"ගෙවී ගිය මතකයක් එක්ක කාලය ගතකරන්නට ඔනෑවට වඩා පෙලබීම සංකීර්න මානසික බවක් නිර්මානය කරන්නක් බව මම අමුතුවෙන් මතක කරන්නට වුවමනා නැහැ මහිතෙ" ඒ ටිබෙටියානු මිතුරාහේ හඬ ඇය සමග ගෙවී ගිය අපූර්ව කාලය පිලිබදව වන මතක සැමරුම් සමග කල සක්මනින් පාපසු පියවි ලොවට කැදවීමක් විය. නිම්නයේ වන ගම්මානයේ සීමාවේ වැනි ගල් වැටියේ අප බොහෝ කාලයක් ගතකර ඇතුවා විය යුතුය. ඉර මඬල හිස් මුදුනත පසුකරමින් බටහිර දෙසට යන්නට ද පටන් ගෙන ඇත. "මම හිතන්නේ අපි ආපසු යන්නට පටන් ගත්තොත් හොඳයි වගේ. දැන්මම ගමන ඇරබුවොත් සැහැල්ලුවෙන් හැන්දෑව එන කොට අපසු ආශ්‍රමයට යන්නට පුලුවන් වෙයි" ඔහු නැගිට ගමන් ඇරබුවේ වඩාත් හොඳම එම තීර්නයට මම් එකඟ බව වචනකරන්නට අවශ්‍ය නැතුවා වන බැවිනි.
"මම ඔබෙන්ම වටහා ගත් දැනුම් තේරුම් වලින් අර ගැමියා මට විස්තර කල දේ මෙහෙම පැහැදිලි කරන්නම්. බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් ගේ සිතුවිලි කැමැත්තෙන්ම විශ්වය කියන නෙට්වර්ක් එකෙන් සිඳ ගෙන ඇති බවයි අදහස උනේ. ඇක ඔහු පැහැදිලි කලා අනෙක් අවසානාවන්තම කාරනය තමයිලු වඩාත් දියුනු එම හැකියාවන් දැනට අත්පත් කර ගෙන තිබෙන දැනුම් ආකෘතිවලින් මනින්නට ගොස් කර ගෙන තිබෙන විපත. ඔහු අපහැදිලිව මුත් කරපු යෝජනවක් උනේ අපේ තාර්කික දැනුම් පද්ධතියට හමු නොවනු විස්මිත හැකියාවන් රාශියක් අප සතුබව. මම දන්නවා දැන් ඔබ යෝජනා කරාවි සමහර විට ඔවුන් ගෙන් කෙනෙක් දෙන්නෙක් දියුනු අධ්‍යාපන ආයතනයක ගෙනෙහින් අපි විධිමත් යැයි විස්වාස කරන දැනුම ලබා දීලා ඒ ඔස්සේ ඔවුනගේ සැගවුනු දැනුම දැනට අපතුල පවතින තාක්ශනික දෙනුම ඔස්සේ පැහැදිලි කර ගන්නට පුලුවන් වෙයි කියලා. නෑ මම කිව්වේ විහිලුවට වගේ ඔබ එහෙම හිතයි කියලා..... . එහෙම කලොත් මට තේරෙන විදිහට ඔහු අවාසනාවන්ත විදිහට අතරමං වනවා මිසක කිසිදු ප්‍රථිපලයක් නොලැබේවි මගෙ හිතේ.....
Pubudu Siriwansa
www.ddwm.seethawakapura.com