Showing posts with label google. Show all posts
Showing posts with label google. Show all posts

2022-07-29

Windows 11 වලදී default browser ය Chrome කිරීම පහසුවේ.

 Windows 11 වලදී default browser ලෙසට එන Edge වල  සිට වෙනත් බ්‍රවුසරයක් වෙතට මාරුවීම සංකීර්න සැකසුම් කිහිපයක් හෝ MSEdgeRedirect වැනි ටූලයක් භාවිතාකරන්නට සිදුවේ. මේ වන විට් Google පවසන්නේ Windows 11 වල default browser ලෙස Chrome සකසන්නට නැතිනම් http, https, .html  වැනි ගොනුවක් සමග ස්වංක්‍රීයව සංක්‍රිය වන්නට අවශ්‍ය සරල සැකසුමක් එලබෙන සංස්කරනයක් සමග සූදානමින් තිබෙන බවයි. Windows 11 සදහා default browser වෙනස් කිරීම ඉතා අපහසු සැකසුම් ඉල්ලා සිටින්නට Microsoft සමාගම සැකසුම් කර තිබීම බොහෝ භාවිතාකරන්නන්ගේ කනස්සල්ලට හේතුවී තිබිනි.
Pubudu Siriwansa


 

2022-01-21

Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් "critical" මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව version එක Chrome 97.0.4692.99 ලෙසට නම්ව තිබෙන බවයි. ස්වංක්‍රීයව යාවත්කාලීන සදහා සූදානම්ව තැබීම භාවිතාකරන්නන් සදහා හොඳම තේරීම ලෙසට මේ වන විට භාවිතාකරන්නන් සදහා වන උපදේශය ලෙසට සැලකෙන අතර එසේ නොවන අවස්ථාවලදී මැනුවල් ආකාරයට ඒ සදහා කටයුතු කිරීම වැදගත් වනවා. ඒ සදහා Settings Menu > Help > About Google Chrome වෙත පිවිස එහි වන current Chrome version පිලිබඳව බලා ගන්නය හැකි වන අතර එය Chrome 97.0.4692.99 හෝ ඊට අලුත් ඒකක් නම් ගැටලුවක් නොවන අතර එසේ නොවන්නේ නම් නව සංස්කරනය download කර install කිරීම වැදගත් වනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2021-10-05

Bing මත වැඩිම සෙයුම Google ද?

EU වෙතින් Google වල Android සදහා Google සෙවුම් යන්ත්‍රය default search engine ලෙස භාවිතාවීමට එරෙහිව පනවා තිබූ දඩුවමකට එරෙහිව පවසන්නේ Bing වල බහුතරම සෙයුම් වදන වන්නේ Google බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය භාවිතාවේදී 95% ක බහුතරයක කැමැත්ත වන්නේ search engine එකක් ලෙසට Google වන බවයි. කෙසේ නමුත් ප්‍රථිවිරුද්ධ මතය ලෙසට ප්‍රකාශව තිබෙන්නේ Google විසින් තම Android manufacturers හට pre-install මට්ටමින් තම search app සහ Chrome web browser තැබීම ඔස්සේ භාවිතාකරන්නන් හට බලපෑමක් කරන බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.Com

 

2014-11-24

Google Contributor subscription service යටතේ දැන්වීම් වලින් තොර වෙබ් අඩවි….

   Google යෝජනා කරන්නේ තමන් යනෙන වෙබ් අඩවි වෙතට කෙලින්ම ආධාර කිරීමේ ක්‍රමයක් යටතේ එම වෙබ් අඩවි සමග එන විටක කරදරකාරී ස්වරූපයක් ගන්නාවෙළඳ දැන්වීම් block කර දීමේ වැඩසටහනක් තමන් හඳුන්වා දෙමින් ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ තම Google Contributor subscription service ඔස්සේ මාසිකව ඩොලර් 1-3 අතර ප්‍රමානයක් ගෙවීමෙන් තමන් ප්‍රියකරන වෙබ් අඩවි පවත්වාගෙන යන්නට දායක විය හැකිවා මෙන්ම ඒව සමග එන විටක කරදරකාරී පවා වන වෙළඳ දැන්වීම් වලින් තොරව ඒවා වෙතට යාමේ හැකියාව ලැබෙනු ඇති බවය. මෙම වැඩසටහන අයත් වනවෙබ් අඩවි වෙතට පිවිසෙන්නන්ට එහි වූ වෙළඳ දැන්වීම් වෙනුවට “thank you” පනිවිඬයක් සමග pixilated panelයක් දර්ශනය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම දායක වන්නා ගෙවන ලබන මුදලින් කොටසක් සේවා ගාස්තු ලෙසට අයකරමින් ඉතිරිය එම වෙබ් අඩවි වෙතට ගෙවන්නට ආයතනය සැලසුම් කරමින් සිටින අතර ඒ ඔස්සේ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේදී වන වියදම් පියවා ගැනීමට එම අඩවි පවත්වාගෙන යන්නන්හට හැකි වනු ඇති බවටයි Google ආයතනය බලාපොරොත්තුව වන්නේ.  දැනට ප්‍රධාන පෙලේ වෙබ් අඩ්වි කිහිපයක් තම වැඩසටහන සමග එක්ව ඇති බවටත් එම ආයතනය පවසා සිටිනවා.

