2015-01-28

“ජීවිතයට නිරන්තරයෙන් බලාපොරොත්තු නොපැමිනීම තරම් භ්‍යානක අතරමංවීමක් තවත් නැත” (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (66)

   හිරු දවස ඇරබෙනවාත් සමග ආශ්‍රම ප්‍රධාන දොර‍ටුව පසුකරලන්නට හැකි විය. ප්‍රමානවත් වේගයක් රඳවාගන්නට හැකි වුවහොත් රාත්‍රිය සමග අඩුම තරමින් අවසාන ගම්මානයේ කදුමුදුනත පසුකරන්නට හැකි වනු ඇත. ගම්මානයේ රත්‍රිය ගතකරන්නට හෝ ගැම්වැසියෙකුගේ සහය ඇතිව ආපසු ආශ්‍රම භූමියට නැවත පැමිනීම එතරම් අපහසුවක් නොවනු ඇත. ප්‍රානවත් උදෑසන ප්‍රබෝධය හාත්පස පිරී ඉතිරී ඇතුවා සේය. ක්‍රමයෙන් වැඩිවන සියත් නාදය ගමන් වෙහෙස නිවාලන්නට ඔසුවක මෙනි. තම වගා බිම් කරා එන ගැමියන් එකිනෙකා හමුවීම සිත හුදකල බවින් මුදවන්නට වදනක දෙකක කුඩා දෙබස මහත් සහයකි.
                             " මා කෙටි කාලයකට හැදෑරීම් ආයතනය වෙතට ගොස් සිටී. එලබෙන කෙටි කාලයකින් නැවත අප නගරය වෙතට පැමිනෙන්නට සැලසුම්ව ඇත. මා ඉතා කැමැහ්තෙන් අප නැවත හමුව වෙතට බලාපොරොත්තු තබා සිටිමි. ඔබ යොමුලර තිබූ බොහෝ කරුනු පිලිබදව ආයතනයේදී කරුනු ‍රැස්කරගන්නට කටයුතු කරමින් සිටිමි. ඔබ ආශ්‍රමයෙන් පිටත්වූ වහාම මාවෙතට පනිවිඬයක් තබන්නට අමතක නොකරන්න". බලපොරොත්තු වූ පරිදිම මහත් ධනාත්මක ප්‍රථිචාරයක් ඇය වෙතින් පැමින තිබේ. මදපමනක හෝ දෙගිඩියා මනස විසින් අඩපනකොට තිබූ උනන්දුව ක්ශනිකින් දැල්වූවා සේ දැනිනි. අවශ්‍ය වන පොත්පත් කිහිපයක් හා සටහන් කොල ආදී අඩුපාඩුකම් කිහිපයක් නගරයේ පොත්හල්  වෙතින් මිලදී ගත් මා ලහි ලහියේ අදුරට පෙර ආශ්‍රම භූමිය වෙතට එන අටියෙන් ආපසු ගමන් ඇරබුවෙමි. දැල්වෙන බලාපොරොත්තු විසින් ජීවිතය අවධිකරවන ආකාරය පුදුමාකාරය. "ජීවිතයට නිරන්තරයෙන් බලාපොරොත්තු නොපැමිනීම තරම් භ්‍යානක අතරමංවීමක් තවත් නැත" වරක් අප අධ්‍යාන ආයතනයේ ‍රැඟ දැක්වූ අපූර්ව වේදිකා නාට්‍යයක තේමා සටහනක් සිතට පැමිනියේ නිතැතින්ය. බලපොරොත්තුවත් බව හා බලාපොරොත්තු අහිමිවීම අතර ජීවිතය දෝලනයවීම අතර මනා නාට්‍ය රසයකින් ප්‍රේක්ශක මනස රසවත් කරන්නට එම නිර්මානයට හැකිවිය.
www.ddwm.seethawakapura.com (By Pubudu Siriwansa)

2015-01-25

අප ඉක්මනින්ම හමුවිය යුතුව ඇත…(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (65)


  ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. "මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත්  පැහැදිලිව කිව්වොත් ජීවවිද්‍යාත්මක හා ප්‍රාතමික සංස්කෘතීන් මුලික ආකෘතියක සිට අපට අවශ්‍ය වෙලා තිබෙනවා වඩාත් සංකීර්න දියුනු ආකෘතියක් කරා යන්නට. කොටින්ම කිව්වොත් වඩාත් දියුනු මානසික තලයක සිට ක්‍රියාත්මක වන  අවට ලෝකය මීට වඩා  සාර්ථකව පාලනය කරන මිනිසෙක් නිර්මාණය කර ගන්නට." ඔහුගේ විමසිලිමත් බැල්ම අපගේ දෙබස දිගේ වඩාත් ගැබුරට යන්නට මට ආරාධනවක් සේය. "මමත් හිතනවා., මට මතකයි වරක් අපේ හැදෑරුම් ආයතනයට පැමිනි සංචාරක දෙශකයෙකු මතුකල අපූරු අදහසක්. ඔහු කියනවා පාලනය කිරීම ඔස්සේ පරිසරයෙන් අපට එන බොහෝ ගැටලු වලට පලමු හේතුව තමයිලු ඒව හරිම ප්‍රාතමික විදිහට පාලනය කරන්නට උත්සාහ කිරීම.  මම හිතනවා මේ ගැමියෝ වගේ විය යුතුයි කියලා. ඔවුන් පරිසරය සමග ගැටෙනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කරනවා. හරියට පෘතුවි ජීවදාමයේ ඉහලින්ම සිටින ජීවියා තමා උනාට ඒ ගැන වැඩිය ආඩම්බර නොවෙනවා වගේ ස්වභාවයක් ඔවුන් තුල තිබෙනවා. ඇත්තෙන්ම ඔවුනුත් තම පරිසරය වෙනස් කරනවා තමයි. හැබැයි හරිම සංයමයකින්. එරෙහිව නොවෙයි සහයෝගයෙන්. හරියටම කිව්වොත් ගැමියා කියන වචනයට පවා නව අර්ථයක් ඔවුන් ඇසුරේදී අපට අලුතින් සොයා ගන්නට සිදුවෙනවා". අප සටහන වඩාත් අර්ථවත් තලයකට කැඳවන්නට අවශ්‍ය ප්‍රධාන කරුනු බොහොමයක් ‍රැස්ව ඇති බව පැහැදිලිය. ඇයගේ අපූර්ව සහයෝගය උනන්දුව සමග යලිත් උද්‍යානය, නගර කෙරවලේ වන කඳුමුදුනත, අවන්හල වැනි මිත්‍ර පරිසරයන් වඩාත් නිර්මාණශීලීව මේ සටහන් තබ අවසන් කරන්නට අපට සහය වනු ඇත. (By Pubudu Siriwansa)

2015-01-24

මේ සංස්කෘතියට පුලුවන් වෙලා තිබෙනවා අපූරු කලමානාකරනයක් මෙහිවන ජීවිතවලට ගෙන්න්නට..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (64)

