2020-08-31

Digitalization

ඩිජිටල්කරනය උඩු සුලගක් මෙන් සමස්ථ මිනිස් කථාන්දරය ඉහලින් හමායමින් සියල්ලටම නව නිර්වචනයක්, භාවිතාවක් ගෙනෙමින් සිටී.
Pubudu Siriwansa
#siriwansa
#Digitalization

Digital Banking

අපගේ මොබයිල් උපාංගයට සංයුත්තවන මොබයිල් ඇප් එක අපගේ ප්‍රධාන බැංකු භාවිතාව වීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති ප්‍රමුකතාවයකි.  අදාල බැංකුවෙන් ලබා ගන්නා අවසරයකට යටත්ව සංක්‍රියකරගත හැකි වන මෙම ඇප් භාවිතාව ඔස්සේ අදාල බැංකුව සමග ඇති ගිණුම් වල ශේෂයන් වල සිට නව බැංකු ගිනුමක් ඇරබීම දක්වා නෙක සේවාවන් මෙන්ම බොහෝ විට එම ඇප් භාවිතාවටම සංයුක්තව එන ඩිගිටල් වොලට්‍ටුවක් ඔස්සේ පුද්ගල මට්ටමේ සිට ව්‍යාපාරික මට්ටම දක්වා ගනුදෙනු කිරීමේ අවස්ථාව පැමිනීම අද වන විට සරල භාවිතාවක් වෙමින් ඇත.
Digital Banking
- Pubudu Siriwansa
#siriwansa
#digitalbanking

Digital Banking

ක්‍රමයෙන් ඩිජිටල් කරනයට යොමු වෙමින් ඇති බැංකු භාවිතාව පැහැදිලි කරගැනීමේදී හමුවන සරලතම පලමු භාවිතාව වන්නේ SMS Banking පහසුවයි. මෙම පහසුව ඔබගේ බැංකුව ඔස්සේ සක්‍රියකරගත් විට ගිනුමෙහි වන සියළු මුදල් චලනයන් ක්ෂනයකින් දැන ගැනීමේ හැකියාව ලැබේ. මීට අමතරව එක් එක් බැංකු විසින් සමපයන පහසුකම් රාශියකි. ගිනුමේ ක්ශේශය SMS එකක් හරහා ලබා ගැනීමේ සිට ගිනුමකින් ගිනුමකට මුදල් හුවමාරු කර ගැනීම, බිල්පත් ගෙවීම වැනි ආකාරවල සිට ඉහලට විය හැක. කෙසේ වෙතත් අද වන විට ඔබගේ බැංකු ගිනුමට ඔබගේ ප්‍රධාන ජංගම දුරකථන අංකය සම්බඳ කොට තැබීම පහසු මෙන්ම ඉහල ආරක්ෂිත පියවරක් වනු ඇත.
Digital Banking
- Pubudu Siriwansa
#siriwansa

2020-08-30

දියුනු තරු අළු ගොනු..

ඔහු තත්වය පැහැදිලි කරන්නේ වඩාත් අපූරු ආකාරයටය. විශ්වයේ තවත් සිටිය නොහැකිද අපි වගේම ඉහලට එසැවුනු තරු අළු ගොනු. ස්වයංව චලන නිදහස දිනාගත් තරු අළු ගොනු, මතක තබා ගැනීමේ හැකියාවක් දිනාගත් තරු අළු ගොනු, එම මතකයන් නැවත සකසමින් වඩාත් දියුනු තීර්න ගතහැකි තරු අළු ගොනු. අවසානයේ තම සාර්ථක අත්පත් කරගැනීම් යාන්ත්‍රික කර දමන්නට සමත්වුනු දියුනු තරු අළු ගොනු.
- Pubudu Siriwansa
#pubudusiriwansa
#siriwansa

