Microsoft සමාගම නිවේදනය කරන්නේ සාමාන්‍ය පිලිවෙතින් බැහැරව තමන් 'critical' මට්ටමේ ආරක්ෂක පිලිසකර ( security patch )යක් මේ වන විට නිකුත් කොට ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත පන ගන්වන්නට වන ආකාරයේ මෙම පිලිසකරය Windows Server 2003, Windows Vista, Windows Server 2008, Windows 7, Windows 8 and 8.1, Windows Server 2012 Windows Server 2012 R2, Windows RT Windows RT 8.1 Windows 10 Technical Preview ආදී වන සියලුම සංස්කරන සදහා අදාල වන බවත් හැකි ඉක්මනින් තම පරිගණක වල ස්ථාපනය කර ගැනීම වැදගත් වන බවත්ය. ආයතනය තවමත් මෙම පිලිසකරයට අදාලවන දුර්වලතාවය පිලිබදව නිවේදනයක් නිකුත් කර නැති අතර 10 A.M. PST වෙලාවට නිකුත්වූ මෙම පිලිසකරය එම නිකුතු වෙලාවෙන් පැය 3ක් ගතවන විට පරිගණකයේ Windows Update ඔස්සේ ලබා ගත හැකි බවට විස්තර කෙරෙනවා. පෙර අවධීයෙහි ආයතනය මෙවැනි පිලිසකරයන් ඉලක්කවන දුර්වලතාවයන් පැහැදිලි කෙරෙන සවිස්තරයක් නිකුත් කරන්නට කටයුතු කල මුත් එම තොරතුරුම පහර දෙන්නන් යොදා ගැනීමේ ප්‍රවනතාවය නිසාම පසුව එම ක්‍රම වේදය අත්හැර දමන්නට කට යුතු කරනු ලැබුවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label update. Show all posts
Showing posts with label update. Show all posts
2014-11-18
2014-09-11
windows 7 සදහා Mainstream සහය 2015 ජනවාරි අවසන් වනවා!!!!!
"...... හොඳයි ඔය කාරනාව අපි මේ විදිහට පැහැදිලි කර ගනිමු. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ නතරවුනු නැතිනම් අවසන් වුනු කාරනාවක් වන්නේ නැහැ. අදාල ආයතනයට නිරන්තරයෙන්ම එය අලුතින් පැමිනෙන හානිකරයන් ගෙන් ආරක්ශා කරගන්නට මෙන්ම පැමිනෙන නව තාක්ශනික ප්‍රවනතාත් සමග දියුනු කරන්නට සිදු වෙනවා. මොකද මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ පනගැන්වෙන පරිගණකයක් කියන්නේ සාමාන්‍ය මිනිස් භාවිතාකරන්නන් අතර තීරනාත්මක්ව තිබෙන්නක්. ඒක එයාගේ පෞද්ගලික, වෘතීය, සෞක්‍ය වැනි බොහෝ කාරනාවලදී වැදගත් කාර්යභාරයක් ඉටුකර දෙනවා.අපි දන්නවා ලොකයේ සිටින්නේ යහපත් අරමුනුම නිරන්තරයෙන් දරනා අයම නොවේ කියලා. ඉතින් ඔවුන් නිතරම උත්සාහ කරනවා මෙම පෞද්ගලික හෝ වෘතීය භාවිතාවන්ට අනවසරව පිවිසිලා තොරතුරු සොරා ගන්නට , තොරතුරු වෙනස් කරන්නට වගේ දෙවල් කරන්නට. ඔවුන් ඒ සදහා යොදාගන්නේ මෙම මෙහෙයුම් පද්ධතිවල තිබෙනා දුර්වලතාවීම සාමාන්‍ය අත්දැකීමක්. ඒනිසා තමයි මෙම මෙහෙයුම් පද්ධති නිකුත්කරන සමාගම් වලට නිරන්තරයෙන්ම අවධානයෙන් සිට නව පිලිසකරයන් නිකුත්කරන්නට වන්නේ.
මෙතැනදී Microsoft සමාගම නිවේදනය කරලා තිබෙන්නේ 2015 ජනවාරී මාසය වන විට windows 7 සදහා තම ආයතනය ලබා දෙන Mainstream මට්ටමේ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඒ කියන්නේ මේ දිනෙන් පසුව මෙම ආයතනය windows 7 සදහා නව අංගයන් නිකුත්කිරීම මෙන්ම තිබෙන ඒවා වැඩි දියුනු කිරීම සදහා කටයුතු නොකරන බවයි. ඊට පසුව එලබෙන්නේ Extended සහය කාලය වන අතර එය 2020 ජනවාරි මාසය දක්වා පවතිනව. එම කාලය තුලදී අරක්ශක යාවත්කාලීනයන් එනම් මෙහෙයුම් පද්ධතියේ හදුනා ගන්නා දුර්වලතා සදහා පමනක් යාවත්කාලීන නිකුත් කරන්නට පටන් ගන්නවා. සරලව තත්වය පැහැදිලි කලොත් නව පරිගණකයක් මිළ දී ගැනීමකදී එහි භාවිතාව ඉදිරි වසර පහට වඩා සැලසුම්ව තිබෙනවා නම් දෙවරක් සිතිය යුතු වනවා. එසේම කියන්නට ඔනේ 2023 වන විට windows 8 සදහාද Extended සහය අවසන් කරන්නට දැනට සැලසුම්ව ඇති බව...
2014-08-13
'August Update' කැපී පෙනෙන වෙනසක් ගෙනවිත් නැත...
