය ක්‍රියාත්මක වෙමින් ඇත. සංස්කෘතික, ආගමික මෙන්ම දේෂපාලන තලයේදී තත්වය වඩාත් සංකීර්න වේ. ඒවා පලනය වන පසුබිමවන් ඉතා සාම්ප්‍රධායික හා සෙමෙන් චලනය වන ඒවා වීම මීට වඩාත් හේතුවනු අදැකිය හැක. තත්වයේ වඩාත් සංස්කීර්න අවස්ථාවේදී එය අභියොගයට ලක්වෙමින් දෝලනය වන්නක් බවට පත්වීම කෙමෙන් දක්නට ලැබෙමින් ඇත. වඩාත් තීරනාත්මක අවස්ථාවලදී එම සාම්ප්‍රධායික ආයතනයන් විසින් තොරතුරු තාක්ශනය ‍රැගෙන විත් ඇති මිනිස් වර්ගයා පාලනය වීමේ වැදගත්ම සාධකව තිබූ දුර හා කාලය පිලිබද සාම්ප්‍රධායික මානයන් පිලිබද ප්‍රමිතීන් නොසලකා හැරීම නොරුස්සනු ඇත. 

එනම් මම ආපසුව යා යුතුවම ඇත..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (40)

   "අපි කථාකරමුද?" මද දුරක් ඉදිරියෙන් යමින් සිටි ටිබෙටියානු මිතුරා එකවරම නැවතී මාදෙසට හැරී ඇසුවාය.  "මොනවා පිලිබඳවද?" මම පැහැදිලි කරගන්නට උත්සාහ කලෙමි. "අපේ දහම් ජීවිතය ගැන" යලි ගමන් අරබමින් ඔහු දිගටම කථාකරන්නට පටන් ගති. " ඔබ නොදන්නවා නොවේ අපි ඉන්නේ සරල මුල් දහමේ පැහැදිලි කරන හීලෑ නැති සතෙකු බැද තබන්නට  අවශ්‍ය වනවා සේ තත්වයකට වඩා බොහෝ දුරින් බව, මම නම් යෝජනා කරන්නේ ඔබ ආපසු ගොස් ඈතක තබා විත් ඇති සිත නැවත ‍රැගෙන ආ යුතුයි, නැතිනම් එහි ඔබ කයින්ද නතර විය යුතුයි. හැබැයි ඒ විසදුම් දෙකටම එකග නොවී ඔබ මේ ගතකරන ජීවිතයනම් ඉක්මනින්ම ගැටලු සහගත විය හැකියි."  මතකය අපූරු උපකරනයකි. එහෙත් කලතුරකින් හෝ හසුරවා ගන්නට නොහැකි වීමෙන් භවිතාකරන්නා මහත් අපහසුතාවයට පත්වේ. "ඇත්තෙන්ම  පරිගණකයක මතක ගබඩාව මෙන් එහි ‍රැදී ඇති දෑ ඉතිරි කොටස් වලට නොදැනෙන සේ ක්‍රියාත්මක වනවා නම් මොනතරම් හොඳද? ඒත් ඒවා අතර තියෙන බොහෝ දෑ හැගීම් ඔස්සේ මුලු පද්ධතියටම උනත් බලපාන්නට පුලුවන් විදිහටයි මිනිස් පද්ධතිය නිර්මානය වෙලා තියෙන්නේ. භෞතිකව හදාරනකොට හමුවෙන්නේ රසායනික චලනයන් ගොඩක්. තීරනාත්මක සීමව ඉක්මවා යාම යනු සමහර විටක නැවත පැමිනෙන්නට  බැරි සංකීර්න තත්වයක සිරවීමක්.  තත්වය ඔහුවඩාත් පැහැදිලි කර දෙන්නට වූවාය.
                 මා මා සමගම කෙටි සංවාදයකට පිවිසුනෙමි. කුඩා කල සිට හෑරීම් අවකාශයට වූ අසීමිත කැමැත්ත ඇය විසින් අපූර්ව ලෙසට අවදිකරවා දමා ඇත. අප හමුවූ පරිසරයද ඊට මහත් පසුබිමක් වන්නට ඇත. මේ දැඩි කැමැත්ත බලයක් යොදවමින් පාලනයට යාම සහනශීලී විසදුමක් නොවනවා පමනක් නොව සංකීර්න ගැටලුවකට මගක් වීමේ අනතුරද අමතක කර දැමිය නොහැකිය. ආපසු ආශ්‍රම භූමියට ඇතුලු වන්නට පෙර දැඩි තීර්නයකට එලබෙමි. එනම් මම ආපසුව යා යුතුවම ඇත. ගම් වැසියන්ගේ අපූර්ව ජීවිත රටා පිලිබදව හැකි තොරතුරු ප්‍රමනයක්ද සමග ආපසු ගියහොත් වඩාත් ආකර්ශනීය සටහන් ගොනුවකට ආරම්භයක් ගත හැකි වනු ඇත. 
                           pubudu Siriwansa

2014-10-26

පෙර ස්ථාපිතව පැමිනෙන මෘදුකාංග සදහා එකග නොවන්නේ නම් ආපසු එම මුදල ලබාගත හැකියි. Italian Supreme Cour

   තීරනාත්මක අධිකරන තීන්දුවක් ඔස්සේ මෘදුකාංග ස්ථාපිතව වෙළඳ පොලට පැමිනෙන උපාංග පිලිබදව යලි විමසීමකට අවස්ථාවක් පැමින තිබෙනවා. එම අධිකරන තීන්දුව ප්‍රකාර කියවෙන්නේ පරිගණකය හා මෘදුකාංග යනු සමහර අවස්ථාවලදී මෙන් අනිවාර්ය සංයෝජන අවශ්‍යතා නොවන නිසා වෙන් යමෙක් පරිගණකයක් මිලදී ගැනීමේදී එහි ස්ථාපිතව ඇති මෘදුකාංග වලට ගෙවීම අනිවාර්ය ලෙසට සම්මතයක් පැවතියද ඔහු පලමු වරට පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී එම මෘදුකාංගය සමග එන කොන්දේසි හා එකගතා ප්‍රතික්ශේප කරන්නේ නම් අදාල මෘදුකංග සදහා අයකරනු ලැබූ මුදල් ආපසු ලබා ගැනීමේ අයිතිය එම මිලිදී ගැනුම්කරු සතුවන අයිතියක් වන බවයි. Microsoft pre-installed OS සමග මිලදී ගැනීමකදී ඉතාලියානු ගැනුම් කරුවෙක් එම මෙහෙයුම් පද්ධතිය සදහා ගෙවීමක් කරන්නට තමන්ට අනවශ්‍ය හා එම මෘදුකාංග ආයතනයේ කොන්දේසි ප්‍රථික්ශේප කිරීමකදී ඒ සදහා තමන් ගෙන් අයකරන ලද මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලා 2005 වසරේදී අධිකරනය වෙතින් ඉල්ලා සිටිමට සවන් දුන් අධිකරනය මෙම නිගමනයට පැමිනි බවටයි වාර්ථාවන්නේ.

2014-10-25

සක්මන් වන දැනුම් පරාසය අනූව අප දෙදෙන ගුරුන් හා සිසුන්ගේ කාරයභාරයන් බෙද හදා ගනිමින් කටයුතු කර ගනිමින් සිටියෙමු....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (39)

    ඒ ඒ අවස්ථාවේ සක්මන් වන දැනුම් පරාසය අනූව අප දෙදෙන  ගුරුන් හා සිසුන්ගේ කාරයභාරයන් බෙද හදා ගනිමින්  කටයුතු කර ගනිමින් සිටියෙමු. එදින ක්ශුද්‍ර ජීවීන් විශේෂයක ඇසුරින් දත්ත රදවන ආකාරයක් ගැන සිදුකල සාර්ථක පර්යේක්ශනයක් පිලිබදව ඇය මා වෙත තොරතුරු පැහැදිලි කරමින් සිටියෙමු. හෝරා තුනක් හෝ හතරක වෙහෙසකර උත්සාහයකින් අනතුරුව අපගේ සටහන් පෙලෙහි වඩාත් සාර්ථක පරිච්ඡේදයක් අවසන් කරන්නට සමත් විනි. සැකසුරුවම් එකියක  ලෙසට ඇය ම්වේසය මත විසිර තිබූ නෙක සටහන්, පොත් පත් පිලිවලකට නැවත අසුරා තබන යුරු බලා සිටියෙමි. දිගු සුසුමක් ගත් ඇය "මම ප්‍රශ්නයක් අහන්නද?" මාදෙස බලමින් ඇසුවාය. "ඇයි අපි මේ හැදෑරීමකරන්නේ?" ඇයට දැනගැනීමට අවශ්‍යව තිබූ කාරනය කිහිප විටක්ම මම මගෙන්ද අසාතිබුනක් විය. අප කිසියම් උසස් හැදෑරුම් ආයතනයකට සම්බන්දව ලිඛිත මට්ටමක අරමුනක් මත මෙම හැදෑරුම සැලසුම් කොට නොතිබුනා සේම කිසියම් වෙළඳ සමාගමක අවශ්‍යතාවය හෝ ආර්ථික ඉලක්කයක් ඇතිව එය මත යෙදී නොසිටියෙමු.
                                             "මම මේ දැනුමට කැමතියි" පලමු කාරනය , අනෙක "ඔබ සමග කටයුතු කරන්නට කැමතියි" අවංකව වූ මගේ අදහස් අපැහැදිලි කෙරුවෙමි. "ඊට වඩා ඉලක්කයක් මට නම් නැහැ. ඔබට කැමති තීරනයකට මම කැමතියි. අපි හැදෑරුම් ආයතනයකට හෝ මුද්‍රන උත්සාහයකට යන්නට... ඒක ඔබේ කැමැත්තක්" මම ඇයගේ කැමැත්තට වැඩි අවස්ථාවක් දුනිමි. අප පසුකල දෙබස් අතරින් මා වඩාත් සිත්ගත් එකගතාවයකට ඇය විවෘත විය. "මටත් වැඩි ධනයකට යන්නට හෝ තවත් හැදෑරීම පිලිබදව සහතික බවක් ලබා ගන්නට ලොකු කැමැත්තක් නැහැ. ඔබ කැමතිනම් මේ හැදෑරුම ‍රැගෙන යන්න , මගේ ඒ ගැන කිසිම අකමැත්තක් නැහැ"  ඇගේ සරල හා නො ඇලෙනසුලු සුලු මනස මනස වඩාත් පැහැදිලි විය. අපගේ සමස්ත මිත්‍රත්වයේ අසිරිමත්ම මොහොතක් එය ලෙසට මනස තුලට දැඩිව කිදා බසින බවක් මටම හැගෙන්නට විය.
      Pubudu Siriwansa

Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවට.....

  microsoft සමාගම තම මිලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනයේ පෙර නිකුතූන් සංස්කරන දෙකක් මේ වන විට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. ඉන් ප්‍රධාන සමහරක්  පවා ඔවුනගේ නිවේදනය කිරීමේදී පවා ප්‍රකාශයට පත් නොකරනලද ඒවා වනවා. මීට අමතරව Microsoft ආයතනය එම සංස්කරනය දැනට අත්හදා බැලෙමින් ඇති පරිගණක පිලිබදවද සංක්‍යා සටහන් කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතර එම සංස්කරනය ධාවනය වෙමින් ඇති පරිගණක 41%ක් Desktop වන බවත් 32% LapTop වන බවත් පවසන අතර 2% Tablet වන බවටත් පැහැදිලි කර සිටිනවා. වේගවත් නිකුතූන් කාලසටහනකට අනූව සිදුවෙමින් ඇති මෙම නිකූත් අතර වන යාවත්කාලීනයන් සමගද නවාංග කිහිපයකින් තම නව මෙහෙයුම් පද්ධතිය සංයුත්තකරවන්නට එම කටයුතු කරනබව පසුගිය යාවත්කාලීන සැලකීමේදී පැහැදිලිව දක්නට ලැබුනා. තවමත් වඩාත්පෙර සංස්කරන නිකුතූන් මට්ටමේ මෙම මෙහෙයුම් පද්ධතිය ඇති අතර සාමාන්‍ය භාවිතාවට නියමිත පෙර සංස්කරනයන් එලබෙන වසරේ මුල් භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-10-24