2014-11-21

Gmail ක්‍රමවත්කර දෙන Google inbox....

   පැමිනෙන්නන් අතර අන්තර්ජාලය වඩාත් ප්‍රචලිත කරවූ අංගයක් ලෙසට E-mail සේවාව පිලි ගැනේ.  එක යුගයකදී බොහෝ භාවිතාකරන්නන් අන්තර්ජාලය අර්ථ දක්වා ගැනීමට පවා E-mail සේවාව මුල් කර ගැනිනි. ක්‍රමයෙන් ක්ෂනික පනිවිඬ සේවාවන්, සමාජ ජාලාවන් වැනි නෙක සේවාවන් සමග E-mail සදහා වූ පිලිගැනීම මදින් මද අඩුවන්නට වූ අතර Spam වැනි එහි පැවත්මට අහිතකර භාවිතාවන් මේ සදහා අමතර හේතූන් විනි. Gmail සේවාව සපයන Google ආයතනය පැවසුවේ තම Email සේවාව භාවිතාකරන්නන් හදාරමින් ඔවුනට ඔවුනගේ Email භාවිතාව ගැන වන අපහසුතාවයන් මග හරින්නට තමන් ගෙනෙන නවතම හඳුන්වාදීම Google Inbox බවයි. ඔවුන් එය පැහැදිලි කරේ Google Inbox යනු Gmail මත ධාවනය වන app එකක් වන අතර එය පැමිනෙන Emailයන් වඩාත් ක්‍රමවත්ව පෙරා දෙමින්  භාවිතාකරන්නාට වඩාත් පහසුවන ලෙසට වර්ගීකරනයක් යටතේ ඔවුනගේ inbox මුහුනත දක්වා දෙනු ඇති බවකි. Android මෙන්ම iOS වලදී සේම Browser මතදීද ධාවනය වන මෙම පහසුව අනවශ්‍ය emailයන් දෘශ්‍යපතයෙන් ඉවත්කර තබන්නටත් වඩාත් වැදගත් වන Email සදහා ප්‍රමුකතාවය ලබා දන්නටත් ප්‍රමුක බොහෝ පහසූන් තම Gmail inbox වෙතට ගෙනෙන්නටත් සූදානම්ව ඇති අතර google.com/inbox ඔස්සේ පිවිස එය භාවිතාවට ලබා ගන්නට හැකිවනු ඇත. 

2014-11-02

Google ආයතනය රුධිර ගත කරන nanoparticles සමග medical market වෙතට පැමිනෙන්නට සැලසුම් කිරීමක...

   Google ආයතනයට තම සාම්ප්‍රධායික රාමුවෙන් ඉවතට යන්නට අවශ්‍ය වන්නේ බොහෝ කලක සිටය. සෙයුම් යන්ත්‍ර පුරෝගමියෙකු ලෙසට අත්පත් කර ගත් කිර්තිය මෙන්ම ධනය නෙක ආකාරය ගත් ක්ශේත්‍රයන් ඔස්සේ  මේ වනවිට විහිදවමින් සිටින්නට එම ආයතනයට හැකිව තිබේ. සර්ථකතම මොබයිල් මෙහෙයුම් පද්ධතියක සිට ,රියදුරන් රහිත වාහනයක් සාර්ථකව අත්හදා බැකීම දක්වා පමනක් නොව තවත් බොහෝ විෂයන් ඔස්සේ එය මේ මොහොතේද සිදු වෙමින් ඇත. 
           අයතනය මේ වන විට හෙලි කර සිටින්නේ තමන් පුද්ගලයෙකුගේ රුධිර පද්ධතියට ඇතුලු කරන "nanoparticles" ඔස්සේ රෝගියෙකුගේ cancer වැනි රෝගීතත්වයන් සමනය කරන්නට හැකි තාක්ශනය පිලිබදව අවධානය යොමු කරමින් සිටින බවකි. බොහෝ scientists ලාගේ එකග නොවීම් හමුවේ උවත් ආයතනය මේ පිලිබදව සැලසුම් අවස්ථාවේ සිටින බවටයි දැක්වෙන්නේ. මෙම nanoparticles රුධිර පද්ධතියට එකතු කිරීමේ මෙන්ම ඒවා රුධිරපද්ධතිය විසින් ප්‍රතික්ෂේප කිරීම වලක්වා ගැනීම දක්වා අභියෝග රාශියක් සමග ඔවුන් තම තම ඉලක්කය වෙතට දැඩි උත්සාහයකට සූදානම් වෙම්න් සිටින බවටයි වාර්ථා වන්නේ.

