Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts

2022-07-27

Facebook වල නව Feeds tab එක.

FACEBOOK පවසන්නේ නව Feeds tab එක ඔස්සේ ඔබට වඩාත් පෙරීමක් ඔස්සේ posts වලට පිවිසෙන්නට හැකිවන බවයි. ලොව ප්‍රකට තම social network භාවිතාකරන්නන් අහර කලක සිට පැවති ඉල්ලීමක් වූවේ තම friends හා groups වලින් එන පලකිරීම් වලින් අවශ්‍ය පෙරීමකට යටත්ව පැමිනෙන posts සදහා තමන්ගේ අවශ්‍යතාවයක් වන බවකි. ආයතනය පැහැදිලි කරන්නේ නව Feeds tab එක ඔස්සේ පහසුවෙන් friends, pages සහ groups වලින් එන පලකිරීම් වල අළුත්ම ඒවා වන අතර භාවිතාකරන්නා හට සිතැගි ලෙසට අනවශ්‍ය පලකිරීම් මගහරින්නට කටයුතු කල හැකි වන බවයි. එසේම නව favourites list ඔස්සේ සකසා ගන්නටද හැකි වන බවයි. මෙම නව පැමිනීම iOS සහ Android සමග නිකුත්ව ඇති බවයි.
Pubudu Siriwansa

 

2022-01-21

Facebook ගිණුම Deactivate / Delete කිරීමට.

සමාජ ජාලා එක් දෙසකින් ඔබේගේ ජීවිත අවකාශය පුළුල් කරන්නකි. වඩ වඩාත් ලොව දෙසට පෞද්ගලික හෝ වෘතියමය හෝ විනෝදාංශයන් ලෙසට ඔබව ‍රැගෙන යන්නකි ලෙසට වන මතවාද මෙන්ම තවත් දෙසකින් එන අදහස් වන්නේ ඔබව වඩාත් හුදාකලා කරවන, මානසිකව බිඳ වටවන ස්වභාවයේ විවර කිරීමක් යන්නය. පසුගිය කාලයේ ලොව පුරා විවිධ රටවලින් දරුවන් සදහා සමාජජාලා දරුනු ආකාරයට බලපාමින් ඇති බවට චෝදනා එල්ල විමි. ප්‍රධාන පෙලේ සමාජ ජාලා මේ සදහා පියවර ගන්නටා බවට මෙන්ම තමන් ගත් නෙක පියවර පිලිබඳව තොරතුරුද හෙලි කෙරෙනි. පහත දැක්වෙන්නේ යම් විටකදී අයෙකුට Facebook සමාජජාලාව තුල වන ගිනුමක් අක්‍රියකරවන්නට / වසාදමන්නට අවශ්‍ය විටකදී අනුගමනය කල හැකි එම ආයතනය විසින් ලබා දී ඇති ක්‍රමවේදයයි.

-තාවකාලිකව ගිණුම අත්හිටවීම සදහා වන ආකාරය මෙසේය..
Log in to your Facebook account
Click the small down arrow located in the upper right-hand corner of your Facebook homepage
Find 'Settings' and click on it
Hover over 'Manage Account' and click on 'Edit'
Click on 'Deactivate your account' at the bottom of the opened tab
Complete the form and click 'Deactivate' at bottom of the page.
මේ ආකාරයට කටයුතු කලවිට ඔබේ ගිනුම අක්‍රියව පවතින අතර අවශ්‍ය විටකදී නැවත ගිනුමට පිවිස එය සංක්‍රියකරන්නට හැකි වෙනවා.

යම් විටක ඔබට Facebook ගිණුම අක්‍රියකරන්නට අවශ්‍ය නම් පහත දැක්වෙන පියවරවල් එයට සහය වනු ඇත. 
Click the down arrow at the top right of any Facebook page and select Settings
Click "Download a copy of your Facebook data" at the bottom of the General Account Settings
Click Start My Archive
To delete Facebook once and for all, simply head over to Facebook's 'Delete Account' page and follow the instructions provided.
ඉහත කී archive  එක තුල ඔබගේ  posts, comments, photos, messages ඇතුළු බොහෝ දේ ඇති නිසා එය ආරක්ශිතව තබා ගැනීම වැදගත් වන්නේ ඔබගේ තොරතුරු සොරා ගන්නේකුට එය පහසු ඉලක්කයක් වන්නට හැකි බැවිනි.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2021-10-05

Facebook වෙතින් Reels නිකුත්වේ.

Facebook පවසන්නේ තමන් මාස කිහිපයකම අත්හදා බැලීම් වලින් අනතුරුව තම නව Reels හැකියාව දැනට US වල සිට ක්‍රමයෙන් මුද හරින්නට කටයුතු කරමින් සිටින බවයි. මේ අනූව Facebook ආයතනට TikTok නැතිනම් Snapchat වැනි භාවිතාවනට සාර්ථක විකල්පයක් ගෙනෙන්නට සමත්වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. Facebook පැහැදිලි කරන්නේ “Reels” button එක අවදි කිරීමෙන් මෙන්ම Reels video තුලදී “Create” button අවදි කිරීමෙන් Reels video එකක් create කරගන්නට හැකිවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ භාවිතා කරන්නෙකුට video capture, music, camera roll import, captions වැනි පහසුක් කිහිපයක්ම සමග මෙම නව හැකියාව දැනට පැමිනෙමින් ඇති බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.com

 

2014-11-19

Whatsapp වෙතට end to end ආකාරයට encryption පැමිනේ.....