එතැන් පටන් අප හමුවන සැදෑවල් අතරින් සමහරක් අප මේ හෑදෑරුම් අවකාශයටද යොමුකෙරවිනි...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (38)

   ටිබෙටියානු මිතුරාගෙන් සගවන්නට කිසිවන් නැත. බොහෝ කලකට පසුව ජීවිතය යලි අසරන බවකින් වෙලී ඇතුවා සේ දැනෙන්නට පටන් ගෙන තිබේ. එය ඇය ගැන වන ආශාවක් නොවන බව මටද පැහැදිලිය. අප උදයානයේ සැදෑවක හිරුමූවාවට සූදානම නරබමින් සිටින මොහොතක් විය. "මට හිතෙනවා අප දෙදෙනාගේ හමුව අපූරු හෑදෑරුම් සටහනක් කරන්නට ඇත්නම් කියලා" මම එකවරම ඇයට යෝජනා කලෙමි. "තව පැහැදිලි කරන්න" ඇය වඩාත් තැන්පත්ව මා දෙසට අවධානය යොමු කරන්නට විය. "තොරතුරු තාක්ශනය අද සිලිකන් මූලික ගොඩ නැගීමකට සීමා වෙලා තිබුනට වඩාත් ඉහල මට්ටම් වලදී කබන් මූලික රටා විතරක් නෙවේ ක්ශුද්‍ර ජීවින් හා සම්බන්ද වන දිසා වලට පවා හැදෑරීම් දිග හැරී ඇති බව මම තරමක් දුරට කියවලා තිබෙනවා. අපිට බැරිද මේවා ගැන විදයාත්මක බව හොඳින් මුසුවුනු නිර්මානාත්මක දෙයකට උත්සාහ කරන්න. " මම යෝජනාත්මක බැල්මක් සහිතව ඇය වෙතට යොමු කලෙමි. විටක අලස බවක් පැවද ඇය හැදෑරීම් අවකාශය දෙසට මහත් උනන්දුවක් ප්‍රබෝධයක් දක්වන්නියක් මම තේරුම් ගෙන සිටියෙමි. "මම හිතනවා එක හොඳ අදහසක්" ඇයගේ පිලිතුර සමග වූ මහත් ප්‍රබෝධය මා කල යෝජනාව වෙතට මහත් සුබදායී  ප්‍රථිචාරයක් බව හැගිනි. "මම කියන්නේ, ඔබේ දැනට සිදුවෙමින් පවතින වැඩි දුර අධ්‍යාපන කටයුතු වලට බාදාවක් නොවන අයුරින්" ඇයගේ අනාගත ඉලක්ක වෙතට මා නොසැලකිලිමත් වෙනවා යැයි සිතින් චෝදනාවක් නැගෙන්නට පෙර මට කියැවිනි.
                එතැන් පටන් අප හමුවන සැදෑවල් අතරින් සමහරක් අප මේ හෑදෑරුම් අවකාශයටද යොමුකෙරවිනි. පොත්පත්, හඬ පට , අන්තර්ජාල ඔස්සේ මෙන්ම හැදෑරුම් මිතුරන් ඔස්සේද අප වේගයෙන් තොරතුරු ‍රැස් කරන්නට වීමු. අන්තර්ජාලය ඔස්සේ එම ඒවා සමහරක් ලොව විද්වතුන් අතරටද යොමුකරමින් වැඩි දුර සංවාද ගොඩ නැගෙන්නට ඉඩ හරින්නට පටන් ගත්තෙමු. ඇය පරිගණක යතුරු පුවරුව ඔස්සේ සටහන් තබනවාට වඩා ඇයගේ අත් අකුරු වලින්ම එම සටහන් නිමවන්නට කැමති විය. අවසාන දවස් වන විට ඒ සදහා වූ හමුවන් වෙතට ඇය පැමිනියේ පි‍ටු සිය ගනනක ගොනුවකද ‍රැගෙනය. ඒවා සියල්ල සටහන්ව තිබුනේ ඇයගේම අත් අකුරින් වීම විටක මාතුල විමතියක්ද ගෙනෙන සුලු විය. සමහර සෑදවල අවහන්හලේ කෙලවරක අසුන් ගෙන හෝරා ගනන් වඩ වඩාත් තොරතුරු විමසමින් ඒවා හදාරමින් කාලය ගත කෙරුවෙමු. සමහර විටක අවහන්හලේ කලමනාකරනය කුඩා බිල්පත් පවා නොසලකා හරිමින්  අපට සහය දක්වන්නට කැමති විය.
                                                                          Pubudu Siriwansa

ඇමරිකානු භාවිතාකරන්නන් 4/10ක් අඩුම තරමින් සතියකට වතාවක් හෝ තොරතුරු පැහැර ගැනීම් උත්සාහයකට ගොදුරු වේ...

  Microsoft පවසන්නේ ඇමරිකානූන් අතරින් අඩුම තරමින් දහයෙන් හතර දෙනෙකුවත් අඩුම තරමින් සතියකට වතාවක් හෝ සයිබර් අනවසර පිවිසීමක් ඔස්සේ තොරතුරු සොරාගන්නට උත්සාහයකට ගොදුරු වෙමින් සිටින බවකි. එම වාර්ථා පැහැදිලි කර සිටින්නේ Smartphone හා Mobile මට්ටමේ දත්ත උපාංහ භාවිතය වෙගයෙන් වැඩි උවද තවමත් මෙම ආන්තුරට විවර වෙන්නන් අතරින් බහුතරයක් Pcs වන බවකි. සක්‍යාත්මකව සැලකීමේදී එම ප්‍රමනය 42%ක ඉහල අගයක පවතින අතර SmartPhone සංක්‍යාව 18%ක පවතින බවකි. මෙම ගනනයට සහභාගී වූවන් සැලකීමේදී 2012  25% තම ආරක්ශාව සදහා විධිවිදාන යෝදා ගෙන සිටින බවට වාර්ථා වූ මුත් 2014දී කල විමසුමේදී හෙලි වන්නේ 73%ක්  දක්වා ඒ පෙර සූදානම් සහිත බව ඉහල ගොස් ඇති බවකි. මෙම වාර්තාව සමග සමස්ථයක් ලෙසට Microsoft ආයතනය උපදෙස් දෙන්නේ e-mail සමග සංවෙධී මට්ටමේ තොරතුරු හුවමාරුවන් නොයෙදෙන ලෙසත් වඩාත් ශක්තිමත් අවසර පද භාවිතා කරන ලෙසත් හා ආරක්ශක මෘදුකාංග නිතරම සංක්‍රියව හා යාවත්කාලීනව තබා ගන්නට කටයුතු කරන ලෙසත්ය. 

ජිවිත සංචාරය ගැන සටහන් තබා යන්නට හැම සංචාරකයෙකුටම වගකීමක් තිබෙනවා කියලා..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (37)

   අහස් කුස අපූරුය. ආධුනික චිත්‍ර කර්මය හදාරන්නට පැමිනියෙකු ගුරුතුමාගේ පමාවකින් තෙලිතුඩ  කැන්වසයක් මත ඔහේ  හැසුරුවා වැනිය. සුසුදු වලා කැටිති අපිලිවලකට විසිරී ඇත. ඊසාන දිසාවට වන්නට කඳු පෙල අතර තැනි තැන පෙනෙන දිය සීරාවන් බොහෝ සෙයින් කුඩා වී ඇත. දැඩි හිරු කෙඳි වෙහෙස සියත්  හඬ පාලනය කර ඇතුවා සේ මහත් නිහඬ බවක් ගෙනැවිත් ඇත. විටක අප පාතබන හඬ ඇරෙන්නට දැඩි නිහැඬියාවක් හාත්පස වේ. 
                  "තේරුම් ගන්නට බැරි දේ බොහෝ අප අවට තිබෙනවා. අප කරන්නේ ඒවා මග හරිමින් සුපුරුදු මාවතේම නිතරම ගමන් කරන්නට උත්සාහ කරනවා වගෙ වැඩක්. හරියට අර එහා ගම්මානයේ ගොපලු තරුනයින් ‍රැගෙන එන සතුන් රෑන් වගේ. අපිත් සීමාකරගෙන ඇති කුඩා දැනුම් වපසරියක් ඇතුලේ සිර වෙලා කුඩා උන් වගේ සෙල්ලම් කරනවා වගේයි කියලා මට හිතෙනවා." ටිබෙටියානු මිතුරා පැහැදිලි කරමින් සිටී. "අපේ හැසිරීම් , මම කියන්නේ දේශපාලනය, ආගමික අනන්‍යතා ගැටලු, ආර්ථික ආක්‍රමන වගේ දේවල් දිහා මදක් ඉහල සිට බලන්නට උත්සාහ කලොත් පෙනේවි මොනතරම් විහිලුවකද අපි මේ තරම් බරපතලව යෙදිල ඉන්නේ කියලා".  ඔහු විමසුම් මනස ප්‍රබෝධමත් වී ඇතුවා සේය. මෙම තීව්‍රතාවය සමග නැවත අධයාන ජීවිතයට ඇතුලු වන්නට බොහෙවින් ඉඩ කඩ තෙබෙන සේ මට හැගෙයි.
             "ඔබ අතරමං වෙලා වගේ" ඉදිරියෙන් යමින් සිටි ඔහු මදක් නැවති  සිනා මුසු මුහුනින් පවසයි. "ඉස්සරනම් ඔබ මේ වගේ කරුනු එක්ක හරිම ප්‍රබෝධයෙන් හැසිරුන කෙනෙක්. අද මේ තරම්  අලස වුනේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ." ඔහු දිගටම පවසා ගෙන යයි. "හරියට අහිමි වෙලා තිබුනු යතුරක් හදිස්සියේම හමුවෙලා යලිත් අහිමි වෙලා වගෙ මට දැනෙනවා. ආපසු යායුතුයි. කෙටි ආශ්‍රම  විවේකයක් ගෙන ආපසු යායුතුයි. අපි එකතුවෙලා අපූරු දේ කිහිමයක් නිමකල යුතුයි. අපූරු වෙතැයි මම විස්වාස කරන පොත්පත් දෙක තුනකටම අලුතින් අත ගසන්නට කාලය පැමිනිලා වගේ මට හිතෙනවා. ඔබ දනවනේ මගේ ජීවිත තේමාව. මේ පූරු ජිවිත සංචාරය ගැන සටහන් තබා යන්නට හැම සංචාරකයෙකුටම වගකීමක් තිබෙනවා කියලා"මම පැවසීමි.
                                                                                 Pubudu Siriwansa

2014-10-23

Google තම AI පර්යේක්ෂන සදහා University of Oxford සමග අත්වැල් බැඳගනී.....