    කඳු මුදුනත වන මාවත ඔස්සේ අප නිහඬවම බොහෝ දුරක් ඇවිද ගියෙමු. බටහිර බෑවුම පාමුලින් ගලා යන ගංගාව පැහැදිලිව පෙනෙන ඉසව්වක නතරව මදක් ගිමන් නිවන්නට  නොදොඩාම එකගව ඇතීවාක් සේ අප පසකින් වූ ගල් තලාවක අසුන් ගතිමු. "සංස්කෘතිය කියන්නේ මිනිසුන් නිර්මානය කර ගතපූරුතම දෑ කියල කිව්වොත් මම හිතන්නේ හරි. සමහර වේලාවට ජීවිතය අර්ථදැක්වීමේ ඉදලා සියලුම කථාන්දරයන් නිර්මානය වීමේ පසුබිම මෙතැනය කියලා අපිට පිලිගන්නට වෙනවා ආගම්වාදී නැතිනම් දේශපාලනවාදී මතවාද ගෙනෙන්නන්  මොනවා කිව්වත්" මම මද විරාමයක් තබා ඔහුගෙන් ප්‍රථිචාරයක් බලාපොරොත්තු වුනෙමි. ඔහුගේ නිහඬ බව මා වෙත දෙබස ඔස්සේ ඉදිරියට යන්නට ආරාධනාවක්  විය යුතුය. "ඉතින් උපතක ඉදලා විපතක නැතිනම් ගොඩ නැගීමේ ඉදලා නැවත බිඳ වැටීම දක්වා වන පුද්ගලයා කියන ශක්තිචලනයෙන් පරිසරයට වන ගනුදෙනුව තීර්නය කරන මේ සංස්කෘතිය කියන ප්‍රේම් එක නිවැරදිව පිහිටා නොතිබීම සකල විද ගැටලු නිර්මානයට පලමු පදනම වෙනවා. ඒ අතින් මේ සංස්කෘතියට පුලුවන් වෙලා තිබෙනවා අපූරු කලමානාකරනයක් මෙහිවන ජීවිතවලට ගෙන්න්නට. දියුනු කියලා අප විස්වාස කරන සංස්කෘතීන්වල ඒ දියුනුවම කියල අප හඳෞනා ගන්නා ලක්ෂන නිර්මානය කර ගන්නට මෙන්ම ‍රැක ගන්නම මේ සංහිදියාව කඩා දැමීමේ කොන්දේසිය ඉහලින්ම පවතිනවා කියලා මම දකිනවා." ටිබෙටියානු මිතුරා නිහඬය. පහතින්, දුරින් පෙනෙන නිසලව ගලා යන ගංගාව මතුපිට ඉදහිටක මතුවෙමින් සෙමින් මැකීයන  පැහැදිලි අපැහැදිලි  දියරල ඔහුට භාවනා නිමිත්තක් දී ඇතුවා සේය. 
Pubudu Siriwansa

2015-01-22

ඒ ජීවිත අතරින් අහඹුතා අපමනක් පසුකර බුද්ධියක් හිමිකර ගැනීමේ දිගු ක්‍රියාවලිය..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (63)


  විශ්වය මත අහඹුතා අපමනක් මැද පෘතුවියක් නිර්මානය වන අයුරු, ඒ මත අහඹුතා අපමනක් පසුකරමින් ජීවයක් නිර්මානය වන අයුරු මෙන්ම ඒ ජීවිත අතරින් අහඹුතා අපමනක් පසුකර බුද්ධියක් හිමිකර ගැනීමේ දිගු ක්‍රියාවලිය අපමන වර්ණවත් නෙක රසින් පිරි කථාන්දරයක් බදුය. ජීවියෙකු ලෙසට වන මූලික සීමා ඉක්මවා යමින් තමන් තමන් මතම තම කථාන්දරය ලියන්නට සමත් හැකියාවන් අත්පත්කර ගනිමින් තම ජිවිත රටාවන්, තම පරිසර රටාවන් පමනකුදු නොව පෘතුවිය තුලට මෙන්ම අනන්ත අහස්කුස සීමා සිදුරු කරලමින් ආසන්න ආකාශ වස්තූන්  ගැනද සොයා බලන්නට අද ඔහු සමත්ව ඇත. ගොඩ නැගීම් හා බිඳවැටීම් අතර වන චලනයන් විසින්  නෙක ආකාරයේ උත්සාහයන් වල අවසන් ප්‍රථිපලය ලෙසට මෙම දිගු කථාන්දරය අදද ලියවෙමින් ඇත. සාම්ප්‍රධායික හුරු පුරුදු ලොකයේදී ඇතිවන නිද්‍රා බව අවදිකරවන්නට මේ අපූර්ව ගම්වාසීන්ගේ නෙක විසිතුරු ජීවිතරටා අප වෙතට මහත් පහසුවක් වනු ඇත. සමහර විටක යැවූ ඊමේලය වෙතට ඇය පිලිතුරක් ඒවා තිබෙනවා විය හැක. සිත කිසිසේත්ම විස්වාස නොකරන මුත් ඇය සියල්ල අමතක කරදමා අප හමුවු නගරයෙන්ද වෙන්ව ගොස් තිබෙනවාද විය හැක. තර්ක හැකියාව මනසට එවන් යෝජනාවක් ගෙනෙන මුත් ඇය මහත් බලාපොරොත්තුවෙන් අප හමුව මෙන්ම අප සටහන් පෙල වඩාත් විසිතුරුව ඉදිරියට ගෙන යන්නට සූදානමින් , බලාපොරොත්තුවෙන් සිටිනවා වියයුතුයි විස්වාස නිරන්තරයෙන්ම සිත තුල වන බවක්  පැහැදිලිව  දැනීම මහත් ශක්තියක් ලෙසින් දැනේ.

Windows Holographic භාවිතාව හා VR helmetය පැහැදිලි කරයි!


   Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්නට කටයුතු කල අතර පෙරදී වූවාට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් වන නව අංගයන් හඳුන්වා දීමට එහිදී කටයුතු කරනු ලැබුවාය. Desktop භාවිතාවට නව මානයන් ගෙනෙන වාචික හැසිරවීම් හැකියාව මෙන්ම උපාංග තල අතර වූ පරතරය වඩාත් සමනය වන app භාවිතාවන් ආදිය ඒව අතර කැපී පෙනිනි. එසේම්  Windows වෙතින් දියුනු කරන ලද Holographic භාවිතාව ගෙනෙන HoloLens VR headset උපංගයද එහිදී නිරාවරනය කරන්නට ඔවුන් කටයුතු කරන ලදී. පරිගණක උපාංග හා සැබෑ ලෝකය අතර වන පරතරය වඩාත් අවමව විඳගන්නට පහසුකරවන මෙම  visualize(three-dimensional images ....) හැකියව ගෙනෙන දෘඩාංගය මෙන්ම එය Windows 10 වෙතට සම්බන්ද කෙරෙන APIs පිලිබදවද එහිදී තොරතුරු හෙලිකරන ලදී. මෙම  VR headset සමග වන advanced sensors, spatial surround sound, internal CPU හා  GPU මෙන්ම නව "holographic processing unit" පිලිබදව lenses වලට අමතරව පැහැදිලිකරන්නට කටයුතු කල අතර එය සම්පූර්නයෙන් wireless ආකාරයට PC වෙතට සම්බන්ද වීමේ හැකියාවද දක්වා සිටින ලදී. මීට අමතරව හඳුන්වාදුන් HoloStudio ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ට අවශ්‍ය holograms නිර්මානය කර ගැනීමේ හැකියාවද පැහැදිලි වන ලදී.

Microsoft වෙතින් Windows 10 නිවේදනය වේ..


  Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට  වරට දක්නට ලැබෙන ඒවා ලෙසට දක්නට ලැබේ. පලමු කාරනයක් වන්නේ Windows 10 නව මෙහෙයුම් පද්ධතිය Windows 7, Windows 8, Windows Phone 8 වල සිට නොමිළේ upgrade හැකියාවෙන් යුත්ත වීමය. මීට අමතරව Continuum, එනම් සාම්ප්‍රධායික කීබෝර්ඩය සමග හෝ ස්පර්ශක තිරය සමග භාවිතා වෙමින් තිබේද යන්න ස්වංක්‍රීයව හඳුනාගැනීමේ හැකියව,  අවශ්‍ය විටකදී පූර්නතිරය පුරා විහිදවාලන්නට හැකි නව start menuව, නව UI වලින් සමන්විත  Action Center, Notification Centerද දක්වනු ලැබුවා. බලාපොරොත්තු වූ පරිදිම Cortana එනම්  digital personal assistant හැකියාවද එහි වන අතර desktop භාවිතාකරන්නන් වෙතට එය අපූරු භාවිතාවක් ගෙනෙනු ඇති බවට පොරොන්දු වෙමින් තිබෙනවා. “hey Cortana” විධානය සමග ඇරබෙන මෙම හැකියාව සමග   web සෙවුමක්, appointments යොදා ගැනීමක්, reminders සටහන් කරගැනීමක්, check calendars ඇතුලු බොහෝ හැකියාවන් වන බවට පැහැදිලි කෙරෙනු ලැබුවා. එයට “Cortana show me photos from December” වනි ස්වාභාවික මට්ටමේ විධානයක් මෙන්ම written commandsද හඳුනා අගැනීමේ හැකියාව සමග app එකක් සෙවීම email එකක් සටහන්කර යැවීමට වන හැකියාව පැහැදිලි කෙරෙනු ලැබුවා. Windows 10 device අතර පහසුවෙන් ගලයන app භවිතාවක් ගෙනෙන Universal Apps හැකියාව , Project Spartan සමග අඩු බ‍රැති නව බ්‍රවුසර භාවිතය මෙන්ම සියලු  නව අනු සංස්කරන සදහා පැමිනෙන DirectX12 හැකියාවද ප්‍රදර්ශනය කෙරෙනු ලැබුවා.

2015-01-21

මම හිතන්නේ පැහැදිලි මුත් මද සීතලැති සැන්දෑව කඳුනත දිගේ කෙටි සක්මනකට ආරාධනා කරනවා වගේ..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (62)


  සමහර විටක ටිබෙටියානු මිතුරා වැඩි කාලයක් තම පිලිතුර සදහා ගනු ලැබුවේ වඩාත් තියුනුව ගැටලුව කරා පිවිසෙන්නට අවශ්‍ය නිසාම විය හැකියි. "මම හිතනවා මේ ගම් වාසීන්ගේ ජීවිත රටාවන් හරිම සරලයි. හැබැයි සැහැල්ලුයි. මහත් හඬතලමින් හඬන මෙන්ම සතුවන අවස්ථා ඔවුන්ගේ ජීවිත වල හරිම විරලයි. දවසේ කාල සටහන හරිම සමබරයි. මුල් ස්වභාවයෙන්ම වාගේ තරගය පැමිනෙන්නේ තමන් සමගම විනා අනෙකා සමග නොවීම තුල බොහෝ දියුනු යැයි සිතා සිටිනා සමාජයන් වලදී මෙන් අපතේයන මිනිස් හැකියා ප්‍රමානය බෙහෙවින් අඩුයි. සරලව මම යෝජනා කලොත් ඔවුන්ගේ සමාජ ආකෘතියක් හැටියට මෙන්ම පුද්ගල ආකෘතියක් ලෙසටත් නිතරම සමාජ පරිසරයේ මෙන්ම ස්වභාවික පරිසරයේ දී අවම ශක්ති ප්‍රමානයකින් උපරිම  ප්‍රථිපල ලබන ලෙසට සැකසී තිබීමම අපූරු කරනාවක් නොවේවිද  කියලා?" ඔහුගේ විග්‍රහය හඟවන්නේ ගැටලුවේ තීව්‍රම සංධිස්ථාන වෙතට පැහැදිලීවම පිවිස ඇති බවකි. බාහිර ලෝකයේ වන දින වකවානු ක්‍රමවේදයට එකග මුත් පරිසරයේ වන සෑබෑ වෙනස් කම් සමගද මනාව නම්‍ය වන්නට සූදානම් ජීවන රටා අධි උෂ්නාධික නගර මධ්‍යයයක වන කාර්යාලයක අධිශීත වායුසමනයක තුල දැටි  ශීතලාධික පරිසරයකට ඔබින ඇඳුමකින්  සැරසී සිටින "මහත්මයෙකුට" විසුලුකරනවා වැනිය.
                                  "මම හිතනවා යලිත් නගරයට ගිය පසුව මේ අපූරු අත්දැකීම ජීව සෛලයක සිට නවීන සමජීය ජීවිතරටවක් දක්වා වන විශාල වපසරියක විහිදෙන ලෙසට අපට කථාකරන්න පුලුවන් වේවි. මට පුලුවන් උනා අවසන් වරට නගරයට ගිය වේලාවේ ‍රැස්වු තොරතුරු පිලිබඳව කෙටි විස්තරයක් ඇය වෙතට Email කරන්නට. ඒක ඇයට පහසුවක් වේවි  අවශ්‍ය වෙතැයි සිතිය හැකි අමතර තොරතුරු ක්‍රමයෙන් ‍රැස්කරමින් අපේ සටහන වඩාත් අර්ථවත් ලෙසට ඉක්මනින් අවසන් කරන්නට". මම ඉදිරි සැලසුම පිලිබදව මඳ පැහැදිලි කිරීමක් මිතුරා වෙතට කලෙමි. "මම හිතන්නේ පැහැදිලි මුත් මද සීතලැති සැන්දෑව කඳුනත දිගේ කෙටි සක්මනකට ආරාධනා කරනවා වගේ.." කියමින් නැගී සිටියේ මිතුරාගේ එකගත්වය පිලිබඳව කිසිදු සැකයක් නොමැතියාක් ලෙසටය.

අද Microsoft වෙතින් "phone-laptop hybrid" උපාංගයක නිවේදනයවීමකුත්!!!!

     Windows 10 සදහා වන පෙර නිකුතුවක නිල හමුවට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමනී. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ හුඳු මීලග මෙහෙයුම් පද්ධතිය ඉක්මවා ගිය පැමිනීම් කිහිපයක්ම මෙම හමුවේදී නිවේදනය වන්නට නියමිත බවකි. software පමනක් නොව hardware දියුනු කිරීමක් ලෙසට "phone-laptop hybrid" උපාංගයක පැමිනීමක්ද බලාපොරොත්තුවන බවටයි විස්තර කෙරෙන්නේ. business හා enterprise මට්ටමේ භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් පැමිනෙන මෙම hybrid deviceය අදදින නිවේදනය වනු ඇති බවට බලාපොරොත්තුවනවා. වැඩි දුරටත් දියුනු කිරීම් බලාපොරොත්තුවන උපාංගයක් ලෙසට එය නම් වන අතර ඉදිරියේදී වැඩි අවධානයක් ලබා ගන්නා නිකුතුවක් වනු ඇති බවටත් වැඩි දුරටත් විස්තර කෙරෙනවා. උපාංග අතර වඩාත් පොදුබවක් ලබා දෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට Windows 10 පිලිබදව හදාරන්නන් බලාපොරොත්තු තබා ඇති අතර මෙම වසරේ දෙවන භාගයේ එහි අවසාන වෙළඳ නිකුතුවක පැමිනීමක් දැනට බලාපොරොත්තුව වනවා.