හදාරන්නන්ගේ දැඩි අවධානයක් ලබා සිටි 'August Update' for Windows 8.1 යාවත්කාලීනය මේ වන විට නිකුත්ව ඇති අතර ප්‍රධාන ගනයේ වෙනසක් නොගෙනෙන ලද යාවත්කාලීනයක් ලෙසට එය විචාරනය වෙමින් තිබෙනවා. Start මෙනුවේ නව සංස්කරනයක් පවා මෙම යාවත්කාලීනය සමග පැමිනීමේ බලාපොරොත්තුවක් වූ අතර නවාංග කිහිපයක් එයත් සමග පැමිනෙන්නට ඉඩ ඇති බවට බලාපොරොත්තුව වූ මුත් එසේ නොවූ අතර වසර අවසානයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන වින්ඩෝස් වල මීලග සංස්කරනයේ පෙර නිකුතුව සමග එම පැමිනීම් වනු ඇති බවට මේ වන විට බලාපොරොත්තුව වන්නේ. Microsoft ආයතනය පැහැදිලි කොට සිටින්නේ මෙම යාවත්කාලීනය සමග touchpad භාවිතයට වඩාත් නිවැරදි වන යාවත්කාලීනයක් , Wi-Fi භාවිතාවට දියුනු කිරීමක් සමග SharePoint Online භවිතාවට පහසුකිරීමක් පැමින ඇති බවයි.
නව යාවත්කාලීනය ලබා ගැනීමෙන් අනතුරුව Modern app මුහුනත් සමග taskbarවල නිරන්තර රැදී සිටීමක් දක්නට ලැබෙන බවට සමහර භාවිතාකරන්නන් අත්දකිමින් සිටින බවට වාර්ථාවන අතර තවමත් Microsoft වෙතින් මේ පිලිබදව පැහැදිලි කිරීමක් සිදුව නැති අතර මෙම යාවත්කාලීනය ස්වංක්‍රීයව මාසික යාවත්කාලීන රටාවට ඔස්සේ ලබා ගන්නට හැකි වනු ඇති බවටයි වාර්ථා වන්නේ.
2014-08-02
"August Update" මෙම මස 12 නිකුත්වේවි!!!
Windows 8 සදහා පැමිනෙන මීලග අනු ප්‍රධාන යාවත්කාලීනය update 2 ලෙසට නොව "August Update" ලෙසට නම්වෙනු ඇති බවටයි මේ වන විට තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. හදාරන්නන් බලාපොරොත්තුවූ පරිදි විශාල වෙනස්කම් ප්‍රමානයක් නොගෙනෙන යාවත්කාලීනයක් ලෙසට මෙම නිකුතුව පිලිබදව බලාපොරොත්තුවූවද නොනිල තොරතුරු වැඩි දුරටත් අනුමාන කරන්නේ පෙරදී Threshold නැතිනම් මීලග ප්‍රධාන windows සංස්කරනය සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවූ Start menuව මෙම නිකුතුවට අඩංගුවීමේ ඉඩක් ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගමට තම මෙහෙයුම් පද්ධතිය desktop භාවිතාවකදී windos 7 හා සමාන ස්වරූපයකට ගෙන එන්නට උත්සාහකරමින් සිටින අතර ඉදිරියේ පැමිනෙන ප්‍රධාන සංස්කරනයත් සමග එකම මෙහෙයුම් පද්ධතියක් වුවත් ස්ථාපනය කරන උපාංගය අනූව වඩාත් හිතකර අංගයන් ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නාහට වඩාත් පහසු නම්‍ය පරිසරයක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනවා.මෙම August Update සමග සමස්තයක් ලෙසට ඒතරම් කැපී නොපෙනෙන UI දියුනුකිරීම් කිහිපයක් සමන්විත වනු ඇති බවට තොරතුරු පවසන අතර එය මේ මස 12 දින පැමිනෙනු ඇති බවටයි අපේක්ෂාව වන්නේ.
2014-07-21
Windows8.1 update 2 අගෝස්තු 12 පැමිනේවි!!
Windows 8 වෙතට මීලගට පැමිනෙන යාවත්කාලීනය පිලිබදව දැඩි අවධානයක් ඇත. ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනය එලබෙන වසරට නියමිතව ඇති අතර ඊට පෙර වින්ඩොව්ස් 8.1 උප්ඩටෙ 1 පැමිනීමක් පිලිබදව බලාපොරොත්තුවක් ඉගිව තිබිනි. නිල නොවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ මෙම අනු යාවත්කාලීනය එලබෙන අගෝස්තු 12 දා නිකුත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි. Update 1 යාවත්කාලීනයට වඩා වෙනස් මගක්ගන්නට නියමිත මෙම නිකුතුව සමග නවාංග පැමිනීමට ඉඩ නැති අතර ප්‍රමානයෙන් කුඩා නිකුතුවක් වනු ඇති බවට පැවසෙන අතර මෙහෙයුම් පද්ධතියේ දුර්වලතා පිලිසකර හා වඩාත් ශක්තිමත් ක්‍රියාකාරීත්වයක් සදහා අවශ්‍ය සැකසුම් වලින් පමනක් සමන්විතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්‍ටුවන බවට හෙලි වනවා. එලබෙන මසට නියමිත 'Patch Tuesday' සමග මෙම නිකුතුව සිදුවනවා ඇති බවට හා ස්වංක්‍රීයව ස්ථාපනය වන්නක් හැටියට හැටියට එය බලපොරොත්තුවන බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.
2014-05-13
වින් 8 සදහා වින්8.1 update කිරීම ජූනි 10ට පෙර නොලැබුන හොත් ඉදිරි update නොලැබී යනු ඇත.....