  Google ආයතනය University of Oxford  සමග එක්ව තම artificial intelligence  හා සැබැදුනු පර්යේක්ෂන කටයුතු ඉදිරියට මෙහෙය වීමට කටයුතු කරමින් සිටිනවා. එලබෙන අනාගත ලෝකයේ තොරතුරු තාක්ශනය බොහෝ සෙයින් AI සමග බැදෙනු ඇති බවට දැනටමත් අනාවැකි පලව ඇති අතර Google ආයතනයේ  self-driving cars වැනි ව්‍යාපෘති සේම Microsoft ආයතනයේ බොහොමයක් නව ව්‍යාපෘති ම දෙසට දියත්වෙමින් ඇති බවට දැනටමත් තොරතුරු තොරතුරු පලව තිබෙනවා. පොදුවේ ඉදිරියට ඇදෙමින් ඇති අත්හදා බැලීම් අතර වඩාත් නිවැරදිව  images හා  objects හඳුනා ගැනීම මෙන්ම වඩාත් නම්‍යව භාෂාව හඳුනා ගැනීම හා එයට ප්‍රථිචාර දැක්වීම වන බවටයි වැඩි දුරටත් එම තොරතුරු හෙලි කර සිටින්නේ.
                                                                                          www.it.seethawakapura.com

වඩාත් දියුනු එම හැකියාවන් දැනට අත්පත් කර ගෙන තිබෙන දැනුම් ආකෘතිවලින් මනින්නට ගොස් කර ගෙන තිබෙන විපත...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (36)

  "ගෙවී ගිය මතකයක් එක්ක කාලය ගතකරන්නට ඔනෑවට වඩා පෙලබීම සංකීර්න මානසික බවක් නිර්මානය කරන්නක් බව මම අමුතුවෙන් මතක කරන්නට වුවමනා නැහැ මහිතෙ" ඒ ටිබෙටියානු මිතුරාහේ හඬ ඇය සමග ගෙවී ගිය අපූර්ව කාලය පිලිබදව වන මතක සැමරුම් සමග කල සක්මනින් පාපසු පියවි ලොවට කැදවීමක් විය. නිම්නයේ වන ගම්මානයේ සීමාවේ වැනි ගල් වැටියේ අප බොහෝ කාලයක් ගතකර ඇතුවා විය යුතුය. ඉර මඬල හිස් මුදුනත පසුකරමින් බටහිර දෙසට යන්නට ද පටන් ගෙන ඇත. "මම හිතන්නේ අපි ආපසු යන්නට පටන් ගත්තොත් හොඳයි වගේ. දැන්මම ගමන ඇරබුවොත් සැහැල්ලුවෙන් හැන්දෑව එන කොට අපසු ආශ්‍රමයට යන්නට පුලුවන් වෙයි" ඔහු නැගිට ගමන් ඇරබුවේ වඩාත් හොඳම එම තීර්නයට මම් එකඟ බව වචනකරන්නට අවශ්‍ය නැතුවා වන බැවිනි.
                                                   "මම ඔබෙන්ම වටහා ගත් දැනුම් තේරුම් වලින් අර ගැමියා මට විස්තර කල දේ මෙහෙම පැහැදිලි කරන්නම්. බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් ගේ සිතුවිලි කැමැත්තෙන්ම විශ්වය කියන නෙට්වර්ක් එකෙන් සිඳ ගෙන ඇති බවයි අදහස උනේ. ඇක ඔහු පැහැදිලි කලා අනෙක් අවසානාවන්තම කාරනය තමයිලු වඩාත් දියුනු එම හැකියාවන් දැනට අත්පත් කර ගෙන තිබෙන දැනුම් ආකෘතිවලින් මනින්නට ගොස් කර ගෙන තිබෙන විපත. ඔහු අපහැදිලිව මුත් කරපු යෝජනවක් උනේ අපේ තාර්කික දැනුම් පද්ධතියට හමු නොවනු විස්මිත හැකියාවන් රාශියක් අප සතුබව. මම දන්නවා දැන් ඔබ යෝජනා කරාවි සමහර විට ඔවුන් ගෙන් කෙනෙක් දෙන්නෙක් දියුනු අධ්‍යාපන ආයතනයක ගෙනෙහින් අපි විධිමත් යැයි විස්වාස කරන දැනුම ලබා දීලා ඒ ඔස්සේ ඔවුනගේ සැගවුනු දැනුම දැනට අපතුල  පවතින තාක්ශනික දෙනුම ඔස්සේ පැහැදිලි කර ගන්නට පුලුවන් වෙයි කියලා. නෑ මම කිව්වේ විහිලුවට වගේ ඔබ එහෙම හිතයි කියලා..... . එහෙම කලොත් මට තේරෙන විදිහට ඔහු අවාසනාවන්ත විදිහට අතරමං වනවා මිසක කිසිදු ප්‍රථිපලයක් නොලැබේවි මගෙ හිතේ.....
                                                                             Pubudu Siriwansa
www.ddwm.seethawakapura.com

2014-10-22

Windows 10 හි Technical Preview build 9860 නිකුත්වේ.....

  Microsoft ආයතනය තම Windows 10 පෙර සංස්කරන නිකුතුවෙහි නව සංස්කරනයක් මේ වන විට නිකුත් කොට තිබෙනවා. Windows 10 build 9860 ලෙසට නම්ව පැමින ඇති මෙම මෙම සංස්කරනයෙහි නවාංග කිහිපයක්ම වන බවටයි දැක්වෙන්නේ. ඒවා අතර වින්ඩෝවක් විවෘත කිරීමේදී මෙන්ම වැසීමේදී new animations ක්‍රියාකාර කමක් සමග දකින්නට හැකි වනවා. එසේම මෙම සංස්කරනයත් සමග නව icons කිහිපයක පැමිනීමත් දක්නට ලැබෙනවා. මේවා සියල්ලටම වඩා භාවිතාකරන්නන්ගේ වඩාත් ආකර්ෂනය ලබාගන්නා අංගයක් වනු ඇති බවට Data Sense හා Battery Saver අංගයන් දැක්වෙනවා. Data Sense සමග උපකරනයේ Internet connection  සමග දත්ත හුවමාරුවීම වඩාත් සංවේධීව හැදෑරෙන බවටයි දක්නට ලැබෙන්නේ. එක් එක් app දත්ත පරිහරනය කරන ආකාරයේ සිට සමස්ථ උපාංගයම දත්ත භාවිතාව සිදුවන යුරු හැසිරවීමට අවශ්‍ය සැකසුම් මෙම අංගය සමග පැමින තිබෙනවා. එසේම Battery Saver සමග උපකරනයේ බැටරි බල භාවිතාව වඩාත් පාලනයට සහය වනවා ඇත. background ක්‍රියා කාරකම් මෙන්ම app ධාවනය පාලනය කල හැකි සැකසුම් මෙම අංගය සමග වන අතර 'Automatic Rules' වැනි සංක්‍රිය කිරීම් ඔස්සේ වඩාත් පහසුවෙන් එම ක්‍රියාකාරකම් ලබා ගත අහෙකි වනු ඇති බටයි දැක්වෙන්නේ.
                                                      www.it.seethawakapura.com

2014-10-21

iOS 8.1 දැන් බාගතකරගත හෑකියි.

  ඇපල් ආයතනය තම මීලග iOS  මෙහෙයුම් පද්ධති සංස්කරනය වන iOS 8.1 මේ වන විට භාවිතාකරන්නන් සදහා නිකුත් කර ඇති බවටයි නිවේදනය කර සිටින්නේ. ආයතනය තම iOS 8.0.1 සංස්කරනය සමග භාවිතාකරන්නන් ලද සතු‍ටුදායක නොවන ගැටලු මෙම සංස්කරනය සමග නිවැරදි වනු ඇති බවටයි බලාපොරොත්තු පලකරමින් සිටින්නේ. මෑතදී නිකුත් වූ Phone 6 හා  6 Plus දුරකථන නිකුතූන් සමග අත්විඳි සබදතා ගැටලු මෙම සංස්කරනය සමග විශේෂයෙන් සමනය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
                ආයතනය පැහැදිලි කර සිටින්නේ iOS උපාංගයේ Settings > General > Software Update ලෙසට පිවිසීමෙන් අනතුරුව ලැබෙන උපදෙස් ඔස්සේ මෙම බාගත කිරීම සිදුකල හැකි අතර පැමින ඇති නවාංග අතර Hotspot capabilities ,  Apple Pay, OS X Yosemite සමග පහසු සබදතාව ඇතුලු හඳුනා ගෙන තිබූ දුර්වලතා පිලිසකර වීම් හා දියුනු කිරීම් කිහිපයක්ම බවටයි නිවේදනය වන්නේ.

"දැනුම ඇයව බර පතල කොට උඩගු කොට දමන්නට අසමත්ව තිබිනි." (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (35)

   අප බොහෝ වෙලාවක් එම මාවතේ ඔබ මොබ ඇවිඳිමින් සිටියෙමු. තැනින් තැන වූ විසල් තුරු සෙවන යට බොහෝ දේ කථා කරමින් සිටියෙමු. තොරතුරු ලෝකයේ බොහෝ දේ ඇයට දැන ගැනීමට අවශ්‍යව තිබිනි. සමහර දෑ ක්‍රියාත්මක වන යුරු ඇය සිසුවියක පරිද්දෙන් දැනගන්නට අවශ්‍යව තිබිනි. සාමාන්‍යයෙන් පිලිගත් විෂයක එවන් වියත් කමක් ලබ අගත් බොහෝ වුන්ගේ ඇති ආඩම්බර බවක් ඇය තුල නොවීම මා සිත් ගත් කාරනයක් විය. " දැනුම ඇයව බර පතල කොට උඩගු කොට දමන්නට අසමත්ව තිබිනි. විවෘත මනසට නෙක විෂයන් අතර සාමන්‍ය යෙන් වන වැඩ කඩුලු වලට මද උසින් වන දැක්මක් සමග නිදහසේ ඇවිද යන්නට අවශ්‍යව තිබුනා සේය. බොහෝ විට දැනුම ඉක්මවා ගිය අවබෝධයක්  ඇයට අවශ්‍යව තිබුනා සේය. එය අපූරු මානසික තලයකි. කුල මල, ජාති, ආගම් ඉක්මවය යමින් මිනිසෙකුට තව මිනිසෙකුට හමුවන්නට හැකිවන විසිතුරු අවකාශයකි."  එම හමුව පසු දිනක දිනසටහනකට අකුරු කරනු ලැබුවේ එලසට පමනක් නොව පසුකාලීනව අවසන් කල පොතක පසු සටහනේ ඉස්මතුව සදහන් කර තබන්නට තරම් ප්‍රබලව සිතේ ඇදී තිබිනි. 
                                 කෙමෙන් සෑදෑව ගලා එත්ම අප ඇයගේ නවාතැන් පල වෙතට පැමිනුනි. ප්‍රථම වරට ඇය ඇයගේ උසස් අධ්‍යපන කාලය ගැන පමනක් නොව පාසැල් කාලය මෙන්ම නෙක පෞද්ගලික කාරනා ගැන මා සමග විවෘත වන්නට තීර්නය කර තිබිනි. එම අතීතයන්ට අයත් ඡායරූ මෙන්ම නෙක සටහන් පෙන්වමින් විස්තරකර දෙන්නට අවශ්‍ය විනි. කුඩා කල සිටම ජීව විද්‍යව පිලිබදව ඇගේ අවදිව තිබූ කුතුහලය ගැන පමනක් නොව විටක නෙක ව්‍යාපෘති වලට එක්වෙමින් කටයුතු කල ආකාරය පැහැදිලි කර සිටියාය. අවසානයේ රාත්‍රි ආහර වේල සදහා සුපුරුදු අවන්හලට යන්නට තීර්නය කෙරිනි. අවසානයේ අදුර දැඩි වන්නට පෙර මා නේවාසිකාගාරය අසලටම ඇරලවා යන්නට අවශය වන්නට තරම් ඇය කාරුනික විය.
                                                                                                            Pubudu Siriwansa

තොරතුරු විෂය ගැන වන නව අඩවියක්

   තොරතුරු තාක්ශන විෂය විශාල වපසරියක පැතිර ඇත්තකි. පදනමේදී තව දුරටත් සිලිකන් මූලික පදනමක තව දුරටත් තම ගමන් මග වැටී ඇත්දැයි හදාරමින් සිටිනවා සේම අනෙක් අන්තයේදී තොරතුරු තාක්ශනය පුද්ගලාත්මකව පමනක් නොව සාමාජීයව සිදුකරමින් සිටින චලනයන් නිවැරදිව හඳුනා ගැනීම සදහා වෙනම අතුරු විෂයන් නිර්මනය වෙමින් ඇති යුගයක අප ජීවත් වෙන්නෙමු. එය තක්ශනයක් ලෙසට දිලිසුම් දුන් යුගය පසුකරමින් පුද්ගලාත්මකව , සමාජීයව, දේශපාලනාත්මක්ව පමනක් නොව සංස්කෘතිකවද සිදුකරමින් මෙන්ම ඉල්ලා සිටින වෙනස වඩාත්  සමතුලනය කර ගැනීම සදහා දැඩි වෙහෙසක යෙදෙන සාම්ප්‍රධායික ආයතන අද අප දකිමින් සිටින්නෙමු.
                  මෙවන් යුගයකදී තොරතුරු තාක්ශනය ගැන කථා බස් වන වෙබ් අඩවියකින් බලාපොරොත්තු වන්නේ වඩාත් පුලුල් වපසරියක පැතිරයන දැක්මක සිට මෙහෙය වෙන සටහන් පෙලකි. හුදු උපාංග හා ඒවායේ ක්‍රියාත්මක බවවින් පමනක් සැහෙන ඉල්ලුමක් තවදුරටත් වලංගු නොවන බව පැහැදිලිය. විටක ඒවා දේශපාලනික වන අතර තවත් විටක සංස්කෘතික අභියෝග වන යුරු දක්වා විහිදේ. ආයතනයකින් පැමිනෙන දෘඩාංගයක සිට, මෘදුකාංගයක සිට ඒවා භාවිතාකරන්නන්ගේ දෑත් මතදී සිදුකරමින් සිටින තීරනාත්මක කාරනාද කථාබස් කෙරෙන වපසරියක විහිදෙන තොරතුරු තාක්ශනය ගැන කථාබස් කරන අඩවියක අවශ්‍යතාවය යම් දුරකට පැහැදිලි කර ගැනීමේ උත්සාහයක් ලෙසට www.it.seethawakapura.com ලෙසට වන අඩවියක් මෙසේ නිර්මානය කරන්නට සිතුවෙමි. ඒ පිලිබදව ඔබගේ අදහස් උදහස්  ඉතා වටිනා බව අවසන් වශයෙන් මතක් කර දෙනු කැමැත්තෙමි.
www.it.seethawakapura.com

තමන් විනාඩියකට Spam මට්ටමේ Email ten million වලකමින් සිටින බව Microsoft පවසයි.

