නිසි පරිදි යාවත්කාලීන කරන ලද මෙන්ම වඩාත් නවීනතම සංස්කරනය භාවිත කිරීම වඩාත්ම සුරක්ෂිත භාවිතාව වේ. එහෙත් පරිගණකයේ සමස්ථ මෘදුකාංග කොටස් අතරින් බ්‍රවුසරය එලෙස නිසිපරිදි පවත්වාගෙන යාම වඩාත් වැදගත් වන්නේ එය නිතරම බාහිරට විවෘතවන මෘදුකාංගයක් මෙන්ම හානිකරන්නන්ගේ වැඩි අවධානයක් නිතරම ලබාගන්නා මෘදුකාංගයක් වන බැවිනි. internet explorer යනු මේ අතරින්ද වඩාත් කැපී පෙනෙන මෘදුකාංගයක් වන්නේ ලොව වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයක් වන බැවිනි. Microsoft ආයතනය මේ වන විට නිවේදනය කර සිටිනවා IE 8 සදහා යාවත්කාලීන සැපයීම 2016 ආරම්භයේදී අවසන් වන්නට නියමිත බව. මේ වන විටත් ලොවපුරා භාවිතාවෙන් 20%කට වඩා භාඅවිතාවක් ලබන මෙම මෘදුකාංගය වින්ඩොස් XP සමග ආයතනික මට්ටමේ වැඩි භාවිතාවක් සිදුවන බවටයි නිවේදනය වන්නේ. දැනට නිවේදනය වී ඇති ආකාරයට සැලකීමේදී 2016 වන විට යාවත්කාලීන ලබන අවසාන IE සංස්කරනය 9 බවට පත්වීමට නියමිත අතර දැන IE වල භාවිතාවන නවතම සංස්කරන වන්නේ IE 11 වේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label Internet Explorer. Show all posts
Showing posts with label Internet Explorer. Show all posts
2014-08-09
2014-07-27
IE 2014 මුල් භාගයේ අනතුරුදායකම බ්‍රවුසරය ලෙසට නම්වේ.....
browserයනු පරිගණකයක වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයකි. වේගය , ආරක්ශාව වැනි තීර්නාත්මක සාධක ඔස්සේ නිර්නය වෙමින් භාවිතයට පැමිනෙන බ්‍රවුසරයක හැකියාව මේ වන විට හුදු වෙබ් පිටුවක් විවෘතකරදිම ඉක්මවා බොහෝ දුරට විහිදී ඇත. බහුල භාවිතාවක් ලැබීම අනෙක් අන්තයේදී බහුල ඉලක්ක ගතවීමකි යන්න යලිත් සත්‍ය කරවමින් පලවන නවතම වාර්ථාවක් පවසන්නේ IE යනු 2014 මුල් භාගයේදී වැඩිම හානිකර ප්‍රමානයකට විවරවූ බ්‍රවුසරය ලෙසට ගනනය වන බවයි. 2013 වසර හා සසදමින් ගොඩනගන ලද දෘශ්‍ය සටහනක් මත Office , Adobe Reader , Adobe Flash , Oracal Java , Google Crome, Mozilla Firefox වැනි අනෙකුත් බහුල ඉලක්කගතවන මෘදුකාංග කිහිපයකටම සසදමින් ඉදිරිපත්වන මෙම සටහනට අනූව IE හි මෙසේ කැපී පෙනෙන හානිකරයන් සදහා විවෘත වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් සිටිනවා. මේ පිලිබදව පැහැදිලි කරමින් පැවසෙන්නේ තවමත් IE6 වැනි පැරනි සංස්කරන භාවිතය මෙන්ම යාවත්කාලීන නිකුත්වීම අවසන්ව ඇති XP ඔස්සේ පැමිනිය හැකි හානිකර බව මෙසේ ගනනය ඉහල අගයක් ගන්නට හේතුව ලෙසට සැලකිය හැකි බවයි. මීට අමතරව උපදෙස් ලැබෙන්නේ වෙබ් අඩවි අතර සැරීමේදී සමහර වෙබ් අඩවි යෝජනා කර සිටින add-on හෝ යම් මෘදුකාංග කොටස් ස්ථාපනයෙන් වැලකී සිටීම ඉතා වැදගත් වනු ඇති බවකි. මීට අමතරව හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කොට තබා ගැනීමේ අවශ්‍යතාවයද අවධාරනය වෙමින් තිබෙනවා.
2014-05-22
IE-8 සදහා මාස 7ක් පිලිසකර නොවූ පෙර සැකසුම් දුර්වලතාවයක්!!!
IE-8 වල හදුනාගෙන තිබූ zero-day exploit නැතිනම් පෙර සැකසුම් දුර්වලතාවයක්න් සදහා මේ වන විට පිලිසකර යාවත්කාලීන නිකුත් නොවී මාස් අ7ක් පමන ගතව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට අසාධිත වෙබ් අඩවියක් කරා එන භාවිතාකරන්නෙකුගේ පරිගණකයකට දුරස්ථව හැසිරවීමේ හැකියාවක් ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 2013 ඔක්තෝබරයේ මෙම දුර්වලතාවය පලමුව අවධානයට ලක්වූ නමුත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ එම ආකාරයේ දුර්වලතාවයක් ඔස්සේ පහර දීම් තමන් වෙතට වාර්ථා නොවූ බවකි. එසේම එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ සමහර දුර්වලතාවන් සදහා පිලිසකර නිකුත්කිරීමට වැඩි කාලයක් ගතවන්නේ වඩාත් සංකීර්න තත්වයන් හමුවේ නැවත නැවතත් අත්හදා බලමින් වඩාත් පූර්න පිලිසකරයක් සදහා විශාල කාලයක් ගතවන නිසා බවයි.
