Showing posts with label web browser. Show all posts
Showing posts with label web browser. Show all posts

2014-03-03

බ්‍රවුසර යුද්දේ අලුත්ම තත්වේ!!!!

  පලවන නවතම වාර්ථා පවසන්නේ internet explora 11 යනු  දෙවන ස්ථානයේ ලොව වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරය බවට ගනනය වෙමින් ඇති බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබරයේ එය මුලින්ම හදුනවාදුන්නේ Windows 8.1 සමග වන අතර පසුව නොවැම්බරය වන විට Windows 7 සදහාද හදුන්වාදෙන්නට කටයුතු කරනු ලැබුවා. හදුන්වාදීමෙන් පස් මසක් ගත වෙද්දී ලොව දෙවන වඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය බවට මෙම සංස්කරනය ගනනය වී ඇත්තේ  Net Applications විසින් වෙබ් අඩවි 40000ක් මතට සිදුවූ unique visitors මිලියන 160ක් ඇසුරෙන් බවටයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් තවමත් වැඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය ලෙසට ගනනය වන්නේ XP, Vista, 7 and 8/8.1 පද්ධති සදහා සහය දක්වන IE8 බවටයි ගනය වන්නේ. ෆෙබරවාරි මාසය ඇසුඑර්න් මෙම ගනය සිදුවී ඇති අතර එහිදී IE8 සදහා 21.78%ක් ලෙසට වාර්ථා වනවා.IE11 සදහා 12.80% එම ගනනය වීම් වාර්ථා වනවා.
          Google's Chrome 32  බ්‍රවුසරය 9.86% ක්  වාර්ථා කරමින් තෙවන තැනටද මෑතකදී නිකුත්වූ Chrome 33 3.70% ක් වාර්ථා කරගන්නට කරගන්නට සමත්වූ බවටයි සටහන් වන්නේ. IE9 හා IE10 තෙවන හා හතරවන මට්ටමට සටහන් වන්නේ පිලිවලින් 8.80% හා 8.04% ක භාවිතාවක් අත්කරගනිමින් වන අතර Firefox වල 27 හා 26 සංස්කරන පිලිවලින් 7.90% හා 5.78%ක් ලබා ඇති බවටයි වාර්ථාවන්නේ. සමස්තයක් ලෙසට සැලකීමේදී IE 59.19 ක් ද , Firefox  17.68ක්ද , Crome 16.84ක්ද , Safari 5.67 ක් ද , Opera 1.23 ලෙසට ප්‍රතිශතයක් ලෙසට ලොව බ්‍රවුසර භාවිතාව ලබමින් ඇති බවටයි මේ වන විට වාර්ථාවන්නේ.

2014-02-07

Touch Friendly "Firefox" සංස්කරනයක් වින්8 සදහා නිකුත්වේ!!!!

  Mozilla තම Firefox බ්‍රවුසරය සදහා ස්පර්ශක මිත්‍ර සංස්කරනයක් ඉදිරිපත් කිරීම පිලිබදව කථා බහට දෑවසරකට ආසන්න කාලයක් ගෙවී  යමින් ඇති අතරතුරු පලවන නිවේදනයක් පවසන්නේ Windows 8 සදහා වන touch friendly ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේ බීටාවක් මේ වන විට නිකුත්කරන්නට කටයුතු කර ඇති බවකි. 'Firefox Metro' නව නාමයක් යටතේ නිකුත්කරන්නට කටයුතු කෙරුනු මෙම බ්‍රවුසර සංස්කරනය වින්ඩෝස් 8 Modern UI සදහාම වැඩි දියුනු කල එකක් හැටියටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම app මෘදුකාංගය සමග පැමින ඇති නවාංග අතර එය ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම හමුවන  'Firefox start screen' එක දැක්වෙනවා. එම තිරය තුලදී Top sites , bookmarks , browsing history ආදී තොරතුරු භාවිතාකරන්නා වෙතට ගෙනෙන බවටයි දැක්වෙන්නේ. මෙම නව සංස්කරනය සමග පැමින ඇති ස්පර්ශක තිර මිත්‍ර බව පැහැදිලි කෙරෙන touch gestures අතරට pinch-to-zoom හා  one-touch swipe transitions මෙන්ම Snap feature ආදිය දැක්වෙනවා. එසේම වින්ඩෝස් 8 සමග විත් ඇති 'Share' Charm වලට දක්වන සහය ඔස්සේ පහසුවෙන් වෙබ් පි‍ටුවක් තම හිත මිතුරන් සමග බෙදා හදා ගැනීමේ හැකියාවත් දැක්වෙනවා. මෙම සංස්කරනය බීටාවක් වන අතර අවසන් සංස්කරනය මාර්තු මස 18 දාට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.
http://www.mozilla.org/en-US/firefox/beta/

2014-02-04

Firefox මුහුනත "Australis" අප්‍රේල් අවසානයේ.....

  Mozilla පසුගිය සතියේ පවසා සිටියේ තම නව UI නැතිනම් Firefox මුහුනත "Australis"  අප්‍රේල් අවසානයේ නිකුත්කරන්නට සූදානම් වන බවකි. ආයතනය පෙරදී සදහන් කර සිටියාට  සති 6 කට ප්‍රථම සිදුවන මෙම නිකුතුව පිලිබදව පලමු සදහන කරනු ලැබුවේ 2011 මාර්තු මාසයේදීය. ඔවුන්සගේ සංවර්ධන ක්‍රමවේදය අනූව මෙම සතියේ එම නිමැවුමේ "Aurora" මට්ටමට නැංවීම  මෙම සතියේ සිදුවූ බවටයි නිවේදනය වන්නේ. ආයතනය තම නිකුතූන් Aurora, Beta හා Release versions ලෙසට පියවර කිහිපයකින් තම නිකුතුව සිදුවන අතර  Aurora හා  Beta අතර සති හයක කාලයක් හා Beta හා Release අතර සති හයක කාලයක් ගැනීම සිදුවෙයි. එම ගනනයන් අනූව අප්‍රේල් 28 බොහෝ භාවිතාකරන්නන් භාවිතාකරන Release channel නිකුතුව සිදු වනු ඇති බවටයි වාර්ථා වන්නේ. එසේම open-source developer  වරුන් ඔස්සේ එම නිකුතුව තව දුරටත් සංවර්ධනය වීමේ අවස්ථාවද තිබෙනු ඇති බවටයි සදහන් වන්නේ. "Australis" යනු Mozilla වල වින්ඩෝස් 8 සමග වැඩි අවධානයක් ගත් all platforms සහය බව ‍රැගෙන එන සංස්කරනය වන අතර ඩෙස්ටොප් මෙන්ම මොබයිල් ප්‍රධාන මට්ටමේ සියලු සංස්කරන සදහා නිකුත් වන බවටයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...