  කලකට ඉහතදී තොරතුරු ලෝකය වෙතට භාවිතාකරන්නන් කැඳවා එන්නට ප්‍රධාන ආකර්ෂනීය සාධකයක් වූවේද E-mail භාවිතාවයි. වැඩි පහසුකම් සහිත G-mail නම් නොමිළේ ලබා දෙන පහසුව පැමිනෙන මුල් යුගයේදී එම ගිනුම් මුදල්වලට අලවිකරවන්නට තරම් එම ආකර්ෂනය බලවත්ව පැවතිනි. අන්තර්ජාලය සමග පැමිනි මුල් අංගයන් අතරින් අදටද භාවිතාකරන්නන්ගේ අකංඩ අවධානය දිනා ගත් පහසුවක් ලෙසට E-mail පිලිගැනේ. මෙම අගනා පහසුව සමග තවත් පිරිසක් ලබන්නා බලාපොරොත්තු නොවන හා කරදරකාරී වන මෙන්ම විටක හානිකරවිය හැකි දෑ අඩංගු E-mail යැවීමක්ද ඇරබිනි. spam ලෙසට නම්වන මේවා විටක මතවාද පතුරවන්නටත් තවත් විටක වෙළඳ අරමුනින් පමනක් නොව ව්‍යාජව ආයතන නමින් නිකුත් කොට එවා හරහා භාවිතාකරන්නන්ගේ වැදගත් ගිනුම් වලට පිවිසෙන තොරතුරු ලබා ගන්නට මෙන්ම හානිකර පරිගණකය වෙතට පමුනවන වෙබ් අඩවි වෙතට යොමුකරවා ගන්නටත් භාවිතාවීම ඇරබුනි.
                                Microsoft සමාගම පසුගියදා නිවෙදනය කර සිටියේ තමන් තම Email සේවාවන් (Hotmail , Outlook) සමග විනාඩියකට spam මට්ටමේ Email මිලියන 10ක් වලකමින් සිටින බවයි. අන්තර්ජාලය තුල අනවශ්‍ය තද බදයන් නිර්මානය කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙසට ගැනෙන apam මට්ටමේ ඊමේල හුවමාරුඅව වලකාලන්නට තීතිමය ආකාරයටද බොහෝ රටවල පහසුකම් ඇති අතර තාක්ශනික මට්ටමින්ද මෙම පහසුකම් දෙන ආයතනයන් විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටී. භාවිතාකරන්නන් දෙසින්ද එත්‍රම් විස්වාසය තැබිය නොහැකි අවශ්‍යතා සමග කටයුතු කිරීමේදී තාවකාලික Email ලිපින භාවිතාකිරීම මෙන්ම තම inbox වෙතට Email ලැබීම පෙරනයකට ලක් කිරීම වැනි පහසුකම් ඔස්සේ මෙම අනවශය කරදරය තරමකට හෝ පාලනය කර ගත හැකි වනු ඇත.

2014-10-20

Windows 10 පැමිනෙමින් ඇත.

  ලොව බහුලතම Pc ප්‍රමානයක ධාවනය වන්නේ Windows මෙහෙයුම් පද්ධති වේ. මෙම මෙහෙයුම් පද්ධති සංස්කරන බොහොමයක් වේ. ඒවා අතරින් දැනට භාවිතය අවසන් වෙමින් ඇති මෙහෙයුම් පද්ධතිය ලෙසට Windows XP සැලකිය හැකි අතර windows 7 බහුල භාවිතාවක් අත්කර ගෙන සිටින මෙහෙයුම් පද්ධතිය ලෙසට සලකන්නට පුලුවන. windows 7 පද්ධතියටව් පසුව පැමිනි windows 8, 8.1 තීරනාත්මක වූ අතර ඒවා Desktop මූලික පරිගණක භාවිතාව Tablet මූලික භාවිතාවකට ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ ඒවා ලෙසටද පිලි ගැනේ. එපමනකුදු නොව මෙම 8 හා 8.1 පද්ධති සමග පරිගණකයේ ධාවනයට අවශය මෘදුකාංග ඔවුනගේම app store වලින් ලබා ගන්නට වන යන්ත්‍රනයක්ද (Apple නැතිනම් Android වල මෙන්) හඳුන්වාදීමටද කටයුතු කරන ලදී. වඩාත්ම තීරනාත්මක අහිමි කිරීමක් හා හදුනවාදීමක්ද මෙම සංස්කරනය සමග සිදුවූ අතර එය නම් Desk Top භාවිතාවේදී වැදගත් වන Mouse මෙහෙයවීම මිත්‍ර Start Menu ව අහිමි කෙරුනු අතර වඩාත් Touch Screen මිත්‍ර Start Screenය හඳුන්වා දීමට කටයුතු කෙරෙනි. මීට අමතරව Tablet භාවිතාවේදී වඩාත් ප්‍රායෝගික Charms Bar භාවිතාවක් ගෙනෙන ලදී. පැමිනි වෙනස්කම් බොහොමය සමග මෙම මෙහෙයුම් පද්ධතිය තම නව සංස්කරනය සමග ලබා ගත්තේ සුමට හැරවීමකට වඩා තීරනාත්මක එකක් බව එම ආයතනයට පසක් කර දෙමින් නව මෙහෙයුම් පද්ධතිය බලපොරොත්තු වූවාට වඩා අඩු වේගයකින් භාවිතාකරන්නන් වෙතට පැමිනීම සිදුවිය. පසුව එම ආයතනය නිකුත්කල අනු සංස්කරන සමග පලමුවෙන් එහි තවත් app එකක් ලෙසට පමනක් පත්කර තිබූ පැරනි Desk Top මිත්‍ර මුහුනත වෙතටකෙලින්ම Boot වීමේ පහසුව මෙන්ම Full Screen ලෙසට පමනක් ධාවන වන ලෙසට සැකසී තිබුනු App මුහුනතවල් වලටද අවශ්‍ය විටකදී Task Bar අවධිකර  ගැනීමේ හැකියාව මුසුකර තිබිනි.
                                මේ වන විට ඔවුන් තමන්ගේ මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනයද නිවේදනය කර ඇති අතර එහි පෙර සංස්කරනයක්ද නිකුත් කරන්නට කටයුතු කර තිබේ. Start Menuව නව app සබඳතාද සමග මුසුකර යලි නිර්මාණය කර ඇති අතර තවත් නව අංගයන් කිහිපයක් සමග පැමිනෙන බවට පොරොන්දුව ලබා දී ඇත. දැනය නිකුත්ව ඇති සංස්කරනය ආයතනික මට්ටමේදී අවශ්‍යතා සමග අත්හදා බැලීම සදහා වැඩි අවධානයකින් නිර්මාණය කර ඇති අතර එල බෙන වසරේ මුල් භාගයේ පැමිනෙන සාමාන්‍ය භාවිතාකරන්නාහට ඉලක්කවන පෙර සංස්කරනයේදී ඒවායේ නිමැවුම වඩාත් ස්ථීරව අත්හදා බලන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
                                    එම නව අංග අතර Cortana ලෙසට නම් දරන Microsoft ඩිජිටල් තාක්ශන සහයක මෘදුකාංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට තොරතුරු සෙවුමක සිට පනිවිඩයක් යැවීම දක්වා ශ්‍රව්‍යව මෙහෙයවීමට හැකි වන අතර එම හැකියාව පරිගණකය තුලට මෙන්ම අන්තර්ජාලය තුලට දක්වා වන විශාල වපසරියක ක්‍රියාත්මක වන ලෙස සැලසුම් ව තිබීම භාවිතාකරන්නා හට තම තොරතුරු භාවිතාවට නව මිහුනුවරක් ගෙනෙනු ඇති බවටයි පැවසෙන්නේ. මීට අමතරව භාවිතාකරන්නාගේ මුහුනතවල් උපාංග අනූව වෙනස් විය හැකි වුවද Smart Phone වල සිට Desk Top දක්වා සියලු උපකර සදහා එකම app භාවිතාවක් ගෙන ඒම වඩාත් පහසුවක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
                                                                                                                                     Pubudu Siriwansa

Windows 8.1 ධාවන හැකියාවෙන් යුත් Intel USB stick Online වෙළඳ පොලට.....

   ඩොලර් 110ක් මිලැතිව වෙලඳ පොලට පැමිනෙන Intel Bay Trail-Based USB stick උපාංගය Windows 8.1 ධාවනයට සමත් මට්ටමේ බවටයි නිවේදනය වන්නේ. එහි නිෂ්පාදකයින් වන Intel වෙතින් මේ පිලිබදව තවමත් නිලනිවේදනය වීමක් සිදුව නැතිමුත් Chinese retailer Alibaba වෙබ් අඩවියේ මේ පිලිබදව OEM කාන්ඩය යටතේ පලව තිබෙනවා. 100mm දිගැති මෙම උපාංගය x86 ප්‍රොසෙසර් හැකියාවකින් සමන්විතව පැමින ඇති බවට මෙන්ම Windows 8.1ට අමතරව  Linux distros (Ubuntu හා Fedora) ධාවනයට සමත් මට්ටමේ වන අතර දත්ත televisions වෙතට ලබා දීමේ හැකියාවෙන්ද සමන්විත බවටයි ප්‍රකාශ වන්නේ.1.7 GHz ප්‍රොසෙසර් හැකියාව , 1 GB DDR3 RAM හැකියාව,  2 MicroUSB ports වලින් සමන්විතව, 16 GB හෝ 32 GB  ප්‍රමානයේ තොරතුරු ගබඩා කරගැනීමේ හැකියාවකින් මෙන්ම memory card slot, WiFi හා  Bluetooth 4.0. හැකියාවකින් සමන්විත බවටයි නිවේදනය වන්නේ.

