ආසාධිත පරිගණකයක් ජාල ගතවීම අදාල පරිගණකය පිලිබදව ගැටලුවක් පමනක්ම නොවේය යන්න පිලිගැනීමකි. එය ඔස්සේ එම ආසාධනය විවිධ වූ ආකාරයට අනෙකුත් පරිගණක කරා ගමන් කිරීම ඉන් අනතුරුව ඇරබෙන්නට ඇත්තේ මහත් ඉඩ කඩකි. විටක දැනුවත්ව හෝ තවත් විටක ඔවුන් නොදැනුවත්ව එසේම විටක එම හිමි කරුවන්ගේ නොසැලකිල්ල ඔස්සේ පහසුවෙන් එම පරිගණකය සම්බන්ද වන අනෙකුත් පරිගණක කරා එම ආසාධනයන් පැතිරීම තවදුරටත් සාමන්‍ය ලෙසට නොසලකා හැරිය හැකි කටයුත්තක් නොවේය යන්න හදාරන්නන්ගේ යෝජනාවක් වෙමින් තිබෙනවා. එහිදී ඔවුන් යෝජනා කර සිටින්නේ ISP වරුන් හරහා එම ආසාධිත පරිගණක සීමිත අන්තර්ජාල භාවිතාවකට සීමා කර අදාල ISP සමග සම්බන්දවී එම ආසාධිත බවින් ගැල වෙන්නට කටයුතු කරන්නට පෙලබවීම අත්‍යවශ්‍ය වෙමින් ඇති බවකි. බහුල වෙමින් ඇති botnets ඔස්සේ ලොව පුරා විශාල පරිගණක සංක්‍යාවක් ආසාධනය වී ඇති අතර එවා ඔස්සේ මෙම සයිබර් අපරාධ කරුවන්ට පහසුවෙන් තවත් පරිගණක ගොදුරුකර ගන්නට අවස්ථාව ලැබීම පාලනය කිරීම සදහා මෙවන් පියවරක අවශ්‍යතාවය ඔවුන් අවදාරනය කර සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label Botnet. Show all posts
Showing posts with label Botnet. Show all posts
2014-06-04
2014-02-01
ප්‍රකට SpyEye banking malware නිර්මානය කල අපරාධකරුවා නීතිය හමුවට!!!!
FBI වෙතින් පවසෙන්නේ ප්‍රකට SpyEye නම් banking malware නිර්මානයේදී ප්‍රධාන වූ පුද්ගලයෙක් මේ වනවිට Georgia වල නිතිය හමුවේ සිටින බවයි. Aleksandr Andreevich Panin නම් රුසියානු ජාතිකයෙකු වන මෙහු එම මැල්වෙයාර් ගොනුව නිර්මානය කිරීමට හා බෙදා හරින්නට මූලික දායකත්වයක් දුන් අයෙකු ලෙසට මේ වනවිට චෝදනා ලැබ සිටිනවා. backdoored system ආකාරයට ක්‍රියාත්මක වෙමින් Pc යන්ත්‍ර ආසාධනය කරමින් ඔවුනගේ botnets ජාලය වෙතට ඒවා බැද තබාගන්නට මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වී ඇති බවටයි විස්තර වන්නේ.එහි ප්‍රධාන තම අරමුන ලෙසට ක්‍රියාත්මක වී ඇත්තේ banking login details ලබා ගැනීම බවටයි වැඩිදුරටත් විස්තර වන්නේ. පසුකාලීනව එම මෘදුකාංගයේ සංස්කරනයක් Android phones ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කරන ලද බවටත් තොරතුරු හෙලිව තිබෙනවා.
දැනට හෙලිවන තෝතුරු වලට අනූව හෙලිවන්නේ මෙම මෘදුකාංගය සයිබර් අපරාධ කරුවන් 150කට පමන අලවි කොට ඇති බවත් , ඔවුන් එය ක්‍රියාත්මක කිරීම ඔස්සේ පරිගණක පද්ධති මිලියන 1.4කට ආසන්නව ආසාධනයට පත්කොට පත්කොට ඇති අතර එහි එක් අපරාධ කරුවෙක් පැහැරගත් තොරතුරු ඔස්සේ බැංකු ගිනුම් 10000 සමග මස 6ක් තුලදී ඩොලර් මිලියන තුනක් ලබා ගෙන ඇති බවයි.