Microsoft සමාගම නිවේදනය කර සිටින්නේ තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධති Windows 8.1 වෙතට update කිරීම සදහා වූ කාලය තවත් දින 30කින් දිගු කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. ආයතනය windows 8.1 නිකුතුවේදී පවසා සිටියේ මෙම මැයි 13ට පෙර වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධති නව අනි සංස්කරනය වෙතට update නොකල හොත් ඉදිරියට එම මෙහෙයුම් පද්ධති සදහා යාවත්කාලීන නොලැබීමක් සිදුවනු ඇති බවයි. මෙම නව තිර්නයත් සමග වින්ඩෝස් 8 භාවිතාකරන්නන් හට තම මෙහෙයුම් පද්ධති වින්ඩෝස් 8.1 වෙතට ඉහල නැවීමේ කාලය ජූනි 10 තෙක් දීර්ග වනු ඇති බවටයි දැක්වෙන්නේ. තම පරිගණකයන් හට මෙලෙස අඛංඩව යාවතාකාලීන නොකඩවා ලැබීමේ පහසුව වඩාත් ආරක්ශාකාරී පරිගණක භාවිතාවකට වැදගත් වන අතර විශේෂයෙන් මෙහෙයුම් පද්ධතිය වෙගවත් සංස්කරන නිකූතුන් රාමුවක් යටතේ තිබෙන විටදී වඩාත් වැදගත් වනු ඇති බවටයි හදාරන්නන්ගේ අදහස වන්නේ. enterprise මට්ටමේ මෙහෙයුම් පද්ධති සංස්කරන සදහා මෙම කාල සීමාව එල බෙන අගෝස්තු 12 දක්වා පෙර දක්වා තිබුන අතර එම දින වකවානු වල වෙනසක් මේ දක්වා එම ආයතනය දක්වා නොමැත.
2014-04-23
win 8 සදහා තවත් මෙගා යාවත්කාලීනයක් එලබෙන අගෝස්තුවේ!!
Microsoft වෙතින් වින්ඩෝස් 8.1 වෙතට මෙගා ආකාරයේ යාවත්කාලීනයක් නිකුත්වී ගතව ගොස් ඇත්තේ කෙටි කාලයකි. Windows 8 නිකුතුවත් සමග මයික්‍රසොෆ්ට් සමාගම වෙනස් කල තම ක්‍රමවේද අතර වූ තම මෙහෙයුම් පද්ධතිය වෙතට වේගවත් මෙගා ආකාරයේ යාවත්කාලීන නිකුත් කිරීමේ ක්‍රියාවලියට අනූව එලබෙන අගෝස්තුවේ මීලග ප්‍රධාන ආකරයේ යාවත්කාලීනයක් පැමිනෙනු ඇති බවටයි මේ වන විට නිල නොවන ලෙසට පැවසෙන්නේ. හදාරන්නන් අනුමාන කරනුයේ දැනට මත් පලවී ඇති ආකාරයට වන Start Menuව නැවත පැමිනීම මෙන්ම Metro apps ඩෙස්ටොප් මත ධාවනය වීමේ හැකියාව මෙම යාවත්කාලීනය සමග පැමිනෙනු ඇති බවය. මෙම වසර තුල ඒවා පැමිනෙනු ඇති බවට Build 2014 වලදී ප්‍රකාශයට පත්ව තිබිනි.
2015 ට බලාපොරොත්තු වන Windows 9 වලදී smart phone හා Tablet තල දෙකෙහිම ධාවන වන නව මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක් පිලිබඳව මේ වන විට අනුමානය වෙමින් ඇති අතර ආයතනය තුල මේවන විට මෙම නව ආකාරයේ මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය වෙමින් පවතින බවටයි බලාපොරොත්තුව වන්නේ. එය ARM-powered devices වලට පමනක් සීමා වනු ඇති බවටයි වැඩි දුරටත් අනුමානය වෙමින් ඇත්තේ. Windows 8 සමග ඩෙස්ටොප් භාවිතාව අවුල්වීමත් ටැබ්ලට් හා ස්මාර්ට් දුරකථන අතර පරතරය සමනය කිරීම වැනි ඉලක්ක කිහිපයක් මෙම නිකුතුව තුලදී පැහැදිලි වනු ඇති බවටත් විචාරකයින් බලපොරොත්තුව පලකරනවා.
2014-04-13
Windows 8.1 Update ස්ථාපනය සමහර පරිගණක සදහා තවමත් ගැටලු සහිතයි!!!!
මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8.1 සදහා නව Update ගොනුවක් නිකුත්කරමින් පවසා සිටියේ මෙම නව යාවත්කාලීනය ලබා නොගන්නා පරිගනක සදහා ඉදිරි යාවත්කාලීනයන් ලබා ගන්නා නොහැකි වනු ඇති බවයි. සමහර භාවිතාකරන්නන් වෙතින් නැගුනු පැමිනිල්ලක් වූවේ එම නව යාවත්කාලීනය තම පරිගණක වෙතට ස්ථාපනයට උත්සාහ කිරීමේදී අසාර්ථක වූ බවයි. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය මෙම ගැටලුව ඉලක්ක කරගනිමින්ම පිලිසකර යාවත්කාලීන දෙකක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා. තවමත් ගැටලුව පවතින පරිගණක සදහා ආයතනය ඉදිරියේදී වඩාත් සවිස්තරාත්මක සටහනක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවට නිවේදනය වී තිබෙනවා. නිල ලෙසට අනුමත නොවුනද පලපුරුදු භාවිතාකරන්නන් සදහා අනුගමනය කල හැකි පියවර කිහිපයකින් යුතු පියවරක් ඔස්සේ මෙම ගැටලුව නිරා කරනය කර ගත හැකි බවට පවසන හදාරන්නන් පිරිසක් පහත දැක්වෙන ක්‍රියාමාර්ගය දක්වා සිටිනවා.