2014-10-19

වගා භූමිය ඔස්සේ වැතිරුන ඒ මාවත සරල රේඛාවක් බඳුව දිවෙන්නේ අනන්තයට සේය... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (34)

    ඇගේ නිහඬතාවය මගේ දොඩමලු බවට ආරාධනාවක් විය යුතුය. "හිතන්න දැනුම කියන්නේ හරියට ලෝකය කියන  අඳුරේ තියෙන චිත්‍රයට හෙලන පහන් ආලෝකයක් වගේ. මිනිසුන් ක්‍රමයෙන් ලොකය හඳුනා ගන්නට ඒ දැනුම භවිතාකරනවා. සාමන්‍ය ජීවිතයකට අවශ්‍ය දැනුම අද ලොකයේ පිලිගත් මූලික අවශ්‍ය තාවයක් ඒ අතරින් සමහරක් තමන් වැඩියම ප්‍රිය කරන විෂය ඔස්සේ වැඩි දැනුමක් ලබා වෘතිකයෙකු වනවා. හරියට ඔබ වගේ." ඇය දොඩමලු බවට සේම සවන් දීමටද හපනියක් වීම අපේ මිත්‍රත්වය සදහා වඩාත් බලපෑ ඇතැයි මම සිතමි.
                                         වගා භූමිය ඔස්සේ වැතිරුන ඒ මාවත සරල රේඛාවක් බඳුව දිවෙන්නේ අනන්තයට සේය. දෙපස මද දුරින් දුරට වන විසල්  අතුපතර විහිදුනු රුක්ෂයන් තව තවත් එන්න යැයි කරන ආරාධනාවක් බඳුය. "ජීවිතය වගේ". මා නිවැරදිය . යහපත් මිතුරු බව යනු අනෙකාගේ හැගීමක් පවා හොදින් හඳුනාගන්නට තරම් සුසර වූ මනස් පිලිබදව අපූරව සටහනකි. හඬින් යනෙන දෙබසින් මිදෙන සිතුවිල්ලක ගමන් මග හඳුනා ගන්නට තරමට අපගේ මිත්‍රත්වය වැඩී ඇත. මදුරක් ඇවිඳගිය අප මාවත අද්දර වූ සෙවනක ගිමන් නිවන්නට වුනෙමු. ඈ ‍රැගෙන විත් තිබූ මද උනුසුම් කෝපි බඳුන ක්‍රමයෙන් වැඩිවන සීත බවට දිව ඔසුවක් විනි.
                                                                        Pubudu Siriwansa

2014-10-18

"මම් ඔබේ දැනුමට කැමතියි. ඒ වාගෙම ඒ දැනුම ඔස්සේ ඔබ තුල ගොඩ නැගෙන විනයට මම තවත් කැමතියි.".. (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (33)

     ඇයගේ නේවාසිකාගාරය පිහිටා තිබුනේ මද දුරකින්ය. විශාල ගොවි බිම් යායකට මුහුනලා ඉදිව තිබූ නේවාසිකාගාර පෙලක ඒන නිවසක ඇය නවාතැන් ගෙන තිබුනේය. ඇයගේ ආරාධනය පරිදි වරක් මා එහි ගියෙමි. තරමක අලස එකියක වුවද ඇය තම නේවාසිකාගාරය ඉදිරි පිට විසිතුරු මලින් සරසා තිබෙන්නට කටයුතු කර තිබිනි. පොත පතින් පිරුනු ආලින්දයකදී ඇය මා පිලිගත්තාය. අසල වූ තවත් අසුනකට ආරාධනා කල ඇය "ඔබගේ පැමිනීමට මට සතුටක්" පවසමින් ඉදිරියෙන් වන කොල වර්නයෙන් පිරුනු වගා යාය දෙසට මගේ අවධානය යොමු කලාය. "ඔබට හරිම අපූරු තැනක ලැගුම් ගන්නට ලැබී තියනවා වාගෙයි, මම හරිම කැමතියි මේ වගේ තැන්වලට" මම පවසන විට ඇය හිස වනමින් "මම දන්නවා" වැනි ඉගියකින් එකගතාවය පලකලාය. තවමත් සංක්‍රියව තිබෙන පරිගණකය දෙසට මා අවධානය අදී යනු දු‍ටු ඇය" ඉස්සරනම් මම ඒ තරම් තොරතුරු තාක්ශනයට කැමති වෙලා හිටියේ නැහැ, ඒත් ඔබ හමු උනාට පස්සේ වැඩියෙන් ඒ ගැන අවධානය යොමුකරනවා. මෑත කාලය තුල මම ගොඩාක් තොරතුරු එක්කාසු කර ගත්තා අන්තර්ජාලය ඔස්සේ. ඒකේ ස්තුතිය ඔබටයි" සුහඳ සිනාවක් සමග ඇය පවසා සිටියාය.
                                  වගා වතුයාය මැදින් වැටී තිබූ නිදහස් මාවතක් ඔස්සේ අප දෙදෙන ඇවිද යමින් සිටියෙමු. "ඔබ මට ප්‍රිය කරන්නේ ඇයි?" විචාලාය. "ඔනෑම සමාජයක වෛද්‍යවරයෙකුට මදක් හෝ වැඩි ගෞරවයක් තිබෙනවා තමයි. හැබැයි මම ඔබට ප්‍රියවීම  ඇරබෙන්නේ ඒ වෘතීය සමාජ පිලිගැනීම ඔස්සේ නම් නොවේයි" මම පැහැදිලි කරන්නට පටන් ගතිමි. "එහෙනම්?" ඇයට දෙබස ඉදිරියට ගෙන යන්නට අවශයව ඇතිවා සේය. " මම් ඔබේ දැනුමට කැමතියි. ඒ වාගෙම ඒ දැනුම ඔස්සේ ඔබ තුල ගොඩ නැගෙන විනයට මම තවත් කැමතියි." ඇය පිලිබදව මාතුලවන ගෞරවය මිශ්‍රිත බැදීම පැහැදිලි කරන්නට උත්සාහ කලෙමි. "ජීවය කියන්නේ හරිම අපූරු දෙයක්. ගස් වැල් මිනිසුන් සතුන් සිව්පාවුන් මේවා හරිම අපූරු නිර්මාන. ඔබ තුලද ඒවා කෙරෙහි වන ආදරනීය හිතවත් කමට මම හරිම කැමතියි. ඉතින් ඒ අපූරු දෑ බොහොමයක් දරාගෙන සිටින අපූරු කඩිසර තරුනියක වීම නිසා  අවසාන ලෙසින් මම ඔබට තවත් කැමතියි". හැකි උපරිම ලෙසින් මම ඇය වෙතට විවෘත වුනෙමි.
                                                Pubudu Siriwansa

සංස්කෘතිය සංක්‍රිය කරවන මිනිසුන් ඉපදෙමින් මිය යමින් ඉදිරියට ගලා යන මුත් සංස්කෘතිය නොසැලී තිබෙන .. (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (32)

  "මතකය මත්තේ ඔබ මොබ ඇවිද යන්නට ඔනෑවය වඩා හුරු පුරුදු වීම ගැටලුවක් බව මම හිතන්නේ මම මතක්කර දෙන්නට ඔනේ නැහැනේ!" ටිබෙටියානු මිතුරා උදෑසනම මා සොයා පැමින ඇත. "පරිගණකයට බැරි දෙයක් මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ ඒක හරිම වැදගත් නිසා වෙන්න ඇති මම හිතන්නේ. මම කිව්වේ අමතක වීමේ හැකියාව ගැන" ඔහු පැහැදිලි කර සිටියාය. "ඒත් පුදුමය කියන්නේ කාලය අපිට උදවු වෙන්නේ දේවල් අමතක කර දාන්නට උනාට මෙතැනදී තත්වය සම්පූනයෙන් වෙනස් වෙලා වගේ." මම යම්තරමක අසරනවීමක් වුවත් විවෘතව පැවසීමි. "ඔබ දන්නවනේ.. ජීවිතක කාලය තුල මොනතරම් විවිධ පරිසරවල මම ගතකරල තියෙනවද කියලා.. ඒත් මෙතැනදී තරම් ඒ මොහොතවල් වලට මාව නැවත නැවත අමතන්නට හැකිවීම ගැන මටම පුදුමයි" පැහැදිලිව විවෘත විය හැකි හොඳම මිතුරා වෙතට එන්නට හැකිවීම මහත් සහනයකි. "හොඳ පැහැදිලි දවසක් නිසා නරකද කඳු මුදුනත දිගේ ගම්මානය පැත්තට ටිකක් ඇවිදින්නට ගියොත් , අපි ගබඩා භාරකාර තුමාගෙන් ආහර ටිකක් ලබා ගෙනම පිටත් වෙමු." ඔහු නැගී සිටියාය. මමද දෙවරක් නොසිතා ඔහු සමග එක්වීමි.
                                                          ශාන්තිමත් කඳු මුදුන එතරම් වෙනසක් ලබා ගෙන නැතුවා සේය. කුඩා මාවත දෙපස වන තන බිස්ස තැනින් තැන වන වඩුනු රුක් ගොමු මෙන්ම නෙක වර්න පැහැ ගන්නා සියතුන් වර්ග එලෙසමය. බටහිර කඳු පාමුලින් ගලායන ගංගාවද කිහිදු වෙනසක් සිදුවී නැතුවා සේ ගල බසිමින් සිටී. දහවලට ආසන්න වන විට අප දෙදෙන ගම්මාන නිම්නය පෙනෙන දුරට පැමිනුනෙමු. මතකයේ හැටියටනම් තැනින් තැනවූ නිවාස සංක්‍යාවනම් මදක් වැඩිවී තිබෙනවා සේය. "පසුගිය දවස් වල ආශ්‍රමයේ සහයට මෙහෙන් ආපු ගැමියෙක් සමග මම බොහෝ වෙලා කථාකරන්නට ලැබුනා. ඔහු බොහෝ දෙවල් මට පැහැදිලි කර සිටියා. මම හිතනවා ඔබත් ඒවා පිලිබදව සැලකිලිමත් වේවි කියලා. අපි ඒ ගැන පසුව කථා කරමු." මෙම ගැමියන්ගේ සමහර තාක්ශනික උපංක්‍රම පැහැදිලි කර දෙන්නට කිසිවිටකත් නොපැකිල වන්නෙය. එහෙත් ඒවා දැන ගත් නිසාම අත්හදා බලන්නට අපහසු වන්නේ මෙම පරිසරයේම අනන්‍යතා වන ගස් කොල, ස්වභාවික දැ සමග  බැදී පවතින දෑ භාවිතාවීම නිසාත් ඒවා නිර්මානය කර ගන්නා ආකාරයේ පියවරයන් බොහොමයක් ඔවුනටම වන අවබෝධයක් ඔස්සේ සිදුවන නිසාත්ය. ඔවුනගේ පරපුරෙන් පරපුරට ඒවා ශක්තිමත්ව ගලා යන මුත් බාහිරෙන් පැමිනෙන්නෙකුට එම දැනුම හා භාවිතාව කරා පැමිනීම ඉතා අපහසු වන්නේය. එම සංස්කෘතිය සංක්‍රිය කරවන මිනිසුන් ඉපදෙමින් මිය යමින් ඉදිරියට ගලා යන මුත් සංස්කෘතිය නොසැලී තිබෙන ආකාරය අපූරුය.
                                                                                                      Pubudu Siriwansa
                                                                                          

2014-10-17

වයර්ලස් මෙන්ම අවසර පද රහිත අනාගතය එමින් තිබෙනවා- Intel පැහැදිලි කරයි.