   NSA සිදුවීම තොරතුරු ලෝකය මතට අවධියක් ගෙනෙන්නට කටයුතු කෙරෙනි. Edward Snowden ගේ හෙලිදරව්වක මූලිකව  ඇරබුනු මෙම සිද්ධිය තොරතුරු ලොකයේ ප්‍රථම අනවසරව දත්ත ‍රැස්කීර්ම මත පදනම් නොවූවද එය බොහෝ දෙනාගේ අවධානය ලබා ගන්නට සමත්විය. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම තම සේවාවල් ඔස්සේ ගමන් කෙරෙන භාවිතාකරන්නන්ගේ දත්ත ගොනු වල ආරක්ශාව පිලිබදව වඩාත් විමසිලිමත් වීම ඇරබිනි. රාජ්‍ය ආරක්ශාව, අපරාධකරුවන්ගේ සැලසුම් ආදිය සැලකිලිමත්වීම වැනි කාරනා ඔස්සේ පැමිනි පිලිගත යුතු කාරනාද සමග අනවශ්‍ය ලෙසට භාවිතාකරන්නන්ගේ තොරතුරු ‍රැස්කිරීමට විරෝධයද දෙපසින් නැගෙන්නට විය.
                තොරතුරු වැඩියෙන් encryptionව තබා ගැනීම පිලිබදව එක් සාර්ථක විසඳුමක් ලෙසට හදාරන්නන් යෝජන කරන්නට වූ අතර මේ පිලිබදව බොහෝ ආයතනයන්ගේ අවධානය ලබා ගත් බවක්ද පෙනිනි. මේ අතර Facebook ආයතනය නිවේදනය කරන්නේ තමන් මෑතකදී මිලදී ගත් Whatsapp  ඔස්සේ හුවමාරුවන සියලු messages, end to end ආකරයට encryptionව තබන්නට අවශ්‍ය කටයුතු Open Whisper Systems සමග කරමින් සිටින බවකි. ඒ අනූව දත්ත servers අතර online ආකාරයට ගමන්කරද්දී සේම devices වල ගබඩාව පවතින අතර තුරදීද මෙම encryption පැවතීම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

2014-11-18

Facebook ආයතනය අප්‍රිකානු රටවල් අතර වැඩි අන්තර්ලාජ පහසුවක් ලබාදීමට එකගතාවයකට එලබේ.

   තොරතුරු ලෝකයේ දැවැන්තයන් අතර internet භාවිතාව ලොව පුරා වඩාත් පුලුල් කරන නෙක ආකාරගත් සැලසුම් විටින් විට පැමිනෙමින් තිබේ. පලවන නවතම පුවතක් පවසන්නේ Facebook ආයතනය අප්‍රිකානු ප්‍රදේශයේ විශාල කොටසක් ආවරනය වන පරිදි නොමිලේ අන්තර්ජාලය ලබාදීමේ අරමුනින් satellite පහසුකම් සපයන ආයතනයක් සමග එකගතාවයකට පැමින ඇති බවයි. මෙම ආයතනය දැනටත් satellite ආධාරයෙන් අප්‍රිකානු විශාල ප්‍රදේශයකට broadband පහසුව සපයන ආයතනය වන අතර මෙම ගිවිසුමෙන් අනතුරුව තවත් satellite දෙකක ආධාරයෙන් ඉදිරි තුන් අවුරුද්දක කාලය තුල තම සේවාවන් වැඩි වපසරියක් කරා ව්‍යාප්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ. මෙම Avanti’s satellites ආධාරයෙන්  base station වෙතට තරංග ආකාරයෙන් ලබා දෙන අතර එතැන් සිට  Wi-Fi signals සමග භාවිතාකරන්නන් අතර බෙදා හරින්නට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ global productivit ඉහල නැංවීමේලා අන්තර්ජාල පහසුව විශාල සහයක් වනු ඇති බවයි.
                                                                                                                           www.itlk.us

2014-07-24

Malaysian airlines plane crash පිලිබඳ ව්‍යාජ profiles ගැන FB වෙතින් අනතුරු ඇගවීමක්!!!!