- Run CMD as administrator (Go to start screen, all apps, search CMD, right-click and select run as administrator)
- Enter: dism /online /remove-package /packagename:Package_for_KB2919355~31bf3856ad364e35~amd64~~6.3.1.14
- When step 2 has completed, enter: dism /online /cleanup-image /startcomponentcleanup
- Retry the update!
2014-04-12
නව යාවත්කාලීනය සමග වින්ඩොස් 8 සමබර භාවිතාවකට....
මයික්‍රසොෆ්ට් සමාගම වින් 8 හදුන්වාදීමේදී තම ප්‍රධන මෙහෙයුම් පද්ධතිය සදහා ගැටලු දෙකක් නිර්මානය කරගත්තාය. එකක් දැඩි අසංවේදී ආකාරයට KeyBoard , Mouse භාවිතාකරන්නන් ගෙන් මෙහෙයුම් පද්ධතිය ඉවතට ගමන් කරවීම හා වින්8 සමග ඇප් එකක් ලෙසට පැමින තිබූ වින් 7 වලට සමාන මුහුනත කෙරෙහි භාවිතාකරන්නන්ගේ අවධානය නියමිත ලෙසට ලබා ගන්නට ක්‍රියා නොකිරීමය. ස්පර්ශක තිර මූලික පැමිනෙමින් පවතින නව භාවිතාව ගැන අධිතක්සේරුවකට පැමිනීමේ වරද කෙමෙන් සමනය කර ගන්නට වින්ඩෝස් 8 සදහා නිකුත්වූ මෙගා ආකාරයේ යාවත්කාලීන සංස්කරනය වූ වින්ඩෝස් 8.1 වලදී ක්‍රියාකිරීම ඇරබූ එම සමාගම මෑතකදී නිකුත්වූ දෙවන යාවත්කාලීන ගොනුව වූ වින්ඩෝස් 8.1 Update 1 වලදී KeyBoard , Mouse ප්‍රමුක භාවිතාව සමස්ථ මෙහෙයුම් පද්ධතිය සදහාම වඩාත් හොඳින් විවෘත කර තිබිනි.
ඹොඩර්න් ඇප් සදහා වූ සම්පූර්න තිර අවකාශයට Mouse, Keyboard මිත්‍ර බව ගෙනෙමින් සුපුරුදු Taskbar ගෙනෙන්නට ඔවුන් ක්‍රියාකර ඇති අතර තිරය ඉහලින් ලබා ගත හැකි බාරය ඔස්සේ Close හා Minmiize හකියාවන් නැවත ගෙනවිත් තිබේ. එසේම පැරනි ඩෙස්ක්ටොප් මුහුනතෙහි ටාස්ක්බාර් එක වෙතට මොඩර්න් ඇප් වල ලින්ක් ලබා ගැනීමේ හැකියාවත් සමග K & M භාවිතකරන්නෙකුට පහසුවෙන් Modern app එකක් ක්‍රියාකරවීමේ හැකියාවත් ගෙන විත් ඇත. එසේම මොඩර්න් ඇප් ස්ක්‍රීනය මත සිට පහසුවෙන් sleep , shout down , Restart වැනි පහසුකම්ද ගෙනෙන්නට ඔවුන් ක්‍රියාකර සිටින අතර Modern screen වල සිට all app තිරය වෙතට පිවිසීමේ හැකියාවද වඩාත් පහසු කිරීම කර ඇත.
සමස්තයක් ලෙසට වින්ඩෝස් 8 වෙතට පැමින ඇති නව යාවත්කාලීනය සමග මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8 මුල්ම නිකුතුවත් සමග සිදුවූ K & M භාවිතාකරන්නන්ගෙන් ඉවතට ගමන් කිරීම සමනය කරන්නට ක්‍රියාත්මකව ඇති බව විචාරනය වෙමින් ඇති අතර ස්පර්ශක තිර මූලික වැඩි වෙමින් ඇති අනාගත භාවිතාවට මෙන්ම තවමත් බහුල වශයෙන් ඇති keyboard , mouse භවිතාකරන්නන් සදහාද අපහසුවක් නොදැනෙන සමබර මට්ටමකට ගෙනෙන්නට කටයුතු කර ඇත.
2014-03-28
Microsoft Word 2010 සදහා හදුනාගෙන ඇති හානිකරයට Fix It පිලිසකරයක් දැනට...
මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ තම Microsoft Word 2010 වෙතට තවමත් හඳුනා නොගත් කන්ඩායමක් විසින් එහි වන දුර්වලතාවයක් ඔස්සේ කරන පහරදීම Word 2010 සමග වන සියලු Windows හා Mac ව්ල applications සදහා විවෘතව පවතින බවය. ආයතනය මෙය වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසා සිටියේ remote code execution අකාරයේ වන මෙම පහරදීම විශේෂ ආකාරයට සකසන ලද Rich Text Format ගොනු ඔස්සේ හා එසේම සකසන ලද Microsoft Outlook සමග නිර්මානය කරන ලද Microsoft Word ඔස්සේ විවෘත වීමට අවශ්‍ය වන ආකාරයට එවනු ලබන(email viewer ලෙසට) ගොනු ඔස්සේ සිදුවන් බවයි. ආයතනය මේ වන විටත් මෙම දුර්වලතාවය සදහා "Fix-It" ආකාරයේ පිලිසකරයක් නිකුත්කර ඇති අතර එය භාවිතාකරන්නා විසින් ලබා ගතයුතු ආකාරයේ වන අතර ස්තීර පිලිසකරයක් මේ වන විට නිම වෙමින් පවතින අතර එට ස්වංක්‍රීයව ස්ථාපනය වන ලෙසට ඉදිරියේදී නිකුත් කරන්නට කටයුතු ලරමින් සිටින බවයි. එසේම ආයතනය අවධාරනය කර සිටින්නේ මෙම හානිකරය WordPad සදහා අදාල නොවන බවයි.