    Intel ආයතනය තම අනාගත සැලසුම් පැහැදිලි කරමින් ප්‍රකාශකර සිටින්නේ එලබෙන යුගයේ පරිගණකයන් සමග ‍රැහැන් භාවිතාව අවම වීමේ ප්‍රවනතාවය ප්‍රධාන වනු ඇති බවකි. එහිදී ‍රැහැන් රහිතව උපාංගයක් බල ගැන්වීම , උපාංග අතර සබදතාවය ඔවුන් පැහැදිලි කරසිටි අතර භාවිතාකරන්නෙකුගේ Laptop පරිගණකයක් මත ධාවනය වන වීඩියෝවක් විශාල මොනිටර් තිරයක් මතට ‍රැහැන් රහිතව මෙන්ම ක්ශනයකින් ගෙන එන්නට හැකි වන ආකාරය දක්වා සිටිනු ලැබුවා. ඔවුන් එහිදී පැහැදිලි කල තාක්ශනික ප්‍රවනතා අතර ටැබ්ලටය වඩාත් Pc හැකියාවට ආසන්න කිරීමේ උත්සාහයත් ඒ සමග අඩු බල වැය, වැඩි ප්‍රොසෙසර් හැකියාව 4K සුපැහැදිලි තිර භාවිතාවද කැපී පෙනුනා.  
                       එලබෙන යුගයේදී අවසර පද භාවිතාව අවමවීම පැහැදිලි අවශ්‍යතාවයක් බවට පැහැදිලි කල ආයතනය වෙගයෙන් දියුනු වෙමින් ඇතිබ් මුහුනුවර හඳුනා ගැනීමේ තාක්ශනය ඔස්සේ භාවිතාකරන්නෙකුගේ අනන්‍යතාවය ස්තීරකර ගැනීමේ හැකියාව වැනි විකල්ප මුත් වඩාත් ස්තීර විසඳුම් කරා තම තාක්ශනය දියුනු කරමින් සිටින ආකාරය පැහැදිලි කරනු ලැබුවා. දැනට පවතින ක්‍රම වේගයෙන් ඉදිරියට යමින් භාවිතාකරන්නෙකුගේ මුහුනුවරම පමනක් නොව මදක් ඉදිරියට යමින් එහි එහි වන චලනයන් හඳුනා ගනිමින් ඒ ඔස්සේ වඩාත් ස්තීරව භාවිතාකරන්නාගේ අනන්‍යතාවය ස්තීර කර ගැනීමේ හැකියාව එහිදී ඔවුන් පැහැදිලි කරන්නට කටයුතු කරනු ලැබුවා.

2014-10-16

ඇල්ගොරිතමික මට්ටමේදී බොහෝ වෙබ් සේවා ඔබ හිතැති නොවේ!!!

  ඔබ සමාජ ජාලාවට පිවිසෙයි. ඔබගේ ගිනුමට ඇතුලු වන ඔබ නෙක ආකාරයේ මිතුරන්ගේ විවිධ පලකිරීම් අතර සරමින් විටක ඒවාට පිලිතුරු සපයමින් මෙන්ම තවත් විටක ඒවාට තම කැමත්ත පලකරමින් ආදී විවිධ ප්‍රථිචාර පලකරමින් විනෝදය මෙන්ම විටක දැනුම බෙදා හදා ගනිමින් කාලය ගත කරනු ඇත. විටක මෙම තත්වය ඇබ්බැහියක් බවට පත්වන තරමට කෙනෙකුගේ ජීවිතය තුලට පැමින තිබෙනුද දකින්නට හැකිවේ. මේ විවිධ වර්නවත් කථාන්දරයක එක් මුහුනුවරක් පමනී. සමාජ ජලා පමනක් නොවසෙයුම් යන්තර පමනදු නොව බොහෝ වෙබ් සේවා සපයන ආයතනයන් සමග දිග හැරෙන මෙම කථාන්දරයේ අනෙක් ස්වරූපය වන්නේ ඔවුනගේ වෙළඳ ඉලක්ක කරා ඔබව පාලනය කරන බවයි. සමහර විටක සමාජ ජාලාවේ ඔබේ නිවෙස් පි‍ටුවට එන්නේ ඔවුනගේ වෙලඳ අවශ්‍යතාවයන්ට වඩාත් සහය දක්වන පලකරන්නන්ගේ තොරතුරු වීම සිදුවිය හැක්කකි. විටක මෙම පාලනය වෙළඳ සීමාවන් ඉක්මවමින් දේශපාලනික මුහුනුවරයන් කරාද පැමිනෙන බව කලින් කලට හදාරන්නන් හෙලි කරනු දක්නට පුලුවන.
                                              වෙබ් අවකාශය තුලදී පමනක් නොව හුදකලා පරිගණකයේ ගමන් මග තීර්නය කරන්නේ Algorithm මගිනි. එය මෘදුකාංගයක් වුවද වෙබ් සේවාවක් වුවද එහි ගලා යාමේ රටාවේ මුල් පිටපත මෙම ඇල්ගෝරිතමයන් විසින් නිර්මානය කර දෙනු ලබයි. හදාරන්නන් යෝජනා කරන්නේ බොහෝ වෙබ් සේවාවන් තුලදී භාවිතාකරන්නන සිතා සිටිනා පරිදි සද්භාවයෙන් ඔවුනගේ සතුට හෝ යහපත සදහාම මේවා නිමව නොතිබීම මෙම මට්ටමේදී තීර්නය වන බවයි. එම ආයතනයේ වෙළඳ අවශ්‍යතා වඩාත් සපුරන ආකාරයට එවා නිමවන්නේ බාහිරින් භාවිතාකරන්නගේ විස්වාසයද නොබිදෙන ආකාරයට බව ඔවුන් පැහැදිලි කරයි. 
                                               Pubudu Siriwansa

මා හැම විටම තාක්ශනය පින්සල වන්නට මිස පින්සල් පහර වන්නට ඉඩ නොතැබු වේයැයි... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (30)

  එක් උදෑසනක් වෙනදාට වඩා අපූරු බවකින් උද්‍යානය හැඩවී තිබිනි. ‍රැඩිකල් ආකාරයේ නව චිත්‍ර ශෛලයකට නෑකම් කියන ශිල්පියෙකුගේ මනරම් සිතුවම් පෙලකින් එහි එක් පෙදෙසක එලිමහන ඔපවත්ව තිබිනි. පරිගණකය ආශ්‍රිත්වද නිමවන ඔහුගේ සිතුවම් දැක්ම නම්ව තිබුනේ "මම ඔබව නැවත ලියමි" ලෙසටය. සාමාන්‍යයෙන් අප දකින යාන්ත්‍රික බව ඉක්මවන ගැබුරු බවක් ඒවා වෙත ගෙනෙන්නට පරිගණක ඇසුර භාවිතාකර තිබීම  කාගේත් සිත් ගන්නක් විය. සමකාලීනව ලොව පුරා නැගෙන නෙක ආකාරයේ මතවාදී නැබුරූන් හදාරමින් එවා සමග තම තම පුද්ගල හැගීම් රටා මුහු කරන්නට ඔහු මනා නිපුනයෙකු බව ඒ හැම සිතුවකින්ම පිලිබිගු විය. එක් සිතුවමකට ඔහු අපූරු ආකාරයේ පූර්විකාවක්  පෙල ගස්වා තිබිනි. " -ස්තුතියි.  -ඇයි ඒ.  -මම ඔබෙන් ලද ආභාශයට. -මේ මම.  - ඔව් හැබැයි මම හොරකම් කලා නම් නෙවෙයි, ඒත් කියන්නට බැරිඋනා. 
                "සියලු මිනිස් සබදතා හුදු ආර්ථික අර්ථයෙන් පමනක් ගලපන්නට උත්සාහ කරන පරිසරයකදී නැවත ජීවිතයට එන්න කියන්න එයාට ඔනෑ වෙලා තියෙනවා වගේ." බොහෝ වෙලාවක්  නිහඬවම සිතුවම් අතර ඇවිද ගිය ඇය අවසානයේ තම නිශ්ශබ්ද බව අවසන් කලාය. "මටත් එහෙම හිතෙනවා නිමක් නැති ආකාරයට ජීවිතය භෞතිකයන් අතර වලලන්නට තැත්කරන ලෝකයට  ඔහු සමහර වෙලාවට කිසිම අනක් ගුනක් නැති මිනිහෙක් වගේ ‍රැඩිකල් විදිහට පහර දෙන අකාරය හරිම අපූරුයි. "හැබෑයි ඒ හැම දේකටම වඩා මගේ සිත් ගත්තේ අර ස්තුතියි.. කියලා පටන් අරන් තිබුනු පූර්විකාවට"  මම විවෘත වුනෙමි. "ඇයි ඒ." ඇය විමසුවාය. "මේ මට ඔබට කියන්න තියෙන්නෙත්  ඔය ටිකම තමයි". ඇය නැවතත් එම සටහන කියවන්නට විය. අවසානයේ  "මේ මම නිසා" විමතියට බර මුහුනුවරක දරමින් ඇය මගෙන් විචාලාය. සිතුවම් පෙල අවසානයේ සමුගැනීමේ සටහනක්ද විය. "මා හැම විටම තාක්ශනය පින්සල වන්නට මිස පින්සල් පහර වන්නට ඉඩ නොතැබු වේයැයි විස්වාස කරමි. පැමිනීයට ස්තුතියි"
                                                                                            Pubudu Siriwansa

ඇය ප්‍රාථමික වෛද්‍යවරියක් නොවිනි.... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (30)

   සීතල පිනි කැට විසිරුනු උදෑසන පැමිනෙමින් ඇති බවට පෙර දැනුම් දීමක් වැනි, ක්‍රමයෙන් අවදිවන සියත් රාවය ඇරබෙමින් ඇත. කායික වෙහෙස මෙන්ම ප්‍රබෝධමත් සිත ආශ්‍රම රටාවාවේ උදෑසන ඇරබුම මදක් මග හැරෙන  මද වැඩි නින්දකට මා කැදවා ගෙන ගොස් තිබුනා විය යුතුය.. සාමන්‍යයෙන් මෙහි නැගෙන හිර කඳු පෙල ඔබ්බෙන් යාන්තමින් අහස පැහැගැන්වෙන විට අවදිවීම සිරිතය. තම කුටියේ ඉදිරිපසදී තනිවම හෝ ශාලාවට පැමින සමූහ ලෙසට හෝ යෝගී අභ්‍යාස කිහිපයක යෙදීම ප්‍රබෝධමත් මෙන්ම පැහැදිලි දවස ඇරබුමට මහත් සහයකි. ආගන්තුක කුටියේ කවුලුවෙන් පෙනෙන සක්මන් මලුවට යාබදව ඇති තන බිස්ස මත වැතිරුනු  සිහින් දිය කැට මදක් හෝ තවමත් සිරුර මත ඇති අනවදිමත් මවක් ඇත්නම් එය බඳදමන්නට අපූරු ඔසුවකි.
                 එම නගරය මෑදට වන්නට තිබූ උද්‍යානයේ සමහර උදෑසනවලදී ඇවිදින්නට පැමිනීම ඇයගේ සිරිතක්ව පැවතිනි. උදෑසනම දේශන නියමිතව නැති සමහර දිනවලදී මම එහි යන්නට පුරුදුව සිටියාය. ඉමහත් ප්‍රබෝධයෙන් අවදිවන නගරය , එහි වැසියන් බොහෝ විට සිනා මුසු මුහුනෙන් එකි නෙකාට සුබ පතන්නට නොපැකිල වන්නේය. "හරිම ප්‍රබෝධමත් නගරයක්" පැමිනි මුල්ම කාලයේ නේවාසිකාගාරයට හා අධ්‍යන ආයතනයට සීමා වී තිබූ මගේ දින චර්යාව වෙනස් කරමින් ඇයව හමුවන්නට පටන් ගත් මුල්ම දිනයකදී මට නිතැතින් කියවිනි. " ජීවවිද්‍යාත්මක මිනිසා තරම්ම සමාජ විද්‍යාත්මක මිනිසාත් ජීවිතයෙන් පිටතට වන සාමජයට පමනක් නොවේ තමන් තුලටත් බලපානවා. සමහර සංස්කෘතීන් ඒ අතීන් හරිම නිරෝගී වෙනවා. ඒවගේ සංස්කෘතියකට අයිතිව ඉපදීම වාසනාවක් කියලා මම හිතනවා" ඇය පැහැදිලිකරමින් පව්සන්නට පටන් ගත්තාය. " මනසින් මෙන්ම සිරුරින් නිරෝගිමත් මිනිසුන් එක්වෙලා තැනෙන සමාජයක් ඇතුලේදී වෛද්‍යවරුන් හැටියට වැඩි හරියක් සිදුවෙන්නේ වඩාත් සුවපහසු සමබර ජීවිතයකට මගකියනැක පමනයි. ඒක හරිම වාසනාවන්ත තත්වයක්.  ඔයා දන්නවද? ඒ වගේ ස්වභාවයක් නිර්මානය වෙන්නේ ඒ සමාජයේ ධනවත් බව ප්‍රධාන සාධකයක් කරගෙන පමනක්ම නෙවේ". ඇය ප්‍රාථමික වෛද්‍යවරියක් නොවිනි. ඇයට අවශ්‍යවූවේ ඇය ඉදිරියට පැමිනෙන්නාට කෙසේ හෝ ප්‍රථිකාර ගොනුවක් පටවන්නට නොවේ. ස්වභාවයෙන් පැමිනෙන නිරෝගී බව මෙන්ම එය මදක් අඬපනවී ඇත්නම් නැවත එම සාමය කැදවාගන්නට ඇති ස්වභාවික හැකියාව අවදිකරවන්නට හැම විටම ඇයට අවශ්‍යව තිබිනි. 
                                                                                                                                Pubudu Siriwansa

Android වල මීලග මෙහෙයුම් පද්ධතිය Lollipop ලෙසට නම්වේ...