  තොරතුරු අවකාශයේදීද අපරාධකරුවන් ක්‍රියාත්මකවීම  ප්‍රධානව ක්‍රම දෙකකට සිදුවේ. තාක්ශනිකව මෙන්ම මිනිස් ස්වභාවයන් ඔස්සේ පැමිනෙන දුර්වලතා ප්‍රයෝජනයට ගැනීම ඒවා වේ. කිසියම් පරිගණක වැඩසටහනක වන දුරවලතාවයක් ඔස්සේ හානිකරයක් පරිගණකයට පිවිසෙන්නට ඉඩ ලබා ගැනීම පලමු ආකාරයට උදාහරනයක් වන විට සමකාලීනව සිදුවන ප්‍රකට පෙලේ සිදුවීමක් ගැන භාවිතාකරන්නන්ගේ ඇතිවන උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් හානිකරයක් ඔවුන් වෙතට යොමුකරන්නට උත්සාක කිරීම දෙවන ආකාරය ලෙසට උදාහරනයකි. 
                පසුගිය කාලයේ ලොව පුරා වැඩි අවධානයක් දිනාගත්  Malaysian airlines plane crash සිඳුවීම පිලිබදව වන උනන්දුව භාවිතාකරමින් ප්‍රකට සමජ ජාලාවක් වන Facebook හි භාවිතාකරන්නන් හට ආසාධිත කැඳවන්නට උත්සාහකරන ව්‍යාජ ප්‍රොෆයිල කිහිපයක් පිලිබදව මේ වන විට එම අඩවියේ පාලනය විසින් දැනුවත්කිරීමට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම Profile පෙරකී අනතුරට සම්බන්ද Australians වින්දිතයන් ලෙසට දැක්වෙන ආකාරයෙන් නිර්මානය වී ඇති අතර ඒවා Blog අඩවි වෙතට යාකෙරෙන Link සහිතව වන අතර මෙම Link අවදිකරවන භාවිතාකරන්නන් කරදරකාරී වෙළඳ දැන්වීම් සදහා නිරාවරනය වීම මෙන්ම වෙනත් හානිකරයන් සදහා කැඳවන ආකාරයට නිර්මානය වන මෙම බ්ලොග් අඩවි වෙතට යොමුකරවනු ලබන බවටයි පැහැදිලි කරන්නේ. එම ආයතනය පවසන්නේ දැනට හමුව ඇති එම ව්‍යාජ ගිනුම් කිහිපයක් අඩපන කර දමන්නට ක්‍රියාකර ඇති අතර ඉදිරියටද අවධානයෙන් සිටින බවටයි.

2014-05-23

Facebook භාවිතාකරන්නන්ගේ privacy බව වැඩි තහවුරුකරන ටූලයක් හදුන්වා දෙයි!!!!

  Facebook නිවේදනය කරන්නේ තම භාවිතාකරන්නන් විසින් තම පලකිරීම් තම ෆේස්බුක් සබදතා අතර Share වීමේදී වඩාත් නම්‍යව හැරවීමට සහය වන මෘදු ටූලයක් එලබෙන කාලය තුලදී නිකුත්කරන්නට කටයුතු කර මින් සිටින බවකි. ආයතන පැහැදිලි කර සිටින්නේ භාවිතාකරන්නෙකුට තම පලකිරීමක්(post) default ලෙසට පැමිනෙන්නේ Public මට්ටමේ share කිරීමක් ලෙසට උවත් නව හදුන්වා දීමත් සමග පෞද්ගලිකව එක් මිත්‍රයෙක් සමග සිට සියලුම මිතුරන් අතර දක්වා පමනක් නොව සමාන කන්ඩායම් අතර මෙන්ම අවසානයේ Public මට්ටම දක්වාම තොරා බෙරා ගැනීමේ හැකියාව පවතින බවය. එසේම ඔවුන් පැහැදිලි කරනවා මෙම හැකියාවන් දැනට පලකර ඇති ඒවා සදහාද වලංගු ලෙසට වන බවයි. සමස්තයක් ලෙසට අත පසුවීමකින් අනවශ්‍ය ෆේස්බුක් සබදතා අතට පෞද්ගලික තොරතුරු පත්වීම පාලනය කරන ලෙසට සැකසෙන මෙම නව ටූලය සමග භාවිතාකරන්නන්ගේ privacy බව වඩාත් පැහැදිලිව සුරකින්න්ට අවශ්‍ය සහය ලැබෙනු  ඇති බවකි. ඉදිරි සති කිහිපය තුලදී මෙම පහසුව ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙතට මුදා හැරෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ.

2014-04-30

Facebook පසුගියදා Moves fitness tracking app එකක් මිලදී ගැනීමක!!!!

  තොරතුරු තාක්ශන ලෝකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ දත්තය. හැකිතාක් එකතුවන දත්ත මතින් නිර්මානය කර ගන්නා තොරතුරු ඔවුනගේ ප්‍රථිපල වේ. ඔබගේ වෙබ් සැරිය , සමාජ ජාලා හැසිරීම් මෙන්ම මිලදී ගැනීම් යනෙන ස්ථාන පිලිබද නිරන්තරයෙන් අවදියෙන් සිටින්නට ඔවුන් කටයුතු කරනුයේ එබැවිනි. පසුගිය දා Facebook වෙතින් වාර්ථා වූවේ ඔවුන් ProtoGeo Oy හා එම ආයතනයේ දියුනු කිරීමක් වූ Moves fitness tracking app එකක් මිලදී ගැනීමට කටයුතු කල බවයි. මෙම aep මෘදුකාංගය සමග එය රදවා ඇති ජංගම උපකරනය ‍රැගෙන යන්නා ඇවිදින , දිවයන පමනක් නොව වාහනයක ගමන් ගන්නා දුරවල් හා ගතවන කාල වේලාවන් පමනක් නොව එවා සමග දවනු ලබන කැලරි ප්‍රමානය දක්වා හදාරන්නට හැකි බවටයි වාර්ථා වන්නේ. 
                  දැනට දැක් වෙන අදහස් වලට අනූව විස්තර වන්නේ මෙම දත්තයන් Facebok අඩවිය වෙතට ලබා ගැනීමට කටයුතු කරන අතර එය stand-alone application එකක් ලෙසට භාවිතාකරන්නා හට පමනක් සේවය ලබා දෙන අංගයක් වනු ඇති බවයි. මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගියදා වාර්ථා කලේ මේ ආකාරයේ fitness activity ඇප් මෘදුකාංගයක් දියුනු කරමින් සිටින බව වන අතර ආයතන වලට මෙම දත්ත සමග පහසුවෙන් සෞක්‍ය දත්ත අවකාශයට පිවිසෙන්නට ඉඩක් ලැබෙනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.

