Showing posts with label cloud. Show all posts
Showing posts with label cloud. Show all posts

2014-06-25

Cloud storage ඔස්සේ දත්ත භාවිතාව පහසුකර ගනිමු!!

  අප පසුකරමින් සිටින්නේ වැඩි සයිබර් අවකාශ භාවිතාවක් සිදුවන මෙන්ම එක් උපාංගයකට වඩා දෛනික ජීවිතයේදී භාවිතාකරන යුගයක්ය. තම දෘඩ තැටිය මත අවශ්‍ය දත්ත රදවා තැබීමෙන් පමනක් තව දුරටත් සැහීමකට පත්වනට නොහැකි වන්නේ වෘතිකව මෙන්ම පෞද්ගලිකව භාවිතාවන දත්ත ප්‍රමානය වේගයෙන් ඉහල යාමත් විවිධ දත්ත උපකරන ඔස්සේ විවිධ අවස්ථාවන් වලදී ඒවා භාවිතයට අවශ්‍ය වීමත් සමගය. මේ අවශ්‍යතාවයට විසදූම් ලෙසට පැමිනි එක් තොරා ගැනීමක් වූවේ විවිධ ආයතන විසින් ක්ලවුඩ් ආකරයට නැතිනම් දත්ත උපාංගයට බාහිරින් වන සර්වරයක අවසර පද හා තවත් ආරක්ශක උපංක්‍රම භාවිතාකරමින් තම දත්ත රදවා තබා පසුව වන අවශ්‍යතාවයකදී පහසුවෙන් ඔනෑම තැනක සිට ඔනෑම උපකරනයක් ඔස්සේ ඒවා ලබා ගන්නට හැකිවීමය. Microsoft , Google , Apple වැනි ආයතන පමනක් නොව තවත් ආයතනයන් රාශියක් මෙම සේවාව සැලසීමට පිවිසි අතර නොමිළේ ලැබෙන සීමිත ඉඩ ප්‍රමානයක සිට මුදල්ගෙවා ලබා ගන්නා වැඩි ඉඩ ප්‍රමානයක් දක්වා මෙම පහසුව යටතේ ලබා ගන්නට ඔවුනට හැකිවිය. මයික්‍රසොෆ්ට් සමාගම තම මෙහෙයුම් පද්ධතියේ භාවිතාවේදී පවා වෙනත් උපකරනයකින් එම මෙහෙයුම් පද්ධතිය යටතේ පිවිසෙන පහසුවෙන් තම මුල් සැකසුම් හා ගොනු භාවිතාකරන්නා වෙතට ගෙන එන්නට හැකිවන පහසුව දක්වා අද වන විට මෙමක්‍රම වේදය ආශ්‍රිත සේවා දියුනු කර තිබෙනු දැකිය හැකිය. සරලව වෙනදා මෙන් බ‍රැති ගොනුවක් ඊමේලයක් ඔස්සේ නැතිනම් skype වැනි ගිනුමක් ඔස්සේ යවනවාට වඩා භාවිතාකරන්නෙකුට ඉහත කී ආයතනයන් විසින් ලබා දෙන සේවාවකට සම්බන්දවී එහි රදවා තම පනිවිඩය තුල අදාල සබැදියාව යැවීම තුලින්ම පමනක් හැකිවීම මහත් පහසුවක් වනවා ඇත.
                  Microsoft සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ "One Drive" ලෙසට නම් වන ඉහත දැක්වූ සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට නොමිළේ ලබ දුන් ඉඩකඩ වැඩි කරන්නට මෙන්ම මිළගෙවිය යුතු ඉඩකඩ සදහා ගෙවිය යුතු මිළ ගනන් අඩු කරන්නට තීර්නය කර ඇති බවකි. ඒ අනූව එම සේවාවේ ගිනුමක් ලබාගන්න ඔනෑම අයෙකුට නොමිළේ 15GB ඉඩ කඩක්ද Office 365 සදහා ලැබෙන ඉඩ 1TB දක්වා මෙන්ම මිලදී ගන්නා අමතර One Drive අවකාශය සදහා අයකිරීම 70% දක්වා පහත දමා ඇති බවත්ය.

2014-03-28

මයික්‍රසොෆ්ට් නව CEO වරයා ආයතනයේ අනාගතය පිලිබදව මද විග්‍රහයක...