2020-08-29

පරිගණකය

තවමත් අප භාවිතාකරමින් සිටින පරිගණකය නම් උපකරනයේ නැතිනම් පරිගණක බව නම් භාවිතාවේ ආකෘතිය වන්නේ ඉලෙක්ට්‍රොනික මූලිකව ක්‍රියාත්මකවන ද්වීතීක බවකට ඌනනය කරගන්නා දත්ත හා ඒවා මතට යොදාගන්නා තාර්කික හා ගනිතමය ක්‍රියාකාරකම් ගබඩා කරන, සක්‍රීයකරවන, හා තම පරිසරයන් තුල ඔබ නොබ සංනිවේදනය කරගන්නා උපකරනයකටය.
- Pubudu Siriwansa
#pubudusiriwansa
#siriwansa

ටීටාවේ එක් නිර්වචනයක්..

දෘශ්‍ය ඔබ සියවසක් තරම් පැරණි බවක් විදහාලන මුත් ඒ තුල දරන ආත්මය අති නවීනයි. පරිනත බවක් නැති වෙළඳ පොල විසින් සියලු සමාජ වටිනාකම් සුනු විසුනු කොට ඇති සමාජයකදී ඔබ විකෘතියක් වීම සාමාන්‍ය දෙයක්. නොහික්මුනු වෙළඳපොල තම යාන්ත්‍රනයේ ඉක්මන් රවුමක් වෙනුවෙන් ගැබුරු වටිනාකම් විනාශකර දමා තිබීම බහුල අත්දැකීමක්. ඒ ටීටාවේ එක් නිර්වචනයක් විය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-28

ඉලෙක්ට්‍රොනිකව..

අප දිනෙන් දින වඩාත් ඉලෙක්ට්‍රොනිකව ඉදිවන තාර්කික හා ගණිතමය ගලායාම්වල සිරකරුවන් වන්නට නියමිත වෙමින් සිටින්නෙමු. ඔබ ඔබගේ සයිබර් පුරවැසීත්වය ගැන හොඳින් දැනුවත් විය යුත්තේ එබැවිනි.
- Pubudu Siriwansa
#siriwansa

ඩිජිටල්කරනයේ..

ඩිජිටල්කරනයේ සැබෑ අනන්‍යතාවය හුදු සාම්ප්‍රධායික තොරතුරු ඉලෙක්ට්‍රොනික ස්වභාවයකට ගෙන දැමීමම නොවෙයි. එය ඉන් ඔබ්බට වන තීරනාත්මක සංස්කෘතික වෙනසක් බවට දැන් දැන් හැගෙන්නට පෙනෙන්නය පෙනෙන්නට පටන්ගෙන ඇත.
" Tharu Minisa "
- Pubudu Siriwansa
#siriwansa

2020-08-27

Pariganakaya.Com

පරිගණකයක නිමැවුම (Hardware)
- පරිගණකයක සැකසුම පැහැදිලි කර ගැනීම -
පරිගණකයක ක්‍රියාකාරීත්වය ( Sofrware)
- පරිගණකයක ක්‍රියාකාරීත්වය පැහැදිලි කර ගැනීම -
පරිගණකක් ජාලගතවීම (Netwarking)
- අන්තර්ජාලයේ ස්වභාවය තේරුම් ගැනීම -
අන්තර්ජාලය මත ඔබේ අනන්‍යතාවය (Online profile)
- අන්තර්ජාලය මත ඔබගේ අනන්‍යතාවය සටහන් කිරීම -
ඔබගේ තොරතුරු දිවියේ තීරනාත්මක සාධක සියල්ලම පාහේ ආවරනය වන වසර 10 ක් ඉක්මවන අත්දැකීම් සමගින් සකසන ලද අධ්‍යාපනික වැඩ සටහනකි.
පරිගණකය.කොම්
- Pubudu Siriwansa
#siriwansa
0773491916
0362233741

සීතල උදෑසන..