2014-03-06

Facebook ආයතනය drones ඔස්සේ අන්තර්ජාල පහසුව ලබාදීමේ සැලසුමක....

  Facebook නිර්මාතෘ  Mark Zuckerberg මහතා Mobile World Congress 2014 අමතමින් පවසා සිටියේ තවමත් ලොව බිලියන ගනනක් වන අන්තර්ජාල භාවිතාව නොලැබ ඇති පිරිස් වෙතට එම හැකියාව ‍රැගෙන යන්නට තම ආයතනයේ අවධානය යොමුව ඇති බවකි. පලවන නවතම පුවතක් පවසන්නේ Feacebook  ආයතනය  Titan Aerospace නම් solar-powered drones ඇතුලු එවැනි තාක්ශනයන් දියුනු කරමින් සිටින ආයතනයක් මිලදී ගැනීමක් පිලිබදව කරුනු හදාරමින් සිටින බවකි. අන්තර්ජාල භාවිතාවේදී වැඩිම ඉඩකඩක් ලබාගන්නා භාවිතාවකට අයිතිය පවසන ලොව විශාලතම සමාජජාලාව වන ෆේස්බුක් ආයතනය internet.org නම් ලොව පුරාවට අන්තර්ජාල භාවිතය පැතිරවීම මූලිකව ක්‍රියාත්මක වන  සංවිධානයේ ක්‍රියාකාරී ප්‍රමුකයෙකුද වේ.  මෙම solar-powered drones  යනු සූර්ය බලශක්තිය සමග වසර 5ක් එක දිගටම පියසර කිරීමේ හැකියාවෙන් යුක්ත බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැඩි දුරටත් පවසන්නේ අප්‍රිකාව මූලිකව මෙවැනි උපාංග 11000ක් භාවිතයෙන් වන ව්‍යාපෘතියකට මේ වන විට සැලසුම් වෙමින් පවතින බවකි. මෙම drones උපකරන satellite ආකාරයේ ක්‍රියාකාරකමක් අඩු මුදලකින් හා පහසුවකින් පෘතුවියේ සිට අඩු උසකින් සිටින ලබා දෙන්නට හැකිවන අයුරින් නිමව ඇති බවයි. මෙහිදී ඔවුන් භාවිතාකරන්නට බලපොරොත්තුවන Solara 50 හා 60 මෝස්තර සමග මුහුදු මට්ටමේ සිට 20Km උසක සිටිමින් මෙම පහසුව ලබා දෙන්නට හැකිවනු ඇති බවට හා දහවල හිරු බලයෙන් හා රාත්‍රියේදී ‍රැස්කර ගන්නා බැටරි බලයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුක්තබවටයි පැවසෙන්නේ.

2014-02-26

@facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය වේ!!!!

  Facebook ආයතනය 2010දී ආරම්බ කරන ලද @facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය කොට ඇති බවටයි නිවේදනය වන්නේ. තම අඩවිය භාවිතාකරන්නන් හට වඩාත් පහසුවෙන් තොරතුරු හුවමාරුව සදහා සහය වන අරමුනින් අරබන ලද මෙම සේවාව වසර කිහිපයකින් අනතුරුවද එතරම්ම ජනංප්‍රිය අංගයක් නොවීම මෙම තීර්නයට හේතුවාක් බවටයි ඔවුන් පවසන්නේ. එලබෙන මාර්තුවේ සිට ක්‍රියාත්මක වන්නට නියමිත මෙම පියවර සදහා හේතුවන්නට ඇත්තේ සමාන්තර අනෙකුත් web-based email සේවාවන් සමග සැලකීමේදී එතරම් අංග මෙම සේවාව සමග නොවීම ලෙසට පෙනෙන්නට ඇති අතර ඒනිසාම භාවිතාකරන්නන් තුල එම බාවිතාවට ඇති අඩු පෙලබවීම සිදුවන්නට ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. එසේම mobile instant messaging වැනි විකල්පයන් සමග සැසදීමේදී මෙම භාවිතාව අඩු ජනංප්‍රියත්වයක් ලබන්නට ඇති බවටයි පිලි ගැනෙන්නේ. Facebook සමාගම මෑතකදී මිලදී ගන්නා ලද WhatsApp  වැනි පහසූන් සමග voice calls මට්ටමේ පවා තොරතුරු හුවමාරුවක් භාවිතාකරන්නන් වෙතට ගෙන එනු ඇති බවටයි බලාපොරොත්තු පල වෙමින් ඇත්තේ.