  තොරතුරු තාක්ශන භාවිතාව තව දුරටත් ඹොබයිල් හා ක්ලවුඩ් දෙසට චලනය වීම පෙර දිනයේ පැවති මෞඉක්‍රසොෆ්ට් මාධ්‍ය හමුවකදී එහි නව CEO වරයා නැවතවරක් තහවුරුකර සිටින්නට කටයුතු කරන ලදී. මයික්‍රසොෆ්ට් ආයතනය තම Office මෘදුකාංග ගොනුව වඩාත් පූර්න ලෙසට  iPad වෙතට ගෙන ඒම නිවේදනය කිරීම මූලික කර ගනිමින් පැවති මෙම හමුවේදී  තම  Enterprise Mobility Suite පිලිබදවද වැඩි දුරටත් තොරතුරු හෙලි කරන්නට කටයුතු කරනු ලැබුවා. වඩාත් වෙගයෙන් වැඩි වෙමින් ඇති භාවිතාකරන්නන පිරිසක් වැඩි උපාංග ප්‍රමානයක් ඔස්සේ පහසු වැඩි ඇප් භාවිතාවන් සමග ක්ලවුඩ් දෙසට වන්නට වන චලනය සදහා ආයතනයේ නව දැක්ම ප්‍රායෝගිකව දක්වමින්  ආයතනය පැහැදිලි කරනු ලැබුවේ එලබෙන නුදුරු දුනයකට නියමිත Build වලදී තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය තවදුරටත් එම නව ප්‍රවනතාවය දෙසට නැබුරුවීම ස්තීර කිරීම බවයි විචාරක අදහස වන්නේ.
                 නව CEO වරයාගේ තනතුරෙහි වන 52 දිනය බව මතක කරමින් තම දේශනය ඇරබූ අතර මයික්‍රසොෆ්ට් ආයතනයේ අනාගත ගමන් මග පිලිබදව පැහැදිලි කරන්නට වේලාව ගනු ලැබුවා. පැමිනෙන්නට නියමිත නව උපාංග පිලිබදවද බලාපොරොත්තු තබමින් හා ‍රැස්වන නව දත්ත සැකසෙන නව ආකාර ගැනද සදහන් කරන්නට එය අව්ස්ථාවක් කරගන්නා ආකාරය දක්නට ලැබුනා. කලකට ඉහතදී පරිගණකය වෙතට අන්තර්ජාලය අසම්බන්ද වීම ගැටලුවක් වෙමින් පැවති යුගය මෙන්ම එලබෙන යුගයෙදී ක්ලවුඩ් මූලික භාවිතාව පරිගණකයට අනිවාර්ය වීම මග හැරිය නොහැකි සාධකයක් බවට එහිදී අවධාරනය වූවා.

2013-09-20

cloud-based භාවිතාවට සාර්තක ප්‍රතිචාර - Office 365 Home Premium-

  පසුගිය ජනවාරියේ මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රකට Office හි  cloud-based ආකාරයේ භාවිතාවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලද අතර වාර්ශිකව ඩොලර් 99කට එම සේවාව ලබාගන්නට භාවිතාකරන්නෙකුට හැකිවන ලෙසට නිකුත්ව තිබිනි. පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනයේ වාර්ෂික සමාලෝචනයකදී හෙලිවූ තොරතුරු පවසා සිටියේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය අතරවන කාලයතුලදී එම  Office 365 Home Premium සේවාව සදහා පැමිනි භාවිතාකරන්නන් සංක්‍යාව මිලියන එක ඉක්මවා තිබෙන බවයි. එම සංක්‍යා සැලකීමේදී එම මෘදුකාංගයේ alone software සංස්කරනයට වඩා වැඩි ජනංප්‍රියතාවයක් ඉක්මනින් එක් කරගන්නට හැකිවෙමින් ටිබෙන බවටයි විචාරකයින් පවසන්නේ.
            පසුගිය කලයේදී ආයතන බොහොමයක සේම මයික්‍රසොෆ්ට් ආයතනයද තම සේවාවන් සදහ  cloud-based සංස්කරන හදූන්වාදීමට වැඩි උනන්දුවක් දක්වන්නට කටයුතු කරන ලද අතර හෙලි වෙමින් පවතින සංක්‍යාලේඛන පවසන්නේ එම ප්‍රවනතාවයන් හොඳින් වර්ධනය වෙමින් ඇති බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...