ටිබෙටියානු මිතුරා දෑ අර්ථ නංවන්නට මහත් රුසියෙකි. ඔහුට උදෑසන ගැනද ඇත්තේ අපූරු නිර්වචනයකි. සෑම උදෑසනක්ම නව උපතක් වැනිය ඔහු පවසයි. සීතල හොඳින් ගැවසුනු තනතීරුව මත නිරුවත් දෙපා සක්මන ඒ අළුත් දිනයට වන මනා පිවිසුමයි. ඔහු නිවැරදි යැයි මටද හැගෙයි. නිරුවත් දෙපා පතුල් ගැටෙන සීතල ගැවසගත් තනතීරුව අප පූර්න මනස් අවදියකට කැදවයි. 
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-26

"කියවන ලියන" අයගේ රාත්‍රිය ..

බොහෝ නගරවල සෑම රාත්‍රියක්ම එක වාගේය. නගර උද්‍යානයේදී නම් මේවා අතර වෙනස් කම් ඇත්තේය. ඒවා සාම්ප්‍රධායික ඒවාය. ඔවුන් සතියේ දින හත නෙක ආකාරයට බෙදා ජීවිතය සමබර කරගන්නට සහය වෙයි. "කියවන ලියන" අයගේ රාත්‍රිය වඩාත් නිශ්චලය. නගරයේ වන පොත පත කියවන්නට ලැදි වුන් ගෙන් උද්‍යානය පිරී යයි. එදිනට උද්‍යාන්යේ කෙරවල් වල විවිධ සාහිත්‍යධරයන් ප්‍රිය කරන්නන් කන්ඩායම් ගතවී තම ප්‍රිය සටහන් කරුවන් ගැන රුචි අරුචිකම් බෙදා හදා ගනී. මේ අපූරු සිකුරාදාවන් කිහිපයකට පසු මා තැබූ දින සටහනක් මතකයට නැගේ. එනම් " දැන් මා ජීවත් විය යුත්තේ ඇයිදැයි පැහැදිලිය. ඒ එලබෙන සිකුරාදාත් උද්‍යානයේ සහිත්‍ය සක්මන සදහායි"
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-25

මිහිමත ආධිපත්‍ය

වඩාත් රෞද්‍රම හෝ වේගවත්ම සත්වයා නොවුනු ඔවුන් මිහිමත ආධිපත්‍ය අරගලය ජය ගත්තේ තම මනසේ දියුනු වූ හැකියාවන් ගෙනි. අප පසුකරමින් සිටින යුගය වන්නේ මෙම හැකියාවද යන්ත්‍රික කරදමන යුගයයි. එබැව්න්ම එලබෙන යුගය කවර අයුරු ගනීද යන්න තවමත් විවෘත පැනයක්ව තිබේ.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-22

සිතුවම් පෙල අවසානයේ..

සිතුවම් පෙල අවසානයේ සමුගැනීමේ සටහනක්ද විය. “මා හැම විටම තාක්ෂණය පින්සල වන්නට මිස පින්සල් පහර වන්නට ඉඩ නොතැබු වේයැයි විස්වාස කරමි. පැමිනීයට ස්තුතියි”(31)
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-21

සාර්ථක දේශනයක්..

සාර්ථක දේශනයක් යනු ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි.
"Tharu Minisa"
– Pubudu Siriwansa
#siriwansa

2020-08-20

බැංකු ඩිජිටල්කරනය..

එක් දෙසකින් අපමන මිනිස් අවශ්‍යතාවයන්ය. තවත් දෙසකින් සමාජය මත මෙවා ඔබ මොබ චලනය සුමට කරගැනීම සදහා භාවිතාවන මුදල් නම් සම්මත වටිනාකම් ඒකකයන්ය. බැංකුවක් යනු මේ අතර සිටගන්නා අපූරු ආයතනික ගොඩනැගීමකි. ඔවුන් මේ මුදල් නම් සුමටකාරකය කලමනාකරනට නෙක ආකාරයෙන් මැදිහත් වෙයි. ඩිජිටල් නම්‍යතා මේ සදහා මැදිහත්වීම අපූරු හැදෑරීමකට අවස්ථාවකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-19