2014-10-16

Android වල මීලග මෙහෙයුම් පද්ධතිය Lollipop ලෙසට නම්වේ...

  Android වල මීලග මෙහෙයුම් පද්ධතිය මේ වන විට Lollipop ලෙසට නම්වන බවට නිල ලෙසට ප්‍රකාශයට පත්ව තිබෙනවා. "L" වන සංකේතාත්මක නමකින් පලමුව Google ආයතනය තම Android මෙහෙයුම්  පද්ධතිය හඳුන්වා දෙන්නට කටයුතු කල අතර එය සමන්විතව පැමිනෙන නව දෘශ්‍ය ස්වභාවය Material Design ලෙසට නම්කර සිටින්නට කටයුතු කරනු ලැබුවා. Lollipop ස්ථාපිතව පැමිනෙන පැමිනෙන පලමු උපාංග  වන Nexus 6, Nexus 9, Nexus Player(android TV set-top box) යනාදියද මේ වන විට නිවේදනය කර සිටින්නට කටයුතු කර තිබෙනවා. ලොව වැඩිම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන මෙම Android 5.0 සදහා වන නාමය කුමක් වේදැයි හදාරන්නන් අතර විවිද මතවාද පැවති අතර මෙම Lollipop ලෙසට වන නිවේදනයත් සමග එම ගැටලුව අවසන් වනු ඇත.

2014-07-17

Google හි smart contact lenses ව්‍යාපෘතිය ඉදිරියට!!!!

  Google හි  X team වෙතින් නිමවන ව්‍යාපෘතියක ලෙසට පසුගිය ජනවාරියේ ප්‍රතම වරට නිරාවරනය වූ භාවිතාකරන්නෙකුගේ glucose මට්ටම පිලිබදව නිරන්තරයෙන් අවදියෙන් සිටින contact lenses නිමැවුම සදහා license හා commercialize ගිවිසුමකට පිවිසෙන්නට තමන් Google ආයතනය හා එකගහාවයකට පිවිසුනු බවට මේ වන විට Novartis ආයතනය නිවේදනය කොට තිබෙනවා. මිනිස් හිසකේ ගසකටට වඩා සිහින් ඇන්ටනාවක ඇසුරින් ක්‍රියාත්මක වන මෙම contact lens ඔස්සේ භාහිර උපාංගයකට ‍රැහැන් රහිත ලෙසට සම්බන්ද වීමට හැකි වන අතර භාවිතාකරන්නාගේ glucose levels පිලිබදව තොරතුරු සෑම තප්පරයකට වරක්ම හැදෑරෙමින් තොරතුරු නිකුත්කරන ලෙසට සකස්ව ඇති බවටයි කරුනු හෙලි වන්නේ. 2015 මුල් භාගයේ පලමු prototypes නිකුතුවකට ඉලක්ක ගතව ක්‍රියාත්මක වෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාම්ප්‍රධායික වෛද්‍ය ක්‍රමය ඉක්මවා යන නව ආකාරයන් භවිතාකරන්නා වෙතට ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