2015-01-20

වසර දහස් ගනනක් පැරනි සමහර මිනිස් හැකියාවල් තවමත් වර්ධනීය ආකාරයට ‍රැක ගන්නට ඔවුන් සමත්ව තිබෙනවා...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (62)

  "තම තරගකාරී සගයන් ඉක්මවා මිනිස් වර්ගයා ඉදිරියට එන්නේ ස්වාභාවිකව ජීවය වර්ධනයට ගතවන කාලය හා සැසදීමේදී ඉතාම කෙටිකාලයක් තුලයි. මිනිසා ලෙසට තමාම නම්කර ගන්නට හා අනෙකුත් සගයන් නම්කර ලන්නට සමත්වන්නේ ඔහු තව දුරටත් ජීවවිද්‍යාත්මක සාධක මත නොව තම මනස මතම වර්ධනය වන්නට ආරම්භවීමේ සිට විය යුතුයි. ඒත් අපි දන්නවා මිනිස් මොලය කියන්නේ වසර දසදහස් ගනනක වර්ධනයක්. සාර්ථක ජීව සෛලයක් බිහිවීම, පරිසරය මත එයට ඇති අනන්‍යතාවය හඳුනා ගන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේම එහි ඊලග වර්ධනතා පිලිබඳව තමන්ටම තීර්නයක කරන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේ සංධිස්ථාන වලින් මේ දිග කථාන්දරය සමන්විතයි කියලා මම හිතනවා. වර්ථමාන මිනිසෙකු සලකන කොට ජීවිවිද්‍යාත්මකව ‍රැගෙන විත් ඇති මුත් සමාජවිද්‍යාත්මක ජීවිතය ඔස්සේ මග හැරී ඇති හැකියාවල් බොහොමයි කියා හදාරන්නන් නිරන්තරයෙන් යෝජනා කරන සමහර හැකියාවල් එසේ සැගව නොයා ‍රැක ගන්නට මේ ගම් වැසියන් සමත්වී තිබෙනවා කියලා මට යෝජනා කරන්නට හිතෙනවා. ඔවුන්ගේ සංස්කෘතික රටා වල තවමත් ඒවා නොනැසී පමනක් නොවේ වර්ධනය කරමින් ‍රැක ගන්නට අවශය වටිනාකම් ඉතිරිකර ගන්නට සමත්විම ඔවුන්ගේ මේ අපූරු හැකියාවල් පසුපස තිබෙනවා කියන එක මම විස්වාස කරනවා.. ඔබ මොකද හිතන්නේ?" ටිබෙටියානු මිතුරා එකවරම පිලිතුරක් නොදී මද කල්පනාවකට කාලය ලබ ගන්නට තීර්නය කර ඇතුවා සේය.
                       මෙවර ආශ්‍රම සංචාරයේ වසරක කාලය පිරෙන්නට දින කිහිපයකට වඩා ඉතිරිව නැත. නිරන්තරයෙන් ගම්වාසීන්ගේ දෛනික ජීවන රටාවල් නිරීක්ශනය කරන්නට, කඳු මුදුනතදිගේ දිවෙන මාවත  ඔස්සේ ඒවා මනස තුල පිලිවල කරගන්නට අවශ්‍ය විවේකය ලබමින් ඇවිද යන්නට, ටිබෙටියානු මිතුරාගෙන් මේ තොරතුරු පිලිබද නිගමනයන් නැවත නැවත විමසවා ගන්නට වැනි නෙක කාරනාවලින් පසුගියකාලය පිරී ගොස් තිබිනි. ලොකු ස්වාමීන්වහන්සේ ආශ්‍රමයේ දෛනික රටාවලින් මා සම්පූර්නයෙන්ම මුදා හැර තිබිනි. අවශ්‍ය ඔනෑම වෙලාවකදී ගබඩාකාරතුමා ගෙන් ආහාර ලබා ගන්නට මෙන්ම අනෙකුත් අවශ්‍යතා සදහා අවසර ලැබිනි. මහත් තැන්පත් පරිසරයකදී ලද එවන් සහය සමග ගම්වාසීන් පිලිබදව හැදෑරීම වඩාත් තීව්‍රව කර ගෙන යන්නට හැකිවිය. සමහර විටක ආශ්‍රමයේ ප්‍රතම වතාවට නගරය වෙත යනෙන්නන් ඔස්සේ අවශ්‍ය පොත්පත්, සටහන් කොල පවා ලබා දෙන්නට කටයුතු කෙරිනි. "ඔබ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. එය සරලව මෙහි සිදුවන දහම ඔස්සේ වන මාවත මග හැරෙන වෙනත් මාවතක් ඔස්සේ වන බව මට පැහැදිලි වුවද ඔබ සාර්ථකව එය අවසන් කරන්නේ යනු නැවත දහම වෙතට පැමිනීම වන බවට මම විස්වාස කරනවා" ඒ මා නිදහස් කර දමමින් ලොකු ස්වාමීන් වහන්සේ කල පැහැදිලි කිරීමයි.

"මම ස්ථීරවම ආපසු එනවා. ඒක ස්ථිරයි."(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (61)


  අවසානයේ පුරා වසරක කලයක් ඔබ මොබ ඇවිද ගිය,  නෙක අසිරි විඳි නගරයෙන් තාවකාලිකව සමු ගන්නට කාලය එලැබිනි. උද්‍යානය, කඳු මුදුනත, හැදෑරුම් ආයතනය , අවන්හල විශාල වගා බිම් අතරින් දිවෙන රේඛාවන් බදු මාවත් වැනි බොහෝ දැයින් සමුගන්නට මනස සූදානම් උවත් ජීවිතයේ ප්‍රථම වතාවට සමුදෙන්නට නොහැකි යමක් ජීවිතය වෙතට පැමින ඇති බවක් තදින් දැන්නට පටන් ගති. මොහොතකට මනස තදින් ඒ දෙසට යොමුකොට තත්වය සරල කරගන්නට උත්සාහ කරන විට පැහැදිලි වූවේ ඇය හුඳු මිනිස් දියනියක වීමටත් වඩා අප අතර බෙදා හදාගන්න බොහෝ බුද්ධි කාරනා, හැදැරුම් කාරනා මෙන්ම ලොව රස විදීන්නට වන සමාන හැකියාවන් ජීවිතයෙන් මග හැරිය නොහැකි තරම් ප්‍රබලව අප අතර වන බවකි. 
                     ගුවන් තොටට වන ප්‍රධාන මාවත බොහෝ දුරක් වගා බිම් අතරින් වැටෙන සරල රෙඛා ස්වභාවයකින් යුක්ත විය. වරක් මා ඇයගේ නේවාසිකාගාරය වෙතට ගිය මොහොතකදී අප ඇවිඳ ගිය මාවත දෙපසින් වූ වගා බිමෙන් හමා ආ අපූරු සිත් ප්‍රබෝධ කරවන සුලු ධාන්‍ය සුවදක් ක්ශනයෙන් සිත රසවත් අතීත මතකයන් වෙතට ‍රැගෙන යන්නේ අපූර්ව ආකාරයටය. දොඩමලුබවට වඩා නිහඬ බව දෙදෙනාමට අවශ්‍ය තිබෙනවා විය හැක. සමහර විටක ඉතිරිව ඇති හෝරාවක කාලයතුල අවසන් කර ගන්නට කිසිසේත් නොහැකි තරම් බව හැගෙන දෙබවකට පිවිසීමට වඩා සැහැල්ලුවක් බව දෙදෙනාම පිලිගෙන ඇති සෙයකි. සුක්කානම මත ‍රැඳි ඇගේ අතක් මෘදුව ස්පර්ශකරමින් "මම ස්ථීරවම ආපසු එනවා. ඒක ස්ථිරයි." කියන්නට මට අවශ්‍ය විය.

චීනය Outlook e-mail වෙතටද බාදා කරමින් සිටින බවක්!!

