Showing posts with label you tube. Show all posts
Showing posts with label you tube. Show all posts

2014-11-13

You Tube වෙතින් එන්නට නියමිත Music Key beta නිවේදනය වේ...

   You Tube ඔස්සේ streaming service එකක පැමිනීම පසුගිය කාලයේ වූ තවත් බලාපොරොත්තුවක් විය. මෙම premium paid serviceය ඔස්සේ music videos මිලියන ගනනක් වෙළඳ දැන්වීම් වලින් තොරව මෙන්ම offline viewing සදහා බාගත කර ගැනීමේ හැකියාව පැමිනෙනු ඇති බවටයි අනාවැකි පලවෙමින් තිබුනේ. මේ වන විට You Tube වෙතින්  එම සේවාව Music Key (beta)  ලෙසට නිවේදනය වී තිබෙනවා. මෙම සේවාව වෙළඳ ප්‍රවර්ධන කාලය තුලදී ඩොලර්7.99 ක මාසික අයකිරීමකට යටත්ව ලබා ගන්නට හැකිවන අතර එහි සාමාන්‍ය මිළ ඩොලර් 9.99 (මාසිකව) වනු ඇති බවටයි පලවෙමින් ඇත්තේ. මෙම Beta මට්ටමේ සේවාව මාස 6ක කාලයක් නොමිළේ ලබා ගන්නට පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස අයදුම් කිරීමෙන් invite ලබා ගන්නට හැකිවනු ඇත. 
https://www.youtube.com/musickey

2014-03-24

Google වල WebP භාවිතාව you tube වෙතටත්!!!!

  Image භාවිතාව අන්තර්ජාලයේ සුලබ මෙන්ම මහත් ඉඩකඩක් ලබා ගන්නා භාවිතාවකි. Google ආයතනය දැනට භාවිතාවන JPEG, PNG හා GIF වැනි format සදහා විකල්ප ලෙසට නව Webp ලෙසට නම් කරමින් නව image format එකක් හදුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවේ එයින් සිදුකර ගත හැකි දත්ත හුවමාරු ඉතුරුව සමග දිනකට ටෙරා බයිට දසගුනයක ඉතිරියක් ගෙනෙන බව පවසමිනි. මෙම නව හදුන්වාදීම සම්බන්ද යෙන් අනෙකුත් වෙබ් පහසුකම් සපයන ආයතනයක් එතරම් එකගතාවයක් නොදක්වන්නට කටයුතු කරන ආකාරයක්ද දක්නට ලැබුනා.  2010දී සංවර්ධනය කරන ලද මෙම හදුන්වාදීම පසුගිය වසරේදී Play store වෙතට ගෙනෙන්නට එම ආයතනය කටයුතු කරන ලද අතර මේ වන විට ඔවුනගේ ජනංප්‍රිය video streaming අඩවියක් වන You Tube වෙතට ගෙනෙන්නටද කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව භාවිතාව YouTube video thumbnails සදහා භාවිතාව ඔස්සේ වෙබ් පි‍ටුවක page load time සදහා 10%ක ඉතිරියක් මූලික භාවිතාවේදීම දක්නට ලැබෙන බවකි.

2013-09-18

You Tube සදහා offline mode මොබයිල් ඇප් පහසුවක්


 ඔබ වඩාත් කැමතිවන You Tube වීඩියෝවක් ඔබගේ මොබයිල් උපාංගය ඔස්සේ නැවත නැවත දකින්නට ඔබ කැමතිවන මුත් ඔබගේ cellular network හි මතුවන යම් යම් බාදාවන් නිසා නොහැකිවන අවස්ථා අත්විඳ තිබෙනවා වන්නට පුලුවන. අද ගූගල් ආයතනය පවසා සිටියේ මෙවැනි අවස්ථාවල් නැවත අත්විදින්නට භාවිතාකරන්නන් හට අවස්ථාවක් ඇති නොවනු පිනිස තම මොබයිල් ඇප් භාවිතාකරන්නන් සදහා නිකුත්වන නව අංගයක බීටාවක් එලබෙන නොවැම්බරයේ නිකුත්කරන්නට තම සැලසුම් කරමින් සිටින බවකි.තම YouTube සේවාවට offline mode අංගයක් ලෙසට පැමිනෙනට නියමිත මෙම නවාංගය ගැන දැනට ආයතනය වැඩි දුර විස්තර පල නොකර සිටින නමුත් බහුල You Tube භාවිතාකරන්නන් සදහා මෙම හඳුන්වාදීම සහනයක් වනු ඇති බවකි. තවමත් වින්ඩෝස් ෆෝන් සදහා වනYouTube app වල ගැටලුව නොවිසදී ඇති අතර පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය ඒ සදහා හඳුන්වා දුන් app විසදුම ගූගල් විසින් block කර දමන්නට කටයුතු කරනු ලැබුවේ එය තම සේවාවේ කොන්දේසිවලට පටහැනි බව පවසමිනි

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...