2014-06-27

පැමිනෙන්නට නියමිත Android L

  Android L සංවර්ධකයන් අතට පත්වීමට නියමිත මීලග Android සංස්කරනය ලෙසට මේ වන විට නිවේදනය වී හමාරය. Google ආයතනය තම වාර්ෂිකව පවත්වනු ලබන  I/O වල 2014 හමුවේදී මේ බව නිවේදනය කරන්නට කටයුතු කර සිටියාය. මෙහිදී කථා බස් කෙරෙනු නවාංග අතර Android Wear මෙන්ම Android TV ද වනවා. Android L සමග Google ආයතනය තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අනාගතය දිශාකිහිපයකට චලනය කොට ඇති බවටයි විචාරනය වන්නේ. ඔවුන් යෝජනා කරන්නේ platform එකක් ලෙසට Android ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි. තවදුරටත් මෙහෙයුම් පද්ධතියක් හුදෙක් එක් උපාංගයකට සීමාව සිටීම අතාර්කික වීම ඔස්සේ සලකා බැලීමේදී Google TV හා  Google Wear සමග එය දෛනික ජීවිතය තුල වඩාත් ප්‍රායෝගික වපසරියක් හිමි කර ගන්නට උත්සාහ කරමින් සිටින බවටයි දැක්වෙන්නේ.
                    භාවිතාකරන්නන් සදහා වඩාත් සුව පහසු ආකර්ශනීය බවක් ගෙනෙමින්  Material Design සමග නව මෙහයුම් පද්ධතිය වඩාත් සුමට අත්දැකීමක් කරන්නට කටයුතු කොට තිබෙනවා. ආයතනය තම ඉදිරිපත්කිරීමේ පෙන්වා දුන්නේ භාවිතාවේදී වඩාත් චලනීය ස්වභාවයකින් එය භාවිතාකරන්නා වෙතට පැමිනීමට සූදනමින් සිටින බවකි. එසේම Cromebook වැනි හිතවත් උපාංගයක් ලග තිබෙන විටකදී එය ඔස්සේ භාවිතාකරන්නාගේ අනන්‍යතාවය හඳුනා ගන්නට කටයුතු කිරීමත් notifications වැනි දෑ එම උපකරන ඔස්සේද භාවිතකරන්නා වෙතට නිකුත්කරන්නට හැකිවීමත් එහිදී දැක්වුනු ආකර්ශනීය කාරනා වනවා. Android Auto සමග කටයුතු කිරීමේදී ඔබගේ අනන්‍යතාවය පහසුවෙන් එය සමග හුවමාරු කරගන්නටත් එහිදී ඔබගේ ප්‍රියතම සංගීත කාන්ඩ විස්තර , පැමිනෙන මෙන්ම යවන Text පනිවිඬ තොරතුරු ඇමතුම් යොමුකිරීම් ආදිය බොහෝ කරුනු වලදී නව මෙහෙයුම් පද්ධතිය වඩාත් නම්‍යව කටයුතු කරන්නට සූදානම් බවටයි දක්වූවේ. කෙටියෙන් පවසන්නේ නම් තවදුරටත් Desk Top මෙන්ම Mobile හා wearable වැනි පැරනි ආකාරයේ එකි නෙකාගෙන් වෙන්වූ අනන්‍යතාවයන් සහිත තොරතුරු භාවිතාව තවදුරටත් වලංගු නොවීමේ පනිවිඬය Android L තහවුරු කොට සිටිනවා.

2014-06-26

Google ‍රැගෙන ආ නව ද්‍රශ්‍ය භාෂාව..( 'Material Design')

  දෘශ්‍ය භාෂාවට තොරතුරු අවකාශයතුල හිමිවන වපසරිය වඩාත් පුලුල්ය. වර්න, හැඩතල , ගැබුර වැනි යොදාගැනීම් වලට අමතරව එන චලනය ඒ බවට වඩාත් අර්ථ නංවන සුලුය. Google ආයතනය තම I/O 2014 තුලදී කල කැදවාගෙන ඒම් අතර design language එකක ලෙසට හඳුනා ගත හැකි  'Material Design' යෙදුම කැපී පෙනිනි. තොරතුරු භාවිතාවේ භාවිතාකරන්නන්ගේ කවුලුව වෙතට නව නම්‍ය අපූරු හැසිරීමක් එය එක් කොට ඇති බවට  ඔවුන් එහිදී පෙන්වා දෙනු ලැබීය.තම ප්‍රධාන භාවිතාවන් කිහිපයක් වන Calendar, Gmail, Maps වැනි භාවිතාවන් සමග මෙම නව UI කලාව වඩාත් පැහැදිලි , පිරිසුදු , නම්‍ය රටාවක් ගෙනෙන බවයි ඔවුන් වැඩි දුරටත් පොරොන්දු පලකොට සිටියේ. එහිදී පැවසුනේ Google හි මෙම නව ද්‍රශ්‍ය භාෂාව තම Google Crome මෙහෙයවුම් පද්ධතිය ඇතුලු සියලු අංගයන් සමග ඉදිරියේ මිශ්‍රවීමට නියමිත බවයි.

Android Auto සමග වඩාත් නම්‍ය ආරක්ශිත දත්ත භාවිතයක් ඔබේ රථයටත් සහතික වෙයි...