   Google වල Gmail සේවාව චීනය තුල තහනම් කොට මසකටත් අඩුකාලයක් තුල මයික්‍රසොෆ්ට් වලද Outlook e-mail සේවාවද අඩපන කර දමන්නට කටයුතු කරමින් සිටින බවටයි නවතම තොරතුරු හෙලිකරන්නේ. භාවිතාකරන්නන් Web ආකාරයට මෙන්ම smartphone apps ආකාරයට තම ගිනුම් හ සම්බන්ද වන්නට තැත්කරන විට ගැටලු සහිත බවක් දැක්වෙන නිවේදනයන් පැමිනීම එය භාවිතාකරන්නන් අත්විඳිමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. හදාරන්නන් පවසන්නේ එරට Cyberspace Administration වෙතින්  “man-in-the-middle” ආකාරයේ මැදිහත්වීමක් සිදුවෙමින් පවතින බවට සැකකල හැකි බවකි. ඔවුන් යෝජනා කරන්නේ භාවිතාකරන්නා වෙතට අවම සැකයක් ඇති වනු පිනිස මෙම ආකාරයේ ප්‍රහාර උපංක්‍රමයක් භාවිතාවෙමින් සිටිනවා විය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ චීනය තම වැසියන් ලෝකයෙන් වෙන්කර තබන්නට Great Firewall ද ඉක්මවා ගිය ක්‍රමවේද භාවිතට පිවිසෙමින් සිටිනවා විය හැකි බවකි.

Oneplus One දැන් නිදහසේ මිළඳීගත හැක...


  OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පි‍ටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර 'invite' මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ දුරකථනයක් මිලදි ගතයෙකුට තවත් දෙදෙනෙකුට ඒ සදහා ආරාධනා කරන්නට අවස්ථාව සලසා දීමෙන් වූ අතර විටක ප්‍රකට online වෙළඳ අඩවි වල පව අධික මිලකට එම ආරාධනා පත් අලවි වන තරමේ ඉල්ලුමක් ඒවා වෙතට විය. පලවන නවතම නිවේදයක් පවසනේ මෙම 20 වෙනිදායින් අනතුරුව පෙරකී ආකාරයේ ආරාධනාවකින් තොරව OnePlus දුරකථනය අවස්ථාවක් ලැබෙන බවයි. එසේම මෑතකදී පැමිනි තවත් පුවතක් පවසා සිටියේ මෙම දුරකථනයේ දෙවන සංස්කරනය Oneplus Two ලෙසට Snapdragon 810 ප්‍රොසෙසරයකින් හා 4GB  RAM හැකියාවකින් යුතුව අඟල් 5.5ක ප්‍රමානයකින් 2K display සහිතව පැමිනීමක් මෙම වසරේ පසුභාගයේදී නියමිතව ඇති බවකි.

2015-01-19

නේවාසිකාගාරවලට මම වඩාත් කැමති ඒවායේදී නිතරම සමුගන්නට වන බවක් නිතරම පලවන නිසා.... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (60)

     අප ඉන් අනතුරුව මාගේ නේවාසිකාගාරය වෙතට ගියෙමු. නේවාසිකාගාරයේ කාලයකට පසුව දොර ජනෙල් පත් සියල්ල විවර කර දැමුවෙමි. තවමත් තම රිය තුල සිටින ඇය වෙතට ගිය මම ප්‍රථම වතාවට මගේ නේවාසික කුටිය වෙතට ඇයට ආරාධනා කලෙමි. සියල්ල අස්පස්කර ගමන් මලු දෙකකට මා සතුවූ දෑ අසුරා තිබූ බැවින් එහි නිදහස් පෙනුමක් ගෙන තිබුනාය. "මම නේවාසිකාගාරවලට හරිම කැමතියි. මොකද දන්නවද, ඒවායේ ඉන්න කොට නිතරම සමුගෙන්ම යන්නට සූදානම් බවක් තිබිය යුතුබව සිතට නැගෙනවා. ජීවිතය අත්පත්කර ගැනීම් පමනක් වෙන මහා අරගලයකට වඩා ඒ ස්වභවයට මම හරිම කැමතියි. මට හිතෙනවා එතැනදි හොඳ සමබර බවක් ජීවිතයට ගෙනෙනවා කියලා" මා ඇය වෙතට බැදුනු අපූරත්වය ඇගේ පිලිතුරින් යලිත් ඉස්මතුවිය. "මමත්" , ඇය සන්සුන්ව පැවසුවාය. ඉන් අනතුරුව ගලා ගිය හෝරා දෙකකට ආසන්න කාලය නියමිත සමුගැනීමේ වේදනව වසන්කරන්නට මෙන් අතීතය මෙන්ම යලි වන්නට නියමිත හමුවීම ගැන නෙක ආකාරගත් දෙබසින් පිරී තිබිනි. "ඒක හරිම අහබු හමුවීමක් සේම හරිම අපූරු හමුවීමක්" අප හමුව පිලිබදව මට දැනෙන සමස්තය වචන බවට පෙරලන්නට මම උත්සාහ කලෙමි. "මුලින්ම මම දෙගිඩියාවක සිටියත් බොහොම ඉක්මනින් ඔබ මාව හරිම සුහඳ සබඳතාවයකට ගෙන ගියා. දන්නවද, ඔබගේ අපූරු සුහඳ, විවෘත, පුලුල් බව මග හරින්නට කෙනෙකුට ලෙහෙසියෙන් බැරි තරම්. මට මතකයි අපි හ්යමුවුනු මුල්ම දවසක ඒක මගේ දින සටහනකත් තබන්නට මට අවශ්‍ය උනා". සැබවින්ම අපූරු මිනිසුන් එකිනෙකා හමුවන්නේ විටක සිතාගන්නට කිසිසේත් නොහැකි සුලු නිමේශයන් තුලය. තවත් විටක හරිම අතාර්කික ආකාරවලටය. ඒවා අතරින්ද ඔවුන් එකිනෙකා බැදෙන්නේ වඩාත් කලාතුරකින්ය. වඩසත්ම අපූරු කාරනය වන්නේ මේවා අතරින් ඉඳහිටක අපූරු දෑ ලොවට ගෙනෙන්නට  පවා ඒ මිනිස් සබදතා මහත්සේ අපූරුවේ.

විටක තාවකාලික සමුගැනීම් වඩාත් වේදනාකාරීය (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (59)

     අදාල සමාගම විසින් රට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මා විසින් වෙන්කර ගෙන ඇති ගුවන්ගමන් පිලිබදව අවසන් මතක් කිරීමේ කෙටි පනිවිඬ දෙකක් ජංගම දුරකථනයට පැමිනීම අප දෙදෙනාම මදක් නොසන්සුන් කරන්නට සමත්වූවාය. අප හමුවීම ගෙවී ගිය කෙටිකාලය  තුල ඔබට දැනුනේ කෙසේ දැයි මට විමසන්නට අවශ්‍ය විය. අප හමුවීම ඔබගේ ජීවිතයට වෙනසක් ගෙනෙන ලද දැයි තහවුරු වන්නේ  නැවත හමුවකට මා වඩාත් කැපවන්නට සූදානම් බව දන්වන්නට මට අවශය විය. " ඇත්තෙන්ම ඒක හරිම අපූරු අත්දැකීමක්. මම ජීවිතය දකිමින් සිටි වපසරිය බොහෝ සෙයින් ඉක්මවා යන සුහඳ කැඳවීමක් ඔබගෙන් ලැබීම පිලිබදව ස්තූතිවන්ත වනවා. මම මෙහෙම කියන්නද ? ඒක බුද්ධිමය අවදිකිරීමක් උනාට නොවඩුව මිනිස් බව තිබීම මට මහත් විසිතුරු ලෙසට දැනෙනවා.. මම දැඩි ලෙස බලාපොරොත්තුවෙනවා අප නැවත හමුවේවි කියලා". මිනිසෙකුට තව මිනිසෙක් සමග සමුගැනීමක් තාවකාලික කරවන්නට මහත් දිරියක් ඒ වදන් ගෙනෙමින් ඇති බවට මා වෙතට දැනිනි.
                                           රාත්‍රී ආහාරය සුපුරුදු අවන්හලෙන්ම  ලබා ගන්නට අප තීර්නය කලෙමු. කලක් තිස්සේම එහි ආ ගිය නිසාවෙන් පමනක්ම නොව අප කලකී දෑ සමගද එහි සේවය කල බොහෝ දෙනා සමග වෙතට බොහෝ හිතවත්ව තිබිනි. සරල ආහාර වේලකින් පසුව බිල්පත ගෙවීමේදී මා කෙටිකාලීනව සමුගන්නට සූදානම් බව පැවසීම යුතුකමක් ලෙසට  දැනිනි. සාමාන්‍යයෙන් අමුත්තන් වෙතට නොයෙන ඉහල කලමනාකරනයේ මහතෙකු අප මෙසය වේතටම පැමින සුහද සමුගැනීමකට කාරුනික විය. " මම හිතනවා ඔබ බෙහෙවින් වෙහෙසට පත්වේලා වගේ. මම කුලී රියකින් මගේ ගමන් මලුදෙක ‍රැගෙන ගුවන්තො‍ටුපොල වෙතට යන්නට හැකි වේවි." තවදුරටත් ඇය වෙහෙසට පත්වනවා වන අකමැත්ත මෙන්ම වඩාත් හැගුම් බර මොහොතක් මග හැරීම  මටද අවශ්‍ය විය. "ඒහෙම කිරීමට තරම් මට අකාරුනික වෙන්නට බැරිබව ඔබ නොදන්නවාම නොවේ කියලා මම දන්නවා. අපි ඔබගේ නේවාසිකාගාරය වෙතට ගොස් ඒවාත් ‍රැගෙන ගුවන්තොට දක්වා ඔබව ඇරලවන්නට මට ඉඩ දෙන්න.