2014-02-21

ෆේස්බුක් ස්වභාවය හා අපගේ අනිසි භාවිතාව

  තොරතුරු ලෝකයේ භවිතාව භෝ විට ගැටලු සහගත වන්නේ ඒවායේ මුල් ස්වභාවය නිසාම නොවීමද අපට මග හැරී ඇති සත්‍යකි. උදාහරනයක් ලෙසට ෆේස්බුක්හි ව්‍යාජ අනන්‍යතාවයක් නිර්මානය කිරීම එම අඩවිය හා කටයුතු කරන්නට පිවිසීමේ දීම එහි නීති හා රීති උල්ලංගනය කිරීමක් බව අප භාවිතාකරන්නන් ලෙසට එකගවන කාරනාවකි. එසේම ලොවම දැනගන්නවාට සම්පුර්නයෙන්ම අකමැති දෑ සීමිත පිරිසකට සීමාකර පවා පල කිරීම යම් තාක්ශනික ස්වභවයන් ඉදිරියේ එතරම් සාර්ථක පියවරක් නොවන බව හදාරනන් නැවත නැවත පවසන කාරනවකි.
              තවත් අර්ථයකදී ෆේස්බුක් යනු භාවිතාකරන්නන්ගේ සිතුම්පැතුම් හා භාවිතාවන් වෙළඳ දැන්වීම් කරුවන් වෙතට අලවි කිරීමෙන් විශාල ලාබ ලබන ආයතනයක් වීමද ලොව පුරා මහත් භාවිතාකරන්නන් හට නොමිළේ ලබා දෙන එකිනෙකා පහසුවෙන් හමුවන්නට තොරතුරු බෙදාගන්නට වන අවකශය ප්‍රතික්ශේප කරන්නට කාරනයක් කර ගැනීම නවීන ලෝකය ඉදිරියේදී එතරම් ප්‍රායෝගික කාරනාවක්ද නොවුනු ඇත. ලෝකය ඉදිරියේ මේතරම් විසල්ව විවර වන්නට අප සංස්කෘතිකව නොවැඩී ඇති රටක් ලෙසට වන අර්ථ දැක්වීම වැදගත් හදුනා ගැනීමක් හා අප ජයගත යුතු අභියෝගයක් විනා එයින්පලා යන්නට කාරනාවක් නොවනු ඇත. සමාජ ජලා වැනි භාවිතාවන් යක්ශයෙක් කර ගැනීම නොව සුව පහසුව සලසන අතවැසියෙක් කර ගැනීම අප විසින් අත්පත් කරගතුයුතු අභියෝගකි.

2014-02-11

අඩුම තරමින් Facebook ගිනුම් මිලියන 67ක් වත් ව්‍යාජ ඒවායි!!!!

  සමාජ ජාලා භාවිතාව ලෝකයට ප්‍රායෝගිකව හදුන්වා දෙන්නට පුරෝගාමියා ලෙසට පිලිගැනෙන Facebook වෙතින් පසුගිය සතියේ නිකුත්වන වාර්ථාවක් පවසන්නේ ගෙවී ගිය වසරේ දෙසැම්බර් වන විට තම අඩවිය සතුව දෛනික භාවිතාකරන්නන් ප්‍රමානය මිලියන 757ක් ලෙසට ගනනය වන බවයි. වසරින් වසර සැලකීමේදී එම ප්‍රමානය ඉහලයාම සියයට 22ක තිබෙන බවටයි වැඩි දුරටත් එහි දැක්වෙන්නේ. එසේමුත් ඔවුනගේ තවත් තොරතුරු නිකුතුවක් වන  earnings repor වලට අනූව පැවසෙන්නේ බිලියන 1.3ක දෛනික භාවිතාකරන්නන් පිරිසක් තමන් සතුව සිටින බවයි. එසේම එම වාර්ථාවට අනූව මිලියන 945ක් Mobile මට්ටමේ භාවිතාකරන්නන් බවටත් පවසන්නට ඔවුන් කටයුතු කර තිබුනා. හදාරන්නන් මෙම වාර්ථා උපුටා දක්වමින් පවසන්නේ ෆේස්බුක් ආයතනය තමන්ගේ සැබෑ භාවිතාකරන්නන් ප්‍රමනය හෙලිනොකරන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ මුත් Facebook ආයතනයේම පලකිරීම්වලට අනූව මෙම මාසික සංක්‍රිය භාවිතාකරන්නන් අතරින් 4.3% - 7.9%ක් එක් ගිනුමකට වඩා තම අඩවිය තුල පවත්වාගෙන යන්නන් බවට පවසා සිටිනවා.එසේම මෙම ප්‍රමානය අතරින් 0.8-2.1% ප්‍රමානයක්  misclassified ආකාරේ එවා වන බවට දක්වන අතරම Facebook වල  terms of services උල්ලංගනය කරමින් spam යැවීමට නැතිනම් malicious links හෝ හානිකර content සහිත ඒවා බවටත් පවසා සිටිනවා.සමස්තයක් ලෙසට Facebook වල පවතින ගිනුම් වලින් 5.5% සිට 11.2%ක් අතර ප්‍රමානයක් වය්‍යාජ ගිනුම් ලෙසට ගැනෙනවා.