2014-03-11
iOS 7.1 නවාංග කිහිපයක්ද සහිතව නිකුත්වේ!!!!
Apple ආයතනය තම iOS 7 මෙහෙයුම් පද්ධතිය සදහා ප්‍රධාන යාවත්කාලීනය iOS 7.1 නමින් අද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. හදුනාගෙන තිබූ දුර්වලතා කිහිපයකට පිලිසකර සමග UI සදහා දියුනු කිරීම් කිහිපයක් ප්‍රමුක කාරනා කිහිපයක් සහිත මෙම නිකුතුව පසුගිය නොවැම්බරයේ දී සංවර්ධකයන්ට නිකුත්කරන ලද අතර iOS 7 සමග වූ දුර්වලතා සැකසීම සදහා සෑහෙන කාලයක් වැයකරන ලද නිකුතුවක් ලෙසටයි සැලකෙන්නේ. මෙම නිකුතුව සමග නව shutdown slider පහසුව වේගවත් animations දියුනු කිරීම් මෙන්ම app ක්‍රියාත්මක වීමේදී වැඩි වේගයක් සමග වෙගවත්කල multitasking හැකියාවක් පිලිබදව නිවේදනය කර සිටිනවා.
CarPlay සමග iPhone භාවිතාකරන්නෙකුට තම Car එකෙහි dashboard display සමග සම්බන්දව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන අතර දැනට තෝරාගත් මොස්තර කිහිපයක් සමග කටයුතු කරනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.එසේම carplay සමග Siri පහසුවද සමන්විතව පැමිනෙනු ඇති බවටයි පවසන්නේ. එය වඩාත් පැහැදිලි කරන ඔවුන් ගෝශාකාරී පරිසරයකදී වුවත් භාවිතාකරන්නාගේ කටහඬ හදුනා ගැනීම් අපහසු වන විට manually control වෙතට පහසුවෙන් පිවිසීමේ හැකියාව වඩාත් දියුනු කර ඇති අතර natural-sounding voices සදහාද දියුනු කිරීම් වන බවටයි නිවේදනය කරන්නේ.
මීට අමතරව Music හා Calendar apps වලට ගෙනවිත් ඇති දියුනු කිරීම් මෙන්ම now playing screen වල සිටම ගීත මිලදී ගැනීමේ හැකියාවත් ගෙනවිත් ඇති අතර පසුගිය කාලය මුලුල්ලේ සිටම home screen වල වූ crashes තත්වය පිලිසකර කිරීම් සදහන් වනවා. iOS 8 සදහා සංවර්ධකයන් සදහා නිවේදනය වීම එලබෙන ජූනි වල සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
2014-03-07
IE 9 හා 10 සදහා ස්තීර යවත්කාලීන නිකුත්වන්නට නියමිතය...
පසුගිය පෙබරවාරි මැද භාගයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හා 10 වල හදුනාගත් දුර්වලතාවය සදහා මෙම මස සුපුරුදු මාසික යාවත්කාලීනය සමග ස්තීර පිලිසකරයක් නිකුත්වන බවටයි මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ. මෙවර යවත්කාලීන ගොනුව සමග Windows, IE හා Silverlight වල හඳුනාගෙන ඇති දුර්වලතා සදහාද යාවත්කාලීනයන් පැමිනෙන බවටයි සදහන් වන්නේ. පෙරකී බ්‍රවුසර දෙකෙහි දුර්වලතාවය සදහා මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙර "Fix it" ආකාරයේ පිලිසකරයක් නිකුත්කරන ලද අතර එය භාවිතාකරන්නා විසින් ලබාගත යුතු ආකාරයේ එකක් වූවා. ආයතනය පවසන්නේ මෙවර නිකුත්වන පිලිසකරය ස්ථීර හා යාවත්කාලීන විවෘතව තබන පරිගණක සදහා ස්වංක්‍රීයව පැමිනෙන ආකාරයේ පිලිසකරයක් වන බවයි. මෙවර යාවත්කලීන ගොනුව ආරක්ශක යාවත්කාලීනයන් පහකින් සමන්විත වන අතර එයින් දෙකක් "Critical" ආකාරයේ වනු ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ. ඉන් එකක් Silverlight media player සදහා වන අතර අනෙක් යවත්කාලීන දෙක "Important" මට්ටමේ වන බවයි පැවසෙන්නේ. Windows XP සදහා නිකුත්වන අවසාන යවත්කාලීනද මෙම ගොනුව වන අතර එලබෙන අප්‍රේල් 8 එම මෙහෙයුම් පද්ධතිය සදහා සහය දැක්වීම මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙසට අවසන් වන්නට නියමිතව පවතිනවා.
2014-03-06
Windows 8.1 සදහා එන පලමු මෙගා යාවත්කාලීන ගොනුවේ නිල නාමය Feature Pack වේවි.