2015-01-18

Elon Musk යෝජනා කරන 700 satellites ජාලය…

      internet වෙතට බොහෝ පුද්ගලයින් අතර ඇත්තේ විවිධ අර්ථය. අයෙකුට එය යමක් උපයා ගන්නට ඇති තැනක් වන විට අයෙකුට තම අසංස්කෘතික අවශ්‍යතා සපුරා ගන්නට හමුවන අවකාශයක් වේ. තවත් අයෙකුට කාලය කාදමන ජීව්හ්ටයට අහිතකර අවකාශයක් වන විට තවකෙකුට දැනුම, මිනිස් සබඳතා තරකර ගන්නට පැමිනි මහගු සහයෙක් වේ. මෙවන් අර්ථ බොහෝ මුත් හදාරන්නන් එකගවන ප්‍රධාන තම මතයක් නම් එලබෙන ලොකයේ මූලික අවශ්‍යතාවයක් ලෙසට අන්තර්ජාලය පිලිගන්නට වීම ගැනනම් කිසිදු සැකයක් නැති බවය. මීලග ගැටලුව පැමිනෙනේ විශම පිහිටීමක් ඇති ලොවපුරා මෙම සම්බන්ධය අකංඩව බොදා හදා ගැනීම පිලිබදවය. තොරතුරු ලෝකයේ ප්‍රධාන චරිත බොහොමයක් (Steve Jobs, Bill Gates, Mark Zuckerberg) මේ සදහා නෙක යෝජනා මෙන්ම ඒ සදහා පියවර ද විටින්ජ් විට ගන්නා අයුරු විටින් විට දක්නට ලැබිනි.
               Paypal, SpaceX හා Tesla Motors වැනි සාර්ථක ව්‍යාපෘති කිහිපයකම නිර්මාතෘ ලෙසට සැලකෙන Elon Musk වෙතින්ද පෙර කී උත්සාහය සදහා, සැටලයිට් 700කින් සමන්විත ඩොලර් බිලියන 10ක ව්‍යාපෘතියක් ඔස්සේ ලොව සෑම පෙදෙසක්ම ආවර්නය වන ලෙසට අන්තර්ජාලය බෙදා හැරීමේ යෝජනාවක් මේ වන විට පැමින ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. එක්  සැටලයිටයක් ඔස්සේ සැතපුම් 750ක් ආවරනය වන පරිදි රාත්තල් 250ක් බ‍රැති මෙම උපකරන  rocket  launches ඔස්සේ ගුවනේ ස්ථාපනය කරන අතර පොලව මතදී සිදුවන වාට වඩා 40%ක වැඩි වේගයකින් මෙම ක්‍රමය ඔස්සේ දත්ත බොදාහරින්නට හැකිවීම ඔස්සේ 1Gbps වේගය පහසුවෙන් අත්පත්කර ගන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.තවමත් මෙම ව්‍යාපෘතිය පිලිබද දින වකවානු ප්‍රකාශයට පත්ව නැත.

2015-01-13

'Spartan' සමස්ත Windows 10 පරිසරයේම පුරා ක්‍රියාත්මක වන්නට නියමිත බ්‍රවුසරය වනු ඇත....

       'Spartan' සමස්ත Windows 10 පරිසරයේම පුරා ක්‍රියාත්මක වන්නට නියමිත එනම්  Windows 10 Mobile (Windows Phone) වල සිට Windows 10, මෙන්ම  Xbox දක්වා පොඳු browserය වනු ඇති බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් පවතිනවා. 'Spartan' තවමත් සංවර්ධකයන් අතැති Microsoft අනාගත බ්‍රවුසරයේ සංකේත නාමය ලෙසට සැලකෙන අතර එය Flash සහයද ‍රැගෙන එන වඩාත් නම්‍ය හා වේගවත් ක්‍රියාකාරීත්වයක් ගෙනෙන නිමැවුමක් සහිත බ්‍රවුසර මෘදුකංගයක් වනු ඇටි බවට දැනට හෙලිව ඇති තොරතුරු පැහැදිලි කරනවා. බොහෝ විට දැනට Microsoft වල ප්‍රධාන බ්‍රවුසර මෘදුකාංගය වන IE සමග වන බාවිතාකරන්නන් එතරම් මිත්‍රත්වයක් නොදක්වන ලක්ෂන ඉවත්කරමින් වඩාත් ප්‍රියකරන ලක්ෂන සහිත බ්‍රවුසර මෘදුකාංග වන Crome වැනි බ්‍රවුසරයන්ගේ ක්‍රියාකාරීත්වය මෙන්ම පෙනුමට වඩාත් සමීප නිමැවුමක් ගනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.මෙම මස 21ට දැනට සැලසුම්ව ඇති Windows 10 event  වලදී මෙම Spartan  පිලිබදව වැඩි දුර තොරතුරු සමග එහි පෙර සංස්කරනයක් පැමිනෙනු ඇති බවට හදාරන්නන් බලාපොරොත්තු පලකරමින් සිටිනවා.

2015-01-12

Win 7(Service Pack 1) සදහා වන මූලික සහය කාලය මෙම 13දා අවසන්...