2013-12-20
අවසානයේ ZeroAccess Botකන්ඩායම පරාජය පිලි ගනී
මයික්‍රසොෆ්ට් සමාගම අද පවසා නිවේදනය කර සිටින්නේ මෙම මස මුල් භාගයේ තමන් හා FBI ඇතුලු සයිබර් ආරක්ශාව පිලිබදව විමසිලිමත් වන ආයතනයන් කිහිපයක සහයෙන් ඇරබි Zeroaccess Botජාලයට එරෙහි මෙහෙයුම සර්ථකව අවසන් ව ඇති බවයි. මයික්‍රසොෆ්ට් Digital Crimes Unit ඇතුලු කන්ඩායම එම ජාලය සම්පුර්නයෙන් බිඳ දමන්නට කටයුතු නොකල අතර ඔවුන්ගේ ඊලග පියවර ගැන විමසිලිමත්ව සිටීමට කටයුතු කරන ලදී. එම Bot කන්ඩායම විසින් යලිත් තම ආසාධිත පරිගණක වලින් සැදි ජාලය Malware එකක සමග යලිත් යාවත්කාලීන කරන්නට උත්සාහකිරීමක් සමග ඔවුනගේ IP ලිපිනයන් ලබා ගන්නට සමත්වූ අතර අදාල බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ අවසානයේ එම කන්ඩායම තම ආසාධිත ජාලය වෙත අවසන් පනිවිඬයක් "WHITE FLAG" ලෙසින් යවන්නට කටයුතු කොට ඇති බවයි.එසේම ඔවුන් නිවේදනය කරන්නේ එහි ක්‍රියාත්මක බව අත්හැර දැමුවද ඔවුනට විරුද්දව නෛතික පියවර ගැනීම තවදුරටත් සිදු වෙමින් ඇති බවකි. මටික්‍රසොෆ්ට් සමාගම මෙවැනි හානිකර ජාල රාශියක් පසුගිය වසර කිහිපය තුලදීම බිඳ දමන්නට කටයුතු කරනු ලැබුවද ඔවුනගේ නව Digital Crimes Unit වෙතින් සිදුකල පලමු මෙහෙයුම මෙය බවයි.
2013-12-07
මයික්‍රසොෆ්ට් 'ZeroAccess' බොට්නෙට් ජාලය අඩපන කිරීම නිවේදනය කරයි!!!!
මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මේ වන විට 'ZeroAccess' ලෙසට නම් වන ප්‍රකට බොට්නෙට් ආකාරයේ නොහොත් ආසධිත පරිගණකයන් මිලියන දෙකකින් සුසැදි පරිගණක ජාලයක් අඩපන කර දමන්නට තමන් සමත්වූ බවයි.ආඅතනය පවසන්නේ සෙවුම් යන්ත්‍ර භාවිතාවන් වලදී භාවිතාකරන්නා මුලා කරමින් ව්‍යාජ වෙබ් අඩවි වෙතට භාවිතාකරන්නා රැගෙන යමින් ඒවායේ වන වෙළඳ දැන්වීම් අවදි(Click) කරවා ගැනීම මූලිකව හානිකර ක්‍රියාවන් බොහොමයක් සදහා මෙම ජාලය ක්‍රියාත්මකව තිබුනු බවයි.FBI ඇතුලු ආරක්ශක ආයතනයන්ගේ සහය ඇතුව සිදුකල මෙම මෙහෙයුම නිසා මාසිකව ඩෝලර් මිලියන 2.7ක අනවසර ඉපයීමක් කරන්නට සමත්ව තිබූ ව්‍යාජ ව්‍යාපාරය දෛනිකව පරිගණක 80000 ක සහයෙන් සිදුකල මෙම අනවසර ක්‍රියාව අවසන් කරන්නට සමත්ව ඇති බවයි.ආයතනය පවසන්නේ සම්පූර්නයෙන්ම එම ජාලය බිඳදමන්නට මද කාලයක් අවශ්‍ය වන්නේ එහි ඇති සංස්කීර්න ගොඩ නැගීම නිසා බවයි.ඉතා සූක්ශම මෙම හානිකරයන් විසින් එය පරිගණකයෙන් ඉවත්කරන්නට ඉඩ නොදෙනවා සේම තවත් හානිකරයන්හට පරිගණකය වෙතට පිවිසෙන්නට සහයවීමද කරමින් සිටි බවයි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...