Windows 8.1 සදහා පැමිනෙන්නට නියමිත නවතම යාවත්කාලින ගොනුව පිලිබදව ලොලයන්ගෙන් ඇත්තේ නොමද අවධානයකි. එය පැමිනෙන දින වකවානු , එහි නිල නාමය පමනක් නොව එහි අඩංගුව පැමිනෙන දෑ පිලිබදව නොනිල මට්ටමින් නෙකෙ තොරතුරු පලවෙමින් ඇත. පසුගිය සතියේ පලවූවේ එහි RTM version ගොනුව අවසන්ව ඇති බවකි. මේ වන විට අන්තර්ජාලය වෙතට පැමින ඇති නවතම තොරතුරු හෙලිකරන්නේ එය නිල ලෙසට Feature Pack නමින් නම් වන්නට නියමිත බවකි. මෙම නව යාවත්කාලීනය සමග Windows 8.1 වෙතට ගෙනෙන්නට නියමිත KEYBOARD හා MOUSE භාවිතාකරන්නන් වෙනුවෙන් ප්‍රධාන නවාංග නිසාම මෙම නාමය එයට ලැබී ඇති බවටයි හැගෙමින් ඇත්තේ. එසේම මෙම යාවත්කාලීනය සමග internet explorer සදහා ප්‍රධාන නව සංස්කරනයක් නොපැමිනෙන අතර පැමිනෙන නව අනු සංස්කරනය IE 11.0.7 ලෙසට නම්ව තිබෙනු ඇති බවටයි මේ වන විට නිකුත්ව ඇති නොනිල තොරතුරු හෙලිකර සිටින්නේ.
මීට අමතරව පසුගිය දිනවල කථා බහට ලක්වූ Windows 8.1 with Bing සංස්කරනයක් පිලිබදව මේ වන විට තොරතුරු පලවෙමින් ඇති අතර ඒවායින් පැවසෙන්නේ මෙම සංස්කරනය අඩු මිලැති උපාංග සදහා OEM සංස්කරනයක් වන අතර එහි ප්‍රධාන බ්‍රවුසරය IE වෙනස්කල නොහැකිවන සේ සමන්විතව පැමිනෙන්නට නියමිත බවකි.
2014-02-28
Windows 8.1 වල update1 අප්‍රේල් 8 නිකුත්වීමේ ඉඩක්!!!!
Windows 8.1 සදහා පැමිනෙන්නට නියමිතව ඇති update 1 නිකුතුව එලබෙන අප්‍රේල් 8 වන විට නිකුත්වන්නට බෙහෙවින් ඉඩ ඇති බවටයි නිල නොවන ආරන්චි මාර්ග හෙලිකර සිටින්නේ. එහෙත් MSDN subscribers සදහා එය අප්‍රේල් 2 වන විට ලබා ගන්නට හැකිවනු ඇති බවටත් පැවසෙනවා. මෙම දිනය මයික්‍රස්ප්ෆ්ට් වල මාසික යාවත්කාලීනය නිකුත්වන "Patch Tuesday" වන අතර Windows XP සදහා අවසන් යාවත්කාලීනයන් පැමිනීමට ඉඩ තිබෙන දිනට ලෙසටත් බලාපොරොත්තුවන්නේ වසර 12ක සේවය අවසන් කරමින් නිල ලෙසට windows XP භාවිතයෙන් ඉවත්වීමද එම මසට යෙදී ඇති නිසාය. windows 8.1 සදහා පැමිනෙන update 1 නිකුතුව පිලිබදව මේ වන විට පැමින ඇති තොරතුරුවලට අනූව එය යලිත් පැරනි ඩෙස්ටොප් භාවිතාව දෙසට මද මිත්‍ර චලනයක් රැගෙන එමින් Key Board හා Mouse හිතැති බවක් මෙහෙයුම් පද්ධතියට ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර ඒවා අතර Modern apps සබදතාවයන් පැරනි Destop Bar වල සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැරනි හුරු පුරුදු Start Menu ව නැවත පැමිනීම ඇතුලු කාරනා වනවා.
2014-02-26
Office 2013 සදහා පලමු service pack නිකුතුව සිදුවේ...
Microsoft සමාගම තම Office 2013 සදහා වන පලමු service pack නිකුතුව නිවේදනය කර සිටිනවා. එම නිකුතුව x86 හා x64 ලෙසට ලබා ගන්නට හැකිවන අතර භාවිතාකරන්නා ස්ථපනය සදහා තොරා ගන්නා ආකාරය අනූව 643 හෝ 774 MB ලෙසට වනු ඇති බවටයි පවසන්නේ. පෙර දී සිදුවූ ආකාරයටම මෙම නිකුතුව Office සදහා පෙරදී සිදුවූ සියලු යාවත්කාලීන්ගෙන් සමන්විත වන අතර නව නිකුතුව සමග වැඩි දියනු කරන ලද ආරක්ශක හා මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වයන් භාවිතාකරන්නා වෙතට ගෙන විත් ඇති බවටයි නිවේදනය වන්නේ. පහත දක්වෙන සබදතා ඔස්සේ පිවිසීමෙන් එම නිකුතුවන්ගේ ඔබගේ භවිතාවෙමින් ඇති ස්ංස්කරනයට අදාල ගොනුව ලබා ගන්නට හැකි වනු ඇත.
2014-02-23
Windows 8.1 සදහා වන update 1 නිල ලෙසට නිවේදනය වේ!!!!