  Android වල මීලග මෙහෙයුම් පද්ධතිය මේ වන විට Lollipop ලෙසට නම්වන බවට නිල ලෙසට ප්‍රකාශයට පත්ව තිබෙනවා. "L" වන සංකේතාත්මක නමකින් පලමුව Google ආයතනය තම Android මෙහෙයුම්  පද්ධතිය හඳුන්වා දෙන්නට කටයුතු කල අතර එය සමන්විතව පැමිනෙන නව දෘශ්‍ය ස්වභාවය Material Design ලෙසට නම්කර සිටින්නට කටයුතු කරනු ලැබුවා. Lollipop ස්ථාපිතව පැමිනෙන පැමිනෙන පලමු උපාංග  වන Nexus 6, Nexus 9, Nexus Player(android TV set-top box) යනාදියද මේ වන විට නිවේදනය කර සිටින්නට කටයුතු කර තිබෙනවා. ලොව වැඩිම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන මෙම Android 5.0 සදහා වන නාමය කුමක් වේදැයි හදාරන්නන් අතර විවිද මතවාද පැවති අතර මෙම Lollipop ලෙසට වන නිවේදනයත් සමග එම ගැටලුව අවසන් වනු ඇත.

2014-10-15

You Tube ඔස්සේ ආසාධිත බවක් පැමිනෙමින් ඇත....

   නිකුත්වන නවතම පුවතක් හෙලි කර සිටින්නේ ගෙවී ගිය දින 30 තුලදී You Tube භාවිතාකරන්නන් අතර 100,000 ආසන්නව ආසාධිත වීමේ අනතුරක් පවතින බවයි. එම තොරතුරු පැහැදිලි කරන්නේ You Tube මතට පැමිනෙන වෙළඳ දැන්වීම් මත Click කිරිමේක දී එම සබඳතාවයන් ඔස්සේ අව්‍යාජ වෙබ් අඩවියන්ට භාවිතාකරන්නා ගෙන යනවා වෙනුවට  හානිකරන්නන් විසින් කිසියම් ක්‍රමයකට ඒවායේ  DNS වෙනස් කිරීමක් ඔස්සේ ආසාධනයන් පතුරවන වෙබ් අඩවි වෙතට කැදවා ගන්නා බවයි. ඒ ඔස්සේ ප්‍රකට ඉලක්ක වන Java, Internet Explorer හා Flash වෙතට හානිකරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ භාවිතාකරන්නන් තම මෘදුකාංග නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම මෙම අනතුර සදහා වන නිවැරදිම විසදුම වනු ඇති බවකි.

Windows 10 හි Technical preview මිලියනයකට අධික භාවිතාවක්....

   Microsoft සමාගම පසුගියදා පවසා සිටියේ තම windows 10 හි technical preview නිකුතුව මේ වන විට ලොවපුරා භාවිතාකරන්නන් මිලියනයකට වඩා භාවිතාවට පිවිස ඇති බවකි. ආයතනික මට්ටමේ භාවිතාව සදහා වඩාත් නම්‍ය නව මෙහෙයුම් පද්ධතියක ලෙසට එක් අතකින් මෙම නිකුතුව සංවර්ධනය කරන්නට වන අරමුනින් පැමින ඇති මෙම නිකුතුවට අමතරව එලබෙන වසරේ මුල් භාගයේ සාමන්‍ය භාවිතකරන්නන් සදහා වන පෙර නිකුතුවක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වී ඇත්තේ. 
             එසේම මේ වන විට හෙලි වෙමින් ඇති කරුනු පැහැදිලි කර සිටින්නේ Microsoft සමාගමට windows 10 මෙහෙයුම් පද්ධතිය එහි පෙර නිකුතුව වූ windows 8 හි දිගුවක් ලෙසට නොව වෙනම මෙහෙයුම් පද්ධතියක් ලෙසට එහි ක්‍රියාකාරීත්වයෙන් පමනක් නොව නම් කිරීමේදීද ලබා ගන්නට අවශ්‍ය වූ අනන්‍යතාවය windows 9 මග හරින්නට හේතුවක් වූ බවටයි. windows 8 සමග භාවිතාකරන app පැරනි traditional app සමග සිදුවූ විභේදනය මෙම නව සංස්කරනය සමග සමනය කර ඇති අතර අහිමිවූ start menuව යලි පැමිනීම Desktop භාවිතාකරන්නන් වෙතට වැඩි අවධානයක් නව සංස්කරනය සමග පැමිනෙන්නට හේතුවනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. 

2014-10-14

සරල පැන්සල් තුඩකින් කඩදාසියක් මත අමුත්තෙකු ගේ ස්වරූපයන් චිත්‍රනය කරන්නට.. (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (29)

   අප උද්‍යාන භූමියේ ප්‍රධාන පිවිසුමට පැමිනෙන විට දැඩි අදුරින් හාත් පසම වැසී තිබිනි. මද දුරකින් වන නගරයකින් පැමින තිබූ ඇය මෙන්ම එම නගරයට ආගන්තුක බව වටහා ගත් ආරක්ශක නිලධාරීන් එම පරිසරයේදී සිදුවන ක්ශනික කාලගුන වෙනස් කම් පිලිබදව අපව දැනුවත් කරන්නට කාරුනික විය. එම රටෙහි වන ප්‍රධාන අධ්‍යන ආයතනයක් මෙන්ම වියතුන් , ලේකඛයන් නිතර ගැවසෙන නගරයක් ලෙසට සැලකෙන එම නගරය වෙතට පැමිනෙන්නන් සදහා විවේකී මෙන්ම නිදහස් පරිසරයක් ලබා දීම තම යුතුකම ලෙසට සැලකන බැවින් නගර පාලකයින් මෙවන් උද්‍යාන පහසුකම් විදීමට පැමිනීමට ආරාධනාත්මකව හැසිරෙන්නේ ලාබයක් සදහා නොවිනි. බොහෝ  විටම පැමිනෙන්නන් එම නිදහස ඔස්සේ අයුතු කටයුතු වලට නොපිවසෙන්නේ අනෙකාට අපහසුතාවය ඇති නොකිරීම තම යුතු කමක් ලෙසට සැලකෙන බැවින් මෙන්ම සංස්කෘතිකවද අනවශ්‍ය ලෙසට කායික මෙන්ම මානසික අවශ්‍යතා පාලනයට නොපෙලබෙන සුලු රවාක් එහි පවතින නිසා විය යුතුය.
              ඇයගේ රථය ධාවනය කරවන්නට මද අපකසු බවක් පලකල ඇය ඒ සදහා මට අරාධනා කරන ලදී.  දැඩි සීතල මෙන්ම වෙහෙස නිසාම සුපුරුදු අවන්හල වෙතට ගොස් උනුසුම් ආහාර වේලක අවශ්‍යතාවය අප දෙදෙනාටම පැමින තිබිනි. එදින සැදෑවේ පැමිනෙන්නන් සදහා අපූරු අමුත්තෙකු පැමින තිබිනි. සරල පැන්සල් තුඩකින්  කඩදාසියක් මත අමුත්තෙකු ගේ ස්වරූපයන් චිත්‍රනය කරන්නට ඔහුට අවශ්‍ය වූවේ විනාඩි කිහිපයකි. මම ඇගේ මුහුනුවර සරල රේඛා වලින් මතක සටහනක් කර ගන්නට කැමති බව යෝජනා කලෙමි. මුහුනුවරක වන සියුන් හැගීම් පවා විස්මිත ආකාරයට සරල රේඛාවන් ඔස්සේ ඉස්මතුකරවන්නට ඔහුට ගත වූවේ විනාඩි කිහිපයකි. අවහන්හලේ එක් කෙරවලක් පසු බිම ලෙසට වන ලෙසට ඔහු එම සිතුවම නිම කර තිබිනි. 
                                                                                           Pubudu Siriwansa

2014-10-13

කඳුකරයට මම හරි කැමතියි. සමහර විටක..... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (28)

    කාලයටකට පසුව නිශ්චල රාත්‍රියකට පිවිසෙමින් සිටිමි. කුටියෙහි ඉහලින් වන කවුලුවක ඔස්සේ මද සඳ එලිය ගලන්නේ සක්මලුවට ඔබ්බෙන් වන විසල් රුක්ෂයෙහි සුපිපී ඇති මල් සුවද ‍රැගෙන එන මද සීත පවනකද දැවටී ගෙන මෙනි. ටික දිනකට වෙහෙස කර කාලසටහන් එකමදෑ නැවත නෑවත පවසන්නට වන දේශන වලින් නික්ම සිටින්නට හැකිවනු ඇත.  වඩාත්ම අපහසුව ගෙනෙන කාරනය වන්නේ නිෂ්පල තරගයය.  කිසිවෙකු ජය නොලබන හුදු තරගය නැතුවාම බැරි සේ සමහරුන්ගේ ජීවිත වලට කා වැදී ඇති ආකාරය විටක පුදුම හිතෙන සුලුය.
              අප එකි නෙකා වඩාත්ම සිත්ගත් කාරනය වූවේ විසල් කදු මුදුනතවල් ඔස්සේ දිවෙන මාවත් වල ඇවිද යන්නට ඇය තුලද වූ මහත් ආශාවය. පලමු වරට අප එහි ගිය මොහොතක එවන් ගමනක් පිලිබදව ඇගේ වන අදහස දැන ගනු අටියෙන් ඒ පිලිබදව දෙබසක් ඇරබුවෙමි. කොතරම් වෙහෙසකින් සමග උනත් කඳු මුදුනතකට ගොඩ උනාම දැනෙන්නේ මහත් සැහැල්ලුවක් මම දෙබස ඇරබුවෙමි. " ඇත්තටම වලාකුලුවලට වඩාත් ලංවෙන්න ලංවෙන්න වෙහෙස අවසන් වෙන හැටි හරිම පුදුමයි" ඇය පිලිතුරු දුන්නාය. එහි වූ විවිධ උද්භිත විශේෂයන්ගේ ලක්ෂන පැහැදිලි කරදෙමින් උවද වඩාත් ඇගේ අවධානය ලබන්නේ ඈතින් පෙනෙන කඳුයායවල් , නිම්නයන් වැනි අපූරු දේට බව මට හැගිනි. "කඳුකරයට මම හරි කැමතියි. සමහර විටක සංසාර පුරුද්දක් වෙන්න ඇති" සිනා සෙමින් ඇය පැවසුවාය. Zen බුදු දහම ගැන ඇය මහත් ප්‍රිය කරන බවක් පෙනිනි. එහි වන සියුම් "ඉලක්ක ගත" බවට ඇගේ සිත වඩාත් ඇදී ගිය බව විටක පැහැදිලි කර සිටියාය. "Zen වියුක්ත මනසකට අපූරු කැඳවීමක් කරනවා කියා මට සිතෙනවා" වරක් ඒගැන වන කැමැත්ත පැහැදිලි කරන්නටද යෙදිනි.
     එම කඳු වැඩියේ නගරය දෙසට වන බෑවුම නොව අනෙක් දෙසට වන සීමාව නෙත් මානයට වන විශාල රක්ශිතයකට වෙන්ව තිබිනි. තැනින් තැන පෙනෙන විශාල දිය ‍රැදුනු තැන් මෙන්ම තැනින් තැන හුදකලාව නැගී සිටින කුඩා කඳු ගැටිති වලින් එම දෙස මහත් අලංකාරවත්ව තිබුනාය. දිනක් අප එකි නෙකාට මද දුරකින් පිහිටවා ඇති දැව අසුන් වල දිගා වෙමින් එම දසුන රස විඳිමින් සිටියෙමු. රාත්‍රිය එලබෙමින් ඇති බව අමතකව ගොස් තිබුනා වැනිය. ආරක්ශක නිලධාරීන් පැමින අපව නිරුපද්දිතව නගරයට ඇරලවන්න කටයුතු කෙරිනි.
                                                                                              Pubudu Siriwansa