2014-02-06

SEA ෆේස්බුක් ඩොමේනය වෙත පහරදීමේ අසාර්ථක උත්සාහයක

  Syrian Electronic Army (SEA) නම් කන්ඩායමක් විසින් තොරතුරු ලෝකයේ දැවැන්ත ආයතන කිහිපයකට අරියාදු කරනු දකනට ලැබිනි. එම ආයතනයන්වල තොරතුරු පැහැර ගැනීම් , ඔවුනගේ e-Mail සේවාවන් වෙතට අනවසර පිවිසීම් ආදී නෙන ආකාරවලට එම සිදුවීම් වාර්ථාවිය. පලවන නවතම වාර්ථා පවසන්නේ Facebook ඩොමේනය සම්බන්දව සේවාව සපයන ආයතනයක්  වෙතට පහර දීම ඔස්සේ එම ඩොමේනයට අදාල තොරතුරු වෙනස් කරන්නටත් , ඩොමේනය ඔස්සේ පැමිනෙන්නන් වෙනත් සර්වරයක් වෙතට redirect කරන්නටත් ඔවුන් උත්සාහ කල බවකි. එම සේවා ආයතනය ඔස්සේ Facebook.com ඩොමේනය වෙතට ලබාදී තිබූ අධිආරක්ශාව නිසා මෙම පහර දෙන්නන්ගේ අරමුනු සම්පූර්නයෙන් ඉ‍ටුකරගන්නට නොහැකිවූ නමුත් WHOIS හි සමහර තොරතුරු වෙනස් කරමින් ඔවුනගේ රට දැක්වෙන ලිපිනයකට වෙනස් කරන්නට මෙන්ම ප්‍රධාන ඩොමේනයට සම්බන්ද අනු-ඩොමේන කිහිපයක් පමනක් හරවා යවන්නට සමත්වූ බවටයි වාර්ථා වන්නේ. ෆේස්බුක් ආයතනය තම දස වන සැමරුම සමරද්දී මෙම මෙහෙයුම දියත් කරන්නට එම කන්ඩායම උත්සාහ කර තිබෙන බවටයි වාර්ථා වෙන්නේ.

2014-02-05

Bikini හැඳි කාන්තාවන් Facebook වලදී ඔබ ‍රැවටිමට බලා සිටී!!!

  වෙබ් පහර දෙන්නන් කලින් කලට තම  ඉලක්ක සපුරා ගන්නට යොදා ගන්නේ විවිධ ක්‍රම වේදයන්ය. විටක තාක්ශනික දුර්වලතාවයක් ඔස්සේ ක්‍රියාත්මක වන ඔවුන් තවත් විටක මිනිස් ස්වභාවයන්ගෙ දුර්වලතා යොද ගනී. පලවන නවතම Facebook භාවිතාකරන්නන් ගොදුරු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසට සටහන් වන්නේ bikini වලින් සැරසුන කාන්තාවන් පිරිසක් ‍රැගැත් ඡායාරුවක් ඔස්සේ වැඩි දුර තොරතුරු සදහා පිවිසීමට Click මෙහෙයුමක් ඔස්සේ පිවිසෙන්නට පෙලබවීමක් කිරීමයි. භාවිතාකරන්නේකු මෙම පෙලබවීම ඔස්සේ පිවිසුන විට තවත් Facebook පි‍ටුවකට යොමු කරවන අතර එහි වීඩියෝවන් සහිත වීම බොහෝ විට සිදුවන බවටයි පැවසෙන්නේ. පලමු Click කිරිමත් සමගම ඔබගේ පෞද්ගලික පි‍ටුවෙහිද එම පලවීම සිදුවන අතර ඔබගේ මිතුරන් අතරටද එම සබදතාවය ගලා යන්නට පටන් ගැනීම මේ අතර තුර සිදුවෙයි. එම වීඩියෝවන් අතර විවිද පලකිරීම් ඇති අතර විටක සත්ව-උද්‍යානයකදී නාගයෙකු විසින් මිනිසෙකුට පහර දෙන ආකාරය වැනි අවධානය ගන්නා සුලු ඒවා වන තර එම පිවිසීම් සමග භාවිතාකරන්නාගේ Facebook ගිනුම හෝ ඔහුගේ පරිගණකය ආසාධිත වීම සිදුවන බවටයි හෙලිවෙමින් ඇත්තේ. සයිබර් ආරක්ශාව පිලිබදව හදාරන්නන් අවධාරනය කරමින් සිටින්නේ ෆේස්බුක් ආයතනය එහි ආරක්ශාව පිලිබදව මීට වඩා වැඩි අවධානයක් අවශ්‍ය බවකි.

2014-02-04

Facebook's 10th birthday

  තොරතුරු අවකාශයට තවත් මානයක් සමාජ ජාලා ඔස්සේ පැමින තිබේ. සැබෑ සමාජයේ ඩිජිටල් පිටපතක් ලෙසට වර්ධනය වෙමින් ඇති බවට සමහර විද්වතුන්ගේ මතයව ඇති සමාජ ජාලා අතර ප්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නා Facebook සමාජ ජාලාවට දසවසක් පිරීම මෙම සතියට යෙදී තිබේ. Mark Zuckerberg  විසින් ආයතනයක් ලෙසට 2004 පෙබරවාරි 4 දා ඇරබි මෙම සමාජ ජාලාව සමග මේ වන විට භාවිතාකරන්නන් බිලියන 1.2ක් වන බවටයි දල ලෙස සටහන් වන්නේ. එලබෙන මැයි මාසය වන විට 30 වන වියට එලබෙන Mark Zuckerberg මිහිමත සිටින ධනවත්ම අයෙකු බවට පත්කරන්නට සමත් මෙම සමාජ ජාලා අඩවිය මිත්‍රත්වයට නව මානයක් ‍රැගෙන ආ බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ. නෙක හේතූන්න් මත ලොව පුරා විසර ඇති පැරනි මිතුරන් යලි හමුවන්නට , නව මිත්‍රත්වයන් ගොඩ නගා ගන්නට පොදු හේතුන්න් මත එකි නෙකාට එක්වන්නට පමනක් නොව ඊමේල් ආකාරයට , ක්ශනික පනිවිඬ ආකාරයට ඇතුලු තවත් බොහෝ පහසුකම් සමග ඉදිරියේදී හදුන්වාදෙන නව අංගයන්ද සමග ෆේස්බුක් බොහෝ කලක් මිනිසුන් අතර භාවිතාවන ඩිජිටල් භාවිතාවක් වනු ඇත.