  ඔබගේ කාරයේ වන infotainment system සමග වඩාත් සාර්ථක සහජීවනයකට Android උපාංග සූදානම් කරවමින් Google ආයතනය තම Android Auto හඳුන්වා දෙන්නට ගෙවී ගිය දිනයේ පැවති Gogle I/O 2014දී කටයුතු කරන ලදී. වඩාත් පහසුවෙන් ඔබගේ Androud උපාංගය සමග එය sync වෙමින් පහසු Text හැකියාවක් , සංගීත කාංඩයකට සවන් දීමට අවස්ථාවක් , ගූගල් මැප් වැන්නක් භාවිතට හැකියාවක් එය ‍රැගෙන එන බවටයි ඔවුන් පෙන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවේ. එහිදී කැපීපෙනෙන කරනක් වූවේ මහමගදී අවශ්‍ය ආරක්ශාවට මුල් තැන දෙමින් එම ක්‍රියාකාරකම් වලදී interactive voice හැකියාවය. යැවිය යුතු මෙන්ම පැමිනි Text කියාවා දීම , ගූගල් මැප් සමග Voice ආකාරයට කටයුතු කිරීමේ හැකියාව එහිදී වඩාත් ඉස්මතුව පෙනිනි. දැනට මත මෙම නව භාවිතාව සමග කටයුතු කරන්නට වාහන නිෂ්පාදකින් ප්‍රමානයක් එකගව ඇති බවත් මෙම වසර අවසානය වන විට ඒවා වෙළඳ පොලට පැමිනෙන්නට  නියමිත බවටත් එහිදී නිවේදනය විය.

Android TV පැමිනෙයි. එය TV තිරය වඩාත් උත්කර්ෂවත් කරන බව දක්වයි!!!

  Android TV පිලිබදව කථා බහ පැවති දීර්ය කාලය අවසන් කරමින් ඊයේ පැවති Goohle I/O වලදී Google ආයතනය තම  Android TV භාවිතාව නිල ලෙසට ප්‍රකාශ කරන්නට කටයුතු කලාය. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ Android TV යනු තවත් new platform එකක නොවන අතර එය ස්මාර්ට් දුරකථනය හා ටැබ්ලට් උපකරනය ලෙසටම තිරයක ලෙසට දත්ත ජීවිතය වෙතට පැමිනෙන සහයකයෙකු බවට පත්කරවමිනි. ඔවුන් පැහැදිලි කර සිටියේ Android TV app සමග Android ware උපාංගයක් සමග , ස්මාර්ට් දුරකථනයක් සමග මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලටයක් සමග පුලුල් තිරයක අවශ්‍යතාවය ඉ‍ටුකර දෙන්නට මෙම පැමිනීම සහය වනු ඇති අතර පෙර කී උපාංග දුරස්ථ පාලකයක් මෙන් ක්‍රියාත්මක වනු ඇති බවකි.  live TV මෙන්ම on demand ලෙසට පමනක් නොව third-party apps වන  Netflix  නැතිනම් Plex වැනි භාවිතාවන්ට එය හොඳ සහයක් වනු ඇති බවකි. එය voice සෙයුම් විධාන ඔස්සේ audio හා video ප්‍රථිපල ගෙනෙන්නට කටයුතු කරන අතර සිනමා පටයක් දිනා ඇති සම්මාන නැතිනම් එහි වන නලු නිලියක පිලිබද තොරතුරු පහසුවෙන් දැකගන්නට සූදානම්ව එය පැමින ඇති බවට නිවේදනය කරන්නට ඔවුන් කටයුතු කර තිබිනි. Gaming වලට දක්වන සහය ඔස්සේ multiplayer games ඔස්සේ උපකරන දෙකක් සමග සහභාගී වීමේ හැකියාව මෙන්ම සහය දක්වන  Android උපාංගවලින්  stream content  සමග පුලුල් තිරයකදී අත්දැකීම් බෙදා ගැනීමේ හැකියාවද පෙන්වා දෙන්නට Google ආයතනය කටයුතු කර සිටියාය.

2014-06-25

Google ආයතනයද Domain" අලවියට පිවිසේ!!!!

  වර්ථමාන ලෝකයේදී ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාරයක් වුවද තම වෙබ් අඩවියක් ඔස්සේ "online" ආකාරයට නියෝජනයක් ලැබීම වැදගත් වනු ඇත්තේ භාවිතාකරන්නන්ද බොහෝ විට තම අවශ්‍යතාවයන් සදහා online ආකාරයට විසඳුම් සෙවීමට පෙලබීම වෙගයෙන් වැඩි වෙමින් ඇති නිසාය. Google අයතනය මෑතක දී කල සොයා බැලීම් වාර්ථාවක් හෙලිකර සිටින්නේ ව්‍යාපාර වලින් 55%ක් තවමත් තවමත් online අනන්‍යතාවයක් ලබා ගන්නට කටයුතු කොට නොමැති බවකි. මේ අනූව අලුත්ම වාර්ථා වලට අනූව ගූගල් ආයතනයද "Domain" වෙලඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටින බවයි දැක්වෙන්නේ. ඒ අනූව ගූගල් සේවාවක් ලෙසටද top-level domains සොයා බලන්නට , මිළඳී ගන්නට , හුවමාරු කරන්නට අවස්ථාව සැලසෙන බවට නිවේදනය වනවා. ගූගල් හිම සේවාවක් වන Google My Business සමග බද්ධව මෙම සේවාව ලබාගන්නට හැකිවනු ඇති බවට නිවේදනය වනවා. 