සාම්ප්‍රධායිකව කවුළුවක්

සාම්ප්‍රධායිකව කවුළුවක් ඔස්සේ ඉටුකරගත් බැංකු අවශ්‍යතාවයන් බොහොමයක් ATM / CDM යන්ත්‍රයකට ඌනනය වෙමින් එම ගොඩනැගිල්ලේ ආලින්දයටත් ඉන් නොනැවතී ස්මාට් දුරකථනයක ස්ථාපිත ඇප් එකක් ඔස්සේ අත්ල මතට පැමිනීමත් ඩිජිටල්කරනගේ විසිතුරු අත්දැකීමක් වෙමින් ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-18

දෑ ඩිජිටල්කරනය..

දෑ ඩිජිටල්කරනය නම් සාධකය මිනිස් කථාන්දරය තම තාක්ෂණික සංස්කෘතිය කරා රැගෙනයාම තීවර කර ඇත. එලබෙන දශකයේ සංස්කෘතික හැඩය දෙස තවමත් හදාරන්නන් දක්වන විවෘත බව මීට හොඳම උදාහරණයකි. අපූරුතම කාරනය නම් මෙතෙක් මිහිමත මිනිස් කථාන්දරයේ තීරනාත්මකම හැරවුම එය වන්නට ඉඩ ඇති බවයි. සමහර විටක ඔවුන්ගේ ජීවවිද්‍යාත්මක සාධකයේ මූලික බව කියවෙන අවසන් පරිච්ඡේදය ඉන් ඔබ්බට ඇරබෙනු ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

ස්මාර්ට් ලෙයරය

එලබෙන්නේ ජීවිතය අවටින් තොරතුරු උපාංග සැඟව යන යුගයයි. නැතිනම් ජීවිතය අවට වන බොහෝ උපාංග මතට එන ස්මාර්ට් ලෙයරය ඔස්සේ ඒවාට බුද්ධිමත් බව මුසුවන යුගයයි.එලබෙන දිනයකදී ඔබටත් වඩා ඔබව දන්නා, සේවකයා, සහයකයා ලෙසට දියුනුව අවසානයේ ස්වාමියා දක්වා වන දිගුවක ශක්‍යතාවය රැගෙන එන්නා කඩිනමින් සූදානම් වෙමින් සිටී.
Pubudu Siriwansa
siriwansa

2020-08-17

ප්‍රතිභාවාත්මක පොලාපැනීමක්

යම් සමාජ ස්තරයක් මතට ප්‍රතිභාවාත්මක පොලාපැනීමක් පැමිනීම දුර්ලභ අවස්ථාවකි. තව අතකින් සාපේක්ෂ කාරනාවකි. සමහර සමාජ ස්වභාවයන් වලදී හා කාල වකවානු වලදී එහි ප්‍රමිතිය ඉහල අගයක් ගනී. සමහර අවස්ථාවලදී එගි ගාමකය මහත් ඛේදවාචනීයය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-16

තරු අළු ගොනු

ඔහු තත්වය පැහැදිලි කරන්නේ වඩාත් අපූරු ආකාරයටය. විශ්වයේ තවත් සිටිය නොහැකිද අපි වගේම ඉහලට එසැවුනු තරු අළු ගොනු. ස්වයංව චලන නිදහස දිනාගත් තරු අළු ගොනු, මතක තබා ගැනීමේ හැකියාවක් දිනාගත් තරු අළු ගොනු, එම මතකයන් නැවත සකසමින් වඩාත් දියුනු තීර්න ගතහැකි තරු අළු ගොනු. අවසානයේ තම සාර්ථක අත්පත් කරගැනීම් යාන්ත්‍රික කර දමන්නට සමත්වුනු දියුනු තරු අළු ගොනු.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-15

ජීවිතය උත්කර්ෂවත්..

සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහිවන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට  මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි. හෙටට බිහිවන පුරවැසියට මේ අපූරු උපකරනයේ ව්‍යාකරනයන් වඩාත් පැහැදිලි විය යුත්තේ මේ තීරනාත්මක බව නිසාය.
- Pubudu Siriwansa 
#siriwansa

2020-08-14

පැමිනෙන අඩ අඳුර ..

පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන ගම්මාන කඳුවැටිය මේ විසිතුරු බව වඩාත් ඔපවත් කරන්නාක් බදුය. තැනින් තැන් වන නිවෙස් වල දැල්වෙන පහන් සිලු මේ අපූරත්වය වඩාත් වර්නවත් කරන්නේය. පමාවී කැදලිකරා පියා සලන පක්ෂීන් ‍රැන් මේ සිත්තමට අවසන් පින්සල් සටහන් තබනවා වැනිය
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-13

මිහිමත මිනිස් සටහනෙහි

මිහිමත මිනිස් සටහනෙහි තොරතුරු තාක්ෂණයට හිමිවන්නේ අසමානතම තැතකි. එය ඔවුන්ගේ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සැම ආර්ථයකින්ම වන අවකාශ වෙත ගෙනැවිත් ඇති වෙනස් කම් අපමනය. මිනිසා තමා අවට අවකාශයෙන් නිර්මානය කරගෙන ඇති අපමනක් යාන්ත්‍රික කරනයන්ට තම මනස යාකිරීමෙන් තම ජීවවිද්‍යාත්මක ආධිපත්‍යයේ යුගය අවසන් කරනු ඇත.
“Tharu Minisa”
– Pubudu Siriwansa
#siriwansa

2020-08-12

තරු අළු සෙලවුමක්

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. 
- Pubudu Siriwansa
#siriwansa

2020-08-11

සංස්කෘතික දූපත් පිපිරවීමයි.

තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා අනන්‍යතා එකි නෙකින් විමසන්නටත්, අක්‍රමනය වන්නටත් අවස්ථාව පැමිනීම බෝහෝ විට වේදනාකාරී අත්දැකීමක් ලෙසට දැනුනා විය යුතුය.
'Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-10

බුද්ධි පුලිගුවක්

විශ්වයේ ඔනෑම පෙදෙසක බිහිවන බුද්ධි පුලිගුවක් වැඩී ප්‍රස්ථ බවකට පැමිනෙන්නට මෙන්ම තම ජීවීතය නම් උභතෝටිකයේ සිට විශ්වය නම් අපමන ගැටළුව දෙසට විහිදෙන්නට සිදුවීම සාමාන්‍ය මාවත වෙනවා විය යුතුය. ඇත්තෙන්ම ඔවුන් වෙන මොනවා නම් කරන්නද?
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-08

"අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට"

ආගන්තුක නගරයට පැමිනි මුල් කාලය ගෙවා දැමුවේ මහත් ආයාසයෙනි. එහි වූ පෙර කවරදාක වත් නාගරයකදී නොවිඳි සාමකාමී බව විඳ දරා ගන්නට මහත් වැයමක් අවශ්‍යවිය. "අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට" සටහන් පෙල ආරම්භ වූවේ නගරයේ කෙරවලක වූ ඒ අපූරු අවන්හලේ හුදකලා මේසයන් මත දීය. සමහර විටක කවරදාක වත් අවසන් කරන්නට නොහැකි වන්නට ඉඩ ඇති සටහන් පෙල ඇය අත සුරක්ශිතව ඇති බවට නම් මට ඇත්තේ මහත් විස්වාසයකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

සිතුවම් අතර ඇවිද ගිය..

“සියලු මිනිස් සබදතා හුදු ආර්ථික අර්ථයෙන් පමනක් ගලපන්නට උත්සාහ කරන පරිසරයකදී නැවත ජීවිතයට එන්න කියන්න එයාට ඔනෑ වෙලා තියෙනවා වගේ.” බොහෝ වෙලාවක් නිහඬවම සිතුවම් අතර ඇවිද ගිය ඇය අවසානයේ තම නිශ්ශබ්ද බව අවසන් කලාය. 
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-07

නගරය කෙරවල කදුමුදුනත..