2014-02-03

වෙළඳ අරමුනු වෙනුවෙන් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නා බවට Facebook වෙතට චෝදනා!!!!

  මෙම මාසය මුල්භාගයේ ෆේස්බුක් ආයතනයට එරෙහිව ඇරබුනු නඩු කරයුත්තකින් ජෝදනා ලබා ඇත්තේ තම භාවිතාකරන්නන්ගේ පෞද්ගලික පනිවිඬ අනවසරයෙන් පිරික්සමින් එවායේ තොරතුරු ‍රැස්කරන බවටයි. වෙළඳ දැන්වීම් කරුවන් සදහා බෙදා හදා එම දත්ත ගැනීම සදහා භාවිතාකරන බවට චෝදනා එල්ල වූ අතර එවායේදී වැඩි දුරටත් එල්ලවූ චෝදනා අතර භාවිතාකරන්නා තම පනිවිඩය තුල වෙබ් අඩවියක් සදහන් කල විට එයද පිරික්සමින් එම පනිවිඬය ලබන්නාගේ පෞදගලික දත්ත ගොනුවට එයත් ඇතුලත්කර ගන්නේ ඔහුගේ කැමතීන් අතරට එයත් ඇතුලත්කරමිනි. ආයතනයේ marketing algorithms වඩාත් සූක්ශමව ක්‍රියාකරවා ගැනීමට මෙම දත්ත භාවිතාකරමින් වෙළඳ දැන්වීම් ඔස්සේ වඩාත් ලාභ ඉපයීමට ඒවා යොදාගන්නා බවටයි එහිදී චෝදනා ලබන්නේ. ෆේස්බුක් ආයතනය දෙසින් පලවන අදාහ්ස් වලින් පැවසෙන්නේ මෙම චෝදනාව අර්ථයෙන් තොර එකක් බවත් ආයතනය ශක්තිමත්ව මෙම නයිතික විමසීමට මුහුන දීමට සූදානම් බවත්ය. එම චෝදනාව එල්ල කරමින් අධිකරනයෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවන් නතර කරවන්නට පියවර ගන්නා ලෙසත් හානි පැමිනවූ භාවිතාකරන්නන් වෙතට වන්දියක් ලබා දෙන ලෙසත්ය. Silicon Valley companies අතරට මෙවැනි චෝදනා ලැබීම් සුලබ වෙමින් ඇති අතර පසුගිය කාලයේද ගූගල් ආයතනයට එරෙහිව gmail භවිතාකරන්නන්ගේ තොරතුරු අනවසරයෙන් ‍රැස්කරගන්නා බවට චෝදනාවක් එල්ල කර තිබුනා.

2014-01-30

Facebook සමග paper නම් app පහසුව සූදානම්....

  ෆේස්බුක් සති කිහිපයකට පෙර ප්‍රකාශකර සිටියේ වඩාත් සිත් ගන්නා සුලු ආකාරයේ පුවත් සේවාවක් ‍රැගත් app පහසුවක් තම අඩවිය තුලින් හදුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බවයි. Flipboard සේවාවට හොඳ  තරගයක් දෙන්නට සමත්වන බවට පෙර සලකුනු පෙන්වමින් paper නම් app පහසුවක් ලෙසට මේ වන විට එය ෆේස්බුක් වෙතින් නිල ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. පෙබරවාරි තෙවනිදා සිට ක්‍රියාත්මක වන මෙම සේවාව ෆේස්බුක් පි‍ටුවක Facebook feed සමග දක්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. Flipboard සමානව ක්‍රියාත්මක වන මෙහි auto-playing video මෙන්ම පුවත් හා ෆේස්බුක් පලකිරීම් වනු ඇති බවත් පැවසෙනවා. iphone සමග මුලින්ම පැමිනෙන මෙම සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ගේ පුවත් සටහන් පලකිරීම දක්වා ඵසු කම් ලැබෙනු ඇති බවටත් නිවේදනය වනවා.
https://www.facebook.com/paper

2014-01-29

ෆේස්බුක් දත්ත ‍රැදවීමට Blu-Ray අත්හදා බැලීම්!!!!