2014-04-28
IE සියලුම සංස්කරන සදහා අනතුරු ඇගවීමක්!!!!
Microsoft ආයතනය තම Internet Explorer වල දුර්වලතාවයක් ඔස්සේ දුරස්ථව පහරදෙන්නෙකුට ක්‍රියාත්මක වීමකට ඉඩ සලසන ඉඩ කඩක් පිලිබදව මේ වන විට අනතුරු අගවා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පොදුවේ සියලුම IE සංස්කරන සදහා විවෘත මෙම අනතුර මග හැරවන්නට IE 10 හා 11 සංස්කර Protected Mode වල ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇති බවයි. ඊමේල් හෝ පනිවිඬ සේවාවක් ඔස්සේ පැමිනිය හැකි සබදතාවයක් අවදිකිරීම ඔස්සේ ආසාදිත වෙබ් අඩවියක් වෙතට ගොඩවීමෙන් පරිගණකය කරා මෙම ආසාධිත බව පැමිනිය හැකි වන අතර සැක සහිත වෙබ් අඩවි කරා නොපිවසීමටත් නන්නදුනන මූආශ්‍රයකින් පැමිනෙන ඊමේල විවෘත නොකිරීමටත් මෙන්ම පරිගණකයේ ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලිනව පවත්වා ගෙන යාමටත් කටයුතු කල යුතු බවටයි උපදෙස් ලැබෙමින් පවතින්නේ.
2014-03-07
IE 9 හා 10 සදහා ස්තීර යවත්කාලීන නිකුත්වන්නට නියමිතය...
පසුගිය පෙබරවාරි මැද භාගයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හා 10 වල හදුනාගත් දුර්වලතාවය සදහා මෙම මස සුපුරුදු මාසික යාවත්කාලීනය සමග ස්තීර පිලිසකරයක් නිකුත්වන බවටයි මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ. මෙවර යවත්කාලීන ගොනුව සමග Windows, IE හා Silverlight වල හඳුනාගෙන ඇති දුර්වලතා සදහාද යාවත්කාලීනයන් පැමිනෙන බවටයි සදහන් වන්නේ. පෙරකී බ්‍රවුසර දෙකෙහි දුර්වලතාවය සදහා මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙර "Fix it" ආකාරයේ පිලිසකරයක් නිකුත්කරන ලද අතර එය භාවිතාකරන්නා විසින් ලබාගත යුතු ආකාරයේ එකක් වූවා. ආයතනය පවසන්නේ මෙවර නිකුත්වන පිලිසකරය ස්ථීර හා යාවත්කාලීන විවෘතව තබන පරිගණක සදහා ස්වංක්‍රීයව පැමිනෙන ආකාරයේ පිලිසකරයක් වන බවයි. මෙවර යාවත්කලීන ගොනුව ආරක්ශක යාවත්කාලීනයන් පහකින් සමන්විත වන අතර එයින් දෙකක් "Critical" ආකාරයේ වනු ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ. ඉන් එකක් Silverlight media player සදහා වන අතර අනෙක් යවත්කාලීන දෙක "Important" මට්ටමේ වන බවයි පැවසෙන්නේ. Windows XP සදහා නිකුත්වන අවසාන යවත්කාලීනද මෙම ගොනුව වන අතර එලබෙන අප්‍රේල් 8 එම මෙහෙයුම් පද්ධතිය සදහා සහය දැක්වීම මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙසට අවසන් වන්නට නියමිතව පවතිනවා.
2014-03-05
IE11 සමග එන "Reading View" සදහා වෙනම Font එකකුත්
Microsoft සමාගම පවසන්නේ Windows 8.1 සමග නිකුත්වූ internet explorer 11 සමග පැමිනුන නවාංගයක් වූ Reading View සදහා භාවිතාකරන්නාගේ පහසු දෘශ්‍ය බව ලබාදෙන්නට නව Font එකක්ද නිර්මානය කල බවයි. Sitka ලෙසට නම් කර ඇති මෙම නව Font සමග වෙබ් පිටුවක් කියවීමේදී භවිතාකරන්නාට වැඩි දෘශ්‍ය බවක් මෙන්ම වෙබ් පිටුව හැසිර වීමේදීද වැඩි නම්‍ය බවක් ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවත් පවසා සිටිනවා. "scientific legibility" හැදෑරීම් ඔස්සේ නිර්මානය කල මෙම Font ඔස්සේ ලිපියක අන්තර්ගතය මෙන්ම මාතෘකාව වඩාත් කැපී පෙනෙන ආකාරයට භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට සමත්ව ඇති බවයි ඔවුන්පැහැදිලි කරන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ වෙබ් පිටු නිර්මානයේදී වඩාත් නම්‍යව මෙම ReadingView පහසුව ලබාගන්නට අවශ්‍ය Code නිකුත්කර ඇති අතර ඒවා යෙදීමෙන් මෙම වෙබ් පිටුව වඩාත් පහසුවෙන් භාවිතාකරන්නගේ කියවීම ලබාගන්නට internet explorer 11 සමග පහසුවනු ඇති බවයි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...