Google හි 2014 I/O සදහා ඉතිරිව ඇත්තේ තව හෝරා කිහිපයකි!!!!

  Google හි ප්‍රකට වාර්ෂික හමුවේ 2014 I/O සදහා ඉතිරව ඇත්තේ හෝරා කිහිපයක් පමනී. මෙම හමුවේදී සිදුවන්නට නියමිත බොහෝ දෑ අතර ඔවුනගේ බහුලතම භාවිතාවක් දිනා ගෙන ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Andrid වල මීලග සංස්කරනයේ නිකුතුව සිදුවන්නට නියමිත බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ. මෙම නිකුතුව සදහා යෙදෙන නාමය පිලිබදව තවමත් තොරතුරක් නිකුත් නොවුනද සුපුරුදු ලෙසට dessert-themed පෙලෙහි තවත් නාමයක් වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. දැනටමත් මෙම Android 5.0 හි ස්ක්‍රීන ඡාරාරූ දෙකක් යම් අතපසු වීමක් ඔස්සේ අන්තර්ජාලය වෙතට නිකුතුව තිබීමක් සටහන් වන අතර ඒවා හැදෑරීමෙන් තහවුරුව ඇත්තේ නව Android සංස්කරනය සමග තීර්නාත්මක ලෙසට UI වල වෙනසක් ‍රැගෙන එන්නට එම ආයතනය කටයුතු කරනු ඇති බවකි. එම ඡායා සටහන් වලට අනුව නව icons දෙකක් ප්‍රධාන ස්ක්‍රීනය මතින් හදුනා ගන්නා අතර "L" ලෙසට දැක් වෙන icon එක ඔස්සේ වැදගත්ම  notifications වෙතට පිවිසීමේ හැකියාව ඒ අතර කැපී පෙනෙනවා. ක්‍රෝම් බ්‍රවුසරයේ නව පෙනුමැති පැමිනීම මීට අමතරව හඳුනා ගන්නා අතර ෆ්ලැට් ආකාරයේ නව  Google account login කවුලුව ගැනද සදහන් වනවා. මීට අමතරව Android ware පිලිබදව ඇතුලු තව බොහෝ දේ පිලිබදව නිල ලෙසට තව හොරා කිහිපයකින් ඇරබෙන හමුව ඔස්සේ නිල ලෙසටම දැන ගැනීමට හැකිවනු ඇත.

2014-06-24

Google Glass බ්‍රිතාන්‍ය වෙතටද පැමිනේ!!

  Google Glass තොරතුරු ලෝකය සාම්ප්‍රධායික භාවිතාවෙන් ඉවතට චලනය වීම පිලිබදව සංකේතාත්මක පිලිගැනීමකි. එසේම එය තොරතුරු ලෝකයේ හෙට දවස විමසන්නට පෙර ගමන් කරුවෙකි. තවමත් බීටා මට්ටමින් ඇති එම උපාංගයේ අත් දැකීමට කැමති අයවලුන් සදහා ඇමරිකාවේදී මේ වන විටත් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත් කොට ඇති අතර ආරම්භයත් සමග මිශ්‍ර ප්‍රථිචාර එය වෙතට පැමිනෙනු දැකිය හැකි විය. වරක සිනමා හලකට Google Glass පැලඳ පැමිනි අයෙකු ඉන් ඉවත් කරන්නට කටයුතු කල අතර පසුව එම බලධාරීන් තමන් අතින් වූවේ අත් වැ‍රැද්දක් බවට පිලිගනු ලැබින. තවත් වරක රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් එය පැලඳි කාන්තාවකට දඩ කොලයක් ලබා දෙන්නටද කටයුතු කොට තිබිනි. මේ වන විට Google ආයතනය පවසන්නේ තම Google Glass බීටා නිකුතුව සමග එක්වන්නට බ්‍රිතාන්‍යයේ වෙසෙන උනන් දුවක් දක්වන්නටද හැකි බවකි. ඇමරිකාන නිකුතුවේදී එහි මිලගනන් වූවේ ඩොලර් 1500ක් වුවද දල ලෙසට සැලකීමේදී බ්‍රිතාන්‍ය නිකුතුවේදී එම මුදල ආසන්නව ඇමරිකානු ඩොලර් 1700කට මිලව පැමින ඇති අතර එරට පිහිටි Google Play Store වලදී දැන් ලබා ගත හැකි බවටයි නිවේදනය වන්නේ. එසේම එය වෙතට පැමින ඇති නව app කිහිපයක් පිලිබදවද නිවේදනය වන අතර ඉන් එකක් ඔස්සේ  breaking news alerts ලබා ගැනීමේ හැකියාව විස්තර කෙරෙනවා.