නගරය කෙරවල කදුමුදුනත සුරවිමනක දොරටුව ස්වරූපය ගන්නා සැදෑවන් බොහෝය. පහතින් වන ගන මීදුම් පටලයට උඩින් දවස අවසන් කරන හිරු කිරන කදු මුදුනතට ගලා එන්නේ මහත් වර්ණවත් අසිරියක් රැගෙනය. මේ දසුන දුටු පලමු දිනයේ මෙන්ම දෑවසරකට පසු මා නගරයෙන් සමුගන්නා සැදෑවේද අප දෙදෙන වදනකුදු නොදොඩා අඩ හෝරාවක් තරම් කාලයක් ඒ දෙස බලා සිටියේ දැහැනකට සමවැදුනා සේය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-06

“කෘතීම බුද්ධි” අවකාශය

එලබෙන දිනයකදී ඔබගේ හොඳම මිතුරා ඔබගේ භාවමය තේරීමක් නොවන්නට කටයුතු සිදුවෙන් ඇත. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ වටා ඉදිවෙමින් ඇති “කෘතීම බුද්ධි” අවකාශය එය ඉටුකරනු ඇත.
මේ ගැන ඔබට විස්සෝප වන්නට ඔබට අවස්ථාවක් නොලැබෙන්නේ එම තේරීම වඩාත් සාර්ථක එකක් වීමට වඩාත් ඉඩ අති නිසාය.
-Pubudu Siriwansa
#siriwansa

2020-08-05

ආශ්‍රමයේ උදෑසන ..

ආශ්‍රමයේ උදෑසන මහත් ජීවයෙන් පිරී යන්නකි. ඈත නැගෙනහිර කඳු පෙල පරදවන උදෑසන පලමු හිරු කිරන පොදිය මෙහිවන අපමන ජීව අනන්‍යතා අවදිකරවන්නේ මහා ප්‍රබෝධයකිනි. ජිවය පිලිබඳ සියලු කථාන්දර එකට ගොනු කරවා ඇති සේය. අවදිවන්නන්ගේ මෙන්ම අවදිකරවන්නන්ගේ නාදය, චලන රටා අපමනකින් හාත්පස පිරී ඉතිරී යයි
කවරදාකවත් කියවා ඉවරකල නොහැකි පරිච්ඡේදයක් වැනිය.
Pubudu Siriwansa
#siriwansa

2020-08-03

ඇල්ගෝරිතමයන්..

ඔබගේ අවශ්‍යතාවයන් ඇල්ගෝරිතමයන් ඔස්සේ තාර්කික කොටස් වලට කඩා දමනතාක් එය ඔබට යටත්ය. ඔබේ අවශ්‍යතාවයන් නිර්මානය වන ආකාරය අල්ගෝරිතමයක ඔස්සේ තාර්කික කොටස් වලට සාර්ථකව කඩා බිඳ දමන දිනයේ සිට ඔබේ ස්වාමීත්වය ඔබට අහිමි වනු ඇත.
– Pubudu Siriwansa
#siriwansa

2020-08-02

මිනිස් කථාන්දරයේ..

පෘතුවි මිනිස් කථාන්දරයේ ඩිජිටල් පරිඡ්චේදය සටහන් වෙමින් තිබිනි. හදිස්සියේම ඔවුනට හමුවූ කොරෝනා ඛේදවාචකය සමස්ත මිනිස් සටහනම අවුල්කර දමන ලදී. උදාවූ නව තත්වය ඉල්ලා සිටි දුරස්ථ භාවය වැනි විසදුම් සදහාද තමන් නිර්මාණය කරගනිමින් සිටි ඩිජිටල් සංස්කරනයේ පූර්ණ පැමිනීමක් කෙරෙහි වැඩි අවශ්‍යතාවයක් ඔවුන් තුල ඇතිකරනු ලැබුවා වියයුතුය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-08-01

සාර්ථක දේශනයක්..

සාර්ථක දේශනයක් යනු ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි. 
  – Pubudu Siriwansa
#siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...