Microsoft ආයතනය මේ වන විට windows 8.1 සදහා බලාපොරොත්තුවෙන් සිටින update 1 පැමිනීම නිල ලෙසට නිවේදනය කර සිටිනවා. එම ආයතනය මෙම නිකුතුව spring update ලෙසට නම් කරමින් එම නිවේදනය නිකුත්කර තිබෙනවා. වින්ඩෝස් 8.1 වෙතට පැමිනෙන වෙනස්කම් කිහිපයක් පිලිබදව මෙම යාවත්කාලීනය සම්බන්දයෙන් මේ වන විටත් තොරතුරු පැවසෙමින් ඇති අතර ඒ අතර Modern app සදහා title bar ඒකක් මෙන්ම Modern apps මෘදුකාංග task bar වෙතට pin කිරීමේ හැකියාව මෙන්ම jumplist පැමිනීම ආදිය වනවා. "this spring" වලදී නිකුතුවට සැරසෙන මෙම යාවත්කාලීනය keyboard & mouse භාවිතාකරන්නන් සදහා Modern apps වලට වැඩි පහසුකම් රැගෙන එනු ඇති බවටයි නිවේදනය වන්නේ. එසේම මෙම යවත්කාලීනය Windows Update ඔස්සේ ලබා ගන්නට හැකිවන බවටයි ආයතනය පවසා සිටින්නේ. මීට අමතරව Power හා Search icon සදහා දියුනු කිරීම් මෙන්ම තවත් අමතර පහසූන් කිහිපයක්ම වන බවට එම නිවේදනය පවසනවා.
මෙම යාවත්කාලීනය සදහා අවශ්‍ය වන දෘඩාංග මට්ටම 1GB රැම් බලයක් හා 16GB ගබඩා පහසුවක් ලෙසට පැවසෙන අතර අඩුමිලැති උපාංග නිෂ්පාදනය කරන්නන් සදහා මෙහෙයුම් පද්ධතියේ මිල අඩු කිරීම් ලෙසට 70% ක පහසුවක් මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර තිබෙනවා. අදාල නිකුතුවේ දිනය ඉශිරියේ නිවේදනය වන්නට නියමිත අතර එය බොහෝ විට එලබෙන අප්‍රේල් වලට යෙදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
හදුනා ගත් Flash player plugin දුර්වලතාවයට පිලිසකර නිකුත්වේ
Adobe ආයතනය ගෙවී ගිය දින කිහිපයකට පෙර තමන්ගේ Flash player plugin වල හදුනාගත් දුර්වලතාවයක් සදහා හෝරා කිහිපයක් තුලදී පිලිසකර නිකුත්කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වූවා. serious vulnerability මට්ටමේ එම හදුනා ගැනීම සයිබර් ආරක්ශක සමාගමක් විසින් හෙලිකිරීමෙන් අනතුරුව මෙම පිලිසකර වීම සිදුවූ බවටයි වාර්ථ වූවේ. එම ආයතනය මෙම හානිකර බව ප්‍රසිද්ධ කරමින් හෙලිකර සිටියේ zero-day exploit ආකාරයේ මෙම හානිය පහර දෙන්නන් විසින් වෙබ් අඩවි කරා පැමිනෙන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව තිබූ බවයි. ඔවුන් එම පැමින්න්නන් code-injection සමග exploit serve වෙතට හරවා යවන්නට කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ.
මෙම හානිකර බව Windows XP, Windows 7 , Java 1.6 හා Microsoft Office 2007 හෝ 2010 භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව ඇති බවත් විශේෂයෙන්ම යාවත්කාලීනයන් රහිතව මෙම භාවිතාවන් සිදුවන පරිගණක ඔවුනගේ පහසු ඉලක්කවෙමින් තිබු බවටත් පවසා සිටියා. Adobe ආයතනය එම යාවත්කාලීනයන් නිකුත් කරමින් පවසා සිටින්නේ Flash player භාවිතාකරන්නන් අතර automatic updates අක්‍රියකර ඇති භාවිතකරන්නන් තම අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවයි.
2014-02-16
Windows Phone 8.1 ගැන වැඩිදුර තොරතුරු හෙලිවෙමින් ඇත.....
මේ වන විට Windows phone 8.1 වල නොනිල තොරතුරු අන්තර්ජලය වෙතට විටින් විට විට ලැබෙමින් පවතිනවා. එසේ පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ start screen මුහුනත භාවිතාකරන්නාට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකිවා නොහොත් background customization සමග මෙම නව සංස්කරනය පැමිනෙන්නට නියමිත බවකි. ඒත් සමග Start screen යේ පසුබිම සදහා මෙතෙල් ලැබුනු සුදු හෝ කලු වර්ර්නය පමනක් යොදා ගැනීමේ හැකියාව වෙනුරට භාවිතාකරන්නාට තම කැමති image එකක් යෙදීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි හෙලි වන්නේ. එසේම ප්‍රමානයෙන් විදාල ස්ක්‍රීනයක් භාවිතාවන විටදී additional column එකක් ඔස්සේ වැඩි පුර Tiles එකතුකර ගැනීමේ හැකියාවත් මෙම නව නිකුතුව ඔස්සේ භාවිතාකරන්නා හට පැමිනෙනු ඇති බවයි. මීට අමතරව දැනටමත් පවතින හැකියාවන් වැඩි දියුනු කිරීම් කිහිපයක් ගැනද සදහන් වන අතර ඒවා අතර SD මතටද app තබා ගැනීමේ හැකියව , ගොනූ වැඩිපුර වර්ග ප්‍රමානයක් සදහා සහය දැක්වීමේ හැකියාව , 'Action center' එක notifications මතට පැමිනීම , Miracast නොහොත් screen එක තවත් screen එකක් වෙතට රැහැන් රහිතව හෝ රැහැන් ඔස්සේ ලබාදීමේ හැකියාව වනවා.