2014-06-20

Google තම Android ware ගැන කථා කරයි..

  ඔබගේ දත්ත ජීවිතය වඩාත් උත්කෂවත් කරන්නට නිෂ්පාදකයින් අතර ඇත්තේ ඉමහත් තරගයකි. වේගවත් , පහසු මෙන්ම වඩාත් ප්‍රායෝගික ලෙසට තොරතුරු ලෝකය වෙතට පිවිසීමේ දොර‍ටුව තමන් සතු බව සනාත කරන්නට ඔවුන් නිරන්තරයෙන් මෘදුකාංග ආකාරයට මෙන්ම මෘදුකාංග ආකාරයට තරග වදිමින් සිටිනු දැකිය හැකිය. Android Ware එම තරගට මැතකදී එක්වූ නවතම සගයෙකි. ගූගල් ආයතනය ලගදී නිකුත්කල වීඩියෝවක් ඔස්සේ තම ඉදිරිපත්කිරීම ගැන විස්තර කරමින් පවසන්නේ ස්මාර්ට් දුරකථනයකට වඩා තම Android Ware සමග එන ස්මාර්ට් ඔරලෝසුව භාවිතාකරන්නා වෙතට හැම අතින්ම ඉදිරියෙන් බව. තොරතුරු අවශ්‍යතාවයකදී භාවිතාකරන්නෙකු තම ස්මාර්ට් දුරකතනය වෙතට පිවිසීමග හා එය හැසිරවීමට ගන්නා කාලය සැලකීමේදී Android Ware සමග භාවිතාකරන්නෙකුට වාචිකව එය මෙහෙයවීමේ හැකියාව , ශ්‍රව්‍ය ආකාරයට එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව , ඇප් අයිකනයන් රාශියක් ඇති දුරකථන උහුනත මෙන් නොව වෙන් වෙන්ව ඇප්ලිකේෂනයන් සදහාවන මුහුනත් සමග කටයුතු කිරීමේ හැකියාව ආදිය සමග මෙන්ම Notifications සමග පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාවත් දක්ව සිටිනවා. මීට අමතරව වන බොහෝ පහසුකම් සමග පැමිනෙන Android Ware පිලිබදව වැඩි දුර තොරතුරු Google I/O 2014 වලදී හෙලිවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-05-15

Google Glass දෙවන පරම්පරාව නිර්මානය වෙමින් තිබේ!!!!

  Google ආයතනය මේ වන විට තම Google Glass වල අත් දැකීමට එක් වන්නට සාමන්‍යය භාවිතාකරන්නන් හට විවෘත කොට තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1500කට මිල කොට ඇති මෙම උපාංගය මෙසේ උනන්දුවන්නන් සදහා විවෘත වෙද්දී ආයතනය දෙවන පරම්පරාවේ Google Glass උපාංගය සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත් එම ආයතනය තම උපාංගයේ දෙවන සංස්කරනය සමග පැමිනෙන විශේෂතා නිල ලෙසට නිවේදනය කර නැති මුත් ආයතනයේ R&D කන්ඩායම භාවිතාකරමින් සිටින (optical coatings) වැනි අමතර තාක්ශනයන් කිහිපයක්ම එම උපාංගය වෙතට මුසු කරමින් සිටින බවටයි නොනිලව පලවන තොරතුරු හෙලි කරන්නේ. දැනට වන බලාපොරොත්තුව වන්නේ එලබෙන මාසයට නියමිත ගූගල් හි  I/O developers conference වලදී මේ පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි වනු ඇති බවටයි . එසේම මේ වන විට හෙලිවන තොරතුරු පවසන්නේ Google Glass වලට විකල්ප විය හැකි සමහර විටක අඩු පහසුකම් ඇති උපාංග අඩු මිලැතිව වෙළඳ පොලට පැමිනීමේ ඉඩකඩ පිලිබදව ආයතනයන් කිහිපයකින්ම අවධානය යොමු කරමින් සිටින බවයි.

2014-05-08

Google + කෙරෙහි Google අවධානය අඩුවීමක්!!!!