   Microsoft සමාගම Windows 7 වල Service Pack 1 සදහා වන සහය කාලය  ජනවාරි 13 වන විට අවසාන වන්නට නියමිත අතර ඉන් පසුව එලබෙන්නේ 'extended suppor' කාලය බවට මේ වන විට සැලසුම්ව තිබෙනවා. එම කාල වකවානුවද  January 14, 2020 වන විට අවසන් වන්නට දැනට සැලසුම්ව තිබෙනවා. Desktop භාවිතාවෙන් වැඩිම ප්‍රථිශතයක් මේ වන විට Windows 7 විසින් අත්පත්කරගෙන ඇති අතර XP භාවිතාව ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. Microsoft ක්‍රමවේදයට අනූව මෙම කාලසීමාව ඉක්මවීම යනු භාවිතාකරන්නන සදහා ප්‍රධාන මට්ටමේ ගැටලුවක් නොවන්නේ ඉදිරි වසර පහ තුලද patching මට්ටමේ යාවත්කාලීන නිකුත් වන මුත් නවාංග හා වැඩි දියුනු කිරීම් පැමිනීම පමනක් අවසන් වීමය.
                       මේ වන විට Windows 10 පැමිනීම මෙම වසරේ දෙවන භාගයට සැලසුම් ව ඇති අතර පෙර සංස්කරන මට්ටමේ සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුවක් මෙම මාසයේ අවසන් භාගයට මේ වන විටත් නියමිතව තිබෙනවා. දැනට හෙලිව ඇති නිල නොවන තොරතුරු පවසන්නේ දැනට Windows 7 භාවිතාකරන්නන් සදහා යම් ගෙවීමක් ඔස්සේ Windows 10 සදහා භාවිතාවට පිවිසෙන්නට හැකිවන අතර Windows 8.x භාවිතාකරන්නන් සදහා එය නොමිළේම වන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි. හදාරන්නන් යෝජනා කරන්නේ වැඩි දියුනු කරමින් තිබෙන web browser, Cortana වැනි Windows 10 සමග එන්නට නියමිත නව අංගයන් එම නව මෙහෙයුම් පද්ධතිය වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමේදී ප්‍රධාන හේතුවක් වනු ඇති බවකි.

2015-01-11

වෙබ් අඩවි තහනම ඉවත්කරන්නට තීර්නය කර ඇති බවට පලවන පුවත..

   වෙබ් අඩවි තහනම ඉවත්කරන්නට තීර්නය කර ඇති බවට පලවන පුවත වඩාත් ධනාත්මක ඉදිරි පියවරක් ලෙසට පිලිගත හැකිය. ඉදිරියේදී එවන් පියවරක් යලිත් නො එන්නට කටයුතු කිරීම රජයක මෙන්ම වෙබ් අඩවි පවත්ග්වාගෙන යන සියල්ලන්ගේම වගකීමක් වනු ඇති බවට අප පිලිගත යුතුව ඇත. රජයක් ලෙසට තවදුරටත් තම පුරවැසියන් නිවසේ සීමාවට, නගරයේ හෝ ගම්මානයේ සීමාවට පමනකුදු නොව රටේ සීමාවකට කායිකව මෙන්ම මතවාදීවද සීමා කරන්නට උත්සාහ කිරීම යල් පැනගිය උත්සාහයකි. තවත් විටක වඩාත් අහිතකර ප්‍රථිපල සදහා අත වැනීමක් වනවා සේම  වෙබ් හෝ බ්ලොග් අඩවියක් යනු තමන් ලොව වෙතටම විවර වන අවස්ථාවක් වන බැවින් වගකීමෙන් කටයුතු  කරන්නට ඒවා පවත්වාගෙන යන්නන්ගේද වගකීමකි. සරලව තත්වය පැහැදිලි කරන්නේනම් දශක කිහිපයකට පෙර වසර ගනනක් පුරා පුහුනුව ලබමින් විනය සම්ප්‍රධායන් ආදී බොහෝ දේ හදාරමින් පුහුනු කරමින් පැමිනෙන කවුලුවක් වෙතට දියුනු වන තාක්ශනයේ මහිමයෙන් ක්ශනිකව පැමිනීමකි. මුහුකුරා නොගිය මතවාදයක් සමාජ ගැටලුවක් දක්වා විනිවිද යන්නට එම මාධ්‍ය සමග ගත වන්නේ තප්පර කිහිපයක්ද විය හැකි බව ඔවුන් වටහා ගැනීම බොහෝ අනවශ්‍ය ගැටලු පැමිනීම වලකාගන්නට සහයක් වනු ඇත. දශක ගනනක් පුරා අප මවුබිම වෙලගෙන තිබූ අවාසනාවත්න මිනිස්  දිවි දසදහස් ගනනක් බිලී ගත් අපමනක් ධන සම්පත් විනාශකල ලාංකිකයන් අතරවූ ගැටලුව විසදවා ලන්නට හිටපු රජය කල අභිමානනීය සත්කාරය සේම ලොව සමග යලිත් සැසදෙමින් ආර්ථක, සමාජීය  ඉදිරි පියවර තමන්නට නව රජයට හැකි වේවායි අප එක සිතින් පතමු.
Pubudu Siriwansa

2015-01-10

ආඩම්බරකාර ලෙස ඇවිද යන කල්ලි සාමාජිකයෙකු නොව නිදහසේ මාවතේ ඇවිඳ යන විනයගරුක පුරවැසියා...

   ආඩම්බරකාර ලෙස ඇවිද යන කල්ලි සාමාජිකයෙකු නොව නිදහසේ මාවතේ ඇවිඳ යන විනයගරුක පුරවැසියා දේශයකට අවශ්‍ය මූලිකම සම්පතය. තවත් සංස්කෘතියකට එරෙහිව තම සංස්කෘතිය හෝ ආගම  ඉස්මතු කරවන්නට ගොස් තම අනන්‍යතාවයද විනාශ කර ගන්නා දුර්වල මතවාදියෙකුට වඩා මූලිකව පිලිගන්නා ලෝක මෙන්ම රටක නීතිය සම්මතය ඉක්මවා නොයන තෙක් දක්වා අනෙකාගේද සංස්කෘතියට ආගමට ගරු කරමින්, තමන්ගේ ආගම දහම තුල ඇති දුර්වලතා ඇත්නම් ඒවා ඒ අයුරින් පිලිගනිමින් පිලිසකර කරගන්නා මිනිසා අද ලෝකයට අත්‍යාවශ්‍ය ආකෘතියව තිබේ. තොරතුරු තාක්ශනය මූලිකව දියුනු ලෝකය තුල අදවන විට හුදකලා දූපත්වාසියා වලංගු සංකල්පයක් නොවේ. සත් සමුදුරු, කඳුහෙල්, ගිරිදුර්ග ඔස්සේ මුලික මිනිස් වර්ගයා ද්විතීකව ආගම්, සංස්කෘතීන් ඔස්සේ දුරක් කර තැබූ ලෝකය අවසන් කර ඇත. පෘතුවියේ අන් කෙරවලෙහි වෙසෙන අයෙකු සමග සජීවීව, පැහැදිලිව ඔහුගේ රුව දසුන් දකිමින් පිලිසඳරක යෙදෙන්නට කිසිදු බාදාවක් නැතිවා සේම තොරතුරු සගවා සිටින්නට නොහැකි තරමට විවෘත අවකාශයක් නිර්මානයව පැමින තිබේ. අවශ්‍ය වන්නේ වඩාත් නිර්මානශීලීව ලෝකය බෙදා හදා ගන්නා ලෝක පුරවැසියෙකුගේ නිර්මානය වීමය. එය සරල සැහැල්ලු ගමනක් නොවන්නේ ගෝත්‍රික මට්ටමේ විරෝදතා එයට ඇතුවා සේම ඉතා දියුනු තාක්ශනික විද්‍යාත්මක මෙවලම් වලින්  පොහොසත් මුත් තමන්  දියුනු යැයි සිතා සිටිනා පමනක් මට්ටමේ විරෝධතාද එයට ඇති බැවිනි.
Pubudu Siriwansa

2015-01-09

JINS MEME ගෙනෙන වඩාත් ස්වාභාවික පෙනුමැති smartglasses නිකුතුව..