2014-02-14
Windows 8 බලපත්‍ර අළවිය මිලියන 200යේ සීමාව ඉක්මවයි
Microsoft ආයතනය පසු ගියදා පැවති ප්‍රසිද්ධ හමුවකදී පවසා සිටියේ තම Windows 8 මෙහෙයුම් පද්ධති බලපත්‍ර මිලියන 200ක් පමන අලවි කොට ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතියේ අළවිය පිලිබදව එතරම් ප්‍රසිද්ධියේ කථාකරන්නට නොපෙලබෙන අතර මෙම තොරතුරු නිකුතවට පෙර එවැනි තොරතුරු හෙලිදරව්වක් සිදුවූවේ 2012 මැයි මාසයේ දී පමනය. මෙම තොරතුරට අනූව දෛනික වින්ඩෝස් 8 බලපත්‍ර අලවියෙ වේගය 420000ක් ලෙසට ගනනය වේ. එසේමුත් මෙම අලවිය තවමත් වින්සෝස් 7 ඉක්මවන්නට අසමත්වී ඇති අතර වින්ඩෝස් 7 පලමු මාස 12 තුලදී ආසන්නව බලපත්‍ර මිලියන 240ක් අලවි කර තිබූ බවටයි වාර්ථා වූවේ. වින්ඩෝස් 8 සැලකීමේදී මිලියන 200යේ අලවි සීමාවට ලගා වන්නට මාස 15ක් ගත්ව ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් වෙනත් බාහිර වාර්ථා වලට අනූව ක්‍රමයෙන් වින්ඩෝස් 8 සමාජය වෙතට පිවිසෙමින් ඇති අතර භාවිතාකරන්නන් ඒ වෙතට පිවිසීම මදක් කෙමෙන් වූවද හොඳින් සිදුවෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. Microsoft සමාගම වින්ඩෝස් 8 සමග හදුන්වාදුන් වේගවත් යාවත්කාලීන නිකුතුවේ ක්‍රම වේදය යටතේ වින්ඩෝස් 8.1 මේ වන විටත් නිකුත්කොට ඇති අතර එලබෙන අප්‍රේල් වන විට වින්ඩෝස් 8.1 සදහා තවත් යාවත්කාලීන ගොනුවක් නිකුතුවට සූදානමින් සිටින බවටයි නොනිලව නිවේදනය වී ඇත්තේ.
2014-02-12
Windows XP සමග තවත් වැදගත් මෘදුකාංග සදහා සහය අවසන් වෙමින් ඇත....
මයික්‍රසොෆ්ට් වෙතින් එලබෙන අප්‍රේල් 8 දායින් සහය අවසන් වන්නට ඇති වින්ඩොස්XP පමනක් නොව office 2003 හා Exchang 2003 ද වන බවට ප්‍රකාශ වනවා. ආයතනය පැහැදිලි කරන්නෙ මොන මෙහෙයුම් පද්ධතියක් සමග බාවිතා වෙමින් තිබුනද මෙම අනෙකුත් මෘදුකාංග දෙක සදහාද මෙදිනින් පසුව සහය අවසන් වීම සිදුවනු ඇති බවයි. විස්ටා මෙන්ම , අමතර වැය , කාලය වැනි සාධක බොහොමයක් නිසාම වින්ඩොස් XP මෙන්ම Office 2003 වල සිට Office 2007 දක්වා upgrade නොවීම සිදුව ඇති බවටයි ආයතනය පැහැදිලි කරන්නේ. සමහර විටක තීර්න ගන්නන් මෘදුකාංගයක නව සංස්කරනයක් සදහා පැමිනීමට ආරක්ශාව , ක්‍රියාකාරීත්වය , නවාංග ආදී සාධක අමතක කිරීම හුදු වෙළඳමය උපාංක්‍රමයක් ලෙසට පමනක් ගැනීම සාර්ථක තීර්නයක් නොවනු ඇති බවටයි විචාරක මතය වන්නේ.
කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තව දුරටත් Office 2003 භාවිතාවට අවශ්‍ය වන්නන් සදහා ගත හැකි ආරක්ශක උපංක්‍රම අතර default මට්ටමින් macros නතර කොට දැමීම වැදගත් වනු ඇති බවටයි. මයික්‍රසොෆ්ට් සමාගම office 2003 හා Office 2010 නිකුත්කිරීම අවසන් කොට ඇති මුත් සමහර online retailers සමග 2010 සංස්කරනය ඇති අතර ඩොලර් 100 - 840 අතර මිලකට ගත හැකිව තිබෙනවා. එපමනක් නොව හදාරන්නන් විකල්ප යෝජනාකරන්නටද කටයුතු කරනවා. OpenOffice මෙන්ම LibreOffice වැනි සාර්ථක මට්ටමේ නොමිළේ භාවිතාකල හැකි විවෘත මෘදුකාංග පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ආයතනික මට්ටමේදී බොහෝ විට Windows XP හා Office 2003 මෙන්ම Exchange Server 2003 භාවිතාවීම සිදුවන අතර 2015 ජුලි 15 මයික්‍රසොෆ්ට් වෙතින් ඒ සදහාද නිල සහය අවසන්වීමට නියමිත බවත් පැවසෙන අතර Office for Mac 2011 Service Pack 2 (SP2) සදහාද සහය අවසන් වීමත් අප්‍රේල්8ට යෙදී ඇති නිසා Service Pack 3 ලබා ගැනීම එම භාවිතාකරන්නන් සදහාද වැදගත් වනු ඇති බවටයි මතක්කර සිටින්නේ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...



