  Google ආයතනයේ සමාජ ජාලාව වන Google+ සදහා එම ආයතනයේ ප්‍රධාන අවධානය ක්‍රමයෙන් අවමවීමක් පිලිබදව මේ වන විට පලවෙමින් තිබෙනවා. මෙම ව්‍යාපෘතිය  සදහා වැඩි කැපවීමක් කරමින් සිටි ප්‍රධානියෙකු ආයතනය නික්ම යාම මෙන්ම එම අඩවිඅ සදහා වෙන්ව සිටි සේවක මන්ඩලයෙන් 1200ක ප්‍රමානයක් ඉන් ඉවත් කොට වෙනත් අංශ වෙතට යොමු කිරීම මෑතකදී සිදුවූ සිදුවීම් වලින් මේ බව දැක්වෙන බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. කෙසේ වෙතත් එම හදාරන්නන් බලාපොරොත්තු වන්නේ කිසිසේත් Google+ මෑතකාලීනව අවසක් කිරීමක් නම් සිදුවන්නට ඉඩක් නැති බවකි. you tube වැනි ඔවුන්ගේ ජනංප්‍රිය වෙබ් සේවාවන් Google+ වෙතට  එකට ගොනු කිරීම වැනි පියවරයන් පවා ආපසු ගැනීමක් සිදුවන්නට ඉඩක් නැති බවට පවසන ඔවුන් Feasbook නැතිනම් Twitter වැනි සමාජජාලා සේවාවන් තරම් ජනංප්‍රිය නොවීම කෙසේ වෙතත් cricles වැනි අංගයන් ඔස්සේ භාවිතාකරන්නෙකුට තම හිත මිතුරුකම් පහසුවෙන් වෙන් කර ගනිමින් භාවිතාවට හැකිවීම මෙන්ම සේඅවන් රාශියක් එක පිවිසීමක් ඔස්සේ විඳින්නට හැකිවීම වැනි සුවිශේෂී කාරනාවන් වලදී මෙම සමාජ ජාලාව ඉදිරියෙන් සිටින බවටයි දක්වා සිටින්නේ.


2014-04-20

Chrome OS උපාංගය ස්මාර්ට්දුරකථන අසලට ගෙන ඒමෙන්ම පමනක් සංක්‍රිය වනු ඇත....

  Google ආයතනය පවසන්නේ තම  "Easy Unlock" පහසුව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම Chrome OS උපාංගයක් පහසුවෙන් Unlock කර ගැනීම සදහා අවශ්‍ය වන්නේ තම ස්මාර්ට් දුරකථනය එ අසලට ගෙන ඒම පමනක් බවයි. තවමත් අත්හදා බැලීමේ මට්ටමේ නිකුතුවක් ලෙසට පැමින ඇති මෙම සංස්කරනය අනාගතයේදී.‍රැහැන් රහිත උපාංග අතර ඒවා unlocking කර ගැනීම සදහා පහසුවක් වනු ඇති බවයි හදාරන්නන් බලාපොරොත්තු පල කරන්නේ. මෙම අනාගත ක්‍රමවේද සදහා wireless connection  මෙන්ම geo-location data  භාවිතාවීමද සිදුවෙනු ඇති බවටයි ඔවුනගේ බලාපොරොත්තුව වැඩි දුරටත් පහැදිලි කර සිටින්නේ. Username හා Passward භාවිතාව වඩාත් අර්බුදකාරී වෙමින් පවතින සමයක මෙම විකල්ප භාවිතාව පහසුවෙන් භාවිතාකරන්නන්ගේ සිත් ගන්නට සමත්වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

2014-04-16

E-mail වලට අනවසර එබී බැලීම් චෝදනා සදහා ගූගල් විසඳුමක්!!!

  ගූගල් ආයතනය තම ඊමේල් සේවාව තුල හුවමාරුවන තොරතුරු දෙසට අනවසර එබී බැලීම් කරන බවට වන චෝදනව කාලාන්තරයක සිට පවතින්නකි. කොටින්ම එය වසර දහයකට පමන පෙර එම සේවාව ඇරබූ දා සිටම විටින් විට මතුවූවකි. ආයතනය පසුගියදා යම් භාවිතාකරන්නෙක් එම සේවාව වෙතට පිවිසෙන විට හමුවන  ආයතනය හා භාවිතකරන්නා අතරවන එගතා ගිවිසුමට මේ පිලිබදව පැහැදිලි කෙරෙන සටහනක්ද එකතු කරන්නට කටයුතු කොට තිබෙනවා. ඔවුන් පැහැදිලි කර සිටින්නේ එලෙස එම තොරතුරු දෙසට එබී බැලීම ඔස්සේ ඉලක්කක ගත දැන්වීම් ලබාදීම ඇතුලු , ස්පෑම් මෙන්ම හානිකරයන් හඳුනා ගැනීම දක්වා කාරනා රාශියක් ඉ‍ටුවන බවයි. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම නව එකතුකිරීමත් සමග විටින් විට එම තොරතුරු දෙසට එබී බැලීම පිලිබදව මතුවන නෛතික ගැටලු පිලිබදව පැහැදිලි එකගතාවයක් ඇති වනු ඇති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...