   ඔබ ජපන් වැසියෙක් වන්නේ නම්  JINS MEME ඔබ වෙත එන්නේ කදිම smartglasses අත්දැකීමක් සමග ය. එහි නිෂ්පාදකයින් පවසන්නේ JINS විසින් 2015 වසරේදී එහි විවිධ ආකාරගත් මෝස්තර 1200ක් පමන සූදානමින් තිබෙන බවකි. බොහොම දුරට සාමාන්‍ය උපැස් උවලක පෙනුම ගෙනෙන මෙම නිකුතූන් සැහැල්ලු මෙන්ම වඩාත් මුහුනුවර සමග ගැලපෙන සුලු නිමැවුම බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය දිනා ගන්නා ප්‍රධාන ලක්ෂනයක්ව ඇති බවටයි දැක්වෙන්නේ. පැය 16ක ආයුකාලයක් ගෙනෙන බැටරිය, හය දිසාවක් ඔස්සේ මැනෙන (six-axis) accelerometerය, gyroscope සංවේදකය මෙන්ම Bluetooth සහ microUSB charging portය සමග සංවේදක තුනක් ඔස්සේ මැනෙන දෑසේ චලනයන් කියවීමට වන electrooculography සමග දැසේ චලන රටාවන් 8ක් කියවීමටත් පමනක් නොව දෑස් පියසැලීම් කියවීමට හැකියාවත් වන බවටයි විස්තර කෙරෙන්නේ. දැසේ චලනය පමනක් නොව සිරුරේ චලනය, හිසේ වන චලනයන්, පා තබන රටාවන් මෙන්ම sleep activity, concentration levels ආදී බොහෝ තොරතුරු වඩාත් නිවැරදිව මැන ගන්නට පමනක් නොව සංවර්ධකයන් සදහා වඩාත් විවිධ applications නිර්මානය සදහා SDK ලබා දීමද JINS සිදුකරන බවටයි විස්තර කෙරෙන්නේ.2015 Spring  වලදී පැමිනෙන මෙම නිකුතුවේ මිළ පිලිබදව තවමත් තොරතුරු හෙලිව නැත.

දෑ වෙනස්විය යුතු බව ලොව ප්‍රධාන නීතියකි...

     දෑ වෙනස් වීම ලොව ප්‍රධාන නීතියකි. යම් තැනක යමක් සිරව පවතිනවා යනු ලොව ධර්මතාවයන්ට මෙන්ම මිනිස් සංස්කෘතියටද එරහිවීමකි. දෑ වෙනස් වන්නේ වඩාත් ධනාත්මක දිසාවකට වනවිට අදාල ව්‍යුහයතුල වන සියල්ලන්ටම සහනයක් සැහැල්ලුවක් වන විට තත්වය ප්‍රතිවිරුද්ද වන විට නිර්මානය වන අසුබ බවින් මිදෙන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත. ඒසේනම් දෑ වෙනස් විම අපූරුකාරනයක් වනවා සේම දෑ ධානාත්මකව වෙනස් වීම වඩාත් අපූර්ව කාරනයක් වනු ඇත. තොරතුරු තක්ශනය විශ්ව මිනිසෙකු වෙතට ආරාධනා කරනා විට සියවස් ගනනකට පෙර වලංගුවූ ග්‍රාමීය මිනිසා සංකල්පය වැලඳ ගන්නට තැත්කිරීමේ ප්‍රවනතාවයක් ප්‍රධාන කරවන්නට තැත්කරන විට සමස්ත පරිසරයම අවසනාවන්ත වීම තර්කානුකූල බලාපොරොත්තු විය යුත්තකි. විවෘත සමාජයකදී මිනිසාගේ සිතුම් පැතැම් ඔවුනගේ හෙට දවස නිර්මානය වීමේ ප්‍රධාන බලය බව හදාරන්නන්ගේ පිලිගැනීමයි. මිනිස් සංස්කෘතික අනන්‍යතා වටිනා වසර සිය දහස් ගනනක ප්‍රථිපල බැවින් ඒවා ‍රැක ගතයුතුවා සේම ඒවා අහිමි වීමෙන් අත්වන හිස් බව මහත් මානසික ව්‍යාකූලතා නිර්මානය කරනවා සේම වඩාත් සාර්ථක හා පහසු නව භාවිතාවන් තම සංස්කෘතිය මත්තට ගලා ඒමට අතාර්කික ආකාරයට එරෙහිවීමද අවසානාවන්ත කාරනයක් වනු ඇත.
                                                                                                                                             www.itlk.us

2015-01-08

Intel ගෙනෙන " PC in a stick " ..


   ඔවුන් එය නම් කරන්නේ Intel Compute Stick ලෙසටය. නමුත් එය Intel Atom Bay Trail ප්‍රොසෙසරයකින්, 32 GB(eMMC) ගබඩා හැකියාවකින් හා  2 GB RAM හැකියාවකින් යුතුව පැමිනෙන්නේ Bluetooth 4.0, 802.11 b/g/n සමග USB port (powering සඳහා)  හා  HDMI (1.4a) ද සමගය. මෙම උපාංගය සරලව අර්ථ දැක්වෙන්නේ සම්පූර්න පරිගණක හැකියාවක් ගෙනෙන කුඩා සැකසුරුවමක් ලෙසටය. මෙම stickය පැමිනෙන්නේම Windows 8.1 සම්පූර්න සංස්කරනයක් සහිතවම වන අතර Bing ද සහිත මෙම නිකුතුව සමග තාක්ශනිකව ඔනෑම Windows සහය applicationයක් ධාවනය කිරීමේ හැකියාව තිබෙන බවට තොරතුරු හෙලි වනවා. විශාල පරිමානයේ Screens සමගද කටයුතු කල හැකි  වන මෙම නිකුතුව Bluetooth keyboard හා mouse ශ සමගම  $149.99 මිලකට වෙළඳ පොලට පැමිනෙන බවටයි හෙලි වන්නේ. මීට අමතරව ඔවුන් පවසනවා ඔබ Windows ලෝලයෙන් නොවන්නේ නම් මෙහි Ubuntu සංස්කරනයක් 1GB ‍රැම් හා 8GB ප්‍රමානයේ storage හැකියාවක් සහිතව $89 මිලකටද ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය. 
                           www.itlk.us

Apple Watch මාර්තුවේ පැමිනෙන ඉඩක්....

   ඇපල් වෙතින් පැමිනි Apple Watch නම් wearable deviceය ඒහා සමාන්තර උපාංග සමග සැසදීමේදී වෙනම අනන්‍යතාවයක් හිමිකර ගන්නට සමත්වනු ඇති බවට බොහෝ බලාපොරොත්තු විචාරකයින් වෙතීන් ලබා ගන්නට සමත්වූවාය. මෙහි වෙළඳ නිකුතුව පැමිනීම “early 2015” හෝ  “spring” සිදුවනු ඇති බවට විටින් විට අදහස් පලවුවද මේ වනතෙක්  ඒ පිලිබදව අවසන් නිශ්චිත කාලවකවානුවක් ප්නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැත. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ US වල Apple Stores සේවකයින් නව උපාංගය පිලිබදව පුහුනවක් සදහා මේ දින වල යොමුකර සිටින බවකි. February 9 සිට 16 දක්වා වන මෙම පුහුනු සැසිය සැලකීමේදී Apple ආයතනය බොහෝ විට March වලදී Apple Watch වෙළඳ නිකුතුව සිදු වනු ඇති බවට බලාපොරොත්තුවක් පලවෙමින් තිබෙනවා. එසේ මුත් Apple ආයතනය තම Apple Watch වල දියුනු කිරීම් කිහිපයක්ම සිදු කරමින් සිටින බවටද මේ වන විට තොරතුරු පලවෙමින් තිබෙනවා. ඒවා අතර එහි මෙහෙයුම් පද්ධතිය(OS) දියුනු කිරීම,  battery හා charging පද්ධතිවල දියුනු කිරීම් ආදී රාශියක් අංග වන බවටයි එම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ. දැනට මෙම නිකුතුවේ ආරම්භක මෝස්තරයන්ගේ මිළ $349 සිට ඉහලට වීමට නියමිතව තිබෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...