2014-10-12

"අපූරු හමුවීම් සමුගැනීමෙන් පසුව වඩාත් බලවත්ව ජීවිතය වෙතට පැමිනේ" .(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (27)

  "මම හිතන්නේ මම සමුගන්නට කාලය ඇවිත්" මිතුරා නැගී සිටියාය. ගබඩ භාරකාරතුමාගෙන් ලබා ගන්නා පන්දමක් අදුර මැදින් කදුමුදුනතට යන්නට ඔහුට පාර දක්වනු ඇත. අප ගබඩා කාර්යාලය වෙතට ගොස් අවශ්‍ය ආලෝකය ලබා ගන්නට කටයුතු කලෙමු. මෙහි පවතින පරිසර තත්වයන්ට වඩාත් ගැලපෙන ලෙසට එම ආලෝක පන්දම් නිර්මානය කරන්නට ගම් වැසියන් කටයුතු කරයි. විවිධ ශාක වලින් ලබා ගන්නා තෙල් වර්ග වලින් සැකසෙන එම ආලොකයන් ඔවුන් වෙනස් කරන්නේ ඒවායේ සංයුතිය වෙනස් කරමින්ය. එහිදී ආලොකයේ තත්වය , සුලඟ ප්‍රමානය, අවශ්‍ය දැල් විය යුතු කාලය වැනි විවිධක අවශ්‍යතාවයන්ට ගැල පෙන පරිදි ඒවා සකස් කරන්නට ඔවුන් හපනුන්ය.
                                    ගලා හැලෙන මඳ සඳ එලිය ආගන්තුක කුටියට යාමට පෙර තව වරක් එලි මහන් ආසනයේ තව වෙලාවක් ගත කරන්නට එන්නයි කියා ආරාධනා කරනවා වැනිය. අපහසුවෙන් උවද එම නගරයෙන් සමුගෙන ගියද කෙමෙන් කාලය විසින් ඇය අමතක කර දමන්නට සහය වනවා වෙනුවට වඩ වඩාත් අප ගතකල කාලයෙහි අපූරු නිමේශන් වෙතට සිත නැවත නැවතත් ‍රැගෙන යන්නට විය. වරක් නගරයේ පොත් හලක් වෙතට ගොඩ වූ අවස්ථාවක අප ආදරය කරන විෂයන් පිලිබදව ලියැවුනු පොත් කිහිපයක්ම අප එකිනෙකා අතර හුවමාරු කර ගතිමු. ඉන් එකක සටහනක් තබන්නැයි මම ඇයට ආරාධනා කලෙමි. "හමුවීමක් කොතරම් බරපතල දැයි නිවැරදිව හමුවන්නේ වෙන්වීමකින් පසුව ගලායන කාලය අනුවය. සමහර විටක එය දරාගත නොහැකි තරම් වීම එම හමිවීමේ සැබෑ වටිනාකම  කියා පානු ඇත." නව අධ්‍යාන ආයතනයේ සේවය ඇරබූමින් පසුව දිනෙන් දින ඇයගේ සටහන වඩාත් බලවත් වෙමින් ජීවිතය වෙතට දැනෙන්නට පටන් ගත්තේය. මුල් කාලයේදී එම නගරයේ වූ අවන්හල් වෙතට ගොඩ වැදීම මග හැර සිටින්නට පවා සිත්වන තරමට එම මතකයන් දැඩිව ජිවිතය වෙතට පැමිනෙන්නට පටන් ගත්තාය. "අපූරු හමුවීම් සමුගැනීමෙන් පසුව වඩාත් බලවත්ව ජීවිතය වෙතට පැමිනේ" වරක් දින සටහනක අකුරු කරවන්නට තරම් එම හුදකලාබව බලවත්වූවා මතකය.
                                                                                                                                 Pubudu Siriwansa
             ( www.ddwm.seethawakapura.com)

2014-10-11

මට කියන්න ඔබට ඇය කවුද? කියලා...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (26)

   "ගැටලුව පැහැදිලිව දකින්න. විසඳුම ඇරබෙන්නේ එතැනිනි" අප උසස් අධ්‍යාපන ආයතනයේ අශ ප්‍රධානීතුමා නිතරම භාවිතාකල වැකියකි. මෘදුකාංග පිලිබදව හසල දැනුමක් දැරූ එතුමා එම වදන් පෙල කොතරම් භාවිතාකරනවාද යත් එතුමා සදහා අන්වර්ථනාමයක් ලෙසට සමහර සිසුන් අතරට එය පැමින තිබිනි. ප්‍රායෝගීක ජීවිතයටද එය කොතරම් වැදගත්ද යන්න අප අදවන විට හොඳින් හදුනා ගෙන සිටින්නෙමු.  ටිබෙටියානු මිතුරාද දෑ දෙස වියුක්තව බලන්නට මහත් හපනෙකි. අප අතරවන බොහෝ කථා බහ තුල එය මා අත්දැක ඇත්තෙමි. "මට කියන්න ඔබට ඇය කවුද? කියලා...." මිතුරා මද නිහැඩියාවට විරාමයක් දෙමින් ප්‍රශ්න කොට සිටියාය.  
                       වරක් දැඩි මීදුම් වැනි ස්වභාවයකින් අප කදු වැටිය මතවූ සැන්දෑවකදී හාත් පසම වැසී ගියාය. මද නුදුරින් වූ ඇමරිකානු යුවලද අප අතරින් මුවා කරලන්නට තරමට එය දැඩිව වූවාය. "මම ඔබේ කවුද?" ඉදහිටක පැමිනෙන සුපුරුදු තත්වයක් නිසා වැඩි කලබලයන් නොපෙන්වූ ඇය සංසුන්ව විමසා සිටියාය. "මම හිතන්නේ මිතුරියක්. ම්.... හොඳම මිතුරිය කිව්වොත්? ප්‍රශ්නාර්ථ බරව ඇගෙන් විමසා සිටියේ සැහීමකට පත්වනවාද? යන නිහඩ ඇසුම පෙනුමෙන් දරා ගනිමිනි. "ආදරය ගැන මොනවද හිතන්නේ?" ඇයද ගැටලුව අත් නොහරින බවකි. "ඒක හරිම සංකීර්න තත්වයක් මට හිතෙන්නේ. විටක මවක්, විටක සොයුරියක්, විටක යෙහෙලියක්, සමහර විටක දුවක් පමනක් නොවේ සහකාරියක් විදිහටත් වෙන නෙක පැහැ වලින් පිරුනු සායම් බදුනක් වගේ කියලා මට හිතෙනවා. සමහර බඳුන්වල මේවායින් වර්න දෙකක් තුනක් පමනක් වන අතර මට නම් ඒක අපූරු සුන්දර සංකීර්නයක්" . මාගේ අවංක අදහස විවෘත කලෙමි. සමහර විටක ඇය බලා පොරොත්තුවූවාට වඩා බරපතල අවකාශයක් එම පිලිතුරෙහි ගැබීවීදෝ නිසා අපහසුතාවයකට පත් වූවා විය හැක. එම විමසුම එතැනින් අවසන් විය. 
                                                                                                                               Pubudu Siriwansa

2014-10-10

උපතින් පසුව ජීවිතේ සිදුවුනු තීරනාත්මක හැරවුමක........(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (25)

  එය සඳ මෙහෙවරට අයිති දවසක් වීම අප දෙබසට පහසුවකි. කෙමෙන් වලාකුලු අතරින් මෝදුවන අඩ සදු රුක්ෂ අතුපතරින් පෙරී පොලව මතට එන්නේ මහත් කම්මැලි ගමනින් ලෙසටය. ඈත ගම්මානයේ තැනින් තැන වන නිවේස් වලින් දැල්වෙන ගිනි මැලයන් පවසන්නේ පැහැදිලි අහස සමග අදත් තොරතුරු ගනු දෙනුවකට සූදානම් වෙමින් තිබෙන බවකි. මිනිසා යනු තවමත් හරි හැටි නොහැදෑරුනු විෂයකි. බෙදා වෙන් කරගත් විෂයන් කිහිපයක් ඔස්සේ ඔවුන් සෑහීමකට පත්ව සිටියද තවමත් ඔවුනට සංවෘතව පවතින කරුනු බොහෝම බව කලින් කලට හදාරන්නන් යෝජනා කර සිටිති. " කොටින්ම ඔබ "ඔබම" හරිහැටි නොදන්නා  කෙනෙකි". සමස්තයක් ලෙසට ඔවුන් යෝජනා කර සිටින්නේ මේ නිසා විය යුතුය. ආශ්‍රමය වැනි තැන් එක් අතකින් පර්යේක්ෂානාගාර බඳුය. ඔබට ඔබ වෙතට එබී බලන්නට අවශ්‍ය පරිසරය හා අවශ්‍ය විට සහය සූදානම්ව එහි ඇත. ඔබ ගොඩ නැගෙන අයුරු ඔබටම පහදා ගැනීමට එහිදී සහය වන්නේ වෙන නිසිම ආකාරයකට එම එබී බැලීම කල නොහැකි නිසා වෙනි.
                                              "දන්නවද , සමහර ජීවිතේ කාරනා තියෙනවා ගොඩක් විශ්ලේෂනයට සුදුසු නැති. සමහර අර්ධ අපැහැදිලි  දේ කවරදාකවත් උවමනවට වඩා පැහැදිලි කර ගන්නට උත්සාහ නොකල යුතුයි. ඒහෙම කලාම වෙන්නේ අර දේ සමග තිබුනු පූජනීය ගෞරවනීය බව අවසන් වනවා. මම හිතන්නේ ලොකු ස්වමීන්වහන්සේ සමග ඔනෑවට වඩා ඔබේ ඔය මානසිකත්වය විවෘත කරන්නට උත්සාහ නොකල යුතුයි. සමහර විටක කඳු මුදුනතේ විහිදේන අඩි පාරවල් දිගේ ඔහේ ඇවිදයන කොට ටික දිනකින් ඔවා සියල්ල අමතකව යාවි." ඔහු සමහර විට මම ඉතා අපහසුවට පත්වන තරමට එය ගැටලුවක් කොටගෙන සිටිනවා යැයි උපකල්පනයකට පිවිස සිටිනවා විය යුතුය. "මට මේ හැගීම් රටා බොහොම ප්‍රිය ජනක සිහින් වේදනාවල් වගේ. අත්පත් කර ගැනීමේ හැගීමකට වඩා බෙද හදා ගන්නට අපූරු ප්‍රිය තැනක් හමු උනා වගෙයි දැනෙන්නේ. හරියට ඔබ තුමා වගේ" මම පැවසුවෙමි. කිසිදිනක එම හමුව අමතක කල නොහැකි වනු ඇත. "උපතින් පසුව ජීවිතේ සිදුවුනු තීරනාත්මක හැරවුමක පසුබිම එම සිදුවීමයි, මතකද මම ඔබට කීවා නිම කර ගත නොහැකිවූ පොත් කිහිපයක්ම තිබෙන බව. අපගේ හමුවට පසු වසර ඇතුලත ඒ සියල්ලම සාර්ථකව අවසන් කරන්නට මට හැකි වුනා. අලුතුන් නිබන්ද කිහිපයක්ම අවසන් කරන්නට අවශ්‍ය මානසික සාමය ගෙනෙන්නට ඇය හේතුවක් උනා" මිතුරා හට බොහෝ දේ පැහැදිලි කරන්නට අවශ්‍යව ඇත .(www.siriwansa.blogspot.com)
                                                                                                                                Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...