2014-02-06

SEA ෆේස්බුක් ඩොමේනය වෙත පහරදීමේ අසාර්ථක උත්සාහයක

  Syrian Electronic Army (SEA) නම් කන්ඩායමක් විසින් තොරතුරු ලෝකයේ දැවැන්ත ආයතන කිහිපයකට අරියාදු කරනු දකනට ලැබිනි. එම ආයතනයන්වල තොරතුරු පැහැර ගැනීම් , ඔවුනගේ e-Mail සේවාවන් වෙතට අනවසර පිවිසීම් ආදී නෙන ආකාරවලට එම සිදුවීම් වාර්ථාවිය. පලවන නවතම වාර්ථා පවසන්නේ Facebook ඩොමේනය සම්බන්දව සේවාව සපයන ආයතනයක්  වෙතට පහර දීම ඔස්සේ එම ඩොමේනයට අදාල තොරතුරු වෙනස් කරන්නටත් , ඩොමේනය ඔස්සේ පැමිනෙන්නන් වෙනත් සර්වරයක් වෙතට redirect කරන්නටත් ඔවුන් උත්සාහ කල බවකි. එම සේවා ආයතනය ඔස්සේ Facebook.com ඩොමේනය වෙතට ලබාදී තිබූ අධිආරක්ශාව නිසා මෙම පහර දෙන්නන්ගේ අරමුනු සම්පූර්නයෙන් ඉ‍ටුකරගන්නට නොහැකිවූ නමුත් WHOIS හි සමහර තොරතුරු වෙනස් කරමින් ඔවුනගේ රට දැක්වෙන ලිපිනයකට වෙනස් කරන්නට මෙන්ම ප්‍රධාන ඩොමේනයට සම්බන්ද අනු-ඩොමේන කිහිපයක් පමනක් හරවා යවන්නට සමත්වූ බවටයි වාර්ථා වන්නේ. ෆේස්බුක් ආයතනය තම දස වන සැමරුම සමරද්දී මෙම මෙහෙයුම දියත් කරන්නට එම කන්ඩායම උත්සාහ කර තිබෙන බවටයි වාර්ථා වෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...