  වේගයෙන් වැඩි වෙමින් ඇති data භාවිතාව ‍රැස්කර තැබීම සදහා වන ඩේටා සෙන්ටර්ස් එලබෙන යුගයේ බලශක්ති වැය මෙන්ම තවත් පරිසර  ගැටලු රාශියක ආරම්භය ලෙසට දැනටමත් හදාරන්නන් හදුනා ගනිමින් සිටී. සමාජ ජාලාවක් වෑනි දෛනිකව අධික දත්ත ප්‍රමානයක් ‍රැස්වන අවකාශයක් සදහා සැලකීමේදී තත්වය වඩාත් බරපතල වනු ඇත. Facebook ආයතනය මේ පිලිබදව අවදියෙන් කටයුතු කරමින් සිටින බව ප්‍රකාශවන පුවතකින් කියවෙන්නේ ඔවුන් තම භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස්කර තැබීම සදහා Hard disk වෙනුවට Blu-Ray තැටි පිලිබදව අවධානය යොමුකරමින් සිටින බවකි. සාමන්‍ය දත්ත රදවන ප්‍රමානය මෙන් පස් ගුනයක දත්ත ‍රැදවිය හැකි දියුනු කල ක්‍රමවේදයක් සමග Blu-Ray තැටි 10000ක පෙටාබයිට්ස් පහක දත්ත ‍රැදවීමේ හැකියාවක් මේ වන විට අත්හදා බලමින් සිටින බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ සාමන්‍ය දත්ත ‍රැදවීමේ "cold storage" ක්‍රම වේදය සැලකීමේදීට වඩා 50%ක වැය ඉතිරියක්ද energy වැය සැලකීමේදී 80%ක වැය ඉතිරියක්ද මෙම නව ක්‍රමවේදය විසින් ෆේස්බුක් ආයතනයට ගෙනෙන බවටයි.  තවමත් පෙර අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම ව්‍යාපෘතියේ අවසාන මට්ටමේ අත්හදා බැලීම් වසර අවසානය පමන වන විට සිදු වනු ඇති බවටයි වැඩි දුරටත් තොරතුරු හෙලිවන්නේ.

2013-12-17

Facebook වෙතට Video ads පැමිනීම මෙම සතියේ සිට....

  පලවන නවතම වාර්ථා පවසන්නේ Facebook මීට පෙර නිවේදනය කර සිටි video ads මෙම සතියේ එලබෙන දින කිහිපය තුලදී ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවන බවකි. භාවිතාකරන්නන්ගේ News feeds අතරට පැමිනෙන්නට නියමිත මෙම දැන්වීම්  තප්පර 15කට සීමා වනු ඇති බවටයි නිවේදනය වන්නේ. මීට පෙර අවස්තාවල් කිහිපයකදීඑම ආයතනය මෙම දැන්වීම් පලකිරීම් ගෙනෙන්නට සැලසුම් කලද අවසානයේ කල්දමන්නට තීර්නය කල අතර අවසානයේ මෙම සතිය තුලට එය යොදවන්නට තීර්නය කර ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. දැන්වීම් කරුවන් මෙන්ම එම ආයතනයද මෙම උත්සව සමයේ එම නව "Feature" සමග වඩාත් ආකර්ශනීයව භාවිතාකරන්නන්හට සමීපවන්නට බලපොරොත්තුව සමග සි‍ටුනු ඇති බවටයි අනුමානය කරන්නේ. තවමත් මෙම දැන්වීම් වල ස්වභාවය පිලිබදව නිශ්චිත අදහසක් පලව නැති අතර අනුමානය කරන සමහරුන් පවසන්නේ මවුසය ඒවා මතට පැමිනි සැනින් ස්වංක්‍රීයව හා නිහඬව ඒවා ධාවනය සදහා සැකසී තිබෙන්නට නියමිත වනු ඇති බවයි. කෙසේ වෙතත් දැනටමත් අත්හදා බැලීමේ මට්ටමින් තොරා ගත් ගිනුම් සමග මෙම පලකිරීම් පසිගිය සති කිහිපය තුල සිදුව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.

2013-12-12

Facebook නව වෙනස්කම් සාර්ථක බව පවසයි!!!

  Facebook පවසා සිටින්නේ තමන් විසින් පසුගිය නොවැම්බරයේ පවසා සිටි පරිදි තම අඩවිය මතවන ගිනුමක සම්බන්දයෙන් යම් වෙබ් අඩවියක වන "Like" හා "Share" කිරීම් සදහා ලබ දුන් බටනයන්ගේ නව පෙනුමක් සහිත හදුන්වාදීම මේ වන විට සියලුම භාවිතා කරන්නන් වෙත මුදා හැරීම සිදුව අවසන් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ නව පෙනුම ඔස්සේ වැඩි අවධානයක් එම බටනයන් වෙතට ලැබි ඇති බවට තමන් දකින බවත් වෙබ් අඩවි වෙත යනෙන්නන් අතරින් එම බටනයන් භාවිතය වැඩි වීමක් දක්නට ඇති බවත්ය. මීට අමතරව එම ආයතනය පසු ගිය කාලයේ සිට මුදා හල තවත් පහසුවක් වූ "embedded posts" පහසුව සදහාද වැඩි දියුනු කිරීමක් නිකුත්කොට ඇති අතර ඒ අනූව භාවිතාකරන්නෙකුට pixels 330 සිට 750 දක්වා වැඩි පරාසයකදී තම පල කිරීම් වෙබ් අඩවියක් මත embed කිරීමට හැකි වනු ඇති බවයි.  ෆේස්බුක් ආයතනය වැඩි දුරටත් පවසන්නේ තම අඩවියෙන් භාහිර අඩවි වෙතට යන්නන් පසුගිය මාසය ගැන පමනක් සැලකීමේදී පවා 47%ක ඉහල යාමක් දක්නට හැකිවූ  බවය. එම සංක්‍යාව සාමන්‍යයෙන් වසරින් වසර 170%ක ඉහල යාමක දක්නට ලැබෙන බවටයි එහිදී වැඩි දිරටර්ග් එම ආයතනය පවසා සිටින්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...